5/29/15

" චේතෝ විමුක්තිය - 1 කොටස "



නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස

‘සබ්බේ සංඛාරා දුක්ඛාති
සබ්බේ සංඛාරා අනිච්චාති
සබ්බේ ධම්මා අනත්තාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගො විසුද්ධියා’

ශ‍්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි,

මේ පින්වත් සියළු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක් ගිනි නිවීම පිණිස ලොවුතුරා බුදු රජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බි`දක් ශ‍්‍රවණය කරන්නටයි. ඒ නිසා හැම දෙනාම බොහෝ ම උවමනාවෙන් සිතේ එක`ගකම ඇතිකරගෙන මේ දේශනාවට සවන් දෙමින් හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී හො`දින් ධර්මය ශ‍්‍රවණය කරන්නට ඕන.

පින්වතුනි, අපි හැම කෙනෙක්ම මේ අනවරාග‍්‍ර වූ සංසාරේ කෙළවරක් නැතුව ඒ මේ අත දුවපු, සැරිසරපු අය. දුවන, සැරිසරන අය. ඒ වගේ සසර දුවන සත්වයන්ට ඒ සසරින් මිදීමට තියෙන එකම තැන තමයි, බුද්ධෝත්පාද කාලයක් හම්බවෙලා, අපිත් ඉන්ද්‍රිය විකෘතිතාවයකින් තොරව, හ`ගවා කියන අර්ථයක් තේරුම් කරගන්න පුළුවන් නුවණක් ඇතුව, මනුෂ්‍ය ආත්මභාවයකුත් ලබා ගත්තහම, සද්ධර්මය තියෙන වටපිටාවකුත් ලබා ගත්තහම. පුබ්බේච කත පුඤ්ඤතා - පෙර කළ පින් ඇතිකම නිසා ලැබෙන්න තියෙන වටපිටාව.

මෙන්න මේ වගේ වටපිටාවක් ලැබුණ කෙනෙක් තමයි සසරින් මිදෙන්නෙ. සසරින් මිදෙන්න පුළුවන් තැනට ඇවිල්ලා ඉන්නෙ. ඉතින් අපි හැමදෙනාටම දුර්ලභ වූ ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. අපි හැමදෙනාම බුද්ධිමත් වෙන්නට ඕනෙ. නුවණැත්තො වෙන්නට ඕනෙ. මේ ලැබුණ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නට.

පින්වතුනි, සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නට එදා නාලන්දා ගමට වඩින වෙලාවේ දී, බොහෝ ස්වාමීන් වහන්සේලා සැරියුත් මහරහතන් වහන්සේ පිටුපසින් ගමන් කළා. අනේ අපිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ ළ`ගින් ඉ`දලා, මේ සසර දුකින් එතෙර වෙන්න ධර්මය කියලා දුන්න අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආයෙ කවදාවත් වඩින්නේ නෑ නේ ද? පිරිනිවන් පාන්න වඩිනවා නේද? කියලා පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අ`ඩ අ`ඩා වැලපෙමින් පසුපසින් යනකොට, ක්ෂීණාශ‍්‍රව මහා රහතන් වහන්සේලා, සියළු සංස්කාරයෝ ම අනිත්‍යයි නේ ද කියන ධර්ම සංවේගය ඇති කරගෙන යද්දී, සැරියුත් මහ රහතන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා.

‘උභෙත මිදං මරණ මෙව
නා මරණං පච්චාවා පුරෙවා
පටිපජ්ජත මා විනස්සත
ඛනොවා මා උපජ්ජගාති’ කියලා

උභෙත මිදං මරණ මෙව - දෙපසින්මයි මරණය. මැරිලා ඉපදුනා. ඉපදිලා මැරෙනවා.

නා මරණං පච්චාවා පුරෙවා - පෙරවත් පසුවත් නොමැරීමක් නෑ. පටිපජ්ජන - අප‍්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න.

ඛනොවා මා උපජ්ජගා - මේ ක්ෂණ සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා අවවාද කරලා,

‘ඇවැත්ති, මං වෙනුවෙන් කියලාවත් එක මොහොතක්වත් ප‍්‍රමාද වෙන්න එපා. මට කරන කළණ මිතුරුකම තමයි, ආපහු ගිහිල්ලා මෙ මොහොතත් භාවනා අරමුණකට යොමු කරගන්න’ කියලා ස්වාමීන් වහන්සේලාව ආපහු යැව්වා.

ඉතින් මේ අවස්ථාවේ තියෙන වටිනාකම තේරුම් කරගන්න. ගෙවෙන හැම විනාඩියක් ගානෙම, තත්පරයක් ගානෙම, කාලය නෙමෙයි ගෙවෙන්නෙ. මේ බුද්ධොත්පාද කාලය, මනුෂ්‍ය ජීවිතය, සද්ධර්මයේ වටපිටාව අපෙන් අතහැරෙන එක වෙන්නෙ හැම තත්පරයක් ගානෙම. ඒ ටික ක‍්‍රම ක‍්‍රමයෙන් ගෙවිලා යන්නෙ. ඒ නිසා හැම දෙනාම මුලින්ම මතක තියා ගන්න. බොහෝම වටිනා අවස්ථාවකට පත්වෙලා ඒ අවස්ථාව ගෙවමින් ඉන්නෙ. මේ අවස්ථාවේ දී මේ ධර්මය අහලා, ජීවිතේට යොදාගෙන සසරින් එතෙර වෙන්න කොහොම හරි උත්සාහවත් වෙන්න ඕන, කියන කළණ අදහස ඇති කරගන්න. මොකද සසරෙදිත් අපි ඕන තරම් ගෙවල් දොරවල් හදන්න
ඇති. කෙළවරක් නැති සසරෙ, කෙළවරක් නැති දරු මුණුපුරො ඉන්න ඇති. ධෙර්මව්පියො සහෝදරයො ඉන්න ඇති. යාන වාහන, ඉඩකඩම් ඕන තරම් අපිට තියෙන්න ඇති. ඒ එකකින්වත් සසර ජරා මරණ දුක නැතිවුනේ නෑ. නැති කරන්න පුළුවන් වුනේ නෑ. පැමිණි බර උහුලන්න අද තමන්ට යුතුකමක් තියෙනවා නම් යුතුකමක් හැටියට හිතලා ඒ ටික කරන්න. නමුත් ජීවිතේ කියන්නෙ ඒ ටික විතරක් නෙමෙයි. මේ දුක් සහගත සසරින් එතෙර වෙන අපේ විමුක්තියත් අපි හදාගන්න ඕන කියන කළණ අදහසත් හැම වෙලාවෙම සිතේ කොණක තබාගන්න.

මං මේ ටික මුලින් මතක් කළේ ගොඩාක් දෙනෙකුට මෙහෙම ඇවිල්ලා බණ අහන වෙලාවට නම් ඒක ඇත්තයි කියලා හිතෙනවා. නමුත් ගෙදර ගියාම ආපහු ඒවා මුකුත් මතක නෑ. හරියට අපි ඉ`දගෙන ඉන්නකොට ඔඩොක්කුවේ යමක් තියාගෙන, නැගිටිනකොට ඒක අතට ගන්නෙ නැතුව නැගිට්ටොත් ඒක එතනම වැටිලා බි`දිලා යනවා වාගේ. ගොඩාක් දෙනෙක් අහන වෙලාවට විතරයි. ඒක අහගෙන ගිහිල්ලා ප‍්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්නෙ නෑ. එහෙම වුනොත් මේ සසර ගොඩාක් දුක් වි`දින්න වේවි.

සසර දුක ගැන මම හැමදාමත් මතක් කරනවා. මතක් කරලා තියෙනවා. නොපෙනන අතීත සසර දුකත් අත හරින්න. නූපන් අනාගත දුකත් අතහරින්න. කෙනා කෙනාගෙ ඇස් මට්ටමේ මේ ජීවිතේ තුල වින්ද දුකක් තියෙනවා නම්. ඒ ටික සිහි කළහම හො`දටම ඇති සසර ස්වභාවය තේරුම් කරගන්න.

ටිකක් කල්පනා කරන්න මනුෂ්‍ය ආත්ම භාවය කියන්නෙ සුගතියක්, සුගතියක වෙලත් මේ වගේ හිත් තැවුල් දුක් වේදනාවන් ජීවිතේකට එනවා නම් ගලාගෙන, දුගති සහගත උත්පත්තියක දී මොන තරම් දුකක් වි`දින්න ඇත්ද, වි`දින්න වෙනවද කියන කාරණාව සිහිපත් කරගන්න. එහෙම ජීවිතවල ඇති දුක්ඛ ස්වභාවය සිහි කරලා අනේ මේ දේශනාව එබ`දු වූ දුක් සහගත සසරින් මිදීමට හේතු වේවා කියන අදහසින් ම හො`දට කන් යොමු කරලා අහන්න. මේ කරන දේශනාව හො`දට අහගෙන ඉන්න ඕන. හැමදාම මම මතක් කරන්නෙ ලෝකෙ තියෙන වචන අපිට හුරු පුරුදුයි. කතාවක් කිව්වොත්, කේලමක් කිවුවොත්, වෙන දෙයක් කර කර ඉන්නකොට අහම්බෙන් ඇහුනත්, මතක හිටිනවා. නමුත් මේ නීවරණ දුරු වෙන, ආශ‍්‍රව ගණයෙහි ලා නොවැටෙන වචන අපේ ජීවිතවලට සසරෙදිත් ඇහිලා හුරු පුරුදුකම අඩුයි. ඒ හින්දා හො`දට ඇහුම්කන් දෙන්න ඕන. ඒකද නිකම් නෙවෙයි. මේ වචනවල අර්ථ තේරුම් කර ගන්න ඕන කියන අදහසින් ඇහුම්කන් දෙන්න ඕන. මේ වචනෙන් කියන්නෙ මොකක් ද, මේ ස්වාමීන් වහන්සේ පෙන්නන්න හදන්නෙ මොකක් ද, කියන කාරණාව තේරුම් කරගන්න ඕන කියන අදහසින්, අර්ථ පරීක්ෂා කරමින් වචනයක් වචනයක් ගානෙ හිත අරගෙන එන්න. අන්න එහෙම කළහමයි ධර්මය ශ‍්‍රවණය කළා කියලා කියන්නෙ. එහෙම නැතුව ඉ`දගෙන හිටියට, ඔහේ ඉබේ ඇවිල්ලා බණ වචන කනේ වැදුනට, බණ ඇහුවා කියලා කියන්නෙ නෑ.

ඉතින් කෙනා කෙනාගෙ ශ‍්‍රද්ධාව තීරණය වෙන්නෙ, බුදු හාමුදුරුවො ගැන බුදු ගුණ කියන කොට ඇස් දෙකෙන් ක`දුළු වැටෙන මටට්මට නෙමෙයි. ඒ ධර්මය අහනකොට, ඒ ධර්මයට හිත යොමු කරන ආකාරය මත ජීවිතයෙන් ධර්මය යෙදෙනකොට, ඒක ජීවිතයට යොදා ගන්න ආකාරය මත තමයි නියම ශ‍්‍රද්ධාව තීරණය වෙන්නෙ. මේ හැම කාරණාවකින් ම මතක් කළේ විසිරුණ මනසකින් ධර්මය ශ‍්‍රවණය කරන්නෙ නැතුව හො`දට අහන්න කියලා.
පින්වතුනි, මම අද මාතෘකා කළේ අපි කවුරුත් අහලා තියෙන ගාථාවක්. මේක අර්ථය නොයෙක් නොයෙක් ආකාරයට පෙන්නන්න පුළුවන්. ඒකෙන් එක් ආකාරයක පරියායකින් දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝක සත්වයාට යම් දවසක දී සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හෝ සිය`ඵ සංස්කාරයෝ දුකයි කියලා හෝ සියළු ධර්මයෝ අනාත්මයි කියලා හෝ විදසුන් නුවණින් වැටහෙන දවසක් ආවොත්, එදාටයි ලෝකයා දුකේ කළකිරෙන්නෙ මෙන්න මේ ක‍්‍රමයයි විමුක්තියට තියෙන මග. නිවනට මග කියලා. අන්න ඒ ගැන අපි ටිකක් බලමු.

මොකද ලෝකෙ තුල අපිට එක එක වෙලාවල්වල දී, එක එක දේවල් වලට කලකිරීම් ඇතිවෙනවා. එපා වෙනවා. නමුත් එක පැත්තකින් එක දේකට කලකිරෙනකොට තව පැත්තකින් තව දෙයක් අපි ප‍්‍රාර්ථනා කරනවා. අපේ කලකිරීම ලෝකෙ තුල තියෙන්නෙ බොහෝ සෙයින්ම යමක් ප‍්‍රාර්ථනා කරලා, ප‍්‍රාර්ථනා කරන ආකාරයට නොලැබෙන නිසා. ඒකෙන් කියනවා ඒ ප‍්‍රාර්ථනා කරපු දේ ඒ විදියටම වුනා නම් කලකිරෙන්නෙ නෑ කියන එක. නමුත් මෙතන දී පෙන්නන්නෙ එහෙම ධර්මතාවයක් නෙමෙයි. යම්තාක් සසර දුක ගෙනත් දෙන්න හේතුවෙන සසර දුක උපද්දවන, සසරට පමුණුවන, සියළු ධර්මයන්ගේ කලකිරීම, ඉබේම ඇතිවෙනවා මෙන්න මේ විදර්ශනා ඥාණයන් එළඹ සිටින තැනට ගත්තහම. අන්න ඒ ගැනයි මතක් කළේ.

පින්වතුනි, මේ ලෝකේ දුක් වි`දින ලෝක සත්වයාට, මේ දුක් සහගත ලෝකෙන් එතෙර වෙන්න දොරටු තුනක් තියෙනවා. ඒකට කියනවා විමුක්ති මුඛ කියලා. මිදීමේ දොරටු තුනක්. අතීතයෙදීත් යම්කිසි කෙනෙක් මේ ලෝකෙන් එතෙර වුනානම්, මිදුනා නම් මේ දොරටු තුන හරහාමයි. අනාගතේදීත් යම් කිසි කෙනෙක් මේ ලෝකෙන් එතෙර වෙනවානම් මේ දොරටු තුන හරහාමයි. දැනුත් යම්කිසි කෙනෙක් මේ ලෝකෙන් එතෙර වෙනවා නම්, එතෙර වුනොත් මේ දොරටු තුන හරහාමයි. ඒ දොරටු තුන තමයි,

අනිත්‍ය
දුක්ඛ
අනාත්ම

කියන මෙන්න මේ දොරටු තුන. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ධර්මතා තුනට කියනවා විමුක්ති මුඛ කියලා. මිදිමේ දොරටු කියලා.

මේකෙදී යම්කිසි කෙනෙකුට එක පරියායකින්, එක ක‍්‍රමේකින්, මනසිකාරය නැත්නම් නුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් පවත්වලා ලෝකෙන් මිදෙන්න පුළුවන්. එහෙම ලෝකෙන් මිදෙන්න නම් අනිවාර්යයෙන් මේ ධර්මතා තුනෙන් එක න්‍යායයකින් පැමිණිය යුතුමයි. වෙන ක‍්‍රමයක් නෑ.

මේ දොරටු තුනෙන් නික්මෙන මාවතේ කෙළවර තමයි විමුක්තිය. ඒ විමුක්තිය ඒ ඒ කෙනා යන දොරටුවේ නමින් නම් කරනවා.

අනිමිත්ත චේතෝ විමුක්තිය
ශුන්‍යත චේතෝ විමුක්තිය
අප්පණිහිත චේතෝ විමුක්තිය කියලා.

ඒ චේතෝ විමුක්තිය, කෙලෙසුන්ගෙන් මිදීම නම් කරනවා කෙනා කෙනා ගමන් ගත්ත මාර්ගය හරහා.

මං අද මතක් කරලා දෙන්න හදන්නෙ, සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බලලා අපි කොහොමද මිදෙන්නෙ. සියළු සංස්කාරයෝ දුකයි කියලා බලලා කොහොමද අපි මිදෙන්නෙ. සියළු ධර්මයෝ අනාත්මයි කියලා බලලා කොහොමද මිදෙන්නෙ කියන කාරණාව පෙන්නනවා. ඒ මිදීම මොකට ද? ඇයි අපි එහෙම කෙලසුන්ගෙන් ආශ‍්‍රවයන්ගෙන් මනස මුදවාගන්නෙ කියන කාරණාවත් පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා හො`දට මේ කාරණාව අර්ථ සහිතව අහගන්න.

එතන දී අපි මෙහෙම බලමු. ගොඩක් දුරට ලෝකය තුල තියෙන්නෙ මේ ඇලීම් ගැටීම් හැම එකක්ම බොහෝ සෙයින්ම මේ සත්ව පුද්ගල ආත්ම දෘෂ්ඨීය, ආත්ම සංඥාව මුල් කරගෙනයි තියෙන්නේ. මේ සත්ව පුද්ගල ආත්ම සංඥාව දුරු වෙන විදියට නුවණින් බලන ක‍්‍රමයට කියනවා අනාත්ම සංඥාව කියලා. අනාත්ම සංඥාවට තව අන්වර්ථ නාමයක් තියෙනවා සංඥා විවට්ට පඥා කියලා. සංඥාව පෙරලන ප‍්‍රඥාව කියලා. ආත්ම සංඥාව දුරු කරලා ආත්ම සංඥාව පෙරලලා, අනාත්ම සංඥාව එළඹ සිටින්න තියෙන නුවණ, මේ අනාත්මයෙන් බලනකොට අපි තුල උපදිනවා.

එතකොට මං ඉස්සෙල්ලා මේ ක‍්‍රමය කියන්නම්. මෙතනදී තියෙන්නෙ පොඩි කාරණාවක් විතරයි තේරුම් කරගන්න අපිට. ඒක තේරුම් ගත්තහම ඒ ඔස්සේ ම හිත් මෙහෙයවන කොට බුදු හාමුදුරුවෝ දේශනා කළ හින්ධමත් නෙමෙයි. තව ස්වාමීන් වහන්සේලා දේශනා කළ නිසාමත් නෙවෙයි. තමන් තුලම නුවණ උපදිනවා මේ ධර්මතාවය සත්‍යයක් නේද කියන එක. ඒක ඉස්සෙල්ලා අහගෙන ඒ විදියට නුවණින් තමන් මෙනෙහි කරන්නට ඕන.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!