5/29/15

" චේතෝ විමුක්තිය - 8 කොටස "



දැන් අද අපි දුකයි කියලා බැලූවට, එක වෙලාවකට දුකයි කියලා එළඹ සිටිනවා. අවස්ථාවට හිත, සැප සංඥාවෙන් මිදුනට, ඒ මිදීමට අකෝප්‍යයි කියන්නෙ නෑ. ඇයි තව ටිකකින් ආයෙත් සැපයි කියලා දකිනවා. සමහර දේවල් හෝ සැපයි කියලා දකිනවා. මේ චේතෝ විමුක්තියෙදී, හැම වෙලාවේම, හැමදේම, ලෝකෙ තුල තියෙන, දුකයි කියන සංඥාව එළඹ සිටිනවා. ඒ නිසා ඒ චේතෝ විමුක්තිය අකෝප්‍යයි. වෙනස් වෙන්නෙ නෑ කියනවා. මෙන්න මේ මට්ටමට මනස පත්වුනහම, මත්තේ කටයුත්තක් නෑ කියන තැනට පත්වෙනවා. මොකද අපිට කරන්න පුළුවන් එච්චරයි. කෙලෙසුන්ගෙන් මිදෙන්න, ආශ‍්‍රවයන්ගෙන් මිදෙන තැනට කළ හැකියි අපිට. ඒ කෙලසුන්ගෙන් මිදුනෙ, ආශ‍්‍රවයන්ගෙන් මිදුනෙ මොකටද? කුමක් සඳහා ද?

නිවන සඳහා. නිවන දෙආකාරයි.

සෝපදිශේෂ නිබ්බානය නැත්නම් ක්ලේශ පරිනිවාණය
අනුපදිශේෂ නිබ්බානය නැත්නම් ස්කන්ධ පරිනිර්වාණය

ආශ‍්‍රවයන්ගේ, කෙලෙසුන්ගෙන් පිරිනිවුනා. පිරිනිවුන නිසා ස්කන්ධයෙන්ගේ නිරෝධය පේනවා. දකින දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධයි. අහන දේ ඇහීමෙන් පස්සෙ නිරුද්ධයි. කියන එක සියළුම ආකාරයට පෙනෙන්නෙ ඔන්න ඔය මට්ටමට ගිය මනසකට විතරයි. ඒ ආශ‍්‍රවයන්ගෙන් මිදිලා, කෙලෙසුන්ගෙන් මිදිලා, දකින දේ දැකිමක් පමණයි. අහන දේ ඇහීමක් පමණයි කියන මට්ටමක, ඒ ද ප‍්‍රත්‍යය නිසා හටගෙන ප‍්‍රත්‍ය නැතිවෙනකොට නැතිවෙනවා කියන ටික දකින බවට පත් කරලා ජීවිතේ, ජීවත්වෙන කෙනාට කිව්වා රහතන් වහන්සේ කියලා.

කෙලෙස් නෑ පිරිසිදු ජීවිතය.

හටගත්ත ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා. ඇති බවට රැුස්වෙන්නෙ නෑ. කර්ම රැුස්වෙන්නේ නෑ. පේන දේ පේනවා. පේන දේට හිතන්න බැරි නෑ. හිතුවහැකි. කියන්න බැරි නෑ. ඕන දෙයක් කිවුවහැකි. කරන්න බැරි නෑ. ඕන දෙයක් කරන්න පුළුවන්. වතුර එකක් ගන්න. වතුර එකක් දෙන්න. ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධ වුනහම, හිතපු දේත් නිරුද්ධයි.කියපු දේත් නිරුද්ධයි.කරපු දේත් නිරුද්ධයි. කර්ම රැුස්වෙන්නෙ නෑ. රහතන් වහන්සේලාට කර්ම රැුස්වෙන්නෙ නෑ. උපචයට යන්නෙ නෑ.

අපිට වෙන්නෙ කර්ම රැුස්වෙනවා. ඒ කිවුවෙ ඔය පින්වතුන් මේ ඉදිරියෙන් ඉන්න කෙනෙකුට බනින්න. ගහන්න. එයා ගැන නරක විදියට හිතන්න. ඔය හිතපු, කියපු, කරපු ඔක්කොම අපි හොඳට දන්නවා. බැන්නොත් බැනපු වචනෙ නැති වෙනව නේ. හිතුවොත් හිතපු සිතුවිල්ල නැතිවෙනවනේ. කළොත් කළ කි‍්‍රයාව නැතිවෙනවා නේ. නැති වුනාට ඔය පින්වතුන් හිතපු, කියපු, කරපු ඒ නිමිත්ත නැති වුනේ නැත්නම් ඔය පින්වතුන්ට කර්ම නැතිවුනා කියලා කියන්නෙ නෑ, ඒ නිමිත්ත තියෙනකොට කළ කී දේවල් තියෙනවා කියන ගණයට යනවා. මරණාසන්න මොහොතෙ සිහිවෙනකොට කළ කී දේවල් ඔක්කොම ඒකෙ තියෙනවා.

ඔය පින්වතුන් පෙනෙන දේට හිතනවා, කියනවා, කරනවා, පෙනෙන දේවල් ඇති බවට මනසෙ රැුස්වෙනකොට, ඒ රැුස් වුනේ මොනවද? කර්ම ඔය වගේ හිතපු, කියපු, කරපු, හැමදෙයක් ම ලෝකයාට රැුස්වෙනවා මිසක අස්වෙන්නෙ නෑ. රහතන් වහන්සේලාට කර්ම රැුස්වෙන්නෙ නෑ කියලා කියන්නෙ. කර්ම නිරෝධයි කියන්නෙ හිතීම්, කීම් කිරීම් නතර වුනා නෙමෙයි. හිතන්න, කියන්න, කරන්න පුළුවන්, නමුත් හිතපු, කියපු, කරපු නිමිත්තක් තියෙනවා නම් ඒක ඉතුරු නැතුවම නිරුද්ධ නම්, හිතපු, කියපු, කරපු, දේත් නිරුද්ධයි. මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පෙනුනොත් ඒ පේන ජලයට - දැන් හොඳට දන්නවා මේ ඇහැ නිසා මේ පෙනුනෙ, අවස්ථාවටයි හටගත්තෙ, ඉතුරු නැතුව නැතිවෙනවා කියන නුවණක් තියෙනවා. තියාගෙන - අනේ මේක මිරිඟුව නේද කියලා නම් කරන්න. වතුර වගේ නේද කියලා නම් කරන්න. මේකට අපි වතුර කියලා කියමු නේද කියලත් නම් කරන්න, වතුර තිබුනොත් හොඳයි.මම වතුරට ආසයි, ආදරෙයි ඕන එකක් කියන්න. අහකට යනකොටම දැකපු එක නැතිවුනා නම් දැන් ඒකට කරපු කියපු දේත් නෑ.

නමුත් අපිට වෙන්නෙ, ලෝකයාට කර්ම රැුස්වෙනවා කියලා කියන්නෙ, හිතපු, කියපු, කරපු, දේවල් තියෙනවා කියන එක නෙමෙයි. හිතපු, කියපු, කරපු නිමිත්තක් ඉතුරුයි නම් ඒ තමයි කර්ම ඉතුරු වෙනවා කියන්නෙ.

රහතන් වහන්සේලා කියන්නෙ. ආශ‍්‍රවක්ෂය වුනොත් කර්මක්ෂයයි. කර්ම රැුස්වෙන්නෙ නෑ. කෙලෙස් නෑ. කෙලෙස් නැති නිසා කර්ම, කෙලෙස් රහිතයි. එතන එතන ස්කන්ධයන්ගේ නිරෝධය දකිමින් ජීවත් වෙනවා. අළුතින් භවයකට යන්න තියෙන කර්ම කෙලෙස් ටික නැති කරලා එතන එතන ස්කන්ධ මාත‍්‍රයකින් ජීවත් වෙනවා.

ජීවිතය කියන්නෙ හැම වෙලාවෙම ක්ෂණයයි. මොහොතයි. ඒ ස්කන්ධයෝ විතරයි. පේන වෙලාවට පෙනෙන අධිකරණය විතරයි. ඇහෙන වෙලාවට ඇහෙන අධිකරණය විතරයි. ඊට පෙර - පසුත් මනස පිරිසිදුයි. කර්ම, කෙලෙස් නෑ. මේ විදියට ජීවත් වෙනවා. මේ ජීවිත සන්තතිය අවසන් වෙනකොට, මේ ජීවිතයේ තියෙන ආයුෂයත් ඉවර වෙනකොට පුරාණ කර්මයෙන් හටගත්ත මේ ඉන්ද්‍රිය ටිකත් බි`දිලා යනවා. කල් ඇතුවමයි. නැවත ප‍්‍රතිසන්ධියකට යන්න තියෙන කර්ම කෙලෙස් ටික නතර කළේ. ඒ හින්දා මතු භවයකුත් නෑ.

එතකොට තියෙන දුක් වූ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. මතු දුකත් නූපදින කොට නිවුනා කියලා කියනවා. පුද්ගලයෙක් නිවන් දැක්කා නෙවෙයි. දුක් වූ ස්කන්ධයෝ නිරුද්ධ වුනා. දුක් වූ ස්කන්ධයෝ නිවීමට ගියා කියලා කියනවා. මේ දුක් වූ ස්කන්ධයන්ගේ නිරෝධයට කිවුවා නිවන කියලා . මේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරගන්න බැරිවුනේ අපේ මනසේ තියෙන, නිත්‍ය, සැප, ආත්ම, කියන විපල්ලාසය නිසා. ඒ ස්කන්ධයෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, එබ`දු ධර්මතා මනස ඉදිරිපිටට එනකොට නිත්‍යයි, සැපයි ආත්මයි කියන විපල්ලාසය යෙදුනා හැමදාම. විපල්ලාස ඇති කරන්න හේතුවෙච්ච අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධයෝ නිරුද්ධ වෙලා ගියා. විපල්ලාසය නිරුද්ධ වුනේ නෑ. ඒ විපල්ලාසය ස්කන්ධයෝ උපද්දලා, ප‍්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය ආපසු බැසගත්තා. ආයෙත් එතන ද මේ වගේ ආයතන ටිකක් හැදුනා. එතනත් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආයතන ටික නිසා ආයෙත් ඒ මනසෙ ප‍්‍රපංච ටික යෙදෙනවා. කෙලෙස් යෙදෙනවා. ඒ ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා. ඒ කෙලේසය ආයෙත් ප‍්‍රතිසන්ධි හදනවා. මේ විදියට ආපු සසර කෙළවරක් නෑ. යන සසරත් කෙළවරක් නෑ. එක කාරණාවක් දකින්න. අපි හැමෝම ඇවිදින්නෙ මේ සසර, දුක් වි`දින්නෙ මේ සසර, කෙලෙස් නිසා. මේ අවිද්‍යාව නිසා. අපි දැනගෙන හිටියෙ නෑ. අපිගාව තියෙන කෙලෙස් නිසයි සසර ඇවිදින්නෙ. අපි ගාව තියෙන කෙලෙස් නිසයි අපි දුක් වි`දින්නෙ කියලා. මොකද අපේ කෙලෙස් ටික අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්කන්ධයන්ට පතිත වෙලා හින්දා නිත්‍යයි, සැපයි කියන අපේ කෙලෙස් ටික අපේ ඇහේ තියෙන කණ්නාඩියෙ පාට පතිත වෙලා තියෙන්නෙ ඉදිරියෙන් තියෙන රූපෙට. ඒ බව අ`දුනන්නෙ නැති අපි ඉදිරියෙ තියෙන රුපෙ නිල්පාටයි කියලා හිතුවෙ. අපේ මනසෙ තියෙන කෙලෙස් ටික අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධයන්ට පතිත වෙලා නිසා, අපි ගාව තිබුන ආශ‍්‍රවයන්ට අරමුණු වෙලාතිබුණ නිසා, අපේ උපාදානයට හසුවෙලා තිබුන නිසා, අපි හිතුවෙ මේ ස්කන්ධයෝ පුද්ගලයෙක් කියලා. ස්කන්ධයෝ සැපයි කියලා. ස්කන්ධයෝ තියෙනවා කියලා. නමුත් මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව වහලා අපේ මනසින් මේක ඇති කරලා කියලා දැක්කෙ නෑ. දන්නෙ නෑ. බුදු හාමුදුරුවො තමයි, අපිට පැහැදිලි කරලා දුන්නෙ සත්‍යයක් අවබෝධ කරලා දුන්නා ඔබලා ලෝකය මෙහෙම දැක්කට, ඔබලාට ලෝකය මෙහෙම පෙනුනට, ඇත්ත තමයි මේ ලෝකේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව කියලා.

ඒ බව දැක්කොත් අපේ මනසේ ප‍්‍රපංච ටිකක් කියලා තේරෙනවා. ඒක දකින මට්ටමට ආවොත් කලකිරෙනවා. එදාට මේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මයෙ ඇලෙන්නෙ නෑ. එදාට මේ කෙලෙස් ප‍්‍රහීන වෙනවා. ආශ‍්‍රවයන්ගෙන් හිත මිදෙනවා. ඒ කෙලෙසුන්ගෙන් හිත මිදුනහම, ආශ‍්‍රවයන්ගෙන් හිත මිදුනහම, කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවුනා, රහතන් වහන්සේ කියලා. ඔය තැනට එන්නයි බුදුහාමුදුරුවෝ මග දේශනා කළේ. මේ ටික පිරිසිදු ඇත්ත. මෛතී‍්‍ර බුදු රජාණන් වහන්සේ පහළ වුනත් ඔය ටිකමයි දේශනා කරන්නේ. ඒ හින්දා එතකම් ඉන්න ඕන නෑ. අප‍්‍රමාදීව කෙනෙක් උත්සාහවත් වුනොත් ආශ‍්‍රවක්ෂය කරගන්න බැරි නෑ. මේ දේශනාවට හොඳට ඇහුම්කන් දුන්නා නම් ඔය පින්වතුන්ට ප‍්‍රශ්ණ ඉතුරු වෙන්නෙ නැතිවෙයි.

‘‘ස්වාමීන් වහන්ස, අපිට කමටහනක් කියන්න’’ කියලා. මට කියන්න වෙන කමටහන් නෑ. මම එහෙම භාවනා දෙන්න දන්න කෙනෙක් නෙමෙයි. මොකද මම දන්න කමටහන තමයි මේ මම කිවුවෙ. ඔය පින්වතුන්ට තියෙන්නෙ ශීලයක පිහිටලා කමටහනක් හැටියට ඕනනම් මට තව එකක් කිවුවහැකි සමථ කමටහනකින් හිත වඩන ක‍්‍රමය කිවුවහැකි - ඒ කමටහනකින් හිත වඩ වඩා මේ තුන් ආකාරයෙන් එක් ආකාරයකට හිතන්න. නුවණ බහුල කරන්න. යෝනිසෝ මනසිකාරය කරන්න.

හිතේ උපදින්නෙ හැම වෙලාවෙම නිත්‍ය වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් උපදින නිමිති. ඒ උපදින ධර්මතාවයන්, ඒ නිමිති උපදිනකොට ඒ ධර්මතාවය කෙලේසයක් හැටියටත්, බාහිර තියෙන ධර්මතාවය අනිත්‍ය බවෙන් හෝ දුක් බවෙන් හෝ අනාත්ම බවෙන් බලන්න.

ආයෙත් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, ස්කන්ධයෝ හමුවෙන කොට තමන් තුල කෙලෙස් යෙදෙන හැටි බලන්න. මෙච්චරයි කරන්න තියෙන්නෙ.

තමන්ගෙ මනසෙ කෙලෙස් යෙදෙන හැටි සිහි කරන්න. අපිට සිහි කරලා බාහිරේ බලන්න යන්න බෑ. ඒක වැරදියි කියන එක දකින්න. මේ විදියට කාලයක් කරනකොට ඔය පින්වතුන් විශේෂණයකට පත්වේවි.

තමන්ට තේරෙයි මේක මොන තරම් ද කියලා. අද ඔය පින්වතුන් උදේට හවසට ගාථාවක් හැටියට කියලා වන්දනා කරන ගාථාවල ගුණ හදවතට දැනෙයි.

‘ස්වාක්ඛාතො භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, ඒහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බො, විඤ්``ක්‍දුහි’ කියන වචන ටික ඔය පින්වතුන් තුලින් කියවෙයි. ඒ නිසා අප‍්‍රමාදීව මේ ධර්මයේ යෙදිලා තමන්ගේ නිවීම, තමන්ගේ මිදීම, මේ ජීවිතයේ ම හදාගන්න උත්සාහවත් වෙන්න කියන එක මේ වේලාවේදී මතක් කරනවා. මොකද සසරට වැටුනොත් කවුරු වෙනුවෙන් හරි, අපිව බේරගන්න කිසිම කෙනෙක් එන්නෙ නෑ කියන එකත් මතක් කරනවා.

ඒ නිසා ලෝකෙටත් උපකාර කරන්න. හැබැයි තමන් තමන්ව රක්ෂිත ස්ථානයක තබාගෙන කටයුතු කරන්න හැම වෙලාවෙම වග බලා ගන්න.

හිතේ හිතේ ස්වභාවය තමයි, නිතරම ගතු කියනවා, කේලාම් කියනවා වගේ නොයෙක් නොයෙක් සංඥා අරමුණු උපද්දලා දෙනවා. ඒ හැම එකකටම එහෙයි කිය කියා ඔළුව වනන්නෙ නැතුව හිත ටිකක් සෘජුව තබාගෙන ඒ එන අරමුණු වලට ප‍්‍රතිවිරුද්ධ විදියට හිතන්න හැම වෙලාවෙම උත්සාහවත් වෙන්නට ඕනෙ. එහෙම උත්සාහයෙන් හිතන කෙනයි, හැම වෙලාවෙම විශේෂණයකට පත් වෙන්නෙ.

ඉතින් මේ දේශනාව ඔය පින්වතුන්ට මරණින් පසුව නොව, මේ ජිවිතයේ දී ම අනුපාදා පරිනිර්වාණය සඳහා හේතු උපනිශ‍්‍රය වේවා..

සාදු! සාදු!! සාදු!!!

සමාප්තයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

" චේතෝ විමුක්තිය - 7 කොටස "



මෙන්න මේ විදියට දුක්ඛ සංඥාවෙන් බලන්න පුළුවන් නම්, එහෙම ටික ටික හිතන්න පුළුවන් නම්, ඒ වගේ ම කන, ශබ්දය, සෝත විඤ්ඤාණය, කුමන කුමන ආකාරයකට හෝ ශබ්දය අපතුල ඇලෙන බව හෝ ගැටෙන බව හෝ මෝහය ඇතිකරවන්නමයි උත්සාහවත් වෙලා තියෙන්නෙ. හැම ශබ්ද රූපයක් ම ඇලෙන , ගැටෙන, රැුවටෙන ස්වභාවය අපේ මනස තුළ ඇති කරවලා නැවත සසරට පමුණුවන්නමයි තියෙන්නෙ. එහෙනම් ඒ ශබ්ද එකක්වත් අපිට හිතෛෂිව අපිට හිත වැඩ පිණිස ඇවිල්ලා නෑ. කටයුතු කරලා නෑ. ලෝකෙ තුල තියෙන කිසියම් ශබ්දයක් අජරාමර බව ඇති කරවන්න ඇවිල්ලා නෑ. ඒ බව නුවණින් බලන කෙනාම, නුවණ නිසා ම අජරාමර වෙනවා මිසක, ශබ්දය කියන රූපය හැම වෙලාවෙම ලෝකෙ තුල තියෙන උපාදානීය වූ ශබ්ද රූපය අපිට ජරා මරණ දුක ගෙනත් දෙන්නම හේතු වෙනවා.

ඊට පස්සෙ උපාදානීය වූ යම් ගන්ධ රූපයක් තියෙනවා නම් ඒ ගන්ධයන් කුමන ආකාරයකට හෝ මල් සුවඳ හැටියට හෝ විලවුන් සුවඳ හැටියට හෝ හ`දුන්කූරු සුවඳ හෝ සතෙක් මැරිච්ච ගඳ හෝ අශූචි දුර්ගන්ධය හෝ කුමන විදියකට වේවා ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් හෝ රැුවටීම් වශයෙන් හෝ අපේ මනස තුල රාග, ද්වේශ, මෝහ ඇති කරලා තියෙනවා. අන්තිමට රාග ද්වේෂ, මෝහ ඇති කරන්න හේතු වූ ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා. නමුත් ඒ රාග, ද්වේශ, මෝහ නිරුද්ධ වෙන්නෙ නෑ. ඒක ඊට පස්සෙ මරණාසන්න මොහොතෙ තව නිමිත්තක් උපද්දලා ඒ නිමිත්තට අනුව නැවත ප‍්‍රතිසන්ධිය ලබලා නැවත, සසර අරගෙන යනවා.

ඒ වගේම රසය ගත්තහම කුමන ආකාරයක රසයක් එළඹ සිටියත්, කයට ගැටෙන ස්පර්ශ ගන්න, කුමන ආකාරයක ස්පර්ශයක් වුනත්, හිතට දැනෙන උපාදානීය වූ ධර්මාරම්මණ දකින්න. ඒ උපාදානීය වු ධර්මාරම්මණ හැම එකක්මත් කරලා තියෙන්නෙ අපේ මනස තුල රාග, ද්වේෂ, මෝහ ඇති කරන එක. රාග, ද්වේෂ, මෝහ ඇති කරන්න හේතු වුන ධර්මයෝ නිරුද්ධ වෙනවා. නමුත් ඇතිවනු ඒ කෙලේස නැති වෙන්නෙ නැ. ඒ තෘෂ්ණාව නැති වෙන්නෙ නෑ. මේ රූපය එන්න එන්න දිරනවා. තණ්හාව නම් එන්න එන්න තරුණ වෙනවා. තණ්හාව කියන එක දිරනවා නම් කමක් නෑ. තණ්හාව දිරන්නෙ නෑ. තණ්හාව එන්න එන්නම අළුත් වෙනවා. කෙලේසෙ තරුණ වෙනවා.

අන්තිමට ගත්තහම යථාර්ථය අපිව වටකරගෙන ඉන්න, අපි කියලා හිතාගෙන ඉන්න, ජීවිතය කියලා හිතාගෙන ඉන්න, අපිට හිතෛෂීයි, උපකාරයි කියලා හිතාගෙන ඉන්න මේ ස්පර්ශ ආයතන හයම, කරලා තියෙන එකම දේ තමයි, තමන්ව සසර ජරා මරණ දුකට පමූණුවන්න හේතුවෙන කෙලෙස් ඇති කරන්න එක එක ආකාරයකට පෙනි ඉඳලා.

හතුරෙක් තව හතුරෙකුට අවැඩක් යම් සේ කැමති ද, අවිඥානක, අචේතනික වුනත් ඒ වස්තුවෙන් කරලා තියෙන වැඬේ එබ`දුයි. අපි හැමකෙනාගෙම අවැඩ, අයහපත, දුකමයි මේ ස්පර්ශ ආයතන හයෙන් කැමති වෙලා තියෙන්නෙ. ඒ නිසයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශ ආයතන හය හම නැති එළදෙනක් වගේ කියලා. හම නැති එළදෙනක් වතුරකට බැස්සොත් වතුරෙ ඉන්න මාළු වගේ සත්තු කොටනවා. දුකට පත් වෙනවා. බිම නිදාගෙන හිටියොත්, කඩියො, කූඹි වගේ සත්තු කනවා. ගහකට හේත්තු වෙලා හිටියොත් ගහේ ඉන්න වේයො, කූඹි වගේ සත්තු කනවා. කිසිවකටත් හේත්තු නොවී අහස ඇසුරු කරගෙන හිටියොත් කපුටො, ගිජුලිහිණියෝ වගේ සත්තු කොටනවා. මේ හම නැති එළදෙන යම් යම් තැනකට හේත්තු වුනොත් ඒ ඒ තැනින් දුක එනවා. ඒ වගෙයි කියනවා මේ සර්පශ ආයතන හය. කුමන කුමන ආකාරයකින් ස්පර්ශයක් ඇති වුනත් ඒ නිසා එන්නෙ දුකක්මයි කියලා යම් කලෙක දකින්න පුළුවන්නම්, අන්න ඒ විදියට බලන එකටයි දුක්ඛ සංඥාව කියන්නෙ. එතකොට දුක සැප වශයෙන් පේන්නේ නෑ.

ඇයි ඒ?

සැප විදියට ආවත් ලෝභය ඇති කරලා සතර අපායට දාන්න කටයුතු කරලා නේද කියලා සැප වේදනාවත් සතුරෙක් වගේ පේනවා නම්, දුක් වේදනාව පටිඝය තරහව ඇති කරලා සතර අපායට දාන්න කටයුතු කරනවා නම්, උපේක්ෂා වේදනාව මෝහය ඇති කරලා සතර අපායට දාන්න කටයුතු කරලා තියෙනවා.

ස්පර්ශ වුනොත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙයි. ඒ තුන් වේදනාවම රාග, ද්වේශ, මෝහ ඇති කරයි. ඇති කරලා සසරට යන්න කටයුතු කරලා තියෙනවා මිසක උපාදානීය වූ මේ අවිද්‍යා සම්ඵස්සයෙන් එකදු ස්පර්ශයක්වත් අනාශ‍්‍රව භාවයට උදවු කරලා නෑ අපිට. කෙලෙසුන්ගෙන් මිදෙන්න උදවු කරලා නෑ.

කනට ඇහෙන උපාදානීය වූ හැම ශබ්ද රූපයක් ම සැප සහගත නම් ලෝභය අපේ මනස තුල ඇති කරයි. දුක් සහගත නම් ද්වේශය ඇති කරයි. උපේක්ෂා සහගත නම් මෝහය ඇති කරයි. අන්තිමට ලෝභ, ද්වේෂ, මෝහ ඇති කරන්න හේතු වූ ධර්මයෝ නිරුද්ධ වෙනවා. නමුත් ලෝභ, ද්වේෂ නිසා අපි සතර අපායට හෝ එහෙම නැත්නම් නැවත මනුෂ්‍යයෙක් දෙවියෙක් වෙලා වුනත් අකුසල් කරලා සතර අපායට හෝ යන්න පුළුවන්. මේ විදියට ජරා මරණ සංඛ්‍යාන සසරටම ඇදල දාන කෘත්‍යයි කරන්නෙ.

මේ විදියට මේ ස්පර්ශ ආයතන හය දිහා හොඳට බලන්න. ස්පර්ශ ආයතන හයෙන්ම කරන්නෙ අපිට එක්කො දුක හදල දීලා. නැත්නම් දුක හදාගන්න උදවු කරලා සෘජුව හෝ වක‍්‍රව දුක හදලා දෙන්න කටයුතු කරලා. හම නැති එළදෙන වගේ ම ලෝකයා දුක හෝ දුක හදාදෙන මාවතේමයි ඉන්නෙ. ගැලවෙන්න බැරි විදියට.

විදර්ශනාව කියන්නෙ වෙන මුකුත් නෙමෙයි. ආශ්වාදයෙන් ලෝකෙ දිහා බලන්නෙ නෑ. මේ ඇහින් කුමන ආකාරයකට බැලූවත් අන්තිමට තමන් තුල ඇලීම ඇතිවෙන ගැටීම ඇතිවෙන මෝහය ඇතිවෙන විදියට උපකාර වෙලා නේද තියෙන්නෙ මේ හැම රූපයක් ම කියලා බලනවා නම් මේ ඇහැ කියන්නෙ, රූපය කියන්නෙ, චක්ඛු විඤ්ඤාණය කියන්නෙ තමන්ව මරණයට පත් කරන්න එළඹ සිටි වධකයෙක් වගෙයි කියන මට්ටමකට එනවා යම් දවසක. සතුරෙක් කියන මට්ටමකට එනවා.

මෙන්න මේ විදියට හිතන හැටි දැනගෙන ශිලයක පිහිටනවා. සමථ කමටහනකින් හිත වඩ වඩා ස්පර්ශ ආයතන හයට අරමුණු එනකොට හෝ මනෝමයෙන් රූපයක් ශබ්දයක් ගැන සිහි කරන කොට හෝ ඒක බලලා ඒක ඇසුරු කරන්න ඉස්සෙල්ලා ඒක හොඳට විනිශ්චය කරනවා බලන්න යන ඇසුරු කරන්න යන රූපෙ මෙන්න මෙහෙමයි නේද කියලා.

මේ විදියට මේ ස්පර්ශ ආයතන හයම ‘සබ්බෙ සංඛාරා දුක්ඛා’ සියළු සංස්කාරයෝ දුකයි කියන අදහස ඇතිවෙන විදියට බලන්න ඕන. තමන් හොඳට දන්නවා ස්පර්ශය ආයතන හයේ ම ඇත්ත ඕක. එහෙනම් දරුවො ඉන්නවා, ගෙවල් තියෙනවා. රන්, රිදී, මුතු, මැණික් තියෙනවා කියලා ඒවායේ යහපත ඇති බව, සැප වි`දින්න පුළුවන් බව, සැනසිල්ල ඇති බව කියලා ගතියක් හිතේ තියෙනවා නම්, මේකට තමයි හිතේ තියෙන සුඛ සංඥාව කියලා කියන්නේ. සැපයි කියන විපල්ලාසය කියලා කියන්නේ මෙන්න මේකට.

එතකොට හොඳට තේරෙනවා. දුක් වූ ස්කන්ධයොයි ඇස් ඉදිරිපිටට එන්නෙ. සැපයි කියන අදහස යෙදෙන්නෙ මනසෙ. අපි සැපයි කියලා සිහි කරද්දිත් තියෙන්නෙ දුක් වූ ස්කන්ධයෝ. දුක් වූ ස්කන්ධයෝ ඇස් ඉදිරිපිටට එනවා. ඒවා සැපයි කියන අදහසම යෙදෙනවා. අපි සැපයි කියලා සිහි කරනකොටත්, බාහිර තියෙන්නෙ දුකයි කියන නුවණ ඇතිකරගන්න වෙනවා. යම් දවසක් තියෙනවා ලෝකය සැපයි කියන අදහසින් බලන්න බෑ. බැලූවට හිත රැුවටෙන්නෙ නෑ. දුකයිම කියලා නුවණින් පෙනෙන මට්ටමක් එනවා.

මෙන්න මේ විදියට බැලූවහම, බහුල කළහම, ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන්, සැපයි කියන සංඥාවෙන් හිත මිදෙනවා. සැපයි කියන දැක්මෙන් හිත මිදෙනවා. ඒ මිදීමට කියනවා, අප්පණිහිත චේතෝ විමුක්තිය කියලා. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ ප‍්‍රාර්ථනා කටයුතු කැමති විය යුතු කිසිම දෙයක් එයාට නෑ. අප්පණිහිත කියලා කියනවා. පණිහිත කියන්නේ, ප‍්‍රණිධි කියලා කියන්නේ ප‍්‍රාර්ථකා කියන එකට. ලෝකෙ හැම වෙලාවෙම මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවා.

දරුවො වශයෙන් හෝ ගෙවල් වශයෙන් හෝ මිල මුදල් වශයෙන් හෝ ඉඩකඩම් වශයෙන් හෝ සැපෙන් ඉන්න හෝ සැනසිල්ලෙන් ඉන්න හෝ අනාගතේට හෝ දැන් හෝ මොනම හරි දෙයක් ප‍්‍රාර්ථනා කරන බලාපොරොත්තුවෙන ගතිය තමයි ලෝකෙ තියෙන්නෙ. ඒකට කියනවා ප‍්‍රණිධි කියලා. ප‍්‍රාර්ථනා, පැතුම් මෙහෙම වේවා කියලා හැඟීමක් හරි තියෙනවා නම් ඒකත් ප‍්‍රාර්ථනාවක්. එතකොට යම් කිසි කෙනෙකුට ස්පර්ශ ආයතන හය සතුරෙක් වගේ, වධකයෙක් වගේ, දුකක් හැටියට රෝගයක්, උලක්, ගඩක් හැටියට කියන සංඥාව එළඹ සිටියම මේ ස්පර්ශ ආයතන හයේ ගතයුතු, ප‍්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් එයා දකින්නේ නෑ. ඉතින් ලෝකයා නොදන්නවා වුනාට, ප‍්‍රාර්ථනා කළොත් මට දරුවෙක් ලැබේවා, ගෙදරක් ලැබේවා. රන් ලැබේවා, රිදී ලැබේවා, කියලා ප‍්‍රාර්ථනා කළොත්, දුකම ප‍්‍රාර්ථනා කරනවා නේද? ලෝකයාට දුකම උපදිනවා නේද? දුකම ලැබෙනවා නේද? දුකම උපදිනවා, දුකම නිරුද්ධ වෙනවා. දුකම පවත්වනවා. නමුත් විපල්ලාසයකට සැපයි කියන අදහසක්ම මනසෙ පවත්වනවා. ඒකෙන් දුක්ඛ සංඥාව, දුක් වූ යථාර්ථය වහලා තියෙනවා.

සම්මා දිට්ඨි කියලා කිවුවේ ලෝකයේ යථා ස්වභාවය කියන මේ දුක්ඛ සංඥාවෙන් බලනවා. ඒක තමයි ඇත්ත. මේ දුක කියන එක ධර්මයෝ දුක් අර්ථයෙන් ද, ඒ ධර්මයෝ නිසා දුක ගෙනත් දෙන අර්ථයෙන් ද, මේ ස්පර්ශ ආයතන හයම දුකයි කියන කාරණාව නුවණින් බලන්න. එහෙම බලපු කෙනාට ස්පර්ශ ආයතන හයේ ගතයුතු බලාපොරොත්තු විය යුතු, ප‍්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් නැහැ. සියළු ප‍්‍රාර්ථනාවන්ගෙන් මිදෙනවා. ඒ මිදීමට කියනවා අප්පණිහිත චේතෝ විමුක්තිය කියලා. ප‍්‍රණිධි නෑ එයාට. ප‍්‍රාර්ථනා නෑ. ප‍්‍රාර්ථනා නැති එකම කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ.

ඒ ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. පංච උපාදනස්කන්ධයෙන් ම මිදෙනවා. ඒ මිදීම කුමක් සඳහා ද?

නිවන සඳහා

අන්න ඒ විදියට දුක දැකලා ‘අථ නිබ්බින්දති දුක්ඛෙ’ දුකේ කලකිරෙනවා. කලකිරෙනකොට නො ඇලෙනවා. නොඇලෙනකොට ආශ‍්‍රවයන්ගෙන් මිදෙනවා. කෙලෙසුන්ගෙන් මිදෙනවා. සිත මිදෙනවා. මිදුනහම මිදුනා කියන අකෝප්‍ය ඥාණ දර්ශනය පහළ වෙනවා.

අකෝප්‍යයයි කියන්නේ මේ ස්පර්ශ ආයතනය සැපයි කියලා ආපහු රැුවටෙයි කියලා එකක් නෑ. එච්චරට එයාට දුක්ඛ සංඥාව එළඹ සිටිනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

" චේතෝ විමුක්තිය - 6 කොටස "



අර ඉස්සෙල්ලා කියපු උපමාවම තමයි තවම මේ කියන්නෙ. ඒ කියන්නෙ ඇස් ඉදිරියට එන්නෙ ප‍්‍රත්‍යයෙන් හටගත්ත ප‍්‍රත්‍ය නැතිවෙනකොට නැතිවෙන ස්කන්ධ ටිකක්. දැනගත්තත් නැතත් අහකට යනකොටම ස්කන්ධ ටික නැතිවෙනවා. ඔන්න ඇති බවට අපේ මනසෙ නිමිත්තක් හිටිනවා. දැන් ගෙවල් දොරවල්, යාන වාහන, දුවා පුතා කියලා යම්තාක් දේවල් සිහි කරන්න පුළුවන් නම් මේ ඔක්කොම තමන්ගෙ මනසෙ තියෙන නිත්‍ය සංඥාව කියලා දකින්න. ඔය නිත්‍ය සංඥාව කියන එක විපල්ලාසයක්, කෙලේසයක්, ප‍්‍රපංචයක්. එතකොට අපි හිතාගෙන ඉන්න ගේ බලන්න කියලා ගියාමත්, මේ තියෙන ගේ හම්බවෙනවා නෙමෙයි. ආපහු ආයතන ටික හැදිලා පේනවා කියන ටික දකින්න. යම් දවසක දී තමන්ට තියෙන කිසි දෙයක් බාහිරින් සිහි කරන්න බැරිනම්, ඇස් ඉදිරිපිටට එනකොට හේතුන්ගෙන් හටගත්ත දුක් වූ ස්කන්ධයෝ හමුවෙනවා. හේතු නැතිවෙනකොට නැතිවෙනවා කියන නුවණ තියෙනවා නම්, ඒ අරබයා සිහි කරන්න පුළුවන්කම මේ මනසෙ තියෙන කෙලේසය, ප‍්‍රපංචය කියලා දැනගන්න පුළුවන් නම්, තියෙනවා තියෙනවා කියලා අපි සිහි කරලා බලන්න ගියත්, කවදාවත් අපි හිතාගෙන ඉන්න දෙයක් නම් හම්බවෙන්නෙ නෑ. අවස්ථාවට ධාතු නානත්වය ගැටිලා අපිට පේන්නෙ කියලා දකින්න පුළුවන් නම්, දැන් තියෙන්නෙ ශුන්‍යතාවයක්මයි. එහෙම දේවල් හැදිලා නෑ. ආයෙත් ගියොත් හැදිලා පෙනෙනවා. ඒ කියන්නෙ පැත්තකට ගියාම, මිරිඟුව දිහා බලනකොට දැකපු වතුර ටික ඔය පින්වතුන්ට පැත්තකට ගිහින් සිහි කරන්න පුළුවන් ද?

බෑ. ඇයි ඒ?

එහෙම දෙයක් නෑ කියලා දන්නවා. ආයෙත් මිරිඟුව පෙනුන තැනට ගිහිල්ලා ඇහෙන් බැලූවොත් හැදිලා පෙනෙයි කියලත් දන්නවා. ආයෙත් පැත්තකට ගිහින් සිහි කරන්න පුළුවන්. සිහිකරන කොට සිහි කරන එක මනසයි කියලා දන්නවා. එහෙම එකක් දැන් බාහිර නෑ කියලත් දන්නවා. ආපහු බාහිරට යන්නත් බෑ. ආයෙත් ගියොත් හැදිලා පෙනෙයි කියලා දන්නවා. ඔය උපමාවම සිහි කරන්න. දැන් සිහි කරද්දිත් මෙහෙම දෙයක් බාහිර නෑ. ශුන්‍යතාවයක් තියෙන්නෙ. බලන්න කියලා ගියොත් අර මිරිඟුව ඉදිරියෙ වගේ ආයතනයන්ට හැදිලා ආපහු පෙනෙයි කියලා දකිනවා. ඇති බවට දැන් පේන ටික කෙලෙස් ටිකක් කියලත් දකිනවා.

මේ අනිත්‍ය සංඥාව බහුල කළොත් රූපය වගේම, කනට ඇහෙන ශබ්දයත්, නාසයට දැනෙන ගන්ධයත්, දිවට දැනෙන රසත්, කයට දැනෙන ස්පර්ශයත්, මනසට දැනෙන ධර්මාරම්මණත්, මේ ස්පර්ශ ආයතන හයේම සියළු සංස්කාරයෝම අනිත්‍යයි කියලා දැක්කොත්, ඔක්කොම ඇති බවට තියෙන්නෙ මනසෙ. මේක තමයි කර්ම නිමිත්ත.

මේ ටික තමයි කෙලෙස් ටික කියලා දැක්කොත්, මෙහෙන් සිහි කරලා බාහිරට යන්න බෑ. ගියාම හම්බවෙනවා මිසක දැන් තියෙනවා නෙමෙයි කියලා, තමන්ට නුවණට එළඹ සිටියොත්, ඔය විදියට හිත හිතා නුවණින් බලනවා. ඕකට කියනවා විදර්ශනා කරනවා කියලා. ශීලයක පිහිටනවා, සමථ කමටහනකින් හිත වඩනවා. හිත වඩමින් ඔය විදියට අනිත්‍යය බලනවා. එතකොට නිත්‍ය සංඥාව නැතිවෙනවා. අනිමිත්ත බව මනසෙ එළඹ සිටිනවා.

නිත්‍ය සංඥාව බහුල කළහම ආශ‍්‍රවයන්ගෙන් , කෙලෙසුන්ගෙන්, පංච උපාදානස්කන්ධයෙන් හිත මිදෙනවා. ඒ විමුක්තිය හ`දුන්වනවා, අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. වර්තමානයක හේතුන්ගෙන් හටගත්ත එක්ම නිමිත්තක් පමණක් තියෙද්දි, සියළුම නිමිත්තයන්ගෙන් මනස මිදිලා. දැන් වගේ ඔළුව පිරිලා නෑ. ගෙවල්, දොරවල්, ගම් රටවල්, ලෝක වලින් මනස පිරිලා නෑ. හිස් ශුන්‍යතාවයක් තියෙන්නෙ. සියළුම නිමිත්තයන්ගෙන් අනිමිත්තයි. එක්ම සනිමිත්තකමක් තියෙනවා. ඒකට නුවණයි. මෙන්න මේකට කිවුවා අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. අනිත්‍යයෙන් බැලූවොත් ඒකට කිවුවා අනිමිත්තයි කියලා. මේ චේතෝ විමුක්තියට අකෝප්‍යයි කියනවා. ඒකට හේතුව මොකක් ද? සම්මා දිට්ඨිය.

මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය බව, වැරදීමකින්වත් ස්කන්ධයෝ නිත්‍ය බවකින් ඇතිවෙනවා කියලා එකක් නෑ ඒ මනසෙ. මේ චේතෝ විමුක්තිය කුමක් සඳහා ද?

නිවන සඳහා.

කුමක් ද නිවන. නිවන දෙආකාරයි.

සෝපදි ශේෂ නිබ්බාන
අනුපදිශේෂ පරිනිවාණ

ඔන්න ඔය තත්වෙට පත් කරගත්ත වර්තමානයක යමක් හම්බවෙනකොට ඒ මොහොත වෙද්දි වෙන කිසිම නිමිත්තක් නැතුව මනස මිදිලා නම්, අනිමිත්ත බවකින් නම් තියෙන්නෙ, එයාට මේ හටගත්ත එක්ම නිමිත්ත හේතු නැතිවුනොත් නැති වෙනවා කියන එක පේනවා ඉබේම.

ඇහෙන දේ ඇහීමෙන් පස්සෙ නැතිවෙනවා කියන එක පේනවා. ඒ ඒ ස්කන්ධයන්ගේ නිරෝධය හසුවෙනවා. ආශ‍්‍රවයන්ගෙන් මිදිලා ඒ ඒ ස්කන්ධයන්ගේ නිරෝධය දකින එකට කිවුවා සෝපදිශේෂ නිබ්බාන කියලා.

සෝපදිශේෂ නිබ්බානය කුමක් සඳහා ද? අනුපදිශේෂ පරිනිවාණය සඳහා උපධිශේෂයක්වත් නැතුව ස්කන්ධයන්ගේ පිරිනිවීම සඳහා. කර්ම ප‍්‍රත්‍යයෙන් හටගත්ත ජීවිතය කෙළවර කොට ඇති මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. මතු විඤ්ඤාණයාගේ ප‍්‍රතිසන්ධි වශයෙන් බැසගැනීමකුත් නැතිනම් පහනක් නිවුනා වගේ නිවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ සඳහායි.

එතකොට ලෝකෙන් මිදෙන්න තියෙන එක ක‍්‍රමයක් ඔය. ඕකට කිවුවා අනිත්‍ය සංඥාව බහුල කරලා අනිමිත්ත චේතෝ විමුක්තියෙන් මිදුනා කියලා.

ලෝකයේ දුක් සහගත බවෙන් එතෙර වෙන්න තියෙන විමුක්ති මුඛ තුනෙන් විමුක්ති මුඛ දෙකක් ගැන කතා කළා. අනාත්ම සංඥාව බහුල කරලා ශුන්‍යත චේතෝ විමුක්තිය ඇති කරගෙන නිවන් දකින්න. අනිත්‍ය සංඥාව බහුල කරලා අනිත්‍ය සංඥාවෙන් වාසය කරලා අනිමිත්ත චේතෝ විමුක්තිය උපදවාගෙන නිවන් දකින ක‍්‍රමය. ඊට පස්සෙ දැන් තුන්වෙනි චේතෝ විමුක්තිය ඇති කරගන්න ක‍්‍රමය තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛ සංඥාව. දුක්ඛ සංඥාව බහුල වශයෙන් වඩලා අප්පණිහිත චේතෝ විමුක්තිය ඇතිකර ගන්න හැටි.

එතෙනදි මේ ස්පර්ශ ආයතන හයේ දුක්ඛ සංඥාව ඇතිකරගන්න ඕන. හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හය කෙරෙහි දුක්ඛ සංඥාවෙන් යම්කිසි කෙනෙක් බලනවා නම්, හරියට තමන්ට අහිත කැමති, අවැඩ කැමති, තමන්ගේ දුකට කැමති හතුරෙක්, වධකයෙක් යම් සේ ද, එසේ මේ ස්පර්ශ ආයතන හය කටයුතු කරන බව නුවණින් බැලූවොත්, තමන්ට දුක්ඛ සංඥාව එළඹ සිටිනවා. ඒකෙදී අපි මෙහෙම බලමු. නපුරු යක්ෂයෝ, යක්ෂණියො, ඉන්නවලූ සත්වයන්ව ආහාරයට ගන්න ඕන වුනහම, කන්න ඕන වුනහම. තමන්ගෙ නපුරු රළු ස්වභාවයෙන් ආවහම මිනිස්සු ළං වෙන්නෙ නෑ. දුවනවා. ඒ හින්දා ඒ අය සම්පූර්ණ වෙස් මාරු කර ගන්නවා. හොඳ ලස්සන කුමාරයෙක්, ලස්සන කුමාරිකාවක් විදියට මනූෂ්‍යයො ඉදිරිපිටට ඇවිල්ලා කොහොම හරි එක්කෙනෙක්ව දෙන්නෙක්ව රවටාගන්නවා. තමන්ගෙ වසඟයට ගන්නවා. පි‍්‍රය ස්වභාවය, පි‍්‍රය කටහඬ පි‍්‍රය උපදවන ගන්ධය, ස්පර්ශයත් පි‍්‍රය උපදවන ස්වභාවයට මවාගන්නවා. මවාගෙන ඇවිල්ලා කතාබහ කරලා හිත දිනාගන්නවා. දිනාගෙන ආවාහ විවාහ කරගන්නම් කියලා එක්කගෙන යනවා. ගිහිල්ලා අත පය කෑලි කඩාගෙන මුරු මුරු ගාලා කනවා. ඉතින් ඒ යක්ෂයන්ගේ, රාක්ෂයන්ගේ, භූතයන්ගේ ස්වභාවය කරනවා මේ මහා භූත. ඒ නිසා මහා භූත වලට භූතයි කියලා කියනවා. එයා ප‍්‍රකෘති ස්වභාවයෙන් එන්නෙ නෑ. වෙන ස්වභාවයකින් තමයි, මිනිස්සු ඉදිරියට එන්නෙ. ලස්සණ කාන්තාවක්, පිරිමියෙක්, ලස්සණ ඉඩමක්, ලස්සන ගෙයක්, රත්තරං, රිදී, මුතු, මැණික් විදියට තමයි මේ පෙනී ඉන්නේ.

අපිට මෙහෙම ඇහැට පෙනෙන හැම රූපයකම හොඳට බලන්න. යටින් හැංගිලා තියෙන්නෙ ඔතන මහා භූත, මහා භූත තියෙන තැනක තමයි. මෙහෙම පෙනී හිටින්නෙ. මේ එක එක විදියට පෙනී ඉඳලා, අපේ මනසෙ රාග, ද්වේශ, මෝහ කියන කෙලෙස් ඇති කරවනවා. එහෙම කළහම මොකද වෙන්නෙ? නැවත නැවත සතර අපායට, ජරා මරණ සංඛ්‍යාත සසරටම ඇදෙගන යනවා. සසරටම පමුණුවනවා. එතකොට මේ හැම රූපයක් ම හැම වෙලාවකම බලාගෙන ඉන්නෙ මොන ක‍්‍රමයකට හරි අපේ මනස මුලා කරලා කෙලෙස් ඇති කරවන්න.

එක රූපයක් එක විදියකට ඉඳලා කෙලෙස් ඇති කරවන්න බැරි වුනොත්, එයාම තව විදියකට පෙනී හිටිනවා. ඔන්න රන්, රිදී, මුතු, මැණික් විදියට පෙනී ඉඳලා කෙලෙස් ඇති කරවලා කෙනෙක් අල්ලාගන්නවා.

එහෙම බැරිවුනොත් දරු මුණුපුරෙක් විදියට පෙනී ඉඳලා අල්ලාගන්නවා. කෙනෙක්ට එහෙම බැරි වුනොත් ලස්සණ ගෙයක් දොරක් විදියට පෙනී ඉඳලා අල්ලාගන්නවා. එක එක කොටස් එක එක ඒවට අහුවෙනවා.

තව කෙනෙක් එහෙම බැරිවුනොත් බැහැර ඉඩ කඩමක් විදියට පෙනී හිටිනවා. තව කෙනෙකුට එහෙම බැරි වුනොත් යාන වාහනයක් විදියට පෙනී හිටිනවා.

මේ විදියට ඇහැට පෙනෙන රූපය සම්පූර්ණම හැම රූපයක් ම හරියට අපි නොදන්නවා වුනාට විශාල හතුරුකමක් අපිට කරන්නෙ. අපි හිතාගෙන ඉන්නෙ රූපය විතර අපිට උපකාරී වූ, උදවු වූ, අපිට හිතෛෂි වූ තව දෙයක් නෑ වගෙයි.

නමුත් ඔය පින්වතුන් දකින්න මේ රූප විතර අපිට අවැඩ පිණිස, අපිට අහිත පිණිස, අපිව දුකට පමුණුවන්න කැමති වෙන තව එකම දෙයක්වත් නෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ස්කන්ධ මාර කියලා මේ පංචඋපාදානස්කන්ධයටත් මාර කමින් මතක් කළේ. මාරයා කරන කෘත්‍ය ටික කරනවා මේ ස්කන්ධ ටික. මොන මොන විදියකට හරි පෙනී ඉඳලා අපේ මනස තුළ රාග, ද්වේෂ, මෝහ කෙලෙස් ඇති කරනවා. මනස තුල රාග, ද්වේශ, මෝහ කෙලෙස් ඇති කරනවා. එක ක‍්‍රමයකට බැරි වුනොත් තව ක‍්‍රමයකට තව ක‍්‍රමයකට බැරිවුනොත් තව ක‍්‍රමයකට. එහෙම ඉඳලා හරියට අර මස් කඬේකට ගෙනියන සතෙක් වගේ, සම්පූර්ණම අත පය කුදලලා ගෙනියන සතෙක් වගේ, තණ්හාවෙන් වෙලලා, බැඳලා මේ ජරා මරණ සංඛ්‍යාත සසරට ඇදගෙන යනවා. කෙනෙකුට පුළුවන්නම් මේ ඇහැට පෙනෙන රූපය දිහා නුවණින් බලන්න. මේ එක එක විදියට පෙනී හිටියත් මෙතන තියෙන්නෙ මහා භූත ටික නේද. අපි පේන දේට කැමති වුනොත් කැමති වෙලාතියෙන්නෙ මහා භූත ටිකට. මොකද මහා භූතයන්ගේ උපාදාය රූපයක්.

ඇහැ මහා භූත තියෙන තැනක මෙහෙම සටහනක් හදලා තියෙන්නෙ. මෙහෙම පේනකොට මහා භූත මෙතන තියෙනවා කියන්න තියෙන ලක්ෂණය මේ. පෙනෙන එක. පේන දේට අහුවුනොත් අපි අහුවෙලා තියෙන්නෙ සතර මහා ධාතු රූපෙට. මේ හැම රූපයක් ම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ අපේ මනස තුල රාග, ද්වේශ, මෝහ ඇති කරන්න. එක එක ආකාරයට. අර මං කියන්නෙ, දැන් කි‍්‍රකට් සෙල්ලම් කරන කොට, කී‍්‍රඩකයො දහ දෙනෙක් එකොළොස් දෙනෙක් එක පැත්තක් වෙලා පිට්ටනිය තනියම රකින කොට, ඒ ඔක්කෝටම විරුද්ධව බෝලෙට ගහන කෙනා තනියම එක පැත්තක් වෙලා. අර ඔක්කොගෙන්ම බේරෙන්න ඕනෙ. ඒ වගේ ස්පර්ශ ආයතන හයකට මැදිවෙලා, ධාතු අටළොසකට මැදිවෙලා ඔක්කොම එක පැත්තක් වෙලා තියෙද්දි මේ තනියම එතෙර වෙන්න තියෙන්නෙ. පුදුම කැප කිරීමක් මේකෙදි තියෙනවා.

මොකද මේ ස්පර්ශ ආයතන හය, නැත්නම් අටලොස් ධාතුව, අපේ අහිත පිණිස, දුක් පිණිස, පීඩා පිණිස, පැමිණිලා තියෙන්නෙ. හැම වෙලාවෙම චූටි මොහොතක වැරදීමකින් හරි තමන්ගෙ මනසෙ රාග, ද්වේශ, මෝහ ඇති කරලා සසරට පමුණුවන්න තමයි මේ ඔක්කොම තියෙන්නෙ.

හොඳට අපි දකින්න ඕන. මේ හැම රූපයක් ම අපිව ජරා මරණ සසරට ගෙනියන්න ආපු වධකයො වගෙයි නේද කියලා හිතනවා නම්, මේ හැම රූපයක් ම අනිත්‍ය දෙයක් හැටියට, දුක් දෙයක් හැටියට, රෝගයක් හැටියට, උලක් හැටියට, ඇයි එහෙම හිතන්නෙ? මේ හැම වස්තුවක් ම අනිත්‍යයි. අනිත්‍ය වෙන දේවල් උරුම කරවන නිසා අනිත්‍යයි. මෙලොව වේවා, පරලොව වේවා යම් දුකක් තියෙනවා නම් ඒ සියළුම දුක ගෙනත් දෙන නිසාත් ඒ ධර්මයෝ දුක නිසාත් මේ ස්පර්ශ ආයතනය දුකයි. ඒ ධර්මයෝ සත්ව පුද්ගල නොවන නිසා, ඒ සත්ව, පුද්ගල නොවූ ධර්මතාවයෝ උපද්දන නිසාත් අනාත්මයි. මෙලොව වේවා පරලොව වේවා යම්තාක් රෝග තියෙනවා නම්
ඒ රෝගයන්ගෙන් නොමිදෙන්නෙ මෙන්න මේ ධර්මයන්ට ඇලිලා බැ`දිලා ඉන්න නිසයි.

මේ විදියට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, උලක් වශයෙන්, ගඩක් වශයෙන්, සතුරෙක් වශයෙන්, වධකයෙක් වශයෙන් අපට බලන්න පුළුවන් නම්, හරියට හතුරෙක් අපේ යහපත චුට්ටක්වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අයහපතම බලාපොරොත්තු වෙනවා වගේ. අපේ සැනසිල්ල බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ දුකම බලාපොරොත්තු වෙනවා වගේ, මේ ඇහැට පෙනන හැම රූපයක් ම අපේ දුකම ප‍්‍රාර්ථනා කරලා තියෙන්නෙ. අපි නොදන්නවා වුනාට, අපේ දුකම බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද ධර්මතාවය යෙදිලා තියෙන්නේ එහෙම. පේන එකදු රූපයකට, අබැටක් තරම් දේකට හරි රූපෙකට ඇලූනා නම් ඇලූන කෙලේසයෙන් දුක උපද්දනවා. සසරට පමුණුවනවා. ඒ නිසා මේ ඇහැට පෙනන හැම රූපයක් ම අපිට දුක් පිණිස නම් පවතින්නෙ, දුක උපද්දවන හේතුවට පමුණුවන්න නම්, අපායට ගෙනියන කෙලෙස් ඇතිකරවන්න නම්, පේ‍්‍රත ලෝකෙට පමුණුවන කෙලෙස් ඇතිකරවන්න නම් මේ බලාගෙන ඉන්නෙ, නිරයට පමුණුවන තිරිසන් ලෝකයට පමුණුවන කෙලෙස් ඇති කරවන්න නම් බලාගෙන ඉන්නෙ. මේ එකක්වත් අපිට හිතෛෂීවද එහෙනම් ඉන්නෙ. නෑ. එහෙනම් එබ`දු වූ රූපය උපද්දවන මේ ඇහැ තියෙනවා නම් ඒ ඇහැත් අරගෙන තියෙන්නෙ අපේ යහපත පැත්ත නෙමෙයි. අපේ කෙලෙස් උපද්දන රූපෙ පැත්ත. එබ`දු වූ චක්ඛු විඤ්ඤාණයක් තියෙනවා නම්, ඒ රූපෙ කරලා තියෙන්නෙත් අපිට පස මිතුරු පැත්තක්. අවැඩ පැත්තක්. එබ`දු වූ චක්ඛු සම්ඵස්සයක් තියෙනවා නම්, ඒ චක්ඛු සම්පස්සය කරලා තියෙන්නෙත් අපිට යහපත පිණිස නෙමෙයි. ඒ නිසා හොඳට දකින්න මේ චක්ඛු සම්ඵස්ස ආයතනය කියන්නේ සම්පූර්ණ අපේ දුක පිණිස පවතින ධර්මතාවයක්. මේ චක්ඛු සම්ඵස්ස ආයතනය එකදු ධර්මතාවක් හරහා හෝ ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් හෝ රැුවටීම් වශයෙන් මනස බැ`දුනොත් එබ`දු කෙනා සතර අපායෙන් මිදෙන්නෙ නෑ. ජරා මරණ දුකෙන් මිදෙන්නෙ නෑ. සසරට පමුණුවනවා. ඒ නිසා හරියට තමන්ව මරණයට පමුණුවන වධකයෙක් එළඹ සිටියා වගේ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

" චේතෝ විමුක්තිය - 5 කොටස "



මේ අනිත්‍යයි කියන එක ගැන නම් මට කතා කරන්න වෙනවා ටිකක් වැඩිපුර. දැන් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ, අනිත්‍යයි කියන්නේ මේ රූප කලාප බි`දී බි`දී යනවා වෙනස් වෙවී යනවා. වේගයෙන් ගලාගෙන යන නිසා. ඉස්සෙල්ලා බලපු කෙනා ඊගාවට බලන්න බෑ. මොකද එවෙලෙ තිබුන රූප කලාප නෑ. දැන් තියෙන්නෙ අලූත් රූප කලාප කියන තැනකින් අනිත්‍යය කථා කරනවා. වරක් අල්ලපු ගඟ නැවත අල්ලන්න බෑ. මොකද එවෙලෙ ගෑවුන වතුර ටික නෙමෙයි ඊගාවට ගෑවෙන්නෙ. ඒතරම් අනිත්‍යයි. මේ විදියට අනිත්‍යය ගැන කථා කරනවා. මං මේ කථා කරන්නේ ඔහොම තැනකින් නෙමෙයි. ඔහොම අනිත්‍යය බැලූවට වැඩකුත් නෑ. ඔහොම අනිත්‍යය නොබැලීම නිසා නෙමෙයි, කෙලෙස් ඇතිවෙලා තියෙන්නෙ. ඔතනින් නෙමෙයි මේක තරණය කරන්න යන්න තියෙන්නෙ. ඇත්ත වෙන්න පුළුවන්. ඇත්තවල් ලෝකෙ ඕන තරම් තියෙනවා. නමුත් අපි තේරුම් කරගන්න ඕනෙ, අපේ කෙලේසෙ ගෙවෙන්න ඕන දහම් ටික, අපේ කෙලේසෙ ඇතිවෙලා තියෙන්නෙ කොතනින්ද කියන කාරණාවයි. අපි බැලිය යුත්තේ. අපි ඉපදිච්ච හැම කෙනෙක්ම අනුක‍්‍රමයෙන් වෙනස් වෙනවා. දිරනවා. මහළු බවට යනවා. මැරෙනවා. මේක තමයි අනිත්‍යය කියලා අපි හිතන්නේ. මේ අනිත්‍යය මේ ශාසනෙන් බැහැර අය දන්නෙ නැද්ද දන්නවා. රූප කලාප වෙනස් වේවි යන බව භාවනා කරන ඔය පින්වතුන්ට වඩා හොඳට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. එහෙම බැලූවොත් විද්‍යාඥයො රහත් නෙමයි. ඊටත් එහා ගිහිල්ලා කියයි.

අපි ඔය නිකම් තර්කගත ඥානයකින්නෙ කියන්නෙ වරක් දැකපු දේ නැවත වරක් දකින්න බෑ කියලා. දැකලා නෙමෙයිනෙ. විද්‍යාඥයො උපකරණ උදවුවෙන්, රූපය කියන එකේ වෙනස්කම් හොඳට දැකලා තියෙනවා. එහෙනම් ඒ අයත් සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා. ඇයි හිතාගෙන ඉන්නවා කියනවා සවිඥානක අවිඥානක මේ හැම වස්තුවක් ම එක දශමයක්වත් එක තැනක තියෙන්නෙ නෑ. අන්තිමට චලිතයක්, ශක්ති ප‍්‍රභවයක් කියන තැනට යනකම් යනවා. ඊටත් එහා අනිත් ඔය දත්ත ගොඩක් තියෙනවා.

නමුත් බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන්නේ ඔහොම තැනකින් නෙමෙයි. මේ අනිත්‍යයි කියන වචනෙ අයිති මේ ශාසනේට විතරයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නෙ ‘අනිච, දුක, අනත’ කියන අකුරු අටකින් යුක්ත වචන තුනක් දේශනා කරන්න. ඊට මෙහා ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ති‍්‍රලක්ෂණය දන්නෙ නෑ.

එහෙනම් මේ අනිත්‍යය කියන එක මේ ලෝකෙට සාධාරණ නැති එකක්. ලෝකෙ හැමෝටම අයිති නැති එකක්. මේ ශාසනේටයි අයිති නියම අනිත්‍යය කියන එක. ඇත්තටම අනිත්‍ය දකින්න පුළුවන් මේ ශාසනේ විතරයි. ඊට මෙහා කිසි කෙනෙකුට අනිත්‍ය දකින්න බෑ. ඇයි ඒ? අනිත්‍යය ගැන හිතන්න විතරයි පුළුවන්. අනිත්‍යයි කියලා මනසිකාරයක් කළහැකි.

දැන් මේ රූපයෙ, ඉස්සෙල්ලා දැකපු රූප කලාප ටික නෙමෙයි ඊගාවට දකිනකොට කියලා තර්කගත ඥානයක් ඇති කර ගනියි, හිතයි. දැක්කහැකිද ඔය පින්වතුන්ට, පෙනුනෙ නැත්නම් මේ නිත්‍ය සංඥාව අත හැරෙන්නෙ නෑ. මොකද පේන්නෙ නෑ කියන්නෙ අනිත්‍ය බව. නිත්‍ය බව පේනවා කියන එක. එතකොට තියෙන්නෙ නිත්‍ය බව හින්දා ඔය පින්වතුන් කොච්චර හිතුවත් ලෝකෙ තියෙනවා කියන තැනකින් තමයි කෙලෙස් යෙදෙන්නේ. කොච්චර හිතුවත් මේක කැඩෙනවා. බිඳෙනවා. තණ්හා කරන්න හොඳ නෑ කියලා, මොන විදියට හිතුවත් සංඥාව තියෙන්නෙ, තියෙනවා කියන තැනකින් නම්, ඒ කියන්නේ පේන්නේ තියෙනවා කියන තැනයි නම් ඒකට තියෙන ඇලීම අයින් කරන්න බෑ. අනිත්‍යයි කියන එක පෙනුනොත් විතරයි මේ සංඥාව නැතිවෙන්නෙ. ඒකයි දැන් මොන විදියට අනාත්මයි කිවුවත් ඔය පින්වතුන්ට තියෙන්නෙ ආත්ම සංඥාව නම්, කටයුතු කරන්නෙ ආත්ම සංඥාව තුලමයි. අනාත්මයි කියලා පෙනුනොත් විතරයි ඒ කි‍්‍රයාව වෙනස් වෙන්නේ. අනිත්‍යය බලන්නෙ කොහොම ද?

අනිත්‍යය බලන්න නම් අනිවාර්යයෙන් ම හේතු ඵල දහම දැනගෙන තියෙන්නට ඕන. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. ඇයි අනිත්‍යයි කියන්නේ. නිකම් මෝඩකමට අපි හිතුවට බෑ. ඒක සහේතුක වෙන්න ඕනෙ. අනිත්‍යයි නම් අනිත්‍යයි කියන්න හේතුවක් තියෙන්න ඕන. දැන් අනාත්මයි කිවුවා. අනාත්මයි කියන්න හේතුවක් තිබුනා. අපිට මෙහෙම හම්බ වුනාට පවතින ධර්මතාවය මේක. මේවා හැදුනේ මෙහෙමයි. හැදුන හැටිත් පෙන්නලා තියෙන දේත් පෙන්නලා, හැදුන හේතුව අනාත්මයි නම්, එවැනි හේතුව නිසා පවතින දේත් අනාත්මයි නම්, මේකට අනාත්මයි නොකියා ආත්මයි කියන්න ද? එහෙනම් මේක අනාත්මයි, ආත්ම සංඥාව තමන් තුලයි, කියලා වැරැුද්ද පෙන්නුවා සහේතුකව, කාටවත් දොස් කියන්න බෑ.

එහෙනම් ඇහැ අනිත්‍යයි.
රූපය අනිත්‍යයි.
චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයි.

එහෙම අනිත්‍යයි කියන්න නම්, හේතු පෙන්නන්න ඕන. සාධාරණ වෙන්න ඕන. අනිත්‍ය නම් අනිත්‍යයි කියන්න හේතුව මොකක් ද කියන කාරණාව තියෙන්න ඕන. නැත්නම් අපිටත් වෙන්නෙ අනික් ශාසනේක දෙවියො අපිව බේරලා දෙයි කියලා අන්ධ විශ්වාසෙකින් ගන්න එකයි, ‘ආ මේවා අනිත්‍යයි තමයි. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවනෙ’ කියලා ගන්න එකයි අතර වෙනසක් නෑ.

එහෙම නෙවෙයි. අනිත්‍යයි නම් ඇයි අනිත්‍යයි කියන්නෙ. හොඳට සහේතුකව කිවුවෙ නැත්නම් පිළිගන්න බෑ අපිට. එහෙනම් මෙන්න මේ නිසයි අනිත්‍යයි කියන්නේ කියන කාරණාව තියෙන්නට ඕනෙ. බුදුරජාණන් වහන්සේ හේතුඵල දහම පෙන්නන්නේ ඒ නිසයි. යමක් හේතු නිසා නම් හටගන්නෙ, ඒ හේතු ටික නැතිවෙනකොට ඵලය තියෙනවද කියලා අහනවා. අනිත්‍යය පෙන්නන්න නම් එහෙමයි පෙන්නන්න වෙන්නෙ.
දැන් ගහක් නිසා, හිරු එළිය නිසා, පොළව නිසා, ඡුායාවක් වැටුනොත්, ඔන්න ඡුායාවට අපි කියනවා ඵලය කියලා. හේතු කියනවා ගහට, හිරු එළියට, පොළවට, හේතු නිසා හටගත්ත ඵලයක්. හැබැයි ඵලය කියලා කියන්නෙ හේතු එකක් එකතුත් නෙමෙයි. හේතු ඔක්කොමත් නෙවෙයි. හේතු නැතුව අහේතුකවත් නෙවෙයි හේතු
නිසාමයි මේ ඵලය හටගත්තේ.

ඡුායාව කියන්නෙ ගහද? නෑ.

හිරු එළිය ද? නෑ.

පොළවද? නෑ.

එහෙනම් ගහයි, හිරු එළියයි, පොළවයි කියන තුනමද ? ඒ ඔක්කොමත් නෙමෙයි. එකක් එකතුත් නෙමෙයි. එහෙනම් ගහයි, හිරු එළියයි, පොළවයි කියන තුන නැතුව ඡුායාව හටගන්නව ද? නෑ.

එහෙනම් ඒවා නැතුවත් නෙමෙයි. ඒවා නිසාමයි හටගන්නෙ. ඒත් ඒ හේතුවලට අයිති නෑ. ඒ විදියට සහේතුක වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඡුායාව අනිත්‍යයි කියලා.

‘මහණෙනි, ඡුායාව අනිත්‍යයි’

ඡුායාව ඇතිවුනේ හේතු නිසා නම්, හේතු නැති වෙනකොට ඡුායාව නැති වෙනවා නම්, ඡුායාව නෑ කිවුවෙ නෑ බුදු හාමුදුරුවො. අනිත්‍යයි. නිත්‍ය නෑ. තියෙන්නෙ නෑ. කියන එක කිවුවෙ. නැහැ කියන එකක් නෙමෙයි කිවුවෙ. අනිත්‍යයි කියන වචනෙ තුල තියෙනවද නෑ කියලා. නෑ. නොපවතිනවා කියලා එකක් කියන්නෙ. ඇයි ඒ. මේ ඡුායාව අනිත්‍ය යි. හේතු නැතිවෙන කොට නැතිවෙනවා. ගහ හෝ නැතිවුනොත්, පොළාව හෝ නැතිවුනොත්, හිරු එළිය හෝ නැතිවුනොත්, හේතු තුනම හෝ නැතිවුනොත් ඒ ඵලය නැති වෙනවා. හේතු තුනක එකතුවක් නිසා නම් හැදුනෙ, මේ ඵලය නැතිවෙන්න හේතු ඔක්කොම නැති වෙන්න ඕන නෑ. එකක් නැතිවුනත් නැති වෙනවා. ඔක්කෝම නැති වුනත් නැති වෙනවා. මේ හේතු ඇති වෙනකොට ඇති වෙනවා නම් හේතු නැතිවෙනකොට නැතිවෙනවා නම්, මේ ඡුායාවට කියන්න සුදුසුම වචනෙ මොකක් ද?

ඡුායාව කියලා එකක් නැහැ කියන්නත් බෑ. මොකද හේතු ඇති වුනොත් ඇති වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙන නිසා තියෙනවා කියන්නත් බෑ. එහෙනම් මේකට කියන්න සුදුසුම වචනෙ අනිත්‍යයි. නිත්‍ය නෑ කියලා.

ඒකෙන් කිවුවෙ නෑ. නෑ කියලා. තියෙන්නෙ නෑ. ඒක වෙනස් වෙනවා. ඒ වගේ බුදු රජාණන් වහන්සේ පෙන්නනවා, අපිට රූපයක් පේනකොට, මේ රූපය පේන්න.

අපි ඕකට උපමාවක් ගනිමු

මිරිඟුව තියෙන තැනක, ඔය පින්වතුන්ට ජලය වගේ රූපයක් පේනවනේ. දැන් මේ ජලය වගේ රූපය පෙනෙනකොට, ඒ ජලය වගේ රූපෙ පෙනෙන්නෙ, නලියන ස්වභාවයක් තියෙන තැනක, ඇහෙන් බලපු නිසාම, එබ`දු රූපයක් හදලා පෙන්නනවා. ඇහෙන් තමයි ජලය වගේ රූපයක් හදලා පෙන්නන්නේ.

දැන් එබ`දු රූපයක් පේන නිසාමයි ඇහැ ඉපදිලා තියෙන්නෙ. ඒ දෙන්නා නිසයි චක්ඛු විඤ්ඤාණය උපන්නෙ. ඇහෙන් අවස්ථාවට හදලා පෙන්නන රූපය තමයි අපිට ජලය වගේ පේන්නේ. ඔන්න දැන් ඒ රූපය හදන්න තියෙන හේතුව පෙන්නුවා. ඇහැයි, හිතයි, මුල් වෙලයි මෙබ`දු රූපයක් පෙනෙන්නෙ. දැන් මේ ජලය වගේ පෙනෙන රූපෙ දිහා බලන්න.

ඇහැ අහකට ගත්තොත්, හිත අහකට ගත්තොත්, මේ ජලය වගේ පේන රූපෙ ඉතුරු වෙනවද? නෑ. ඉතුරු නැතුවම නැති වෙනවා. දැන් මේ ජලය වගේ පෙනෙන රූපයේ රූප කලාපවල අනිත්‍යය බලන්න පුළුවන්ද ඔය පින්වතුන්ට. රූප කලාප වශයෙන් බි`දි බි`දී යනවා. වරක් බලන ඡුායාව නෙමෙයි තියෙන්නේ. ඉස්සෙල්ලා තිබුණ රූප කලාපය නෙමෙයි ඊගාවට තියෙන්නෙ වෙන රූප කලාප ටිකක් කියලා බැලූවහැකිද? බෑ . ඇයි ඒ ? එහෙම බලන්න පුළුවන් එකක් නෙමෙයි. ආයතන පැත්තෙන් උපද්දපු උපාදාය රූපයක් මේ. උපාදාය රූපවල රූප කලාප බලන්න බෑ. ඔය පින්වතුන් ඒක දන්නෙ නැතුව ඇති. මහා භූතයන්ගෙ විතරයි රූප කලාප තියෙන්නෙ ශුද්ධාෂ්ඨකේ විතරයි තියෙන්නෙ. මං උපමාවක් කිවුවොත් මේ මං ඉදිරියෙ තියෙන වතුර කෝප්පෙට වැටිලා තියෙන වහළෙ ඡුායාව, ඒ ඡුායාවෙ රූප කලාප බිඳි බිඳි යනවා කියලා හිතුවොත් හරිද? වැරදියි නේ.

ඉතින් උපාදාය රූපය කියන්නෙ, ඇහැට පෙනන උපාදාය රූපය කියන්නෙ වතුරෙ තියෙන ඡුායාව වගේ රූපයක්. මේ ඇහැට පේන්නෙ ඔක්කොම එහෙම රූප. අල්ලන්න කියලා වතුරට අත දැම්මොත් වතුර නම් අහුවෙයි. අර රූපෙ කවදාවත් අහුවෙන්නෙ නෑ.

වතුරෙ නම් රූප කලාප වෙනස් වෙනවා බලන්න පුළුවෙන් වෙයි. අර ඡුායාවෙ පුළුවන් ද? බෑ.

ඔය පින්වතුන් දන්නවද ඇහැට පෙනන මේ රූපයත්, ඇහැ නිසාම උපද්දලා තියෙන මහාභූත නොවෙන උපාදාය වූ, වතුරෙ තියෙන ඡුායා මාත‍්‍රයක් වෙච්ච රූප මාත‍්‍රයක් විතරයි කියලා දන්නවද? මේකේ රූප කලාප බලන්න බෑ. රූප කලාප බැලූවත් මේ සංඥාව ගෙවෙන්නෙ නැත්තේ ඒ නිසයි.

යම්කිසි කෙනෙකුට පෙනුනොත්, ඇහෙන් බලපු නිසාම ජලය වගේ රූපයක් හදලා පෙන්නුවා කියලා දැක්කොත් එයා දන්නවා ඇහෙන් බලන්න ඉස්සෙල්ලා රූපෙ තිබුනෙ නෑ. අහකට යනකොට මේ දැකපු රූප නෑ කියන එක එයාට හොඳට තේරෙනවා නේ ද? එතකොට බාහිර තියෙන දෙයක් බැලූවා කියන නිත්‍ය සංඥාව අතහැරෙනවා. දැකපු එකේ අනිත්‍යය පේනවා. තේරෙනවද මං කියන එක?

දැකපු රූපෙ අනිත්‍යය පේනවා. ඇහෙන් බලනකම නිසාම ජලය වගේ පේනවා. මේ රූපයක් පේනවා කියලා දැක්කොත් එයා දන්නවා මෙහෙම රූපයක් පේන්න තියෙන හේතුව මොකක් ද? මේ ඇහැ. මෙබ`දු ඇහේ ස්වභාවය තමයි මෙහෙම රූපයක් හදලා පෙන්නනකම කියලා දැක්කොත්, එබ`දු රූපය හදන්න හේතුවෙච්ච ඇහැ නැතිවෙනකොට ඒ රූපය නැතිවෙනවා කියලා දැක්කොත්, මේ රූපෙට අනිත්‍යයි කියලා කියනවා.

දැන් මුවාට වෙලා තියෙන දේ බලන්න. ඇහැ නිසාමයි රූපයක් හදලා පෙන්නන්නේ. නමුත් එයා දන්නෙ නැති හින්දා එයා හිතන්නෙ බාහිර වතුර වගේ පේන රූපෙ තියෙනවා කියලා. එතකොට තියෙන එක හොයාගෙන දුවනවා. ඔන්න නිත්‍ය සංඥාව.

දැන් අපට මිරිඟුව වගේ රූපයක් දකිනකොට ඒ රූපෙ අනිත්‍යය දකින බව එළඹ සිටින්නේ ඉබේම නේද? ඒකට හේතුව මොකක් ද?

ඒ රූපය ඇතිවුන හේතුව දන්නවා අපි. එහෙ ජලය තියෙනවා නෙමෙයි. අපිටයි ජලය වගේ පේන්නෙ කියන හේතුව දන්නවා අපි. ඒ හින්දා අනිත්‍යය පේනවා. ඔය පින්වතුන් දන්නවද? මේ පෙනෙන අරමුණත්, මිරිඟුවේ වගේ ඇහෙන්ම රූපයක් හදලා මේ පෙන්නන්නේ. නමුත් ඒක නොදන්න නිසා අර මිරිඟුවෙ රැුවටිච්ච මුවාට වගේ අපිට තියෙන දෙයක් හම්බවෙලා පේන්නෙ.

එහෙ තියෙනවා කියලා මේ නිත්‍ය සංඥාව යෙදිලා තියෙන්නෙ අපේ මනසෙ. පේන දේ අනිත්‍ය වුනත් නිත්‍ය සංඥාව අනිත්‍ය වෙන්නෙ නැ. ඒක එහෙමම මනසෙ හිටිනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් කෙනෙකුට ඇස් ඉදිරිපිටට රූපයක් එනකොට එයාට හිතන්න පුළුවන් නම්, දකින්න ඉස්සෙල්ලා තිබුනත් නෙමෙයි. දැක්කයින් පස්සෙ තියෙනවත් නෙමෙයි. ඇහෙන් බලන නිසාම මෙහෙම රූපයක් පේනවා නේද කියලා හිතන්න පුළුවන් නම්, දැකපු දේ පැත්තකට ගිහිල්ලා සිහි කරනකොට මේ තමයි, දැකපු දේ ඇති බවට මනසේ තියෙන නිත්‍ය සංඥාව නේද මේ කියලා හ`දුනාගන්න පුළුවන් නම්, දැන් මෙතන ඉඳලා ඔය පින්වතුන්ට ගෙදර සිහිකරන්න පුළුවන් නම්, සිහි කරන කොටත් හ`දුනාගන්න පුළුවන් නම්, මෙහෙම සිහිකරන්න උදවුවෙච්ච ඇහැක් තිබුනා නම්, රූපයක් තිබුනා නම්, චක්ඛු විඤ්ඤාණයක් තිබුනා නම් ඒ ටික නිරුද්ධ වෙලා. නමුත් ඒ නිසා ඇතිවෙච්ච නිත්‍ය සංඥාව නේද මේ තියෙන්නෙ කියලා දකින්න පුළුවන් නම්, තියෙනවා කියන ගේ බලන්න ගියාමත් අවස්ථාවට ඇහැ හැදිලා රූපෙ හැදිලා, චක්ඛු විඤ්ඤාණය හැදිලා ඒ සංඥාව උපදී. ඒ හැඬේ පෙනෙයි නේද කියලා බලන්න පුළුවන්නම්, තියෙන එක බලනවා නෙමෙයි. අවස්ථාවට උපද්දවා ගෙනයි ආයෙත් බලන්නෙ කියලා තේරෙනවා නම්, ආයෙත් ඒ ටික අතහැරෙන කොට ඇති බවට මනසෙ නිත්‍ය සංඥාව පෙනිලයි කියන එකත් දන්නවා නම්, ඔය පින්වතුන් මෙහෙම බල බලා ගියොත් යම් දවසක් තියෙනවා ගෙදර, ගම, රට, මිනිස්සු, සත්වයෝ කියලා සිහි කරනකොට, මෙහෙම සිහි කරන කොටත් එහෙම දේවල් බාහිර නෑ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

" චේතෝ විමුක්තිය - 4 කොටස "



දැන් ඔය පින්වතුන් ආත්ම සංඥාවෙන් සිහි කරනවා. නෑ ඒක වැරදියි. එහෙ තියෙන්නෙ මෙහෙම දෙයක් මෙහෙම රූපයක් හම්බ වෙනකොට අපි තුල යෙදෙන්නෙ කියලා ඇත්ත බලනවා. ස්කන්ධ ටික පරිහරණය කරනවා. කෙලේසෙ පරිහරණය නොකරනවා. එතකොට මේ කෙලේසය පිරිහීමට යනවා. කෙලේසෙ දිරලා යනවා. 

සම්මා දිට්ඨි ඇත්තට, මිච්ඡුා දිට්ඨි දිරලා යනවා. සම්මා සංකප්පය තියෙන කෙනාට මිච්ඡුා සංකප්පය දිරලා යනවා. මේ විදියට මේ කෙලෙස් පැත්ත දිරලා යනවා. ඊට පස්සෙ ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් හිත මිදුනහම අන්න ඒ විමුක්තියට කියනවා ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා.

දැන් ලෝකෙන් එතෙර වෙන දොරටුවක් ඔය. ලෝකය කිවුවෙ මේ ස්පර්ශ ආයතන හය.

ඇහැ ලෝකෙ, රූපය ලෝකෙ, චක්ඛු විඤ්ඤාණය ලෝකෙ. කන ලෝකෙ, ශබ්දය ලෝකෙ, සෝත විඤ්ඤාණය ලෝකෙ මේ අටළොස් ධාතුව ලෝකය ලෝකය අනාත්ම සංඥාවෙන් බලලා, එයා ශුන්‍යත චේතෝ විමුක්තියෙන් මිදෙනවා. ඔය චේතෝ විමුක්තියට කියනවා අපි අරහත් ඵල චේතෝ විමුක්තිය කියලා.

ඔය චේතෝ විමුක්තියට අකෝප්‍යයි කිවුවා. ඇයි? ස්පර්ශ ආයතන හය කෙනෙක්ගෙ, පුද්ගලයෙක්ගෙ කියලා බැරිවිමකින් හරි හිතෙයි ද? හිතෙන්නෙ නෑ. ඇයි ඒ? මේ ඇත්ත එච්චර බලවත්. දැන් ඔය විදියට බලලා, බලලා, සුදු පාට තියෙන රූපය ඇස් ඉදිරිපිටට එන්නෙ. අපේ කන්ණාඩිය නිසයි නිල් පාටට අපිට තේරෙන්නෙ කියලා ඔහොම බලලා බලලා, තියෙන්නෙ සුදු පාටමයි කියන තැන එළඹ සිටියහම නිල් පාට කන්ණාඩිය ගැලවිලා ගියොත්, සුද පාට පේන මට්ටමම එළඹ සිටියොත්, පේන්නෙත් සුදු පාට. සිහි කරන්නෙත් සුදු පාට ගියාම හම්බවෙන්නෙත් සුදු පාට කියන තැනින්ම සිටියහම, බැරිවීමකින් හරි නිල්පාටට පෙනෙයි කියලා එකක් තියෙනව ද?

නෑ.

ඒ නිසා ඒ චේතෝ විමුක්තියට කියනවා අකෝප්‍යයි කියලා අකෝප්‍යයි කියන්නේ වෙනස් වෙන්නෙ නෑ. දැන් මේ චේතෝ විමුක්තිය මොකට ද?

නිවන සඳහා.

නිවන දෙආකාරයි.

සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන.

ඒ කිවුවෙ දැන් මේ කෙලෙසුන්ගෙන් මනස මිදුනු ආශ‍්‍රවයන්ගෙන් මනස මිදුනු කෙනාටයි. ඇස් ඉදිරිපිට රූපයක් ආවොත් රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවෙනවා කියන එක පේනවා. එතන එතන ස්කන්ධ නිරෝධය පෙනෙන්නෙ දැන්. ශබ්දයක් අහුනොත්, ශබ්දය ඇහෙන්න තියෙන හේතුටික නිසා ශබ්දය කියන එක ඇහෙනවා. හේතු ටික නැතිවෙන කොට ශබ්දය ඉතුරු නැතුවම නැතිවෙනවා කියන එක පේනවා. බලන්න ද ඕනෙ නෑ. උත්සාහයක් ඕන නෑ. හිතන්න ද ඕන නෑ. ඒක සාක්ෂාත් වෙනවා. වෙනවා කියන න්‍යායයකට පත් කරලා තියෙන්නෙ.

මෙච්චරකල් කළේ ඇහැට එන රූපය අපි ආත්ම වශයෙන් මෙහෙන් අල්ලගන්නවා, උපාදානයි. ඒ ස්කන්ධයෝ නිරුද්ධ වුනාට උපාදානය නිසා නැවත ස්කන්ධයෝ හදන එක වුනේ. දැන් උපාදානයෙන් මිදිලා නම්, ආශ‍්‍රවයන්ගෙන් මිදිලා නම්, පේන දේ අල්ලගන්න එකක් නෑ. එතකොට පෙනෙන දේ පෙනීමෙන් පස්සෙ නිරුද්ධයි කියන තැනක ජීවිතේ, දිට්ඨෙ දිට්ඨ මත්තං දැන් ආශ‍්‍රවයන්ගෙන් හිත මිදිලා ඉබේමයි සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතෙ විඤ්ඤාත මත්තං කියන තැන ජීවිතේ පවතිනවා. ඕකට කියනවා

‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං’ කියන තැන සම්පාදනය කරගෙන ජීවත් වෙනවා.

ආශ‍්‍රවයන්ගෙන් හිත මිදිලා, කෙලෙසුන්ගෙන් හිත මිදිලා. වර්තමානයක, හේතුන්ගෙන් හටගත්ත ධර්මයෝ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන තැනක ජීවත් වෙනවා. හේතු නිසා හටගෙන, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා හිතන්නෙවත් නෑ. හිතන්නවත් ඕන නෑ. ඒක ධර්මතාවයක් බවට පත් කරලා.

ඔය පින්වතුන් කන්ණාඩිය ඉදිරිපිටට යද්දි, කන්ණාඩියට වැටුන ඡුායාව, අහකට යනකොට ඉතුරු නැතුව නැතිවෙනවා කියලා හිතන්න ඕනද? ඕන නෑ. ජීවිතේ හැම අරමුණක් ම එහෙමයි. ආශ‍්‍රවයන්ගෙන් මිදිලා, ආයතන ටික පරිහරණය කරනවා. ඔතෙන්ට කිවුවා සෝපදිශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ ඉතිරිය සහිතයි. හැබැයි කෙලෙසුන්ගෙන් මිදිලා, ආශ‍්‍රවයන්ගෙන් මිදිලා, පංච උපාදානස්කන්ධයෙන් මිදිලා ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් මිදිලා. ගුරු බරේ වැඩි කොටස අත හැරියා. ස්කන්ධ ටිකේ බර විතරයි ඉතුරු. ඔන්න ඔය විමුක්තිය නිවන සඳහා.

සෝපදිශේෂ නිබ්බානය මොකට ද? අනුපදිශේෂ පරිනිර්වාණය සඳහා. ඒ කිවුවේ කර්ම ප‍්‍රත්‍යයෙන් හටගත්ත මේ ජීවිතයත් අත හැරෙනවා. මතු විඤ්ඤාණය ප‍්‍රතිසන්ධි වශයෙන් පැමිණීමකුත් නෑ. පහනක් නිවෙනවා වගේ නිවෙනවා. මෙන්න මේ විමුක්තිය සාක්ෂාත් කරගත්ත කෙනාටයි.

මේ දෙආකාර නිරෝධය ස්පර්ශ කරන්න පුළුවන්. ඒකයි විමුක්තිය කුමක් සඳහා ද නිවන සඳහා කියලා කිවුවෙ. ලෝකයට කිවුවා කෙලෙස් පරිහරණය කරනවා. ආශ‍්‍රව පරිහරණය කරනවා කියලා.

රහතන් වහන්සේලාට කියන්නෙ නෑ. කෙලෙස් පරිහරණය කරනවා ආශ‍්‍රව පරිහරණය කරනවා කියලා රහතන් වහන්සේට කියන්නේ ස්කන්ධ පරිහරණය කරනවා කියලා.

ඒකෙ ලොකු අර්ථයක් තියෙනවා. ඇයි ඒ? රහතන් වහන්සේලා සම්මා දිට්ඨි. දන්නවා, ඇස් ඉදිරිපිටට එන්නෙ කන බොන ආහාරයෙන් හැදුන සම්, මස්, ලේ, නහර, ඇට, ඇටමිදුලූ වලින් යුක්ත වූ මේ රූපය කියන කාරණාවත් දන්නවා. සිහි කරනකොට හේතුන්ගෙන් හටගත්ත අනාත්ම වූ රූපය කියන අදහසින්මයි සිහි කරන්නෙ. බලන්න ගියාමත් ආහාරයෙන් හැදුන අනාත්ම වූ රූපයමයි තියෙන්නෙ කියන අදහසින්මයි පේන්නෙ. කෙලෙස් නැති පිරිසිදු ස්කන්ධ පරිහරණයක් විතරයි කරන්නේ. හැබැයි ලෝකෙත් දන්නවා. මෙබ`දු රූපය ආශ‍්‍රව දුරු නොකළ කෙනෙක්ගෙ ඇස් ඉදිරිපිටට යනකොට නම් මනුෂ්‍යයෙක් කියලා සිහිවෙයි නේද කියලත් දන්නවා. රහතන් වහන්සේට හොඳට තේරෙනවා කන බොන ආහාරයෙන් හැදුන සම්, මස්, ලේ, නහර, ඇට, ඇටමිදුළුවලින් යුක්ත රූපය ඇස් ඉදිරිපිටට ආවෙ කියලා හොඳට සිහි නුවණත් තියෙනවා. සිහි කරලා බලන්න යනකොටත් බලන්න යන්න බැරි නෑ. බුදු හාමුදුරුවො බලන්න යනවා. සැරියුත් මහාරහතන් වහන්සේ බලන්න යනවා කියලා යන්න පුළුවන්. පඥප්ති මාත‍්‍රයක් විතරයි. තියෙන යථාර්ථය මේක නේද කියලා නුවණත් තියෙනවා.

බලන්න කියල ගියාම, ඇස් ඉදිරිපිටට කන බොන ආහාරයෙන් හැදුන හම්, මස්, ලේ, නහර වලින් යුක්ත වූ අනිත්‍ය වූ වෙනස් වෙන රූප මාත‍්‍රයක් හමුවෙයි නේද කියන නුවණ තියෙනවා. ආශ‍්‍රවයන් දුරු නොකළ මනසකට මේ රූපෙ දකින කොටම බුදු හාමුදුරුවො කියන සංඥාව පහළ වෙයි නේද? මේ රූපෙ දකිනකොට ම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන නම පහළවෙයි නේ ද?

ඒ විදියටම මේ රූපෙ දකිනකොටම අම්මා, තාත්තා, අයියා, අක්කා කියලා තේරෙයි නේද කියලා ලෝකෙ ගැනත් දන්නවා. මෙන්න මේ විදියට ලෝකෙන් එතෙර වෙන්න තියෙන එක දොරටුවක්, මේ ක‍්‍රමය ඉගෙනගෙන, මේ විදියට හිතන්නෙ නැතුව කවදාවත් මිදෙන්න පුළුවන්කමක් නම් නෑ. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා නොසිතන්නා විශේෂණයකට පත්වෙන්නෙ නෑ කවදාවත්. හිතන කෙනයි විශේෂණයකට පත්වෙන්නෙ.

ඔය පින්වතුන් මොන වැඩක් කෙරුවත්, වාහනේක ගියත්, රස්සාවක් කළත්, ගෙවල් දොරවල්වල ජීවත් වුනත්, ප‍්‍රශ්ණයක් නෙවෙයි. සත්ව පුද්ගල භාවයට සිහිවෙන හැම වෙලාවකම අනාත්ම ධර්මතා ටික බලන්න. ඒ නිසා ආත්ම සංඥාව යෙදිලා තියෙන්නෙ කියලා බලන්න. ආත්ම සංඥාව සිහිවෙනකොට මේක මනස තුල පවතින ධර්මතාවයක් නැත්නම් කර්ම නිමිත්තක් කියලා බලන්න. මෙහෙම එකක් බාහිර සිහි කරන එක වැරදියි. එහෙම එකක් නෑ කියලා බලන්න දෙපැත්තට.

ඔය විදියට හිත හිතා, හිත හිතා ඉන්න. ඒකට උපකාර පිණිස ශීලයක පිහිටලා සිත වඩන්න.

ඔන්න ඔය විදියට කළහම, ඕකට කිවුවා අනාත්ම සංඥාව බහුල කරලා ආත්ම සංඥාව දුරු කරනවා. ඒ සඳහා තියෙන නුවණට තමයි අපි කිවුවේ, සංඥා විවට්ට පඥා කියලා ඒ අනාත්ම සංඥාව බහුල කළහම, ඒ මාර්ගය ඔස්සේ ගියහම, ඒ කෙලෙසුන්ගෙන් මිදීම, ආශ‍්‍රවයන්ගෙන් මිදීම නම් කළා ශුන්‍යත චේතෝ විමුක්ති කියලා.

ඒ විමුක්තිය නිවන සඳහායි. එක් ක්ෂණික ස්කන්ධයන්ගේ නිරෝධය සඳහායි. එක් ක්ෂණික ස්කන්ධයන්ගේ නිරෝධය දකින මට්ටමට ජීවිතය පත් කළේ ඇයි?

අනුපදිශේෂ පරිනිර්වාණය සඳහායි.

ඒකයි අර ආශ‍්‍රවයන්ගෙන් මිදුනහම මත්තේ කළ යුත්තක් නෑ කියන තැනට එනවා. ඒ කියන්නේ කරන්න තියෙන උපරිම දේ කළා. ඊට පස්සෙ ධර්මතාවයක්. හටගත්ත ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා කියන එක සිද්ධවෙන තැනට සිද්ධකරලා තියෙනවා. තමන්ට ඊට එහා කරන්න දෙයක් නෑ. ඔන්න එක විමුක්ති මුඛයක්, එක දොරටුවක්, ඊට පස්සෙ තව තියෙනවා.

ඔතන දී ‘සබ්බේ ධම්මා අනත්තා’ කියලා කිවුවේ වෙන මුකුත් හින්දා නෙවෙයි. දැන් මේ ස්පර්ශ ආයතන හයත්, ඒ ස්පර්ශ හය අනාත්මයි කියලා දන්නා නුවණත් අනාත්මයි කියලා පෙන්නුවා. ඒකයි සියලූ සංස්කාරයෝ කියලා කියනකොට ඔය ස්පර්ශ ආයතන හයට කියන්නෙ. ස්පර්ශ ආයතන හයම අනාත්මයි. ඒ අනාත්මය දන්නා නුවණත් අනාත්මයි කියලා කියන්නයි ‘සබ්බේ ධම්මා අනත්තා’ කියලා කිවුවේ.

මේක ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයක් -අනන්ත දුක් සහගත සසර පිළිබඳ ප‍්‍රශ්නයක්. ඔය පින්වතුන්ට ධර්මය කියලා දෙන්න මම දරන උත්සාහයට වඩා දහස් ගණනකට වැඩි උත්සාහයක් ඔය පින්වතුන් තුල තියෙන්න ඕන. හාමුදුරුවන්ගේ මේ වචනය අපි ගන්නෙ කොහොමද කියලා. සසර බය තේරෙනවා නම්, සසර දුක තේරෙනවා නම්, සසරින් එතෙර වෙන්න ඕන නම්, එයාගෙ මනසෙ හොඳ අවදි බවක් ඇතිකරගන්න, හොඳ උවමනාවෙන් ඒක අහනවා. ඉතින් ඒ නිසා හොඳ උවමනාවෙන් මේ ටික අහන්න.

දෙවෙනි කාරණාව තමයි - මං මේ අනික් පැත්තෙ ඉඳන් ආවේ ලෝකෙට ආත්ම සංඥාව ගොඩාක් වැඩි නිසා - ඊගාව විමුක්ති මුඛය තමයි, සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා නම්, මෙන්න මේකත් මිදීමට තියෙන මගක් නිවනට තියෙන මගක්. කොහොමද සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්නේ. හොඳට බලනවා ඇහැ කියන එක.

මම ඔය පින්වතුන්ට මතක් කරලා තියෙනවා, ඇහැ කියන්නෙ කර්මජ රූපයක්. පෙර අවිද්‍යාව, කමය, තණ්හාව වර්තමාන ආහාර කියන ධර්මතා නිසා හැදිච්ච රූපයක්. මේ ඇහැ අපි හිතාගෙන ඉන්න විදියේ ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවෙම තියෙන ඇහැක් නෙවෙයි. ඇහැ කියන එක තීරණය වෙන්නේ, ඇහැට පේන රූපයට සාපේක්ෂව. ඇහැ උපන්නා කියන්න තියෙන සාක්ෂිය තමයි, රූපයක් පේන එක. අපි මේ හිතාගෙන ඉන්න සුදු පාට, මැද කළු ඉංගිරියාවක් තියෙන මේ පේන එක වණ_ රූපයක්. ඇහැ නෙමෙයි. ඇහැ කියන එක තමන්ට සාපේක්ෂව තියෙන එකක්. ඇහැ කවදාවත් බාහිර නෑ. ඇහැ ආධ්‍යාත්මිකයි. දැන් මේ බාහිර තියෙන ඒවා ඇස් නම්, මට බලන්න පුළුවන් වෙන්න ඕන මේ ඇහැ නැති වුනත්, මේවා ඇස් නම් බලන්න පුළුවන් වෙන්න ඕන. මේ ඔක්කොම ඇහැට පේන රූප මිසක ඇහැ නෙමෙයි. කෙනා කෙනාට සාපේකෂව මේක බොහොම නුවණින් දකින්න ඕන සිද්ධියක්.

ඕකෙදී අර මම කියන්නෙ ඉ`දිකට්ටකින් හරි අල්පෙනෙත්තකින් හරි ඇනලා, ඇනලා බැලූවොත් අපිට රිදෙයි නේද? එතකොට උපදින විඤ්ඤාණය මොකක් ද? කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය උපදිනවද ඇහැ නම්, ඇහැට ගැටිලා කාය විඤ්ඤාණය උපදිනවා කියලා තියෙනවද කොහේවත් . නෑ. ඒ රූපය නිසානෙ, කාය විඤ්ඤාණය ඉපදුනේ. එහෙනම් ඇහැ කියන්නෙ අවස්ථාවට පෙනෙන එකක.් ඊට පස්සේ අපිට පේන රූපය කියලා කියන්නේ, මේ ඇහැ උදවුවෙන් ඇහැ නිසා ඇහෙන් හදලා පෙන්නන රූපයක්. මෙහෙම වණසටහනක් මහා භූතයන්ගේ නෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන සතර මහා ධාතුවත්, වණ, ගන්ධ, රස, ඕජා කියන උපාදාය ගුණාත්මක ගති හතරකුත් තියෙනවා.

එහෙම තියෙන තැනක මහා භූතයන්ගෙ තියෙන වණ_ සංඝටක අරගෙන මේ ඇහෙන් තමයි මෙහෙම හැඩතලයක් හදලා පෙන්නන්නේ. රූපයක් හදලා පෙන්නන්නෙ. එතකොට මෙහෙම රූපයක් පෙන්නන්න ඇහැ උපකාරයි. ඇහැ හැදෙන්න රූපය උපකාරයි. මේ දෙන්නා උපකාරයි චක්ඛු විඤ්ඤාණය උපදින්න. ඔවුනොවුන්ට උපකාරීව, ඔවුනොවුන්ට උදවු වෙමින්, අවස්ථාවට මේ හේතු තුන හැදිලයි, අපිට මේ රූපයක් පේන්නේ.

ඇහැ නැතිවුනා කිවුවත්, රූපය නැතිවුනා කිවුවත් දෙන්නම නැතිවුනා කිවුවත්, චක්ඛු විඤ්ඤාණය නැතිවුනා කිවුවත්, පේන දේ ඉතුරු නැතුවම නැතිවෙනවා. ඕක තමයි පවතින ඇත්තම ඇත්ත. අපිට ඔය ඇහැ, රූප, චක්ඛු, විඤ්ඤාණ, චක්ඛු සම්ඵස්සය, චක්ඛු සම්පස්සයෙන් උපන්න වේදනා, සංඤා චේතනා කිවුවට ඕවා එකක්වත් තේරෙන්නේ නෑ. පේන්නේ නෑ. අපිට පේන්නේ රූපයක් විතරයි. හැබැයි මේ රූපය පේනකොට රූපය පේනවා කියන තැනට රූපයත් උපකාර වෙලා, ඇහැත් උපකාර වෙලා, චක්ඛු විඤ්ඤාණයත් උපකාර වෙලා, චක්ඛු සම්ඵස්සය, චක්ඛු සම්ඵස්සයෙන් උපන්න වේදනා, සංඥා, චේතනා කියන ධර්මතාත් උපකාරී වෙලයි තියෙන්නෙ. ඔය පින්වතුන්ට පේන රූපය නිත්‍ය වුනොත් එතකොට ඇහැත් නිත්‍යයි, රූපයත් නිත්‍යයි, චක්ඛු විඤ්ඤාණයත් නිත්‍යයි. චක්ඛු සම්ඵස්සයත් නිත්‍යයි. චක්ඛු සම්ඵස්සයෙන් උපන්න වේදනා, සංඥා, චේතනා නිත්‍යයි යන ගණයට යනවා. පේන රූපය අනිත්‍ය වුනොත්, අර ධර්මතා ඔක්කොම අනිත්‍යයි යන ගණයට යනවා. එහෙම නැතුව වෙන වෙනම මේ ස්කන්ධයෝ හටගන්නෙත් නෑ. වෙන වෙනම නිත්‍ය අනිත්‍ය බලන්නත් බෑ. නුවණින් වෙන වෙනම ගති ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මේ අනිත්‍යයයි කියන කොට කිසිම වෙලාවක දී, මේ ශාසනේ අනිත්‍යයි කියන වචනෙ නිකම් කියන්නෙ නෑ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

" චේතෝ විමුක්තිය - 3 කොටස "



සතර සතිපට්ඨානෙ කායානුපස්සනාව තියෙන්නෙ මේ පෙන්නපු දේ ඇත්තද කියලා තමන්ටම තේරුම් කරගන්න. ඔය පින්වතුන් හොඳට කය ගැන නුවණින් බලන්න අර විදියට. බලනකොට හොඳට තේරෙනවා අනාත්ම කොටස්. එබ`දු වූ අනාත්ම රූපය ඇස් ඉදිරිපිටට එනකොට ආත්ම සංඥාව අපි තුල යෙදිලා. ඊට පස්සෙ අපි දරුවා, පුද්ගලයා කියලා සිහි කරලා බලන්න ගියාමත් වෙන්නෙ, ඒ දරුවා සිහි වුනා දරුවා දැක්කා නෙවෙයි. එදාට ද කන බොන ආහාරයෙන් හැදුන අනාත්ම වූ ස්කන්ධය රූපය ඇස් ඉදිරිපිටට එයි. ආයෙත් පුද්ගල සංඥාව අප තුල යෙදෙනවා නේද කියලා මේ විදියට හිත හිතා, හිත හිතා බලන්න.

ශබ්දයත් එහෙමයි. කනයි, ශබ්දයයි, සෝතක විඤ්ඤාණයයි කියන තැන ගත්තහම මහා භූතයන්ගෙ උපාදාය රූපයක් තියෙන්නෙ. අනාත්මමයි. අර සුදු පාට කෙනෙක් ඇස් ඉදිරියට ආවා වගේ. එතකොට අපි කන්ණාඩියක් දාගන්නවා වගේ මනුස්සයෙක්ගෙ කටහඬ, බල්ලෙක් බුරනවා, අලියෙක් කෑ ගැහුවා කියලා සත්ව පුද්ගල භාවයෙන් අපි හිතනවා. කවදාවත් ශබ්දය කියන එකට අලියො, මනුස්සයො ඉඳලා නෑ. ඒ ශබ්දය අනාත්මයි.

එබ`දු වූ අනාත්ම ශබ්දය නිසා ආත්ම සංඥාවක් අපි තුල ඇතිවෙලා තියෙන්නෙ. නිල් පාටින් අපිට පෙනිලා තියෙන්නෙ. අපි අලියගෙ සද්දෙ අහන්න කියලා ගියත් මනුස්සයගෙ කටහඬ අහන්න කියලා ගියත්, ගායකයගෙ සින්දුව අහන්න කියලා ගියත්, අනාත්ම වූ ශබ්ද ධාතුව කන ඉදිරිපිටට එයි. ආයෙත් පුද්ගලයෙක්ගෙ හඬ කියන ප‍්‍රපංච ටික මනසෙ යෙදිලා තියෙයි. මේ ටික නුවණින් දකින කෙනාට කෙනෙක්ගෙ වූ පුද්ගලයෙක්ගෙ වූ සත්වයෙක්ගෙ වූ ශබ්දයක් අහන්න. සිහි කරන්න බැරි දවසක් එනවා. මෙහෙම බල බලා යනකොට.

ගන්ධය ගත්තහම, මනුස්සයෙක්ගෙ ගඳ, පුද්ගලයෙක්ගෙ ගඳ, සතෙක් මැරිච්ච ගඳ කියලා ගත්තහම ඝාණ ධාතු,ගන්ධ ධාතු,ඝාණ විඤ්ඤාණ ධාතු කියලා මේ ගන්ධ ධාතුව අනාත්මමයි. මහා භූතයන්ගෙ උපාදාය රූපයක් තියෙන්නෙ. ඒක පුද්ගලයෙක්ගෙ නෙමෙයි. නමුත් කන්ණාඩියක් දානවා වගේ අහවල් සතාගෙ ගඳ, උරුලෑවගෙ ගඳ, ඌරෙක්ගෙ ගඳ, අලියෙක්ගෙ ගඳ, සර්පයෙක්ගෙ ගඳ, මනුස්සයෙක්ගෙ ගඳ, වවුලන්ගෙ ගඳ කියලා අපි හිතුවහම, හිතලා දැනගෙන මේ තියෙන්නෙ.

ගන්ධවලට කවදාවත් ආත්මවල් තිබුනෙ නෑ. ආත්මවලත් වෙච්ච ගන්ධවල් නෑ. එතකොට තමන් දන්නවා කෙනෙක්ගෙ ගඳ සිහි කරනවා නම් ඒක වැරදියි කියන එක පේනවා. ආපහු අනාත්ම වූ ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු එකතු වුනහම ගඳ දැනෙයි. නාසය ඉදිරිපිටට ගඳ එයි. හැබැයි ඒ ගඳ කෙනෙක්ගෙ නෙමෙයි මේ සතෙක්ගෙ කෙනෙක්ගෙ කියන ටික යෙදෙන්නෙ මනසෙ කියලා දකිනවා. ඔය පින්වතුන්ට ආත්මවත් වූ ගන්ධයක් සිහි කරගන්න බැරි දවසක් එයි. රස ගත්තහම, අම්මා හදලා දුන්න තේ රසයි. තාත්තා උයලා දුන්න කෑම රසයි. අපේ උපාසකම්මා හදන කෑම රසයි. අපේ උපාසක මහත්තයා හදන කෑම රසයි කියලා රසය මුල් කරගෙන හෝ ආත්ම සංඥාවක් එනවා නම්, කෙනෙක් කරපු හෝ කෙනෙක්ගෙ හෝ රසවල් කොහෙවත් නෑ. හැම වෙලාවෙම රසය, ජීවිහා ධාතු, රස ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු කියන ටික අනාත්මයි. මහා භූතයන්ගෙ උපාදාය රූපයි. ඒ ටික නිසා තමන් තුල ආත්ම සංඥාවක් යෙදිලා තියෙන්නෙ කියලා දකිනවා.

අපි කෙනෙක් හදලා දුන්න රස කියලා බලන්න ගියත්, අනාත්ම වූ රසයම හම්බ වෙනවා. පුද්ගලයෙක්ගෙ රස කියලා අපේ මනස තුලයි යෙදෙන්නෙ කියලා දකිනවා.

ඊට පස්සෙ කයට ගැටෙන පොට්ඨබ්බය අහවල් කෙනාව අල්ලන්න පුළුවන්. අහවල් ළමයව අල්ලන්න පුළුවන්. දරුවව අල්ලන්න පුළුවන් කියලා අපි යම් පොට්ඨබ්බයක් සිහි කරනවා නම්, එයා දකිනවා කන බොන ආහාරයෙන් හැදුන සතර මහා ධාතු රූපය ස්පර්ශ වෙයි. එතකොට පුද්ගලයෙක් කයේ හැපුනා. අහවලාගෙ ස්පර්ශය අහවල් කෙනාගෙ ස්පර්ශය කියලා අපේ මනසෙ යෙදෙයි. නමුත් අපි ඒක සිහි කරලා, ඒ ස්පර්ශය ගන්න ගියාමත් අනාත්ම වූ ධාතු නිසා ස්පර්ශයක්, කාය ධාතු, පොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු නිසා ස්පර්ශයක් ඇතිවෙනවා.

ඒ කාය, ඒ පොට්ඨබ්බය මහා භූත උපාදාය රූප. කෙනෙක්ගෙ නෙමෙයි. සතර මහා ධාතුවෙන් හැදුන ඒවා. ඒක කෙනෙක්ගෙ කියන සංඥාව මනසෙ යෙදෙයි නේද කියලා බලනවා.

ගෙදර ගැන සිහි කරන්න. අම්මා ගැන සිහි කරන්න. දරුවා ගැන සිහි කරන්න පුළුවන් වෙයි. මනසින්, සිහි කරන කොට දන්නවා, මේ සිහි කරන කොටත් බාහිර යම් රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පොට්ඨබ්බයක් තියෙනවා නම් ඒක අනාත්මයි නේද? එබ`දු වූ ධර්මතා සිහි කරලා ඒවා බලන්න ගියාමත් අනාත්ම වූ ස්කන්ධ ඇස් ඉදිරිපිටට එයි. එතකොට තමන් තුල ආයෙත් මේ ආත්ම සංඥාව යෙදෙයි නේද කියලා බලනවා.

ස්පර්ශ ආයතන හයේ ම ඔය පින්වතුන් දැක්කොත් අනාත්ම වූ ආයතන ටික නිසා තමන් තුල ආත්ම සංඥාව උපදිනවා කියලා දැක්කොත්, ආත්ම සංඥාව තමන්ට සිහි කරන්න පුළුවන්, සිහි කරන එක මනෝයි කියලත් දැක්කොත්, සිහි කරලා බාහිරේ බලන්න බෑ. බාහිර මෙහෙම දෙයක් බලන්න බෑ කියන තැනකට ඔය පින්වතුන් ආවොත් යම් දවසක දී, ඔතෙන්ට කියනවා ශුන්‍ය වූ ග‍්‍රාමය කියලා. හිස් ගෙවල් හයක්. ගෙවල් හයේ කිසිම පුද්ගලයෙක් නෑ දැන්. මේ ගෙවල් හයේ කිසිම සත්වයෙක් නෑ. හිස් ගෙවල් හයක් තියෙන තැනකට ඇවිල්ලා.

සිහි කරන්නෙ, බලන්නේ. නුවණින් මෙනෙහි කරන්නෙ හිස් වූවක්. සත්වයෙක් නොවූ, පුද්ගලයෙක් නොවූ ධර්මතාවයක්ම වැටහෙනවා.

‘න ච කිංචි ලෝකෙ උපාදියති’

කාය සංඛ්‍යාත ලෝකයෙ කිසිවක් පුද්ගල භාවයෙන්, ආත්ම භාවයෙන්, උපාදාන වශයෙන් ගන්නෙ නෑ. මෙන්න මේ විදියට යම්කිසි කෙනෙක් නුවණින් බලනවා නම් මේකට කියනවා අනාත්ම සංඥාව බහුල කරනවා කියලා.

මේක හොඳට තේරුම් කරගන්න. මේක හරිම වටිනා දෙයක් ජීවිතේකට. ලේසි රැුවටිල්ලක් නෙවෙයි අපි රැුවටිලා තියෙන්නෙ. අපි මාරයගෙ උගුලකට අහුවෙලා මේ තියෙන්නෙ. හොඳට බලන්න. මේ චක‍්‍රයෙන් එළියට යන්න වෙන තැනක් ඇත්තෙම නෑ.

ඒ කියන්නෙ සුදු පාට ඇඳගත්ත කෙනා එද්දි මම නිල් පාට කණ්ණාඩියක් දාගෙන නිල්පාට කණ්ණාඩියකින් නම් බලන්නෙ, බලලා නිල් පාට රූපයක් මතකෙ තියාගන්නවා නම්, බාහිර රූපෙයි නිල් පාට කියලා මම හිතාගන්නවා නම්, බාහිර නිල්පාට රූපෙට මම ආස කරලා බාහිර නිල්පාට රූපෙ බලන්න යනවා නම්, ආපහු බාහිර නිල්පාට රූපයම දකිනවා නම්, අපිට කවදාවත් නිල්පාට ලෝකෙන් එළියට යන්න පුළුවන් වෙයි ද? බෑ.

කවදාවත් යන්න මගක්වත් හම්බ වෙයිද අපිට? හීනෙකින්වත් ? බෑ.

හීනයක් දැක්කත් හම්බ වෙන්නෙ නිල් පාටින්. මේකෙන් එළියට යන්න කිසිම වෙලාවක ලෝකෙට ඉඩක් නෑ කියන්නෙ ඒ නිසා. අන්තිමට ඒ විදියටයි ලෝකෙ කියන්නෙ. ඇත්ත පේන්නෙ නෑ. ලෝකෙ වැරදියි කියලා කියන්නෙ. නිල් පාට පේන එක ඇතුලෙ තමයි ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස ටික ඇතිවෙන්නෙ නිල් පාට ලෝකෙ. නිල් පාටින්ම දැකලා, නිල් පාටම සිහි කරලා, නිල් පාටම හම්බවෙන තාක් ඕකට කියනවා ලෝකෙ කියලා.

ඕකට කියනවා සසර කියලා. ඔය ඇතුලෙ ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස, නින්දා, අපහාස, ඇනුම්, බැනුම්, තාඩන පීඩන, වි`දින්න තියෙන ඔක්කොම දුක් ටික තියෙනවා. හැබැයි ඔය ඔක්කොම ටික තියෙන්නෙ අවිද්‍යාව ප‍්‍රත්‍යයෙන්. මේ ඔක්කොම දුක් ටික තියෙන්නෙ ඇත්ත ඇති හැටියෙ නොදකින කෙලේසයක් මත. කෙලෙස්, කර්ම කියන ධර්මතා දෙක මත තියෙන්නෙ මනසෙ. මේ දුක නිල් පාට ලෝකෙ තිබුනා නම්, තිබිච්ච නිල් පාට නිසා දුකක් වි`දින්න වුනා න ම්, තව ඒක සාධාරණයි. නමුත් දුක හදාගෙන දුක උපද්දවාගෙන නම් දුක් වි`දින්නෙ අපි. ලෝකෙ තිබුනෙ නෑ නිල්පාට. තිබුනෙ සුදු පාට. නිල් පාට කන්ණාඩියක් අවස්ථාවට පැළඳගෙන, නිල් පාටින් බලලා, නිල්පාට දේකට කැමති වෙලා. මේ රූපෙ වෙනස් වෙන කොට පේන්නෙ කොහොමද මට? නිල් පාට රූපෙ වෙනස් වෙච්ච එක. මං නිල්පාට රූපෙට කැමති නම් නිල්පාට රූපෙ නැතිවෙච්ච එකට අඬන්නෙ නැද්ද? අඬනවා. විලාප දෙනවා.

ඉතින් මේ දුක් ටික තියෙන්නෙ ඔය වගේ ප‍්‍රපංචයක් හරහා, කෙලේසයක් හරහා කියන එක මතක තියාගන්න. ඒ නිල්පාට රූපෙ වගේ තමයි ආත්ම සංඥාව. අනාත්ම වූ රූපය ඇස් ඉදිරිපිටට එද්දිත්, එන්නෙ අපිට ආත්ම සංඥාව නම්. පැත්තකට ගිහිල්ලා අපි සිහි කරන්නෙ දරුවො ගැන නම්, ස්වාමි පුරුෂයා ගැන නම්, බිරිඳ ගැන නම්, ඥාතිවරු ගැන නම්, මේ දැන් නිල්පාට වස්තුව සිහි කර කර ඉන්නෙ ඒවා සිහි කළහම නිල්පාට රූප බලන්න කැමතියි වගේ දරුවා බලන්න කැමතියි. ස්වාමියා බලන්න කැමතියි. බිරිඳ බලන්න කැමතියි කියලයි යන්නෙ.

කැමති දේ තිබිලා අපිට හම්බවෙනවා නම් ඒත් තව සාධාරණයි. කමක් නෑ අවස්ථාවකට හරි. නමුත් එහෙම බලන්න කියලා ගියාමත් ඇස් ඉදිරිපිටට එන්නෙ ආයෙත් සුදු පාට රූපෙ. අපේ කන්ණාඩිය හරහාම අපි ආපහු නිල් පාට දැනගෙන නිල්පාට තියෙන රූපෙ හම්බවුනා කියලා හිත හදාගෙන එනවා. අන්තිමට හිතම සනසවන්න, හිතම පිනවන්න, හිතටම කෙලේසෙම ගොනු කරන්න කටයුතු කරලා තියෙනවා මිසක, කෙලෙස් දශමයකින්වත් අහකට ගිහිල්ලා නෑ.

හොඳට මතක තියාගන්න. ලෝකෙ කියලා කියන්නෙ මුළු ජීවිතේම කෙලෙස් පරිහරණයක්. තුන් භවයම කෙලෙසුන් නිසා දුක් වි`දිනවා. ස්කන්ධ නිසා දුක් වි`දින්නෙ නෑ කවුරුවත්. කෙලෙස් නිසා දුක් වි`දින්නෙ. එතකොට බුදු රජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සම්මා දිට්ඨි ‘මහණෙනි, ඇත්ත ඇති හැටිය බලන්න කියලා පෙන්නුවා. දුක පෙන්නුවා ඔය නිල් පාට ටික තමයි දුක. දුකට හේතුව කියලා පෙන්නන්න වෙන්නෙ මොකක්ද? අර මනසෙ තියෙන දැනුම් ටික. තණ්හාව දුකට හේතුව කියලා පෙන්නුවා. තණ්හාව නැති වුනොත් දුක නැතිවෙනවා කියලා පෙන්නුවා. මාර්ගය මොකක් ද? සම්මා දිට්ඨි. ඇත්ත බලන්න. ඇස් ඉදිරිපිටට එන රූපය දිහා හොඳට බලන්න. එතකොට මේක මනසෙ තියෙන කෙලේසෙ කියලා, නිල් පාට කියන එක කන්ණාඩිය නිසා හම්බවෙච්ච එකක් කියන නුවණ ආවොත්, එහෙනම් කන්ණාඩිය නිසා නිල් පාටට පෙනුනා නම් බාහිර නිල්පාට රූපයක් සිහි කරන එක වැරදියි නේ ද? කියන එක තේරෙන්න තේරෙන්න මොකද වෙන්නෙ.

සිහි කරන ගතිය අඩුවෙයි ද? නැද්ද? අඩුවෙයි.

එතකොට හිත සමාධි වෙනවා කියන්නෙ ඉබේමයි. ඇයි මේ දුවන වේගෙ නතර වෙන්නෙ නැද්ද? නතර වෙනවා.

කෝච්චියට ගල් අඟුරු දානකම් වේගය වැඩිවෙනවා වගේ. බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතෙනතාක් හිතන්න බැරිද? හිතනවා කෙළවරක් නැතුව. යම් කාලෙක දී සම්මා දිට්ඨිය ඇත්ත ඔය පින්වතුන් දැක්කොත් මේ හිතන එක අඩුවෙයිද නැද්ද?

අඩුවෙනවා. අඩුවෙනවා කියන්නෙ මේ අඩුවීම කොච්චරක් දුරට අඩුවෙනව ද දන්නවද?

මේ කාම සංඥාව සම්පූර්ණම දුරු වෙලා ධ්‍යාන මට්ටමට හිත වැඩෙනවා. ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. ඒ චේතෝ විමුක්තිය නම් කරනවා, ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා.

අනාත්ම සංඥාවෙන් බලනකොට, අනාත්ම සංඥාව බහුල කරනකොට, මේ විදියට ආත්ම සංඥාව දුරු වෙනවා. දුරු වෙනකොට කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ආශ‍්‍රවයන්ගෙන් හිත මිදෙනවා. ආත්ම සංඥාවෙන් හිත මිදෙනවා. පංච උපාදානස්කන්ධයෙන්ම හිත මිදෙනවා. ඒ මිදීම නම් කරනවා ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා. එයාගෙ ඇස් ඉදිරිපිටට ගැහැවී ගැහැවියෝ ගහපතියො රජවරු සිටුවරු කවුරු කෙනෙක් ඇස් ඉදිරිපිටට ආවත් ආර්ය වූ ශුන්‍යතාවයකින්මයි ඉන්නෙ.

නුවණක් තියෙන කෙනාට, මේ ශුන්‍යතාවයෙන් බලන්න බැරි වෙයිද? තමන් තුල මෙහෙම ආත්ම සංඥාව යෙදිලා තියෙනවා කියලා. ඒ චේතෝ විමුක්තිය අකෝප්‍යයි කියලා කියන්නෙ, වෙනස් වෙන්නෙ නෑ කියලා කියන්නෙ, ආයෙ රැුවටීමකින් හරි ආත්ම සංඥාවෙන් බැලෙයි කියලා එකක් නෑ.

ඒ ශුන්‍යතාවය අකෝප්‍යයි. වෙනස් වෙන්නෙ නෑ කවදාවත් කියලා කියන්නෙ. සතිපට්ඨානෙ වඩලා, අනාත්ම ධර්මතා තියෙන තැනක ආත්ම සංඥාව තමන් තුල උපදින්නෙ කියලා බලනවා. ආත්ම සංඥාව සිහි කරලා බාහිරට යන්න බෑ. ඒක වැරදියි කියලා බලනවා. ඔහොම බල බලා ඉන්න කොට කෙලෙස් අඩුවෙලා තීවරණ අඩුවෙලා සම්මා දිට්ඨිය එළඹ සිටිනවා හොඳට. ඒ කියන්නෙ සුදු පාට රූපය දකිනකොට, නිල්පාට කන්ණාඩියෙන් බලලා නිල් පාටයි කියලා ගත්ත දැනුම වැරදියි නේද? එහෙම සිහි කරද්දිත් තිබුනේ සුදු පාට නේද? බලන්න කියලා ගියාම සුදු පාට රූපෙ ඇස් ඉදිරිපිටට එයි. නිල් පාටට අපිට පෙනෙයි නේද කියලා මෙහෙම බල බලා ඉන්න කොට නිල්පාට යමක් සිහි කරගන්න බැරි දවසක් එනවා.

මේ නිල්පාට පරිහරණය කරන එක අඩුවෙන කොට ඒක දිරලා යනවා. ඔය පින්වතුන් දන්නවනේ යමක් පරිහරණය නොකර ඉන්නකොට එ්ක මළකඩ කනවා. ගෙවෙනවා, දිරලා යනවා නේද? එතකොට දැන් ආත්ම සංඥාව පරිහරණය කරන කොට ඒක හොඳට තීව‍්‍ර වෙනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

" චේතෝ විමුක්තිය - 2 කොටස "


අපි ඒ සත්ව, පුද්ගල, ආත්ම, සංඥාව දුරුවෙන, අනාත්ම සංඥාව එළඹ සිටින විදියට නුවණින් මෙනෙහි කරන හැටි අහගනිමු. 

මේ තමයි භාවනා කමටහන්. වෙන මුකුත්ම නෙවෙයි. දේශනාවක දී අහගත්තහම අහගත්ත දේට උපකාරක ධර්මයක් එකතු කරගන්න විතරයි තියෙන්නෙ. ශීලයක පිහිටන්න. චිත්ත සමථයක් ඇති කරගන්න. කමටහනක් විටින් විට වඩන්න. ඊට පස්සෙ මේ අහගත්ත ක‍්‍රමය නුවණින් හිතන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එහෙම නැතුව වෙන අමුතු කමටහන් නෑ. ඒකයි බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළහම, දේශනාව අවසන් වෙනකොට ගොඩක් දෙනෙක් මාර්ග ඵල ලබන්නෙ. ඒ දේශනාව තුල තියෙනවා දුකත්, දුක ඇතිවෙන ක‍්‍රමයත්, දුක නැතිවීමත්, නැති කරන මගත් තියෙනවා. චතුරාර්ය සත්‍යය ඝටිත වූ දේශනාවක දී ලැබෙන්නෙ ඒ නිවන් දකින දුක් නැති කරන ම`ග. ඒ නිසා හො`දට මේ ටික අහගෙන, ඒක කරන්න තියෙන්නෙ අපිට.

මෙතන දී ඉස්සෙල්ලා ම හැම දෙනාම හො`දට බලන්න අපිට ආත්ම වශයෙන් හම්බවෙන මේ රූප ගැන. අම්මා, තාත්තා, අයියා, අක්කා, දුවා, පුතා, නංගී, මල්ලී, නෑදෑයෝ කියලා හිතාගෙන ඉන්න රූප දිහා . දැන් ඒ රූපවල පවතින සැබෑම ස්වභාවයට, යථාර්ථයට අපි නුවණින් යමු. අපි කොච්චර පි‍්‍රයයි ආදරෙයි කියලා හිතාගෙන හිටියත්, ඒ හැම තැනකම තියෙන රූපය දිහාවට නුවණින් මනස යොමු කරන්න බලන්න.

අපි දරුවෙක් කියලා කියමු. අපි දරුවා කියලා හිතාගෙන ඉන්න ඒ රූපය බලන්න. හැදෙන්නෙ කන බොන ආහාරයන්ගෙන්. කන බොන ආහාර කියනකොට හො`දට සංඥාව ඊට යොමු කරන්න. බත්, පාන්, කව්පි, මුං ඇට නොයෙක් දේවල් ගන්න. සතර මහා ධාතූන් නිසා හටගත්ත ධර්මතා මිසක සත්ව පුද්ගල ආත්ම කොටස් නෑ. එබ`දු වූ ආහාරය ගත්තහම වෙන්නෙ මේ කටේදිම සම්පූර්ණ කෙළත් එක්ක එකතු වෙලා ඒකෙ ප‍්‍රකෘති තත්ත්වය කට ඇතුලෙදීම වෙනස් වෙනවා. වෙනස් කරනවා. ඊට පස්සෙ ඒ ආහාරයෙ කොටස් තමයි අපේ උදරයට ගිහිල්ලා උදරයේ තියෙනවා ජීරණය ස`දහා උදව් වෙන තේජෝ ධාතුව. කොට්ඨාශ වාතයෙන් පෙරලලා, ආහාරපාන ටික උදරයේ දීම දියරයක් බවට පත්වෙනවා. ඒ දියරය තමයි දැන් ඔය බවලත් උදවියට විසි අට රියන්, පුරුෂයන්ට දෙතිස් රියන් දිග බඩවැලක් තියෙනවා. මේ දියරය ඔය බඩවැල දිගේම යනකොට බඬේ තියෙනවා කමජ තේජෝ ධාතුව කියලා. මේ ශරීරයේ තියෙනවා කමයෙන්ම උපන්න උෂ්ණයක්. හො`දට රත්වෙච්ච යඩක බටේකට වතුර ටිකක් දැම්මොත් ටිකක් දුරට යනකොට මේ වතුර ටික මොකක් වෙයි ද? වාෂ්ප වෙයි නේ ද? ඒ වගේ මේ ආහාරයෙ තියෙන දියර ස්වභාවය අර බඩවැල දිගේම යනකොට වාෂ්ප වෙනවා. ඉතාමත් සියුම්. අපි ඔය භාවනා කරනකොට, කුණප කොටස් තිස්දෙක ගැන මෙනෙහි කරන කොට කියන්නෙ අර කුඩා බඩවැල කියලා ඒ කියන්නේ මේ බඩවැලේ තියෙනවා ඉතා සියුම් නහර වැල් වගේ ටිකක්. මේවයින් අර යුෂය සම්පූර්ණයෙන් ම උරාගන්නවා. උරාගත්තහම ඒ ඕජාවෙ හො`ධර්ම හරිය ගුණවත්ම ටික ශරීරයට උරාගන්නවා. අනික් ටික කෙළවරටම යනවා රොඩු ටික. ඒකට අපි අශූචි කියනවා. මළ කියලා කියනවා. අන්න ඒ උරාගත්ත කොටස් ටිකෙන් තමයි මේ ශරීරයෙ කෙස් හැදෙන්නෙ, ලොම් හැදෙන්නෙ, නියපොතු හැදෙන්නෙ, දත්, හම, මස්, නහර, ඇට, ඇට මිදුලූ, ඔය හැම එකක්ම හැදෙන්නෙ.

එතකොට හො`දට බලන්න කන බොන ආහාරය හේතුව. ආහාරය නිසා හැදිච්ච ඵලයක් තමයි මේ රූපය. මේ රූපයට අන්වර්ථ නාමයක් කබලිංකාහාරයයි කියලා කියන්න පුළුවන්. කිසිම වෙනසක් නෑ.

මේ රූපය කොටියෙක් වගේ සතෙක් අල්ලගෙන කෑවොත් ඒ සතාගෙ ඇෙ`ග් අත් කෑලි නෑ. එතන තියෙන හම්, මස්, ලේ, නහර ටික හැදෙයි. එහෙනම් මේ ආහාරය නිසා ඌරෙක්, මුවෙක්, ගෝනෙක් එයා තමන් කියලා හිතාගෙන ඉන්න ශරීරයෙ කොටස් අපි කෑවොත්, මෙතන තියෙන හම්, මස්, ලේ, නහර හැදෙයි. මේ ඔක්කොම බැලූවහම ආහාර තියෙන්නෙ.

මං එතනදි කිවුවෙ, හො`දට බලන්න ඕක මහා හත්ථි පදෝපම සූත‍්‍රයෙදී සැරියුත් මහ රහතන් වහන්සේ පෙන්වනවා වරිච්චි බිත්තියකට උපමා කරලා. කෝටු කෑලි කණු හිටවලා, හරහට ලී කෝටු තියලා, වැල් වලින් බැ`දලා, මැටි ඔබ්බලා. මැටි පිරියම් කරලා අහස අවුරාගෙන සිටින රූපය ගේ කියන ප‍්‍රඥප්තියට යනවා. ඒ වගේ ඇටකූරු හිටවලා, ලේ සහිත නහරවල් වලින් බැ`දලා මස් ඔබ්බලා, හම සිවියෙන් ඔප දාලා අවකාශ ධාතුව අවුරාගෙන තියෙන මේ රූපය කයයි යන ප‍්‍රඥප්තියට යනවා.

ප‍්‍රපංච ඉදිරිපත් කර නොගෙන හො`දට මේ කයේ ස්වභාවය බලන්න. ඔන්න ඔබ`දු වූ රූපයක් තමයි මේ කය.

ඒ රූපය අපේ ඇස් ඉදිරිපිටට එනකොට රූපයෙ යථා ස්වභාවය ශේෂයක් වත් වෙනස් වෙලා නෑ. කෙනෙක් වෙලා නෑ. දැන් මේ රූපය පිරිසි`ද නොදකින කම නිසා, රූපය කියන තැනක පවතින ඇත්ත ඇති හැටිය අවබෝධ නොවුන නිසා, ඇහැට පෙනෙන මේ රූපය හිතින් අල්ලගෙන අපි පුද්ගලයෙක්, කෙනෙක්, සත්වයෙක් හැටියට හිතනවා. එහෙම හිතනකොට අපි මේ අරමුණ මනසිකාරයකින් අල්ලගෙන ඉන්නෙ. අපි එතනින් අහකට යනවා කියලා කියන්නෙ, කන බොන ආහාරයෙන් හැදුන අනාත්ම වූ ඒ රූපය අතහැරෙනවා. අතහැරුනට අර ආත්ම සංඥාව ඒ රූප නිමිත්ත එහෙමම අපේ මනසෙ හිටිනවා. ඔන්න දැන් අපි ගාව තියෙන්නෙ ඒ සටහනම කෙනෙක් වෙච්ච, පුද්ගලයෙක් වෙච්ච සත්වයෙක් වෙච්ච සටහනක්, අපිට තියෙන්නෙ.

පැත්තකට ගිහිල්ලා අපි දරුවා ගැන හිතනවා කියලා හිතනකොට, මේ අපි අපේම මනසෙ හදාගත්ත කර්ම නිමිත්ත අළුත්වැඩියා කරන එකක් වෙන්නෙ. මෙහෙම සිහිකරද්දිත් බාහිර භෞතිකය තුල තියෙන්නෙ කන බොන ආහාරය නිසා හැදෙන රූපයක්, කන බොන ආහාර පාන වැඩිවෙන කෙට රූප කලාප වැඩිවෙන, කන බොන ආහාර පාන අඩුවෙනකොට රූප කලාප අඩුවෙන රූපයක්. එතකොට මෙතන දී අපි හිතේ සිහි කරන එක මේ කර්ම නිමිත්ත අපි හිතෙන් හදාගත්ත එකක් නේ ද? ඇස් ඉදිරිපිටට ආවෙ අනාත්ම වූ ආහාරයෙන් හැදුන රූප මාත‍්‍රයක්. ඒ රූපය අරබයා පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට, අපි හිතපු නිසයි. රූපය සත්වයෙක් කියන හැ`ගීම මේ මනසෙ තියෙන්නෙ, කියන සිද්ධිය අපි දන්නෙ නැත්නම්, අපිට තේරෙන්නෙ, අපිට පේන්නෙ, බාහිර රූපය සත්වයෙක්, පුද්ගලයෙක් වගේ. ඒ වැරැුද්ද නිසා අපි තව තවත් හිතනවා දරුවා ගැන. ඥාතියා ගැන. හිතන වාරයක් ගානෙ සංස්කාර තමයි ගොඩ නැගෙන්නෙ. අර කර්ම නිමිත්ත තමයි හො`දට අළුත් වැඩියා වෙන්නෙ. ඒ ඉන්න කෙනා ඒ දරුවා, ඥාතියා කියලා අපේ මනසෙ පැත්තෙ තියෙන්නෙ පුද්ගල භාවය. බලන්න ඕනෙ කියලා අපි ගියොත් ආයෙත් වෙන්නෙ, කන බොන ආහාරයෙන් හැදුන අනාත්ම වූ රූපය පෙනෙන හේතු ටික හදාගන්න එක. හේතු ටික හැදෙනකොට ආයෙත් ඇස් ඉදිරිපිටට එන්නෙ, කන බොන ආාහරයෙන් හැදුන අනාත්ම වූ රූප මාත‍්‍රයම විතරයි. එනකොට අපි ගාව තියෙන ආශ‍්‍රව ටික යෙදෙනවා. මුලින්ම හිතපු එකට කමය කියනවා චේතනාව. දැන් එහෙම කියන්න ඕන නෑ. දැන් කෙළින්ම තියෙනවා. විස්තර ටිකක් යෙදෙනවා. දරුවා කියන එක අපි තුල සිහි වෙනවා.

මේ අනාත්ම වූ රූපය දකිනකොට දරුවා කියන අදහස ආත්ම සංඥාව අපි තුල නේද යෙදෙන්නෙ කියලා ආයෙත් අපි දන්නෙ නෑ. දරුවා බලන්න ගියා. දරුවා දැක්කා. දරුවා දැකලා ආවා වගෙයි අපේ අදහස. මෙන්න මේ විදියටයි ආත්ම සංඥාව අපිට ඇසුරු වෙන්නෙ. අපිට කවදාවත්ම අනාත්මය පේන්නෙ නෑ. ලෝකෙ කෙනෙකුට. ආත්ම සංඥාවෙන්මයි ජීවත් වෙන්නෙ.

මම ඔය පින්වතුන්ට උපමාවක් කිවුවොත්. මේ ඉදිරියෙන් ඉන්න මහත්මයා අද සිල් අරගෙන ඉන්නෙ. සුදු ඇ`දුමක් ඇ`දගෙනයි ඉන්නෙ. දැන් මම ඔය පින්වතුන් හැමෝටම දෙනවා නිල් පාට කන්ණාඩි. දැන් ඔක්කොම අය නිල්පාට කන්ණාඩි දාගෙන ඉන්නකොට මේ සුදු ඇ`දුම ඇ`දගත්ත මහත්තයා ඔය පින්වතුන්ගෙ ඇස් ඉදිරිපිටට ආවොත් මොන වගේ පෙනෙයි ද?

නිල් පාටට පෙනෙයි නේ.

මේ සටහනමයි. මේ රූපෙමයි. පේන්නෙ නිල් පාටට. ඔන්න මේ රූපෙ ඇස් ඉදිරිපිටින් අහකට යයි. ඔය පින්වතුන් අර නිල්පාට රූපෙට කැමති වුනොත්, දැන් හිතින් සිහි කරනවා දැකපු නිල් පාට රූපෙ. ‘‘මට ඒ නිල්පාට රූපෙ ගන්න තියෙනවා නම්, නිල් පාට රූපෙ බලන්න තියෙනවා නම්’’ කියලා සිහි කර කර බාහිර නිල්පාට රූපෙ බලන්න කැමති වුනොත් හරිද? වැරදියි.

ඔය පින්වතුන් කරන්නෙ ඒක තමයි. නිල් පාට රූපය සිහි කරන එක. දැකපු එකනෙ සිහිකරන්න පුළුවන්. නිල් පාට රූපෙ සිහි කරලා, නිල් පාට රූපෙ බලන්න ඕන කියන අදහස ඇති කරගන්නවා. ඇති කරගෙන කන්ණාඩියත් දාගෙන ආපහු යනවා මේ උපාසක මහත්මයා ඉන්න තැනට. ගියාම ඇස් ඉදිරිපිටට ඒත් එන්නෙ සුදු පාට ඇ`දගත්ත මේ රූපෙමයි. කෙනාමයි.

ආයෙත් ඔය පින්වතුන්ට පෙනෙන්නෙ නිල් පාටට.

‘‘හරි, නිල් පාට රූපෙ ඔන්න දැක්කා’’ කියලා හම්බ වුනා කියලා හිතාගෙන ආයෙත් එනවා. ඇවිල්ලා කැමති, ආසා කරන බාහිර නිල් පාට රූපෙ සිහිකරමින් ඉන්නවා. නිල් පාට රූපෙ බලන්න එනවා. නිල්පාට රූපෙ පේනවා. නිල්පාට රූපෙ බලලා ආපහු ආසා කරනවා. දැන් අන්තිමට මනස තුලම කැරකිලා නෙමෙයිද කියලා බලන්න. හො`දට බලන්න ඔය පින්වතුන් පැත්තකට වෙලා ඉන්නකොට, බාහිර තියෙන නිල්පාට රූපෙකට ආසා කළොත් ආසා කරනවා නම්, නිල්පාට බාහිර රූපයක් ගැන හිතනවා නම් මේක වැරදිද නැද්ද? වැරදියි. ඇයි ඒ වැරදියි කියන්නෙ?

එහෙම දෙයක් කවදාවත් තිබුනෙ නෑ. තියෙන්නෙත් නෑ. එතකොට අපි එහෙම සිහි කරන වෙලාවෙදිත් බාහිර තියෙනවානම් තියෙන්නෙ සුදු පාට ඇ`දගත්ත රූපයක්. නමුත් හැබැයි දැන් අපි දන්නෙ නෑ ඒක. මොකද අපිට කවදාවත් හම්බ වෙලා නැති නිසා. හැම වෙලාවෙම අපි මේ ආසා කරන්නෙ අපිට බාහිර තියෙන නිල්පාටකට. බාහිර නිල්පාට තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නෙ. අපි බලන්න යන්නේ බාහිර තියෙන නිල්පාට. බලන්න කියලා ගියාමත් එහෙ තියෙන නිල්පාට මොහොතකට හරි පෙනුනානම් කමක් නෑ. ආපහු අපේම මනස අපිට ප‍්‍රකට වෙනවා.

අපේම ඇහැ හරහා දුන්න ටික අපිට පේනවා. ඒ උපමාවෙන් මං මතක් කළේ, සුදු පාට ඇ`දගත්ත රූපෙ වගෙයි කියලා හිතන්න කන බොන ආහාරයෙන් හැදුන සත්ව පුද්ගල නොවන අනාත්ම වූ රූපයක්මයි තියෙන්නෙ. දැන් හැම කෙනාටම කන්ණාඩි වගේ තමයි. අපි හැම කෙනාටම සසර ස්වභාවය නිසා මේ ආත්ම සංඥාව තියෙන්නෙ. ඇස් ඉදිරිපිටට එනකොට ම පුද්ගලයෙක්, සත්වයෙක් කියලා ආත්ම සංඥාවෙන් නම් අපි මේ රූපෙ දිහා බලන්නෙ, ඔන්න දැන් මේ රූපෙ අහකට ගියත් අපිට හිතන්න තියෙන්නෙ, බැහැර පුද්ගලයෙක් බැහැර කෙනෙක් ගැනයි දැන් මතකෙ තියෙන්නෙ. බැහැර සත්වයෙක් පුද්ගලයෙක් කියලා අපි හිතනකොටත්, බැහැර තියෙන්නෙ අනාත්ම වූ ආහාරයෙන් හටගත්ත රූපෙ.

අපි බලන්න කියලා ආපහු ආවොත් එතකොට ද පේන්නෙ අනාත්ම වූ රූපය ඇස් ඉදිරිපිටට එනවා. ආත්ම සංඥාවම අපි තුල යෙදිලා මේ තියෙන්නෙ. දැන් මේ ටික දන්නෙ නැත්නම් ලෝකෙ, අහගන්න බැරි වුනොත් මේ සිද්ධ වෙන සිද්ධිය වැරදියි කියලා අහගන්න, පෙන්නන්න කෙනෙක් ලෝකෙ තුල කවුරුවත් නෑ. මොකද ලෝකෙ තුල ඔක්කොම එකම රැුවටීමෙ ඉන්න නිසා. කන්ණාඩි ගලවපු කෙනෙක්ම ඕන මේක පෙන්නන්න. බුදු රජාණන් වහන්සේලාගෙ වටිනාකම තියෙන්නෙ ඒකයි. ‘සුඛො බුද්ධානං උප්පාදො’ බුදු රජාණන් වහන්සේලාගේ ඉපදීම සැපයි කියලා කියන්නෙ. මේ කමයෙන්, මේ කෙලෙසුන්ගෙන් මිදෙන්න මග පෙන්වන්න තියෙන්නෙ, මග උපද්දලා දෙන්න පුළුවන්කම තියෙන්නෙ බුදු රජාණන් වහන්සේලාට විතරමයි. ඉතින් බුදුරජාණන් වහන්සේලා තමයි, අපිට ආත්ම සංඥාවක්ම උපදිනකොට, ආත්ම සංඥාවක්ම පරිහරණය කරන ලෝකෙට කියනවා ‘සබ්බෙ ධම්මා අනත්තා’ සියළු ධර්මයෝ අනාත්මයි කියලා කියනවා. ඒකෙන් පෙන්නනවා මේ ධර්මයෝ අනාත්මයි ආත්ම සංඥාවක් අපි තුල පහළ වෙන්නෙ.

මේ කාරණාව නුවණින් දැක්කහම, බැහැර දරුවෙක් ගැන කෙනෙක් හිතනකොට එයාට හො`දට තේරෙනවා මේක තමයි මිථ්‍යා සංකල්පය. මේක වැරදියි කියලා හො`දට තේරෙනවා. ඒ කියන්නෙ බැහැර තියෙන නිල් පාට රූපෙ ගැන ඔය පින්වතුන් හිත හිතා හිටියොත් වැරදියි කියන එක තේරෙනවා නේද? තේරෙනවා.

කොච්චරක් වැරදිද?

ගොඩාක් වැරදියි නේ. වැරැුද්ද මෙච්චරයි කියලා කියන්න බැරි තරම් වැරදියි.

පවතින ස්වභාවයට කියනවා යථාභූත ස්වභාවය. යථා භූත ස්වභාවයට හාත්පසින්ම විරුද්ධ විදියටමයි හිතන්නෙ.
ඒ විදියටම පවතින යථා භූත ස්වභාවය අර සුදුපාට වගේ අනාත්මමයි. ඒ රූපය නිල්පාට කන්ණාඩියක් හරහා අපිට පෙනුනෙ නිල් පාටට නම්, ඔන්න දැන් නිල් පාට කියන ටිකේ පෙනීම ගැන දැනුමෙ අයිතිය අපේ මනසට. ඒ වගේ කන්ණාඩියක් පැළ`දගත්තා වගේ තමයි පුද්ගල භාවයෙන් හිතන එක.

ඒකයි මහා කච්චායන මහා රහතන් වහන්සේ දේශනා කරන්නේ ‘චක්ඛුං පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඥානං, තින්නං සංගති ඵස්සො, ඵස්ස පච්චයා වේදනා, යං වේදෙති තං සංජානාති, යං සංජානාති, තං විතක්කේති, යං විතක්කේති තං පපංචෙති’, යමක් හිතයි නම් ඒක ප‍්‍රපංච.

කන්ණාඩිය දාගන්නවා වගේ තමයි අපි පුද්ගල භාවයට හිතන එක. ඒ දාපු කන්ණාඩියෙ පාටින්ම පෙනනා වගේ. අපි පුද්ගලයෙක් කියලා හිතපු නිසා, පුද්ගලයෙක් හැටියට පෙනිලා තියෙන්නෙ. නමුත් මම පුද්ගලයෙක් කියලා හිතලා මට පුද්ගලයෙක් පෙනුනට - මේ පේන්නෙ මට - හො`දට මතක තියාගන්න. මට පුද්ගලයෙක් පෙනුනා කියලා මේ ධර්මතා පුද්ගලයො වෙනවා කියලා සිද්ධියක් නැහැ. ඒ බව අපි තේරුම් කරගන්නට ඕන. ඒ බව තේරුම් කරගත්තොත් මේ පින්වතුන් හරියට මේක දැක්කොත් ලැජ්ජා හිතෙනවා. වැඩිකල් යන්න ඉස්සෙල්ලා ලැජ්ජ හිතෙනවා බාහිර දරුවො ගැන හිතහිතා හිටියොත්, අම්මා, තාත්තා ගැන සහෝදරයො ගැන, ඥාති ගැන කියලා බාහිර හිතන්නේ නෑ. හිතනකොට හිතන කෙනා ලැජ්ජා වෙනවා. තමන්ගෙ මනස ගැන ලැජ්ජිත වෙනවා. මේ මොකක්ද මේ කරන වැඬේ කියලා. එහෙම සම්මා දිට්ඨිය ඇත්ත දකින්න දකින්න ඔය පින්වතුන් දන්නවද හිතේ හිතේ හිතන කමයි අඩුවෙන්නෙ කියලා. දැන් අපිට දරුවා කියලා හිතන්න පුළුවන් හින්දයි, තොර තෝංචියක් නැතුව හිතන්නෙ.

නිල් පාට කියලා තියෙන්නෙ මනසෙ. නිල් පාට තියෙන්නෙ බාහිර කියලා දැක්කහම හිතන්න පුළුවන් නිල්පාට ගැන ඕනතරම්. නමුත් නිල්පාට කියලා හිතන කොටත් තියෙන්නේ සුදු පාට. ඒක බලන්න ගියාමත් සුදු පාට වස්තුවක් ළ`ගට එද්දි, අපිටයි නිල් පාටට පේන්නෙ කියලා අපි දැක්කොත්, බාහිර තියෙන නිල්පාටක් ගැන හිතන එක වැරදියි කියන නුවණක් එනවා නේ ද?

එහෙම හිතුවොත් ඒක වැරදියි.

ඒක අපේ මනස තුලම ඇති කරගත්ත විතර්ක මාත‍්‍රයක් මිසක එහෙම ධර්මතාවයක් නෑ කියන නුවණ එනවා නේද? එනවා. එතකොට ඒක බහුල කරනකොට, කාලයක් යනකොට ඇස් ඉදිරිපිටට එද්දිත් එයාට නුවණ එනවා. ‘ඇස් ඉදිරිපිටට එන්නෙ මෙහෙම ඇත්තක්මනේ. අපිටනෙ මේ ආත්ම සංඥාව යෙදිලා තියෙන්නෙ’ කියන නුවණ එනවා.

එතන දී මේ දෙපැත්තකට බලන්න පුළුවන් එයාට, දෙපැත්තට කිවුවෙ, සුදු පාට රූපෙ දකිනකොට තමන්ට නිල් පාටට පෙනෙන හැටිත්, නිල් පාට යමක් සිහි කරද්දිත් තියෙන්නෙ සුදු පාට දෙයක් මිසක. නිල් පාට දෙයක් නෙමෙයි කියන එකත් දෙපැත්තට බලන්න පුළුවන්. එහෙම බලන්න බලන්න පේන්නෙ තමන්ගෙ ඇහේ වැරැුද්ද නිසා දැනුමෙ වැරැුද්ද වෙන් වෙලා පේනවා. පවතින යථා ස්වභාවය වෙන්වෙලා පේනවා ටික ටික.

මෙයාට යම් දවසක් එනවා, බාහිර සත්වයෙක්, පුද්ගලයෙක් සිහි කරගන්න බැරි. අරමුණක් අරමුණක් ගානෙ, විදර්ශනා කියලා කියන්නෙ ඕක. ආශ‍්‍රව කියලා කියන්නෙ ඔය පින්වතුන්ට දරුවා මතක් වෙනකොට හො`දට බලන්න. ඒ රූපය කනබොන ආහාරයෙන් හැදුනු හම්, මස්, ලේ, නහර, ඇට, ඇටමිදුළු වලින් යුක්ත රූපයක් නේද කියලා බලන්න. නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙන් යුක්ත රූපයක් නේද කියලා බලන්න. ඒ රූපෙ මේ ඇස් ඉදිරිපිටට එනකොට පුද්ගලයෙක්, සත්වයෙක්, දරුවා කියන අදහස තමා තුල යෙදිලා නේද මේ තියෙන්නෙ කියලා හිතන්න. අපි දරුවා බලන්න කියලා ගියාම වෙන්නෙත් කන බොන ආහාරයෙන් යුක්ත හම් මස්, ලේ, නහර වලින් හැදිච්ච රූපය ඇස් ඉදිරිපිටට එයි. එතකොට අපි තුල පුද්ගල සංඥාව යෙදෙයි නේද කියලා මෙහෙම ටික කලක් බලන්න.

ඔහොම උපදින, උපදින, සත්ව පුද්ගල භාවයට හම්බවෙන හැම අරමුණක් ගානෙම බලන්න. හිතන්න. මේ හිතන එකට උදවු පිණිස ආනාපානසතිය හරි, බුදුගුණ, අසුභය, මරණය, මෛති‍්‍රය වගේ සමථ කමටහනකිනුත් හිත වඩන්න. ශීලයකත් පිහිටන්න. ශීලයක පිහිටලා සමථ කමටහනකින් හිත වඩමින් නුවණින් විදර්ශනා කරන්න. විදර්ශනා කරනවා කියලා කිවුවෙ මොකක් ද? පවතින ධර්මතාවය වෙනමම දකිනවා නුවණින්. මේක තමන්ටම ඇත්තයි කියලා ඔප්පු කරගන්න ක‍්‍රමයක් තමයි, සතිපට්ඨානෙ මේ තියෙන්නෙ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

" චේතෝ විමුක්තිය - 1 කොටස "



නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස

‘සබ්බේ සංඛාරා දුක්ඛාති
සබ්බේ සංඛාරා අනිච්චාති
සබ්බේ ධම්මා අනත්තාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගො විසුද්ධියා’

ශ‍්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි,

මේ පින්වත් සියළු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක් ගිනි නිවීම පිණිස ලොවුතුරා බුදු රජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බි`දක් ශ‍්‍රවණය කරන්නටයි. ඒ නිසා හැම දෙනාම බොහෝ ම උවමනාවෙන් සිතේ එක`ගකම ඇතිකරගෙන මේ දේශනාවට සවන් දෙමින් හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී හො`දින් ධර්මය ශ‍්‍රවණය කරන්නට ඕන.

පින්වතුනි, අපි හැම කෙනෙක්ම මේ අනවරාග‍්‍ර වූ සංසාරේ කෙළවරක් නැතුව ඒ මේ අත දුවපු, සැරිසරපු අය. දුවන, සැරිසරන අය. ඒ වගේ සසර දුවන සත්වයන්ට ඒ සසරින් මිදීමට තියෙන එකම තැන තමයි, බුද්ධෝත්පාද කාලයක් හම්බවෙලා, අපිත් ඉන්ද්‍රිය විකෘතිතාවයකින් තොරව, හ`ගවා කියන අර්ථයක් තේරුම් කරගන්න පුළුවන් නුවණක් ඇතුව, මනුෂ්‍ය ආත්මභාවයකුත් ලබා ගත්තහම, සද්ධර්මය තියෙන වටපිටාවකුත් ලබා ගත්තහම. පුබ්බේච කත පුඤ්ඤතා - පෙර කළ පින් ඇතිකම නිසා ලැබෙන්න තියෙන වටපිටාව.

මෙන්න මේ වගේ වටපිටාවක් ලැබුණ කෙනෙක් තමයි සසරින් මිදෙන්නෙ. සසරින් මිදෙන්න පුළුවන් තැනට ඇවිල්ලා ඉන්නෙ. ඉතින් අපි හැමදෙනාටම දුර්ලභ වූ ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. අපි හැමදෙනාම බුද්ධිමත් වෙන්නට ඕනෙ. නුවණැත්තො වෙන්නට ඕනෙ. මේ ලැබුණ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නට.

පින්වතුනි, සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නට එදා නාලන්දා ගමට වඩින වෙලාවේ දී, බොහෝ ස්වාමීන් වහන්සේලා සැරියුත් මහරහතන් වහන්සේ පිටුපසින් ගමන් කළා. අනේ අපිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ ළ`ගින් ඉ`දලා, මේ සසර දුකින් එතෙර වෙන්න ධර්මය කියලා දුන්න අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආයෙ කවදාවත් වඩින්නේ නෑ නේ ද? පිරිනිවන් පාන්න වඩිනවා නේද? කියලා පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අ`ඩ අ`ඩා වැලපෙමින් පසුපසින් යනකොට, ක්ෂීණාශ‍්‍රව මහා රහතන් වහන්සේලා, සියළු සංස්කාරයෝ ම අනිත්‍යයි නේ ද කියන ධර්ම සංවේගය ඇති කරගෙන යද්දී, සැරියුත් මහ රහතන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා.

‘උභෙත මිදං මරණ මෙව
නා මරණං පච්චාවා පුරෙවා
පටිපජ්ජත මා විනස්සත
ඛනොවා මා උපජ්ජගාති’ කියලා

උභෙත මිදං මරණ මෙව - දෙපසින්මයි මරණය. මැරිලා ඉපදුනා. ඉපදිලා මැරෙනවා.

නා මරණං පච්චාවා පුරෙවා - පෙරවත් පසුවත් නොමැරීමක් නෑ. පටිපජ්ජන - අප‍්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න.

ඛනොවා මා උපජ්ජගා - මේ ක්ෂණ සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා අවවාද කරලා,

‘ඇවැත්ති, මං වෙනුවෙන් කියලාවත් එක මොහොතක්වත් ප‍්‍රමාද වෙන්න එපා. මට කරන කළණ මිතුරුකම තමයි, ආපහු ගිහිල්ලා මෙ මොහොතත් භාවනා අරමුණකට යොමු කරගන්න’ කියලා ස්වාමීන් වහන්සේලාව ආපහු යැව්වා.

ඉතින් මේ අවස්ථාවේ තියෙන වටිනාකම තේරුම් කරගන්න. ගෙවෙන හැම විනාඩියක් ගානෙම, තත්පරයක් ගානෙම, කාලය නෙමෙයි ගෙවෙන්නෙ. මේ බුද්ධොත්පාද කාලය, මනුෂ්‍ය ජීවිතය, සද්ධර්මයේ වටපිටාව අපෙන් අතහැරෙන එක වෙන්නෙ හැම තත්පරයක් ගානෙම. ඒ ටික ක‍්‍රම ක‍්‍රමයෙන් ගෙවිලා යන්නෙ. ඒ නිසා හැම දෙනාම මුලින්ම මතක තියා ගන්න. බොහෝම වටිනා අවස්ථාවකට පත්වෙලා ඒ අවස්ථාව ගෙවමින් ඉන්නෙ. මේ අවස්ථාවේ දී මේ ධර්මය අහලා, ජීවිතේට යොදාගෙන සසරින් එතෙර වෙන්න කොහොම හරි උත්සාහවත් වෙන්න ඕන, කියන කළණ අදහස ඇති කරගන්න. මොකද සසරෙදිත් අපි ඕන තරම් ගෙවල් දොරවල් හදන්න
ඇති. කෙළවරක් නැති සසරෙ, කෙළවරක් නැති දරු මුණුපුරො ඉන්න ඇති. ධෙර්මව්පියො සහෝදරයො ඉන්න ඇති. යාන වාහන, ඉඩකඩම් ඕන තරම් අපිට තියෙන්න ඇති. ඒ එකකින්වත් සසර ජරා මරණ දුක නැතිවුනේ නෑ. නැති කරන්න පුළුවන් වුනේ නෑ. පැමිණි බර උහුලන්න අද තමන්ට යුතුකමක් තියෙනවා නම් යුතුකමක් හැටියට හිතලා ඒ ටික කරන්න. නමුත් ජීවිතේ කියන්නෙ ඒ ටික විතරක් නෙමෙයි. මේ දුක් සහගත සසරින් එතෙර වෙන අපේ විමුක්තියත් අපි හදාගන්න ඕන කියන කළණ අදහසත් හැම වෙලාවෙම සිතේ කොණක තබාගන්න.

මං මේ ටික මුලින් මතක් කළේ ගොඩාක් දෙනෙකුට මෙහෙම ඇවිල්ලා බණ අහන වෙලාවට නම් ඒක ඇත්තයි කියලා හිතෙනවා. නමුත් ගෙදර ගියාම ආපහු ඒවා මුකුත් මතක නෑ. හරියට අපි ඉ`දගෙන ඉන්නකොට ඔඩොක්කුවේ යමක් තියාගෙන, නැගිටිනකොට ඒක අතට ගන්නෙ නැතුව නැගිට්ටොත් ඒක එතනම වැටිලා බි`දිලා යනවා වාගේ. ගොඩාක් දෙනෙක් අහන වෙලාවට විතරයි. ඒක අහගෙන ගිහිල්ලා ප‍්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්නෙ නෑ. එහෙම වුනොත් මේ සසර ගොඩාක් දුක් වි`දින්න වේවි.

සසර දුක ගැන මම හැමදාමත් මතක් කරනවා. මතක් කරලා තියෙනවා. නොපෙනන අතීත සසර දුකත් අත හරින්න. නූපන් අනාගත දුකත් අතහරින්න. කෙනා කෙනාගෙ ඇස් මට්ටමේ මේ ජීවිතේ තුල වින්ද දුකක් තියෙනවා නම්. ඒ ටික සිහි කළහම හො`දටම ඇති සසර ස්වභාවය තේරුම් කරගන්න.

ටිකක් කල්පනා කරන්න මනුෂ්‍ය ආත්ම භාවය කියන්නෙ සුගතියක්, සුගතියක වෙලත් මේ වගේ හිත් තැවුල් දුක් වේදනාවන් ජීවිතේකට එනවා නම් ගලාගෙන, දුගති සහගත උත්පත්තියක දී මොන තරම් දුකක් වි`දින්න ඇත්ද, වි`දින්න වෙනවද කියන කාරණාව සිහිපත් කරගන්න. එහෙම ජීවිතවල ඇති දුක්ඛ ස්වභාවය සිහි කරලා අනේ මේ දේශනාව එබ`දු වූ දුක් සහගත සසරින් මිදීමට හේතු වේවා කියන අදහසින් ම හො`දට කන් යොමු කරලා අහන්න. මේ කරන දේශනාව හො`දට අහගෙන ඉන්න ඕන. හැමදාම මම මතක් කරන්නෙ ලෝකෙ තියෙන වචන අපිට හුරු පුරුදුයි. කතාවක් කිව්වොත්, කේලමක් කිවුවොත්, වෙන දෙයක් කර කර ඉන්නකොට අහම්බෙන් ඇහුනත්, මතක හිටිනවා. නමුත් මේ නීවරණ දුරු වෙන, ආශ‍්‍රව ගණයෙහි ලා නොවැටෙන වචන අපේ ජීවිතවලට සසරෙදිත් ඇහිලා හුරු පුරුදුකම අඩුයි. ඒ හින්දා හො`දට ඇහුම්කන් දෙන්න ඕන. ඒකද නිකම් නෙවෙයි. මේ වචනවල අර්ථ තේරුම් කර ගන්න ඕන කියන අදහසින් ඇහුම්කන් දෙන්න ඕන. මේ වචනෙන් කියන්නෙ මොකක් ද, මේ ස්වාමීන් වහන්සේ පෙන්නන්න හදන්නෙ මොකක් ද, කියන කාරණාව තේරුම් කරගන්න ඕන කියන අදහසින්, අර්ථ පරීක්ෂා කරමින් වචනයක් වචනයක් ගානෙ හිත අරගෙන එන්න. අන්න එහෙම කළහමයි ධර්මය ශ‍්‍රවණය කළා කියලා කියන්නෙ. එහෙම නැතුව ඉ`දගෙන හිටියට, ඔහේ ඉබේ ඇවිල්ලා බණ වචන කනේ වැදුනට, බණ ඇහුවා කියලා කියන්නෙ නෑ.

ඉතින් කෙනා කෙනාගෙ ශ‍්‍රද්ධාව තීරණය වෙන්නෙ, බුදු හාමුදුරුවො ගැන බුදු ගුණ කියන කොට ඇස් දෙකෙන් ක`දුළු වැටෙන මටට්මට නෙමෙයි. ඒ ධර්මය අහනකොට, ඒ ධර්මයට හිත යොමු කරන ආකාරය මත ජීවිතයෙන් ධර්මය යෙදෙනකොට, ඒක ජීවිතයට යොදා ගන්න ආකාරය මත තමයි නියම ශ‍්‍රද්ධාව තීරණය වෙන්නෙ. මේ හැම කාරණාවකින් ම මතක් කළේ විසිරුණ මනසකින් ධර්මය ශ‍්‍රවණය කරන්නෙ නැතුව හො`දට අහන්න කියලා.
පින්වතුනි, මම අද මාතෘකා කළේ අපි කවුරුත් අහලා තියෙන ගාථාවක්. මේක අර්ථය නොයෙක් නොයෙක් ආකාරයට පෙන්නන්න පුළුවන්. ඒකෙන් එක් ආකාරයක පරියායකින් දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝක සත්වයාට යම් දවසක දී සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හෝ සිය`ඵ සංස්කාරයෝ දුකයි කියලා හෝ සියළු ධර්මයෝ අනාත්මයි කියලා හෝ විදසුන් නුවණින් වැටහෙන දවසක් ආවොත්, එදාටයි ලෝකයා දුකේ කළකිරෙන්නෙ මෙන්න මේ ක‍්‍රමයයි විමුක්තියට තියෙන මග. නිවනට මග කියලා. අන්න ඒ ගැන අපි ටිකක් බලමු.

මොකද ලෝකෙ තුල අපිට එක එක වෙලාවල්වල දී, එක එක දේවල් වලට කලකිරීම් ඇතිවෙනවා. එපා වෙනවා. නමුත් එක පැත්තකින් එක දේකට කලකිරෙනකොට තව පැත්තකින් තව දෙයක් අපි ප‍්‍රාර්ථනා කරනවා. අපේ කලකිරීම ලෝකෙ තුල තියෙන්නෙ බොහෝ සෙයින්ම යමක් ප‍්‍රාර්ථනා කරලා, ප‍්‍රාර්ථනා කරන ආකාරයට නොලැබෙන නිසා. ඒකෙන් කියනවා ඒ ප‍්‍රාර්ථනා කරපු දේ ඒ විදියටම වුනා නම් කලකිරෙන්නෙ නෑ කියන එක. නමුත් මෙතන දී පෙන්නන්නෙ එහෙම ධර්මතාවයක් නෙමෙයි. යම්තාක් සසර දුක ගෙනත් දෙන්න හේතුවෙන සසර දුක උපද්දවන, සසරට පමුණුවන, සියළු ධර්මයන්ගේ කලකිරීම, ඉබේම ඇතිවෙනවා මෙන්න මේ විදර්ශනා ඥාණයන් එළඹ සිටින තැනට ගත්තහම. අන්න ඒ ගැනයි මතක් කළේ.

පින්වතුනි, මේ ලෝකේ දුක් වි`දින ලෝක සත්වයාට, මේ දුක් සහගත ලෝකෙන් එතෙර වෙන්න දොරටු තුනක් තියෙනවා. ඒකට කියනවා විමුක්ති මුඛ කියලා. මිදීමේ දොරටු තුනක්. අතීතයෙදීත් යම්කිසි කෙනෙක් මේ ලෝකෙන් එතෙර වුනානම්, මිදුනා නම් මේ දොරටු තුන හරහාමයි. අනාගතේදීත් යම් කිසි කෙනෙක් මේ ලෝකෙන් එතෙර වෙනවානම් මේ දොරටු තුන හරහාමයි. දැනුත් යම්කිසි කෙනෙක් මේ ලෝකෙන් එතෙර වෙනවා නම්, එතෙර වුනොත් මේ දොරටු තුන හරහාමයි. ඒ දොරටු තුන තමයි,

අනිත්‍ය
දුක්ඛ
අනාත්ම

කියන මෙන්න මේ දොරටු තුන. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ධර්මතා තුනට කියනවා විමුක්ති මුඛ කියලා. මිදිමේ දොරටු කියලා.

මේකෙදී යම්කිසි කෙනෙකුට එක පරියායකින්, එක ක‍්‍රමේකින්, මනසිකාරය නැත්නම් නුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් පවත්වලා ලෝකෙන් මිදෙන්න පුළුවන්. එහෙම ලෝකෙන් මිදෙන්න නම් අනිවාර්යයෙන් මේ ධර්මතා තුනෙන් එක න්‍යායයකින් පැමිණිය යුතුමයි. වෙන ක‍්‍රමයක් නෑ.

මේ දොරටු තුනෙන් නික්මෙන මාවතේ කෙළවර තමයි විමුක්තිය. ඒ විමුක්තිය ඒ ඒ කෙනා යන දොරටුවේ නමින් නම් කරනවා.

අනිමිත්ත චේතෝ විමුක්තිය
ශුන්‍යත චේතෝ විමුක්තිය
අප්පණිහිත චේතෝ විමුක්තිය කියලා.

ඒ චේතෝ විමුක්තිය, කෙලෙසුන්ගෙන් මිදීම නම් කරනවා කෙනා කෙනා ගමන් ගත්ත මාර්ගය හරහා.

මං අද මතක් කරලා දෙන්න හදන්නෙ, සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බලලා අපි කොහොමද මිදෙන්නෙ. සියළු සංස්කාරයෝ දුකයි කියලා බලලා කොහොමද අපි මිදෙන්නෙ. සියළු ධර්මයෝ අනාත්මයි කියලා බලලා කොහොමද මිදෙන්නෙ කියන කාරණාව පෙන්නනවා. ඒ මිදීම මොකට ද? ඇයි අපි එහෙම කෙලසුන්ගෙන් ආශ‍්‍රවයන්ගෙන් මනස මුදවාගන්නෙ කියන කාරණාවත් පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා හො`දට මේ කාරණාව අර්ථ සහිතව අහගන්න.

එතන දී අපි මෙහෙම බලමු. ගොඩක් දුරට ලෝකය තුල තියෙන්නෙ මේ ඇලීම් ගැටීම් හැම එකක්ම බොහෝ සෙයින්ම මේ සත්ව පුද්ගල ආත්ම දෘෂ්ඨීය, ආත්ම සංඥාව මුල් කරගෙනයි තියෙන්නේ. මේ සත්ව පුද්ගල ආත්ම සංඥාව දුරු වෙන විදියට නුවණින් බලන ක‍්‍රමයට කියනවා අනාත්ම සංඥාව කියලා. අනාත්ම සංඥාවට තව අන්වර්ථ නාමයක් තියෙනවා සංඥා විවට්ට පඥා කියලා. සංඥාව පෙරලන ප‍්‍රඥාව කියලා. ආත්ම සංඥාව දුරු කරලා ආත්ම සංඥාව පෙරලලා, අනාත්ම සංඥාව එළඹ සිටින්න තියෙන නුවණ, මේ අනාත්මයෙන් බලනකොට අපි තුල උපදිනවා.

එතකොට මං ඉස්සෙල්ලා මේ ක‍්‍රමය කියන්නම්. මෙතනදී තියෙන්නෙ පොඩි කාරණාවක් විතරයි තේරුම් කරගන්න අපිට. ඒක තේරුම් ගත්තහම ඒ ඔස්සේ ම හිත් මෙහෙයවන කොට බුදු හාමුදුරුවෝ දේශනා කළ හින්ධමත් නෙමෙයි. තව ස්වාමීන් වහන්සේලා දේශනා කළ නිසාමත් නෙවෙයි. තමන් තුලම නුවණ උපදිනවා මේ ධර්මතාවය සත්‍යයක් නේද කියන එක. ඒක ඉස්සෙල්ලා අහගෙන ඒ විදියට නුවණින් තමන් මෙනෙහි කරන්නට ඕන.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

5/28/15

තෘෂ්ණාව නොමැරුණොත් ඔබ මැරුණත් දුක ඔබේ පසුපසින් ඒවි


භික්‍ෂුවට ඇසෙනවා සර සර ගාන හඬක්‌. ඒ හඬ නිතරම ඇසෙන්නේ කුටිය අසල ගැවසෙන තලගොයාගෙන්. එම සතා නිතරම වියළි කොළ වැටුණු පොළවට ඉව කරමින් කෑම සොයනවා. පොළව හාරන සෑම තැනකින්ම අනිවාර්යෙන්ම ගැඩවිල් පණුවෙක්‌, පත්තෑයෙක්‌, ගෝනුස්‌සෙක්‌ ඩැහැගන්නවා. තලගොයා මේ සෑම සතෙක්‌ම මරාගෙන කන්නේ මරණීය ෙච්තනාවක්‌ ඇතිකරගෙනමයි. මේ තලගොයා තුළත් මනුස්‌සයාට වගේම පංචඋපාදන්ස්‌කන්ධයක්‌ සකස්‌වෙනවා. නමුත් මේ සතා මේ ධර්මතාවයන් ගැන දන්නේ නැහැ. ඔහු ප්‍රමාදයට පත්වෙලා. කුමක්‌ නිසාද මේ ප්‍රමාදභාවය සකස්‌වුණේ. පෙර ජීවිතයේ ශීලයේ දුර්වලතාවය නිසාමයි. මේ සතාට කර්මය කරමඵල විශ්වාසය නැහැ. නමුත් මරණීය ෙච්තනාව සකස්‌ වෙනවා. තලගොයා ගිල දමන සෑම සතෙක්‌ පාසාම තලගොයාට ප්‍රාණඝාත අකුසලය සිද්ධවෙනවා. ඒ වගේමයි තලගොයාට ගොදුරුවී මියයන සෑම සතෙක්‌ටම එම සතා කළාවූ අකුසලයක්‌ විපාක දෙනවා. කෙනෙක්‌ අකුසල් සංස්‌කාරයන් උපද්දවා ගන්නකොට තව කෙනෙක්‌ අකුසල් සංස්‌කාර ගෙවනවා. මේකට තමයි ලෝකය කියන්නේ. කෙනෙක්‌ උපද්දවනවා තව කෙනෙක්‌ ගෙවනවා. කඳුළ සිනහව දෝලනය වන ලොවක අපි සැපම සොයනවා.
මේ තලගොයාම පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් ඉපදිලා සිටියදී තේරුම් නොගත් දෙය තලගොයෙක්‌ වෙලා කෙසේනම් තේරුම් ගන්නද? මේ තලගොයා තව කල්ප ගණනාවක්‌ම අකුසල් කරමින්ද කළාවූ අකුසල්වලට විපාක විඳිමින්ද භවයේ ගමන් කරනු ඇත. මේ තලගොයාගේ ජීවිතය තුළ සැඟවී ඇති භවගමනේ අන්තරාකාරී බව ඔබ නුවණින් මෙනෙහි කිරීමට දක්‌ෂ වුවහොත් එය ඔබට මේ ජීවිතයේදීම සතර අපායෙන් මිදීමට අවබෝධය සකස්‌ කරනු ඇත.
පිංවතුන්ලා මුලින්ම කරන්නට යන්නේ භාවනා කිරීම. ඔතනදී තමයි අපි වරද්දගන්නේ. මුල්ම කාරණය ලෙසින් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇතිකරගන්න. දෙවැනිව ශීලයක්‌ ආරක්‌ෂා කරගන්න. මේ කාරණා දෙක පරිපූර්ණ නැතිව විදර්ශණා භාවනාවක්‌, සමථ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. නිසියාකාරව තෙරුවන් කෙරෙහි සද්ධාව තූළින්, ශීලය තුළින් පිංවත් ඔබ පිරිසිදුභාවයට පත්වෙලා ඕනේ භාවනාවකට යොමුවෙන්න. ඔබ තුළ ඒ පිරිසිදුභාවය සකස්‌වෙලා නැතිනම් භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. භාවනාව නාමයෙන් සක්‌කායදිට්‌ඨියමයි, මාන්නයමයි වැඩෙන්නේ.
මෙතැන ප්‍රශ්නය වෙලා තිබෙන්නේ පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවේ පිහිටීම කියන කාරණය නිවැරුදි අර්ථය තේරුම් අරගෙන නැහැ. භික්‍ෂුව දන්න භාවනා උපදේශක මහත්මයෙක්‌ සිටියා. ඔහු විශාල පිරිසකට භාවනා පංති පවත්වන භාවනා ගුරුවරයෙක්‌. මේ භාවනා ගුරුවරයා බාහිරට නොපෙනෙන්න උදරය හරහා සුදු නූලක්‌ (ආරක්‌ෂාවක්‌) දමාගෙනයි සිටින්නේ. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ ඔය ශරීරයට සුදු නූලක්‌ දමාගෙන ඉන්නේ කියලා. මේ භාවනා ගුරුවරයා කියනවා ‘මට හරියට සතුරු කරදර තිබෙනවා. ඒකට ආරක්‍ෂාවක්‌ කරලයි මේ නූල දැම්මේ’ කියලා. බලන්න මේ භාවනා ගුරුවරයා අඩුම වශයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවවත් ඇතිකෙනෙක්‌ නොවේ. මොහු රැවටීම තුළයි ජීවත්වෙන්නේ. අවංකවම මොහු දන්නේ නැහැ මොහු තුළ සද්ධාව පිහිටල නැහැ කියන එකවත්. එය හරිම අවාසනාවක්‌. ඔහුත් රැවටිලා තම ගෝලයනුත් රවට්‌ටලා. සසර මෙතුවක්‌ කලක්‌ අපට වැරදුන ලොකුම තැන තමයි තෙරුවන් කෙරෙහි සද්ධාවේ සැබෑම අර්ථය හඳුනා නොගත් කාරණය. යමෙක්‌ අන්‍යශීලවෘත වලට ගරුකරනවා නම්, මිථ්‍යාදෘෂ්ටික මාර්ගය ඔස්‌සේ ආරක්‌ෂාව බලාපොරොත්තු වෙනවානම්, තෙරුවන්ගේ ගුණයන් කෙරෙහි විචිකිච්චාව ඇතිකරගෙන තිබෙනවා නම්,ඔවුන් ගිහිපැවිදි කවුරුන් වුවද තවමත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණ නැති බව, තමා කෙරෙහි අනුකම්පාවෙන් තමාම පිළිගත යුතුය. ඔබ තුළ ඇත්තේ අමූලිකාසද්ධාවකි. මෝහය මුසු, නිරතුරුවම අභියෝග හමුවේ වෙනස්‌වන සද්ධාවකි. සමාජය පුරා යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම්, කේන්ද්‍ර, ගුරුකම් ව්‍යාපාරයක්‌ කරගනිමින් ජීවත්වෙන, ඒවායේ ප්‍රතිලාභයක්‌ ලබන ලක්‍ෂ කීයක්‌ ඉන්නවාද? ඒ සෑම දෙනෙක්‌ම ඉහත අභියෝගය තුළ ජීවත්වන බව සද්ධර්මයේ නාමයෙන් සටහන් කළ යුතුව ඇත.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සුත්‍රදේශනා කියවීමෙන් ඉහත කාරණය ගැන නිවරැදි වැටහීමක්‌ ලබාගත හැකිය. නමුත් මේ නිවරැදි භාවයට පත්වීම ලෝකයේ ඇති දුර්ලභම දෙයක්‌ වනු ඇත. මේ උතුම් ශාසනයක්‌ මුණගැසුණ මොහොතේ එවන් දුර්ලභ මනුෂ්‍යයෙක්‌ වීමට පිංවත් ඔබත් උත්සහ ගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණීමට පිංවත් ඔබ අන්‍ය ශීලවෘතයන් කෙරෙහි, මිථ්‍යාදෘෂ්ටික ක්‍රමවේදය කෙරෙහි ඇති බැඳීම් වලින් වහා වහා මිදෙන්න. තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, ශිල්වත් භාවයෙන්, මෛත්‍රීයෙන්, දානය තුළින්ම, සතුරු කරදර මඟහරවා ගන්න. ජීවිතය ඉදිරියට පැමිණෙන ප්‍රශ්න කම්කටොළු සංස්‌කාරයන්ගේම ස්‌වභාවයක්‌ හැටියට දැකීමටත්, ඒවාම කමටහන් කොටගෙන ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරීමටත් උත්සහගන්න. මෙය සටහන් තබන භික්‍ෂුවට ගිහි ජීවිතයේදී විඳීමට සිදුවුණ ප්‍රශ්න, බලාපොරොත්තු කඩවීම්, දුක්‌ කම්කටොළුවල ජයග්‍රාහී ඵලය මේ භික්‍ෂූත්වය බව ඔබට සිහිපත් කරමි. ප්‍රශ්න අපේ ජීවිතය ඉදිරියට එන්නේ එම ප්‍රශ්න අපේ ජීවිතයට ආශිර්වාදයක්‌ කරගන්නමයි. එම නිසා ප්‍රශ්ණ තුළින් ධර්මයේ යථාර්ථය දකින්න. ජීවිතය කියන්නේ පිළිතුරු සොයා නොගත් ප්‍රශ්නයක්‌. එහෙමනම් ප්‍රශ්නවලින් මිදෙන්න ඔබට බැහැ. ජාතිය කෙටිකරගන්න දිශාවටයි ඔබ ගමන් කරන්නේ. ජීවිතය ඉදිරියට පැමිsණි ප්‍රශ්න නිසා මේ භික්‍ෂුව ගිහි ජීවිතයේදී කොච්චරනම් ලෝකයට හොරෙන් තනිවම හඬලා ඇතිද? පැය ගණන්, දවස්‌ ගණන් හිස කකියන තුරාවට කල්පනා කරලා ඇතිද? දේවාල කෝවිල් වලට කොච්චර යන්න ඇතිද? මේවා සටහන් තබන්න භික්‍ෂූවට ලැඡ්ජාවක්‌ නැහැ. නමුත් මේ කිසිවකින් ප්‍රශ්නයට පිළිතුරක්‌ නොලැබෙනකොට මම අවසානයේ ගියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට. උන්වහන්සේ දේශනා කර වදාළ ධර්මරත්නය හමුවට. එතැනදියි මම අවබෝධකර ගත්තේ දුක කියන්නේත්, සැප කියන්නෙත් මට අයිති දෙයක්‌ නොවන බව. මගේ වසඟයේ තබාගත හැකි දෙයක්‌ නොවන බව. හේතුවක්‌ නිසා සකස්‌ වෙන දෙයක්‌ බව. තෘෂ්ණාවමයි හේතුවුණේ දුකට. රූපයට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. දුක එතකොට මැරිල යාවි. තෘෂ්ණාව නොමැරුණොත් ඔබ මැරුණත් දුක ඔබේ පසුපසින් ඒවි. දුක ඇති තැන තෘෂ්ණාවයි ඔබ අවබෝධ කරගත යුත්තේ. දුක කියන්නේ අවබෝධ කිරීමෙන් පමණක්‌ නැති කළ හැකි දෙයක්‌මයි.
මතු සම්බන්ධයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!