5/29/15
" චේතෝ විමුක්තිය - 8 කොටස "
දැන් අද අපි දුකයි කියලා බැලූවට, එක වෙලාවකට දුකයි කියලා එළඹ සිටිනවා. අවස්ථාවට හිත, සැප සංඥාවෙන් මිදුනට, ඒ මිදීමට අකෝප්‍යයි කියන්නෙ නෑ. ඇයි තව ටිකකින් ආයෙත් සැපයි කියලා දකිනවා. සමහර දේවල් හෝ සැපයි කියලා දකිනවා. මේ චේතෝ විමුක්තියෙදී, හැම වෙලාවේම, හැමදේම, ලෝකෙ තුල තියෙන, දුකයි කියන සංඥාව එළඹ සිටිනවා. ඒ නිසා ඒ චේතෝ විමුක්තිය අකෝප්‍යයි. වෙනස් වෙන්නෙ නෑ කියනවා. මෙන්න මේ මට්ටමට මනස පත්වුනහම, මත්තේ කටයුත්තක් නෑ කියන තැනට පත්වෙනවා. මොකද අපිට කරන්න පුළුවන් එච්චරයි. කෙලෙසුන්ගෙන් මිදෙන්න, ආශ‍්‍රවයන්ගෙන් මිදෙන තැනට කළ හැකියි අපිට. ඒ කෙලසුන්ගෙන් මිදුනෙ, ආශ‍්‍රවයන්ගෙන් මිදුනෙ මොකටද? කුමක් සඳහා ද?
නිවන සඳහා. නිවන දෙආකාරයි.
සෝපදිශේෂ නිබ්බානය නැත්නම් ක්ලේශ පරිනිවාණය
අනුපදිශේෂ නිබ්බානය නැත්නම් ස්කන්ධ පරිනිර්වාණය
ආශ‍්‍රවයන්ගේ, කෙලෙසුන්ගෙන් පිරිනිවුනා. පිරිනිවුන නිසා ස්කන්ධයෙන්ගේ නිරෝධය පේනවා. දකින දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධයි. අහන දේ ඇහීමෙන් පස්සෙ නිරුද්ධයි. කියන එක සියළුම ආකාරයට පෙනෙන්නෙ ඔන්න ඔය මට්ටමට ගිය මනසකට විතරයි. ඒ ආශ‍්‍රවයන්ගෙන් මිදිලා, කෙලෙසුන්ගෙන් මිදිලා, දකින දේ දැකිමක් පමණයි. අහන දේ ඇහීමක් පමණයි කියන මට්ටමක, ඒ ද ප‍්‍රත්‍යය නිසා හටගෙන ප‍්‍රත්‍ය නැතිවෙනකොට නැතිවෙනවා කියන ටික දකින බවට පත් කරලා ජීවිතේ, ජීවත්වෙන කෙනාට කිව්වා රහතන් වහන්සේ කියලා.
කෙලෙස් නෑ පිරිසිදු ජීවිතය.
හටගත්ත ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා. ඇති බවට රැුස්වෙන්නෙ නෑ. කර්ම රැුස්වෙන්නේ නෑ. පේන දේ පේනවා. පේන දේට හිතන්න බැරි නෑ. හිතුවහැකි. කියන්න බැරි නෑ. ඕන දෙයක් කිවුවහැකි. කරන්න බැරි නෑ. ඕන දෙයක් කරන්න පුළුවන්. වතුර එකක් ගන්න. වතුර එකක් දෙන්න. ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධ වුනහම, හිතපු දේත් නිරුද්ධයි.කියපු දේත් නිරුද්ධයි.කරපු දේත් නිරුද්ධයි. කර්ම රැුස්වෙන්නෙ නෑ. රහතන් වහන්සේලාට කර්ම රැුස්වෙන්නෙ නෑ. උපචයට යන්නෙ නෑ.
අපිට වෙන්නෙ කර්ම රැුස්වෙනවා. ඒ කිවුවෙ ඔය පින්වතුන් මේ ඉදිරියෙන් ඉන්න කෙනෙකුට බනින්න. ගහන්න. එයා ගැන නරක විදියට හිතන්න. ඔය හිතපු, කියපු, කරපු ඔක්කොම අපි හොඳට දන්නවා. බැන්නොත් බැනපු වචනෙ නැති වෙනව නේ. හිතුවොත් හිතපු සිතුවිල්ල නැතිවෙනවනේ. කළොත් කළ කි‍්‍රයාව නැතිවෙනවා නේ. නැති වුනාට ඔය පින්වතුන් හිතපු, කියපු, කරපු ඒ නිමිත්ත නැති වුනේ නැත්නම් ඔය පින්වතුන්ට කර්ම නැතිවුනා කියලා කියන්නෙ නෑ, ඒ නිමිත්ත තියෙනකොට කළ කී දේවල් තියෙනවා කියන ගණයට යනවා. මරණාසන්න මොහොතෙ සිහිවෙනකොට කළ කී දේවල් ඔක්කොම ඒකෙ තියෙනවා.
ඔය පින්වතුන් පෙනෙන දේට හිතනවා, කියනවා, කරනවා, පෙනෙන දේවල් ඇති බවට මනසෙ රැුස්වෙනකොට, ඒ රැුස් වුනේ මොනවද? කර්ම ඔය වගේ හිතපු, කියපු, කරපු, හැමදෙයක් ම ලෝකයාට රැුස්වෙනවා මිසක අස්වෙන්නෙ නෑ. රහතන් වහන්සේලාට කර්ම රැුස්වෙන්නෙ නෑ කියලා කියන්නෙ. කර්ම නිරෝධයි කියන්නෙ හිතීම්, කීම් කිරීම් නතර වුනා නෙමෙයි. හිතන්න, කියන්න, කරන්න පුළුවන්, නමුත් හිතපු, කියපු, කරපු නිමිත්තක් තියෙනවා නම් ඒක ඉතුරු නැතුවම නිරුද්ධ නම්, හිතපු, කියපු, කරපු, දේත් නිරුද්ධයි. මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පෙනුනොත් ඒ පේන ජලයට - දැන් හොඳට දන්නවා මේ ඇහැ නිසා මේ පෙනුනෙ, අවස්ථාවටයි හටගත්තෙ, ඉතුරු නැතුව නැතිවෙනවා කියන නුවණක් තියෙනවා. තියාගෙන - අනේ මේක මිරිඟුව නේද කියලා නම් කරන්න. වතුර වගේ නේද කියලා නම් කරන්න. මේකට අපි වතුර කියලා කියමු නේද කියලත් නම් කරන්න, වතුර තිබුනොත් හොඳයි.මම වතුරට ආසයි, ආදරෙයි ඕන එකක් කියන්න. අහකට යනකොටම දැකපු එක නැතිවුනා නම් දැන් ඒකට කරපු කියපු දේත් නෑ.
නමුත් අපිට වෙන්නෙ, ලෝකයාට කර්ම රැුස්වෙනවා කියලා කියන්නෙ, හිතපු, කියපු, කරපු, දේවල් තියෙනවා කියන එක නෙමෙයි. හිතපු, කියපු, කරපු නිමිත්තක් ඉතුරුයි නම් ඒ තමයි කර්ම ඉතුරු වෙනවා කියන්නෙ.
රහතන් වහන්සේලා කියන්නෙ. ආශ‍්‍රවක්ෂය වුනොත් කර්මක්ෂයයි. කර්ම රැුස්වෙන්නෙ නෑ. කෙලෙස් නෑ. කෙලෙස් නැති නිසා කර්ම, කෙලෙස් රහිතයි. එතන එතන ස්කන්ධයන්ගේ නිරෝධය දකිමින් ජීවත් වෙනවා. අළුතින් භවයකට යන්න තියෙන කර්ම කෙලෙස් ටික නැති කරලා එතන එතන ස්කන්ධ මාත‍්‍රයකින් ජීවත් වෙනවා.
ජීවිතය කියන්නෙ හැම වෙලාවෙම ක්ෂණයයි. මොහොතයි. ඒ ස්කන්ධයෝ විතරයි. පේන වෙලාවට පෙනෙන අධිකරණය විතරයි. ඇහෙන වෙලාවට ඇහෙන අධිකරණය විතරයි. ඊට පෙර - පසුත් මනස පිරිසිදුයි. කර්ම, කෙලෙස් නෑ. මේ විදියට ජීවත් වෙනවා. මේ ජීවිත සන්තතිය අවසන් වෙනකොට, මේ ජීවිතයේ තියෙන ආයුෂයත් ඉවර වෙනකොට පුරාණ කර්මයෙන් හටගත්ත මේ ඉන්ද්‍රිය ටිකත් බි`දිලා යනවා. කල් ඇතුවමයි. නැවත ප‍්‍රතිසන්ධියකට යන්න තියෙන කර්ම කෙලෙස් ටික නතර කළේ. ඒ හින්දා මතු භවයකුත් නෑ.
එතකොට තියෙන දුක් වූ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. මතු දුකත් නූපදින කොට නිවුනා කියලා කියනවා. පුද්ගලයෙක් නිවන් දැක්කා නෙවෙයි. දුක් වූ ස්කන්ධයෝ නිරුද්ධ වුනා. දුක් වූ ස්කන්ධයෝ නිවීමට ගියා කියලා කියනවා. මේ දුක් වූ ස්කන්ධයන්ගේ නිරෝධයට කිවුවා නිවන කියලා . මේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරගන්න බැරිවුනේ අපේ මනසේ තියෙන, නිත්‍ය, සැප, ආත්ම, කියන විපල්ලාසය නිසා. ඒ ස්කන්ධයෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, එබ`දු ධර්මතා මනස ඉදිරිපිටට එනකොට නිත්‍යයි, සැපයි ආත්මයි කියන විපල්ලාසය යෙදුනා හැමදාම. විපල්ලාස ඇති කරන්න හේතුවෙච්ච අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධයෝ නිරුද්ධ වෙලා ගියා. විපල්ලාසය නිරුද්ධ වුනේ නෑ. ඒ විපල්ලාසය ස්කන්ධයෝ උපද්දලා, ප‍්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය ආපසු බැසගත්තා. ආයෙත් එතන ද මේ වගේ ආයතන ටිකක් හැදුනා. එතනත් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආයතන ටික නිසා ආයෙත් ඒ මනසෙ ප‍්‍රපංච ටික යෙදෙනවා. කෙලෙස් යෙදෙනවා. ඒ ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා. ඒ කෙලේසය ආයෙත් ප‍්‍රතිසන්ධි හදනවා. මේ විදියට ආපු සසර කෙළවරක් නෑ. යන සසරත් කෙළවරක් නෑ. එක කාරණාවක් දකින්න. අපි හැමෝම ඇවිදින්නෙ මේ සසර, දුක් වි`දින්නෙ මේ සසර, කෙලෙස් නිසා. මේ අවිද්‍යාව නිසා. අපි දැනගෙන හිටියෙ නෑ. අපිගාව තියෙන කෙලෙස් නිසයි සසර ඇවිදින්නෙ. අපි ගාව තියෙන කෙලෙස් නිසයි අපි දුක් වි`දින්නෙ කියලා. මොකද අපේ කෙලෙස් ටික අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්කන්ධයන්ට පතිත වෙලා හින්දා නිත්‍යයි, සැපයි කියන අපේ කෙලෙස් ටික අපේ ඇහේ තියෙන කණ්නාඩියෙ පාට පතිත වෙලා තියෙන්නෙ ඉදිරියෙන් තියෙන රූපෙට. ඒ බව අ`දුනන්නෙ නැති අපි ඉදිරියෙ තියෙන රුපෙ නිල්පාටයි කියලා හිතුවෙ. අපේ මනසෙ තියෙන කෙලෙස් ටික අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධයන්ට පතිත වෙලා නිසා, අපි ගාව තිබුන ආශ‍්‍රවයන්ට අරමුණු වෙලාතිබුණ නිසා, අපේ උපාදානයට හසුවෙලා තිබුන නිසා, අපි හිතුවෙ මේ ස්කන්ධයෝ පුද්ගලයෙක් කියලා. ස්කන්ධයෝ සැපයි කියලා. ස්කන්ධයෝ තියෙනවා කියලා. නමුත් මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව වහලා අපේ මනසින් මේක ඇති කරලා කියලා දැක්කෙ නෑ. දන්නෙ නෑ. බුදු හාමුදුරුවො තමයි, අපිට පැහැදිලි කරලා දුන්නෙ සත්‍යයක් අවබෝධ කරලා දුන්නා ඔබලා ලෝකය මෙහෙම දැක්කට, ඔබලාට ලෝකය මෙහෙම පෙනුනට, ඇත්ත තමයි මේ ලෝකේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව කියලා.
ඒ බව දැක්කොත් අපේ මනසේ ප‍්‍රපංච ටිකක් කියලා තේරෙනවා. ඒක දකින මට්ටමට ආවොත් කලකිරෙනවා. එදාට මේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මයෙ ඇලෙන්නෙ නෑ. එදාට මේ කෙලෙස් ප‍්‍රහීන වෙනවා. ආශ‍්‍රවයන්ගෙන් හිත මිදෙනවා. ඒ කෙලෙසුන්ගෙන් හිත මිදුනහම, ආශ‍්‍රවයන්ගෙන් හිත මිදුනහම, කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවුනා, රහතන් වහන්සේ කියලා. ඔය තැනට එන්නයි බුදුහාමුදුරුවෝ මග දේශනා කළේ. මේ ටික පිරිසිදු ඇත්ත. මෛතී‍්‍ර බුදු රජාණන් වහන්සේ පහළ වුනත් ඔය ටිකමයි දේශනා කරන්නේ. ඒ හින්දා එතකම් ඉන්න ඕන නෑ. අප‍්‍රමාදීව කෙනෙක් උත්සාහවත් වුනොත් ආශ‍්‍රවක්ෂය කරගන්න බැරි නෑ. මේ දේශනාවට හොඳට ඇහුම්කන් දුන්නා නම් ඔය පින්වතුන්ට ප‍්‍රශ්ණ ඉතුරු වෙන්නෙ නැතිවෙයි.
‘‘ස්වාමීන් වහන්ස, අපිට කමටහනක් කියන්න’’ කියලා. මට කියන්න වෙන කමටහන් නෑ. මම එහෙම භාවනා දෙන්න දන්න කෙනෙක් නෙමෙයි. මොකද මම දන්න කමටහන තමයි මේ මම කිවුවෙ. ඔය පින්වතුන්ට තියෙන්නෙ ශීලයක පිහිටලා කමටහනක් හැටියට ඕනනම් මට තව එකක් කිවුවහැකි සමථ කමටහනකින් හිත වඩන ක‍්‍රමය කිවුවහැකි - ඒ කමටහනකින් හිත වඩ වඩා මේ තුන් ආකාරයෙන් එක් ආකාරයකට හිතන්න. නුවණ බහුල කරන්න. යෝනිසෝ මනසිකාරය කරන්න.
හිතේ උපදින්නෙ හැම වෙලාවෙම නිත්‍ය වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් උපදින නිමිති. ඒ උපදින ධර්මතාවයන්, ඒ නිමිති උපදිනකොට ඒ ධර්මතාවය කෙලේසයක් හැටියටත්, බාහිර තියෙන ධර්මතාවය අනිත්‍ය බවෙන් හෝ දුක් බවෙන් හෝ අනාත්ම බවෙන් බලන්න.
ආයෙත් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, ස්කන්ධයෝ හමුවෙන කොට තමන් තුල කෙලෙස් යෙදෙන හැටි බලන්න. මෙච්චරයි කරන්න තියෙන්නෙ.
තමන්ගෙ මනසෙ කෙලෙස් යෙදෙන හැටි සිහි කරන්න. අපිට සිහි කරලා බාහිරේ බලන්න යන්න බෑ. ඒක වැරදියි කියන එක දකින්න. මේ විදියට කාලයක් කරනකොට ඔය පින්වතුන් විශේෂණයකට පත්වේවි.
තමන්ට තේරෙයි මේක මොන තරම් ද කියලා. අද ඔය පින්වතුන් උදේට හවසට ගාථාවක් හැටියට කියලා වන්දනා කරන ගාථාවල ගුණ හදවතට දැනෙයි.
‘ස්වාක්ඛාතො භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, ඒහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බො, විඤ්``ක්‍දුහි’ කියන වචන ටික ඔය පින්වතුන් තුලින් කියවෙයි. ඒ නිසා අප‍්‍රමාදීව මේ ධර්මයේ යෙදිලා තමන්ගේ නිවීම, තමන්ගේ මිදීම, මේ ජීවිතයේ ම හදාගන්න උත්සාහවත් වෙන්න කියන එක මේ වේලාවේදී මතක් කරනවා. මොකද සසරට වැටුනොත් කවුරු වෙනුවෙන් හරි, අපිව බේරගන්න කිසිම කෙනෙක් එන්නෙ නෑ කියන එකත් මතක් කරනවා.
ඒ නිසා ලෝකෙටත් උපකාර කරන්න. හැබැයි තමන් තමන්ව රක්ෂිත ස්ථානයක තබාගෙන කටයුතු කරන්න හැම වෙලාවෙම වග බලා ගන්න.
හිතේ හිතේ ස්වභාවය තමයි, නිතරම ගතු කියනවා, කේලාම් කියනවා වගේ නොයෙක් නොයෙක් සංඥා අරමුණු උපද්දලා දෙනවා. ඒ හැම එකකටම එහෙයි කිය කියා ඔළුව වනන්නෙ නැතුව හිත ටිකක් සෘජුව තබාගෙන ඒ එන අරමුණු වලට ප‍්‍රතිවිරුද්ධ විදියට හිතන්න හැම වෙලාවෙම උත්සාහවත් වෙන්නට ඕනෙ. එහෙම උත්සාහයෙන් හිතන කෙනයි, හැම වෙලාවෙම විශේෂණයකට පත් වෙන්නෙ.
ඉතින් මේ දේශනාව ඔය පින්වතුන්ට මරණින් පසුව නොව, මේ ජිවිතයේ දී ම අනුපාදා පරිනිර්වාණය සඳහා හේතු උපනිශ‍්‍රය වේවා..
සාදු! සාදු!! සාදු!!!
සමාප්තයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!