5/29/15

" චේතෝ විමුක්තිය - 4 කොටස "



දැන් ඔය පින්වතුන් ආත්ම සංඥාවෙන් සිහි කරනවා. නෑ ඒක වැරදියි. එහෙ තියෙන්නෙ මෙහෙම දෙයක් මෙහෙම රූපයක් හම්බ වෙනකොට අපි තුල යෙදෙන්නෙ කියලා ඇත්ත බලනවා. ස්කන්ධ ටික පරිහරණය කරනවා. කෙලේසෙ පරිහරණය නොකරනවා. එතකොට මේ කෙලේසය පිරිහීමට යනවා. කෙලේසෙ දිරලා යනවා. 

සම්මා දිට්ඨි ඇත්තට, මිච්ඡුා දිට්ඨි දිරලා යනවා. සම්මා සංකප්පය තියෙන කෙනාට මිච්ඡුා සංකප්පය දිරලා යනවා. මේ විදියට මේ කෙලෙස් පැත්ත දිරලා යනවා. ඊට පස්සෙ ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් හිත මිදුනහම අන්න ඒ විමුක්තියට කියනවා ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා.

දැන් ලෝකෙන් එතෙර වෙන දොරටුවක් ඔය. ලෝකය කිවුවෙ මේ ස්පර්ශ ආයතන හය.

ඇහැ ලෝකෙ, රූපය ලෝකෙ, චක්ඛු විඤ්ඤාණය ලෝකෙ. කන ලෝකෙ, ශබ්දය ලෝකෙ, සෝත විඤ්ඤාණය ලෝකෙ මේ අටළොස් ධාතුව ලෝකය ලෝකය අනාත්ම සංඥාවෙන් බලලා, එයා ශුන්‍යත චේතෝ විමුක්තියෙන් මිදෙනවා. ඔය චේතෝ විමුක්තියට කියනවා අපි අරහත් ඵල චේතෝ විමුක්තිය කියලා.

ඔය චේතෝ විමුක්තියට අකෝප්‍යයි කිවුවා. ඇයි? ස්පර්ශ ආයතන හය කෙනෙක්ගෙ, පුද්ගලයෙක්ගෙ කියලා බැරිවිමකින් හරි හිතෙයි ද? හිතෙන්නෙ නෑ. ඇයි ඒ? මේ ඇත්ත එච්චර බලවත්. දැන් ඔය විදියට බලලා, බලලා, සුදු පාට තියෙන රූපය ඇස් ඉදිරිපිටට එන්නෙ. අපේ කන්ණාඩිය නිසයි නිල් පාටට අපිට තේරෙන්නෙ කියලා ඔහොම බලලා බලලා, තියෙන්නෙ සුදු පාටමයි කියන තැන එළඹ සිටියහම නිල් පාට කන්ණාඩිය ගැලවිලා ගියොත්, සුද පාට පේන මට්ටමම එළඹ සිටියොත්, පේන්නෙත් සුදු පාට. සිහි කරන්නෙත් සුදු පාට ගියාම හම්බවෙන්නෙත් සුදු පාට කියන තැනින්ම සිටියහම, බැරිවීමකින් හරි නිල්පාටට පෙනෙයි කියලා එකක් තියෙනව ද?

නෑ.

ඒ නිසා ඒ චේතෝ විමුක්තියට කියනවා අකෝප්‍යයි කියලා අකෝප්‍යයි කියන්නේ වෙනස් වෙන්නෙ නෑ. දැන් මේ චේතෝ විමුක්තිය මොකට ද?

නිවන සඳහා.

නිවන දෙආකාරයි.

සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන.

ඒ කිවුවෙ දැන් මේ කෙලෙසුන්ගෙන් මනස මිදුනු ආශ‍්‍රවයන්ගෙන් මනස මිදුනු කෙනාටයි. ඇස් ඉදිරිපිට රූපයක් ආවොත් රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවෙනවා කියන එක පේනවා. එතන එතන ස්කන්ධ නිරෝධය පෙනෙන්නෙ දැන්. ශබ්දයක් අහුනොත්, ශබ්දය ඇහෙන්න තියෙන හේතුටික නිසා ශබ්දය කියන එක ඇහෙනවා. හේතු ටික නැතිවෙන කොට ශබ්දය ඉතුරු නැතුවම නැතිවෙනවා කියන එක පේනවා. බලන්න ද ඕනෙ නෑ. උත්සාහයක් ඕන නෑ. හිතන්න ද ඕන නෑ. ඒක සාක්ෂාත් වෙනවා. වෙනවා කියන න්‍යායයකට පත් කරලා තියෙන්නෙ.

මෙච්චරකල් කළේ ඇහැට එන රූපය අපි ආත්ම වශයෙන් මෙහෙන් අල්ලගන්නවා, උපාදානයි. ඒ ස්කන්ධයෝ නිරුද්ධ වුනාට උපාදානය නිසා නැවත ස්කන්ධයෝ හදන එක වුනේ. දැන් උපාදානයෙන් මිදිලා නම්, ආශ‍්‍රවයන්ගෙන් මිදිලා නම්, පේන දේ අල්ලගන්න එකක් නෑ. එතකොට පෙනෙන දේ පෙනීමෙන් පස්සෙ නිරුද්ධයි කියන තැනක ජීවිතේ, දිට්ඨෙ දිට්ඨ මත්තං දැන් ආශ‍්‍රවයන්ගෙන් හිත මිදිලා ඉබේමයි සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතෙ විඤ්ඤාත මත්තං කියන තැන ජීවිතේ පවතිනවා. ඕකට කියනවා

‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං’ කියන තැන සම්පාදනය කරගෙන ජීවත් වෙනවා.

ආශ‍්‍රවයන්ගෙන් හිත මිදිලා, කෙලෙසුන්ගෙන් හිත මිදිලා. වර්තමානයක, හේතුන්ගෙන් හටගත්ත ධර්මයෝ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන තැනක ජීවත් වෙනවා. හේතු නිසා හටගෙන, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා හිතන්නෙවත් නෑ. හිතන්නවත් ඕන නෑ. ඒක ධර්මතාවයක් බවට පත් කරලා.

ඔය පින්වතුන් කන්ණාඩිය ඉදිරිපිටට යද්දි, කන්ණාඩියට වැටුන ඡුායාව, අහකට යනකොට ඉතුරු නැතුව නැතිවෙනවා කියලා හිතන්න ඕනද? ඕන නෑ. ජීවිතේ හැම අරමුණක් ම එහෙමයි. ආශ‍්‍රවයන්ගෙන් මිදිලා, ආයතන ටික පරිහරණය කරනවා. ඔතෙන්ට කිවුවා සෝපදිශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ ඉතිරිය සහිතයි. හැබැයි කෙලෙසුන්ගෙන් මිදිලා, ආශ‍්‍රවයන්ගෙන් මිදිලා, පංච උපාදානස්කන්ධයෙන් මිදිලා ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් මිදිලා. ගුරු බරේ වැඩි කොටස අත හැරියා. ස්කන්ධ ටිකේ බර විතරයි ඉතුරු. ඔන්න ඔය විමුක්තිය නිවන සඳහා.

සෝපදිශේෂ නිබ්බානය මොකට ද? අනුපදිශේෂ පරිනිර්වාණය සඳහා. ඒ කිවුවේ කර්ම ප‍්‍රත්‍යයෙන් හටගත්ත මේ ජීවිතයත් අත හැරෙනවා. මතු විඤ්ඤාණය ප‍්‍රතිසන්ධි වශයෙන් පැමිණීමකුත් නෑ. පහනක් නිවෙනවා වගේ නිවෙනවා. මෙන්න මේ විමුක්තිය සාක්ෂාත් කරගත්ත කෙනාටයි.

මේ දෙආකාර නිරෝධය ස්පර්ශ කරන්න පුළුවන්. ඒකයි විමුක්තිය කුමක් සඳහා ද නිවන සඳහා කියලා කිවුවෙ. ලෝකයට කිවුවා කෙලෙස් පරිහරණය කරනවා. ආශ‍්‍රව පරිහරණය කරනවා කියලා.

රහතන් වහන්සේලාට කියන්නෙ නෑ. කෙලෙස් පරිහරණය කරනවා ආශ‍්‍රව පරිහරණය කරනවා කියලා රහතන් වහන්සේට කියන්නේ ස්කන්ධ පරිහරණය කරනවා කියලා.

ඒකෙ ලොකු අර්ථයක් තියෙනවා. ඇයි ඒ? රහතන් වහන්සේලා සම්මා දිට්ඨි. දන්නවා, ඇස් ඉදිරිපිටට එන්නෙ කන බොන ආහාරයෙන් හැදුන සම්, මස්, ලේ, නහර, ඇට, ඇටමිදුලූ වලින් යුක්ත වූ මේ රූපය කියන කාරණාවත් දන්නවා. සිහි කරනකොට හේතුන්ගෙන් හටගත්ත අනාත්ම වූ රූපය කියන අදහසින්මයි සිහි කරන්නෙ. බලන්න ගියාමත් ආහාරයෙන් හැදුන අනාත්ම වූ රූපයමයි තියෙන්නෙ කියන අදහසින්මයි පේන්නෙ. කෙලෙස් නැති පිරිසිදු ස්කන්ධ පරිහරණයක් විතරයි කරන්නේ. හැබැයි ලෝකෙත් දන්නවා. මෙබ`දු රූපය ආශ‍්‍රව දුරු නොකළ කෙනෙක්ගෙ ඇස් ඉදිරිපිටට යනකොට නම් මනුෂ්‍යයෙක් කියලා සිහිවෙයි නේද කියලත් දන්නවා. රහතන් වහන්සේට හොඳට තේරෙනවා කන බොන ආහාරයෙන් හැදුන සම්, මස්, ලේ, නහර, ඇට, ඇටමිදුළුවලින් යුක්ත රූපය ඇස් ඉදිරිපිටට ආවෙ කියලා හොඳට සිහි නුවණත් තියෙනවා. සිහි කරලා බලන්න යනකොටත් බලන්න යන්න බැරි නෑ. බුදු හාමුදුරුවො බලන්න යනවා. සැරියුත් මහාරහතන් වහන්සේ බලන්න යනවා කියලා යන්න පුළුවන්. පඥප්ති මාත‍්‍රයක් විතරයි. තියෙන යථාර්ථය මේක නේද කියලා නුවණත් තියෙනවා.

බලන්න කියල ගියාම, ඇස් ඉදිරිපිටට කන බොන ආහාරයෙන් හැදුන හම්, මස්, ලේ, නහර වලින් යුක්ත වූ අනිත්‍ය වූ වෙනස් වෙන රූප මාත‍්‍රයක් හමුවෙයි නේද කියන නුවණ තියෙනවා. ආශ‍්‍රවයන් දුරු නොකළ මනසකට මේ රූපෙ දකින කොටම බුදු හාමුදුරුවො කියන සංඥාව පහළ වෙයි නේද? මේ රූපෙ දකිනකොට ම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන නම පහළවෙයි නේ ද?

ඒ විදියටම මේ රූපෙ දකිනකොටම අම්මා, තාත්තා, අයියා, අක්කා කියලා තේරෙයි නේද කියලා ලෝකෙ ගැනත් දන්නවා. මෙන්න මේ විදියට ලෝකෙන් එතෙර වෙන්න තියෙන එක දොරටුවක්, මේ ක‍්‍රමය ඉගෙනගෙන, මේ විදියට හිතන්නෙ නැතුව කවදාවත් මිදෙන්න පුළුවන්කමක් නම් නෑ. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා නොසිතන්නා විශේෂණයකට පත්වෙන්නෙ නෑ කවදාවත්. හිතන කෙනයි විශේෂණයකට පත්වෙන්නෙ.

ඔය පින්වතුන් මොන වැඩක් කෙරුවත්, වාහනේක ගියත්, රස්සාවක් කළත්, ගෙවල් දොරවල්වල ජීවත් වුනත්, ප‍්‍රශ්ණයක් නෙවෙයි. සත්ව පුද්ගල භාවයට සිහිවෙන හැම වෙලාවකම අනාත්ම ධර්මතා ටික බලන්න. ඒ නිසා ආත්ම සංඥාව යෙදිලා තියෙන්නෙ කියලා බලන්න. ආත්ම සංඥාව සිහිවෙනකොට මේක මනස තුල පවතින ධර්මතාවයක් නැත්නම් කර්ම නිමිත්තක් කියලා බලන්න. මෙහෙම එකක් බාහිර සිහි කරන එක වැරදියි. එහෙම එකක් නෑ කියලා බලන්න දෙපැත්තට.

ඔය විදියට හිත හිතා, හිත හිතා ඉන්න. ඒකට උපකාර පිණිස ශීලයක පිහිටලා සිත වඩන්න.

ඔන්න ඔය විදියට කළහම, ඕකට කිවුවා අනාත්ම සංඥාව බහුල කරලා ආත්ම සංඥාව දුරු කරනවා. ඒ සඳහා තියෙන නුවණට තමයි අපි කිවුවේ, සංඥා විවට්ට පඥා කියලා ඒ අනාත්ම සංඥාව බහුල කළහම, ඒ මාර්ගය ඔස්සේ ගියහම, ඒ කෙලෙසුන්ගෙන් මිදීම, ආශ‍්‍රවයන්ගෙන් මිදීම නම් කළා ශුන්‍යත චේතෝ විමුක්ති කියලා.

ඒ විමුක්තිය නිවන සඳහායි. එක් ක්ෂණික ස්කන්ධයන්ගේ නිරෝධය සඳහායි. එක් ක්ෂණික ස්කන්ධයන්ගේ නිරෝධය දකින මට්ටමට ජීවිතය පත් කළේ ඇයි?

අනුපදිශේෂ පරිනිර්වාණය සඳහායි.

ඒකයි අර ආශ‍්‍රවයන්ගෙන් මිදුනහම මත්තේ කළ යුත්තක් නෑ කියන තැනට එනවා. ඒ කියන්නේ කරන්න තියෙන උපරිම දේ කළා. ඊට පස්සෙ ධර්මතාවයක්. හටගත්ත ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා කියන එක සිද්ධවෙන තැනට සිද්ධකරලා තියෙනවා. තමන්ට ඊට එහා කරන්න දෙයක් නෑ. ඔන්න එක විමුක්ති මුඛයක්, එක දොරටුවක්, ඊට පස්සෙ තව තියෙනවා.

ඔතන දී ‘සබ්බේ ධම්මා අනත්තා’ කියලා කිවුවේ වෙන මුකුත් හින්දා නෙවෙයි. දැන් මේ ස්පර්ශ ආයතන හයත්, ඒ ස්පර්ශ හය අනාත්මයි කියලා දන්නා නුවණත් අනාත්මයි කියලා පෙන්නුවා. ඒකයි සියලූ සංස්කාරයෝ කියලා කියනකොට ඔය ස්පර්ශ ආයතන හයට කියන්නෙ. ස්පර්ශ ආයතන හයම අනාත්මයි. ඒ අනාත්මය දන්නා නුවණත් අනාත්මයි කියලා කියන්නයි ‘සබ්බේ ධම්මා අනත්තා’ කියලා කිවුවේ.

මේක ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයක් -අනන්ත දුක් සහගත සසර පිළිබඳ ප‍්‍රශ්නයක්. ඔය පින්වතුන්ට ධර්මය කියලා දෙන්න මම දරන උත්සාහයට වඩා දහස් ගණනකට වැඩි උත්සාහයක් ඔය පින්වතුන් තුල තියෙන්න ඕන. හාමුදුරුවන්ගේ මේ වචනය අපි ගන්නෙ කොහොමද කියලා. සසර බය තේරෙනවා නම්, සසර දුක තේරෙනවා නම්, සසරින් එතෙර වෙන්න ඕන නම්, එයාගෙ මනසෙ හොඳ අවදි බවක් ඇතිකරගන්න, හොඳ උවමනාවෙන් ඒක අහනවා. ඉතින් ඒ නිසා හොඳ උවමනාවෙන් මේ ටික අහන්න.

දෙවෙනි කාරණාව තමයි - මං මේ අනික් පැත්තෙ ඉඳන් ආවේ ලෝකෙට ආත්ම සංඥාව ගොඩාක් වැඩි නිසා - ඊගාව විමුක්ති මුඛය තමයි, සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා නම්, මෙන්න මේකත් මිදීමට තියෙන මගක් නිවනට තියෙන මගක්. කොහොමද සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්නේ. හොඳට බලනවා ඇහැ කියන එක.

මම ඔය පින්වතුන්ට මතක් කරලා තියෙනවා, ඇහැ කියන්නෙ කර්මජ රූපයක්. පෙර අවිද්‍යාව, කමය, තණ්හාව වර්තමාන ආහාර කියන ධර්මතා නිසා හැදිච්ච රූපයක්. මේ ඇහැ අපි හිතාගෙන ඉන්න විදියේ ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවෙම තියෙන ඇහැක් නෙවෙයි. ඇහැ කියන එක තීරණය වෙන්නේ, ඇහැට පේන රූපයට සාපේක්ෂව. ඇහැ උපන්නා කියන්න තියෙන සාක්ෂිය තමයි, රූපයක් පේන එක. අපි මේ හිතාගෙන ඉන්න සුදු පාට, මැද කළු ඉංගිරියාවක් තියෙන මේ පේන එක වණ_ රූපයක්. ඇහැ නෙමෙයි. ඇහැ කියන එක තමන්ට සාපේක්ෂව තියෙන එකක්. ඇහැ කවදාවත් බාහිර නෑ. ඇහැ ආධ්‍යාත්මිකයි. දැන් මේ බාහිර තියෙන ඒවා ඇස් නම්, මට බලන්න පුළුවන් වෙන්න ඕන මේ ඇහැ නැති වුනත්, මේවා ඇස් නම් බලන්න පුළුවන් වෙන්න ඕන. මේ ඔක්කොම ඇහැට පේන රූප මිසක ඇහැ නෙමෙයි. කෙනා කෙනාට සාපේකෂව මේක බොහොම නුවණින් දකින්න ඕන සිද්ධියක්.

ඕකෙදී අර මම කියන්නෙ ඉ`දිකට්ටකින් හරි අල්පෙනෙත්තකින් හරි ඇනලා, ඇනලා බැලූවොත් අපිට රිදෙයි නේද? එතකොට උපදින විඤ්ඤාණය මොකක් ද? කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය උපදිනවද ඇහැ නම්, ඇහැට ගැටිලා කාය විඤ්ඤාණය උපදිනවා කියලා තියෙනවද කොහේවත් . නෑ. ඒ රූපය නිසානෙ, කාය විඤ්ඤාණය ඉපදුනේ. එහෙනම් ඇහැ කියන්නෙ අවස්ථාවට පෙනෙන එකක.් ඊට පස්සේ අපිට පේන රූපය කියලා කියන්නේ, මේ ඇහැ උදවුවෙන් ඇහැ නිසා ඇහෙන් හදලා පෙන්නන රූපයක්. මෙහෙම වණසටහනක් මහා භූතයන්ගේ නෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන සතර මහා ධාතුවත්, වණ, ගන්ධ, රස, ඕජා කියන උපාදාය ගුණාත්මක ගති හතරකුත් තියෙනවා.

එහෙම තියෙන තැනක මහා භූතයන්ගෙ තියෙන වණ_ සංඝටක අරගෙන මේ ඇහෙන් තමයි මෙහෙම හැඩතලයක් හදලා පෙන්නන්නේ. රූපයක් හදලා පෙන්නන්නෙ. එතකොට මෙහෙම රූපයක් පෙන්නන්න ඇහැ උපකාරයි. ඇහැ හැදෙන්න රූපය උපකාරයි. මේ දෙන්නා උපකාරයි චක්ඛු විඤ්ඤාණය උපදින්න. ඔවුනොවුන්ට උපකාරීව, ඔවුනොවුන්ට උදවු වෙමින්, අවස්ථාවට මේ හේතු තුන හැදිලයි, අපිට මේ රූපයක් පේන්නේ.

ඇහැ නැතිවුනා කිවුවත්, රූපය නැතිවුනා කිවුවත් දෙන්නම නැතිවුනා කිවුවත්, චක්ඛු විඤ්ඤාණය නැතිවුනා කිවුවත්, පේන දේ ඉතුරු නැතුවම නැතිවෙනවා. ඕක තමයි පවතින ඇත්තම ඇත්ත. අපිට ඔය ඇහැ, රූප, චක්ඛු, විඤ්ඤාණ, චක්ඛු සම්ඵස්සය, චක්ඛු සම්පස්සයෙන් උපන්න වේදනා, සංඤා චේතනා කිවුවට ඕවා එකක්වත් තේරෙන්නේ නෑ. පේන්නේ නෑ. අපිට පේන්නේ රූපයක් විතරයි. හැබැයි මේ රූපය පේනකොට රූපය පේනවා කියන තැනට රූපයත් උපකාර වෙලා, ඇහැත් උපකාර වෙලා, චක්ඛු විඤ්ඤාණයත් උපකාර වෙලා, චක්ඛු සම්ඵස්සය, චක්ඛු සම්ඵස්සයෙන් උපන්න වේදනා, සංඥා, චේතනා කියන ධර්මතාත් උපකාරී වෙලයි තියෙන්නෙ. ඔය පින්වතුන්ට පේන රූපය නිත්‍ය වුනොත් එතකොට ඇහැත් නිත්‍යයි, රූපයත් නිත්‍යයි, චක්ඛු විඤ්ඤාණයත් නිත්‍යයි. චක්ඛු සම්ඵස්සයත් නිත්‍යයි. චක්ඛු සම්ඵස්සයෙන් උපන්න වේදනා, සංඥා, චේතනා නිත්‍යයි යන ගණයට යනවා. පේන රූපය අනිත්‍ය වුනොත්, අර ධර්මතා ඔක්කොම අනිත්‍යයි යන ගණයට යනවා. එහෙම නැතුව වෙන වෙනම මේ ස්කන්ධයෝ හටගන්නෙත් නෑ. වෙන වෙනම නිත්‍ය අනිත්‍ය බලන්නත් බෑ. නුවණින් වෙන වෙනම ගති ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මේ අනිත්‍යයයි කියන කොට කිසිම වෙලාවක දී, මේ ශාසනේ අනිත්‍යයි කියන වචනෙ නිකම් කියන්නෙ නෑ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!