යම් යම් මට්ටම්වල මෙලොව පරලොව වශයෙන් දුක් විපාක
තියෙනවා. ඒ දේ අතහැරියහම ඒක තව කෙනෙක් ගත්තොත්, එයාව පන්නගෙන එනවා ඒ දුක කියන එක. එතකොට මෙන්න මෙබ`දු අර්ථයෙන් දකින්න කියනවා කාමය කියන එක. මොකක්ද? මොකක් වගේද? මස් වැදැල්ලක් වගේ. මාංසපේසී උපමා අර්ථයෙන් දකින්න කියනවා. ඊට පස්සෙ තිණුක්කූපමා කාමා. කාමය කියන්නෙ තණසුළක් වගෙයි කියනවා. ? කළුවරේ යම් කිසි කෙනෙකුට යන්න බැරිවුනහම එයා මොකද කරන්නෙ හුළු අත්තක් පත්තු කරගෙන යනවා. දැන් ඒක ඇවිලිලා, ඇවිලිලා, ඇවිලිලා එනවා. නමුත් කෙළවරට යනකම්ම අන්තිම මොහොතෙ හරි හුළුඅත්ත අත හැරියෙ නැත්නම් මොකද වෙන්නෙ. ඒකාන්තයෙන් පිච්චෙනවා. මේ කාමය කියන එක හුළු අත්තක් වගෙයි. ජීවිතේ අන්තිම මොහොතෙ හරි මේක අතහැරියෙ නැත්නම් පිච්චිලා මැරෙනවාමයි. ජරා මරණ දුකට පත්වෙනවාමයි කියනවා. හුළු අත්තෙ මුලින් හරි මැදින් හරි කෙළවරින් හරි ඒක ඇවිලෙන කාලෙදි අතහැරියොත් බේරෙන්න පුළුවන්. නමුත් ඒ හුළු අත්ත අත නොහැර හිටියොත් මොකද වෙන්නෙ. ඇවිලිච්ච හුළු අත්ත අත නොහැර හිටියොත් ඒකෙන් පිච්චිලා දුකට පත් වෙන්න වෙනවාමයි.

කාමය කියන එකත් පෙන්නුවා. කාමය මුලින් තරුණ කාලෙ හරි, මධ්‍යම කාලෙ හරි, අන්තිම කාලෙ හරි මේක අත නොහැරියොත් ඒකාන්තයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන එකොළොස් ගින්නකින් දැවිලා, පිච්චෙන්න වෙනවාමයි.
ඊට පස්සෙ දකින්න කියනවා කාමය රුක්ඛඵලූපමා කාමා, කාමය කියන එක මොකක්ද ගෙඩි පිරුණු ගහක් වගේ දකින්න කියනවා. අඹ ගහක් හරි පේර ගහක් හරි ගෙඩි පිරුණ ගහකට මොකද වෙන්නෙ. ගෙඩි කඩන්න පොලූ ගහනවා. ගල් ගහනවා. ගෙඩි නැති ගහකට වෙන්නෙ නෑ කිසිම හිරිහැරයක්. ඒ නොවෙන හිරිහැර ටික ඔක්කොම වෙනවා මොකේටද? ගෙඩි තියෙන ගස්වලට. එතකොට ගෙඩි නැති ගහකට පොලූ පාරවල් ගල් පාරවල්, අතු කපනවා, ඉති කපනවා කියන එකක් වෙනවද? නෑ. ගෙඩි තියෙන ගහටමයි වෙන්නෙ.
ඒ වගේ කාමය ඇසුරු කරන කෙනාටම ජාති, ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාසයන් ලැබෙනවා කර්ම රැස්වෙනවා. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් වලින් හිස් නෑ කියනවා හරියට රුක්ඛඵලූපමාවෙන් දකින්න කියනවා. මොකක් ද? කාමය කියන එක.
ඊට පස්සෙ පෙන්නනවා අසිසුනූපමා කාමා. කාමය කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. සත්තිසුලූපමා කාමා. ඕකට පෙන්නනවා දැන් දෙපැත්ත කැපෙන පිහියක කිරි, මී පැණි වගේ දෙයක් ගාලා ලෙවකන්න කියනවා. කැපෙන පැත්තෙ දැන් ගාලා ලෙව කෑවහම, එතකොට මොකද වෙන්නෙ. මී පැණි චුට්ටක් ගෑවිච්ච නිසා චූටි රහක් දැනෙනවා. නමුත් ඒ එක්කම දිවේ පලාතක් කැපිලා යනවා. එතකොට ඇතිවෙන වේදනාව ආශ්වාදය ටිකයි. ආදීනවම ගොඩයි. මේ කාමය නිසා ලැබෙන ආශ්වාදයම ටිකයි. ආදීනවය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. සසර තෙරක් නැති ජරා මරණ දුක ඔක්කොම ගැබ්වෙලා තියෙනවා මේ කාමය කියන තැන. ඒ නිසා මේ කාමා භික්ඛවෙ වේදිතබ්බා කියන කොට නිකම්ම වස්තු කාමය ක්ලේශ කාමය දකින්න එපා. අපි බොහෝම ආදරෙන්, අපි බොහොම කැමැත්තෙන් අපි බොහොම මනාප කමින් ඇසුරු කරන කාමය කියලා කියන්නෙ මෙන්න මෙහෙම එකක් කියලා දකින්න. මොනවා හරි දෙයක් දැනගෙන එපායැ
අපි ඒකෙ ඇලූනත්, අපි ඇලෙන කාමෙ මෙහෙම එකක් කියලා දැනගෙන ඉන්න. මේ ටිකේ අපි ඇලෙනවා නම් මෙන්න මේ ටික අපිට දායාද වශයෙන් ලැබෙනවා කියන එකත් තේරුම් ගන්න. කාමය කියන එකට
තව තියෙනවා ගොඩාක් උපමා මට මතක නෑ.
තව තියෙනවා ගොඩාක් උපමා මට මතක නෑ.
ඇටසැකිල්ලක් වගෙයි, ඵල ඇති රුකක් වගෙයි, මස් වැදැල්ලක් වගෙයි, හුළු අත්තක් වගෙයි, ඇට කෑල්ලක් වගෙයි, ගිනි අඟුරුවලක් වගෙයි. දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි. කියලා මේ වගේ උපමාවලින් දකින්න මෙන්න මේකයි කාමය කියලා කියන්නෙ. කාමයෙන් යුක්ත කෙනා අර කියපු තැන්වල උපමා වලින් පෙන්නන ආදීනව පෙන්නන ගැහැටක් තියෙනවා නම් කාමය වි`දින කෙනාට කාමය වළඳන කෙනාට මේ ඔක්කොම ටික වි`දින්න වෙනවා වළඳන්න වෙනවා කියන එකත් මතක තියා ගන්න. එහෙම තියාගෙන ආයෙ කිසිම වෙලාවක ඒකෙන් බේරෙන්න පුළුවන්කමක් එහෙම නෑ. මෙන්න මේ විදියට දත යුතුයි. ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කාමය දත යුතුයි, කියන කොට වස්තු කාමය කියන එක දකින්න ඇහැ රූප, කණ ශබ්ද, නාසය, ගන්ධ, කියන ඒවා. ක්ලේශ කාමය කියනකොට දකින්න ඒ අරබයා තියෙන ඡුන්ද රාගය. මේකයි කාමය, ඒ කාමයේ ස්වභාවය තණ සුළක් වගේ. ඇටසැකිල්ලක් වගේ කියලා මෙන්න මේ විස්තර ටිකත් දැනගන්න.
කාමා භික්ඛවෙ වේදිතබ්බා කියන කොට අපිට තේරෙන්න ඕන,
තව විස්තර තියෙනවා. මම පොහොසත් නෑ ඒවා කියන්න. මෙන්න මෙ පමණින්වත් ටිකක් දැනගන්න ඕනෙ. අපි වි`දින අපි හිතාගෙන ඉන්න අපි සැපයි කියලා හිතන කාමයේ ස්වභාවය මෙන්න මේ අපි කාමය කියන තැනට තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නෙ ආර්ය විනයෙ නම් ඕකට කාමය කියන්නෙ නෑ. ඔය කාමය සංකල්පයෙන්, රාගයෙන් හදාගෙන තියෙන්නෙ කියලා. අපි බලමු ඒකට ඒක කොහොමද කියන එක. ඊගාව කාරණාවෙන්. ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කියලා ඔය ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා’ කාමානං නිදාන සම්භවො වේදිතබ්බො’ කාමයන්ගෙ ඇතිවීම දත යුතුයි. ඔන්න කාමය ඇතිවෙන හැටි පෙන්නනවා. කොහොමද කාමය ඇතිවෙන්නෙ. ඵස්ස සමුදයො - කාම සමුදයො ස්පර්ශය නිසා කාමය ඇතිවෙනවා. කොහොමද ස්පර්ශය වෙන්නෙ. ඇහැ නොබි`දුනා. ඇහැත් හොඳට තියෙනවා ඇස් හමුවට රූපත්

එනවා. ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් නොවේ නම් ඊට අනුරූප වූ විඥාන භාගය පිහිටන්නෙ නෑ. එහෙම වුනොත් ස්පර්ශය නෑ. ඇහැත් හොඳට තියෙනවා. රූපයත් ඇස් හමුවට එනවා. ඊට අනුරූප වූ මෙනෙහි කිරීමකුත් වේ නම් ඔන්න ඊට අනුරූප වූ විඥාන භාගයාගේ පහළ වීම වෙනවා. ඒකට ස්පර්ශයයි කියනවා. ඔන්න හොඳට බලන්න මේ සිද්ධිය. ස්පර්ශය නිසයි කාමය ඇතිවෙන්නෙ. ස්පර්ශය කියන්නෙ කොහොමද? ඇහැට රූප ගැටුන පමණකින් ම හිත උපදින්නෙ නෑ. ඇහැත් තියෙනවා රූපයත් තියෙනවා ඒ රූපයට අනුව අපි හිතුවොත්, ඒ රූපයට අනුව හිත මෙහෙයෙවුවොත්, ඒ රූපයට අනුව නැමී පවතින මනසක් තිබුනොත් ඊට අනුව ඒ විඥානයාගේ පහළවීම වෙනවා. මොකක්ද? චක්ඛු විඥානය පහළ වෙනවා. තින්නං සංගති ඵස්සො. ඒ තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි. කාමය උපදිනවා. වස්තු කාමය දැන් හැදිලා. අන්න ඒ වස්තු කාමය කියනකොට මේ චක්ඛු සම්ඵස්ස අවස්ථාව දකින්න.
ඊට පස්සෙ චිත්ත වීථි අහලා තියෙනවානම්, ඒ සිතේ ම ජවන් මට්ටමට යනකොට දකින්න ක්ලේශ කාමය, අද අපිට වස්තු කාමය ක්ලේශ කාමයෙන් තොරව යමක් හම්බවෙන්නෙ නෑ. එතකොට ක්ලේශ කාමය තියෙන්නෙ වස්තු කාමය මුල් කරගෙන. හැබැයි වස්තු කාමය ද හදාගත්තෙ අපි. ඇයි ඒ ? ඇහැ තිබුනා. රූපය ඇස් හමුවට ආවා. ඊට අනුව අපි මෙනෙහි කළ නිසා නේද සංකප්පො කාමො. රාගො කාමො. ඒ පේන දේට අනුව නැමී පැවතුන නිසා නේද? අපිට ඊට අනුරූප වූ විඥානය පිහිටියේ. තේරුනා ද කියන එක. ඇහැත් තිබුනා. රුපයත් තිබුනා. ඊට අනුරූපව මෙනෙහි නොකළොත් කාමය වෙන්නෙ නෑ. එතකොට හොඳට බලන්න. කාමය කියන එක හදාගන්න හැටි. ඇහැ තියෙනවා. රූපය තියෙනවා. ඒ රූපයට අනුව මෙනෙහි කිරිමකුත් කරන්න ඕන. අපි ඒක දන්නෙ නෑ. හිත වේගවත් එච්චරට අපි වැරැුද්ද පුරුදු කරලා. මෙහෙම බලනකොටම පේන දේට අනුව අපි හිතන නිසයි දැන් මේ හිතන බව ඉබේම වෙන තරමට කි‍්‍රයාත්මක නිසයි අපිට මේ ටක් ගාලා චක්ඛු විඥානය පිහිටන්නෙ. චක්ඛු විඥානය කියන්නෙ පේන දේට අනුව අපේ හිත පිහිටන විදියටයි, අපි හැසිරෙන්නෙ. ඔන්න ඔහොමයි කාමයෙ ඉපදීම.
එතකොට යම් වෙලාවක ඇහැ නොබි`දුනා ඇහැ හොඳට
තියෙනවා. රූපය තියෙනවා. ඊට අනුව මෙනෙහි කළොත් ඔන්න විඥානය පිහිටනවා ස්පර්ශය. ඔන්න කාමය උපන්නා. කණ තියෙනවා. ශබ්දය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නෙ සෝත විඥානය උපදිනවා. තින්නං සංගති ඵස්සො. ඔන්න කාමය උපන්නා. නාසය තියෙනවා. ගන්ධය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නෙ ඝාණ ස්පර්ශය. ඔන්න කාමය උපන්නා. දිව තියෙනවා රස තියෙනවා ඊට අනුරූපව මෙනෙහි කරනවා. ඊට අනුරුපව මෙනෙහි කරනවා කියන ටික දකින්න සංකප්ප රාග කියන එක. රාග කියන කොට මෙතන චෛතසිකයක් වශයෙන් දකින්න එපා. ඒ අරමුණ අජ්ෙඣාසාය තිට්ඨති බැසගෙන පවතී නම්, නැමිලා පවතී නම්, නැඹුරු වෙලා පවතී නම්, අපි ඊට මෙනෙහි කරනවද කියන එකක්වත් දන්නෙ නෑ. මේ පේන දේ බලන ගතියම දකින්න රාගය, හැටියට. පේන දෙයින් වෙන් නොවෙන ගතියම දකින්න. අජ්ෙඣාසාය තිට්ඨති. බැසගෙන පවතිනවා කියන අර්ථය අපි දන්නෙ නෑ. ඒකත් මේ මට්ටමේ ඇලීමක් කියන එක.

එතකොට මෙන්න මේ විදියට ඊට අනුරූපව මෙනෙහි කළොත්
ඝාණ විඤ්ඤාණය පිහිටනවා. ඝාණ විඤ්ඤාණය උපන්නා කියන්නෙ ස්පර්ශයක්. දිව තියෙනවා. රස තියෙනවා. රසට අනුව හිතනවා. මෙනෙහි කරනවා. ජිව්හා විඤ්ඤාණය පිහිටනවා. ස්පර්ශයක්. කාමය උපන්නා. කය තියෙනවා. පොට්ඨබ්බය තියෙනවා. පොට්ඨබ්බයට අනුව හිතනවා. නැමී පවතිනවා. අජ්ෙඣාසාය තිට්ඨති. අන්න කාය විඤ්ඤාණය පිහිටනවා. එතකොට ස්පර්ශය. අන්න කාමය උපන්නා. කාමය හදාගෙන දැන් තියෙන්නෙ අපි. කාමය හදාගත්තා. වස්තු කාමය. ඒ අරබයා මනෝ විඤ්ඤාණ මට්ටමෙන් තමයි දුවා, පුතා කියලා තව ඒක වණ_වත් කර ගන්නවා. හදාගත්ත කාමය. හදාගෙන අපි මොකද කරන්නෙ. වස්තු කාම ක්ලේශ කාම දෙකම හදාගෙන දැන් මේ ජීවත් වෙනවා. එතකොට ඒ කාමය කියලා මේ හදාගත්තෙ වස්තු කාමය නෙවෙයි මේ හදාගත්තෙ ක්ලේශ කාමය නෙවෙයි. මේ හදාගත්තෙ දුවා නෙවෙයි. පුතා නෙවෙයි. ගෙවල් දොරවල්, යාන වාහන නෙවෙයි මොකක් ද? ඉස්සෙල්ලා කිවුව විස්තර ටික දකින්න. මේ හම්බවෙන්නෙ මේ හදාගත්තෙ මොකක්ද? මස් ලේ නැති ඇට සැකිල්ලක්. හදාගත්තෙ.
ගිනි අඟුරු වලක් හදාගත්තෙ. බොහෝ කාලයක් තැවෙන්න හේතුවක් හදාගත්තෙ.

සැප කැමති අපට, සැප නොලැබෙන, දුක අකමැති අපට, දුක ලැබෙන යමක් හදාගත්තෙ. මේ හදාගත්තෙ කාමය එහෙම නෙමෙයි. කියන තැනින් දකින්න. මේ හදාගත්තෙ ජරා මරණ. මේ හදාගත්තෙ සසර. මේ හදාගත්තෙ සතර අපායට යන්න තියෙන භූමිය. කියන තැනින් දකින්න. ඔන්න ‘කාමානං නිදාන සම්භවො වේදිතබ්බා’ කියන කොට එයා දන්නවා ස්පර්ශය නිසා කාමය උපදින්නෙ. ස්පර්ශය කියන්නේ මෙහෙමයි.
ඇහැ තියෙනවා රූපය තියෙනවා තිබුනට ඒ ස්පර්ශය වෙනවද? නෑ. ඊට අනුව අපි මෙනෙහි කරන්නත් ඕන. අපිම මෙනෙහි කරන නිසා ඊට අනුව විඤ්ඤාණය පිහිටලා ඔන්න ස්පර්ශය වෙනවා. ඔන්න කාමය හදාගත්තා. එහෙම හදාගෙනයි මේ කාම තණ්හාව. ඒ කියන්නෙ දැන් අපි ගොවිතැන් කරන කොට අපිම බඩ ඉරිඟු හරි කව්පි හරි මොනව හරි හිටවනවා නේ. හිටවලා ඒක අපිම අනුභව කරනවා. හරි හොඳයි. කියලා අපිම ඇලෙනවා. ඒ වගේ අපිම නිෂ්පාදනය කරලා අපිම ඒක භුක්ති වි`දිනවා නේ. ඒ වගේ කාමය කියන එක අපිම නිෂ්පාදනය කරලා අපිම භුක්ති වි`දිනවා. එහෙම නැතුව මේ තියෙන ඒවා. අපිට ගිය ගමන් කඩාගෙන කන්න හැම තැනම බඩ ඉරිඟු, කව්පි මුං ඇට එහෙම නෑ. ඒ වගේ මේ කාම භාණ්ඩ හැම තැනම අපිට ඕන ඕන විදියට අරගෙන කන්න බොන්න නෑ. තියෙන්නෙ සතර මහා ධාතුව. ඒක හදාගෙනයි අපි මේ වි`දින්නෙ.
එතකොට ඔන්න කාමානං නිදාන සම්භවො වේදිතබ්බො කියන කොට කාමයන්ගේ ඇතිවීම දකිනවා කොහොමද ඇතිවීම. ස්පර්ශය නිසයි කියලා. ඊට පස්සෙ කාමානං වේමත්තතා වේදිතබ්බො කාමයන්ගෙ නානත්වයකුත් තියෙනවා. මොකක් ද කාමයන්ගෙ නානත්වය. අඤ්ඤෙසු රූප කාමා. අඤ්ඤෙසු ශබ්ද කාමා, අඤ්ඤෙසු ගන්ධ කාමා. රූපයන්ගෙන් පෙනී හිටින කාමෙ නෙමෙයි ශබ්දයන්ගෙ. ශබ්දයන්ගෙන් පෙනී හිටින කාමෙ නෙමෙයි ගන්ධයන්ගෙ. ගන්ධයන්ගෙන් පෙනී හිටින කාමෙ නෙවෙයි රසයන්ගෙ. රසයන්ගෙන් පෙනී සිටින කාමෙ නෙමෙයි ස්පර්ශයන්ගෙ. මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒ අරමුණු වල නානාත්වයෙන් කාම නානත්වය දකින්න. ‘කාමානං විපාකො වේදිතබ්බො’ කාමයන්ගේ විපාකය දත යුතුයි. මොකක් ද කාමයන්ගෙ විපාකය.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!