‘යං බො භික්ඛවෙ කාමයමානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා’
යං කාමයමානො - යමකට කැමතිවෙයි නම්, යමකට කැමති වෙනකොට එයින් එයින් උපදනා ආත්මභාවය උපදිනවා කුසල අකුසල සහගත වූ. ඒ කියන්නේ අපි පෙනෙන දේට කැමති වුනොත් ඔන්න එයින් උපන් ආත්මභාවය කියන්නෙ සම්පරායිකා දිට්ඨධම්මා එයින් උපදනා ආත්ම භාවය කියලා කිවුවෙ සත්ව පුද්ගල ආත්ම හැඟීම උපදිනවා. යමකට කැමතිවෙන්න කැමතිවෙන්න පුද්ගලයා නිර්මාණය වෙන්නෙ මෙහේ. දැන් අපිට හැමෝටම මේ මම කියලා හිතන්න පුළුවන් නේද? මේ තමන් ඉන්නවා කියන ගතිය තේරෙනවා නේද? මේ කෙනෙක් කියන ගතිය තේරෙනවා නේද? මේ මම හින්දා හිතන්නේ මේ කය මම කියලනේ. මේ කය මම හින්දා මම නෙමෙයි මේ. මම කියන හැඟීම අපේ හිතේ තියෙන්නෙ හිත රැු`දිලා පවතින්නේ කයේ. ඒ නිසා මේ කය මම වගේ තේරෙන්නෙ. නමුත් අපි හිතාගෙන ඉන්නෙ කය මම හින්දා මේ මම කියලා. මේ මගේ අත. මේ මෙඟ් ඇඟ. කියලා අපි හිතන්නෙ. නමුත් සිද්ධිය එහෙම නෙමෙයි. මම කියන හැඟීම. අපිට අපිව හීනෙන් පේනවනේ. පේන්නෙ නැද්ද තමන්ට තමන්ව හීනෙන් පෙනිලා තියෙනවද? ඉතින් මේ කය නම් තමන් කොහොමද හීනෙන් පෙනුනෙ.
දැන් ඔය තමන් කියන හැඟීම ඇතිවෙන්න ඔය හැඬේම පත්තරේක තිබුනොත් ඇතිවෙන්නෙ නැද්ද? තේරෙනවද ඒක දකිනකොට මනස තුලයි ඇතිවෙලා තියෙන්නෙ කියලා. මේ තමන් කියන හැඟීම චිත‍්‍රයක තිබුනොත්, බිත්තියක එහෙම ඇඳලා මේ මමනෙ කියන හැ`ඟීම ඇතිවෙනව ද නැද්ද? ඒ හැඟීම ඇතිවෙන්න හේතුව ඒ චිත‍්‍රය ද? පාට ටික ද මම. එහෙනම් හොඳට තේරෙනවද ඒක උදවු කරගෙන ක්ෂණිකව මනස සිහි කරගෙන කියලා. ඒ වගේ මේ රූපයක් දකින කොට මම කියන හැඟීම මේ ඇතිවෙලා තියෙන්නෙ. මේ බාහිර චිත‍්‍රය දැක්කා වගේ. වීඩියෝ පටයක් දැක්කා වගේ. වතුරක මේ ඡුායාව දැක්කත් මම එනවනේ. ඒ වගේ මේ රූපය දැක්කහම මම කියන හැඟිම එනවා. ඒ මම කියන හැඟීම තියෙන්නේ කොහෙද? හිතේ හැපිලා. හිතේ පවතින්නෙ මේ මානය මම වෙමි අස්මිමානය. මම වෙමි කියන හැඟීම. මම වෙමි කියන හැඟීම කියනකොට මේ පේන සටහනම හිතට නිමිත්ත අරගෙන තියෙන්නෙ මනෝමය කයකින්. මම කියන හැඟීමෙන් ඉන්නෙ අපි මේ මම කියලා හිතාගෙන. අන්න ඒ මම
කියන වචනෙ නෙමෙයි හැඟීමම. මම කිවවුහම අපිට හිතෙන්නෙ කෙනාව කියලා කොතන හරි දැක්කම මේ මගේ රූපෙනෙ කියලා හිතෙන ගතිය තියෙන්නෙ ඒ ටිකම. ඒ ටික ඔක්කොම තියෙන්නෙ හිතේ. ඒ සිත බැසගෙන තියෙන්නෙ මේ කයේ. ඒ හින්දා දැන් කය මගේ වගෙයි අපිට තේරෙන්නෙ. දැන් මෙතන දී මේ හිතේ තියෙන මම කියන ගතිය පවතින්න, පවතින්න මේ කය පේන්නෙ මම වගේමයි. යම් වෙලාවක මේ හිතේ තියෙන මම කියන ගතිය අස්මි මානය මම කියන හැඟීම ගෙවුනොත් ටික ටික ඉබේම පෙනෙයි මේක නිකම්ම නිකම් රූප මාත‍්‍රයක් විතරයි කියලා. දැන් ප‍්‍රශ්නයක් තියෙනවා. ‘තජ්ජං තජ්ජං අත්තභාවං’ - මෙහෙ යමකට කැමති වෙන්න කැමති වෙන්න මේ පුද්ගලයයි හැදෙන්නෙ මෙහේ. ඕකට හොඳ කතාවක් තියෙනවා.
මේ උත්පත්ති හරි පුදුම උත්පත්ති තියෙන්නෙ. ඔය සමහර ආත්මභාව තියෙනවා රළු, නරක, සැඩ, පරුෂ, වචනයන්ට හරි කැමතියි. දැන් ඕගොල්ලො කවුරුවත් කැමති ද බනිනවට. නෑ. සමහර ආත්මභාව තියෙනවා එයාගෙ පැවැත්ම වෙන්නෙ මොකක්ද? තරහව ඇතිවෙන විදියෙ වචන ඇහෙනවා නම් ඒක තමයි එයාගෙ ජීවිතේ. එයිට වඩා දෙයක් නෑ. ඕකට කියනවා ක්‍රෝධ භක්ෂ සත්වයෝ කියලා. ක්‍රෝධය භක්ෂණය කරනවා. ක්‍රෝධය ආහාර වශයෙන් ගන්න සත්වයෝ. එක්තරා දවසක් තව්තිසා දිව්‍ය ලෝකෙදි මේ ක්‍රෝධ භක්ෂ යක්ෂයෙක් ගිහිල්ලා ශක‍්‍රයගෙ පාණ්ඩු කම්බල ශෛලාසනේ ඉඳගන්නවා. ප`ඩුපුල් ආසනේ ඉඳගෙන දැන් ඉන්නවා. ශක‍්‍රයා ඇවිල්ලා ඉඳගන්න බලනකොට මේ යකෙක් ඉඳගෙන. බනින්න ගත්තා . ‘‘නීචයා, දුෂ්ඨයා, උඹ පලයන් ඔතනින්. උඹට අයිති නෑ ඕක මගේ’’ කියලා බණින්න බණින්න මේ යක්ෂයා ලස්සණ වෙලා, වණ_වත් වෙලා බබල බබල ඉන්නවා හොඳට. දැන් ආසනෙන් එකයි එන්න එන්න. බණින්න බණින්න ලස්සණයි බණින්න බණින්න ලස්සණයි. මොකද එයාගෙ ආහාරය ක්‍රෝධය. දැන් එයාට ආහාර. ක්‍රෝධය නැති වෙලාවට ආහාර නැ. ශරීරයට ආහාර නෑ. ඉතින් මේ ක්‍රෝධ භක්ෂ යක්ෂයා මොකද කරන්නෙ ක්‍රෝධය ලැබෙන්න ලැබෙන්න ලස්සන වෙලා වණ_වත් වෙලා එනවා හොඳට. දැන් ඉතින් තවත් බලවත්. ශක‍්‍රයා දැනගත්තා මේ ක්‍රෝධ භක්ෂ ආහාරය. මෙයාට නම් මෙහෙම හරියන්නෙ නෑ. අනික් අතට කිවුවා. ‘‘අනේ ඔයා හරීම හොඳයි. බොහෝම වටිනවා ඔහොමම ඉන්න’’ කියලා ගුණ කියන්න ගත්තහම එන්න එන්න ටික ටික දුර්වර්ණ
වෙලා මිරිකිලා පැනලම දිවුවා. ඒ වගේ ක්‍රෝධ භක්ෂ යක්ෂයා වණ_වත් වෙන්නෙ, හොඳට බබලන්නෙ, හොඳට සප‍්‍රාණිකව ඉන්නෙ එයාට ආහාර වෙච්ච වචන ඇහෙනකොටනෙ. ඒ වගේ මේ කාමයන්ගෙ තියෙන විපාකෙ තමයි මෙහෙ බලාගෙන යමක් කැමති වෙනකොට අර, ක්‍රෝධ භක්ෂ සත්වයා වගේ මෙහෙ හොඳට මම කියන හැඟීම පුෂ්ඨිමත් වෙලා, ලස්සන වෙලා , හැඩ වැඩ දාලා මේ මම හොඳට පය ගහලා ඉන්නවා. ශබ්දෙට මෙහෙ කැමති වෙනකොට මෙහෙ මාව තමයි හැදෙන්නෙ. ගන්ධෙට කැමති වෙනකොට මෙහෙ මාව තමයි හැදෙන්නෙ. මම හොඳට නිරුපද්‍රිතව තමන්ට තමන් ඉන්නවා කියලා. මම ඉන්නවා කියලා හිතන විදියට මේ මාව ඉන්නෙ, කුමක් නිසා ද මෙහෙට කැමති වෙන නිසා.
‘යං කාමය මානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බන්ති’ යමක් කැමති වෙයි නම් එයින් එයින් උපදනා වූ ආත්මභාවය දත යුතුයි. මෙහෙ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතෙන විදියට මේ පුද්ගලයා හොඳට අලූත් වෙලා, ලස්සන වෙලා, හොඳට හැදිලා අපිට මේ මාව සිිහි කරගන්න පුළුවන් විදියට මගේ ඇහැ, මගේ කණ, මගේ දුව, මගේ පුතා කියලා හිතන්න පුළුවන් විදියෙ මම හැදෙන්නෙ කොහොමද, එයා පවතිනේ කොහොමද මේ කාමයෙ විපාකෙ තමයි මාව හදන එක. ආත්ම භාවය හදන එක. තමන් ජීවත් වෙන්නෙ, තමන් හැදෙන්නෙ මේ කාමය නිසයි. බැරිවෙලාවත් අර ක්‍රෝධ භක්ෂ යක්ෂයට ගුණ කියන්න එහෙම ගත්තොත්, මෙහෙට කැමති වෙන්නෙ නැතුව ඕක අනික් පැත්තට එහෙම හිතන්න ගත්තොත් මෙයාට තමයි ඉන්න බැරි වෙන්නේ. මෙයා එන්න එන්න පොඩි වෙලා හීන් වෙලා දුර්වර්ණ වෙලා නැති වෙලා යනවා. දැන් රහත් වෙනකොට කියන්නෙ මානය නැතිවෙනවා අස්මි මානය නැතිවෙනවා කියලා ඒ වගේ.
දැන් මෙහේ කාමය ඇසුරු කරනතාක් ඒකෙ විපාකෙ කියන්නෙ මොකක් ද හොඳට පුද්ගලයයි ඉන්නෙ. ඉතින් හොඳට දැනගන්න ඕනෙ මේ කය මම වගේ පෙනෙන්නෙ කය මම හින්දා නම් නෙමෙයි. කය මම කියලා පේන්නෙ මොකක් හින්දද? මම කියන හැඟීම. මෙහේට කැමති වෙච්ච නිසා හිතේ මම කියන හැඟීම හොඳට පෝෂණය වෙලා තියෙනවා ඒ හිත බැසගෙන තියෙන්නෙ කයේ ඒ නිසා කය මම වගේ. ඔන්න ඕක තමයි කාමයෙ විපාකය. කාමය ඇසුරු කළොත් කැමති
වුනොත් හැදෙන්නෙ කවුද? මම. එතකොට මෙහේ මම හැදුනොත් මොකද වෙන්නෙ. තජ්ජං තජ්ජං අත්තභාවං ඒ ඒ කරුණින් ආත්ම භාවය උපදිනවා. ඒ ආත්ම භාවය කුසල හෝ අකුසල සහගතයි. ඒ තමයි සම්පරායික වශයෙන් මරණින් පස්සෙ කුසල කරගත්ත මම. අකුසල කරගත්ත මම. නැත්නම් පුද්ගලයට අනුව යන්න පුළුවන් එහා පැත්තට.
දැන් කීයක් කිවවුද? කාමය කිවුවා. කාමයන්ගේ ඇතිවීම කිවුවා. කාමයන්ගෙ වෙනස් බව කිවුවා. කාමයන්ගෙ විපාක කිවුවා. දැන් කියන්න තියෙන්නෙ මොකක් ද ‘කාම නිරෝධෝ වේදිතබ්බො’ කාම නිරුද්ධ කරන්න ඕන. කොහොමද කාම නිරෝධ වෙන්නෙ. ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධයි. ස්පර්ශය නිරුද්ධ වෙන විදියට දැන් කටයුතු කරන්න ඕන. කොහොමද ස්පර්ශය නිරුද්ධ වෙන්නෙ. රූපාරම්මණය. ඇහැ නොබි`දුනා. ඇහැ තියෙනවා. බාහිර රූපයත් ඇස් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි නොකළොත්. ඊට අනුරූපව කිවුවෙ කුමකට අනුරූපව ද? පේන රූපයට අනුව මෙනෙහි නොකළොත්. චක්ඛු විඥානයාගේ පහළවීමක් නෑ. පිහිටුවීමක් නෑ. එතකොට ස්පර්ශය යන පැනවීමක් පනවන්නෙ නෑ. කණත් තියෙනවා. ශබ්දයත් තමන් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. ඊට අනුරූපව කිවුවෙ මොකේටද? ශබ්දයට අනුව තමන් හිත මෙහෙය වන්නෙ නෑ. එහෙම වුනොත් සෝත විඥානය උපදින්නෙ නෑ. එහෙම වුනොත් ස්පර්ශය යන මේ පැනවීම නෑ. ස්පර්ශය නෑ කියලා කියන්නෙ මොකක්ද? කාමය යන පැනවීම නෑ. කාමය නිරුද්ධයි.
නාසයත් නොබි`දුනා, ගන්ධයත් එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එහෙම වුනොත් විඥානය පිහිටන්නෙ නෑ. ස්පර්ශය නෑ.
දිවත් තියෙනවා. රසත් දිව හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ විඥානය පහළ වෙන්නෙ නෑ. එතකොට කියනවා ජීවිහා ස්පර්ශය නෑ. ස්පර්ශය යන පැනවීම නෑ. කය තියෙනවා පොට්ඨබ්බයත් කය හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ, ඊට අනුරූප වූ විඥානය පිහිටන්නෙ නෑ. එහෙම වුනොත්, ස්පර්ශය යන පැනවීම නෑ. මෙන්න මේ ස්පර්ශය නිරෝධයෙන්, කාම නිරෝධයි කියලා කියනවා.
දැන් ඇහැ තියෙනවා. රූපය ඇස් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නැත්නම් අපි කොහොමද මෙනෙහි කරන්නෙ. එහෙනම් ඇහැ පරිහරණය කරන කොට අපි කොහොමද පරිහරණය කරන්නෙ. අන්න ඒ උත්තරය ලැබෙනවා අපිට. කාම නිරෝධ ගාමිණී පටිපදාවෙන්. දැන් කාම නිරෝධය පෙන්නුවා මොකක්ද? ස්පර්ශය නිරෝධයෙන් කාම නිරෝධය වෙනවා. ස්පර්ශ නිරෝධයට පෙන්නුවා. ඇහැ තිබුනත්, රූපය තිබුනත්, ඊට අනුරූපව මෙනෙහි නොකළොත් ඊට අනුරූපව කියන කොට, රූපයට අනුව මෙනෙහි නොකළොත් චක්ඛු විඥානය පිහිටන්නෙ නෑ. එහෙම වුනොත් ස්පර්ශය යන පැනවීම නෑ. ඕක හොඳට පෙන්නනවා මහා හත්ථී පදෝපම සූත‍්‍රය වගේ සූත‍්‍රයක. ඊට අනුරූපව මෙනෙහි කිරීම නිසයි විඥානයාගේ පහළ වීම. ඊට අනුරූපව මෙනෙහි නොකළොත් විඥානය පිහිටන්නෙ නෑ කියන එක. ඒකත් බලාගන්න ඕන නම් මජ්ක්‍ධිම නිකායෙ මහා හත්ථී පදෝපම සූත‍්‍රයේ.
ඊට පස්සෙ දැන් ‘අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො කාම නිරෝධ ගාමිණී පටිපදා’. මේ ආර්ය අෂ්ටාංගික මාග_යම කාමය නිරුද්ධ කරන ප‍්‍රතිපදාවයි. මොකක් ද? දැන් ආර්ය අෂ්ටාංගික මාග_ය කියලා කියන්නෙ කාමය නිරුද්ධ කරන ප‍්‍රතිපදාව.
ඒ කියන්නෙ, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තහම සම්මා දිට්ඨි, සමමා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග අටෙන් සංකප්ප.. සමාධි කියන අංග හත උපදිනවා සම්මා දිට්ඨියට අනුව. සම්මා දිට්ඨිය නිවැරදි දැකීම. සම්මා දිට්ඨිය හරියට තිබුනොත් වෙලා තියෙන්න ඕන මොකක්ද කාමය නිරුද්ධ වෙලා තියෙන්න ඕන. කාම නිරෝධ ගාමීණී පටිපදාව නේ මේ. මේ කාම නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව වඩනකොට නිරුද්ධ වෙලා තියෙන්න ඕන. මොකක්ද? කාමය. කාම නිරෝධ ගාමිණී පටිපදාව වඩනකොට කාමය නිරුද්ධ වෙනවා කියන්නෙ කොහොමද? ස්පර්ශයයි නැතිවෙලා තියෙන්නෙ. ස්පර්ශය නැතිවීමෙන් කාමය නැතිවෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාග_ය වඩනකොට ස්පර්ශය නැතිවෙන්න ඕන. ස්පර්ශය නැතිවෙන විදියටයි වෙන්න ඕන. ඇයි ඒ? ස්පර්ශය නිරෝධයෙන්නෙ කාම නිරුද්ධ වෙන්නෙ. එහෙනම් කාම නිරුද්ධ කරන ප‍්‍රතිපදාවෙන් ස්පර්ශය තියාගෙන කාමය නිරුද්ධ කරන්න පුළුවන්ද? බෑ.
මේ ප‍්‍රතිපදාව වඩනකොට නැතිවෙන්න ඕන මොකක්ද? ස්පර්ශය. ස්පර්ශය නැතිවීමෙන් කාමය නැතිවෙනවා. එහෙනම් ස්පර්ශය නැතිවෙන්න නම් අපි කිවුවා ඇහැ තියෙනවා. රූපය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා කියන එක නෑ. එතකොටයි විඥානය පිහිටන්නෙ නැත්තෙ. එතකොටයි ස්පර්ශය නැත්තෙ.
එහෙනම් සම්මා දිට්ඨිය කියන එකෙන් ලැබෙන්නෙ මොකක් ද? ඇහැ තියෙනවා රූපය තියෙනවා ඊට අනුරූපව මෙනෙහි නොකරන්නෙ කොහොම ද කියන එක තමයි සම්මා දිට්ඨියෙන් පෙන්නන්නෙ. තේරෙනවා නේද? ඔන්න ඕකට තමයි මං වෙනදත් කියන්නෙ ඇහැ තියෙනවා. රූපය ඇස් හමුවට එනවා. රූපයට අනුව මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරන්න, මෙතන යථා භූත ස්වභාවය. මොකක්ද? මේ පෙනෙන දේ අනිකක්. පවතින දේ අනිකක්. මෙහෙම පෙනුනට පවතින්නෙ මෙහෙම නේද කියලා යථා භූත ස්වභාවය අරමුණු කරන්න. එතකොට පේන දේට අනුරූප වූ විඥානයක් පිහිටන්නෙ නෑ. පවතින දේට අනුරූප වූ විඥානය පිහිටනවා. එතකොට ස්පර්ශයයි යන ගණයට යන්නෙ නෑ. අර මං කිවුවෙ දැන් ඇහැ තියෙනවා. අපිට වැලි ගොඩක් වගේ පේනවා. වැලි ගොඩක් දකිනවා කියන තැනකින් අපිට හිත පහල වෙනවා. දැන් අපි කරන්නේ මෙහෙමයි. ඇහැත් නොබි`දුනා. රූපයත් ඇස් හමුවට ආවා. දැන් වැලි ගොඩකුත් පේනවා. පේන දේට අනුව මෙනෙහි කරන්නෙ නෑ. වැලි ගොඩක් බලන්නෙ නෑ. නුවණින් මෙනෙහි කරනවා. මෙහෙම පෙනෙන තැනක තියෙන්නෙ වැලි කැට නේද පෙනෙන දේට ඔබ්බෙන් බලනවා. එතකොට අපිට නුවණ එනවා මොකක්ද පවතින ස්වභාවය වැලි කැට. පෙනෙන්නෙ අපේ මනසට නේද කියන එක එනවා අපිට.
ඇහැ නොබි`දුනා, ජලය වගේ පේන රූපයක් අපේ ඇස් හමුවට ඇවිල්ලා. දැන් අපි පේන දේට අනුව මෙනෙහි කරන්නෙ නෑ. මෙහෙම පෙනෙන තැනක පවතින්නෙ මිරිඟුව නේද කියලා. මිරිඟුව අරමුනු කරනවා. එතකොට හොඳට පේනවා පවතින්නේ මිරිඟුව. ජලය වගේ පේන්නෙ අපිට නේද. පේන දේ බාහිර තියෙන විදියට හිතන්නෙ නෑ. පේන දේට ඔබ්බෙන් යථාර්ථය හිතුවහම, අද අපිට බාහිරේ වෙලා පෙනෙන දේ අපේ ජීවිතේ වෙන දවසක් තියෙනවා. තිරිසන්ගත සතාට මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා නම්, තිරිසන්ගත සතාට බාහිරේ වෙලා පෙනෙනවා නම්, ඒ පේන දේට හිතන්නෙ නැතුව පේන
දේට ඔබ්බෙන් හිතපු නිසා, තිරිසන්ගත සතාට පේන මට්ටම අපිට මනස වෙලා පේනවා. නේද? ඒ වගේ. අපි පේන දේට හිතලා මෙහෙම දකින ලෝකයක් තුල, මෙහෙම පෙනෙද්දී පෙනෙන දේට ඔබ්බෙන් අපි බැලූවොත්, අද ලෝකයාට පෙනෙන මට්ටම අපිට අපේ මනස වෙයි. අද අපිට ඇත්ත වෙලා පෙනෙන මට්ටම, අද අපිට බාහිර වෙලා පෙනෙන මට්ටම අපේ මනස වෙන දවසක් එනවා. අන්න එහෙම වුනොත් ඕගොල්ලන්ට බාහිර මෙහෙන් වි`දින්න වස්තු කාමයක් හම්බවෙන්නෙ නෑ. වස්තු කාමෙන් මිදෙනවා.
ඒ කියන්නෙ තිරිසන්ගත සතාට වස්තුකාමය කියලා කියන්නෙ වතුර. මිරිඟුව දකිනකොට වතුර පේනවනේ. තිරිසන්ගත සතාට වස්තු කාමය මොකක්ද? වතුර. ක්ලේශ කාමය මොකක් ද? ඒ වතුරට තියෙන
තණ්හාව. දැන් එයාට බාහිරින් වස්තුවක් හම්බ නොවුනා නම්, වතුර හම්බනොවුනා නම් තණ්හාව ඇතිවෙයිද? නෑ. ඔන්න එයා වස්තු කාම ක්ලේශ කාමයෙන් යුක්තයි. දැන් ඒ අරමුණේදී අපි දකිනවා ඇස් හමුවට ඒ තිරිසන්ගත සතාට පේන අරමුණ ම එනවා. අපි ඒ තිරිසන්ගත සතා දකින විදියට පෙනෙන දේට අනුව හිතන්නේ නෑ. පෙනෙන දේට අනුව, හිතන්නෙ නෑ. අපි හිතනවා පෙනන දේට ඔබ්බෙන් පවතින ඇත්ත. මේ ඇහැ තියෙනවා මේ ඇහැට මෙහෙම පෙනුනට තියෙන්නෙ මිරිඟුව නේද කියලා හිතන කොට තිරිසන්ගත සතාට වස්තු කාමය වෙච්ච බාහිරින් පෙනුන ජලය කියන එක අපිට පේන්නෙ මොන විදියට ද? මිරිඟුව තියෙන තැන ජලය වගේනෙ පේන්නෙ. තිරිසන්ගත සතාට හිතෙන්නෙ පේන දේම බාහිරයි කියලනේ. වස්තු කාමයනෙ ඒ.
තිරිසන්ගත සතාට පේන දේ බාහිරයි කියලා වස්තු කාමය කියලා පෙනුන ටික අපිට පේන්නේ කොහොමද? මනස හැටියට නෙමෙයි ද අපිට පේන්නෙ. ඒ කියන්නේ මිරිඟුව නම් පේන දේ. මනසයි කියලයි අපිට පේන්නෙ. තේරුණාද කියන එක. දැන් වස්තු කාමය හැටියට තිරිසන්ගත සතාට හම්බවෙන්නෙ මොකක් ද? වතුර. ඒක කොහෙන්ද හම්බවුනේ. ආධ්‍යාත්මික ද බාහිර ද? බාහිර. ඒකට හේතුව මොකක් ද? වතුරට අනුව මෙනෙහි කෙරුවා මිසක තියෙන්නේ මිරිඟුව යථා ස්වභාවය මෙනෙහි නොකර, පෙනෙන දේට අනුව මෙනෙහි කළ නිසා පෙනෙන දේ බාහිරින් එයාට හම්බවුනා. තේරුණා ද ඊට පස්සෙ ඒ අරබයා තියෙන තණ්හාව වුනා එයාට. මොකක් ද ක්ලේශ කාමය. දැන් බාහිරෙන් වතුර පෙනෙන බව දකින්න වස්තු කාමය. ඔන්න වස්තු
තණ්හාව. දැන් එයාට බාහිරින් වස්තුවක් හම්බ නොවුනා නම්, වතුර හම්බනොවුනා නම් තණ්හාව ඇතිවෙයිද? නෑ. ඔන්න එයා වස්තු කාම ක්ලේශ කාමයෙන් යුක්තයි. දැන් ඒ අරමුණේදී අපි දකිනවා ඇස් හමුවට ඒ තිරිසන්ගත සතාට පේන අරමුණ ම එනවා. අපි ඒ තිරිසන්ගත සතා දකින විදියට පෙනෙන දේට අනුව හිතන්නේ නෑ. පෙනෙන දේට අනුව, හිතන්නෙ නෑ. අපි හිතනවා පෙනන දේට ඔබ්බෙන් පවතින ඇත්ත. මේ ඇහැ තියෙනවා මේ ඇහැට මෙහෙම පෙනුනට තියෙන්නෙ මිරිඟුව නේද කියලා හිතන කොට තිරිසන්ගත සතාට වස්තු කාමය වෙච්ච බාහිරින් පෙනුන ජලය කියන එක අපිට පේන්නෙ මොන විදියට ද? මිරිඟුව තියෙන තැන ජලය වගේනෙ පේන්නෙ. තිරිසන්ගත සතාට හිතෙන්නෙ පේන දේම බාහිරයි කියලනේ. වස්තු කාමයනෙ ඒ.
තිරිසන්ගත සතාට පේන දේ බාහිරයි කියලා වස්තු කාමය කියලා පෙනුන ටික අපිට පේන්නේ කොහොමද? මනස හැටියට නෙමෙයි ද අපිට පේන්නෙ. ඒ කියන්නේ මිරිඟුව නම් පේන දේ. මනසයි කියලයි අපිට පේන්නෙ. තේරුණාද කියන එක. දැන් වස්තු කාමය හැටියට තිරිසන්ගත සතාට හම්බවෙන්නෙ මොකක් ද? වතුර. ඒක කොහෙන්ද හම්බවුනේ. ආධ්‍යාත්මික ද බාහිර ද? බාහිර. ඒකට හේතුව මොකක් ද? වතුරට අනුව මෙනෙහි කෙරුවා මිසක තියෙන්නේ මිරිඟුව යථා ස්වභාවය මෙනෙහි නොකර, පෙනෙන දේට අනුව මෙනෙහි කළ නිසා පෙනෙන දේ බාහිරින් එයාට හම්බවුනා. තේරුණා ද ඊට පස්සෙ ඒ අරබයා තියෙන තණ්හාව වුනා එයාට. මොකක් ද ක්ලේශ කාමය. දැන් බාහිරෙන් වතුර පෙනෙන බව දකින්න වස්තු කාමය. ඔන්න වස්තු
කාමය කියන කොට ඒක හිතේ පැත්තෙන් හම්බ වුනොත් වස්තුවක් සැප දුක් වි`දින්න බෑ. බාහිරින්මයි එයාට හම්බ වෙන්නෙ. තේරෙනවද? බාහිරෙන් වතුර වලක් එයාට හම්බ වුනානෙ. හම්බවුනා. එතකොට ඒ අරබයා රාගයක් තණ්හාවක් ආශාවක් තියෙනවා නම් මේක කෙලේසය. දැන් ඒ වස්තු කාම ක්ලේශ කාමය කියන දෙක. දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා වස්තු කාමය හදාගත්තෙත් මෙයාමයි. සංකප්පො කාමො, රාගො කාමො කියලා. මිරිඟුව නිසා ජලය වගේ පෙනුනෙ. මේක ලෝකෙ චිත‍්‍ර, චිත‍්‍ර කාමය නෙවෙයි. මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා කියන එක ධර්මතාවයක්. දැන් පෙනෙන දේට අනුව මෙනෙහි කරලා, අනුව හිතලා මෙයා නෙමෙයිද ජලය කියලා එකක් බාහිරින් හදාගත්තෙ. ඔය වස්තු කාමය එයා නෙමෙයිද හදාගත්තෙ. දැන් එයාම හදාගෙන එයාම හදාගත්ත එකට එයාම ඇලිලා නෙමෙයිද? දැන් වස්තු කාමයයි, ක්ලේශ කාමයි දෙකම එයාගෙ සංකල්පයෙන් එයාගෙ රාගය නිසා හැදිලා මිසක, යථාර්ථ වශයෙන් තිබුණ ද?
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!