5/29/15

" චේතෝ විමුක්තිය - 2 කොටස "


අපි ඒ සත්ව, පුද්ගල, ආත්ම, සංඥාව දුරුවෙන, අනාත්ම සංඥාව එළඹ සිටින විදියට නුවණින් මෙනෙහි කරන හැටි අහගනිමු. 

මේ තමයි භාවනා කමටහන්. වෙන මුකුත්ම නෙවෙයි. දේශනාවක දී අහගත්තහම අහගත්ත දේට උපකාරක ධර්මයක් එකතු කරගන්න විතරයි තියෙන්නෙ. ශීලයක පිහිටන්න. චිත්ත සමථයක් ඇති කරගන්න. කමටහනක් විටින් විට වඩන්න. ඊට පස්සෙ මේ අහගත්ත ක‍්‍රමය නුවණින් හිතන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එහෙම නැතුව වෙන අමුතු කමටහන් නෑ. ඒකයි බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළහම, දේශනාව අවසන් වෙනකොට ගොඩක් දෙනෙක් මාර්ග ඵල ලබන්නෙ. ඒ දේශනාව තුල තියෙනවා දුකත්, දුක ඇතිවෙන ක‍්‍රමයත්, දුක නැතිවීමත්, නැති කරන මගත් තියෙනවා. චතුරාර්ය සත්‍යය ඝටිත වූ දේශනාවක දී ලැබෙන්නෙ ඒ නිවන් දකින දුක් නැති කරන ම`ග. ඒ නිසා හො`දට මේ ටික අහගෙන, ඒක කරන්න තියෙන්නෙ අපිට.

මෙතන දී ඉස්සෙල්ලා ම හැම දෙනාම හො`දට බලන්න අපිට ආත්ම වශයෙන් හම්බවෙන මේ රූප ගැන. අම්මා, තාත්තා, අයියා, අක්කා, දුවා, පුතා, නංගී, මල්ලී, නෑදෑයෝ කියලා හිතාගෙන ඉන්න රූප දිහා . දැන් ඒ රූපවල පවතින සැබෑම ස්වභාවයට, යථාර්ථයට අපි නුවණින් යමු. අපි කොච්චර පි‍්‍රයයි ආදරෙයි කියලා හිතාගෙන හිටියත්, ඒ හැම තැනකම තියෙන රූපය දිහාවට නුවණින් මනස යොමු කරන්න බලන්න.

අපි දරුවෙක් කියලා කියමු. අපි දරුවා කියලා හිතාගෙන ඉන්න ඒ රූපය බලන්න. හැදෙන්නෙ කන බොන ආහාරයන්ගෙන්. කන බොන ආහාර කියනකොට හො`දට සංඥාව ඊට යොමු කරන්න. බත්, පාන්, කව්පි, මුං ඇට නොයෙක් දේවල් ගන්න. සතර මහා ධාතූන් නිසා හටගත්ත ධර්මතා මිසක සත්ව පුද්ගල ආත්ම කොටස් නෑ. එබ`දු වූ ආහාරය ගත්තහම වෙන්නෙ මේ කටේදිම සම්පූර්ණ කෙළත් එක්ක එකතු වෙලා ඒකෙ ප‍්‍රකෘති තත්ත්වය කට ඇතුලෙදීම වෙනස් වෙනවා. වෙනස් කරනවා. ඊට පස්සෙ ඒ ආහාරයෙ කොටස් තමයි අපේ උදරයට ගිහිල්ලා උදරයේ තියෙනවා ජීරණය ස`දහා උදව් වෙන තේජෝ ධාතුව. කොට්ඨාශ වාතයෙන් පෙරලලා, ආහාරපාන ටික උදරයේ දීම දියරයක් බවට පත්වෙනවා. ඒ දියරය තමයි දැන් ඔය බවලත් උදවියට විසි අට රියන්, පුරුෂයන්ට දෙතිස් රියන් දිග බඩවැලක් තියෙනවා. මේ දියරය ඔය බඩවැල දිගේම යනකොට බඬේ තියෙනවා කමජ තේජෝ ධාතුව කියලා. මේ ශරීරයේ තියෙනවා කමයෙන්ම උපන්න උෂ්ණයක්. හො`දට රත්වෙච්ච යඩක බටේකට වතුර ටිකක් දැම්මොත් ටිකක් දුරට යනකොට මේ වතුර ටික මොකක් වෙයි ද? වාෂ්ප වෙයි නේ ද? ඒ වගේ මේ ආහාරයෙ තියෙන දියර ස්වභාවය අර බඩවැල දිගේම යනකොට වාෂ්ප වෙනවා. ඉතාමත් සියුම්. අපි ඔය භාවනා කරනකොට, කුණප කොටස් තිස්දෙක ගැන මෙනෙහි කරන කොට කියන්නෙ අර කුඩා බඩවැල කියලා ඒ කියන්නේ මේ බඩවැලේ තියෙනවා ඉතා සියුම් නහර වැල් වගේ ටිකක්. මේවයින් අර යුෂය සම්පූර්ණයෙන් ම උරාගන්නවා. උරාගත්තහම ඒ ඕජාවෙ හො`ධර්ම හරිය ගුණවත්ම ටික ශරීරයට උරාගන්නවා. අනික් ටික කෙළවරටම යනවා රොඩු ටික. ඒකට අපි අශූචි කියනවා. මළ කියලා කියනවා. අන්න ඒ උරාගත්ත කොටස් ටිකෙන් තමයි මේ ශරීරයෙ කෙස් හැදෙන්නෙ, ලොම් හැදෙන්නෙ, නියපොතු හැදෙන්නෙ, දත්, හම, මස්, නහර, ඇට, ඇට මිදුලූ, ඔය හැම එකක්ම හැදෙන්නෙ.

එතකොට හො`දට බලන්න කන බොන ආහාරය හේතුව. ආහාරය නිසා හැදිච්ච ඵලයක් තමයි මේ රූපය. මේ රූපයට අන්වර්ථ නාමයක් කබලිංකාහාරයයි කියලා කියන්න පුළුවන්. කිසිම වෙනසක් නෑ.

මේ රූපය කොටියෙක් වගේ සතෙක් අල්ලගෙන කෑවොත් ඒ සතාගෙ ඇෙ`ග් අත් කෑලි නෑ. එතන තියෙන හම්, මස්, ලේ, නහර ටික හැදෙයි. එහෙනම් මේ ආහාරය නිසා ඌරෙක්, මුවෙක්, ගෝනෙක් එයා තමන් කියලා හිතාගෙන ඉන්න ශරීරයෙ කොටස් අපි කෑවොත්, මෙතන තියෙන හම්, මස්, ලේ, නහර හැදෙයි. මේ ඔක්කොම බැලූවහම ආහාර තියෙන්නෙ.

මං එතනදි කිවුවෙ, හො`දට බලන්න ඕක මහා හත්ථි පදෝපම සූත‍්‍රයෙදී සැරියුත් මහ රහතන් වහන්සේ පෙන්වනවා වරිච්චි බිත්තියකට උපමා කරලා. කෝටු කෑලි කණු හිටවලා, හරහට ලී කෝටු තියලා, වැල් වලින් බැ`දලා, මැටි ඔබ්බලා. මැටි පිරියම් කරලා අහස අවුරාගෙන සිටින රූපය ගේ කියන ප‍්‍රඥප්තියට යනවා. ඒ වගේ ඇටකූරු හිටවලා, ලේ සහිත නහරවල් වලින් බැ`දලා මස් ඔබ්බලා, හම සිවියෙන් ඔප දාලා අවකාශ ධාතුව අවුරාගෙන තියෙන මේ රූපය කයයි යන ප‍්‍රඥප්තියට යනවා.

ප‍්‍රපංච ඉදිරිපත් කර නොගෙන හො`දට මේ කයේ ස්වභාවය බලන්න. ඔන්න ඔබ`දු වූ රූපයක් තමයි මේ කය.

ඒ රූපය අපේ ඇස් ඉදිරිපිටට එනකොට රූපයෙ යථා ස්වභාවය ශේෂයක් වත් වෙනස් වෙලා නෑ. කෙනෙක් වෙලා නෑ. දැන් මේ රූපය පිරිසි`ද නොදකින කම නිසා, රූපය කියන තැනක පවතින ඇත්ත ඇති හැටිය අවබෝධ නොවුන නිසා, ඇහැට පෙනෙන මේ රූපය හිතින් අල්ලගෙන අපි පුද්ගලයෙක්, කෙනෙක්, සත්වයෙක් හැටියට හිතනවා. එහෙම හිතනකොට අපි මේ අරමුණ මනසිකාරයකින් අල්ලගෙන ඉන්නෙ. අපි එතනින් අහකට යනවා කියලා කියන්නෙ, කන බොන ආහාරයෙන් හැදුන අනාත්ම වූ ඒ රූපය අතහැරෙනවා. අතහැරුනට අර ආත්ම සංඥාව ඒ රූප නිමිත්ත එහෙමම අපේ මනසෙ හිටිනවා. ඔන්න දැන් අපි ගාව තියෙන්නෙ ඒ සටහනම කෙනෙක් වෙච්ච, පුද්ගලයෙක් වෙච්ච සත්වයෙක් වෙච්ච සටහනක්, අපිට තියෙන්නෙ.

පැත්තකට ගිහිල්ලා අපි දරුවා ගැන හිතනවා කියලා හිතනකොට, මේ අපි අපේම මනසෙ හදාගත්ත කර්ම නිමිත්ත අළුත්වැඩියා කරන එකක් වෙන්නෙ. මෙහෙම සිහිකරද්දිත් බාහිර භෞතිකය තුල තියෙන්නෙ කන බොන ආහාරය නිසා හැදෙන රූපයක්, කන බොන ආහාර පාන වැඩිවෙන කෙට රූප කලාප වැඩිවෙන, කන බොන ආහාර පාන අඩුවෙනකොට රූප කලාප අඩුවෙන රූපයක්. එතකොට මෙතන දී අපි හිතේ සිහි කරන එක මේ කර්ම නිමිත්ත අපි හිතෙන් හදාගත්ත එකක් නේ ද? ඇස් ඉදිරිපිටට ආවෙ අනාත්ම වූ ආහාරයෙන් හැදුන රූප මාත‍්‍රයක්. ඒ රූපය අරබයා පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට, අපි හිතපු නිසයි. රූපය සත්වයෙක් කියන හැ`ගීම මේ මනසෙ තියෙන්නෙ, කියන සිද්ධිය අපි දන්නෙ නැත්නම්, අපිට තේරෙන්නෙ, අපිට පේන්නෙ, බාහිර රූපය සත්වයෙක්, පුද්ගලයෙක් වගේ. ඒ වැරැුද්ද නිසා අපි තව තවත් හිතනවා දරුවා ගැන. ඥාතියා ගැන. හිතන වාරයක් ගානෙ සංස්කාර තමයි ගොඩ නැගෙන්නෙ. අර කර්ම නිමිත්ත තමයි හො`දට අළුත් වැඩියා වෙන්නෙ. ඒ ඉන්න කෙනා ඒ දරුවා, ඥාතියා කියලා අපේ මනසෙ පැත්තෙ තියෙන්නෙ පුද්ගල භාවය. බලන්න ඕනෙ කියලා අපි ගියොත් ආයෙත් වෙන්නෙ, කන බොන ආහාරයෙන් හැදුන අනාත්ම වූ රූපය පෙනෙන හේතු ටික හදාගන්න එක. හේතු ටික හැදෙනකොට ආයෙත් ඇස් ඉදිරිපිටට එන්නෙ, කන බොන ආාහරයෙන් හැදුන අනාත්ම වූ රූප මාත‍්‍රයම විතරයි. එනකොට අපි ගාව තියෙන ආශ‍්‍රව ටික යෙදෙනවා. මුලින්ම හිතපු එකට කමය කියනවා චේතනාව. දැන් එහෙම කියන්න ඕන නෑ. දැන් කෙළින්ම තියෙනවා. විස්තර ටිකක් යෙදෙනවා. දරුවා කියන එක අපි තුල සිහි වෙනවා.

මේ අනාත්ම වූ රූපය දකිනකොට දරුවා කියන අදහස ආත්ම සංඥාව අපි තුල නේද යෙදෙන්නෙ කියලා ආයෙත් අපි දන්නෙ නෑ. දරුවා බලන්න ගියා. දරුවා දැක්කා. දරුවා දැකලා ආවා වගෙයි අපේ අදහස. මෙන්න මේ විදියටයි ආත්ම සංඥාව අපිට ඇසුරු වෙන්නෙ. අපිට කවදාවත්ම අනාත්මය පේන්නෙ නෑ. ලෝකෙ කෙනෙකුට. ආත්ම සංඥාවෙන්මයි ජීවත් වෙන්නෙ.

මම ඔය පින්වතුන්ට උපමාවක් කිවුවොත්. මේ ඉදිරියෙන් ඉන්න මහත්මයා අද සිල් අරගෙන ඉන්නෙ. සුදු ඇ`දුමක් ඇ`දගෙනයි ඉන්නෙ. දැන් මම ඔය පින්වතුන් හැමෝටම දෙනවා නිල් පාට කන්ණාඩි. දැන් ඔක්කොම අය නිල්පාට කන්ණාඩි දාගෙන ඉන්නකොට මේ සුදු ඇ`දුම ඇ`දගත්ත මහත්තයා ඔය පින්වතුන්ගෙ ඇස් ඉදිරිපිටට ආවොත් මොන වගේ පෙනෙයි ද?

නිල් පාටට පෙනෙයි නේ.

මේ සටහනමයි. මේ රූපෙමයි. පේන්නෙ නිල් පාටට. ඔන්න මේ රූපෙ ඇස් ඉදිරිපිටින් අහකට යයි. ඔය පින්වතුන් අර නිල්පාට රූපෙට කැමති වුනොත්, දැන් හිතින් සිහි කරනවා දැකපු නිල් පාට රූපෙ. ‘‘මට ඒ නිල්පාට රූපෙ ගන්න තියෙනවා නම්, නිල් පාට රූපෙ බලන්න තියෙනවා නම්’’ කියලා සිහි කර කර බාහිර නිල්පාට රූපෙ බලන්න කැමති වුනොත් හරිද? වැරදියි.

ඔය පින්වතුන් කරන්නෙ ඒක තමයි. නිල් පාට රූපය සිහි කරන එක. දැකපු එකනෙ සිහිකරන්න පුළුවන්. නිල් පාට රූපෙ සිහි කරලා, නිල් පාට රූපෙ බලන්න ඕන කියන අදහස ඇති කරගන්නවා. ඇති කරගෙන කන්ණාඩියත් දාගෙන ආපහු යනවා මේ උපාසක මහත්මයා ඉන්න තැනට. ගියාම ඇස් ඉදිරිපිටට ඒත් එන්නෙ සුදු පාට ඇ`දගත්ත මේ රූපෙමයි. කෙනාමයි.

ආයෙත් ඔය පින්වතුන්ට පෙනෙන්නෙ නිල් පාටට.

‘‘හරි, නිල් පාට රූපෙ ඔන්න දැක්කා’’ කියලා හම්බ වුනා කියලා හිතාගෙන ආයෙත් එනවා. ඇවිල්ලා කැමති, ආසා කරන බාහිර නිල් පාට රූපෙ සිහිකරමින් ඉන්නවා. නිල් පාට රූපෙ බලන්න එනවා. නිල්පාට රූපෙ පේනවා. නිල්පාට රූපෙ බලලා ආපහු ආසා කරනවා. දැන් අන්තිමට මනස තුලම කැරකිලා නෙමෙයිද කියලා බලන්න. හො`දට බලන්න ඔය පින්වතුන් පැත්තකට වෙලා ඉන්නකොට, බාහිර තියෙන නිල්පාට රූපෙකට ආසා කළොත් ආසා කරනවා නම්, නිල්පාට බාහිර රූපයක් ගැන හිතනවා නම් මේක වැරදිද නැද්ද? වැරදියි. ඇයි ඒ වැරදියි කියන්නෙ?

එහෙම දෙයක් කවදාවත් තිබුනෙ නෑ. තියෙන්නෙත් නෑ. එතකොට අපි එහෙම සිහි කරන වෙලාවෙදිත් බාහිර තියෙනවානම් තියෙන්නෙ සුදු පාට ඇ`දගත්ත රූපයක්. නමුත් හැබැයි දැන් අපි දන්නෙ නෑ ඒක. මොකද අපිට කවදාවත් හම්බ වෙලා නැති නිසා. හැම වෙලාවෙම අපි මේ ආසා කරන්නෙ අපිට බාහිර තියෙන නිල්පාටකට. බාහිර නිල්පාට තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නෙ. අපි බලන්න යන්නේ බාහිර තියෙන නිල්පාට. බලන්න කියලා ගියාමත් එහෙ තියෙන නිල්පාට මොහොතකට හරි පෙනුනානම් කමක් නෑ. ආපහු අපේම මනස අපිට ප‍්‍රකට වෙනවා.

අපේම ඇහැ හරහා දුන්න ටික අපිට පේනවා. ඒ උපමාවෙන් මං මතක් කළේ, සුදු පාට ඇ`දගත්ත රූපෙ වගෙයි කියලා හිතන්න කන බොන ආහාරයෙන් හැදුන සත්ව පුද්ගල නොවන අනාත්ම වූ රූපයක්මයි තියෙන්නෙ. දැන් හැම කෙනාටම කන්ණාඩි වගේ තමයි. අපි හැම කෙනාටම සසර ස්වභාවය නිසා මේ ආත්ම සංඥාව තියෙන්නෙ. ඇස් ඉදිරිපිටට එනකොට ම පුද්ගලයෙක්, සත්වයෙක් කියලා ආත්ම සංඥාවෙන් නම් අපි මේ රූපෙ දිහා බලන්නෙ, ඔන්න දැන් මේ රූපෙ අහකට ගියත් අපිට හිතන්න තියෙන්නෙ, බැහැර පුද්ගලයෙක් බැහැර කෙනෙක් ගැනයි දැන් මතකෙ තියෙන්නෙ. බැහැර සත්වයෙක් පුද්ගලයෙක් කියලා අපි හිතනකොටත්, බැහැර තියෙන්නෙ අනාත්ම වූ ආහාරයෙන් හටගත්ත රූපෙ.

අපි බලන්න කියලා ආපහු ආවොත් එතකොට ද පේන්නෙ අනාත්ම වූ රූපය ඇස් ඉදිරිපිටට එනවා. ආත්ම සංඥාවම අපි තුල යෙදිලා මේ තියෙන්නෙ. දැන් මේ ටික දන්නෙ නැත්නම් ලෝකෙ, අහගන්න බැරි වුනොත් මේ සිද්ධ වෙන සිද්ධිය වැරදියි කියලා අහගන්න, පෙන්නන්න කෙනෙක් ලෝකෙ තුල කවුරුවත් නෑ. මොකද ලෝකෙ තුල ඔක්කොම එකම රැුවටීමෙ ඉන්න නිසා. කන්ණාඩි ගලවපු කෙනෙක්ම ඕන මේක පෙන්නන්න. බුදු රජාණන් වහන්සේලාගෙ වටිනාකම තියෙන්නෙ ඒකයි. ‘සුඛො බුද්ධානං උප්පාදො’ බුදු රජාණන් වහන්සේලාගේ ඉපදීම සැපයි කියලා කියන්නෙ. මේ කමයෙන්, මේ කෙලෙසුන්ගෙන් මිදෙන්න මග පෙන්වන්න තියෙන්නෙ, මග උපද්දලා දෙන්න පුළුවන්කම තියෙන්නෙ බුදු රජාණන් වහන්සේලාට විතරමයි. ඉතින් බුදුරජාණන් වහන්සේලා තමයි, අපිට ආත්ම සංඥාවක්ම උපදිනකොට, ආත්ම සංඥාවක්ම පරිහරණය කරන ලෝකෙට කියනවා ‘සබ්බෙ ධම්මා අනත්තා’ සියළු ධර්මයෝ අනාත්මයි කියලා කියනවා. ඒකෙන් පෙන්නනවා මේ ධර්මයෝ අනාත්මයි ආත්ම සංඥාවක් අපි තුල පහළ වෙන්නෙ.

මේ කාරණාව නුවණින් දැක්කහම, බැහැර දරුවෙක් ගැන කෙනෙක් හිතනකොට එයාට හො`දට තේරෙනවා මේක තමයි මිථ්‍යා සංකල්පය. මේක වැරදියි කියලා හො`දට තේරෙනවා. ඒ කියන්නෙ බැහැර තියෙන නිල් පාට රූපෙ ගැන ඔය පින්වතුන් හිත හිතා හිටියොත් වැරදියි කියන එක තේරෙනවා නේද? තේරෙනවා.

කොච්චරක් වැරදිද?

ගොඩාක් වැරදියි නේ. වැරැුද්ද මෙච්චරයි කියලා කියන්න බැරි තරම් වැරදියි.

පවතින ස්වභාවයට කියනවා යථාභූත ස්වභාවය. යථා භූත ස්වභාවයට හාත්පසින්ම විරුද්ධ විදියටමයි හිතන්නෙ.
ඒ විදියටම පවතින යථා භූත ස්වභාවය අර සුදුපාට වගේ අනාත්මමයි. ඒ රූපය නිල්පාට කන්ණාඩියක් හරහා අපිට පෙනුනෙ නිල් පාටට නම්, ඔන්න දැන් නිල් පාට කියන ටිකේ පෙනීම ගැන දැනුමෙ අයිතිය අපේ මනසට. ඒ වගේ කන්ණාඩියක් පැළ`දගත්තා වගේ තමයි පුද්ගල භාවයෙන් හිතන එක.

ඒකයි මහා කච්චායන මහා රහතන් වහන්සේ දේශනා කරන්නේ ‘චක්ඛුං පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඥානං, තින්නං සංගති ඵස්සො, ඵස්ස පච්චයා වේදනා, යං වේදෙති තං සංජානාති, යං සංජානාති, තං විතක්කේති, යං විතක්කේති තං පපංචෙති’, යමක් හිතයි නම් ඒක ප‍්‍රපංච.

කන්ණාඩිය දාගන්නවා වගේ තමයි අපි පුද්ගල භාවයට හිතන එක. ඒ දාපු කන්ණාඩියෙ පාටින්ම පෙනනා වගේ. අපි පුද්ගලයෙක් කියලා හිතපු නිසා, පුද්ගලයෙක් හැටියට පෙනිලා තියෙන්නෙ. නමුත් මම පුද්ගලයෙක් කියලා හිතලා මට පුද්ගලයෙක් පෙනුනට - මේ පේන්නෙ මට - හො`දට මතක තියාගන්න. මට පුද්ගලයෙක් පෙනුනා කියලා මේ ධර්මතා පුද්ගලයො වෙනවා කියලා සිද්ධියක් නැහැ. ඒ බව අපි තේරුම් කරගන්නට ඕන. ඒ බව තේරුම් කරගත්තොත් මේ පින්වතුන් හරියට මේක දැක්කොත් ලැජ්ජා හිතෙනවා. වැඩිකල් යන්න ඉස්සෙල්ලා ලැජ්ජ හිතෙනවා බාහිර දරුවො ගැන හිතහිතා හිටියොත්, අම්මා, තාත්තා ගැන සහෝදරයො ගැන, ඥාති ගැන කියලා බාහිර හිතන්නේ නෑ. හිතනකොට හිතන කෙනා ලැජ්ජා වෙනවා. තමන්ගෙ මනස ගැන ලැජ්ජිත වෙනවා. මේ මොකක්ද මේ කරන වැඬේ කියලා. එහෙම සම්මා දිට්ඨිය ඇත්ත දකින්න දකින්න ඔය පින්වතුන් දන්නවද හිතේ හිතේ හිතන කමයි අඩුවෙන්නෙ කියලා. දැන් අපිට දරුවා කියලා හිතන්න පුළුවන් හින්දයි, තොර තෝංචියක් නැතුව හිතන්නෙ.

නිල් පාට කියලා තියෙන්නෙ මනසෙ. නිල් පාට තියෙන්නෙ බාහිර කියලා දැක්කහම හිතන්න පුළුවන් නිල්පාට ගැන ඕනතරම්. නමුත් නිල්පාට කියලා හිතන කොටත් තියෙන්නේ සුදු පාට. ඒක බලන්න ගියාමත් සුදු පාට වස්තුවක් ළ`ගට එද්දි, අපිටයි නිල් පාටට පේන්නෙ කියලා අපි දැක්කොත්, බාහිර තියෙන නිල්පාටක් ගැන හිතන එක වැරදියි කියන නුවණක් එනවා නේ ද?

එහෙම හිතුවොත් ඒක වැරදියි.

ඒක අපේ මනස තුලම ඇති කරගත්ත විතර්ක මාත‍්‍රයක් මිසක එහෙම ධර්මතාවයක් නෑ කියන නුවණ එනවා නේද? එනවා. එතකොට ඒක බහුල කරනකොට, කාලයක් යනකොට ඇස් ඉදිරිපිටට එද්දිත් එයාට නුවණ එනවා. ‘ඇස් ඉදිරිපිටට එන්නෙ මෙහෙම ඇත්තක්මනේ. අපිටනෙ මේ ආත්ම සංඥාව යෙදිලා තියෙන්නෙ’ කියන නුවණ එනවා.

එතන දී මේ දෙපැත්තකට බලන්න පුළුවන් එයාට, දෙපැත්තට කිවුවෙ, සුදු පාට රූපෙ දකිනකොට තමන්ට නිල් පාටට පෙනෙන හැටිත්, නිල් පාට යමක් සිහි කරද්දිත් තියෙන්නෙ සුදු පාට දෙයක් මිසක. නිල් පාට දෙයක් නෙමෙයි කියන එකත් දෙපැත්තට බලන්න පුළුවන්. එහෙම බලන්න බලන්න පේන්නෙ තමන්ගෙ ඇහේ වැරැුද්ද නිසා දැනුමෙ වැරැුද්ද වෙන් වෙලා පේනවා. පවතින යථා ස්වභාවය වෙන්වෙලා පේනවා ටික ටික.

මෙයාට යම් දවසක් එනවා, බාහිර සත්වයෙක්, පුද්ගලයෙක් සිහි කරගන්න බැරි. අරමුණක් අරමුණක් ගානෙ, විදර්ශනා කියලා කියන්නෙ ඕක. ආශ‍්‍රව කියලා කියන්නෙ ඔය පින්වතුන්ට දරුවා මතක් වෙනකොට හො`දට බලන්න. ඒ රූපය කනබොන ආහාරයෙන් හැදුනු හම්, මස්, ලේ, නහර, ඇට, ඇටමිදුළු වලින් යුක්ත රූපයක් නේද කියලා බලන්න. නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙන් යුක්ත රූපයක් නේද කියලා බලන්න. ඒ රූපෙ මේ ඇස් ඉදිරිපිටට එනකොට පුද්ගලයෙක්, සත්වයෙක්, දරුවා කියන අදහස තමා තුල යෙදිලා නේද මේ තියෙන්නෙ කියලා හිතන්න. අපි දරුවා බලන්න කියලා ගියාම වෙන්නෙත් කන බොන ආහාරයෙන් යුක්ත හම් මස්, ලේ, නහර වලින් හැදිච්ච රූපය ඇස් ඉදිරිපිටට එයි. එතකොට අපි තුල පුද්ගල සංඥාව යෙදෙයි නේද කියලා මෙහෙම ටික කලක් බලන්න.

ඔහොම උපදින, උපදින, සත්ව පුද්ගල භාවයට හම්බවෙන හැම අරමුණක් ගානෙම බලන්න. හිතන්න. මේ හිතන එකට උදවු පිණිස ආනාපානසතිය හරි, බුදුගුණ, අසුභය, මරණය, මෛති‍්‍රය වගේ සමථ කමටහනකිනුත් හිත වඩන්න. ශීලයකත් පිහිටන්න. ශීලයක පිහිටලා සමථ කමටහනකින් හිත වඩමින් නුවණින් විදර්ශනා කරන්න. විදර්ශනා කරනවා කියලා කිවුවෙ මොකක් ද? පවතින ධර්මතාවය වෙනමම දකිනවා නුවණින්. මේක තමන්ටම ඇත්තයි කියලා ඔප්පු කරගන්න ක‍්‍රමයක් තමයි, සතිපට්ඨානෙ මේ තියෙන්නෙ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!