6/19/15

දානයේ ප්‍රභේද ඉගෙන ගනිමු


බුදු දහමේ විවිධ තේමා යටතේ් දානය විස්තර කැරේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ගේ් පළමුවැන්න වන දානය, දස පින් කිරියවත් අතර ද පළමු වැන්න වේ. රාජ ධර්මයන්හි පළමුවැන්න වන්නේ ද දානයයි. දස පෙරුම් දම් වල පළමුවැන්න වන්නේ ද මෙය යි. අටතිස් මංගල කාරණාවන්ගෙන් එකක් වන්නේ ද දානය වේ. බුදුවරයන් වහන්සේගේ අනුපිළිවෙළ කතාවන්හි (ආනුබුබ්බි කතා) පළමු වැන්නට ඇතුළත්ව ඇත්තේ ද දානය වේ. එහෙයින් සුවිශේෂි පින්කම් අතර දානයට ප්‍රධාන තැන හිමිවී ඇත.
පරිත්‍යාගය දෙ ආකාරයකට කළ හැකි බව දහමේ දැක්වේ. එනම්,
1. අනුග්‍රහ බුද්ධියෙන් දීම , 2. පූජා බුද්ධියෙන් දීම යනුවෙනි.
1. අනුග්‍රහ බුද්ධියෙන් දීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ දුගී මගී යාචකාදී අසරණ අනාථ වූවන් සඳහා කරුණා මෛත්‍රී සිතින් යුක්තව ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය අනුග්‍රහයක් උපකාරයක් වශයෙන් කරන පරිත්‍යාගයයි. සමාජයේ දුගී මගී යාචකාදීන්, අසරණ අනාථ නිවාසවල වාසය කරන්නන් වැඩිහිටි නිවාස ආදියේ උදව් උපකාර අවශ්‍ය අයට , හැකියාව ඇති ධන සම්පත් ඇති පුද්ගලයන් උදව් නොකරන්නේ නම් ඔවුනට වෙන කාගේ පිහිටක් ද? එහෙයින් අසරණයන්ට පිහිටවීම ධනවත් සත්පුරුෂයන්ගේ් යුතුකමක් බව සිහිපත් කළ යුතු වෙයි.
2. පූජා බුද්ධියෙන් දීම යනුවෙන් අදහස් කරන්නේ තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් හා කර්මඵල විශ්වාසයෙන් යුතුව සීලාදී ගුණ දහමින් යුතු උතුමන්ට පරිත්‍යාග කිරීමයි.
තවද දානයේ ප්‍රභේද තුනක් දැක්වේ. එනම්
1. ආමිස දානය, 2. අභය දානය, 3. ධර්ම ධානය වේ.
1. ආමිස දානය නම් ආහාර පාන ආදී දස දාන වස්තු දීම යි. අභිධර්මයට අනුව නම් රූප දාන, ශබ්ද දාන ගන්ධ දාන ආදි සය ද විනය පිටකයට අනුව චීවර, පිණ්ඩපාත, සෙනසුන් ගිලානපච්චය ද ආමිස දානයට අයත් ය.
2. අභය දානය නම් ජීවිතයක් විපතින් මුදවා ගැනීම, රජ සොර, සතුරු ගිනි, දිය යන පංච උපද්‍රව වලින් ආරක්ෂා කිරීම, මරණයට ගොදුරු වන සත්ත්වයන් පුද්ගලයන් ආරක්ෂා කර ගැනීම එයින් මුදා ගැනීම, රෝගීන් සුවපත් කිරීම, සිරකරගෙන සිටින සතුන් මුදා හැරීම වැනි කටයුතුය. පංච සීලය ආරක්ෂා කිරීමත් අභය දානයට ඇතුළත් ය.
3. ධර්ම දානය නම් - දහම් දෙසීම,දහම් දේශනා කරන දේශකයන් ට අවශ්‍ය පහසුකම් සැපයීම, ධර්මය ඉගෙනීමට උපකාර කිරීම, දහම් පොතපත මුද්‍රණය කර බෙදාහැරීම ආදී ක්‍රම මගින් ජනතාව නිවන් මගට යොමු කරවීමට ක්‍රියා කිරීම ධර්ම දානයට ඇතුළත් වේ. දාන අතරින් උතුම්ම දානය වන්නේ ධර්ම දානයයි. 'බුදුරජාණන්වහන්සේ බලසංගහ වත්ථු සූත්‍රයේදී මෙසේ දේශනා කොට ඇත. 'එතදග්ගං භික්ඛවේ දානං යදිදං ධම්ම දානං' මහණෙනි, දාන අතරින් ධර්ම දානය අග්‍රයි.
දන්දීම හේතු කොට ගෙන දන් දෙන තැනැත්තා බොහෝ දෙනාට පි‍්‍රය වන අතර බොහෝ දෙනකු ඔහු ඇසුරු කිරීමට පි‍්‍රය කරති. දෙන තැනැත්තාගේ යසස කීර්තිය පැතිරෙන අතර විශාරදව සභාවලට පැමිණිය හැකි වෙයි. අග්‍රව දන් දෙන තැනැත්තා අග්‍ර ආයු, වර්ණ, සැප , බල, යසස් , කීර්ති ලබයි.
හැකිතාක් share කරන්න