6/25/15

දෙන දෙයෙහි උපරිම ආනිශංස ලබන්නේකෙසේ ද?


එක කලක, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරවරයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාප්‍රජාපතී ගෝතමී දේවිය තම දෑතින්ම කපු කටා මසන ලද චීවර දෙකක් බුදුරජාණන් වහන්සේට පිළි ගැන්වීමට රැගෙන ආවාය. ඇයට මහානිශංස ලබාදෙනු වස් එම චීවර යුග්මය මහා සංඝයාට පුදන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙම කථා ප්‍රවෘත්තිය මෙන්ම පෞද්ගලික දාන 14 ක් හා සාංඝික දාන 7 ක් පිළිබඳව ද කරුණු ඇතුළත් සම්බුද්ධ දේශනාවකි. මජ්ඣිමනිකායන්තර්ගත දක්ඛිණවිභංග සූත්‍රය. උක්ත දානයන්ගේ ආනිශංස මෙන්ම දාන විසුද්ධි හතරක් පිළිබඳව ද මෙහි තවදුරටත් සඳහන් වේ. මෙම ධර්ම කාරණා මෙතැන් සිට පෙළ දහමට අනුව විමසා බලමු.
.
මහාප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම
.
ස්වාමිනි, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින්ම වියන ලදී. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා යනුයි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළහ. ගෝතමීය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේ ය යනුයි. දෙවනුවද මහා ප්‍රජාපතී ගෝතමි තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළෝ ය. ස්වාමිනී, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින් වියන ලදී. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා, යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කීවාය.
දෙවනුව ද, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළහ. ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හී මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේය යනු යි. එහෙත්, තුන්වන වරටද මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළෝය. ස්වාමිනී, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින්ම වියන ලදී. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා යනුයි. තුන්වෙනුව ද භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙසේ වදාළ සේක. ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේය යනුයි.
.
ආනන්ද හිමියන්ගේ ඉල්ලීම
.
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා. ස්වාමිනි, මහා ප්‍රජාපතී ගෝතමීය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මවගේ සහෝදරිය, අත් පා වැඩූ තැනැත්තීය. පෝෂණය කළ තැනැත්තීය. කිරි දුන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැදු මව කලුරිය කළ කල්හි කිරි පෙව්වාය.
ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුන් සරණ කොට ගියෝ ය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෝතමී සතුන් මැරීමෙන් වැළකුණේ ය. සොරකම් කිරීමන් වැළකුනීය. කාමයන්ගෙන් වරදවා හැසිරීමෙන් වැළකුනීය. බොරු කීමෙන් වැළකුණාය. රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුන් කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය.
ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය. සංඝයා කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය. ආර්යයන් කැමැති වූ සීලයෙන් යුක්ත වූවෝය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෝතමී තොමෝ දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූයෝ ය. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති වූවෝය. දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති වූවෝ ය. දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නා වූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවෝය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට උපකාර ඇති සේකයැයි සැලකළ සේක.
.
බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය
.
ආනන්දය එය එසේය. යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද ආනන්දය, මේ ආචාර්ය වූ පුද්ගලයාට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රති උපකාර කළ නොහැක්කේ යැයි කියමි. එනම්, වැඳීමය. දැක හුනස්නෙන් නැගිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය. යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද තෙරුවන් සරණ යෑමට කළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
පස්පවින් වැළකීම
.
ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුණෝ වේද, සොරකම් කිරීමෙන් වැලකුණෝ වේද,, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණෝ වේද, බොරු කීමෙන් වැළකුණෝ වේද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කිරීමෙන් වැළකුණෝ වේද, ආනන්දය, මේ ආර්ය වූ පුද්ගලයාහට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර (උපකාරයට උපකාර) කළ නොහැකියැයි කියමි. එනම් වැඳීමය, දැක හුනස්නෙන් නැඟිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකරය, යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද පස්පවින් වැළකීමට කළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය
.
ආනන්දය, යම් පුද්ගලයකුª නිසා පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේද, ආර්යයන් කැමැති වූ සීලයෙන් යුක්තවූයේ වේද ආනන්දය, මේ ආචාර්ය වූ පුද්ගලයාහට මේ අතවැසිවු පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර කළ නොහැකි යැයි කියමි. එනම්, වැඳීමය. දැක හුනස්නෙන් නැඟිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය. සායනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය. යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද තෙරුවන් කෙරෙහි ඇතිකළ (අචලප්‍රසාදයට) උපකාරයට මේ එකක්වත් සම කළ නොහැක)
.
සත්‍යාවබෝධය
.
ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දුක්ඛ සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා සත්‍යයෙහි සැක නැතිබවට පැමිණියේ වේද, ආනන්දය, මේ ආර්ය වූ පුද්ගලයා හට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර කළ නොහැකියැයි කියමි. (මේ සියල්ලින් උපකාර කළද සත්‍යාවබෝධය ඇතිකළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
පුද්ගලික දාන දාහතරකි
.
ආනන්දය, පුද්ගලික දාන දාහතරක් වෙත්. එනම් ආර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන්වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමී පුද්ගලයකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයකුට දානය දේද මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි.
සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැර වූ කාමයන්හි පහ වූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දාහතරවන පුද්ගලික දානයයි.
.
පුද්ගලික දානයන්ගේ ආනිශංස
.
ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානයදී දහසක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේය. පෘතග්ජන සීලවන්තයකු කෙරෙහි දානයක දී ලක්ෂයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේ ය. ශාසනයෙන් පිටත්හි වූ කාමයන්හි පහ වූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටි ලක්ෂයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේ ය.
සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තා වූ ප්‍රමාණයක් නැත්තා වූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේ ය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ ද? සකෘදාගාමී පුද්ගලයෙකුට කියනුම කවරේ ද? අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නාහු කෙරෙහි කියනුම කවරේ ද? අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේ ද? අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ ද? තථාගත රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේ ද? පසේ බුදුන් කෙරෙහි කියනුම කවරේ ද? අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දුන් දනෙහි අනුසස් කියනුම කවරේ ද?
.
සංඝික දාන හතකි
.
ආනන්දය, සංඝික දාන සතක් වෙත්, ඒවා නම් මෙසේය. බුදුන් ප්‍රධාන භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි උභතෝ සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සාංඝික දානයයි. භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි.
භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සාංඝික දානයයි. මෙතෙක් භික්ෂුහුද භික්ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. මෙතෙක් භික්ෂුහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවන සංඝික දානයයි.
මෙපමණ භික්ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වන සංඝික දානයයි. ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇත්තා වූ ලාමක ස්වභාව ඇත්තා වූ කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයැයි නොකියමි.
.
දාන විසුද්ධි හතරකි
.
ආනන්දය, මේ දාන විසුද්ධිහූ සතරක් වෙත්. ඒවා කෙසේද යත්. 1. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදු වේද, මහත්ඵල වේද ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. 2. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේද, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේ ය. 3. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේ ය. 4. ආනන්දය, දායකයා කෙරෙනුත් පිිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු වේද, එබඳු දානයක් ඇත්තේ ය.
.
පළමු දාන විසුද්ධිය
.
ආනන්දය,, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත් වූ යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද, ආනන්දය, මේ දානය වනාහි දායකයා කෙරෙන් පිරිසුදු වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේ.
.
දෙවන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේනම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේද, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහී දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේ. දායකයා කෙරෙන් පිරිසුදු නොවේ.
.
තෙවන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙනුත් පිරිසුදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු ද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද දුශ්ශීල වූ ලාමක වූ ස්වභාව ඇත්තෙක් වේ. ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තාහු වෙත්. ආනන්දය, මෙසේ වනාහී දානය දායකයා කෙරෙහිද පිරිසුදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසුදු නොවේ.
.
සිව්වන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේනම් දානය දායකයා කෙරෙනුත් පිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු වේද, ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙනුත් පිරිසුදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.
.
ආනන්දය, මොහු වනාහි දාන විසුද්ධිහු සතරවෙත්යැයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. උන්වහන්සේ නැවත ද මෙසේ වදාළහ.
.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසුදු වේ.
.
යම් දුශ්ශීලයෙක් අධර්මයෙන් ලද දෙයින් ප්‍රසන්න වූ සිත් නැත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය නො අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේ.
.
යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලද දෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ මහත්වූ කර්මය හා කර්ම ඵලය නො අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසුදු නොවේ.
.
යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්න වූ සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත් වූ විපාක ඇත්තේයැයි කියමි.
.
යම් පහ වූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලද දෙයින් යහපත් ප්‍රසන්න වූ සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්ම ඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිස දාන අතුරෙන් අග්‍ර යැයි කියමි.
.
භාග්‍යවතුන්වහන්සේ මෙසේ මෙම දම්දෙසුම නිමකළ සේක. ආනන්ද තෙරුවන් වහන්සේ එය සතුටින් පිළිගත්හ.
.
(දක්ඛිනවිභංග සූත්‍රය - මජ්ඣිම නිකාය ඇසුරෙනි)

6/22/15

1.9. සීලයේ ස්වාභාවය පිළිබඳ ප්‍රශ්නය



9. මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, අන්‍ය වූ කුසල් දහම් ය කියා යමක් මෙහිදී කියවුණේය.ඒ අන්‍ය වූ කුසල් දහම් මොනවාද ?"

"මහරජාණෙනි, සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය යන මේවා වනාහී අන්‍ය වූ කුසල් දහම් ය."

"ස්වාමීනි, සීලයේ ස්වාභාවය කුමක්ද ?"

"මහරජාණෙනි, සීලයේ ස්වාභාවය සියලු කුසල් දහම්වල පැවැත්ම පිහිටීමයි.ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මාර්ගාංග, සතිපට්ඨාන, සෘද්ධිපාද, ධ්‍යාන, විමෝක්ෂ, සමාධි සමාපත්ති ආදිය සීලය මත පිහිටා තිබේ.මහරජාණෙනි, සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.සියලු කුසල් දහම් නොපිරිහෙයි."

"උපමාවක් වදාළ මැනව."

"මහරජාණෙනි, වැඩි වර්ධනය වී විපුල බවට පත්වෙන ගස්කොළන් ආදී පැළවෙන යම්කිසි දේවල් ඇද්ද, ඒ සියල්ල වැඩෙන්නේත්, වර්ධනය වෙන්නේත්, විපුල බවට පත්වෙන්නේත් පොළොව ඇසුරු කොට පොළොව මත පිහිටා ය.මහරජාණෙනි, ඔය අයුරින් ම සීලය මත පිහිටා සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි."

"තව දුරටත් වදාළ මැනව."

"මහරජාණෙනි, බලය උපදවාලන යම් කර්මාන්ත ආදිය ඇද්ද, ඒ සියල්ල කෙරෙන්නේ පොළොව ඇසුරු කොට ඒ මත පිහිටා ය.මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි."

"තවදුරටත් උපමාවකින් වදාළ මැනව."

"මහරජාණෙනි, නගරය වර්ධනය කරන අය නගරයක් නිර්මාණය කිරීමේදී පළමුවෙන් කරන්නේ නගරය පිහිටන තැන පිරිසිදු කොට කටුකොහොල් බැහැර කරවා භූමිය සමතලා කරවා ඉන්පසු වීථි, සිව්මංසල, සන්ධි, ආදී සලකුණු යොදා නගරය නිර්මාණය කිරීමයි.මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි."

"තවදුරටත් උපමවකින් වදාළ මැනව."

"මහරජාණෙනි, කරණම් ගසන්නා ශිල්ප දක්වනු කැමතිව පොළොව සාරවා ගල් බොරළු බැහැර කරවා භූමිය සමතලා කරවා සිව්මැලි භූමියක සිට කරණම් ගසයි.මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙකරුණ වදාරණ ලද්දේ ය.

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකෝ භික්ඛු - සෝ ඉමං විජටයේ ජටං

ප්‍රඥාව සහිත වූ මනුෂ්‍ය තෙමේ සීලය මත සිට සිතත්, ප්‍රඥාවත් වඩයි.කෙලෙස් තවනා වීරියෙන් යුතුව අවස්ථාවෝචිතව ප්‍රඥාවෙන් හෙබි ඒ භික්ෂුව මේ අවුල ලිහා දමන්නේය.

අයං පතිට්ඨාය ධරණීව පාණිනං - ඉදං ච මූලං කුසලාභිවුඩ්ඪියා
මුඛංවිදං සබ්බ ජිනානුසාසනේ - යෝ සීලක්ඛන්ධෝ වරපාතිමොක්ඛියෝ

ප්‍රාණීන් හට පිහිටක්ව තිබෙන මේ පොළොව මෙන් කුසලාභිවෘද්ධියට මුල් වන්නේ මයයි.සියලු බුද්ධානුශාසනයට මුඛ්‍ය කරුණ ද මෙයයි.එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදියේ සීලසම්පන්නව වාසය කරත් ද, එයයි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

නවවෙනි සීලයේ ස්වාභාවය පිළිබඳ ප්‍රශ්නයයි.

1.8. මනසිකාරයේ ස්වාභාවය පිළිබඳ ප්‍රශ්නය



8. මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මනසිකාරයේ ස්වාභාවය කුමක්ද ?"

"මහරජාණෙනි, මනසිකාරයේ ස්වාභාවය යමක් ඒකරාශී කිරීමයි.ප්‍රඥාවේ ස්වාභාවය යමක් සිඳ බිඳ දැමීමයි."

"මනසිකාරය යමක් ඒකරාශී කරන්නේ කෙසේද ? ප්‍රඥාව යමක් සිඳ බිඳ දමන්නේ කෙසේද ? මට මෙය උපමාවකින් පැහැදිළි කළ මැනව."

"මහරජාණෙනි, ඔබ යව මිටි ගැන දන්නෙහිද ?"

"එසේය ස්වාමීනි, මම දනිමි."

"මහරජාණෙනි, යව නෙළන උදවිය යව මිටි සකසන්නේ කෙසේද ?"

"ස්වාමීනි, පළමුවෙන් වම් අතින් යව මිටිය අල්ලා ගනිති.දෙවනුව දකුණු අතින් දෑකැත්ත ගෙන ඒ දෑකැත්තෙන් යව මිටිය සිඳ දමති."

"මහරජාණෙනි, යව මිටිය වම් අතින් අල්ලාගෙන දෑකැත්ත දකුණු අතින් ගෙන යව සිඳින්නේ යම් සේද, ඒ අයුරින්ම මහරජාණෙනි, දහමේ හැසිරෙන ශ්‍රාවකයා හෙවත් යෝගාවචර තෙමේ මනසිකාරයෙන් මනස අල්ලාගෙන ප්‍රඥාවෙන් කෙලෙස් සිඳින්නේය.මෙසේ මහරජාණෙනි, එකට එක් කොට ගැනීමේ ස්වාභාවය මනසිකාරයයි.සිඳ බිඳ දැමීමේ ස්වාභාවය ප්‍රඥාවයි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

අටවෙනි මනසිකාරයේ ස්වාභාවය පිළිබඳ ප්‍රශ්නයයි.

1.7. යෝනිසෝමනසිකාර ප්‍රශ්නය



7. මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, යමෙක් පිළිසිඳ නොගනිත් නම් ඔවුහු පිළිසිඳ නොගන්නේ යෝනිසෝමනසිකාරය නිසාද?"

"මහරජාණෙනි, යෝනිසෝමනසිකාරය නිසාත්, ප්‍රඥාව නිසාත්, අන්‍ය වූ කුසල් දහම් නිසාත් ය."

"ස්වාමීනි, ප්‍රඥාව යනු යෝනිසෝමනසිකාරය ම ද ?"

"නැත මහරජාණෙනි, මනසිකාරය යනු වෙනත් එකකි.ප්‍රඥාව යනු තවත් එකකි.මහරජාණෙනි, එළු බැටළුවන්, ගව මහිසයන්, ඔටුවන්, බූරුවන් ආදී සතුන්ටත් මනසිකාරය නම් තිබේ.නමුත් ඔවුන්ට ප්‍රඥාව නැත."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වනසේක."

හත්වෙනි යෝනිසෝ මනසිකාර ප්‍රශ්නයයි.

1.6. ප්‍රතිසන්ධි ප්‍රශ්නය




6. මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මරණයට පත් වූ ඇතැම් කෙනෙක් යළි පිළිසිඳ ගන්නාහුද ?"

තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක.

"ඇතැම් අය පිළිසිඳ ගනිති.ඇතැම් අය පිළිසිඳ නොගනිති."

"පිළිසිඳ ගත්තෝ කවරහුද ? පිළිසිඳ නොගන්නෝ කවරහුද ?"

"මහරජාණෙනි, කෙලෙස් සහිත වූ සත්වයෝ පිළිසිඳ ගනිති.නිකෙලෙස් පුද්ගලයෝ පිළිසිඳ නොගනිති."

"එසේ නම් ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබවහන්සේ පිළිසිඳ ගන්නා කෙනෙක්ද ?"

"ඉදින් මහරජාණෙනි, මම උපාදාන සහිතව මියයන්නේ නම් පිළිසිඳ ගන්නා කෙනෙක් වන්නෙමි.උපාදාන රහිතව මිය යන්නේ නම් පිළිසිඳ නොගන්නා කෙනෙක් වන්නෙමි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

පස්වෙනි ප්‍රතිසන්ධි ප්‍රශ්නයයි.

1.5. පැවිදි ප්‍රශ්නය



5. එකල්හි ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ මිළිඳු රජහුගේ මාළිගයට වැඩි සේක.වැඩමකොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.ඉක්බිති මිළිඳු රජ තෙමේ සංඝයා සහිත වූ ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සිය අතින් සතප්පවා, මැනවින් පවරා සෑම භික්ෂූන් වහන්සේ නමකටම සිවුරු පිණිස වස්ත්‍ර යුගලය බැගින් පිළිගන්වා ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට තුන් සිවුරු පූජා කොට මෙසේ පැවසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, භික්ෂූන් වහන්සේලා දස නමක් සමග මෙහි වැඩ සිටින සේක්වා ! අවශේෂ භික්ෂූන් වහන්සේලා වඩින සේක්වා !"

එවිට මිළිඳු රජු දන් වළඳා අවසන් වූ නාගසේනයන් වහන්සේ සමීපයෙහි එක්තරා කුඩා අසුනක් ගෙන එකත්පස්ව වාඩි විය.මිළිඳු රජ තෙමේ නාගසේනයන් වහන්සේට මෙය පැවසීය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, අප කතාබස් කළ යුත්තේ කුමන කරුණක් ගැනද ?"

"මහරජාණෙනි, අපි අර්ථවත් කතාවෙන් ප්‍රයෝජන ඇති උදවිය වෙමු.එනිසා අර්ථවත් කතාබහ ඇති වේවා !" රජු මෙසේ විමසීය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නුඹවහන්සේලාගේ පැවිද්දෙහි ඇති අර්ථය කුමක්ද ? නුඹවහන්සේලාගේ පරමාර්ථය කුමක්ද ?"

එවිට තෙරණුවෝ මෙසේ පිළිතුරු දුන් සේක."මහරජාණෙනි, මේ දුක නිරුද්ධ වෙයි ද, යළි අන්‍ය වූ දුකක් නූපදින්නේ ද, මහරජාණෙනි, අපගේ පැවිද්ද තිබෙන්නේ ඔය අර්ථයටයි.එනම් අපගේ පරමාර්ථය නම් කෙලෙස් රහිතව පිරිනිවන් පෑමයි."

"කිම ? ස්වාමීනි, නාගසේනයන් වහන්ස, සියල්ලෝම ඔය අරුත සඳහා පැවිදි වෙත්ද ?"

"නැත මහරජාණෙනි, කිසියම් කෙනෙක් ඔය අර්ථය සඳහා පැවිදි වෙත්.තව කෙනෙක් රජයට බියෙන් පැවිදි වෙත්.තව කෙනෙක් සොර සතුරු බියෙන් පැවිදි වෙත්.තව කෙනෙක් ණය ගෙවා ගත නොහැකිව පැවිදි වෙත්.තව කෙනෙක් ජීවිකාව පිණිස පැවිදි වෙත්.නමුත් යමෙක් මනාකොට පැවිදි වෙත් නම් ඔවුන් පැවිදි වෙන්නේ මේ අර්ථය සඳහා පමණි."

"එසේ නම් ස්වාමීනි, නුඹවහන්සේ ඔය අර්ථයෙන්ද පැවිදි වුණේ ?"

"මහාරජාණෙනි, මම කුඩා අවදියෙහි පැවිදි වූ කෙනෙක්මි.'මේ අර්ථය සඳහා පැවිදි වන්නේමි'යි යන කරුණ එකල මම නොදැන සිටියෙමි.නමුත් මෙවැනි අදහසක් මා තුළ තිබුණි.එනම් 'මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා ඤාණවන්තයහ.උන්වහන්සේලා මා මේ පැවිද්දෙහි හොඳින් හික්මවන්නාහුය' කියා ය.ඉතින් උන්වහන්සේලා විසින් හොඳින් හික්මවන ලද මම පැවිද්ද තිබෙන්නේ මේ අර්ථය උදෙසා බව දනිමි.දකිමි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

පස්වෙනි පැවිදි ප්‍රශ්නයයි.

1.4 අනන්තකාය ප්‍රශ්නය



4. එකල්හි මිළිඳු රජුට මේ අදහස ඇතිවිය.'මේ භික්ෂූන් වහන්සේ ප්‍රඥා සම්පන්න වන සේක.මා සමග කතාබස් කිරීමෙහිලා ප්‍රතිබල සම්පන්න වන සේක.මා විසින් විමසිය යුතු බොහෝ දේවල් ඇත්තේය.යම්තාක් නොවිමසූ දේවල් ඇද්ද, ඒවා විමසන්නටත් අවස්ථාවක් ලැබෙන්නේය.නමුත් දැන් හිරු අවරට යයි.ඒ නිසා හෙට ඇතුළු රජගෙයිදී මා කතාබස් කිරීම කළ යුත්තේය.'

එවිට මිළිඳු රජු දේවමන්ත්‍රී අමාත්‍යයා ඇමතුවේය."එසේ වී නම් දේවමන්ත්‍රීනි, හෙට ඇතුළු රජගෙයිදී රජු සමග කතාබස් කිරීම සිදුවන්නේය යි කියා තෙරුන් වහන්සේට දැනුම් දීම හොඳයි."

මෙසේ පැවසූ මිළිඳු රජු අසුනෙන් නැගිට නාගසේන තෙරුන් වහන්සේ සමග කතාබස් කොට රථයට නැගී 'නාගසේන...නාගසේන...' යන වචනය මුමුණමින් පිටත්ව ගියේය.එවිට දේවමන්ත්‍රී ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ සමග මෙය පැවසුවේය.

"ස්වාමීනි, ඔබවහන්සේ හෙට රජගෙයිදී මිළිඳු රජු සමග තවදුරටත් කතාබස් කිරීම සිදුවන්නේය."

"යහපතැයි" කියා තෙරුන් වහන්සේ අනුමෝදන් වූ සේක.

ඉක්බිති ඒ රාත්‍රිය ඇවෑමෙන් දේවමන්ත්‍රී ද, අනන්තකායද, මංකුර ද, සබ්බදින්න ද යන අමාත්‍යවරු මිළිඳු රජු වෙත පැමිණියාහුය.මිළිඳු රජුට මෙය පැවසූහ."මහරජාණන් වහන්ස, භදන්ත නාගසේනයන් වහන්සේව වඩම්මවන්නද?" "එසේය, උන්වහන්සේ වඩිත්වා !"

"භික්ෂූන් වහන්සේලා කී නමක් සමග වඩම්මවන්නද?"

"අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා !"

එවිට සබ්බදින්න තෙමේ මෙසේ කීවේය."මහරජාණන් වහන්ස, භික්ෂූන් වහන්සේලා දහනමක් සමග වඩම්මවන්නද?"

දෙවෙනි වතාවේද රජු මෙසේ පැවසුවේය."අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා !"

දෙවනුව ද සබ්බදින්න තෙමේ මෙසේ කීවේය."මහරජාණන් වහන්ස, භික්ෂූන් වහන්සේලා දහනමක් සමග වඩම්මවන්නද?"

තෙවෙනි වතාවේද රජු මෙසේ පැවසුවේය."අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා !"

තෙවනුව ද සබ්බදින්න තෙමේ මෙසේ කීවේය."මහරජතුමනි, භික්ෂූන් වහන්සේලා දහනමක් සමග වඩම්මවන්නද? හැම සත්කාරයක්ම සූදානම් කොට තිබේ."

එවිට රජු මෙසේ පැවසීය."මමයි පවසන්නේ, අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් වහන්සේලා සමග වඩිත්වා ! කියා.නමුත් මිත්‍රවරුනි, මේ සබ්බදින්නයා වෙන එකක්ම දොඩවයි.කිම? භික්ෂූන් වහන්සේලාට දන් පුදන්න අපට හැකියාවක් නැද්ද?" මෙසේ පැවසූ විට සබ්බදින්න තෙමේ වැටහීම් රහිතව සිටියේය.

එවිට දේවමන්ත්‍රී ද, අනන්තකාය ද, මංකුර ද ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ වෙත පැමිණියාහුය.පැමිණ ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට මෙසේ පැවසූහ."ස්වාමීනි, මිළිඳු රජාණන් වහන්සේ මෙසේ පවසති.'අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා'යි."

එවිට ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය ගෙන අසූ දහසක් භික්ෂූන් වහන්සේ සමග සාගල නුවරට වැඩි සේක.

ඉක්බිති අනන්තකාය තෙමේ ආයුෂ්මත් නාගසේනයන් සමග යන්නේ නාගසේනයන් වහන්සේට මෙය පැවසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, 'නාගසේන' යන නමින් යමක් පැවසූ සේක් ද, එහිලා 'නාගසේන' කවරහුද?"

තෙරුන් වහන්සේ පෙරළා මෙසේ ඇසූ සේක."මෙහිලා 'නාගසේන' යනු කවරෙක් කියා ද ඔබ අදහස් කරන්නේ?"

"ස්වාමීනි, අභ්‍යන්තරයේ යම් වාතයක්, ජීවයක් පිවිසෙයි ද, නික්මෙයි ද මා 'නාගසේන' යනුවෙන් අදහස් කරන්නේ එම වාතයයි, එම ජීවයයි."

"එසේ නම් ඒ වාතය එළියට ගොස් යළි ඇතුළට නොපිවිසියොත්, ඇතුළට ගොස් එළියට නොපැමිණියහොත් ඒ පුරුෂයා ජීවත් වන්නේද?" "නැත, ස්වාමීනි."

"ඉඳින් මේ සක් පිඹින්නෝ සක් පිඹිද්දී වාතය පිට කරත්.ඔවුන්ගේ ඒ වාතය යළි ඇතුළට පිවිසෙන්නේද?" "නැත, ස්වාමීනි."

"එලෙසින් මේ බටනළා පිඹින්නෝ බටනළා පිඹිද්දී වාතය පිට කරත්.ඔවුන්ගේ ඒ වාතය යළි ඇතුළට පිවිසෙන්නේද?" "නැත, ස්වාමීනි."

"ඒ අයුරින් මේ අං වලින් පිඹින්නෝ අං පිඹිද්දී වාතය පිට කරත්.ඔවුන්ගේ ඒ වාතය යළි ඇතුළට පිවිසෙන්නේද?" "නැත, ස්වාමීනි."

"එසේ නම් කුමණ කරුණක් හේතුවෙන් ද ඔවුන් නොමැරී සිටින්නේ?"

"අනේ ස්වාමීනි, මම ඔබවහන්සේ වැනි කෙනෙකුන් සමග කතාබස් කරන්නට ප්‍රතිබල ඇති කෙනෙක් නොවෙමි.ස්වාමීනි, මේ ගැටළුව විසඳන සේක්වා!"

"මේ ශරීරයෙහි ජීවය හෙවත් ආත්මය කියා දෙයක් නැත.ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරයක් පමණක් මෙහි පවතී." යි පවසා තෙරුන් වහන්සේ මේ ගැඹුරු ධර්මය පැවසූ සේක.එවිට අනන්තකාය තෙමේ උපාසක බවට ප්‍රතිඥා දුන්නේය.

සිව්වෙනි අනන්තකාය ප්‍රශ්නයයි.

1.3 විමංසන ප්‍රශ්නය



3. මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මා සමග තවදුරටත් කතා බස් කරන්නහුද?"

"ඉදින් මහරජාණෙනි, ඔබ නුවණින් යුක්ත වූ කෙනෙකු සේ මා සමග කතා කරන්නේ නම් මම ද කතා කරන්නෙමි.නමුත් මහරජාණෙනි, දේශපාලකයෙකු සේ මා සමග කතා කළ හොත් මම කතා නොකරන්නෙමි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නුවණැත්තෝ කෙසේ කතා කරත් ද?"

"මහරජාණෙනි, නුවණැත්තෝ කතා බස් තුළින් කරුණු වෙළීමත් කරනු කරනු ලැබේ.වෙළුණු කරුණු ලිහා දැමීමත් කරනු ලැබේ.වරදට නිග්‍රහ කිරීමත් කරනු ලැබේ.එයට පිළියම් යෙදීමත් කරනු ලැබේ.නිසැක බවත් ඇති කරනු ලැබේ.කරුණු සහිතව නිසැක බව ඇති කරනු ලැබේ.ඒ හේතුවෙන් නුවණැත්තෝ කිසිසේත් කෝප නොවෙති.මහරජාණෙනි, ඔන්න ඔය අයුරිනුයි නුවණැත්තන් කතා බස් කරන්නේ."

"එසේ නම් ස්වාමීනි, රජවරු කෙසේ කතා බස් කරත් ද?"

"මහරජාණෙනි, රජවරු කතා කරද්දී එක් කරුණක් ප්‍රතිඥා දෙති.යමෙක් ඒ කරුණට එරෙහි වූ දෙයක් කළහොත් 'මේකාට දඬුවම් දෙව්' කියා ඔහුට දඬුවම් පමුණවති.මහරජාණෙනි, රජවරු කතා බස් කරන්නේ ඔය විදිහටයි."

"ස්වාමීනි, මම නුවණැත්තන් විසින් කරනු ලබන කතාබහ කරමි.දේශපාලකයන් කතාබහ කරන අයුරින් නෙවෙයි.

භදන්ත නාගසේනයන් වහන්සේ භික්ෂුවක සමග හෝ සාමනේරයෙකු සමග හෝ උපාසකයෙකු සමග හෝ ආරමිකයෙකු සමග හෝ යම් අයුරකින් කතා බස් කරන සේක්ද, මා සමග ද එසේ විශ්වාසයෙන් යුතුව කතාබස් කරත්වා ! භදන්තයන් වහන්සේ විශ්වාසයෙන් යුතුව කතාබස් කරත්වා ! භය නොවෙතවා !"

"හොඳයි මහරජාණෙනි" යි තෙරුන් වහන්සේ අනුමෝදන් වූ සේක.

මිළිඳු රජු "ස්වාමීනි, නාගසේනයන් වහන්ස, කාරණාවක් විමසන්නද?" "මහරජාණෙනි, විමසුව මැනැව." "හරි, ස්වාමීනි, මා විසින් විමසන ලද්දේය" "හරි, මහරජාණෙනි, මා විසින් ද විසඳන ලද්දේ ය." "ස්වාමීනි, නුඹවහන්සේ විසඳන ලද්දේ කුමක්ද?" "මහරජාණෙනි, ඔබ විසින් අසන ලද්දේ කුමක්ද?"

තුන්වෙනි විමංසන ප්‍රශ්නයයි.

1.2 වස් ගණන පිළිබඳ ප්‍රශ්නය



2. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නුඹවහන්සේ උපසම්පදාව ලබා වස් කීයකින් යුක්තද ?

"මහරජාණෙනි, මම වස් සතකින් යුක්ත වෙමි."

"ඒ කියන්නේ ස්වාමීනි, කවර සතක්ද ? ඔබවහන්සේ ද සත? එසේ නැතිනම් ගණන් කිරීමෙන් ලැබූ දෙයක්ද?"

ඒ අවස්ථාවේදී සර්වාභරණයෙන් අලංකාර වූ මිළිඳු රජුගේ ඡායාව පොළොවෙහි දිස් විය.දිය බඳුනෙහි ද දිස් විය.එවිට ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ මිළිඳු රජුට මෙය පැවසූ සේක.

"මහරජාණෙනි, මේ ඔබගේ ඡායාව පොළොවෙහි ද, දිය බඳුනෙහි ද, දිස් වෙයි.කිම? මහරජාණෙනි, ඔබ ද රජු? නැතහොත් සෙවණැල්ල ද රජු?"

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, රජු වනාහී මම වෙමි.මේ සෙවණැල්ල රජු නොවෙයි.සෙවණැල්ල පවතින්නේ මා නිසාය."

"මහරජාණෙනි, ඔය අයුරුමය.ගණන් කිරීමෙහි උපසම්පදාවෙන් ලත් වස්සාන සත ලැබෙන්නේ.නමුත් මා සත නොවෙයි.ඒ සත් වසර පවතින්නේ මා නිසයි.මහරජාණෙනි, සෙවණැල්ල උපමා කොට පැවසුවේ මෙකරුණයි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා අසිරිමත්ය.ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා අද්භූතය.ප්‍රශ්නය විග්‍රහ කළ අයුරු නම් ඉතා අතිවිචිත්‍රය."

දෙවෙනි වස් ගණන පිළිබඳ ප්‍රශ්නයයි.

01. 1 - ප්‍රඥප්ති ප්‍රශ්නය



1. එකලිහී මිළිඳු රජතුමා ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ වෙත පැමිණියේය.පැමිණ ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහේ යෙදුණේය.එකත්පස්ව වාඩිවූයේය.ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ ද පිළිසඳර කතාබහෙන් මිළිඳු රජතුමාගේ සිත සතුටු කළේය.එවිට මිළිඳු රජතුමා ආයුෂ්මත් නාගසේනයන් වහන්සේගෙන් මෙසේ විමසීය.

"පින්වත් භවතාණන් ප්‍රසිද්ධ කවර අයුරින්ද ? ස්වාමීනි, නුඹවහන්සේ කවර නමකින් හඳුන්වන්නහුද?"

"මහරජාණෙනි, මම 'නාගසේන' නමින් ප්‍රසිද්ධ කෙනෙක්මි.මහරජාණෙනි, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට 'නාගසේන' යනුවෙනුත්, 'සූරසේන' යනුවෙනුත්, 'වීරසේන' යනුවෙනුත්, 'සීහසේන' යනුවෙනුත් නම තබා තිබෙත්.එසේ නමුත් මහරජ, මේ 'නාගසේන' යන නාමය හුදෙක් ව්‍යවහාර මාත්‍රයකි.පැණවීමකි.හැඟවීමකි.නාම මාත්‍රයකි.මෙහිලා පුද්ගලයෙකු ගත නොහැකිය."

එවිට මිළිඳු රජු වටපිට බලා මෙසේ පැවසුවේය.

"භවත් පන්සියයකි ග්‍රීක පිරිසත්, මේ අසූ දහසක් භික්ෂූන් වහන්සේලාත් මට සවන් දෙත්වා ! මේ නාගසේනයන් වහන්සේ මෙසේ පවසති.'මෙහිලා පුද්ගලයෙකු ගත නොහැකිය' කියා මේ කතාව පිළිගත හැකි දෙයක්ද?"

එසේ පැවසූ මිළිඳු රජතෙමේ ආයුෂ්මත් නාගසේනයන්ට මෙසේ පැවසීය.

"ඉඳින් ස්වාමීනි නාගසේනයන් වහන්ස, මෙහිලා පුද්ගලයෙකු ගත නොහැකි නම්, චීවර, පිණ්ඩපාත, ගිලන්පස, බෙහෙත් පිරිකර සොයා හැසිරුණේ කවරෙක්ද? ඒවා දුන්නේ කවුරුන්ද? ඒවා පරිභෝග කළේ කවරෙක්ද? සිල් රකින්නේ කවුරුන්ද? භාවනා කරන්නේ කවුරුන්ද? මගඵල නිවන් සාක්ෂාත් කරන්නේ කවුරුන්ද? සතුන් මරන්නේ කවුරුන්ද? සොරකම් කරන්නේ කවුරුන්ද? වැරදි කාමයේ හැසිරෙන්නේ කවුරුන්ද? බොරු කියන්නේ කවුරුන්ද? මද්‍යපාන කරන්නේ කවුරුන්ද? පංචානන්තරීය කර්ම කරන්නේ කවුරුන්ද? එසේ නම් කුසලයක් ද නැත්තේය.අකුසලයෙකුත් නැත්තේය.කුසලාකුසල කර්මයන් කරන්නෙක් වත්, කරවන්නෙක්වත් නැත්තේය.කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේය.

එසේ නම් ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් නුඹවහන්සේව මරණයට පත් කළොත් ඒ ඔහුට ප්‍රාණඝාතය සිදු නොවන්නේය.ස්වාමීනි නාගසේනයන් වහන්ස, මෙසේ ඇති කල්හි නුඹවහන්සේට ගුරුවරයෙකුත් නැත්තේය.උපාධ්‍යායන් වහන්සේ නමක්වත් නැත්තේය.උපසම්පදාවකුත් නැත්තේය.

"මහරජාණෙනි, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට නාගසේන යැයි ආමන්ත්‍රණය කරත්ය කියා කරුණක් පවසන ලද්දේය.මෙහිලා ඒ නාගසේන කවරහුද? කිම ස්වාමීනි, ඔය කියන නාගසේන වනාහී කේශයෝද?" "නැත මහරජාණෙනි."

"ඔය නාගසේන ලෝමයෝද?" "නැත මහරජාණෙනි." "නියපොත්තෝද?"...( පෙ )...දන්තයෝද?...( පෙ )...සමද?...( පෙ )...මස්ද?...( පෙ )...නහරද?...( පෙ )...ඇටද?...( පෙ )...ඇට මිදුළුද?...( පෙ )...වකුගඩුද?...( පෙ )...හදවතද?...( පෙ )...අක්මාවද?...( පෙ )...කිලෝමකයද?...( පෙ )...පිහකයද?...( පෙ )...පෙණහළුද?...( පෙ )...බඩවැල්ද?...( පෙ )...අතුණු බහන්ද?...( පෙ )...ආමාශයද?...( පෙ )...අසූචිද?...( පෙ )...පිතද?...( පෙ )...සෙමද?...( පෙ )...සැරවද?...( පෙ )...ලේද?...( පෙ )...ඩහදියද?...( පෙ )...තෙල්මන්දද?...( පෙ )...කඳුළුද?...( පෙ )...වුරුණුතෙල්ද?...( පෙ )...කෙළද?...( පෙ )...සොටුද?...( පෙ )...සඳමිදුළුද?...( පෙ )...මූත්‍රද?...( පෙ )...ඔය නාගසේන යනු හිස්මොළද?" "නැත මහරජාණෙනි."

"එසේ නම් කිම ස්වාමීනි, ඔය නාගසේන රූපයද?" "නැත මහරජාණෙනි."

"නාගසේන යනු වේදනාවද?" "නැත මහරජාණෙනි."
"නාගසේන යනු සඤ්ඤාවද?" "නැත මහරජාණෙනි."
"නාගසේන යනු සංස්කාරද?" "නැත මහරජාණෙනි."
"නාගසේන යනු විඤ්ඤාණයද?" "නැත මහරජාණෙනි."

"එසේ නම් කිම ස්වාමීනි, නාගසේන යනු රූප, වේදනා, සඤ්ඤා, සංසකාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයද?" "නැත මහරජාණෙනි."

"එසේ නම් කිම ස්වාමීනි, නාගසේන යනු රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ කෙනෙක්ද?" "නැත මහරජාණෙනි."

"ස්වාමීනි, ඒ මම ප්‍රශ්න කරද්දී ප්‍රශ්න කරද්දී ඔය කියන නාගසේන නොදකිමි.එතකොට ස්වාමීනි, නාගසේන යනු නිකම්ම ශබ්ද මාත්‍රයක්ද? "නැත මහරජාණෙනි."

"එසේ නම් මෙහිලා නාගසේන ඉන්නේ කොහේද? ස්වාමීනි, ඔබවහන්සේ පවසන ලද්දේ නැති දෙයකි.පවසන ලද්දේ බොරුවකි.නාගසේන නමින් කිසිවෙක් නැත්තේය."

එකලිහි ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ මිළිඳු රජු හට මෙසේ පැවසූ සේක.

"මහරජාණෙනි, ඔබ ක්ෂත්‍රීය වංශික සුකුමාල කෙනෙකි.අත්‍යන්තයෙන්ම සුකුමාල කෙනෙකි.මහරජාණෙනි, ඒ ඔබ මධ්‍යාහ්න සමයෙහි රත් වූ භූමියෙහි, රත් වූ වැල්ලෙහි, රළු පරොළු පොළොවෙහි, සිව්මැලි පා යුගවලින් යද්දී පාදයෝ රිදෙත්.කය ක්ළාන්ත වෙයි.සිත පෙළෙයි.දුක් සහගත කාය විඤ්ඤාණයක් උපදියි.කිම? මහරජාණෙනි, ඔබ මෙතැනට පැමිණියේ පා ගමනින්ද? නැතහොත් වාහනයකින්ද?"

"ඉදින් මහරජාණෙනි, ඔබ පැමිණියේ රථයෙන් නම් ඒ රථය ගැන මට කරුණු කිව යුතුය.මහරජාණෙනි, එසේ නම් ඒ රථය වනාහී ඒරියාකඳද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී රෝද සම්බන්ධ කළ අක්ෂය හෙවත් අලවංගුවද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී රෝදද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී මැදිරියද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී රථදණ්ඩද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී වියදණ්ඩද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී රැහැනද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී කෙවිටි ලීයද?" "නැත ස්වාමීනි." "එසේ නම් මහරජාණෙනි, ඒ රථය වනාහී ඒරියාකඳ, අලවංගුව, රෝද, මැදිරිය, රථදණ්ඩ, වියදණ්ඩ, රැහැන, කෙවිටි ලීය යන මෙයින් බැහැර වූ දෙයක්ද?" "නැත ස්වාමීනි."

"මහරජාණෙනි, ඒ මම ප්‍රශ්න කරද්දී ප්‍රශ්න කරද්දී ඔය කියන රථ්ය නොදකිමි.එතකොට මහරජාණෙනි, රථය යනු නිකම්ම ශබ්ද මාත්‍රයක්ද?" "නැත ස්වාමීනි."

"එතකොට මෙහිලා රථය තියෙන්නේ කොහේද? මහරජාණෙනි, ඔබතුමා පවසන ලද්දේ නැති දෙයකි.

පවසන ලද්දේ බොරුවකි.රථය කියලා දෙයක් නැත්තේය.

මහරජාණෙනි, ඔබ සකල ජම්බුද්වීපයෙහි අග රජු නොවේද? ඔබ මෙසේ බොරු පවසන්නේ කා හට නම් භය වීමෙන්ද? භවත් පන්සියයක් ග්‍රීක පිරිස ද, අසූ දහසක් භික්ෂූන් වහන්සේලා ද, මට සවන් දෙත්වා ! මේ මිළිඳු රජ තෙමේ 'මම රථයෙන් පැමිණියෙමි' යි පැවසුවේය.ඉදින් මහරජාණෙනි, රථයෙන් නම් පැමිණියේ මා හට රථය ගැන විස්තර කරන්නැයි විමසූ කල්හි මෙතුමා රථය පෙන්වා නොදේ.මෙය පිළිගත හැක්කේ කෙසේද?"

මෙසේ වදාළ කල්හි පන්සියයක් ග්‍රීක පිරිස ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට සාදුකාර දී මිළිඳු රජු හට මෙසේ පැවසුවාහුය.

"මහරජාණෙනි, නුඹවහන්සේ දැන් හැකි සේක් නම් මෙකරුණට පිළිතුරු සපයනු මැනව."

එවිට මිළිඳු රජ තෙමේ ආයුෂ්මත් නාගසේනයන්ට මෙය පැවසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මම බොරු නොකියමි.ඒරියාකඳ, අලවංගුව, රෝද, මැදිරිය, රථදණ්ඩ, වියදණ්ඩ, රැහැන, කෙවිටි ලීය යන මේවායේ හේතු ප්‍රත්‍යයෙන් රථය යන පිළිගැනීම, සම්මුතිය, පැණවීම, ව්‍යවහාරය නාමමාත්‍රිකව පවතී."

"මහරජාණෙනි, රථය ගැන ඒ අයුරින් දැනගත් අයුරු ඉතා මැනවි.මහරජාණෙනි, මගේත් කෙස් නිසාත්, ලොම් නිසාත්,...( පෙ )...හිස්මොළ නිසාත්, රූපය නිසාත්, වේදනාව නිසාත්, සඤ්ඤාව නිසාත්, සංස්කාර නිසාත්, විඤ්ඤාණය නිසාත් 'නාගසේන' යන පිළිගැනීම, සම්මුතිය, පැණවීම, ව්‍යවහාරය නාමමාත්‍රිකව පවතී.

මෙහිලා නොවෙනස්වන දෙයක් වශයෙන්, ජීවයක් වශයෙන් පුද්ගලයෙක් නොලැබේ.මහරජාණෙනි, වජිරා භික්ෂුණිය විසින් මාරයා හට පවසන ලද කරුණ අප භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ මෙලෙසින් පවසා තිබේ."

යථාහි අංගසම්භාරා - හෝති සද්දෝ රථෝ ඉති
ඒවං ඛන්ධේසු සන්තේසු - හෝති සත්තෝති සම්මුති

( වජිරා සූත්‍රය - සංයුත්ත නිකාය 2 - භික්ෂුණී සංයුත්තය )

යම් සේ රථයකට අදාළ අංගෝපාංගයන් එක් වූ කල්හි 'රථය' යන ව්‍යවහාරය ඇතිවෙයිද, ඒ අයුරින්ම උපාදානස්කන්ධයන් ඇති කල්හි 'සත්වයා' යන පිළිගැනීම ඇතිවේ.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා අසිරිමත්ය.ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා අද්භූතය.ප්‍රශ්නය විග්‍රහ කොට විසඳූ අයුරු අතිවිචිත්‍රය.ඉදින් බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක් නම් සාදු නාද පවත්වන සේක් ම ය.සාදු ! සාදු ! නාගසේනයන් වහන්ස, ප්‍රශ්නය විග්‍රහ කළ ප්‍රතිහානය නම් අතිවිචිත්‍රය."

පළමුවෙනි ප්‍රඥප්ති ප්‍රශ්නයයි.

කාමය : 5


‘යං බො භික්ඛවෙ කාමයමානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා’
යං කාමයමානො - යමකට කැමතිවෙයි නම්, යමකට කැමති වෙනකොට එයින් එයින් උපදනා ආත්මභාවය උපදිනවා කුසල අකුසල සහගත වූ. ඒ කියන්නේ අපි පෙනෙන දේට කැමති වුනොත් ඔන්න එයින් උපන් ආත්මභාවය කියන්නෙ සම්පරායිකා දිට්ඨධම්මා එයින් උපදනා ආත්ම භාවය කියලා කිවුවෙ සත්ව පුද්ගල ආත්ම හැඟීම උපදිනවා. යමකට කැමතිවෙන්න කැමතිවෙන්න පුද්ගලයා නිර්මාණය වෙන්නෙ මෙහේ. දැන් අපිට හැමෝටම මේ මම කියලා හිතන්න පුළුවන් නේද? මේ තමන් ඉන්නවා කියන ගතිය තේරෙනවා නේද? මේ කෙනෙක් කියන ගතිය තේරෙනවා නේද? මේ මම හින්දා හිතන්නේ මේ කය මම කියලනේ. මේ කය මම හින්දා මම නෙමෙයි මේ. මම කියන හැඟීම අපේ හිතේ තියෙන්නෙ හිත රැු`දිලා පවතින්නේ කයේ. ඒ නිසා මේ කය මම වගේ තේරෙන්නෙ. නමුත් අපි හිතාගෙන ඉන්නෙ කය මම හින්දා මේ මම කියලා. මේ මගේ අත. මේ මෙඟ් ඇඟ. කියලා අපි හිතන්නෙ. නමුත් සිද්ධිය එහෙම නෙමෙයි. මම කියන හැඟීම. අපිට අපිව හීනෙන් පේනවනේ. පේන්නෙ නැද්ද තමන්ට තමන්ව හීනෙන් පෙනිලා තියෙනවද? ඉතින් මේ කය නම් තමන් කොහොමද හීනෙන් පෙනුනෙ.
දැන් ඔය තමන් කියන හැඟීම ඇතිවෙන්න ඔය හැඬේම පත්තරේක තිබුනොත් ඇතිවෙන්නෙ නැද්ද? තේරෙනවද ඒක දකිනකොට මනස තුලයි ඇතිවෙලා තියෙන්නෙ කියලා. මේ තමන් කියන හැඟීම චිත‍්‍රයක තිබුනොත්, බිත්තියක එහෙම ඇඳලා මේ මමනෙ කියන හැ`ඟීම ඇතිවෙනව ද නැද්ද? ඒ හැඟීම ඇතිවෙන්න හේතුව ඒ චිත‍්‍රය ද? පාට ටික ද මම. එහෙනම් හොඳට තේරෙනවද ඒක උදවු කරගෙන ක්ෂණිකව මනස සිහි කරගෙන කියලා. ඒ වගේ මේ රූපයක් දකින කොට මම කියන හැඟීම මේ ඇතිවෙලා තියෙන්නෙ. මේ බාහිර චිත‍්‍රය දැක්කා වගේ. වීඩියෝ පටයක් දැක්කා වගේ. වතුරක මේ ඡුායාව දැක්කත් මම එනවනේ. ඒ වගේ මේ රූපය දැක්කහම මම කියන හැඟිම එනවා. ඒ මම කියන හැඟීම තියෙන්නේ කොහෙද? හිතේ හැපිලා. හිතේ පවතින්නෙ මේ මානය මම වෙමි අස්මිමානය. මම වෙමි කියන හැඟීම. මම වෙමි කියන හැඟීම කියනකොට මේ පේන සටහනම හිතට නිමිත්ත අරගෙන තියෙන්නෙ මනෝමය කයකින්. මම කියන හැඟීමෙන් ඉන්නෙ අපි මේ මම කියලා හිතාගෙන. අන්න ඒ මම
කියන වචනෙ නෙමෙයි හැඟීමම. මම කිවවුහම අපිට හිතෙන්නෙ කෙනාව කියලා කොතන හරි දැක්කම මේ මගේ රූපෙනෙ කියලා හිතෙන ගතිය තියෙන්නෙ ඒ ටිකම. ඒ ටික ඔක්කොම තියෙන්නෙ හිතේ. ඒ සිත බැසගෙන තියෙන්නෙ මේ කයේ. ඒ හින්දා දැන් කය මගේ වගෙයි අපිට තේරෙන්නෙ. දැන් මෙතන දී මේ හිතේ තියෙන මම කියන ගතිය පවතින්න, පවතින්න මේ කය පේන්නෙ මම වගේමයි. යම් වෙලාවක මේ හිතේ තියෙන මම කියන ගතිය අස්මි මානය මම කියන හැඟීම ගෙවුනොත් ටික ටික ඉබේම පෙනෙයි මේක නිකම්ම නිකම් රූප මාත‍්‍රයක් විතරයි කියලා. දැන් ප‍්‍රශ්නයක් තියෙනවා. ‘තජ්ජං තජ්ජං අත්තභාවං’ - මෙහෙ යමකට කැමති වෙන්න කැමති වෙන්න මේ පුද්ගලයයි හැදෙන්නෙ මෙහේ. ඕකට හොඳ කතාවක් තියෙනවා.
මේ උත්පත්ති හරි පුදුම උත්පත්ති තියෙන්නෙ. ඔය සමහර ආත්මභාව තියෙනවා රළු, නරක, සැඩ, පරුෂ, වචනයන්ට හරි කැමතියි. දැන් ඕගොල්ලො කවුරුවත් කැමති ද බනිනවට. නෑ. සමහර ආත්මභාව තියෙනවා එයාගෙ පැවැත්ම වෙන්නෙ මොකක්ද? තරහව ඇතිවෙන විදියෙ වචන ඇහෙනවා නම් ඒක තමයි එයාගෙ ජීවිතේ. එයිට වඩා දෙයක් නෑ. ඕකට කියනවා ක්‍රෝධ භක්ෂ සත්වයෝ කියලා. ක්‍රෝධය භක්ෂණය කරනවා. ක්‍රෝධය ආහාර වශයෙන් ගන්න සත්වයෝ. එක්තරා දවසක් තව්තිසා දිව්‍ය ලෝකෙදි මේ ක්‍රෝධ භක්ෂ යක්ෂයෙක් ගිහිල්ලා ශක‍්‍රයගෙ පාණ්ඩු කම්බල ශෛලාසනේ ඉඳගන්නවා. ප`ඩුපුල් ආසනේ ඉඳගෙන දැන් ඉන්නවා. ශක‍්‍රයා ඇවිල්ලා ඉඳගන්න බලනකොට මේ යකෙක් ඉඳගෙන. බනින්න ගත්තා . ‘‘නීචයා, දුෂ්ඨයා, උඹ පලයන් ඔතනින්. උඹට අයිති නෑ ඕක මගේ’’ කියලා බණින්න බණින්න මේ යක්ෂයා ලස්සණ වෙලා, වණ_වත් වෙලා බබල බබල ඉන්නවා හොඳට. දැන් ආසනෙන් එකයි එන්න එන්න. බණින්න බණින්න ලස්සණයි බණින්න බණින්න ලස්සණයි. මොකද එයාගෙ ආහාරය ක්‍රෝධය. දැන් එයාට ආහාර. ක්‍රෝධය නැති වෙලාවට ආහාර නැ. ශරීරයට ආහාර නෑ. ඉතින් මේ ක්‍රෝධ භක්ෂ යක්ෂයා මොකද කරන්නෙ ක්‍රෝධය ලැබෙන්න ලැබෙන්න ලස්සන වෙලා වණ_වත් වෙලා එනවා හොඳට. දැන් ඉතින් තවත් බලවත්. ශක‍්‍රයා දැනගත්තා මේ ක්‍රෝධ භක්ෂ ආහාරය. මෙයාට නම් මෙහෙම හරියන්නෙ නෑ. අනික් අතට කිවුවා. ‘‘අනේ ඔයා හරීම හොඳයි. බොහෝම වටිනවා ඔහොමම ඉන්න’’ කියලා ගුණ කියන්න ගත්තහම එන්න එන්න ටික ටික දුර්වර්ණ
වෙලා මිරිකිලා පැනලම දිවුවා. ඒ වගේ ක්‍රෝධ භක්ෂ යක්ෂයා වණ_වත් වෙන්නෙ, හොඳට බබලන්නෙ, හොඳට සප‍්‍රාණිකව ඉන්නෙ එයාට ආහාර වෙච්ච වචන ඇහෙනකොටනෙ. ඒ වගේ මේ කාමයන්ගෙ තියෙන විපාකෙ තමයි මෙහෙ බලාගෙන යමක් කැමති වෙනකොට අර, ක්‍රෝධ භක්ෂ සත්වයා වගේ මෙහෙ හොඳට මම කියන හැඟීම පුෂ්ඨිමත් වෙලා, ලස්සන වෙලා , හැඩ වැඩ දාලා මේ මම හොඳට පය ගහලා ඉන්නවා. ශබ්දෙට මෙහෙ කැමති වෙනකොට මෙහෙ මාව තමයි හැදෙන්නෙ. ගන්ධෙට කැමති වෙනකොට මෙහෙ මාව තමයි හැදෙන්නෙ. මම හොඳට නිරුපද්‍රිතව තමන්ට තමන් ඉන්නවා කියලා. මම ඉන්නවා කියලා හිතන විදියට මේ මාව ඉන්නෙ, කුමක් නිසා ද මෙහෙට කැමති වෙන නිසා.
‘යං කාමය මානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බන්ති’ යමක් කැමති වෙයි නම් එයින් එයින් උපදනා වූ ආත්මභාවය දත යුතුයි. මෙහෙ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතෙන විදියට මේ පුද්ගලයා හොඳට අලූත් වෙලා, ලස්සන වෙලා, හොඳට හැදිලා අපිට මේ මාව සිිහි කරගන්න පුළුවන් විදියට මගේ ඇහැ, මගේ කණ, මගේ දුව, මගේ පුතා කියලා හිතන්න පුළුවන් විදියෙ මම හැදෙන්නෙ කොහොමද, එයා පවතිනේ කොහොමද මේ කාමයෙ විපාකෙ තමයි මාව හදන එක. ආත්ම භාවය හදන එක. තමන් ජීවත් වෙන්නෙ, තමන් හැදෙන්නෙ මේ කාමය නිසයි. බැරිවෙලාවත් අර ක්‍රෝධ භක්ෂ යක්ෂයට ගුණ කියන්න එහෙම ගත්තොත්, මෙහෙට කැමති වෙන්නෙ නැතුව ඕක අනික් පැත්තට එහෙම හිතන්න ගත්තොත් මෙයාට තමයි ඉන්න බැරි වෙන්නේ. මෙයා එන්න එන්න පොඩි වෙලා හීන් වෙලා දුර්වර්ණ වෙලා නැති වෙලා යනවා. දැන් රහත් වෙනකොට කියන්නෙ මානය නැතිවෙනවා අස්මි මානය නැතිවෙනවා කියලා ඒ වගේ.
දැන් මෙහේ කාමය ඇසුරු කරනතාක් ඒකෙ විපාකෙ කියන්නෙ මොකක් ද හොඳට පුද්ගලයයි ඉන්නෙ. ඉතින් හොඳට දැනගන්න ඕනෙ මේ කය මම වගේ පෙනෙන්නෙ කය මම හින්දා නම් නෙමෙයි. කය මම කියලා පේන්නෙ මොකක් හින්දද? මම කියන හැඟීම. මෙහේට කැමති වෙච්ච නිසා හිතේ මම කියන හැඟීම හොඳට පෝෂණය වෙලා තියෙනවා ඒ හිත බැසගෙන තියෙන්නෙ කයේ ඒ නිසා කය මම වගේ. ඔන්න ඕක තමයි කාමයෙ විපාකය. කාමය ඇසුරු කළොත් කැමති
වුනොත් හැදෙන්නෙ කවුද? මම. එතකොට මෙහේ මම හැදුනොත් මොකද වෙන්නෙ. තජ්ජං තජ්ජං අත්තභාවං ඒ ඒ කරුණින් ආත්ම භාවය උපදිනවා. ඒ ආත්ම භාවය කුසල හෝ අකුසල සහගතයි. ඒ තමයි සම්පරායික වශයෙන් මරණින් පස්සෙ කුසල කරගත්ත මම. අකුසල කරගත්ත මම. නැත්නම් පුද්ගලයට අනුව යන්න පුළුවන් එහා පැත්තට.
දැන් කීයක් කිවවුද? කාමය කිවුවා. කාමයන්ගේ ඇතිවීම කිවුවා. කාමයන්ගෙ වෙනස් බව කිවුවා. කාමයන්ගෙ විපාක කිවුවා. දැන් කියන්න තියෙන්නෙ මොකක් ද ‘කාම නිරෝධෝ වේදිතබ්බො’ කාම නිරුද්ධ කරන්න ඕන. කොහොමද කාම නිරෝධ වෙන්නෙ. ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධයි. ස්පර්ශය නිරුද්ධ වෙන විදියට දැන් කටයුතු කරන්න ඕන. කොහොමද ස්පර්ශය නිරුද්ධ වෙන්නෙ. රූපාරම්මණය. ඇහැ නොබි`දුනා. ඇහැ තියෙනවා. බාහිර රූපයත් ඇස් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි නොකළොත්. ඊට අනුරූපව කිවුවෙ කුමකට අනුරූපව ද? පේන රූපයට අනුව මෙනෙහි නොකළොත්. චක්ඛු විඥානයාගේ පහළවීමක් නෑ. පිහිටුවීමක් නෑ. එතකොට ස්පර්ශය යන පැනවීමක් පනවන්නෙ නෑ. කණත් තියෙනවා. ශබ්දයත් තමන් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. ඊට අනුරූපව කිවුවෙ මොකේටද? ශබ්දයට අනුව තමන් හිත මෙහෙය වන්නෙ නෑ. එහෙම වුනොත් සෝත විඥානය උපදින්නෙ නෑ. එහෙම වුනොත් ස්පර්ශය යන මේ පැනවීම නෑ. ස්පර්ශය නෑ කියලා කියන්නෙ මොකක්ද? කාමය යන පැනවීම නෑ. කාමය නිරුද්ධයි.
නාසයත් නොබි`දුනා, ගන්ධයත් එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එහෙම වුනොත් විඥානය පිහිටන්නෙ නෑ. ස්පර්ශය නෑ.
දිවත් තියෙනවා. රසත් දිව හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ විඥානය පහළ වෙන්නෙ නෑ. එතකොට කියනවා ජීවිහා ස්පර්ශය නෑ. ස්පර්ශය යන පැනවීම නෑ. කය තියෙනවා පොට්ඨබ්බයත් කය හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ, ඊට අනුරූප වූ විඥානය පිහිටන්නෙ නෑ. එහෙම වුනොත්, ස්පර්ශය යන පැනවීම නෑ. මෙන්න මේ ස්පර්ශය නිරෝධයෙන්, කාම නිරෝධයි කියලා කියනවා.
දැන් ඇහැ තියෙනවා. රූපය ඇස් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නැත්නම් අපි කොහොමද මෙනෙහි කරන්නෙ. එහෙනම් ඇහැ පරිහරණය කරන කොට අපි කොහොමද පරිහරණය කරන්නෙ. අන්න ඒ උත්තරය ලැබෙනවා අපිට. කාම නිරෝධ ගාමිණී පටිපදාවෙන්. දැන් කාම නිරෝධය පෙන්නුවා මොකක්ද? ස්පර්ශය නිරෝධයෙන් කාම නිරෝධය වෙනවා. ස්පර්ශ නිරෝධයට පෙන්නුවා. ඇහැ තිබුනත්, රූපය තිබුනත්, ඊට අනුරූපව මෙනෙහි නොකළොත් ඊට අනුරූපව කියන කොට, රූපයට අනුව මෙනෙහි නොකළොත් චක්ඛු විඥානය පිහිටන්නෙ නෑ. එහෙම වුනොත් ස්පර්ශය යන පැනවීම නෑ. ඕක හොඳට පෙන්නනවා මහා හත්ථී පදෝපම සූත‍්‍රය වගේ සූත‍්‍රයක. ඊට අනුරූපව මෙනෙහි කිරීම නිසයි විඥානයාගේ පහළ වීම. ඊට අනුරූපව මෙනෙහි නොකළොත් විඥානය පිහිටන්නෙ නෑ කියන එක. ඒකත් බලාගන්න ඕන නම් මජ්ක්‍ධිම නිකායෙ මහා හත්ථී පදෝපම සූත‍්‍රයේ.
ඊට පස්සෙ දැන් ‘අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො කාම නිරෝධ ගාමිණී පටිපදා’. මේ ආර්ය අෂ්ටාංගික මාග_යම කාමය නිරුද්ධ කරන ප‍්‍රතිපදාවයි. මොකක් ද? දැන් ආර්ය අෂ්ටාංගික මාග_ය කියලා කියන්නෙ කාමය නිරුද්ධ කරන ප‍්‍රතිපදාව.
ඒ කියන්නෙ, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තහම සම්මා දිට්ඨි, සමමා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග අටෙන් සංකප්ප.. සමාධි කියන අංග හත උපදිනවා සම්මා දිට්ඨියට අනුව. සම්මා දිට්ඨිය නිවැරදි දැකීම. සම්මා දිට්ඨිය හරියට තිබුනොත් වෙලා තියෙන්න ඕන මොකක්ද කාමය නිරුද්ධ වෙලා තියෙන්න ඕන. කාම නිරෝධ ගාමීණී පටිපදාව නේ මේ. මේ කාම නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව වඩනකොට නිරුද්ධ වෙලා තියෙන්න ඕන. මොකක්ද? කාමය. කාම නිරෝධ ගාමිණී පටිපදාව වඩනකොට කාමය නිරුද්ධ වෙනවා කියන්නෙ කොහොමද? ස්පර්ශයයි නැතිවෙලා තියෙන්නෙ. ස්පර්ශය නැතිවීමෙන් කාමය නැතිවෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාග_ය වඩනකොට ස්පර්ශය නැතිවෙන්න ඕන. ස්පර්ශය නැතිවෙන විදියටයි වෙන්න ඕන. ඇයි ඒ? ස්පර්ශය නිරෝධයෙන්නෙ කාම නිරුද්ධ වෙන්නෙ. එහෙනම් කාම නිරුද්ධ කරන ප‍්‍රතිපදාවෙන් ස්පර්ශය තියාගෙන කාමය නිරුද්ධ කරන්න පුළුවන්ද? බෑ.
මේ ප‍්‍රතිපදාව වඩනකොට නැතිවෙන්න ඕන මොකක්ද? ස්පර්ශය. ස්පර්ශය නැතිවීමෙන් කාමය නැතිවෙනවා. එහෙනම් ස්පර්ශය නැතිවෙන්න නම් අපි කිවුවා ඇහැ තියෙනවා. රූපය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා කියන එක නෑ. එතකොටයි විඥානය පිහිටන්නෙ නැත්තෙ. එතකොටයි ස්පර්ශය නැත්තෙ.
එහෙනම් සම්මා දිට්ඨිය කියන එකෙන් ලැබෙන්නෙ මොකක් ද? ඇහැ තියෙනවා රූපය තියෙනවා ඊට අනුරූපව මෙනෙහි නොකරන්නෙ කොහොම ද කියන එක තමයි සම්මා දිට්ඨියෙන් පෙන්නන්නෙ. තේරෙනවා නේද? ඔන්න ඕකට තමයි මං වෙනදත් කියන්නෙ ඇහැ තියෙනවා. රූපය ඇස් හමුවට එනවා. රූපයට අනුව මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරන්න, මෙතන යථා භූත ස්වභාවය. මොකක්ද? මේ පෙනෙන දේ අනිකක්. පවතින දේ අනිකක්. මෙහෙම පෙනුනට පවතින්නෙ මෙහෙම නේද කියලා යථා භූත ස්වභාවය අරමුණු කරන්න. එතකොට පේන දේට අනුරූප වූ විඥානයක් පිහිටන්නෙ නෑ. පවතින දේට අනුරූප වූ විඥානය පිහිටනවා. එතකොට ස්පර්ශයයි යන ගණයට යන්නෙ නෑ. අර මං කිවුවෙ දැන් ඇහැ තියෙනවා. අපිට වැලි ගොඩක් වගේ පේනවා. වැලි ගොඩක් දකිනවා කියන තැනකින් අපිට හිත පහල වෙනවා. දැන් අපි කරන්නේ මෙහෙමයි. ඇහැත් නොබි`දුනා. රූපයත් ඇස් හමුවට ආවා. දැන් වැලි ගොඩකුත් පේනවා. පේන දේට අනුව මෙනෙහි කරන්නෙ නෑ. වැලි ගොඩක් බලන්නෙ නෑ. නුවණින් මෙනෙහි කරනවා. මෙහෙම පෙනෙන තැනක තියෙන්නෙ වැලි කැට නේද පෙනෙන දේට ඔබ්බෙන් බලනවා. එතකොට අපිට නුවණ එනවා මොකක්ද පවතින ස්වභාවය වැලි කැට. පෙනෙන්නෙ අපේ මනසට නේද කියන එක එනවා අපිට.
ඇහැ නොබි`දුනා, ජලය වගේ පේන රූපයක් අපේ ඇස් හමුවට ඇවිල්ලා. දැන් අපි පේන දේට අනුව මෙනෙහි කරන්නෙ නෑ. මෙහෙම පෙනෙන තැනක පවතින්නෙ මිරිඟුව නේද කියලා. මිරිඟුව අරමුනු කරනවා. එතකොට හොඳට පේනවා පවතින්නේ මිරිඟුව. ජලය වගේ පේන්නෙ අපිට නේද. පේන දේ බාහිර තියෙන විදියට හිතන්නෙ නෑ. පේන දේට ඔබ්බෙන් යථාර්ථය හිතුවහම, අද අපිට බාහිරේ වෙලා පෙනෙන දේ අපේ ජීවිතේ වෙන දවසක් තියෙනවා. තිරිසන්ගත සතාට මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා නම්, තිරිසන්ගත සතාට බාහිරේ වෙලා පෙනෙනවා නම්, ඒ පේන දේට හිතන්නෙ නැතුව පේන
දේට ඔබ්බෙන් හිතපු නිසා, තිරිසන්ගත සතාට පේන මට්ටම අපිට මනස වෙලා පේනවා. නේද? ඒ වගේ. අපි පේන දේට හිතලා මෙහෙම දකින ලෝකයක් තුල, මෙහෙම පෙනෙද්දී පෙනෙන දේට ඔබ්බෙන් අපි බැලූවොත්, අද ලෝකයාට පෙනෙන මට්ටම අපිට අපේ මනස වෙයි. අද අපිට ඇත්ත වෙලා පෙනෙන මට්ටම, අද අපිට බාහිර වෙලා පෙනෙන මට්ටම අපේ මනස වෙන දවසක් එනවා. අන්න එහෙම වුනොත් ඕගොල්ලන්ට බාහිර මෙහෙන් වි`දින්න වස්තු කාමයක් හම්බවෙන්නෙ නෑ. වස්තු කාමෙන් මිදෙනවා.
ඒ කියන්නෙ තිරිසන්ගත සතාට වස්තුකාමය කියලා කියන්නෙ වතුර. මිරිඟුව දකිනකොට වතුර පේනවනේ. තිරිසන්ගත සතාට වස්තු කාමය මොකක්ද? වතුර. ක්ලේශ කාමය මොකක් ද? ඒ වතුරට තියෙන
තණ්හාව. දැන් එයාට බාහිරින් වස්තුවක් හම්බ නොවුනා නම්, වතුර හම්බනොවුනා නම් තණ්හාව ඇතිවෙයිද? නෑ. ඔන්න එයා වස්තු කාම ක්ලේශ කාමයෙන් යුක්තයි. දැන් ඒ අරමුණේදී අපි දකිනවා ඇස් හමුවට ඒ තිරිසන්ගත සතාට පේන අරමුණ ම එනවා. අපි ඒ තිරිසන්ගත සතා දකින විදියට පෙනෙන දේට අනුව හිතන්නේ නෑ. පෙනෙන දේට අනුව, හිතන්නෙ නෑ. අපි හිතනවා පෙනන දේට ඔබ්බෙන් පවතින ඇත්ත. මේ ඇහැ තියෙනවා මේ ඇහැට මෙහෙම පෙනුනට තියෙන්නෙ මිරිඟුව නේද කියලා හිතන කොට තිරිසන්ගත සතාට වස්තු කාමය වෙච්ච බාහිරින් පෙනුන ජලය කියන එක අපිට පේන්නෙ මොන විදියට ද? මිරිඟුව තියෙන තැන ජලය වගේනෙ පේන්නෙ. තිරිසන්ගත සතාට හිතෙන්නෙ පේන දේම බාහිරයි කියලනේ. වස්තු කාමයනෙ ඒ.
තිරිසන්ගත සතාට පේන දේ බාහිරයි කියලා වස්තු කාමය කියලා පෙනුන ටික අපිට පේන්නේ කොහොමද? මනස හැටියට නෙමෙයි ද අපිට පේන්නෙ. ඒ කියන්නේ මිරිඟුව නම් පේන දේ. මනසයි කියලයි අපිට පේන්නෙ. තේරුණාද කියන එක. දැන් වස්තු කාමය හැටියට තිරිසන්ගත සතාට හම්බවෙන්නෙ මොකක් ද? වතුර. ඒක කොහෙන්ද හම්බවුනේ. ආධ්‍යාත්මික ද බාහිර ද? බාහිර. ඒකට හේතුව මොකක් ද? වතුරට අනුව මෙනෙහි කෙරුවා මිසක තියෙන්නේ මිරිඟුව යථා ස්වභාවය මෙනෙහි නොකර, පෙනෙන දේට අනුව මෙනෙහි කළ නිසා පෙනෙන දේ බාහිරින් එයාට හම්බවුනා. තේරුණා ද ඊට පස්සෙ ඒ අරබයා තියෙන තණ්හාව වුනා එයාට. මොකක් ද ක්ලේශ කාමය. දැන් බාහිරෙන් වතුර පෙනෙන බව දකින්න වස්තු කාමය. ඔන්න වස්තු
කාමය කියන කොට ඒක හිතේ පැත්තෙන් හම්බ වුනොත් වස්තුවක් සැප දුක් වි`දින්න බෑ. බාහිරින්මයි එයාට හම්බ වෙන්නෙ. තේරෙනවද? බාහිරෙන් වතුර වලක් එයාට හම්බ වුනානෙ. හම්බවුනා. එතකොට ඒ අරබයා රාගයක් තණ්හාවක් ආශාවක් තියෙනවා නම් මේක කෙලේසය. දැන් ඒ වස්තු කාම ක්ලේශ කාමය කියන දෙක. දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා වස්තු කාමය හදාගත්තෙත් මෙයාමයි. සංකප්පො කාමො, රාගො කාමො කියලා. මිරිඟුව නිසා ජලය වගේ පෙනුනෙ. මේක ලෝකෙ චිත‍්‍ර, චිත‍්‍ර කාමය නෙවෙයි. මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා කියන එක ධර්මතාවයක්. දැන් පෙනෙන දේට අනුව මෙනෙහි කරලා, අනුව හිතලා මෙයා නෙමෙයිද ජලය කියලා එකක් බාහිරින් හදාගත්තෙ. ඔය වස්තු කාමය එයා නෙමෙයිද හදාගත්තෙ. දැන් එයාම හදාගෙන එයාම හදාගත්ත එකට එයාම ඇලිලා නෙමෙයිද? දැන් වස්තු කාමයයි, ක්ලේශ කාමයි දෙකම එයාගෙ සංකල්පයෙන් එයාගෙ රාගය නිසා හැදිලා මිසක, යථාර්ථ වශයෙන් තිබුණ ද?
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

6/21/15

කාමය : 4




යම් යම් මට්ටම්වල මෙලොව පරලොව වශයෙන් දුක් විපාක
තියෙනවා. ඒ දේ අතහැරියහම ඒක තව කෙනෙක් ගත්තොත්, එයාව පන්නගෙන එනවා ඒ දුක කියන එක. එතකොට මෙන්න මෙබ`දු අර්ථයෙන් දකින්න කියනවා කාමය කියන එක. මොකක්ද? මොකක් වගේද? මස් වැදැල්ලක් වගේ. මාංසපේසී උපමා අර්ථයෙන් දකින්න කියනවා. ඊට පස්සෙ තිණුක්කූපමා කාමා. කාමය කියන්නෙ තණසුළක් වගෙයි කියනවා. ? කළුවරේ යම් කිසි කෙනෙකුට යන්න බැරිවුනහම එයා මොකද කරන්නෙ හුළු අත්තක් පත්තු කරගෙන යනවා. දැන් ඒක ඇවිලිලා, ඇවිලිලා, ඇවිලිලා එනවා. නමුත් කෙළවරට යනකම්ම අන්තිම මොහොතෙ හරි හුළුඅත්ත අත හැරියෙ නැත්නම් මොකද වෙන්නෙ. ඒකාන්තයෙන් පිච්චෙනවා. මේ කාමය කියන එක හුළු අත්තක් වගෙයි. ජීවිතේ අන්තිම මොහොතෙ හරි මේක අතහැරියෙ නැත්නම් පිච්චිලා මැරෙනවාමයි. ජරා මරණ දුකට පත්වෙනවාමයි කියනවා. හුළු අත්තෙ මුලින් හරි මැදින් හරි කෙළවරින් හරි ඒක ඇවිලෙන කාලෙදි අතහැරියොත් බේරෙන්න පුළුවන්. නමුත් ඒ හුළු අත්ත අත නොහැර හිටියොත් මොකද වෙන්නෙ. ඇවිලිච්ච හුළු අත්ත අත නොහැර හිටියොත් ඒකෙන් පිච්චිලා දුකට පත් වෙන්න වෙනවාමයි.
කාමය කියන එකත් පෙන්නුවා. කාමය මුලින් තරුණ කාලෙ හරි, මධ්‍යම කාලෙ හරි, අන්තිම කාලෙ හරි මේක අත නොහැරියොත් ඒකාන්තයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන එකොළොස් ගින්නකින් දැවිලා, පිච්චෙන්න වෙනවාමයි.
ඊට පස්සෙ දකින්න කියනවා කාමය රුක්ඛඵලූපමා කාමා, කාමය කියන එක මොකක්ද ගෙඩි පිරුණු ගහක් වගේ දකින්න කියනවා. අඹ ගහක් හරි පේර ගහක් හරි ගෙඩි පිරුණ ගහකට මොකද වෙන්නෙ. ගෙඩි කඩන්න පොලූ ගහනවා. ගල් ගහනවා. ගෙඩි නැති ගහකට වෙන්නෙ නෑ කිසිම හිරිහැරයක්. ඒ නොවෙන හිරිහැර ටික ඔක්කොම වෙනවා මොකේටද? ගෙඩි තියෙන ගස්වලට. එතකොට ගෙඩි නැති ගහකට පොලූ පාරවල් ගල් පාරවල්, අතු කපනවා, ඉති කපනවා කියන එකක් වෙනවද? නෑ. ගෙඩි තියෙන ගහටමයි වෙන්නෙ.
ඒ වගේ කාමය ඇසුරු කරන කෙනාටම ජාති, ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාසයන් ලැබෙනවා කර්ම රැස්වෙනවා. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් වලින් හිස් නෑ කියනවා හරියට රුක්ඛඵලූපමාවෙන් දකින්න කියනවා. මොකක් ද? කාමය කියන එක.
ඊට පස්සෙ පෙන්නනවා අසිසුනූපමා කාමා. කාමය කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. සත්තිසුලූපමා කාමා. ඕකට පෙන්නනවා දැන් දෙපැත්ත කැපෙන පිහියක කිරි, මී පැණි වගේ දෙයක් ගාලා ලෙවකන්න කියනවා. කැපෙන පැත්තෙ දැන් ගාලා ලෙව කෑවහම, එතකොට මොකද වෙන්නෙ. මී පැණි චුට්ටක් ගෑවිච්ච නිසා චූටි රහක් දැනෙනවා. නමුත් ඒ එක්කම දිවේ පලාතක් කැපිලා යනවා. එතකොට ඇතිවෙන වේදනාව ආශ්වාදය ටිකයි. ආදීනවම ගොඩයි. මේ කාමය නිසා ලැබෙන ආශ්වාදයම ටිකයි. ආදීනවය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. සසර තෙරක් නැති ජරා මරණ දුක ඔක්කොම ගැබ්වෙලා තියෙනවා මේ කාමය කියන තැන. ඒ නිසා මේ කාමා භික්ඛවෙ වේදිතබ්බා කියන කොට නිකම්ම වස්තු කාමය ක්ලේශ කාමය දකින්න එපා. අපි බොහෝම ආදරෙන්, අපි බොහොම කැමැත්තෙන් අපි බොහොම මනාප කමින් ඇසුරු කරන කාමය කියලා කියන්නෙ මෙන්න මෙහෙම එකක් කියලා දකින්න. මොනවා හරි දෙයක් දැනගෙන එපායැ
අපි ඒකෙ ඇලූනත්, අපි ඇලෙන කාමෙ මෙහෙම එකක් කියලා දැනගෙන ඉන්න. මේ ටිකේ අපි ඇලෙනවා නම් මෙන්න මේ ටික අපිට දායාද වශයෙන් ලැබෙනවා කියන එකත් තේරුම් ගන්න. කාමය කියන එකට
තව තියෙනවා ගොඩාක් උපමා මට මතක නෑ.
ඇටසැකිල්ලක් වගෙයි, ඵල ඇති රුකක් වගෙයි, මස් වැදැල්ලක් වගෙයි, හුළු අත්තක් වගෙයි, ඇට කෑල්ලක් වගෙයි, ගිනි අඟුරුවලක් වගෙයි. දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි. කියලා මේ වගේ උපමාවලින් දකින්න මෙන්න මේකයි කාමය කියලා කියන්නෙ. කාමයෙන් යුක්ත කෙනා අර කියපු තැන්වල උපමා වලින් පෙන්නන ආදීනව පෙන්නන ගැහැටක් තියෙනවා නම් කාමය වි`දින කෙනාට කාමය වළඳන කෙනාට මේ ඔක්කොම ටික වි`දින්න වෙනවා වළඳන්න වෙනවා කියන එකත් මතක තියා ගන්න. එහෙම තියාගෙන ආයෙ කිසිම වෙලාවක ඒකෙන් බේරෙන්න පුළුවන්කමක් එහෙම නෑ. මෙන්න මේ විදියට දත යුතුයි. ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කාමය දත යුතුයි, කියන කොට වස්තු කාමය කියන එක දකින්න ඇහැ රූප, කණ ශබ්ද, නාසය, ගන්ධ, කියන ඒවා. ක්ලේශ කාමය කියනකොට දකින්න ඒ අරබයා තියෙන ඡුන්ද රාගය. මේකයි කාමය, ඒ කාමයේ ස්වභාවය තණ සුළක් වගේ. ඇටසැකිල්ලක් වගේ කියලා මෙන්න මේ විස්තර ටිකත් දැනගන්න.
කාමා භික්ඛවෙ වේදිතබ්බා කියන කොට අපිට තේරෙන්න ඕන,
තව විස්තර තියෙනවා. මම පොහොසත් නෑ ඒවා කියන්න. මෙන්න මෙ පමණින්වත් ටිකක් දැනගන්න ඕනෙ. අපි වි`දින අපි හිතාගෙන ඉන්න අපි සැපයි කියලා හිතන කාමයේ ස්වභාවය මෙන්න මේ අපි කාමය කියන තැනට තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නෙ ආර්ය විනයෙ නම් ඕකට කාමය කියන්නෙ නෑ. ඔය කාමය සංකල්පයෙන්, රාගයෙන් හදාගෙන තියෙන්නෙ කියලා. අපි බලමු ඒකට ඒක කොහොමද කියන එක. ඊගාව කාරණාවෙන්. ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කියලා ඔය ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා’ කාමානං නිදාන සම්භවො වේදිතබ්බො’ කාමයන්ගෙ ඇතිවීම දත යුතුයි. ඔන්න කාමය ඇතිවෙන හැටි පෙන්නනවා. කොහොමද කාමය ඇතිවෙන්නෙ. ඵස්ස සමුදයො - කාම සමුදයො ස්පර්ශය නිසා කාමය ඇතිවෙනවා. කොහොමද ස්පර්ශය වෙන්නෙ. ඇහැ නොබි`දුනා. ඇහැත් හොඳට තියෙනවා ඇස් හමුවට රූපත්
එනවා. ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් නොවේ නම් ඊට අනුරූප වූ විඥාන භාගය පිහිටන්නෙ නෑ. එහෙම වුනොත් ස්පර්ශය නෑ. ඇහැත් හොඳට තියෙනවා. රූපයත් ඇස් හමුවට එනවා. ඊට අනුරූප වූ මෙනෙහි කිරීමකුත් වේ නම් ඔන්න ඊට අනුරූප වූ විඥාන භාගයාගේ පහළ වීම වෙනවා. ඒකට ස්පර්ශයයි කියනවා. ඔන්න හොඳට බලන්න මේ සිද්ධිය. ස්පර්ශය නිසයි කාමය ඇතිවෙන්නෙ. ස්පර්ශය කියන්නෙ කොහොමද? ඇහැට රූප ගැටුන පමණකින් ම හිත උපදින්නෙ නෑ. ඇහැත් තියෙනවා රූපයත් තියෙනවා ඒ රූපයට අනුව අපි හිතුවොත්, ඒ රූපයට අනුව හිත මෙහෙයෙවුවොත්, ඒ රූපයට අනුව නැමී පවතින මනසක් තිබුනොත් ඊට අනුව ඒ විඥානයාගේ පහළවීම වෙනවා. මොකක්ද? චක්ඛු විඥානය පහළ වෙනවා. තින්නං සංගති ඵස්සො. ඒ තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි. කාමය උපදිනවා. වස්තු කාමය දැන් හැදිලා. අන්න ඒ වස්තු කාමය කියනකොට මේ චක්ඛු සම්ඵස්ස අවස්ථාව දකින්න.
ඊට පස්සෙ චිත්ත වීථි අහලා තියෙනවානම්, ඒ සිතේ ම ජවන් මට්ටමට යනකොට දකින්න ක්ලේශ කාමය, අද අපිට වස්තු කාමය ක්ලේශ කාමයෙන් තොරව යමක් හම්බවෙන්නෙ නෑ. එතකොට ක්ලේශ කාමය තියෙන්නෙ වස්තු කාමය මුල් කරගෙන. හැබැයි වස්තු කාමය ද හදාගත්තෙ අපි. ඇයි ඒ ? ඇහැ තිබුනා. රූපය ඇස් හමුවට ආවා. ඊට අනුව අපි මෙනෙහි කළ නිසා නේද සංකප්පො කාමො. රාගො කාමො. ඒ පේන දේට අනුව නැමී පැවතුන නිසා නේද? අපිට ඊට අනුරූප වූ විඥානය පිහිටියේ. තේරුනා ද කියන එක. ඇහැත් තිබුනා. රුපයත් තිබුනා. ඊට අනුරූපව මෙනෙහි නොකළොත් කාමය වෙන්නෙ නෑ. එතකොට හොඳට බලන්න. කාමය කියන එක හදාගන්න හැටි. ඇහැ තියෙනවා. රූපය තියෙනවා. ඒ රූපයට අනුව මෙනෙහි කිරිමකුත් කරන්න ඕන. අපි ඒක දන්නෙ නෑ. හිත වේගවත් එච්චරට අපි වැරැුද්ද පුරුදු කරලා. මෙහෙම බලනකොටම පේන දේට අනුව අපි හිතන නිසයි දැන් මේ හිතන බව ඉබේම වෙන තරමට කි‍්‍රයාත්මක නිසයි අපිට මේ ටක් ගාලා චක්ඛු විඥානය පිහිටන්නෙ. චක්ඛු විඥානය කියන්නෙ පේන දේට අනුව අපේ හිත පිහිටන විදියටයි, අපි හැසිරෙන්නෙ. ඔන්න ඔහොමයි කාමයෙ ඉපදීම.
එතකොට යම් වෙලාවක ඇහැ නොබි`දුනා ඇහැ හොඳට
තියෙනවා. රූපය තියෙනවා. ඊට අනුව මෙනෙහි කළොත් ඔන්න විඥානය පිහිටනවා ස්පර්ශය. ඔන්න කාමය උපන්නා. කණ තියෙනවා. ශබ්දය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නෙ සෝත විඥානය උපදිනවා. තින්නං සංගති ඵස්සො. ඔන්න කාමය උපන්නා. නාසය තියෙනවා. ගන්ධය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නෙ ඝාණ ස්පර්ශය. ඔන්න කාමය උපන්නා. දිව තියෙනවා රස තියෙනවා ඊට අනුරූපව මෙනෙහි කරනවා. ඊට අනුරුපව මෙනෙහි කරනවා කියන ටික දකින්න සංකප්ප රාග කියන එක. රාග කියන කොට මෙතන චෛතසිකයක් වශයෙන් දකින්න එපා. ඒ අරමුණ අජ්ෙඣාසාය තිට්ඨති බැසගෙන පවතී නම්, නැමිලා පවතී නම්, නැඹුරු වෙලා පවතී නම්, අපි ඊට මෙනෙහි කරනවද කියන එකක්වත් දන්නෙ නෑ. මේ පේන දේ බලන ගතියම දකින්න රාගය, හැටියට. පේන දෙයින් වෙන් නොවෙන ගතියම දකින්න. අජ්ෙඣාසාය තිට්ඨති. බැසගෙන පවතිනවා කියන අර්ථය අපි දන්නෙ නෑ. ඒකත් මේ මට්ටමේ ඇලීමක් කියන එක.
එතකොට මෙන්න මේ විදියට ඊට අනුරූපව මෙනෙහි කළොත්
ඝාණ විඤ්ඤාණය පිහිටනවා. ඝාණ විඤ්ඤාණය උපන්නා කියන්නෙ ස්පර්ශයක්. දිව තියෙනවා. රස තියෙනවා. රසට අනුව හිතනවා. මෙනෙහි කරනවා. ජිව්හා විඤ්ඤාණය පිහිටනවා. ස්පර්ශයක්. කාමය උපන්නා. කය තියෙනවා. පොට්ඨබ්බය තියෙනවා. පොට්ඨබ්බයට අනුව හිතනවා. නැමී පවතිනවා. අජ්ෙඣාසාය තිට්ඨති. අන්න කාය විඤ්ඤාණය පිහිටනවා. එතකොට ස්පර්ශය. අන්න කාමය උපන්නා. කාමය හදාගෙන දැන් තියෙන්නෙ අපි. කාමය හදාගත්තා. වස්තු කාමය. ඒ අරබයා මනෝ විඤ්ඤාණ මට්ටමෙන් තමයි දුවා, පුතා කියලා තව ඒක වණ_වත් කර ගන්නවා. හදාගත්ත කාමය. හදාගෙන අපි මොකද කරන්නෙ. වස්තු කාම ක්ලේශ කාම දෙකම හදාගෙන දැන් මේ ජීවත් වෙනවා. එතකොට ඒ කාමය කියලා මේ හදාගත්තෙ වස්තු කාමය නෙවෙයි මේ හදාගත්තෙ ක්ලේශ කාමය නෙවෙයි. මේ හදාගත්තෙ දුවා නෙවෙයි. පුතා නෙවෙයි. ගෙවල් දොරවල්, යාන වාහන නෙවෙයි මොකක් ද? ඉස්සෙල්ලා කිවුව විස්තර ටික දකින්න. මේ හම්බවෙන්නෙ මේ හදාගත්තෙ මොකක්ද? මස් ලේ නැති ඇට සැකිල්ලක්. හදාගත්තෙ.
ගිනි අඟුරු වලක් හදාගත්තෙ. බොහෝ කාලයක් තැවෙන්න හේතුවක් හදාගත්තෙ.
සැප කැමති අපට, සැප නොලැබෙන, දුක අකමැති අපට, දුක ලැබෙන යමක් හදාගත්තෙ. මේ හදාගත්තෙ කාමය එහෙම නෙමෙයි. කියන තැනින් දකින්න. මේ හදාගත්තෙ ජරා මරණ. මේ හදාගත්තෙ සසර. මේ හදාගත්තෙ සතර අපායට යන්න තියෙන භූමිය. කියන තැනින් දකින්න. ඔන්න ‘කාමානං නිදාන සම්භවො වේදිතබ්බා’ කියන කොට එයා දන්නවා ස්පර්ශය නිසා කාමය උපදින්නෙ. ස්පර්ශය කියන්නේ මෙහෙමයි.
ඇහැ තියෙනවා රූපය තියෙනවා තිබුනට ඒ ස්පර්ශය වෙනවද? නෑ. ඊට අනුව අපි මෙනෙහි කරන්නත් ඕන. අපිම මෙනෙහි කරන නිසා ඊට අනුව විඤ්ඤාණය පිහිටලා ඔන්න ස්පර්ශය වෙනවා. ඔන්න කාමය හදාගත්තා. එහෙම හදාගෙනයි මේ කාම තණ්හාව. ඒ කියන්නෙ දැන් අපි ගොවිතැන් කරන කොට අපිම බඩ ඉරිඟු හරි කව්පි හරි මොනව හරි හිටවනවා නේ. හිටවලා ඒක අපිම අනුභව කරනවා. හරි හොඳයි. කියලා අපිම ඇලෙනවා. ඒ වගේ අපිම නිෂ්පාදනය කරලා අපිම ඒක භුක්ති වි`දිනවා නේ. ඒ වගේ කාමය කියන එක අපිම නිෂ්පාදනය කරලා අපිම භුක්ති වි`දිනවා. එහෙම නැතුව මේ තියෙන ඒවා. අපිට ගිය ගමන් කඩාගෙන කන්න හැම තැනම බඩ ඉරිඟු, කව්පි මුං ඇට එහෙම නෑ. ඒ වගේ මේ කාම භාණ්ඩ හැම තැනම අපිට ඕන ඕන විදියට අරගෙන කන්න බොන්න නෑ. තියෙන්නෙ සතර මහා ධාතුව. ඒක හදාගෙනයි අපි මේ වි`දින්නෙ.
එතකොට ඔන්න කාමානං නිදාන සම්භවො වේදිතබ්බො කියන කොට කාමයන්ගේ ඇතිවීම දකිනවා කොහොමද ඇතිවීම. ස්පර්ශය නිසයි කියලා. ඊට පස්සෙ කාමානං වේමත්තතා වේදිතබ්බො කාමයන්ගෙ නානත්වයකුත් තියෙනවා. මොකක් ද කාමයන්ගෙ නානත්වය. අඤ්ඤෙසු රූප කාමා. අඤ්ඤෙසු ශබ්ද කාමා, අඤ්ඤෙසු ගන්ධ කාමා. රූපයන්ගෙන් පෙනී හිටින කාමෙ නෙමෙයි ශබ්දයන්ගෙ. ශබ්දයන්ගෙන් පෙනී හිටින කාමෙ නෙමෙයි ගන්ධයන්ගෙ. ගන්ධයන්ගෙන් පෙනී හිටින කාමෙ නෙවෙයි රසයන්ගෙ. රසයන්ගෙන් පෙනී සිටින කාමෙ නෙමෙයි ස්පර්ශයන්ගෙ. මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒ අරමුණු වල නානාත්වයෙන් කාම නානත්වය දකින්න. ‘කාමානං විපාකො වේදිතබ්බො’ කාමයන්ගේ විපාකය දත යුතුයි. මොකක් ද කාමයන්ගෙ විපාකය.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

කාමය : 3


මේ කාම සමුදය, කාම නිරෝධය කියන තැනින් අපිට හම්බවෙනවා කාමය හැදුනෙ කොහොමද කියන කාරණාව. එතකොට දැනට දකින්න ආර්ය විනයේ කාම ගුණයි කියන තැනක අපිට හම්බවෙනවා කාමය. මෙන්න මේක තමයි කාමය. කාමය කියන කොට ඔය පින්වතුන් දකින්න ඕන වස්තු කාම, ක්ලෙශ කාම කියන දෙක. ඒ වස්තු කාම ක්ලේශ කාම කියන දෙකෙන් දකින්න ඇහැ - රූප, කණ - ශබ්ද වගේ දෙවල් වස්තු කාමය. ඒ අරබයා ඇති තණ්හාව ස්නේහය ක්ලේශ කාමය, මෙන්න මේක තමයි ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කියන කොට දකින්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ කාමය ගැන තව මෙහෙමත් දකින්න ඕන. මට ටිකක් මතක මදි. නමුත් ක‍්‍රම කීපයක් තියෙනවා. ක‍්‍රම එකොළහක් බුදු රජාණන් වහන්සෙ දේශනා කරනවා මේ කාමය ගැන දකින්න කියලා. මේ වස්තු කාමය ක්ලේශ කාමය නිකම්ම එකක් නෙමෙයි මෙන්න මෙහෙම එකක් කියලත් දකින්න ඕන. කොහොමද?
අංගාරකාසුපමා කාමා - කාමය කියන්නෙ ගිනි අඟුරු වලක් වගෙයි. කියලා දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ? සැප කැමති. දුක අකමැති, දුක පිළිකුල් කරන යම්කිසි පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුරුෂයගෙ කැමැත්ත මොකක් ද? සැප කැමතියි. දුක අකමැතියි. දුක පිළිකුල් කරනවා. සැපයි ප‍්‍රාර්ථනා කරන්නෙ. මෙන්න මෙහෙම පුරුෂයෙක් ඉන්නවා විශාල ගිනි අඟුරු වළක් තියෙනවා ගිනිදැල් නෑ. නමුත් හාත්පස දිලිසෙන විශාල ගිනි අඟුරු වළක් තියෙනවා. බලවත් පුරුෂයො දෙන්නෙක් ඇවිල්ලා අර පුරුෂයගෙ අත් දෙකෙන් අල්ලගන්නවා බාහු දෙකෙන්. කොයි පුරුෂයගෙද? සැප කැමති, ජීවත්වෙනු කැමති, දුක පිළිකුල් කරන පුරුෂයාගෙ. අත් දෙකෙන්ම
අල්ලගෙන මේ ගිනි අඟුරු වළට ඇදගෙන එනවා. ගිනි අඟුරු වළට දාන්න ඇදගෙන එන මේ පුරුෂයාව අඩියක් අඩියක් ගානෙ ගිනි අඟුරු වලට කිට්ටු වෙනවා කියන්නෙ තමන්ගෙ බලාපොරොත්තුවම අත හැරෙනවා. මොකක්ද බලාපොරොත්තුව සැප කැමතියි. ජීවත් වෙන්න කැමතියි. දුක අකමැතියි. ලැබෙන්නෙම මොකක් ද මෙයාට. දුක ලැබෙනවා සැපම නැතිවෙනවා. ජීවත්වීමේ කැමැත්තම නොලැබෙනවා. එබ`දු වූ පුරුෂයෙක් ගිනි අඟුරු වලකට දැම්මොත්, ගිනි අඟුරු වළ නිසා හාත්පස දැවෙනවා නම් මරණය හෝ මරණය සමාන දුකට පත් වෙනවා නම් ඒ හේතුවෙන් මේ පුද්ගලයාගෙ ප‍්‍රාර්ථනාවම කැමැත්තම අතහැරෙනවා නම් මේ කාමය කියන එක එබ`දු විදියකට දකින්න කියනවා.
ආර්ය විනයෙ කාම ගුණ වෙච්ච තැනක, අපි කාමය නිර්මාණය කරගෙන ඉන්නවා. අද අපි හිතාගෙන ඉන්නෙ මේ කාමය කියන එක ඒ කියන්නෙ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම් කියලා මේ අපි සැප වි`දිනවා. අපි මේ සතුටු වෙනවා. අපිට පිහිටක් පිළිසරණක් ඇතුව ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නෙ. ගෙවල් දොරවල්, යාන වාහන මේවා ගොඩක් අපි වටේ ළංකර ගත්තහම, අපිට සාමාන්‍යයෙන් කෙලෙසුන්ගෙන් ගැවසීගත් අපේ මනසට හිතෙන්නෙ අපි පිහිටක් ඇතුව ඉන්නවා. සරණක් ඇතුව ඉන්නවා දුකෙන් මිදෙන ක‍්‍රමේක ඉන්නවා කියලා. නෑ. අපි කවුරුවත් එහෙම වටකරගත්තා කියලාවත් වට කර නොගත්තත් කාමය තුළ ඉන්න කෙනා පිහිටක්, සරණක් ඇතුව ඉන්නවා එහෙම නෙවෙයි. ඒකට පෙන්නනවා අංගාරකාසුපමා කාමා. කාමය ගිනි අඟුරු වළක් වගෙයි. මේ ලෝකෙ සත්වයා සැප කැමතියි. ජීවත්වනු කැමතියි. දුක පිළිකුල් කරනවා. එබ`දු ලෝකයාට දවසින් දවස සැප තමන් කෙරෙන් අයින් වෙනවා නම්, දුක තමන් කෙරේ ළං වෙනවා නම්, ජීවත් වීමේ බලාපොරොත්තුව මොහොතින් මොහොත අත අරවනවා නම්, ඒ ටික ඔක්කොම කරනවා කියනවා මේ කාමය. මේ කාමයෙන්, කාම රාගයෙන් මඩනාලද සිතින් යුක්ත කෙනා, මෙලොවම කාම රාගය නිසා නොයෙක් දුක් දොම්නස් වලට පත් වෙනවා. සංසාරික වශයෙන් ද සතර අපාය ආදි දුක්වලට පත්වෙන්න තියෙන අකුසල ධර්ම කෙරිලා, ඒ අකුසල ධර්මයන්ට පත්වෙනවා, පත් කරනවා සැප කැමති වුනාට දුකම ලබා දෙන ධර්මයක් නිසා කාමය දකින්න කියනවා මොකක්ද අංගාරකාසුපමා කාමා.
ඊට පස්සෙ අට්ඨික`ඞඛලූපමා කාමා. කාමය ඇටසැකිල්ලක් වගේ දකින්න කියනවා මොකක්ද? මස් නැති ලේ තැවරුන ඇට කෑල්ලක්, සතෙක් මරන තැනක ඇට කෑල්ලක් සුනඛයෙකුට වගේ විසි කළොත්, ඒ සතා මොකද කරන්නෙ ලේ තැවරුන මේ ඇට කෑල්ල ලෙවකනවා. ලෙව කෑවට බඩ එහෙම පිරෙන්නෙ නෑ. ඊට පස්සෙ මේ ඇට කූර හපනවා. හපනකොට, හපනකොට, හපනකොට මොකද වෙන්නෙ. තමන්ගෙ කට තුවාල වෙලා ඒ ඇට කෑල්ලෙ ලේ ගෑවෙනවා. තමන්ගෙ කට තුවාල වෙලා ලේ රහ දැනෙනවා. ඒ සතා හිතනවා කියන්නෙ මේ ඇට කූරෙ තියෙන රහ තමයි දැනෙන්නෙ කියලා තව හපනවලූ. දැන් අලි කටු කන්නෙ. අලියා ඔය අන්දර කටු වගේ කටු ජාති කන්න හරි කැමතියි. හරි ආසයි. ඇයි ඒ? ඒ කටු කනකොට කටේ ඇනිලා ලේ එනවා. ලේ එනකොට ඒ ලේත් එක්ක තව හපනවා දැන් අලියා හිතන්නෙ මේ අන්දර කටු වලින් තමයි මේ රහ එන්නෙ කියලා. ඒ වගේ මේ ලෝකයා ද පෙන්නනවා මේ කාමය නිසා බඩපිරුන කෙනෙක් නෑ. කුස පිරුන කෙනෙක් නෑ. ඇති වෙච්ච කෙනෙක් නෑ. කාම සැපයෙන් සන්තර්පණය වෙච්ච පිරිච්ච කෙනෙක් ඉන්නවද බලන්න කවුරුවත් නෑ.
අලියා අර ලේ රහ දැනෙන්න දැනෙන්න තවත් හපනවා වගේ අපි හිතාගෙන ඉන්නවා දරු මල්ලො, ගෙවල් දොරවල්, මිල මුදල් ඔන්න මේවා එකතු කරනවා. එකතු කරන කොට මේවා එකතු කළානෙ කියලා මනෝ සම්ඵස්සයෙන් උපදින සැපයක් අපි වි`දිනවා. ඒක මනෝ සම්ඵස්සයෙන් උපදින සැපේ. අපි හිතපු නිසා උපදින සැපයක්. අපි හිතනවා මේ වස්තූන් එකතු කරපු නිසා සැප එනවා කියලා. ආයෙත් එකතු කරනවා. ආයෙත් මට රත්තරං ගොඩක් තියෙනවනේ කියලා හිතනවා. හිතපු නිසා අපිට සෝමනස්සයක් එනවා. දැන් මේ හිතපු නිසා අපිට සැපයක් එන්නෙ. හිතන්නෙ මේ එකතු කරපු නිසයි මේ සැපය එන්නෙ. මට දරු මල්ලො, ගෙවල් දොරවල් තියෙනවනේ කියලා අපි හිතනවා. මනෝමයෙන් සිහි කරනවා. සිහි කරපු නිසා ඒ මනෝ ස්පර්ශය නිසා අපිට යම් සොම්නසක් එනවා. අපි හිතනවා මේවා එකතු කරපු නිසයි. ආයෙත් එකතු කරනවා. එහෙම කරන්නේ නැද්ද අපි? අර සතා ටිකක් හපනකොට කටේ ඇනෙනවා කටු. ලේ එනවා ඒ තමන්ගෙම ලේ රහ තමන්ට දැනෙනවා. හිතන්නෙ කොහොමද? එයාගෙ සංඥාව එන්නෙ කොහොමද? බාහිර කටු වලින් තමයි මේ රහ එන්නෙ. ඒ වගේ ගෙවල් දොරවල්, යාන වාහන ඉඩ කඩම්, මිල මුදල් එකතු කරනවා. මට
දැන් මෙහෙම දේවල් තියෙනවනෙ කියලා හිතින් සිහි කරනවා. හිතින් සිහි කරපු නිසා සෝමනස්සයක් එනවා. දැන් බැරිවෙලා හිතින් සිහි නොකළොත් ඕගොල්ලන්ට මේවා කොච්චර ගොඩ ගැහුවත් සැපක් එනවද? නෑ. හිතින් සිහි කරපු නිසා, චිත්ත ස්පර්ශය නිසා සැපක් එනවා. ආයෙත් හිතනවා මොකෙන්ද එන්නෙ. මේවා එකතු කරපු නිසා කියලා ආයෙත් එකතු කරනවා.
ඊට පස්සෙ බාහිර වස්තූන් කයට ගැටීම නිසා, කාය ස්පර්ශය නිසා සැපක් එනවා. ආපහු හිතනවා මොකක්ද? මේ සැපය එන්නෙ බාහිර වස්තු නිසා කියලා ආයෙත් ඒකට අතදානවා. අර මං කියන්නෙ ඉස්සරහ පිඟානක අපිට හොඳට ලස්සණට අයිසිං කරලා හොඳ කේක් කෑල්ලක් තියෙනවා. දැන් කෑල්ලක් කඩලා කනවා. කටේදි කෙළත් එක්ක මිශ‍්‍ර වෙලා වමනෙ ගොඩක් වෙලා හපනවා. හපනකොට වමනෙ ටික හැපීම නිසා සැපයක් එනවා. ආයෙ පෙන්නනවා මොකක්ද මේ කේක් කෑල්ල නිසයි සැපය. ආයෙත් අතදානවා. දැන් මේ සැපය ආවෙ කේක් කෑල්ල හින්දද? නෑ මොකක් හින්දද? වමනෙ ගොඩ නිසා. දැන් බැරිවෙලා ඕගොල්ලො හරි රහයි කියලා වි`දින ඒ කටේ තියෙන ටික අතට ගන්නකො. අතට ගත්තොත් පිඟානෙ තියෙන ටිකවත් කයිද? කකා ඉන්න කෙනෙක් ඒ ළඟම ඉන්න කෙනෙක් කටේ තියෙන ටික බිමට දැම්මොත්, වමනෙ දැම්මොත් පලාතෙ ඉන්නවද? ඔන්න ඔහොම තැනකින් දැන් සැප වි`දින්නෙ. අලියා කටු ඇනිලා දැන් ලේ රහ එන්නෙ උගේම ස්පර්ශයෙන්. නමුත් එයාගෙ සංඥාව යන්නෙ කොහේට ද? කටු ටිකට. ඒ වගේ දැන් කේක් කෑල්ල හපනකොට තමයි එන්නෙ මොකක්ද? රසය. නමුත් අපේ සංඥාව යන්නෙ මොකේටද? පිඟානෙ තියෙන එකට. දැන් කේක් කෑල්ලෙන් ද මේ රසය වි`දින්නෙ. වමනෙ ටිකෙන්ද? වමනෙ ටිකෙන් රස විඳ විඳ කේක් කෑල්ල කියලා හිතනවා. අර අලියා කරපු දේම නෙමෙයිද කරන්නෙ. අර ඇට කූර ලෙවකාපු බල්ලා කරපු දේම නෙමෙයිද? කරන්නෙ. මුළු කාමයම ඔය වගේ නෙමෙයිද?
දැන් පි‍්‍රය මනාප ලස්සන කෙනෙක් හෝ දෙයක් හෝ අල්ලනවා කියන්නකො. කාය ස්පර්ශය නිසා පොට්ඨබ්බය නිසා අපිට බාහිර අරමුණු කයට ගැටීම නිසා සැපක් වි`දිනවා. අපි අරමුණු කරන්නේ මේ ඇහැට පේන දේ තමයි හැපෙන්නෙ කියලා. වෙන්නෙ වෙන එකක් හිතා ගන්නෙ වෙන එකක්. දැන් දිවට ගැටෙන්නෙ වෙන එකක්. පේන කේක්
කෑල්ල වෙන එකක්. නමුත් හිතාගන්නෙ වෙන එකක්නේ අපි. ඒ වගේ. ඔන්න ඔය වගේ අර්ථයෙන් මේ කාමය කියන එක කිසිම වෙලාවක කුසගින්න හැදුන සුනඛයෙක් ඇට කූරක් ලෙව කෑවා කියලා කවදාවත් බඩ පිරෙන්නෙ නෑ කියනවා ඒ වගේ කාම පිපාසයෙන් යුක්ත කෙනාට ඇති තරම් රූප පෙන්නන්න. පිරෙන දවසක් නෑ. ඇති තරම් ශබ්ද අහන්න. පිරෙන දවසක් නෑ. පුළුවන් තරම් ගඳ සුවඳ ආඝ‍්‍රාණය කරන්න. පිරෙන දවසක් නෑ. රස වි`දින්න එක එක විදියට හිත කියන කියන විදියට රස කෑම හදලා කන්න ඇති දැන් නේ. ඇතිවෙලාද? ම්හු. පිරුනෙ නෑ. කයට හිත කියන කියන විදියෙ කාය ස්පර්ශ දෙන්න. පිරුන දවසක් නෑ. පිරෙන දවසක් නෑ. ඒ නිසා අට්ඨික`ඞඛලූපමා කාමා. කාමය කියන්නෙ කවදාවත්ම තෘප්තියකට පත්වෙන්න බැරි, පත්කරවන්නෙ නැති දෙයක්, ඒකම ඒකෙ ආදීනවයක් නෙවෙයිද? ඒකම ඒකෙ වෙහෙසක් නෙමෙයිද? පුරවන්න බැරි දෙයක් පුරවන්න කියලා හදන මේ ගතියම. කාමය කියන එක මෙන්න මෙබ`දු ආදීනවයකින් යුක්තයි කියලත් දකින්න, වස්තු කාම, ක්ලේශ කාම කියලා නිකම් දකින්න එපා. අපි වි`දින කාමය දකින්න. මොකක්ද? අට්ටික`ඞඛලූපමා කාමා, කාමය කියන එක ඇටසැකිල්ලක් වගෙයි.
මාංසපෙසුපමා කාමා, කාමය කියන එක මස් වැදැල්ලක් වගෙයි කියනවා. මස් කුට්ටියක් අරගෙන මස් කපන තැනක මනුස්සයෙක් මස් ටිකක් කපලා පැත්තකින් තියලා යනකොට උකුස්සෙක් ඇවිල්ලා මස් කැටියක් ගහගෙන යනවා. දැන් මස් කැටිය කටේ තියෙන කොට මොකද කරන්නෙ අනික් උකුස්සො ඔක්කොම කොටනවා කියනවා ඒ උකුස්සට. මස් කැටිය තියෙන තාක්ම බේරෙන්න බෑ. බැරිවෙලා ඌ ඒක අතහරිනවා. එතකොට තව එකෙක් ගත්තොත්. ගත්ත එකාට කොටනවා. මේ කාමය කියන එක දකින්න කියනවා මාංසපේසි උපමාවෙන්. කාමය ගත්ත කෙනා හරියට, කාමය අල්ලාගත්ත කෙනා මොකද වෙන්නෙ අපි කියමු ඔන්න ඉඩකඩම්, ලොකු විශාල වත්තක්
තියෙනවා. ඒක ගත්තා. දැන් ඒ වත්ත නිසා ඒකෙ හරියට වැඩ කරන්නෙ නෑ. හරියට ඵලදාවක් නෑ. නොයෙක් දේවල් ගැන දුක් දොම්නස් ඔන්න එයාව පන්නගෙන එනවා. පි‍්‍රය විප්පයෝග දුක්ඛ, අපි‍්‍රය සම්පයෝග දුක්ඛ. නොයෙක් දේවල්. බැරිවෙලා අයියෝ මේක කරදරයි කියලා කාට හරි විකුණලා දැම්මොත්,දැන් එයා නිදහස් වෙනවා. අර දුක් ටික ඔක්කොම එයා පන්නාගෙන එනවා. ඒක කාට හරි විකුණලා දැම්මොත් දැන් ඒ දුක් ටිකෙන් එයා මිදෙනවා. අනික් කෙනා අහුවෙනවා.
ඒ විතරක් නෙමෙයි ඒ වත්ත නිසා මෙලොව විතරක් නෙමෙයි පරලොව වශයෙන් ද වෙන අකුසල කම_. සේවකයො හරියට වැඩ කරන්නෙ නෑ. බනින්න වෙනවා. නින්දා කරන්න වෙනවා. අපහාස කරන්න වෙනවා. ඒකට හතුරුකම් කරන කෙනාට ලෝකෙ ඉතින් ඔක්කොම මෛති‍්‍රයෙන් ම කරන්න බෑනෙ. පුළුවන්, දහමක් තියෙන කෙනාට. නමුත් ලෝකෙ කාමෙන් පිරිච්ච කෙනා එහෙම කරන්නෙ නෑ. ඒකට එකට එක කරන්න හදනවා. ඔන්න සම්පරායික වශයෙන් අකුසල්, මෙලොව වශයෙන් උපක‍්‍රම කරන්න වෙනවා. ඉතින් ඒ මස් කෑල්ල අත නොහැර තිබුනොත් මොකද වෙන්නෙ. මෙලොව පරලොව වශයෙන් දුක් වි`දින්න තියෙන හේතු ටික එයා අනුවම ලූහු බ`දිනවා. බැරිවෙලා එයා ඒක අත හැරියොත් විකුණලා දැම්මා කියන්නකො වෙන කෙනෙක් ගත්තොත්. දැන් මොකද වෙන්නෙ. ගත්ත කෙනාට මෙලොව පරලොව වශයෙන් දෙකෙන්ම දුක් වි`දින්න තියෙන හේතු ටික එයාව පන්නගෙන එනවා. ඒ වගේමයි අපි දරුවො කියලා හිතාගෙන ඉන්න තැනත්, ගෙවල් දොරවල් කියලා හිතාගෙන ඉන්න එකත් මමයි කියලා හිතාගෙන ඉන්න තැනත්, මේ ඔක්කොගෙම එහෙමයි.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

6/19/15

කාමය : 2



බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නෙ යම් කිසි ගහක් කැපුවත් ගහේ මුල දැඩිව හොඳට තියෙනවා නම් ඒ ගහ නැවත දළු දානවා වගේ ‘ඒවං තණ්හා අනුසයෙ අනුහතේ නිබ්බන්තතී දුක්ඛ මිදං පුනප්පුනං’ මේ තණ්හා අනුසය නැති නොකළොත් මේ දුක නැවන නැවත උපදිනවා කියලා. ඒ විදියට දුක නැවත නැවත නූපදින්ට නම් ක්ලේශ කාම වස්තු කාම කියන දෙකම අපිට සමුච්ෙඡ්ද වශයෙන් නැතිවෙන්ට ඕනෙ. එතකොට අපිට පුළුවන් මේ වස්තුකාම ක්ලේශ කාම කියන දෙකෙන් මිදෙන්න නුවණින්. ඒකෙ ස්වභාවය තේරුම් කරගත්තහම. එතකොට අපි බලාගන්න ඕන ඉස්සරවෙලාම වස්තුකාම කිවුවෙ ගෙවල් දොරවල්, ඉඩකඩම්, මිල මුදල්, ¥ දරුවො කියලා අපිට හම්බවෙන මේ දේවල් වස්තු කාම. තව පැත්තකින් ගත්තහම, නිෂ්පරියායකින් ගත්තහම ඇහැ, රූප, කණ, ශබ්ද, නාසය, ගන්ධ, දිව, රස, කය, කයට ගැටෙන පොට්ඨබ්බ කියන මෙන්න මේ දස ආයතනය රූප දහයම අපිට හම්බ වෙන්නෙ කොහොම ද වස්තු කාමය හැටියට. ඒ අරබයා ඇති ක්ලේශයට කියනවා මොකක් ද ක්ලේශ කාමය කියලා. එතකොට මේ වස්තු කාම, ක්ලේශ කාම කියන ධර්මතා දෙක අපිට කාමය වුනාට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

‘සංකප්ප රාගො පුරිසස්ස කාමො නෙතෙ කාමා යානි චිත‍්‍රානි ලොකෙ සංකප්ප රාගො පුරිසස්ස කාමො තිට්ඨන්ති චිත‍්‍රානි තථෙව ලොකෙ අථෙත්ථ ධීරා විනයන්ති ඡුන්දන්ති’ කියලා

අපිට මේ කාමය කියන එක, අද කාමය වෙච්ච දේ. හොඳට බලන්න බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘සංකප්ප රාගො පුරිසස්ස කාමො - නෙතෙ කාමා යානි චිත‍්‍රානි ලොකෙ’ මේ පුරුෂයාගේ සංකප්ප රාගො පුරිසස්ස කාමො - කාමය කියලා කියන්නෙ සංකප්ප රාගො සංකල්පනාවයි රාගයයි දෙකලූ පුරුෂයාගේ කාමය. ‘නෙතෙ කාමා යානි චිත‍්‍රානි ලොකෙ’ මේ ලෝකයේ තියෙන චිත‍්‍ර කාමය නෙමෙයිලූ. අපිට ඇහැට පෙනෙන, කණට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන අද අපිට කාමය වෙච්ච දේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේවා කාමය වුනේ පුරුෂයාගෙ කල්පනාව නිසයි. පුරුෂයාගෙ, ඒ ඒ පුද්ගලයාගෙ රාගය නිසයි මේවා එයාට කාමය වුනේ. නමුත් මේවා කාමය නෙමෙයි. මේවා ලෝකෙ හුදු චිත‍්‍ර විතරයි. ලෝකෙ පවතින යථා ස්වභාවය විතරයි. ‘සංකප්ප රාගො පුරිසස්ස කාමො’ ආපහු පෙන්නනවා. සංකල්පයයි රාගයයි දෙකයි පුරුෂයගෙ කාමය. ‘තිට්ඨන්ති චිත‍්‍රානි තථෙව ලොකෙ’ මේ ලෝකෙ චිත‍්‍ර එහෙම තියෙනවා. ලෝකෙ චිත‍්‍රවල නෑ, අපි උපදවාගෙන ඇසුරු කරන කාමය කියලා එකක්.

‘අථෙත්ථ ධීරා විනයන්ති ඡුන්දන්ති’ නමුත් ධීරයන් වහන්සේලා පණ්ඩිතයන් වහන්සේලා මෙන්න මෙහි ඡුන්දය දුරු කරනවා. අපි මෙන්න මේ ටික පොඞ්ඩක් බලමු. දැන් අපි දැක්කා. ක්ලේශ කාමය කියන එක අපිට ඇතිවුනේ වස්තු කාමය හම්බ වෙච්ච නිසානෙ නේද? ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, ¥ දරුවො කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කාමනීය වස්තු අපිට හම්බවුන කාම වස්තු තිබුන නිසයි තණ්හාව. ක්ලේශ කාමය පැවතුනේ. අපිට කාමය හැටියට හම්බවෙන තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘නේතෙ භික්ඛවෙ කාමා අරියස්ස විනයෙ කාමගුණා’ මේවා ආර්ය විනයේ කාම ගුණයි කාමෙ නෙමෙයි කියලා. ඔන්න ඔය ටික හොඳට බලන්න ඕනෙ ආර්ය විනයටයි මේවා කාම ගුණ කියලා කිවුවෙ.

බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාටයි මේවා කාම ගුණ හැටියට පෙනෙන්නෙ. අපිට ඒවා කාමය. දැන් මෙතන තියෙනවා ප‍්‍රශ්ණයක්. අපිට කාමෙ වෙන්ටත් බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට මේවා කාම ගුණ වෙන්ටත් හේතුව මොකක් ද?

මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තහම, අපිට කාමය බුදු පසේ බුදු , මහ රහතන් වහන්සේලා කියනවා මේවා කාමගුණ, කාමය නෙමෙයි, කාමය ඇති කරගන්නට, හිතෛෂි දේවල්. ඊට පස්සෙ තව තැනකින් කියනවා පුරුෂයාගෙ සංකප්ප රාගය, සංකල්පනාවයි ඇලීමයි කාමය. මේවා නිකම් චිත‍්‍ර විතරයි කියලා. ඇහැට පේන දේ සම්පූණ_ කාමය වුනොත් රහතන් වහන්සේලාට කාමයෙන් මිදිලා ඉන්න පුළුවන් වෙයි ද? බෑ. එහෙනම් රහතන් වහන්සේලාත් කාමය ඇසුරු කරනවා නම්, මේ ලෝකයාත් කාමය ඇසුරු කරනවා නම්, රහතන් වහන්සේලා කාමයෙන් මිදිලා නෙක්ඛම්ම සුඛයක් වි`දිනවා කියලා කියන්න පුළුවන් ද? බෑ. එතකොට මෙතන තියෙන ධර්මතාවය අපි ටිකක් විමසලා බලන්නට ඕනෙ. එහෙනම් කොහොමද මේ කාමය අපිට හැදුනෙ, කියන එක. අපි කාමය කියන එක හදාගෙන, කාම ලෝකය කියන එක උපදවාගෙනයි. අපි පරිහරණය කරන්නෙ. නමුත් අපි ඒක දන්නෙ නෑ. අපි හිතන්නෙ අපිට තණ්හාව ඇතිවෙන්න තියෙන වස්තූන් තියෙන නිසයි අපි මේ කැමැත්තෙන් ඉන්නෙ කියලයි. යම් වෙලාවක අපි අපේ කෙලේසය නිසයි දුක් වි`දින්නෙ කියන එක අපිට තේරෙනවා මේ කාමය කියන එක හැදෙන හැටි, අපිට කාමය වෙච්ච හැටි ටිකක් තේරුම් කරගන්න පුළුවන් වුනොත්. එතකොට කාමය කියන තැන දී පින්වතුනි, බුදු රජාණන් වහන්සේ පෙන්නුවෙ මොකක් ද? මේ චිත‍්‍ර, චිත‍්‍ර කියලා කිවුවෙ ඇහැට පෙනෙන මට්ටම. කණට ඇහෙන මට්ටම. මේවා කාමගුණ කියලා. කොහොම ද කාම ගුණය කාමයක් වුනේ. සංකල්පයෙන්, රාගයෙන් කියනවා. ඇහැට පේන දේට අනුව අපි හිතනකොට අපි හිතන විදියේ දෙයක් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නෙ. අන්න එතකොට අපි හිතන්නේ ලෝකේ යථා ස්වභාවය දකින, දැකපු මනසකින් නෙමෙයි අපි හිතන්නේ අපේ මනස තුල කාම ලෝකය නිර්මාණය වෙන විදියටයි අපි හිතන්නෙ. කන බොන ආහාරයෙන් හැදුන, හම්, මස්, ලේ, නහරින් හැදුන රූපයක් තියෙන තැනක අපිට නිමිත්තක් පහළ වෙනවා හිතට. ඒකට අපි මනුෂ්‍යයෙක් කියලා හිතුවහම අපි දැනගන්නෙ කොහොම ද? මේ පේන රූපය මනුෂ්‍යයෙක් කියලයි

අපි දැනගන්නෙ. එතකොට දැන් මනුෂ්‍යයා උපදලා තියෙන්නෙ කන බොන ආහාරයෙන් ද අපේ මනසින් ද. අපේ මනසින් නේ ද? ඒ වගේ මේ සතර මහා ධාතුව තියෙන තැනක අපේ හිතේ පහළ වෙන නිමිති වලටයි අපි ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් කියලා හිතන්නෙ, එහෙම හිතුවහම අපිට, අපේ මනසට සම්පූර්ණ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් වලින් යුක්ත වූ ලෝකයක් හම්බ වෙනවා. මේ කල්පනාව නිසා හෝ ඒ කියන්නෙ පෙනෙන දේට අනුව අපි කල්පනා කළොත් ඔන්න කාමය උපදිනවා. තව පැත්තකින් ගත්තහම ඒක තමයි සංකප්පය. රාගය කියලා කියන්නෙ පෙනෙන දේට කල්පනා කරන්න ඕන නෑ. පෙනෙන දේට අනුව හිත නැමිලා පවතින බවම, ඉදිරියෙන් තියෙන දේ මෙහෙම බලනවා කියන්නකො. මේ තමයි රාගය, පෙනෙන දේ ඇලිලා, ශබ්දයක් අහන බවම ශබ්ද රාගය, රූප බලන බවම රූප රාගය, ගඳ සුවඳ ආඝ‍්‍රාණය කරන බවම ගන්ධ රාගය, රස වි`දින බවම රසය පිළිබඳ ඇති රාගය. කයට ස්පර්ශය අනුව හිත නැමී පවතින බවම පොට්ඨබ්බ රාගය, මෙන්න මේ කාමය නිර්මාණය වෙලා තියෙනවා. අපිට කාම වස්තු හැදිලා තියෙන්නෙ, අපි ඉස්සරහට තව ටිකක් බලමු. අපිට අද කාමය හැදිලා තියෙන්නෙ ඇහැට පෙනෙන, කණට ඇහෙන, නාසයට, දිවට, ශරීරයට දැනෙන ඒ අරමුණු අරබයා හිතන බව සහ ඊට නැමී පවතින මනස නිසයි, කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අපි අද හිතාගෙන ඉන්නවා රුප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බ කාමය තමයි කියලා. බාහිරින් කාම වස්තු තියෙනවා කියලා. එහෙම තියෙන ඒවටයි අපි තණ්හා කරන්නෙ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා ලෝකෙ චිත‍්‍ර මිසක කාමෙ නෙවෙයි. ඇහැට, කණට, නාසයට, දිවට, ශරීරයට, යම් අරමුණු ගැටෙන කොට, අරමුණු හම්බ වෙන කොට ඒ අරමුණු අරබයා අපේ මනසින් කරන කල්පනාව සහ අපේ මනස ඊට ඇලිලා පවතින ස්වභාවය මතයි කාමය කියන එක නිර්මාණය වෙන්නේ. කාමය කියන එක නිර්මාණය වෙලා තියෙන්නෙ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට ඔන්න කාමය කියන එක දකින්න ඕන වස්තු කාම ක්ලේශ කාම කියන ධර්මතා දෙකත්, වස්තු කාමය නිර්මාණය වෙච්ච නිසයි ක්ලේශ කාමය හැදුනෙ. ක්ලේශ කාමය හැදෙන්ට හේතු වෙච්ච වස්තු කාමය කියන එක හැදුනෙ කොහොමද සංකල්පයෙන්, අපේ රාගයෙන් කියන එකෙන්.

සංකල්පය රාගය කියන කොට අපි හිතන්නෙ ක්ලේශ කාමය කියලා. නෑ සංකප්ප, රාග කියන දෙකෙන් වස්තු කාමය හැදිලා වස්තු කාමයට ඇති කෙලේසයයි අපිට ක්ලේශ කාම වෙන්නෙ. කාමය නැති තැනක කෙලේසය පවතින්න පුළුවන් ද? බෑ. ඉස්සෙල්ලා කාමය හදාගන්න වෙනවනේ. කාමය තිබුනොත්නෙ කාමය කියන්නෙ මොකක් ද? පෙනෙන්න තියෙන දෙවල්. කැමති වෙන්න දේවල් තියෙන්න එපායැ. කැමති වෙන දේවල් හදාගන්නත් අපිට සංකල්පනාවයි රාගයයි උපකාරී වෙනවා. අපි ඒක තව ටිකක් ඉදිරියට යන කොට වෙන්නෙ කොහොම ද වුනේ කොහොමද කියන එක බලමු.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!