11/9/15

“ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පවත්නා මහා පුරුෂ ලක්ෂණ අනුව පිහිටියා වූ, සම්බුද්ධ ශරීරයෙක පමණක් ප්‍රකට වන්නා වූ අනුව්‍යංඤ්ජන ලක්ෂණයෝ අසූව.


“ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පවත්නා මහා පුරුෂ ලක්ෂණ අනුව පිහිටියා වූ, සම්බුද්ධ ශරීරයෙක පමණක් ප්‍රකට වන්නා වූ අනුව්‍යංඤ්ජන ලක්ෂණයෝ ම අසූවෙ කි. එමැ අසූ අනුව්‍යංඤ්ජන ලක්ෂණයෝ කවරේද යත්, හේ මෙසේ දත යුතු :-
1. තථාගතයන් වහන්සේහට මනහර පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
2. තථාගතයන් වහන්සේහට අන්යෝඤන්යප ප්‍රමාණයෙන් සම වූ පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
3. තථාගතයන් වහන්සේහට මනාව වට වූ, නාලාකාර පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
4. තථාගතයන් වහන්සේහට තඹ පැහැ නිය දරන පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
5. තථාගතයන් වහන්සේහට යම් තම් උඩු අග් බලා සිටින නිය අගින් යුක්ත පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
6. තථාගතයන් වහන්සේහට ඔපවත් මෘදු වූ, වට වූ නිය සහ නිය අගින් යුක්ත පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
7. තථාගතයන් වහන්සේහට මනාව වට වූද, උස් වූද ගොප් ඇට (දෙපා වළලුකර අස්ථි) ඇත්තේ ය.
8. තථාගතයන් වහන්සේහට සම වූ පාද සහ පා පතුල් තල ඇත්තේ ය.
9. තථාගතයන් වහන්සේහට ගජේන්ද්රදයෙකු (හස්ති රජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.
10. තථාගතයන් වහන්සේහට මෘගේන්ද්ර යෙකු (සිංහ රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.
11. තථාගතයන් වහන්සේහට සරාසරේන්ද්රකයෙකු (හංස රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.
12. තථාගතයන් වහන්සේහට උසභේන්ද්ර යෙකු (වෘෂභ රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.
13. තථාගතයන් වහන්සේහට වඩිනා කල්හි, සැම විට මැ දකුණු ශ්රීෙ පාදය පෙරට තබා වඩිනා ගමන් විලාස ඇත්තේ ය.
14. තථාගතයන් වහන්සේහට පිටතට නො නෙරූ උස් වූ දනහිස් අස්ථීන් ඇත්තේ ය.
15. තථාගතයන් වහන්සේහට කෝෂයට වැදහෙව සිටි පරිපූර්ණ පුරුෂ ව්යහඤ්ජනයක් (පුරුෂ නිමිත්තක්) ඇත්තේ ය.
16. තථාගතයන් වහන්සේහට කැළැල් නැත්තා වූද, පළුදු නැත්තා වූද නාභියක් ඇත්තේ ය.
17. තථාගතයන් වහන්සේහට ඉතා උස් ද නො වූ, ඉතා ගැඹුරු ද නො වූ, පිටතට නො නෙරූ උදරයක් ඇත්තේ ය.
18. තථාගතයන් වහන්සේහට දක්ෂිණා වෘත්තව පිහිටි නාභියක් ඇත්තේ ය.
19. තථාගතයන් වහන්සේහට නාඹර රඹ (කෙසෙල්) කඳන් යුගලක් වන් ඌරු යුග්මයක් (දෙ කලවා) ඇත්තේ ය.
20. තථාගතයන් වහන්සේහට ඇත් සොඬ වන් මනාව වට වූ, මනහර බාහු යුග්මයක් (දෙ අත්) ඇත්තේ ය.
21. තථාගතයන් වහන්සේහට රත් පැහැ (රෝස පැහැ) අතුල් තල සහ පතුල් තල ඇත්තේ ය.
22. තථාගතයන් වහන්සේහට අවශ්ය ය තන්හි ඝන වූද, අවශ්යතය තන්හි සියුම් වූද, මෘදු මොළොක් සම සහ සම් සිවිය ඇත්තේ ය.
23. තථාගතයන් වහන්සේහට රැළි නො වැටුණු සම ඇත්තේ ය.
24. තථාගතයන් වහන්සේහට පැල්ලම්, බිබිලි, ගඩු, ගෙඩි සහ ඉදිමුම් රහිත වූ සම ඇත්තේ ය.
25. තථාගතයන් වහන්සේහට සියළු තන්හි කැළැල් රහිත වූ සම ඇත්තේ ය.
26. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රන වූ, කුණු දූලි රහිත වූ, කුණු දූලි නො රඳනා සම සහිත දේහයක් ඇත්තේ ය.
27. තථාගතයන් වහන්සේහට හස්තීන් (ඇතුන්) කෝටි දහසකගේ (10 000 000 000) කාය බල ඇත්තේ ය. එ බැවින් සර්ව්ඥයන් වහන්සේ දසබල නම්වන සේක.
28. තථාගතයන් වහන්සේහට අගින් මදක් උඩු බලා සිටි උත්තුංග නාසිකාවෙක් (නාසයක්) ඇත්තේ ය.
29. තථාගතයන් වහන්සේහට ඉතා දිගු ද නො වූ, ඉතා කෙටි ද නො වූ, වඩා තර ද නො වූ, වඩා සිහින් ද නො වූ මනාව සමානුපාතව පිහිටි නාසිකාවෙක් (නාසයක්) ඇත්තේ ය.
30. තථාගතයන් වහන්සේහට ඉතා දිගු ද නො වූ, ඉතා කෙටි ද නො වූ, වඩා තර ද නො වූ, වඩා සිහින් ද නො වූ, අන්යෝ න්යි ප්රාමාණයෙන් සම වූ මනාව පිහිටි රත් පැහැ (රෝස පැහැ) තොල් සඟලක් ඇත්තේ ය.
31. තථාගතයන් වහන්සේහට දුර්වර්ණ නො වූ (පැල්ලම් රහිත වූ), ඵලක රහිත පවිත්රද දන්ත පංක්තියක් ඇත්තේ ය.
32. තථාගතයන් වහන්සේහට ඔප දැමූ ශංඛ පෘෂ්ඨයක් (හක් බෙල්ලෙකුගේ කටුවක් ) වැනි වූද, දිගු දන්තයන්ගෙන් හෙබියා වූද ශුභ්රන වර්ණ (සුදු පැහැ) දන්ත පංක්තියක් ඇත්තේ ය.
33. තථාගතයන් වහන්සේහට ඔපවත් වූද, මෘදු වූද දන්ත පංක්තියක් ඇත්තේ ය.
34. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රර වූ මනාව පිහිටි පසිඳුරන් (පංචේන්ද්රිංය) ඇත්තේ ය.
35. තථාගතයන් වහන්සේහට මනාව වට වූ, වටකුරු පළිඟුවන් දළදා (රදනක දත්) සතරෙක් ඇත්තේ ය.
36. තථාගතයන් වහන්සේහට දිගු වූ, මනහර මුව මඬලක් (මුහුණක්) ඇත්තේ ය.
37. තථාගතයන් වහන්සේහට පරිපූර්ණව පිරුණු, කාන්තිමත් කොපුල් සඟලක් (දෙ කම්මුල්) පිහිටා ඇත්තේ ය.
38. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත ගැඹුරුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.
39. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත දිගුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.
40. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත ඇද සහ පැලුම් රහිත වැ සෘජුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.
41. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත විහිදුණු රත් පැහැ (රෝස පැහැ) හස්ත රේඛා ඇත්තේ ය.
42. තථාගතයන් වහන්සේහට ස්ව ශරීරයෙන් නිති බඹයක් (සතර රියනක් නොහොත් අඩි සයක්) තරම් දුර විහිදෙන ජෝතිමත් වූ රශ්මි මණ්ඩලයෙක් (බ්යාසමප්රඩභාවෙක්) ඇත්තේ ය.
43. තථාගතයන් වහන්සේහට මෘදු වූද, මොළොක් වූද සම්පූර්ණව වටකුරුව පිහිටි කොපුල් සඟලක් (දෙ කම්මුල්) ඇත්තේ ය.
44. තථාගතයන් වහන්සේහට අන්යෝවන්ය් ප්රදමාණයෙන් සම වූද, නේත්ර් මණ්ඩ (ඇස්) නො ඉක්ම වන්නා වූද මනහර ඇස්පිය ඇත්තේ ය.
45. තථාගතයන් වහන්සේහට නො කැළැල් වූ දෘෂ්ටිග්රාොස ය කරන අක්ෂි ස්නායු පසක් ඇත්තේ ය.
46. තථාගතයන් වහන්සේහට අගින් නො නැමුණු, එහෙත් උඩු අග් බලා සිටින කුණ්ඩලාකාර අඳුන්වන් ශරීර ලෝම ඇත්තේ ය.
47. තථාගතයන් වහන්සේහට මනාව පිහිටි වටකුරු ජීහ්වයෙක් (දිවක්) ඇත්තේ ය.
48. තථාගතයන් වහන්සේහට මොළොක් වූ සුරක්ත ජීහ්වයෙක් (දිවක්) ඇත්තේ ය.
49. තථාගතයන් වහන්සේහට පද්මයක පිහිටි ශේඛරපත්ර්වන් (පෙති) ලඹසවන් (දෙසවන්) ඇත්තේ ය.
50. තථාගතයන් වහන්සේහට මනාව සුපිහිටි වටකුරු කර්ණ ජිද්රව (දෙසවන් සිදුරු) ඇත්තේ ය.
51. තථාගතයන් වහන්සේහට අන්යෝකන්යිව නො බැඳුණු, අන්යෝඹන්ය්ව නො ඇලුණු කණ්ඩරා (බලනහර ) සහ බලසේතු පිහිටා ඇත්තේ ය.
52. තථාගතයන් වහන්සේහට ශරීර මංශ පේශී සමැඟින් ගැඹුරින් මොනව ට බැඳුණා වූ කණ්ඩරා (බලනහර ) සහ බලසේතු පිහිටා ඇත්තේ ය.
53. තථාගතයන් වහන්සේහට මෞලියෙක්වන් (වොටුන්නක්වන්) ශිරෝධාතුවෙක් ඇත්තේ ය.
54. තථාගතයන් වහන්සේහට දිගින් ද පුළුලින් ද සම සම වැ පිහිටි මනහර නළල්පටක්වන් ලලාටයෙක් (නළලක්) ඇත්තේ ය.
55. තථාගතයන් වහන්සේහට වටකුරු ව පිහිටි ලලාටයෙක් (නළලක්) ඇත්තේ ය.
56. තථාගතයන් වහන්සේහට දුන් දණ්ඩෙකවන් හැඩ ඇති ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
57. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද, මුදු වූද ලෝම සහිත ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
58. තථාගතයන් වහන්සේහට අන්යෝ්න්ය ව නේත්ර මණ්ඩල (ඇස්) හා සමව ද, සමාන්තරව ද පිහිටි ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
59. තථාගතයන් වහන්සේහට විශාල වූද, මනහර වූද ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
60. තථාගතයන් වහන්සේහට නේත්රත මණ්ඩල (ඇස්) නො ඉක්ම වන්නා වූද, නේත්ර මණ්ඩල කෙළවර කොට ඇත්තාවූ ද මනහර ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
61. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද, මොළොක් වූද සමෙන් සහ සම් සිවියෙන් ආවාරිත දේහයක් ඇත්තේ ය.
62. තථාගතයන් වහන්සේහට මංගල ලක්ෂණයන්ගෙන් විසිතුරු වූ විපුල බවට පැමිණි පරිපූර්ණ දේහයෙක් ඇත්තේ ය.
63. තථාගතයන් වහන්සේහට ජෝතිමත් දේහයෙක් ඇත්තේ ය.
64. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රක වූ පියුමෙක්වන් අතිශයින් පවිත්රර වූ දේහයෙක් (සමෙන් සහ සම් සිවියෙන් යුක්ත දේහයෙක්) ඇත්තේ ය.
65. තථාගතයන් වහන්සේහට ක්ෂණික වැ ඵොට්ඨබ්බාග්රාේස ය කරන (ස්පර්ශග්රා ස ය කරන) සමෙන් සහ සම් සිවියෙන් යුක්ත දේහයෙක් ඇත්තේ ය
66. තථාගතයන් වහන්සේහට නිති චන්දන (සඳුන්) සුගන්ධය හමන, චන්දන සුගන්ධය වහනයවන, චන්දන සුගන්ධයෙන් ඔපවත් වූ සඳුන් මංජුසාවක්වන් (සඳුන් කරඬුවක්වන්) දේහයෙක් ඇත්තේ ය.
67. තථාගතයන් වහන්සේහට අන්යෝඳන්යබ ප්ර මාණයෙන් සම වූ, එනම් දිගින් ඔවුනොවුන් ඉක්ම වා නො යන සම වූ ශරීර ලෝම ඇත්තේ ය.
68. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද ශරීර ලෝම ඇත්තේ ය.
69. තථාගතයන් වහන්සේහට සියුම් වූ සුකුමොළ වැ චලනය වන්නා වූ මෘදු ශ්වාස ධාරාවෝ (අශ්වාස ප්රදශ්වාසයෝ) ඇත්තේ ය.
70. තථාගතයන් වහන්සේහට සැමැ විටම මුව මඬල සරසන සිත (මඳ සිනහ) ඇත්තේ ය. (සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුව මඬල සරසන මඳ සිනහව “සිත” නමින් හැඳින්වෙන්නේ ය. එමැ සිත සිනහව සෝමනස්ස සහගත හසිතුප්පාද කිරිය චිත්තය මුල් වැ හට ගන්නේ ය. කිරිය සිත් බුද්ධ ප්ර ත්යේ ක බුද්ධ අරහන්තයන උත්තමයන්ට පමණක් හටගන්නේ ය.)
71. තථාගතයන් වහන්සේහට නිති පියුම් (නෙළුම්) සුගන්ධය හමන, පියුම් සුගන්ධය වහනයවන, පියුම් සුගන්ධයෙන් ඔපවත් වූ පියුම් කෙමියෙක්වන් මුව මඬලක් ඇත්තේ ය.
72. තථාගතයන් වහන්සේහට අඳුන්වන් පැහැ ඇති කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
73. තථාගතයන් වහන්සේහට මනාව සුවඳවත් වූ කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
74. තථාගතයන් වහන්සේහට හෙළ පියුම් (සුදු නෙළුම්) සුගන්ධය හමන, හෙළ පියුම් සුගන්ධය වහනයවන, හෙළ පියුම් සුගන්ධයෙන් ඔපවත් වූ කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
75. තථාගතයන් වහන්සේහට කුණ්ඩලාකාර කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
76. තථාගතයන් වහන්සේහට නො පැසෙන, ශුක්ල (සුදුවන්) බවට නො පැමිණෙන, මහළුවන විට හණ වැහැරිවන් නො වන කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
77. තථාගතයන් වහන්සේහට සියුම් සියුමැලි මෘදු කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
78. තථාගතයන් වහන්සේහට සංකූල නො වූ (එකිනෙක පටලැවී අවුල් නො වුණු) කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
79. තථාගතයන් වහන්සේහට දිගු කැරලි සහිත කුණ්ඩලාකාර කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
80. තථාගතයන් වහන්සේහට වොටුන්නක මුදුනේ පැළඳි මල් දමක්වන් ශිරෝධාතුවෙන් නිති පැන නැඟි දිගින් රියනක් (අඟල් දහඅටක්) තරම් වූ රශ්මි කදම්භයක් (කේතු මාලාවක්) ඇත්තේ ය.
යි. එමැ අසූ අනුව්‍යංඤ්ජන ලක්ෂණයෝ කියවා නිමවන ලදහ." සත්පුරුෂයන් විසින් කියවා බුද්ධානුස්සති කටයුතු යි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බෝ කල් ලොව පවතීවා.
මේ පිරිසිදු ප්‍රණීත ශ්‍රී ස්ද්ධර්මය මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ අතීතයේ වැඩසිටියාවූ මහරහත් උතුමන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයටත් වර්තමානයේ වැඩසිටින්නාවූ මහා සංඝරත්නයටත් මේ ධර්ම දානය උපහාරයක්ම වේවා. ඒ උතුම් මහා සංඝරත්නයට නිවන් පිණිසම මේ ධර්ම දානයම කුසලය හේතු වේවා. මේ කුසලය අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…!!!.