4/8/15

ඇස ඇති කල්හි' - 04 කොටස


අපිට පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් මේ ඔක්කොම ටික තියෙන්නෙ අපි ළඟ තියෙන අවිද්‍යා ආශ‍්‍රව නිසයි. අවිද්‍යා ආශ‍්‍රව කියන කෙලෙස් නිසයි මේ ස්පර්ශ ආයතන පහම ඇති බවකින් අල්ලලා දෙන්නෙ.
මනසත් ධම්මාරම්මණත් මනෝ විඤ්ඤාණයත් කියන තුන්දෙනාගෙ ස්වභාවය අවස්ථාවට හටගන්නවා. දැන් අපි ගෙදර කියලා සිතුවිල්ලක් හිතුවොත්, මනසත්, ධම්මාරම්මණත්, මනෝ විඤ්ඤාණයත් කියන තුන්දෙනාගෙ එකතුව - මනෝ සම්ඵස්සය මනෝ සම්ඵස්සය කියන්නෙ ගෙදර කියන සංඥාව උපදිනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ම නිරුද්ධ වෙනවා. ඇත්ත ඒක වුනාට ගෙදර කියන හැඟීම උපදිනකොට ම ස්පර්ශය නිසා හටගත්ත ධර්ම ස්පර්ශ නිරෝධයෙන් නැතිවෙනවා කියලා ඇත්ත නොදකිනකම නිසා ඒ අරමුණ හිතෙන් පිළිගන්නවා. පිළිගත්තහම දෙවෙනි අදියරේ දී ගේ ඇත්ත වෙනවා. ඒ කියන්නෙ ගේ කියලා සිහිවෙච්ච එක ඇත්ත වෙනවා අපිට. ඇත්ත වෙලා දැන් ගේ ගැන කල්පනා කරන්නෙ නැද්ද අපි.
කොහේවත් තිබුන එකක් නෙමෙයි. මනසින්ම, ගේ කියන සංඥාව උපද්දලා. ඒකෙ ඇත්ත තමයි ස්පර්ශය නැතිවෙනකොටම, ගේ කියන සංඥාව නිරුද්ධ වෙනවා ඒ සිහි කරපු එක. නමුත් අපිට එහෙම නිරුද්ධ වෙන්නෙ නෑ. සිහිකෙරුවොත් සිහි කරපු එක දෙවනුවත් හිතට අහුවෙනවා. හිතින් අල්ලගෙන ඊට පස්සෙ දැන් ගෙදර කවුද දන්නෙ නෑ ඉන්නෙ. ළමයිනුත් නෑ. අද දොරවල් වහලා ආවෙ. හොරු කැඩුවද දන්නෙ නෑ. බණ අහන එක පැත්තක තියලා ගෙදර යන්න හිතෙන්නත් පුළුවන්.
ඒක ඇත්තවෙලා ඔන්න හිත් රාශියක් ගියා ම ඔන්න ගේ කියන අදහස උපද්දපු ස්කන්ධයෝ නිරුද්ධ වුනාට, කෙලේසයකින් බලන්න ගෙයක් තුල මනෝමයෙන් ගොඩාක් දුර ගිහිල්ලා ඉන්නවා නේද කියලා. ඒක උපද්දපු ස්කන්ධ ටික නිරුද්ධ වෙලා. දැන් මේ ගේ තියෙනවා කියලා අපිට ඇ`ගට දැනෙන්නෙ හටගත්ත ස්කන්ධ ටිකේ ඇත්ත නොදැන ඒ නිසා ම තව සිතක් උපද්දලා. තව සිතක් උපද්දලා. කෙලෙසුන්ගෙන් මෙහෙම සිත් උපද්දලා උපද්දලා දැන් ගෙයක් තියෙනවා කියලා කියන්නෙ මනස තියෙනවා. ධමාරම්මණ තියෙනවා මනෝ විඤ්ඤාණය තියෙනවා යන ගණයට ගිහිල්ලා අපිට.
මනසින් සිහි කරන ගේ තියෙනවා කියන්නෙ ඒ අධිකරණයේ දී මනස තියෙනවා ධමයෝ තියෙනවා මනෝ විඤ්ඤාණය තියෙනවා කියන එක. මෙතෙන් දි මනස ඇතිකල්හි ධමාරම්මණ ඇති කල්හි මනෝ විඤ්ඤාණය ඇති කල්හි මාර හෝ මාර ප‍්‍රඥප්තිය කියන එකෙන් කියන්නෙ සිතක් නැතුව අචේතනික ව මැරෙන්න කියන එක නෙමෙයි.
උපදින යම් චිත්ත චෛතසික ටිකක් නිසා යම් මනෝ සම්ඵස්සයක් උපදී නම් උපදින මනෝ සම්ඵස්සයාගේ නිරෝධයෙන් ඒ ධමය නිරුද්ධයිනෙ කියලා දැනගන්න පුළුවන් නම්, දකින්න පුළුවන් නම් ප‍්‍රශ්නෙ ඉවරයි. එහෙම නැතුව ඒක ඇති බවට ගන්න එකයි දෝෂෙ.
දැන් දරුවා කියලා හිතුනොත්, මනෝ සම්ඵස්සය නිසා දරුවා කියන අදහස උපදී. ඒ ස්පර්ශය නැතිවෙනකොට ම දරුවා කියන අදහසත් නැතිවෙයි. නමුත් තමන්ගෙ සන්තානයෙ නැතිවෙයි ද කියලා බලන්න. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වුනාට ඒ ධර්ම ඇත්ත කරගෙන. ඇති බවට අරගෙන, දරුවා පන්ති ගියා ද දන්නෙ නෑ. ආවද දන්නෙ නෑ. කරදරයක් ද දන්නෙ නෑ කියලා යන්නෙ නැද්ද හිතින්.
මනස, ධම්මාරම්මණ, මනෝ විඤ්ඤාණය මුල් කරගෙන උපන්න ධර්ම එයාට තියෙනවා කියන්නෙ, මනස, ධම්මාරම්මණ, මනෝ විඤ්ඤාණය තියෙනවා කියන එක.
ඒ විදියට ම දකින්න මේ ස්පර්ශ ආයතන හයේ ම, මෙහෙමයි අපිට ලෝකය උරුම වෙලා තියෙන්නෙ. මේ කයක් උරුම වෙලා තියෙන්නෙ ඔය විදියට, ස්පර්ශ ආයතන හයෙන්. එහෙම තියෙන්නෙ ඒ මනසින් සිහි කරගත්ත ගෙදර හරි දරුවා හරි කියන දේ ඇති කල්හි ඒවා අපට තියෙනවානම් මනසත් ධර්මාරම්මණත්, මනෝ විඤ්ඤාණයත්, තියෙනවා. ඒවා තියෙනවා කියලා කියන්නෙ මාර හෝ මාර ප‍්‍රඥප්තිය තියෙනවා. සත්ව හෝ සත්ව ප‍්‍රඥප්තිය තියෙනවා. ඒ ටික තියෙනවා කියන්නෙ ජරා මරණ දුක තියෙනවා.
ජරා මරණ දුක තියෙනවා කියන්නෙ සත්ව ප‍්‍රඥප්තිය, මාර ප‍්‍රඥප්තිය තියෙනවා කියන එක. ඒ ටික තියෙනවා කියන්නෙ මනස හෝ ධමාරම්මණ හෝ මනෝ විඤ්ඤාණය තියෙනවා කියන එක. ඒ මනස හෝ ධමාරම්මණ හෝ මනෝ විඤ්ඤාණය හෝ තියෙනවා යන ගණයට ගියේ ඒ ධර්මතාවය උපදිද්දි එතන ඇත්ත නොදැක ඒ ධර්මතාවය ඇත්ත වෙලා ගෙදර නම් ගෙදර ම වෙලා, දරුවා දරුව ම වෙලා අපිට. ඒක විතර්කයක් කියලා, ස්පර්ශය නිසා හටගත්ත එකක් කියලා ඒකෙ ඇත්ත දැකලා නෑ.
ඇත්ත නොදැකීම නිසා ඒ අරමුණ ඇත්ත වෙලා ඇත්ත වෙච්ච අරමුණෙත් අජ්ෙඣාසාය තිට්ඨති බැසගෙනත් ඉන්නවා. ඇලීම හෝ ගැටීම. දරුවා ආවද දන්නෙ නෑ කියලා දුක්වෙනවා. දරුවා විභාගෙන් පාස්වෙලා කියලා සතුටු වෙනවා. ඔය විදියට ඇලෙනවා ගැටෙනවා කියන කාරණාව පවතින නිසා තමයි ඒ ස්කන්ධ ඉතුරු වෙන්නෙ.
මේක පෙළක් වගේ අනුක‍්‍රමයෙන් ගන්න. ස්පර්ශ ආයතන හය ම උපදින වෙලාවෙ දි, ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවය නොදකිනකම උපකාරයි ඒ කියන්නෙ මුලාව උපකාරයි ස්පර්ශ ආයතන හය ඇත්ත වෙන්න. කෙනෙක්ම, පුද්ගලයෙක්ම වෙන්න. ස්පර්ශ ආයතන හය ඇත්ත වුනහමයි ඇලෙන්නෙ හෝ ගැටෙන්නෙ. නැත්නම් ඒක ඇත්ත කරගෙන අල්ලගෙන ඉන්නෙ.
ඒ විදියට ඉන්න නිසයි ඒ ස්පර්ශ ආයතනය ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක නොපෙනී ඇති බවක් පෙනෙන්නෙ. මෙන්න මේ මානසික මට්ටම කෙලෙසුන් නිසා මේ ඇති බවක පෙන්නන මෙන්න මේ ටිකටයි.
‘‘සමිද්ධි, යම් තැනක ඇහැ ඇද්ද, රූපය ඇද්ද, චක්ඛු විඤ්ඤාණය ඇද්ද,’’ කියන වචනයක් පෙන්නුවෙ. හො`දට ඒ ටික මතක තියා ගන්න.
එහෙම නැතුව මේ ජීවිතේ මුල් කරගෙන පවතින චක්ඛු ඉන්ද්‍රියෙන් වැඩක් ගන්නවට හෝ ඒ වැඩ කරන අවස්ථාවට කිවුවා නෙවෙයි. ඇති බව අනිකක්. ඒක නැතිවෙන බව ක්ෂය වෙන බව නුවණින් දැකලා පරිහරණය කරන එක අනිකක්. රැුස් කරන එකේ දෝෂෙ මිසක පරිහරණය කරන එකේ නෙමෙයි දෝෂෙ තියෙන්නෙ. ඇහෙන් රූපයක් බලපු එකේ නෙමෙයි දෝෂෙ තියෙන්නෙ. බලපු ඇහැ, බලපු රූපය තබාගන්න එකෙයි දෝෂෙ තියෙන්නෙ. ඒ කියන්නෙ අපි හිතාගෙන හිටියට දුප්පත් කියලා අපි කවුරුවත් දුප්පත් නෑ. අපි බොහොම පොහොසත් මේ අඩු නැතුව ස්පර්ශ ආයතන හය ම තියෙනවා. මොන දෙයක් අතහැරියත් - අපි අතහැරීම ගැන කතා කළොත් හොදට මතක තබාගන්නට ඕනෙ. භෞතික දේවල් අතහැරෙයි, මෙන්න මේ ස්පර්ශ ආයතන හය අතහැරගන්න. ඇහැ අතහැරගන්න. රූපය, චක්ඛු විඤ්ඤාණය අතහැරගන්න පුළුවන්නම්. ළඟන් ම අහුවෙලා තියෙන්නෙ ඒ ටික. ඒ ටික තමන්ගෙ වෙලා තියෙන හින්දයි හතර ඉරියවුවෙ ම ඔය පින්වතුන්ට ඔය ටික පරිහරණය කරන්න පුළුවන්. ඕක තමයි තණ්හාව - තියාගෙන කනවා - ඇයි දැන් බැලූවා. බලලා ඉවරවෙලත් ඒක තවත් තියාගන්නවා නම්, සන්නිධිකාරය කියන්නෙ රැස් කිරීම කියන්නෙ නියම විදියට ඔන්න ඕක.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් 2013 ඔක්තෝබර් මස 13 වන දින මාතලේ දී කරන ලද ධර්ම දේශනය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!