5/29/15
" චේතෝ විමුක්තිය - 3 කොටස "
සතර සතිපට්ඨානෙ කායානුපස්සනාව තියෙන්නෙ මේ පෙන්නපු දේ ඇත්තද කියලා තමන්ටම තේරුම් කරගන්න. ඔය පින්වතුන් හොඳට කය ගැන නුවණින් බලන්න අර විදියට. බලනකොට හොඳට තේරෙනවා අනාත්ම කොටස්. එබ`දු වූ අනාත්ම රූපය ඇස් ඉදිරිපිටට එනකොට ආත්ම සංඥාව අපි තුල යෙදිලා. ඊට පස්සෙ අපි දරුවා, පුද්ගලයා කියලා සිහි කරලා බලන්න ගියාමත් වෙන්නෙ, ඒ දරුවා සිහි වුනා දරුවා දැක්කා නෙවෙයි. එදාට ද කන බොන ආහාරයෙන් හැදුන අනාත්ම වූ ස්කන්ධය රූපය ඇස් ඉදිරිපිටට එයි. ආයෙත් පුද්ගල සංඥාව අප තුල යෙදෙනවා නේද කියලා මේ විදියට හිත හිතා, හිත හිතා බලන්න.
ශබ්දයත් එහෙමයි. කනයි, ශබ්දයයි, සෝතක විඤ්ඤාණයයි කියන තැන ගත්තහම මහා භූතයන්ගෙ උපාදාය රූපයක් තියෙන්නෙ. අනාත්මමයි. අර සුදු පාට කෙනෙක් ඇස් ඉදිරියට ආවා වගේ. එතකොට අපි කන්ණාඩියක් දාගන්නවා වගේ මනුස්සයෙක්ගෙ කටහඬ, බල්ලෙක් බුරනවා, අලියෙක් කෑ ගැහුවා කියලා සත්ව පුද්ගල භාවයෙන් අපි හිතනවා. කවදාවත් ශබ්දය කියන එකට අලියො, මනුස්සයො ඉඳලා නෑ. ඒ ශබ්දය අනාත්මයි.
එබ`දු වූ අනාත්ම ශබ්දය නිසා ආත්ම සංඥාවක් අපි තුල ඇතිවෙලා තියෙන්නෙ. නිල් පාටින් අපිට පෙනිලා තියෙන්නෙ. අපි අලියගෙ සද්දෙ අහන්න කියලා ගියත් මනුස්සයගෙ කටහඬ අහන්න කියලා ගියත්, ගායකයගෙ සින්දුව අහන්න කියලා ගියත්, අනාත්ම වූ ශබ්ද ධාතුව කන ඉදිරිපිටට එයි. ආයෙත් පුද්ගලයෙක්ගෙ හඬ කියන ප‍්‍රපංච ටික මනසෙ යෙදිලා තියෙයි. මේ ටික නුවණින් දකින කෙනාට කෙනෙක්ගෙ වූ පුද්ගලයෙක්ගෙ වූ සත්වයෙක්ගෙ වූ ශබ්දයක් අහන්න. සිහි කරන්න බැරි දවසක් එනවා. මෙහෙම බල බලා යනකොට.
ගන්ධය ගත්තහම, මනුස්සයෙක්ගෙ ගඳ, පුද්ගලයෙක්ගෙ ගඳ, සතෙක් මැරිච්ච ගඳ කියලා ගත්තහම ඝාණ ධාතු,ගන්ධ ධාතු,ඝාණ විඤ්ඤාණ ධාතු කියලා මේ ගන්ධ ධාතුව අනාත්මමයි. මහා භූතයන්ගෙ උපාදාය රූපයක් තියෙන්නෙ. ඒක පුද්ගලයෙක්ගෙ නෙමෙයි. නමුත් කන්ණාඩියක් දානවා වගේ අහවල් සතාගෙ ගඳ, උරුලෑවගෙ ගඳ, ඌරෙක්ගෙ ගඳ, අලියෙක්ගෙ ගඳ, සර්පයෙක්ගෙ ගඳ, මනුස්සයෙක්ගෙ ගඳ, වවුලන්ගෙ ගඳ කියලා අපි හිතුවහම, හිතලා දැනගෙන මේ තියෙන්නෙ.
ගන්ධවලට කවදාවත් ආත්මවල් තිබුනෙ නෑ. ආත්මවලත් වෙච්ච ගන්ධවල් නෑ. එතකොට තමන් දන්නවා කෙනෙක්ගෙ ගඳ සිහි කරනවා නම් ඒක වැරදියි කියන එක පේනවා. ආපහු අනාත්ම වූ ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු එකතු වුනහම ගඳ දැනෙයි. නාසය ඉදිරිපිටට ගඳ එයි. හැබැයි ඒ ගඳ කෙනෙක්ගෙ නෙමෙයි මේ සතෙක්ගෙ කෙනෙක්ගෙ කියන ටික යෙදෙන්නෙ මනසෙ කියලා දකිනවා. ඔය පින්වතුන්ට ආත්මවත් වූ ගන්ධයක් සිහි කරගන්න බැරි දවසක් එයි. රස ගත්තහම, අම්මා හදලා දුන්න තේ රසයි. තාත්තා උයලා දුන්න කෑම රසයි. අපේ උපාසකම්මා හදන කෑම රසයි. අපේ උපාසක මහත්තයා හදන කෑම රසයි කියලා රසය මුල් කරගෙන හෝ ආත්ම සංඥාවක් එනවා නම්, කෙනෙක් කරපු හෝ කෙනෙක්ගෙ හෝ රසවල් කොහෙවත් නෑ. හැම වෙලාවෙම රසය, ජීවිහා ධාතු, රස ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු කියන ටික අනාත්මයි. මහා භූතයන්ගෙ උපාදාය රූපයි. ඒ ටික නිසා තමන් තුල ආත්ම සංඥාවක් යෙදිලා තියෙන්නෙ කියලා දකිනවා.
අපි කෙනෙක් හදලා දුන්න රස කියලා බලන්න ගියත්, අනාත්ම වූ රසයම හම්බ වෙනවා. පුද්ගලයෙක්ගෙ රස කියලා අපේ මනස තුලයි යෙදෙන්නෙ කියලා දකිනවා.
ඊට පස්සෙ කයට ගැටෙන පොට්ඨබ්බය අහවල් කෙනාව අල්ලන්න පුළුවන්. අහවල් ළමයව අල්ලන්න පුළුවන්. දරුවව අල්ලන්න පුළුවන් කියලා අපි යම් පොට්ඨබ්බයක් සිහි කරනවා නම්, එයා දකිනවා කන බොන ආහාරයෙන් හැදුන සතර මහා ධාතු රූපය ස්පර්ශ වෙයි. එතකොට පුද්ගලයෙක් කයේ හැපුනා. අහවලාගෙ ස්පර්ශය අහවල් කෙනාගෙ ස්පර්ශය කියලා අපේ මනසෙ යෙදෙයි. නමුත් අපි ඒක සිහි කරලා, ඒ ස්පර්ශය ගන්න ගියාමත් අනාත්ම වූ ධාතු නිසා ස්පර්ශයක්, කාය ධාතු, පොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු නිසා ස්පර්ශයක් ඇතිවෙනවා.
ඒ කාය, ඒ පොට්ඨබ්බය මහා භූත උපාදාය රූප. කෙනෙක්ගෙ නෙමෙයි. සතර මහා ධාතුවෙන් හැදුන ඒවා. ඒක කෙනෙක්ගෙ කියන සංඥාව මනසෙ යෙදෙයි නේද කියලා බලනවා.
ගෙදර ගැන සිහි කරන්න. අම්මා ගැන සිහි කරන්න. දරුවා ගැන සිහි කරන්න පුළුවන් වෙයි. මනසින්, සිහි කරන කොට දන්නවා, මේ සිහි කරන කොටත් බාහිර යම් රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පොට්ඨබ්බයක් තියෙනවා නම් ඒක අනාත්මයි නේද? එබ`දු වූ ධර්මතා සිහි කරලා ඒවා බලන්න ගියාමත් අනාත්ම වූ ස්කන්ධ ඇස් ඉදිරිපිටට එයි. එතකොට තමන් තුල ආයෙත් මේ ආත්ම සංඥාව යෙදෙයි නේද කියලා බලනවා.
ස්පර්ශ ආයතන හයේ ම ඔය පින්වතුන් දැක්කොත් අනාත්ම වූ ආයතන ටික නිසා තමන් තුල ආත්ම සංඥාව උපදිනවා කියලා දැක්කොත්, ආත්ම සංඥාව තමන්ට සිහි කරන්න පුළුවන්, සිහි කරන එක මනෝයි කියලත් දැක්කොත්, සිහි කරලා බාහිරේ බලන්න බෑ. බාහිර මෙහෙම දෙයක් බලන්න බෑ කියන තැනකට ඔය පින්වතුන් ආවොත් යම් දවසක දී, ඔතෙන්ට කියනවා ශුන්‍ය වූ ග‍්‍රාමය කියලා. හිස් ගෙවල් හයක්. ගෙවල් හයේ කිසිම පුද්ගලයෙක් නෑ දැන්. මේ ගෙවල් හයේ කිසිම සත්වයෙක් නෑ. හිස් ගෙවල් හයක් තියෙන තැනකට ඇවිල්ලා.
සිහි කරන්නෙ, බලන්නේ. නුවණින් මෙනෙහි කරන්නෙ හිස් වූවක්. සත්වයෙක් නොවූ, පුද්ගලයෙක් නොවූ ධර්මතාවයක්ම වැටහෙනවා.
‘න ච කිංචි ලෝකෙ උපාදියති’
කාය සංඛ්‍යාත ලෝකයෙ කිසිවක් පුද්ගල භාවයෙන්, ආත්ම භාවයෙන්, උපාදාන වශයෙන් ගන්නෙ නෑ. මෙන්න මේ විදියට යම්කිසි කෙනෙක් නුවණින් බලනවා නම් මේකට කියනවා අනාත්ම සංඥාව බහුල කරනවා කියලා.
මේක හොඳට තේරුම් කරගන්න. මේක හරිම වටිනා දෙයක් ජීවිතේකට. ලේසි රැුවටිල්ලක් නෙවෙයි අපි රැුවටිලා තියෙන්නෙ. අපි මාරයගෙ උගුලකට අහුවෙලා මේ තියෙන්නෙ. හොඳට බලන්න. මේ චක‍්‍රයෙන් එළියට යන්න වෙන තැනක් ඇත්තෙම නෑ.
ඒ කියන්නෙ සුදු පාට ඇඳගත්ත කෙනා එද්දි මම නිල් පාට කණ්ණාඩියක් දාගෙන නිල්පාට කණ්ණාඩියකින් නම් බලන්නෙ, බලලා නිල් පාට රූපයක් මතකෙ තියාගන්නවා නම්, බාහිර රූපෙයි නිල් පාට කියලා මම හිතාගන්නවා නම්, බාහිර නිල්පාට රූපෙට මම ආස කරලා බාහිර නිල්පාට රූපෙ බලන්න යනවා නම්, ආපහු බාහිර නිල්පාට රූපයම දකිනවා නම්, අපිට කවදාවත් නිල්පාට ලෝකෙන් එළියට යන්න පුළුවන් වෙයි ද? බෑ.
කවදාවත් යන්න මගක්වත් හම්බ වෙයිද අපිට? හීනෙකින්වත් ? බෑ.
හීනයක් දැක්කත් හම්බ වෙන්නෙ නිල් පාටින්. මේකෙන් එළියට යන්න කිසිම වෙලාවක ලෝකෙට ඉඩක් නෑ කියන්නෙ ඒ නිසා. අන්තිමට ඒ විදියටයි ලෝකෙ කියන්නෙ. ඇත්ත පේන්නෙ නෑ. ලෝකෙ වැරදියි කියලා කියන්නෙ. නිල් පාට පේන එක ඇතුලෙ තමයි ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස ටික ඇතිවෙන්නෙ නිල් පාට ලෝකෙ. නිල් පාටින්ම දැකලා, නිල් පාටම සිහි කරලා, නිල් පාටම හම්බවෙන තාක් ඕකට කියනවා ලෝකෙ කියලා.
ඕකට කියනවා සසර කියලා. ඔය ඇතුලෙ ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස, නින්දා, අපහාස, ඇනුම්, බැනුම්, තාඩන පීඩන, වි`දින්න තියෙන ඔක්කොම දුක් ටික තියෙනවා. හැබැයි ඔය ඔක්කොම ටික තියෙන්නෙ අවිද්‍යාව ප‍්‍රත්‍යයෙන්. මේ ඔක්කොම දුක් ටික තියෙන්නෙ ඇත්ත ඇති හැටියෙ නොදකින කෙලේසයක් මත. කෙලෙස්, කර්ම කියන ධර්මතා දෙක මත තියෙන්නෙ මනසෙ. මේ දුක නිල් පාට ලෝකෙ තිබුනා නම්, තිබිච්ච නිල් පාට නිසා දුකක් වි`දින්න වුනා න ම්, තව ඒක සාධාරණයි. නමුත් දුක හදාගෙන දුක උපද්දවාගෙන නම් දුක් වි`දින්නෙ අපි. ලෝකෙ තිබුනෙ නෑ නිල්පාට. තිබුනෙ සුදු පාට. නිල් පාට කන්ණාඩියක් අවස්ථාවට පැළඳගෙන, නිල් පාටින් බලලා, නිල්පාට දේකට කැමති වෙලා. මේ රූපෙ වෙනස් වෙන කොට පේන්නෙ කොහොමද මට? නිල් පාට රූපෙ වෙනස් වෙච්ච එක. මං නිල්පාට රූපෙට කැමති නම් නිල්පාට රූපෙ නැතිවෙච්ච එකට අඬන්නෙ නැද්ද? අඬනවා. විලාප දෙනවා.
ඉතින් මේ දුක් ටික තියෙන්නෙ ඔය වගේ ප‍්‍රපංචයක් හරහා, කෙලේසයක් හරහා කියන එක මතක තියාගන්න. ඒ නිල්පාට රූපෙ වගේ තමයි ආත්ම සංඥාව. අනාත්ම වූ රූපය ඇස් ඉදිරිපිටට එද්දිත්, එන්නෙ අපිට ආත්ම සංඥාව නම්. පැත්තකට ගිහිල්ලා අපි සිහි කරන්නෙ දරුවො ගැන නම්, ස්වාමි පුරුෂයා ගැන නම්, බිරිඳ ගැන නම්, ඥාතිවරු ගැන නම්, මේ දැන් නිල්පාට වස්තුව සිහි කර කර ඉන්නෙ ඒවා සිහි කළහම නිල්පාට රූප බලන්න කැමතියි වගේ දරුවා බලන්න කැමතියි. ස්වාමියා බලන්න කැමතියි. බිරිඳ බලන්න කැමතියි කියලයි යන්නෙ.
කැමති දේ තිබිලා අපිට හම්බවෙනවා නම් ඒත් තව සාධාරණයි. කමක් නෑ අවස්ථාවකට හරි. නමුත් එහෙම බලන්න කියලා ගියාමත් ඇස් ඉදිරිපිටට එන්නෙ ආයෙත් සුදු පාට රූපෙ. අපේ කන්ණාඩිය හරහාම අපි ආපහු නිල් පාට දැනගෙන නිල්පාට තියෙන රූපෙ හම්බවුනා කියලා හිත හදාගෙන එනවා. අන්තිමට හිතම සනසවන්න, හිතම පිනවන්න, හිතටම කෙලේසෙම ගොනු කරන්න කටයුතු කරලා තියෙනවා මිසක, කෙලෙස් දශමයකින්වත් අහකට ගිහිල්ලා නෑ.
හොඳට මතක තියාගන්න. ලෝකෙ කියලා කියන්නෙ මුළු ජීවිතේම කෙලෙස් පරිහරණයක්. තුන් භවයම කෙලෙසුන් නිසා දුක් වි`දිනවා. ස්කන්ධ නිසා දුක් වි`දින්නෙ නෑ කවුරුවත්. කෙලෙස් නිසා දුක් වි`දින්නෙ. එතකොට බුදු රජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සම්මා දිට්ඨි ‘මහණෙනි, ඇත්ත ඇති හැටිය බලන්න කියලා පෙන්නුවා. දුක පෙන්නුවා ඔය නිල් පාට ටික තමයි දුක. දුකට හේතුව කියලා පෙන්නන්න වෙන්නෙ මොකක්ද? අර මනසෙ තියෙන දැනුම් ටික. තණ්හාව දුකට හේතුව කියලා පෙන්නුවා. තණ්හාව නැති වුනොත් දුක නැතිවෙනවා කියලා පෙන්නුවා. මාර්ගය මොකක් ද? සම්මා දිට්ඨි. ඇත්ත බලන්න. ඇස් ඉදිරිපිටට එන රූපය දිහා හොඳට බලන්න. එතකොට මේක මනසෙ තියෙන කෙලේසෙ කියලා, නිල් පාට කියන එක කන්ණාඩිය නිසා හම්බවෙච්ච එකක් කියන නුවණ ආවොත්, එහෙනම් කන්ණාඩිය නිසා නිල් පාටට පෙනුනා නම් බාහිර නිල්පාට රූපයක් සිහි කරන එක වැරදියි නේ ද? කියන එක තේරෙන්න තේරෙන්න මොකද වෙන්නෙ.
සිහි කරන ගතිය අඩුවෙයි ද? නැද්ද? අඩුවෙයි.
එතකොට හිත සමාධි වෙනවා කියන්නෙ ඉබේමයි. ඇයි මේ දුවන වේගෙ නතර වෙන්නෙ නැද්ද? නතර වෙනවා.
කෝච්චියට ගල් අඟුරු දානකම් වේගය වැඩිවෙනවා වගේ. බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතෙනතාක් හිතන්න බැරිද? හිතනවා කෙළවරක් නැතුව. යම් කාලෙක දී සම්මා දිට්ඨිය ඇත්ත ඔය පින්වතුන් දැක්කොත් මේ හිතන එක අඩුවෙයිද නැද්ද?
අඩුවෙනවා. අඩුවෙනවා කියන්නෙ මේ අඩුවීම කොච්චරක් දුරට අඩුවෙනව ද දන්නවද?
මේ කාම සංඥාව සම්පූර්ණම දුරු වෙලා ධ්‍යාන මට්ටමට හිත වැඩෙනවා. ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. ඒ චේතෝ විමුක්තිය නම් කරනවා, ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා.
අනාත්ම සංඥාවෙන් බලනකොට, අනාත්ම සංඥාව බහුල කරනකොට, මේ විදියට ආත්ම සංඥාව දුරු වෙනවා. දුරු වෙනකොට කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ආශ‍්‍රවයන්ගෙන් හිත මිදෙනවා. ආත්ම සංඥාවෙන් හිත මිදෙනවා. පංච උපාදානස්කන්ධයෙන්ම හිත මිදෙනවා. ඒ මිදීම නම් කරනවා ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා. එයාගෙ ඇස් ඉදිරිපිටට ගැහැවී ගැහැවියෝ ගහපතියො රජවරු සිටුවරු කවුරු කෙනෙක් ඇස් ඉදිරිපිටට ආවත් ආර්ය වූ ශුන්‍යතාවයකින්මයි ඉන්නෙ.
නුවණක් තියෙන කෙනාට, මේ ශුන්‍යතාවයෙන් බලන්න බැරි වෙයිද? තමන් තුල මෙහෙම ආත්ම සංඥාව යෙදිලා තියෙනවා කියලා. ඒ චේතෝ විමුක්තිය අකෝප්‍යයි කියලා කියන්නෙ, වෙනස් වෙන්නෙ නෑ කියලා කියන්නෙ, ආයෙ රැුවටීමකින් හරි ආත්ම සංඥාවෙන් බැලෙයි කියලා එකක් නෑ.
ඒ ශුන්‍යතාවය අකෝප්‍යයි. වෙනස් වෙන්නෙ නෑ කවදාවත් කියලා කියන්නෙ. සතිපට්ඨානෙ වඩලා, අනාත්ම ධර්මතා තියෙන තැනක ආත්ම සංඥාව තමන් තුල උපදින්නෙ කියලා බලනවා. ආත්ම සංඥාව සිහි කරලා බාහිරට යන්න බෑ. ඒක වැරදියි කියලා බලනවා. ඔහොම බල බලා ඉන්න කොට කෙලෙස් අඩුවෙලා තීවරණ අඩුවෙලා සම්මා දිට්ඨිය එළඹ සිටිනවා හොඳට. ඒ කියන්නෙ සුදු පාට රූපය දකිනකොට, නිල්පාට කන්ණාඩියෙන් බලලා නිල් පාටයි කියලා ගත්ත දැනුම වැරදියි නේද? එහෙම සිහි කරද්දිත් තිබුනේ සුදු පාට නේද? බලන්න කියලා ගියාම සුදු පාට රූපෙ ඇස් ඉදිරිපිටට එයි. නිල් පාටට අපිට පෙනෙයි නේද කියලා මෙහෙම බල බලා ඉන්න කොට නිල්පාට යමක් සිහි කරගන්න බැරි දවසක් එනවා.
මේ නිල්පාට පරිහරණය කරන එක අඩුවෙන කොට ඒක දිරලා යනවා. ඔය පින්වතුන් දන්නවනේ යමක් පරිහරණය නොකර ඉන්නකොට එ්ක මළකඩ කනවා. ගෙවෙනවා, දිරලා යනවා නේද? එතකොට දැන් ආත්ම සංඥාව පරිහරණය කරන කොට ඒක හොඳට තීව‍්‍ර වෙනවා.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!