Showing posts with label රහතන්වහන්සේලා. Show all posts
Showing posts with label රහතන්වහන්සේලා. Show all posts

10/15/20

කසළ ගොඩක මුණින් වැටී පිරිණිවන් පෑ රහතන්වහන්සේ

 


සමහර අයට බුදුරජාණන් වහන්සේව ඇසුරට ලැබෙන්නේ මොහොතයි.ඒ මොහොතේදී ඔහුට බුදු ගුණ අසන්නට ලැබෙනවා.බුදු රජුන්ගේ ධර්මය හරිම අසිරිමත්.පුදුම සහගතයි.මිනිස් සන්තානය තුළ ඇති සියලු ගැටලු විසඳන්න ඒ ධර්මයට පුළුවන්.මිනිස් ජීවිතය මුළුමනින්ම පිරිසිදු කරන්න ඒ ධර්මයට පුළුවන්. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසි දෙයක් ලෝකයේ නැහැ.එවැනි අසිරිමත් ධර්මයක් කණ වැකුණු සැණෙකින් සියලු සසර දුක් නිමා කළ උදාර පුද්ගලයෙක් ගැනයි දැන් ඔබ ඉගෙන ගන්නේ.

ඉස්සර කාලෙ බොහෝ මිනිස්සු වෙළඳාම් පිණිස නැව්වලින් මුහුදු ගමන් යනවා.සමහර අවස්ථාවන්හීදී ඒ නැව් අනතුරුවලට ලක්වෙනවා.කුණාටුවලට හසු වෙනවා.මුහුදෙ මැද ඒ නැව් බිඳෙනවා.මිනිසුන් ජල රකුසාට බිලිවෙනවා.

එක්තරා වෙළඳ පිරිසක් නැවක නැගී වෙළඳාමේ ගියා.ඒ නැව මුහුද මැද අනතුරකට බඳුන් වුණා.ඒ නැවේ එක් පුරුෂයෙක් හිටියා.ඔහුගේ නම බාහිය. බාහිය ගේ පිනකට ඔහුට කොටයක එල්ලීගන්න පුළුවන්කම ලැබුණා. දවස් කිහිපයක්ම මුහුදේ පාවෙමින් තිබුණු කොටය ගොඩ බිමකට ළඟා වුණා. කොටයේ එල්ලීගෙන ගොඩ බිමකට ඇවිදින් ජීවිතේ බේරගත්ත බාහියට ඇඟේ නූල් පොටක්වත් ඉතුරු වුණේ නැහැ. ඇඳගෙන හිටිය ඇඳුම් පවා ගැලවිලා ගිහින් තිබුණා.

ඉතින් මේ බාහිය කියන තරුණයා ඒ අසල වනාන්තරයට ඇතුළු වෙලා ගස්වල පට්ට, දර පතුරු එකතු කරලා ඇඳුමක් හදාගත්තා. කැලේ මැදින් නන්නාඳුනන ගමකට එක පාරටම ඇතුළු වෙන්න තිබුණු භය නිසාදෝ කැලේ තිබෙන අල වර්ග, පළතුරු ආදිය ආහාරයට ගනිමින් ටික කාලයක් කැලේ ජීවත් වුණා.

යම් යම් කටයුතු සඳහා වනාන්තරයට ඇතුළුවන මිනිස්සු බාහියව දැකලා, දර පතුරුවලින් ඇඳුමක් හදාගෙන වනාන්තරයට වෙලා හුදෙකලාව ජීවත් වන මේ පුද්ගලයා නම්, සාමාන්‍ය කෙනෙක් නොවෙයි, රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා දාන මාන රැගෙන විත් පුද සත්කාර කරන්න පටන් ගත්තා. ඔය අතරේ දර පතුරු ඇඳගෙන හිටපු බාහිය දාරුචීරියටත් හිතුනා, මේ ලෝකයේ රහතුන් වැඩ සිටිනවා නම්, මමත් ඒ අය අතර එක්කෙනෙක් වෙන්න ඇති කියලා. වංචනික ලෙස රහතන් වහන්සේ නමක හැටියට බොරුවට රඟපාමින් මිනිසුන් මුළා කරන්න පටන් ගත්තා.

බාහිය දාරුචීරියට අනුකම්පා කරපු එක්තරා දෙවි කෙනෙක් දාරුචීරිය ඉදිරියේ පෙනී සිට කියා හිටියා, “බාහිය නුඹ රහත් ;කනෙක් නෙවෙයි. නුඹ රහත් වන මාර්ගයටවත් පැමිණිච්ච කෙනෙක් නොවෙයි” කියලා. අන්න ඒ වෙලාවේදී කම්පාවට පත්වෙච්ච බාහිය දාරුචීරිය, “මේ ලෝකයේ රහතන් වහන්සේලා වැඩ සිටිනවා ද? උන්වහන්සේලා වැඩසිටින්නේ කොහේ ද? “ කියලා ඇහුවා. ඒ දෙවි කෙනා දාරුචීරියට පිළිතුරු දුන්නා, “බාහිය, රහතුන් පමණක් නෙවෙයි, රහත් වන මාර්ගයත් ලෝකයට පෙන්වලා දෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් දැන් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ වැඩ සිටින්නේ, උතුරු ජනපදයේ සැවැත් නුවර කියන නගරයේ. අන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කොට අරහත්වයට පත්වීම පිණිස ධර්මය දේශනා කරනවා” කියලා.

මේ පණිවිඩය ඇහුණට පස්සේ බාහිය දාරුචීරියට ඉවසුම් නැතිව ගියා. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සුප්පාරක පටුන කියන ප්‍රදේශයේ ඉඳන් උතුරු ප්‍රදේශයේ සැවැත්නුවර දක්වා කිලෝ මීටර් දහසකටත් වඩා වැඩි දුරක් පයින් දුවන්න පටන් ගත්තා. දවස් ගණනක් දුවගෙන දුවගෙන සැවැත්නුවර හොයාගෙන බාහිය දාරුචීරිය ජේතවනාරාමයට පැමිණියා. එදා උදෑසන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සැවැත්නුවර ජේතවනාරාමයේ එළිමහන් භූමියේ සක්මන් කරමින් සිටියා. දුවගෙන දුවගෙන ආපු බාහිය දාරුචීරිය. “අනේ ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටිනව ද? උන්වහන්සේ වැඩසිටින්නේ කොහේ ද?” කියලා ඇහුවා.

ඒ වෙලාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස නගරයට වැඩම කරලයි හිටියේ. ඒ බව දැනගත්ත බාහිය, නගරයේ වීදියක්, වීදියක් පාසා බුදුරජාණන් වහන්සේව සොයමින් දුවගෙන ගියා. සොයමින් යද්දි ශාන්ත ඉඳුරන්ගෙන් යුතුව පාත්‍රයක් අතින් දරාගෙන පිණ්ඩපාතය වඩින බුදුරජාණන් වහන්සේව දකින්නට ලැබුණා. දුටු සැණින් දාරුචීරිය හඳුනගත්තා, මේ නම් ඒකාන්තයෙන්ම නිවන් මඟ පෙන්වා දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේම තමයි කියලා.

මහ මඟ විවර වූ දහම් ගඟ...

බාහිය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ ගේ සිරිපා පාමුල වැඳ වැටී, “අනේ ස්වාමීනි, මට බොහෝ කාලයක් හිත සුව පිණිස ධර්මය දේශනා කරන සේක්වා! සුගතයන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා!” කියල ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරියට වදාළා, “බාහිය, මේ පිණ්ඩපාතය කරන වෙලාවයි. බණ කියන වෙලාව නොවෙයි. ටිකක් ඉවසලා ඉන්න” කියලා. එතකොට පින්වතුනි, දාරුචීරිය කියනවා, “අනේ ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ජීවිතයට අනතුරක් වෙයි ද කවුද දන්නේ?, මගේ ජීවිතයට අනතුරක් වෙයිද කවුද දන්නේ? ඒ නිසා මට අවබෝධය පිණිස හේතුවන ධර්මයක් දේශනා කරන සේක්වා!” කියලා. දෙවැනි වතාවෙදීත් බුදුරජාණන් වහන්සේ වදාළා, “බාහිය මේ බණ කියන වෙලාව නෙවෙයි, තථාගතයන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාව යි” කියලා. දාරුචීරිය, තුන්වන වතාවෙදීත් ඒ විදිහටම පෙරැත්ත කරමින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය දේශනා කරන්න කියල ඉල්ලා හිටියා.

තුන්වැනි වතාවෙදි බුදුරජාණන් වහන්සේ දාරුචීරියගේ කර්මයේ ස්වභාවය ගැනත් ධර්මය අවබෝධ කිරීමේ හේතු සම්පත් ගැනත් බුදු නුවණින් විමසලා බැලුවා. බාහිය දාරුචීරියට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික වෙලාවයි. නමුත් ඔහුට කෙටියෙන් ධර්මය පැවසුවත්, ඒ ධර්මය විස්තරාත්මකව අවබෝධ කරගැනීමට තරම් කුසලතාවයක් ඇති කෙනෙක්. පිණ්ඩපාතය වඩින අතරතුර පාත්තරය අතේ දරාගෙන තමන් ඉදිරියේ වැඳ වැටී සිටින දාරුචීරියට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්මය දේශනා කළා.

සංක්‍ෂිප්ත කොට වදාළ නිවන් මඟ...

බුදුරජාණන් වහන්සේ වදාළා, බාහිය, ඔබ මේ විදිහට හික්මෙන්න ඕන. “දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤානෙ විඤ්ඤානමත්තං භවිස්සතී’ති”

“දැක්කොත් දැක්කා පමණ යි, ඇසුණොත් ඇසුණා පමණ යි, දැනුණොත් දැනුණා පමණයි, සිතුවොත් සිතුවා පමණයි” කියලා.

දැක්කොත් දැක්කා පමණයි කියන්නේ, ඇසින් දකින රූප මුල් වෙලා රාග, ද්වේෂ , මෝහ ආදී කෙලෙස් හටගන්න පුළුවන්. කෙලෙස් හටගන්න රූපයන්ගේ නිමිති සටහන් හෝ නිමිත්තක කොටසක් හෝ මතක තියාගෙන අයෝනි සෝ මනසිකාරයන් සිහිකිරීම තුළ තමයි, යළි යළිත් සිත තුළ කෙලෙස් ඇතිවෙන්නෙ. සම්පජානයෙන් යුතුව කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණකින් කටයුතු කරන ශ්‍රාවකයෙකු හට ඇසින් රූපයක් දැක්කට පස්සේ කෙලෙස් හටගන්න නිමිති සටහන් මතක තියාගන්නෙ නැතුව,”දැක්කොත් දැක්කා පමණයි” කියලා ඒ ඒ තැනම සම්පජාන විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

ඒ වගේම තමයි, පි‍්‍රය මනාප කෙලෙස් හටගන්න ශබ්දයක් කනින් ඇසුණට පස්සේ එහි නිමිති සටහන් මතක තබාගෙන අයෝනි සෝමනසිකාරයෙන් යුතුව සිහිකිරීම නිසා සිත තුළ නූපන් කෙලෙස් උපදිනවා. උපන් කෙලෙස් වර්ධනය වෙනවා. කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් වාසය කරන ආර්ය ශ්‍රාවකයෙකුට “ඇසුණොත් ඇසුණා පමණ යි” කියලා සම්පජාන විදර්ශනාව තුළින් ඒ ඒ තැනම කනින් අසන ශබ්ද හරහා සිත තුළ ඇතිවිය හැකි කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්.

ආයතන හය ඉදිරිපිට සිහිනුවණ...

නාසයට දැනෙන ගඳ සුවඳ හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියා ගන්නවා. දිවට දැනෙන රසය හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියා ගන්නවා. කයට දැනෙන පහස හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියාගන්නවා. අයෝනි සෝමනසිකාරයෙන් යුතුව, එම නිමිති සටහන් සිහිකිරීම නිසා නූපන් කෙලෙස් සිත තුළ උපදිනවා. උපන්නා වූ කෙලෙස් ඇත්නම් ඒවා තව තවත් වර්ධනය වෙනවා. “දැනුණොත් දැනුණා පමණ යි” කියලා නාසයට දැනෙන ගද, සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ආදිය හරහා සිතට ඇතුළු විය හැකි කෙලෙස් සම්පජාන විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව ඒ ඒ තැනම ප්‍රහාණය කරන්න පුළුවන්.

ඒ වගේම තමයි, කෙලෙස් හටගන්න සිතුවිලි අපි සිතින් සිත සිතා, කොයිතරම් නම් නූපන් කෙලෙස් සිත තුළ උපද්දව ගන්නවා ද? උපන්නා වූ කෙලෙස් කොයිතරම් නම් අපේ සිත තුළ අයෝනි සෝමනසිකාරයෙන් යුතුව වර්ධනය කරගන්නවා ද? “සිතුවොත් සිතුවා පමණයි” කියලා සිතේ හටගන්න සිතුවිලි මුල් කරගෙන සිත තුළ කෙලෙස් ඇතිවෙන්න ඉඩ නොදී කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව සම්පජාන විදර්ශනාවෙන් වාසය කිරීම තුළ සිතේ හටගන්න යම් අකුසල ධර්මයන් ඇද්ද, ඒවා ඒ ඒ මොහොතේදී ම ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

නොපිහිටි විඤ්ඤාණය නිරුද්ධ වීම...

බාහිය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ වදාළා, “බාහිය ඔබ “දැක්කොත් දැක්කා පමණ යි, ඇසුණොත් ඇසුණා පමණ යි, දැනුණොත් දැනුණා පමණයි,සිතුවොත් සිතුවා පමණයි” කියලා. ඒ ඒ මොහොතේදී ම ඔබේ හිතේ හටගන්නා ළාමක අකුසල ධර්මයන් සියල්ල ප්‍රහාණය කළොත්, තතො Àවං බාහිය න තෙන. බාහිය ඔබ එතන බැඳී නැත. යතො Àවං බාහිය න තෙන. බාහිය ඔබ වෙන තැනක ද බැඳී නැත. තතො Àවං බාහිය තත්‍ථ,යතො ත්වං බාහියන තත්‍ථ, තතො Àවං බාහිය තෙවිධ, න හුරං, න උභයමනතරෙ එසෙවනෙතා, දුක්ඛස්සා ති” බාහිය, ඔබ එතැන බැඳිල නැත්නම්, වෙන තැනකද බැඳිල නැත්නම්, ඒ අතර ද ඔබ බැඳිල නැහැ. එවිට ඔබ මෙලොව පරලොව කිසි තැනක නොපිහිටි සිතින් යුතුව සියලු දුක් කෙළවර කරනවා කියලා.

මෙන්න මේ ආකාරයට කෙටියෙන් ධර්මය දේශනා කර බුදුරජාණන් වහන්සේ පාත්තරේ අතැ’තිව පිණ්ඩපාතය පිණිස ඉදිරියට වැඩම කළා. බාහිය දාරුචීරිය මහ පාර අයිනේ දණ ගහගෙන ඒ ධර්මය නුවණින් විමසමින් තමන්ගේ ජීවිතය හා ගළපා බලමින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා අරහත්වයට පත්වුණා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මටත් මේ බුදු සසුනේ පැවිදි බව ලබාදෙන සේක්වා!"

"පින්වත් බාහිය, පැවිදි වීම පිණිස ඔබට පාත්‍රා සිවුරු තියෙනවාද?"

"ස්වාමීනි, මං එහෙනම් පාත්‍රා සිවුරු සොයාගෙන එන්නම්" කියලා බාහිය දාරුචීරිය රහතන් වහන්සේ පිටත් වුණා.බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩියා.

බාහිය දාරුචීරිය රහතන් වහන්සේට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ.යක්ෂාවේශ වූ එක්තරා ගවදෙනක් උන්වහන්සේ පිටුපසින් වේගයෙන් දුවගෙන ඇවිත් ඇනගෙන ගියා.උන්වහන්සේ එතනම වැටුණා.සසරේ සියලු දුක් නිමා කොට පිරිනිවන් පෑවා.

බුදුරජාණන් වහන්සේට මේ බාහිය දාරුචීරියගේ හදිසි අනතුර ගැන සැලවුණා.උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමග ඒ ස්ථානය වැඩම කළා.බාහිය දාරුචීරිය රහතන් වහන්සේගේ මෘත ශරීරය කසළ ගොඩක් අසළ මුණින් අතට පෙරළී තිබුණා.

"පින්වත් මහණෙනි, මේ සිරුර ඇඳකට නංවා ගන්න.නගරයෙන් බැහැරට ගෙන ගොස් ආදාහනය කරන්න.ඒ අළු තැන්පත් කොට ස්ථූපයක් හදන්න."

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ මෘත ශරීරය රැගෙන ගොස් ආදාහනය කළා.කුඩා ස්ථූපයක් තැනුවා.මල් පූජා කළා.බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්.අද තමයි එයා මෙහෙ ආවේ.සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමග සුළු වෙලාවක් මොහු කතා කළ බව.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?"

"පින්වත් මහණෙනි, ඒ සිරුර මාගේ ළය මඬලින් උපන් ශ්‍රාවක පුත්‍රයෙකුටයි අයිති වුණේ.පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය කුලපුත්‍රයා ධර්මය සොයාගෙන ඇවිත් මාව වෙහෙසට පත් කළේ නෑ.සැණෙකින් ධර්මය අවබෝධ කළා.පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය තමයි වහා ධර්මාවබෝධ කළ මාගේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ."

භික්ෂූන් වහන්සේලා පුදුමයට පත් වුණා."අද උදේ තමයි මොහු ඉතා දුර බැහැර සිට සැවැත් නුවරට ආවේ.හරි පුදුමයි.කොයි වෙලාවෙද මොහු බණ ඇහුවේ...? අපි දැක්කේ නෑ....හැබැයි සමහර භික්ෂූන් දැක තියෙනවා මොහු පාරේ වඩින භාග්‍යවතුන් වහනේ ළඟ වැඳ වැටී සුළු මොහොතක් කතා කරන අයුරු.එතකොට ඒ සුළු වෙලාවෙදි අරහත්වයට පත්වීමට තරම් ධර්මයක් කොහොමද මොහු ඇහුවේ?"

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.

සහස්සම්පි චේ ගාථා - අනත්ථපදසංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යෝ - යං සුත්වා උපසම්මති

දහසක් ගාථා කිව්වත් හැඩකොට
පලයක් නැහැ එහි අරුතක් නැතිවිට
යම් ගාථාවක් මැනවින් ඇසුවිට
අකුසල් දුරු වී යයි නම් එම විට
යහපත ඇති කරනා විට එලෙසට
උතුම්ය එක් ගාථාවක් එම

ධම්ම පදයේ තිබෙන සෑම ගාථාවකම ඒ උතුම් බව තියෙනවා. කොතරම් ලස්සනට ගාථා හැදුවත්, කොතරම් මිහිරි හඬින් ඒවා ගායනා කළත්, අර්ථයක් නැත්නම් ඒ ගාථාවලින් පලක් නෑ.බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවල ජීවිතය අවබෝධ කරවීමේ හැකියාව තියෙනවා.ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරා ගාථාවල ඇති වටිනාකම පෙන්වා දුන්නා.එය ඇසූ බොහෝ භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයට පත් වුණා.

5/3/19

රහතන්වහන්සේ සතු බලය


එවැනි ඛීණාශ්‍රව බල අටක් මෙහිදී කියැවෙනවා. එහිදී පෙන්වා දී ඇති පළමු වැනි බලය වන්නේ රහතන් වහන්සේ ලෝකයේ පවතින සියලු ම දෑ සංස්කාර ගණයට වැටෙනවා. ඒ සංස්කාර සියල්ල අනිත්‍යයයි. ඉතින් මේ කාරණය බෞද්ධයන් වශයෙන් අප කියනවා. පිළිගන්නවා. ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යනුවෙන් මේ පාඨ ඉදිරිපත් කර අප දේශනාත් පවත්වනවා. ඇත්තෙන්ම අප කිසිවෙක් එය අනිත්‍ය බව මනා නුවණින් හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එහෙත් රහතන් වහන්සේට මෙය බලයක් වන්නේ උන්වහන්සේ විසින් මෙම සංඛාර අනිත්‍යය වශයෙන් මනා නුවණින් දැක තිබීම යනු එය තවත් දකින්නට විමසන්නට දෙයක් නැති ලෙස සහමුලින්ම හරියට ම දැක තිබෙනවා. ඒ නිසා සංස්ඛාර පිළිබඳ උන්වහන්සේගේ ඇලීමක් ඇති වන්නේ නැහැ. දැන් අප එහෙම පිරිසක් නොවෙයි. අපිත් ඛීණාශ්‍රවයන් වහන්සේ සතු ඒ ශක්තිය ඒ ආකාර ම බව වචනයෙන් ප්‍රකාශ කරනවා. එය පිළි ගන්නවා. ඒ වුණත් ඒ අපි සංස්ඛාරයන්ගේ ඇලෙනවා. යම් යම් දේ ගැන ආශාව බැඳීම ඇති කරගන්නවා. එහෙම වුණත් රහතන් වහන්සේ තමන් වහන්සේ තුළින් මේ ආශ්‍රවයන් සපුරා ම ඉවත් ව ඇති බව පසක් කරගෙනයි උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් කරන්නේ. උන්වහන්සේ කෙසේවත් මේ තාවකාලික සංස්ඛාරයන්හි ඇලෙන්නේ නැහැ.

දෙවන බලය

දෙවන බලය ලෙස මෙහිදී පෙන්වා දී තිබෙන්නේ මෙම සිත කිළිටි කරන කෙලෙස් හෙවත් කාමයන් ගිනිගෙන දිලිසෙන අඟුරුවළක ආකාරයෙන් උන්වහන්සේ දකිනවා. සත්වයාගේ සිත මේ ආකාරයෙන් මෙම කාමාදි ආශ්‍රවයන් නිසා දැවෙන, රත්වෙන ආකාරය මනානුවණින් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. අඟුරුවළකට මෙම කාමයන් උපමා කොට රහතන් වහන්සේ දකින්නේ අඟුරුවල ඇතුළේ පමණක් නොව එය වටේ හාත්පසින්ම රත්කරවන ස්වරූපයකින් යුක්ත වන නිසායි. මේ ආකාරයෙන් සත්වයාගේ සිත කාමාදී ආශ්‍රයන්ගෙන් දැඩි ලෙස පෙළෙන ආකාරය උන්වහන්සේ මනා නවුණින් දැන ගෙනම එම බලය තමන් සතු බව අත්විඳිනවා.

තෙවන බලය

රහත් බවේ තෙවන ශක්තිය ලෙස ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේගේ සිත නිරන්තරයෙන් ම පලසමවත් සුවයට යොමුවන බවයි. එයින් ප්‍රකාශ වන්නේ උන්වහන්සේගේ සිත නිරන්තරයෙන් ම වෙනත් යහපත් අරමුණක නො ගැටී සිටින හැම අවස්ථාවක ම උන්වහන්සේ යොමු වන්නේ තමන් වහන්සේ විසින් උදාකර ගත් මෙම නිවන් සුවය අත් විඳීමටයි. කෙලෙස්වලින් දුරු වූ නිසා සැබවින්ම මනා වූ පැවිදි බවට පත්ව එම පැවිදි සුවය අත්විඳිනා බවක් එයින් කියැවෙනවා. එමෙන් ම කිසිදු ආකාරයකින් කෙලෙස්වලට හටගැනීමක් ඇතිවන කිසිම නිමිත්තක් උන්වහන්සේට අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. එයින් තමන් වහන්සේ ම මේ රහත් බවේ සුවය අත්විඳිනවා. නිවන් සුවය කෙබදුදැයි උන්වහන්සේට විස්තර විවරණ සැපයීමක් කාගෙන්වත් අපේක්ෂාවක් නැහැ. එය උන්වහන්සේ තත්ත්වාකාරයෙන්ම අත් විඳිනවා. ආශ්‍රවයන් තමන් කෙරෙන් දුරු වී ඇති ආකාරය උන්වහන්සේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.

සිවුවන බලය

එමෙන් ම රහත් බවේ සිවුවන බලය හෙවත් ශක්තිය වන්නේ උන්වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන මේ සතර සති පට්ඨානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව වඩා ඒ සියල්ල මැනවින් අවබෝධ කොට අවසන් කර ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ වචන මට්ටමෙන් අප මේ අනුපස්සනා හතර ගැන කියනවා. ඒ වගේම ධර්මානුකූලව විස්තර වශයෙන් දැන ගෙන ප්‍රකාශ කරනවා. ධර්ම සාකච්ඡාවක් මාතෘකා වශයෙන් යොදා ගෙන සාකච්ඡා කරනවා. එහෙත් ඒ අප එසේ කරන්නේ මේ සතර සතිපට්ඨාන වැඩීමකින් අවසාන වශයෙන් යථාවබෝධයකින් තොරවයි. එහෙත් රහතන් වහන්සේ ඒ රහත් බවට පත්වීම යන්නෙන් ම අදහස් කරන්නේ උන්වහන්සේ යථාවබෝධ වශයෙන් එම සතර සතිපට්ඨාන මැනවින්ම වැඩීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත් ඥානයෙන් යුක්ත වන බවයි. එය සතරවන බලය ලෙසයි සඳහන් වන්නේ.

පස්වන බලය

මී ළඟ පස්වැනි බලය හෙවත් ශක්තිය ලෙස පෙන්වා දෙන්නේ රහතන් වහන්සේ ඡන්ද, චිත්ත, වීරිය හා විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වඩා එහි ද සම්පූර්ණත්වයට අඩුවක් නොමැතිව පැමිණ ඇති බවයි. මේ යෝගාවචරයන් හෝ භික්ෂුවක් නිවන් අරමුණුූ කොට සිත සමාධි ගත කිරීමෙන් භාවනාව වැඩීමේ දී මෙම සතර සෘද්ධිපාද සියල්ල සපුරා ගත යුතුව ඇත. මේ අනුව යෝගාවචරයා ඡන්දය හෙවත් ඒ අරමුණ වෙනුවෙන් කැපවීමේ කැමැත්ත අධික කොට ගෙන සිතේ ඒකාග්‍රතාව ඇති කිරීම ප්‍රධාන කොටගෙන සෘද්ධිපාදය මෙන්ම වීර්යය, චිත්ත, විමංසා යන තුනෙන් එකක් මුල්කරගෙන සෘද්ධිපාදයන් වඩන විට එහි විශාරදත්වයට එම යෝගාවචරයා පත් වෙනවා, දැන් මෙයින් අදහස් කරන්නේ මෙම ඉහළ තත්ත්වය ඇති කර ගැනීමද රහත් බවේ තවත් බලයක් ශක්තියක් ලෙසයි.

සයවන බලය

මීළඟට රහත් බවේ සයවැනි ශක්තිය ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරදෙන පරිදි සද්ධා, වීරිය, සති, වීරිය, සමාධි හා පඤ්ඤා යන පහ පඤ්ච ඉන්ද්‍රිය වශයෙන් සැලකෙන අතර නිවන්මග පසක් කර ගනු පිණිස මේ පහ ම අවශ්‍ය කරන ඉන්ද්‍රිය පහක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ. එනම් එම පස් ඉඳුරන් මඟින් නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය උදා කරගන්නා බවයි. මේ අනුව මෙම ඉන්ද්‍රිය පහ පිළිබඳ අවශ්‍යතා සියල්ලම අඩුවක් නොමැතිව සපුරා ගෙන ඇති බව රහතන් වහන්සේට සෘජුව ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති බව කියැවෙනවා.

සත්වන බලය

රහත් බවේ සත්වැනි ශක්තිය හෙවත් බලය ලෙස බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා. චතුරාර්යසත්‍යාවබෝධය පිණිස අවශ්‍ය කරන බෝධ්‍යාංග සතු මෙ ආකාරයෙන්ම සපුරාගෙන ඇති බව. එම හත නම් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන මේවා යි. නිවන් අවබෝධ පිණිස මේ හත සම්පූර්ණ කරගෙන තිබිය යුතුව ම පවතිනවා. එම උත්තරීතර රහත් බවට පත් වූ ආර්ය උත්තමයා තමන් සතුව එම ශක්ති හෙවත් බල පහ සම්පූර්ණයි කියා සෑහීමට ද පත්වෙනවා.

අටවන බලය

අවසාන හෙවත් අටවැනි බලය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ රහත් බවට පත් උත්තමයා තමන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින්ම පසක් කර ගෙන ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මේ අංග අටෙන් සමන්විත ආර්ය මාර්ගය ප්‍රතිවේධ කර ගෙන එහි කිසිදු අඩුවක් නො කොට සපුරා ගත් බවය.

උත්තරීතර ශක්තියක් හා බලයක්

මෙතෙක් අප විසින් බුද්ධ දේශනාව අනුව පැහැදිලි කෙරුණු රහත් බවේ මෙම බල ශක්ති අපට සම්පූර්ණ වීම රහත් බව යන්නෙන් අදහස් කෙරෙනවා. එහෙම නම් රහත් බවක් ලබන උත්තමයා මොන විදියෙන් මානසික වශයෙන් උසස් තත්ත්වයකට පත්ව සිටිනවා ද යන්න මෙයින් පැහැදිලි වෙනවා. එයින් පැහැදිලි වෙන තවත් කරුණක් වන්නේ මේ තත්ත්වයට පත් වන්නට ඇති කර ගත යුතු සූදානම කෙතරම් බරපතළ කාර්යයක් වෙනවා ද යන්නයි. තමන් තුළ මේ කියන බල ශක්ති අට සම්පූර්ණ වූ උත්තමයාට පමණක් එම උත්තරීතර තත්ත්වයට පත් වුණා යන්න නිවැරැදිව ප්‍රත්‍යක්ෂ වෙනවා. අප මේ හැම බලයක් ම විස්තර කරන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන නොව වාච්‍යාර්ථයෙන් ම පමණයි

2/15/19

මහා කාශ්‍යප මහරහතන්වහන්සේ


කෙළෙස්, ප්‍රහීණ කිරීම සඳහා අනුගමනය කළ යුතු අංග ධුතංග යනුවෙන් හැඳින්වෙන මේවා පංශුකුලික, තේවීවරික, පිණ්ඩපාතික ආදී වශයෙන් අංග දහතුණකින් යුක්තයි. අප බුදුරදුන්ගේ ශාසනයෙහි ‘ඒතදග්ගං භික්‍ඛවේ මම සාවකානං භික්‍ඛුනං ධුතවාදීනං සදිදං මහා කස්සපො” යනුවෙන් මහා කාශ්‍යප හිමියන් ධුතංගධාරී භික්‍ෂූන් අතර අග්‍රයයි බුදුරදුන් උසස් ස්ථානයෙහි තබා වදාළා. මේ මහා කාශ්‍යප හිමියන්ගේ චරිතය මහා පුදුම අපූර්ව එකක්.

මගධ රටෙහි මහා තිත්ථ ගමේ මේ කාශ්‍යප හිමියන් කපිල බමුණාත් එම බැමිණියත් මව්පියන් කොට ‘පිප්පලි’ නමින් උපත ලබා විසිවයස් වූ කල්හි මවුපියන්ගේ බලවත් ඉල්ලීම අනුව විවාහයට කැමැත්ත දුන්නා. අතීත ආත්මභාව රාශියක් ම මේ පිප්පලි මානවකයාට භාර්යාව වීමට ප්‍රාර්ථනා තබා එක්ව සසර සැරිසැරූ, මේ වන විට මදුරට සාගල නුවර විසූ කාමයෙහි ඇලීමට මද හෝ ආසාවක් නො තිබූ ‘භද්දාකාපිලානී’ කුමාරිය සමඟ මව්පිය හිතවතුන්ගේ උපක්‍රම මත සරණ මංගල්‍යය සිදු කෙරුණා. විවාහ පත් වූ දින සිට කාමරයක් තුළ එක් ඇඳක මැදින් සුවඳ මල් දමකින් වෙන් කොට අල්ප වූ ද රාගික හැඟීමක් නැතුව මුළු ගිහි ජීවිත කාලය ගත කළ යුවලක් ගැන ලෝක ඉතිහාසයේ සෙව්වහොත් මේ පිප්පලී හා භද්‍රකාපිලානි යුවල හැර වෙනත් කිසිවෙකු සොයාගත නොහැකියි. ඒ තරමට ම කාමයන්ගෙන් වෙන් වූ ජීවිතයක් ගත කොට මව්පියන් කළුරිය කිරීමෙන් අනතුරුව සියලු සම්පත් හැර දැමූ මේ දෙදෙන නිවන් සොයා නික්ම වෙන් වී ගියා.

පසු දිනක වේළුවනාරාමයෙන් තුන් ගව්වක් දුරින් පිහිටි ‘බහුපුත්‍රක’ නුගරුක මුල බුදුරදුන් වැඩ සිටියදී පිප්පලි තවුසාණන්ට බුදුරදුන් මුන ගැසුනා. එහිදී ලජ්ජා භය ඇතිව නිහතමානීව හැසිරීමේ අගයත් උතුම් ධර්මය මනා අවධාරණයෙන් ඇසීමත්, ශරීරයෙහි ලක්‍ෂණ ගැන නොසිතා කායගතාසතිය වැඩීමේ අගයන් යන කරුණු තුන මුල්කොට දෙසූ ධර්ම දේශනාව අසා පැහැදුනු පිප්පලි තවුසාණන් බුදුරදුන් වෙතින් මහණ උපසම්පදාව ලබා මහා කාශ්‍යප නමින් ප්‍රසිද්ධියට පත් වුණා. අනතුරුව කෙළෙස් ධුතාංග සමාදානයෙන් සත් දිනක් ඉක්මයාමත් සමග සිව්පිළිසිඹියා සහිත රහත් භාවයට පත් වූවා.

චරිත ලක්‍ෂණ, රූප ලක්‍ෂණ සහ ගුණ ලක්‍ෂණ යනුවෙන් මහා කසුප් තෙරණුවන් පිළිබඳ වැනිය හැකි අගනා ගුණ තුනක් පැවතුනා. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර වැඩ සිටිය පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ දී ‘වේදේහ’ නමින් උපත ලබා මහදන් පවත්වා අප ගෞතම බුදුරදුන් සමයෙහි ධුතංගධාරී භික්‍ෂූන් අතර අගතනතුර ලබන බවට විවරණ ලබා ගත්තා. එතැන් පටන් ඒ ප්‍රාර්ථනය සම්පූර්ණ කර ගැනීම සඳහා විවිධ කුසල ක්‍රියාවන් සිදු කළා. විපස්සි බුදුරදුන්ගේ අවධියේ ඔහුටත්, භාර්යාවටත් උඩුකය වැසීමට තිබූ එකම සළුව බුදුරදුන්ට පුදා එකල පාලකයා වූ බන්ධුම රජතුමාගෙන් මහා සම්පත් ලබා ගත්තා.

එසේ ලැබූ සම්පත් පවා පැහැදුනු සිතින් පරිත්‍යාග කළා. මෙවැනි චරිතයක් අතීත ආත්ම වල සිට පැවතුණා. මහා කාශ්‍යප හිමියන්ගේ ශරීරය පුදුම තරම් ලස්සනයි. බුදුරදුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලකුණු වලින් සතක්ම තිබූ එකම ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේයි. එක්තරා දිනක බුදුරදුන් මහා කාශ්‍යප හිමියන් හා මාර්ගයේ වැඩමවද්දී බුදුරදුන්ට විවේක ගැනීම සඳහා පටපිළියෙන් කළ අගනා සියුම් සගල සිවුර නවා අසුනක් පැනවූවා. බුදුරදුන් ඒ සිවුර අත ගා මෙය ඉතා සිනිදු සියුම් එකකැයි වදාළා. ඒ අවස්ථාවේ තම සිවුර බුදුරදුන්ට පොරවන්ට පූජා කොට උන්වහන්සේ පොරවා ගෙන සිටි ඝන පාංශුකුල සිවුර ගෙන මහත් සතුටින් පොරවා ගත්තා. ශ්‍රාවකයන් වහන්සේ සමග ඇඳී සිවුර මාරු කරගත් එකම අශ්චර්යවත් අවස්ථාව මෙයයි. තම පරිනිර්වාණයෙන් පසු තම ආයු ප්‍රමාණයෙන් එකසිය විසිවසරක් වැඩ සිටිමින් තමා දෙසූ ධර්මය ආරක්‍ෂා කර ගැනීම සඳහා ප්‍රමුඛව කටයුතු කරන බව බුදුරදුන් දිවසින් දැක මෙසේ සිවුරු පොරවා ගැනීමෙන් ගෞරව දැක් වූ බව පැහැදිලිය.

බුදුරදුන්ට පමණක් දෙවැනි වූ ධුතංගධාරි භික්‍ෂූන් පන්සියක් නිති පිරිවර ඇතුව වැඩ සිටි ශාසනයේ එකම භික්‍ෂු නම වූ මහා කස්සප හිමි සියලු දෙනා කෙරෙහි නිරන්තරයෙන් කාරුණික වුණා. සෑම දෙනටම අනුකම්පාවෙන් පිහිට වුණා. මේ නිසා බොහෝ දිනවල නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් අනතුරුව ජනතාවට පින් වැඩිවීම අරමුණු කොට සිවු පසය පිළිගත්හ. දිනක් ලාදුරු රෝගියෙකු පාත්‍රයට දත් පිළිගන්වද්දී ඔහුගේ ඇඟිල්ලක් ගැලවී පාත්‍රයට වැටුණත් පිළිකුල් නොකොට ඔහුට පින් ලබා දීමට ඒ ආහාරය වැළඳුවා. එක් දිනක් උන්වහන්සේ කෙරෙහි පැහැදී සිටි උපාසිකාවක් උන්වහන්සේ යැයි රැවටී බුදුරදුන්ගේ පාත්‍රයට පිණ්ඩපාතය බෙදුවා. මද වේලාවකින් මහකසුප් තෙරණුවන් පිණ්ඩපාතයේ වැඩි විට තමාට වැරදුනු බව සිතා දුව ගොස් බුදුරදුන්ගේ පාත්‍රයට අතපොවා තම පූජාව ආපසු ගෙනවිත් මහාකාශ්‍යප හිමියන්ට පිදුවා. රූපය නිසා හට ගත් මෙවැනි ගැටලු නිසා සංවේගයට පත්ව හිමාල වනයට වැඩියා.

බුද්ධ පරිනිර්වාණය ගැන දැනගත් මහකසුප් හිමියන් භික්‍ෂූන් සමග කුසිනාරා නුවරට වැඩමවා ආදාහන කටයුතු සිදු කළා. බුදුරදුන් කෙරෙහි උරණ වී සිටි සුභද්‍ර නම් මහළු මහණෙකු උන්වහන්සේගේ පිරිනිවීම ගැන කළ අමනොඥ කතාවෙන් සංවේගයට පත්වී අදාහනයෙන් තෙමසක් ගතවීමත් සමඟ ධර්මය නොනැසී මනාව ආරක්‍ෂා කිරීමේ අරමුණින් රජගහ නුවර සත්තපර්ණී ගුහා දොරටුවේ දී ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම සඳහා ප්‍රධානත්වය ගෙන උන්වහන්සේ කටයුතු කළා. ධර්මය පිටකත්‍රයව බෙදා ආරක්‍ෂා කිරීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිදු කළ සේවය සදා අප ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.

තෙරුවන් සරණයි!

8/2/17

ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ

සෘද්ධි බලයෙන් බුදුරජාණන්වහන්සේට පමණක් දෙවෙනි වූ ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ.




අටවිසි බුදුරජාණන් වහන්සේලා අතර “අනෝමදස්සී” බුදු රජාණන් වහන්සේගේ නම ඔයාල අහල ඇති. අද මම විස්තර කරන්න යන මුගලන් මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ මේ බුදුන් වහන්සේගෙනුයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.
මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා.
ඒ දෙපල එතැන් පටන් නොයෙක් පින්කම් කරමින් ඉඳල මරණින් මතු සුගතියේ ඉපදිලා ගොඩක් කල් සසර සැරිසරලා ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලෙ “උපතිස්ස” හා “කෝලිත” නමින් රජගහනුවර බමුණු කුල වල උපත ලැබුවා. ඒ කාලෙ වාර්ෂිකව පැවැත්වුණු “ගිරග්ග සමජ්ජ” කියන නාට්‍ය සංදර්ශනේ බලලා, සසර කලකිරිලා, ගිහිගෙයින් නික්මිලා සත්‍ය සොයාගෙන ගිය කතාව ඔයාල දන්නවනෙ. ඉතින් ඉස්සෙල්ලම ගියේ “සංජය” පරිබ්‍රාජකතුමා ලඟට. එතනදී තවුස් භාවය ලබාගෙන, උගත් යුතු සියල්ල ඉගෙන ගෙන, එයින් පලක් නැති බව හිතලා නියම දහම් මඟ හොයාගෙන ගියානෙ. එහෙම ගිය ගමනෙදි තමා උපතිස්ස පරිබ්‍රාජකතුමාට “අස්සජි” මහ රහතන් වහන්සේ හමුවුණේ. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ දැක පැහැදිලා කිසිවක් නොකියා පසුපසින්ම ගමන් කළා. දන් වළඳලා ඉවර වුණාම ලඟට ගිහින් උන්වහන්සේගෙන් විස්තර ඇහුවා. එහිදී තමා “යේ ධම්මා හේතුප්පභවා...” ගාථාව දේශනා කළේ. උපතිස්ස පිරිවැජියාගේ නුවණැති බව කොච්චරද කියනවා නම් ගාථාවේ දෙපදයක් අහද්දීම සෝවාන් පලයට පත් වුණා. අස්සජි මහ රහතන් වහන්සේගෙන් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය අහල දැනගත්තු උපතිස්ස පිරිවැජියා කෙළින්ම ගියේ තම මිත්‍ර කෝලිත පිරිවැජියා මුණගැහෙන්න. ගිහින් “යේ ධම්මා හේතුප්පභවා..” ගාථාව පැහැදිලි හඬින් දේශනා කළා. සම්පූර්ණ ගාථාව අවසානයේ කෝලිත පිරිවැජියාත් සෝවාන් වුණා. බුදුන් දකින්නට යන්න පළමුව ඒ දෙදෙනාට මතක් වුණේ සංජය පිරිවැජියාව. ඔහුට කොතෙක් කතා කළත් ඔහු බුදුන් හමුවට යාම ප්‍රතික්‍ෂේප කළා. ඒ නිසා උපතිස්ස- කෝලිත පිරිවැජියන් දෙදෙනා ඔවුන් සමඟ යාමට කැමති තවත් 250ක පිරිසක් එක්ක ගෙන වේළුවනාරාමය බලා පිටත් වුණා. (මේ කතාව ඔයාල හැමෝම දන්නවා නේද? දන්නෙ නැති එක්කෙනෙක් වත් හිටියොත් කියලයි කිව්වේ)

එවෙලෙ දම්සභාමණ්ඩපයෙහි වැඩහුන් බුදුන් වහන්සේ ඈත එන පිරිස දැකලා “මගේ ශාසනයේ දෑගසව්වන් වන්නේ ඉදිරියෙන්ම එන ඒ දෙදෙනා බවත්, උපතිස්ස තෙමේ “සාරිපුත්ත” නමින් දකුණත් සව් වන බවත් කෝලිත තෙමේ “මහා මොග්ගල්ලාන” නමින් වමත් සව් වන බවත්” වදාළා. ඊට පස්සෙ ඒ පිරිස බුදුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුන් වහන්සේ ඒ සියලු දෙනාටම “ඒහි භික්ඛු” භාවයෙන් පැවිද්ද ලබා දුන්නා. ඊට පස්සෙ ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ සැරියුත්, මහ මුගලන් තෙරුන් හැර අනික් 250 දෙනාම රහත් බව ලැබුවා.

උපතිස්ස- කෝලිත පැවදි වීම

එදිනම මහ මුගලන් තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මගධ රට “කල්ලවලමුත්ත” කියන පිටිසර ගමට ගියා භාවනා කරන්න. දවස් 7ක්ම සක්මන් කරමින් භාවනා කළා. නමුත් කිසිම මාර්ගඵලයක් ලැබුණේ නෑ. නිදි කිරා වැටෙමින් උන්නා. බුදුන් වහන්සේ දිවැසින් මේ සිද්ධිය දැකලා මුගලන් තෙරුන් වෙත වැඩම කරලා උන්වහන්සේට එයින් මිදෙන්න ධර්මාවවාද ලබා දුන්නා. ඊට පස්සෙ නැවත බුදුන් වහන්සේ උන්නු තැනටම වැඩියා. බුදුන් වහන්සේ දුන්නු අවවාද අනුව භාවනා කරලා මුගලන් තෙරණුවෝ මහ රහත් භාවයට පත් වුණා. එපමණක් නෙමේ, සෘධිමත් භාවයෙනුත් ඉහළම ස්ථානයට පැමිණුනා.
මුගලන් තෙරුන් රහත් බව ලබා සතියකින් සැරියුත් තෙරුන් රහත් බව ලැබුවා. අනතුරුව බුදුන් වහන්සේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරා ගෙන වේළුවනාරාමයට වැඩලා සියළුම භික්ෂූන් රැස් කරලා සැරියුත්- මුගලන් දෙපළට අගසව් තනතුරු පිරි නැමුවා.
මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.
මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධිමත් භාවය, ධර්මඥාණය ප්‍රකට කරන සිදුවීම් රැසක් තියෙනවා. මේ එව්වයින් කීපයක්.

මහපොළොව පෙරළීමට අවසර ඉල්ලීම

(මට මතක හැටියට බුද්ධත්වයෙන් 12 වන වස.. )මේ වස් කාලය බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ගත කරන්නේ වේරංජා නුවර. ඒ කාලයේ වේරංජා නුවර දරුණු දුර්භික්ෂයක් ඇති උනා. ආහාර පාන හිඟ උනා. දාන මාන ලබා ගැනීමේ හැකියාව ඉතා අඩු උනා. ඒ නිසා මුගලන් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙත පැමිණිලා, භික්ෂූන් වහන්සේලාට භික්ෂාව ලබා ගැනීමේ අපහසුතාවය පවසලා, මහපොළවේ යට කොටස රසවත් බැවින් මහ පොළොව පෙරළන්න අවසර ඉල්ලුවා. ඊට අවසර ලැබුණේ නෑ. ඉන් පස්සෙ උතුරු කුරු දිවයිනට පිඬු සිඟා වඩිමු කියා බුදුන් වහන්සේට යෝජනා කළා. නමුත් සියළු සත්වයෝ අටලෝ දහමට මුහුණ දිය යුතු නිසා බුදුන් වහන්සේ ඒ ඉල්ලීමටත් එකඟ වුණේ නෑ.
නන්දෝපනන්ද නා රජු දමනය

දිනක් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන වෙලාවෙ මහමේරු පර්වතය මුදුනේ නන්දෝපනන්ද නා රජුගේ විමන ඉහළින් වැඩියා. එයින් නා රජු කෝපයට පත් වුණා. මහ කළු නයි වෙසක් මවාගෙන මහමේරු පර්වතය හත් පාරක් දරණින් වෙලාගෙන, තව්තිසා දිව්‍යලෝකෙත් යටිකුරු කරලා පෙණයෙන් වහගෙන හිටියා. වෙනදට වඩා කිසියම් වෙනසක් දුටු රට්ඨපාල මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ පිලිබඳ විමසුවා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කලාට පස්සෙ රට්ඨපාල මහ රහතන් වහන්සේගේ නා රජුගේ තේජස බිඳ දමා දමනය කිරීමට අවසර ඉල්ලුවා, නමුත් අවසර ලැබුණේ නෑ. ඒ ආකාරයෙන් කාළිගෝධා පුත්‍ර භද්දිය මහ රහතන් වහන්සේ, ජිනපුත්‍ර රාහුල මහ රහතන් වහන්සේ ඇතුළු මහාශාක්‍ය මහ රහතන් වහන්සේලා නා රජ දමනයට අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නෑ. අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ අවසර දුන්නා. නොයෙක් වෙස් ගනිමින්, නොයෙක් සෘද්ධි පාමින් මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නා රජු දමනය කළා පමණක් නෙවේ, අවසානයේ ඔහු බුදුන් සරණ ගියා.(බලන්න ඔයාලගේ ගමේ පන්සලෙත් මේ සිදුවීමට අදාළ චිත්‍රයක් ඇඳලා තියෙනවද කියලා)
නන්දුත්තරා පරිබ්‍රාජිකාව පැරදවීම

නන්දුත්තරා කියන්නෙ කුරු රට කම්මාස්සදම්ම නියම් ගමේ බමුණු පවුලක උපන්නියක්. හොඳින් සිප් සතර හදාරපු ඇය නිඝන්ඨ ආශ්‍රමයක පැවිදි වෙලා විවිධ දුෂ්කර වත් පිළිවෙත් පිරුවා. පසුව ඒවා පසෙක ලා නොයෙකුත් වාද ඉගෙන ගෙන, තමා සමඟ වාද කිරීමට සමතෙක් සොයමින් දඹදිව පුරාම ඇවිද්දා. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට හමුවෙලා වාද කරලා, එයින් අන්ත පරාජයක් ලැබුවා. ඉන්පසු උන්වහන්සේගේ ධර්මවාවද පිළිඅරන් මෙහෙණවරකට ගිහින් පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් වුණා.
කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම

මසුරු කෝසිය සිටුතුමාගේ කතාව ඔයාල දන්නවා නේ.. අර කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් උයන්න හැදුවේ... ඒක ආයේ කියන්න ඕන නෑනේ නේද? ඉතින් බුදු හාමුදුරුවෝ දිවැසින් බලද්දී කෝසිය සිටුතුමා සෝවාන් බව ලැබීමට තරම් පින් ඇති කෙනෙක් බව දැකලා මුගලන් තෙරුන් එහෙ යැව්වෙ ඔහුගේ මසුරු බව දුරු කරන්න. නොයෙක් පෙළහර පා අවසානයේ සිටුතුමා සහ දේවිය පහදවාගෙන බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවේ උන්වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේගේ දායකත්වය නිසා සිටුතුමාටත් දේවියටත් සෝවාන් වෙන්න පුළුවන් වුණා වගේම සතර අපායෙන් සදහටම මිදෙන්න හැකි වුණා.
බුදුරදුන්ගේ ඇරයුමෙන් පූර්වාරාමය පයින් ගසා සෙලවීම

බුදුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින කාලයේ එහි මහල් විහාරයේ යට මහලේ මහත් හඬින් කෑකෝ ගසමින් උන්නා. බුදුන් වහන්සේ ඒ ඇසී අනඳ තෙරුන් ලවා මුගලන් මහ රහතන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙස දැන්වූවා. ඒ ඇරයුමෙන් මුගලන් මහ රහතන් වහන්සේ මහල් වෙහෙර අසළට වැඩලා එහි පාදමට වම් පයේ මහපට ඇඟිල්ලෙන් පුංචි පහරක් ගැසුවා. එතකොට මහා භූමිකම්පාවක් වගේ මහල් විහාරය පැද්දෙන්න පටන් ගත්තා. ඇතුලෙ හිටපු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා බය වෙලා විහාරයෙන් එළියට ආවා. බියවී සංවේගයට පත් වෙලා ඉන්න පිරිස දැකපු බුදු රජාණන් වහන්සේ එතනට වැඩලා කරුණු විමසලා ඒ මුගලන් මහ රහතන් වහන්සේගේ වැඩක් බව පැවසුවා. ඉන්පසු මුගලන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළ බුදුන් වහන්සේ ඔවුන්ටද එවන් තත්ව ලබා ගැනීමට උත්සහ කළ යුතු බව පවසා දහම් දෙසුවා. දේශනා අවසානයේ ඒ පිරිස හික්මී දහම් මාර්ගයේ පිහිටියා.
මුගලන් මහ රහතන් වහන්සේගෙත් සැරියුත් මහ රහතන් වහන්සේගෙත් තිබුණේ සංසාරගත මිත්‍ර කමක්. වරක් එක් පුරුෂයෙක් මේ දෙනම විරසක කරන්න එකිනෙකාට කේලම් කිව්වා. නමුත් එය හරිගියේ නෑ. එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයෙන් උන්නු ඒ දෙන්නගේ සමඟිය බිඳුනේ නෑ. ඒ වගේම සැරියුත් තෙරුන් අසනීප වුණු සෑම අවස්ථාවකම පාහේ ඒ සඳහා ගත යුතු බෙහෙත් මොනවාදැයි විමසලා , ඒ බෙහෙත් සපයා දෙන්නත් මුගලන් තෙරණුවෝ ක්‍රියා කළා.
මුගලන් මහ රහතන් වහන්සේ ඉතා ලඟින් ඇසුරු කරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා ලක්ඛණ තෙරුන් වහන්සේ. මුගලන් තෙරණුවෝ ගිජ්ජකුට පර්වතයේ වැඩ වාසය කරන කාලයේ රජගහනුවරට පිඬු සිඟා වැඩියේ ලක්ඛණ තෙරුන් සමඟයි. එසේ පිඬු සිඟා වඩින්නට පර්වතයෙන් බහින අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ සිනා පහල කරනවා.(මගේ අභිධර්ම දැනුම නිවැරදි නම් රහතන් වහන්සේලා සිනා පහල කරන අවස්ථාවේ හට ගන්නා සිත හසිතුප්පාද සිත... )ඒ අවස්ථාවේදීම ලක්ඛණ තෙරුන් සිනහවට කරුණු විමසන නමුත් මුගලන් තෙරුන්ගේ පිළිතුර වෙන්නේ “සවස භාග්‍යවතුන්වහන්සේ හමුවේදී මගෙන් ඔය ප්‍රශ්නය අසන්න” කියායි. එසේ සවස බුදුන් වහන්සේ හමුවේ මුගලන් තෙරුන්ගෙන් ඒ පිලිබඳ ඇසුවාම උන්වහන්සේ තමා සිනා වුණු කාරණා පැහැදිලි කළා. බුදුන් වහන්සේ එම කතා අනුමත කරමින් තමන් වහන්සේද ඒ සිද්ධි එලෙසින්ම දැක ඇති බවත්, කිසියම් ශ්‍රාවකයෙකු ඒවා දකින තුරු එම සිද්ධි විස්තර නොකළ බවත් පවසමින් ඒවායේ අතීත කතා දේශනා කරනු ලැබුවා. මේ එවැනි සිද්ධි කීපයක් ලුහුඬින්.

• ඇටසැකිලි ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ගවයන් මරන්නෙක්
• මස් වැදැල්ලක් බඳු ප්‍රේතයෙක් - ඔහුත් රජගහ නුවරම සිටි ගවයන් මරන්නෙක්
• මස් පිඬක් බඳු ප්‍රේතයෙක් - රජගහ නුවර ලිහිණියන් මරා මස් විකිණූ තැනැත්තෙක්
• සිවිය නැති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බැටළුවන් මරන තැනැත්තෙක්
• අසිලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ඌරන් මරන තැනැත්තෙක්
• සැත්ලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි මුවන් මරන්නෙක්
• හී ලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි වධකයෙක්
• හිඳිලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි රථාචාර්යයෙක්
• හිඳිලොම් ඇති තවත් පුරුෂ ප්‍රේතයෙක් - රහගහ නුවර කේලම් කියමින් සිටි තැනැත්තෙක්
• කළගෙඩියක් තරම් අන්ඩයක් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බොහෝ අල්ලස් ගත් ඇමතියෙක්
• අසූචි වලක ගිලුණු පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි පරඅඹුවන් සේවනය කළ තැනැත්තෙක්
• අසූචි වලක ගිලී අසූචි කන පුරුෂ ප්‍රේතයෙක් - කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයේදී භික්ෂු සංඝයාට දනට ආරාධනා කොට අසූචි වළඳන්නයි කියා, අසූචි පිරවූ ඔරු පෙන්වා නින්දා කළ පවිටු බමුණෙක්
• සිවිය නැති ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි ගණිකාවක්
• අතිශයින්ම කුණු ගඳ ගසන පිළිකුල් සහගත ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි මන්තර ගුරුකම් කළ යක්දැස්සියක්
• ගින්නෙන් පැසී ගිය, ගිනි අඟුරු වලින් වට කරගත් ප්‍රේත ස්ත්‍රියක් - කලිඟු රජතුමාගේ අග බිසව වූ තැනැත්තියයි. රජුගේ අනෙක් බිසව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඇගේ ඇඟ මතට ගිනි අඟුරු කබලක් හෙලීම නිසා
• අහසෙහි ගමන් ගන්නා කවන්ධයක් - රජගහ නුවර “හාරිත” නමින් ප්‍රකට චෝරඝතකයෙක්
• ගිනිගෙන දැවෙන ප්‍රේත මහණෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මහණෙක්
• ගිනිගෙන දැවෙන ප්‍රේත මෙහෙණක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මෙහෙණක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සික්ඛමානාවක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සික්ඛමානාවක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරයෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරයෙක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරියක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරියක්සර්පයෙක් වැනි ප්‍රේතයෙක් - බරණැස් නුවර වැඩ හුන් පසේබුදු කෙනෙකුගේ අසපුව ගිනිබත් කළ දුෂ්ට ගොවියෙක්
• සට්ඨිකුට ප්‍රේතයා - “සුනෙත්ත” නම් පසේබුදු වරයන් වහන්සේට අතේ ඇඟිලි ශිල්පය යොදා ගනිමින් ගල් කැටයක් විදි පුරුෂයෙක්
• පිඹුරු ප්‍රේතයෙක් - කාශ්‍යප බුදුන් කළ සිටි “සුමංගල” නම් සිටුතුමා, බුදුන් වහන්සේට පිදූ විහාරය ගිනි තබා විනාශ කළ සොරා

මේ ඇතුළු තවත් ප්‍රේතයන් සමූහයක් මුගලන් තෙරුන් දුටුවා. ප්‍රේතයින් පමණක් නෙමේ, මුගලන් තෙරණුවෝ තව්තිසා දෙව්ලොව දේව චාරිකාවේ යෙදෙද්දී බොහෝ දෙවියන්, දිව්‍යාංගනාවන් මුණ ගැසුණා. ඔවුන් ඒ සා සැප සම්පත් ලැබීමට හේතු වූ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගෙන එම තොරතුරු බුදුන් වහන්සේට පැවසුවා. බුදුන් වහන්සේ ඒ කරුණු මුල් කරගෙන දහම් දෙසුවා. මේ ඒ වගේ කතා කීපයක් ඉතා ලුහුඬින්;

• පතිව්‍රතා දෙවඟන - සැවැත්නුවර සිටි, දිවිහිමියෙන් පතිව්‍රතා ධර්මය රැකීම නිසා දෙව්ලොව ඉපිද මහත් සේ බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
• පීඨවිමාන දෙව්දුව - පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ කෙනෙකුට සැදැහැයෙන් දන් පිරිනමා අවසානයේ උන්වහන්සේ වැඩ සිටි අසුනද පූජා කොට, දෙව්ලොව ඉපිද සිතේ වේගයෙන් අහසේ ගමන් කළ හැකි විමානයක් වන් අලංකාර පුටුවක් ලැබූ කෙනෙක්
• කුඤ්ඤර දෙව්දුව - සැරියුත් මහ තෙරුන් වහන්සේට තමාගේ අතින්ම සකස් කළ දානය පිළිගන්වා උන්වහන්සේ වැඩ හුන් පුටුවද පූජා කොට, දෙව්ලොව ඉපිද සුදු ඇත් වාහනයක් ලද තැනැත්තියක්
• නාවුකා දෙව්දුව - පිපාසයෙන් හා කායදාහයෙන් පීඩාවට පත්වී සිටි භික්ෂූන් වහන්සේලා 16 නමකට සැදැහැ සිතින්පැන් පිළිගන්වා, දෙව්ලොව ඉපිද මනහර පොකුණක්ද නැව්විමනක්ද ලැබූ තැනැත්තියක්
• දීප විමාන දෙව්දුව - ඝන අඳුරක් පැවති පොහෝ දින ධර්ම ශාලාවක රැය පහන් වන තුරු පහන් දල්වා, දෙව්ලොව ඉපිද සිකුරු තරුව මෙන් බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
• තිලදක්ෂිණා දෙව්දුව - බුදුරදුන් හට තල දෝතක් පිරිනමා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලැබූ ගැබ්බර කාන්තාවක්
• සුණිසා දෙවඟන - තමාගේ ආහාර කොටස රහතන් වහන්සේ නමකට පිළිගන්වා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලද තැනැත්තියක්
• භික්ඛාදායිකා දෙවඟන - බුදු රජාණන් වහන්සේට දන් පිළිගන්වා දෙව්ලොව ඉපිද සුරූපී බබළන ශරීරයක් ලද තැනැත්තියක්
• අනේකවර්ණ දිව්‍ය පුත්‍රයා - සුමේධ බුදුන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකයෙක්ව සිට, උන්වහන්සේගේ ධාතුන් නිධන් කොට තැනූ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර, දෙව්ලොව ඉපිද නොයෙක් වර්ණයෙන් බබළන ශරීරයක් ලැබූ අයෙක්
• සුවර්ණ දෙව් පුතු - බුදුන් වහන්සේට සියල්ල සපිරි මනරම් විහාරයක් සාදවා පූජා කොට, දෙව්ලොව ඉපිද සත් රුවනින් සැදි විමානයක් සහ රන්වන් ශරීරයක් ලැබූ අයෙක්

මේ ආකාරයෙන් දේව චාරිකාවේදී මුණ ගැසුණු දෙව් පුතුන් සහ දිව්‍ය අංගනාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඹ දෙව් පුතු, උළාරා දෙවඟන, පාරිච්ඡත්තක දෙවඟන, සුනික්ඛිත්ත දිව්‍ය පුත්‍රයා, කුණ්ඩලී දෙව්පුතු, භික්‍ෂාදායක දෙව්පුතු, මඤ්ජෙට්ඨක දෙවඟන, කඤ්ජිකදායිකා දෙවඟන, නාග විමාන දෙව්පුතු, උපස්සයදායක දෙව්පුතු, රජ්ජුමාලා දෙවඟන, කන්ථක දෙව්පුතු, කර්කටකරසාදයක දෙව්පුතු, ගෝපාල දෙව්පුතු වගේ අය....

දැන් එමු මුගලන් මහ රහතන් වහන්සේගේ අවසාන කාලයට.. තීර්ථකයෝ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ඇති කරගෙන තිබුණු වෛරය නිසා උන්වහන්සේව මරන්න සොරු කණ්ඩායමකට මසු දහසක් දුන්නා.(වෛරයක් ඇති වුණේ මුගලන් තෙරණුවෝ දෙව්ලොවට වැඩලා දිව්‍ය සම්පත් ලැබීමට හේතුවෙන කරුණු දැනගෙන ඒවා බුදුන් වහන්සේට පැවසීම නිසා බොහෝ දෙනෙක් තෙරුවන් සරණ යාම නිසා) ඒ කාලේ මුගලන් තෙරණුවෝ වැඩ උන්නේ රජගහ නුවර ඉසිගිලි පර්වතය පාමුල කළුගල් ලෙනේ. මේ හොරු කණ්ඩායම දෙවරක්ම කළුගල් තලාව වට කළත් මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ සෘද්ධි බලය පාවිච්චි කරලා එතනින් ගැලවිලා ගියා. නමුත් තුන්වෙනි වතාවේ එතනින් ඉවත් වෙන්න උන්වහන්සේට හිත දුන්නේ නෑ. තමන් වහන්සේගේ ආයු ගෙවී ඇති බවත් පෙර කර්ම පළදෙන්න තියෙන බවත් නුවණින් දැක්ක උන්වහන්සේ ඒ අවස්ථාවට පලා නොගොස් මුහුණ දුන්නා. ඉතින් තුන්වෙනි වතාවේ මේ සොරු කට්ටිය උන්වහන්සේට තදබල විදියට පහර දීලා, ඇට කැබලි කුඩුපට්ටම් වන තරමට පහර දීල උන්වහන්සේ මැරුණා කියල හිතලා පැනල ගියා.
තමන්ගේ සෘද්ධි බලයෙන් කුඩුපට්ටම් වී තිබුණු ශරීරය නැවත සකසාගෙන මුගලන් තෙරුන් වහන්සේ අවසන් වතාවට බුදුන් වහන්සේ දකින්න වැඩියා. තමන් වහන්සේගේ ආයු ගෙවී තියෙන නිසා පිරිනිවන් පාන්න අවසර ඉල්ලා හිටියා. එහිදී බුදුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේ දන්නා සියලුම ප්‍රාතිහාර්ය දක්වලා, අහසේ ඉඳන්ම ධර්මය දේශනා කළා. ඊට පස්සේ බුදු පාමුල වැඳ වැටිලා, සිරිපතුල් සිඹලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙතින් සමු අරන් කළුගල් ලෙනට වැඩම කරලා නැවත නොනැගිටින අදහසින් දකුණු ඇලයෙන් සයනයේ සැතපුනා. පසුදින අලුයම් කාලයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාලා.
ඒත් එක්කම අහස දෙදරුවා. මහා භූමිකම්පාවක් ඇති උණා. මුහුදු රලේ වේගය වැඩි වුණා. දෙව් බෙර පැලුනා. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත්තු දෙවිවරු උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්න කළුගල් ලෙනට වැඩියා. මුගලන් තෙරණුවෝ පිරිණිවන් පාද්දී සැරියුත් තෙරුන් පිරිණිවන් පාලා දින 15ක් ගත වෙලයි තිබුණේ.
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ලවා මුගලන් මහ රහතන් වහන්සේගේ දේහය දෙවිවරු විසින් කරවපු සඳුන් චිතකයක නංවා ආදාහනය කළා. ඉතිරි වුණු ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කරලා රාජ්‍ය අනුග්‍රහ ඇතිව ස්ථුපයක් කරවලා ඒකෙ තැන්පත් කළා. එය වන්දනාවට ලක්වෙන වස්තුවක් බවට පත් කළා.
අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් චරපුරුෂයින් විසින් සොරු කණ්ඩායම අල්ලා ගත්තා. මුගලන් තෙරුන් මරා දැමීමේ විපාක වශයෙන් ඔවුන්ටත් දිට්ඨධම්මවේදනීය කර්මය පලදීමෙන් මරණ දඬුවම ලැබුනා.මුගලන් මහ රහතන් වහන්සේට මේ වගේ දුක්ඛිත මරණයක් උදා වුනේ ඇයි කියලත් හොයල බලන්න ඕනනේ නේද? බුදුන් වහන්සේ ඒකට හේතුවත් පසුකාලයේ වදාළා.
පෙර භවයක මුගලන් තෙරණුවෝ බරණැස් නුවර කුලපුත්‍රයෙක් වෙලා තමාගේ මහලු මව්පියන්ට උපස්ථාන කරගෙන හිටියා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ සුදුසු විවාහයක් කරගන්න කියන එකයි. නමුත් මේ කුල පුත්‍රයා හැමවිටම ඒක ප්‍රතික්ෂේප කළා. බැරිම තැන මනාලියක් කැන්දාගෙන ආවා. මුලදී ඇයත් මේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරගෙන උන්නත් කල් යද්දී යද්දී ඒ සැලකිලි අඩු වුණා. මේ දුෂ්ට කාන්තාව ස්වාමියා රැකියාවට ගියාම නොයෙක් අකටයුතුකම් කරලා ඒවා කලේ මහලු මව්පියන් බව හැඟෙව්වා. එපමණක් නෙවේ, තවදුරටත් තමාට ඒ නිවසේ ඉන්න බැරි බවත් දෙමාපියන් හෝ තමා යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස පුතාට කිව්වා. අගසව් තනතුරකට පෙරුම් පුරන මේ කුලපුත්‍රයා පවිටු ස්ත්‍රියගේ බසට රැවටිලා දෙමාපියන් හොඳින් සරසවලා මහ වනයක් මැදට ගිහින් සොරු පැමිණි බව අඟවලා තමාගේ අතින්ම ලොකු පොල්ලක් අරගෙන ඔවුන් දෙදෙනාට මැරෙන තුරුම පහර දුන්නා. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා. රහත් බව ලබා සසර නිමවන අවසන් භවයේදීත් ඉතිරිව තිබූ අකුසලය විපාක දීමක් තමා සිදු වුණේ. (ඔන්‍න‍ බලන්න ආනන්තරීය පාපකර්මයක බලවත්කම)

නොපැහැදිලි කියලා හිතෙන දේවල් :-
• පරිබ්‍රාජක - බුදුන් දවස දඹදිව 62ක් ආගම් පැවති බව කියවෙනවා. මේකත් එකක්.
• ඒහිභික්ඛු - බුදුන් වහන්සේ “එව මහණ” කියූ පමණින් හැඳ සිටි වස්ත්‍ර වෙනුවට සිවුරු පෙරවිලා, හිස මුඩු වෙලා පැවදි වෙස් ගැනීම
• දිට්ඨධම්මවේදනීය කර්ම පලදීම - මේ භවයේදී කරන හොඳ හෝ නරක කර්ම වල විපාක මේ භවයේදීම විඳින්නට සිදුවීම
• ආනන්තරීය පාපකර්ම - මේවා 5ක් තියෙනවා. මෙව්වා එකක් හරි කළොත් ගොඩක් කල් අපායේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම

3/19/17

සීවලී මහරහතන් වහන්සේ…..


කල්ප ලක්ෂයකට පෙර පියමතුරා නම් සර්වඥයන් වහන්සේගේ කාලයේදී හංසවතී රාජධානියෙහි ක්ෂත්‍රීය රජෙකුව මෙතුමා උපන්නේය. එකල්හි දිනක් ධර්මශ්‍රවණය පිණිස විහරස්ථානයට ගිය විට සුදර්ශණ නම් මහරහතන් වහන්සේට සිවුපස ලාභින්ගෙන් අග්‍රස්ථානය පිළිගැන්වීම දැක්කේය. මෙයින් අතිශය ප්‍රමුදිතවු මේ රජතුමා සතියක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දන් දුන්නේය. මේ මහා පුණ්‍යකර්මට හේතුවෙන් අනාගත කාලයේදී බුදු කෙනෙකුන් වහන්සේ කෙනෙකුන්ගේ ප්‍රත්‍යලාභින් වහන්සේ අතුරෙන් අග්‍රස්ථාන්තරය ලැබ නිවන් ලබා ගැන්මට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය.
පියමතුරා සර්වඥයන් වහන්සේ “ කල්ප ලක්ෂයකින් මත්තේ බුද්ධ රාජ්‍යයට පත්ව ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සීවලි නමින් ඉපිද දක්ෂිණාලාභීන් අතුරෙන් අග්‍රව නිර්වාණා බෝධය කරන බවට විවරණ දුන්සේක.
එතැන් සිට අති දිර්ඝ කාලයක් මුළුල්ලේ භවයක් භවයක් පාසා සුගති සම්පත් විද “විපස්සි නම් බුදුරජාණන් කාලයේ පිටිසර ගමක මෙතුමා උපන්නේය. තමාගේ ස්වාමීයා වෙත කිරිත් මී පැණිත් ගෙන යන අවස්ථාවේ රජතුමා හා විශාල කණ්ඩායමක් එක්වි මහා දානෝත්සවයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාවහන්සේලාට පිළියෙල කරන බව දැක‍්කේය. එම මහා දානයට කිරිත් මී පැණිත් පුජා කිරිමට මෙතුමාට අවස්ථාව ලැබුනේය. එම කිරි හා මී පැණි පුජා කළ අවස්ථාවේදීද මෙතුමාගේ ප්‍රාර්ථනාව වුයේ ප්‍රත්‍ය ලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබා ගැනිමට සමත්වේවා යනුයි.
එම ප්‍රාර්ථනාව අනුව අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී උන්වහන්සේගේ මාතෘ පක්ෂ ඥාතියකු වන කෝලිය රජතුමාගේ දුවණියකවන “ සුප්පවාසා” නම් කුමාරියගේ කුස පිළිසද ගත්තේය.
සුප්පවාසා කෝලිය රාජ දුහිතෘවගේ කුස තුළ සීවලී කුමරා සිටිද්දී එම මාතාවට උදය – සවස තෑගි බෝග පන්සියය පන්සියය වශයෙන් පුද පඩුරු නොයෙක් දෙසින් ලැබෙන්නට විය. මෙතුමිය භාජනයෙන් බත් සැන්දක් ගත් සෑම අවස්ථාවකම එම භාජනයේ අඩුවක් නොවුයේය. නිතරම ගත් ගත් දේ පීරි පැවතියේය. වී අටුකොටු ආදියට අත තැබු විට ඒවා පිරි පැවතුනා. වපුරණ වී වලට අත ගැසු කල එයින් ලැබෙන ධාන්‍ය සත් ගුණයක්ව ලැබුණා. මේ හේතුවෙන් මුළු කෝලිය ජනපදයේම සීවලි මාතාවගේ ගුණ ප්‍රකට විය. මෙතුමියට දෙවිකෙනෙකුට මෙන් සලකන්නට පටන් ගත්හ.
කෙසේ වෙතත් කුස තුළ සිටි (සීවලී) කුමාරාත් සුප්පවාසා රජ දුවණියත් පෙර කළ අකුශල කර්මයක් නිසා දස මාසයක් මවු කුස සිටිනවා වෙනුවට සත් අවුරුදු කාලයක් මුළුල්ලේ මේ දරුවාට මවුකුස සිටිමට සිදුවිය. (අවුරුදු හතයි – මාස හතයි – දවස් හතක්)
අන්තිම සත්වන දින මව මරණාන්තික වේදනාවට පත්වුවාය. අන්තිම දිනයේ දී තම හිමි (ස්වාමීයා) වන මහාලී රජුට තම ජිවිතය සැක සහිත බව පැවසුවාය. බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමාගේ නමින් වැද උන්වහන්සේගේ දේශනාවත් අසා එන ලෙස ද පවසා මතක දානයට වඩින්නට බුදුරජුන්ට ආරාධනා කරන ලෙසත් කීවාය.
එම රාජපුත්‍රයාද බුදුන් වහන්සේ කරා ගොස් වැද සුප්පාවාසාගේ වැදීමෙන්ද වැන්දේය. එතුමා ඇගේ ඉල්ලිමද බුදුන් වහන්සේට දැන්වුයේය. බුදුරජානන් වහන්සේ “ මහා කරුණාවෙන් සුප්පාවාසාත් ගැබ තුළ පුතාත් සුවපත් වේවායි වදාරා නිරෝගීව පුතා බිහිවේවායි ද පැතුසේක. ඒ ප්‍රර්ථනාය සමගම වාසනාවන්ත පුත්‍රයා බිහිවිය. බුදුරජාණන් වහන්සේ සමග මහා සංඝයා වහන්සේද එහි වැඩි සේක. සීවලී මාතාව බුදුරජාණන් වහන්සේට මෙසේ දැන්වුවාය. මා ඔබ වහන්සේට ආරාධනා කළේ මතක දානයට වඩින ලෙසය. එහෙත් ඔබ වහන්සේ පුතාගේ ජන්ම දිනයට වැඩිසේක යනුයි. මෙසේ කියා අද පටන් සත් දිනක් මගේ දාන පුජාවට වඩින ලෙස ඇය බුදුන් වහන්සේට ආරාධනා කලාය. උන්වහන්සේද සත් දින දානය පිළිගත් සේක.
සීවලී කුමරා මවුකුස සත් අවුරුද්දක් සිටි නිසා ඔහුට කථා කිරිමටත් ඇවිදිමටත් පුළුවන් විය. සත් දින දානයේ දී සීවලී කුමරා පැන්දිම දන්දීම් ආදි වතාවත් කරන්නට ද හැකිවිය. සත් අවුරුද්දක් මවුකුස වාසය කළත් ඔහුගේ ශරිර ශෝභාව දර්ශනීය විය. ඥාතින්ගේ සිතට අති මහත් සන්තෝෂයක් ගෙන දුන් නිසා මේ කුමාරයා සීවලී නම තැබීය.
සත් දින දානයෙන් පසු සැරියුත් තෙරුන් වහන්සේට කුමරා පැන් දෙනවිට උන්වහන්සේ මෙසේ ඇසුසේක. “ සීවලී ඔබ මවුකුස තුළ සත් අවුරුද්දක් දුක් වින්දානේද? ඔබ පැවිදි වෙන්න කැමතිද? යනුයි. මගේ අම්මා මහණවීමට අවසර දෙන්නේ නම් අදම පැවිදි වන බව සීවලී කුමරා පැවසීය. ඒ ඇසු සීවලී මාතාව කුමරා සසුන් ගත කරවන්නට මහා සංඝයා වහන්සේලාට භාරදුන්නාය. සැරියුත් මහරහතන් වහන්සේ උපාධ්‍යායයෝ වුසේක. මුගලන් මහරහතන් වහන්සේ ආචාර්යවරයෝ වුහ.
කුමරා පැවිදි කරන්නට සියල්ල සුදානම් විය. “ සීවලී ඔබ මවුකුස සිටි දුක සිතා ගෙන එයම භාවනාවට නිමිත්තක් කරගන්න වෙනත් අනුශාසනාවක් ඔබට අවශ්‍යය නැතයි උපාධ්‍යායන්වහන්සේ වදාළ සේක. එසේම හිසකෙස් බාන විට “ තචපංචකය” කර්මස්ථාන භාවනාවට පුහුණු කරවුහ. ප්‍රථම කෙස් රොද කපන විට “සීවලී” කුමාරයා සෝවාන් වුහ. සියලුම හිසකෙස් බාන්ට ප්‍රථම මහරහත් පදවියට පත් වුහ. ත්‍රිවිද්‍යා – ෂඩ් අභිඥාලාභිව සිවුපිළි සිඹියාවත් ලැබුහ. එපමණක් නොව ත්‍රිපිටකධාරි බවට ද පත්වුහ. තුන් සිවුරු අට පිරිකර දැරුවේ රහත් නමක් විමට පසුවය.
මේ සීවලි මහ රහතන් වහන්සේගේ පින් බලයෙන් දිනපතා දහස් ගණන් දානාදිය ලැබුණි. චීවර ප්‍රත්‍යයද ලැබුණි. ඒ සියල්ලම උන්වහන්සේ මහා සංඝයා වහන්සේට පුජා කළහ. දිනක් සීවලී රහතන් වහන්සේ මෙසේ සිතූ සේක. “ මට මේ පුජා ලැබෙන්නේ නගර වලදී පමණක් ද ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල දීත් ලැබේද? මෙය පරික්ෂාකර බැලිය යුතුයයි සිතා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබගෙන පන්සියයක් රහතුන් වහන්සේ සමග 1 වර හිම වත කැලයකට වැඩ නුගගසක් යට සිටිසේක. එවිට දේවතාවෝ සත් දිනක් දිව්‍යහාර පුජා කළහ. 2 වර පාණ්ඩව පර්වතයටද 3 වර අචිරවති ගංතෙර අසලටද 4 වර සාගර තලයටද 5 වර හිමවන්තයටද 6 වර ඡද්දන්තයයටද 7 වර ගන්ධමාදන පර්වතයටද වැඩියහ. මේ දින 49 තුළ දේවතාවෝ සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් වහන්සේට දිව්‍යමය ආහාර පුජා කළහ.
8 වර තිස් දහසක් භික්ෂුන් හා සීවලී මහරහතන් සමග බුදුරජාණන් වහන්සේ ඛදිරවනිය රේවත ස්වාමීන් දකින්නට දින 15 ක් ගමන යද්දී සීවලී මහ රහතන් වහන්සේගේ පුණ්‍යානු භාවයෙන් දෙවියෝ බිමට බැස මිනිස් වෙසින් උන්වහන්සේලාට දානය දුන්හ. ආපසු වඩින විටද එහි ගත කළ දින 15ටද යන දින 45 තුළ සිවුපසය දුන්හ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී සිවුවණක් පිරිස මැදදී සීවලී මහරහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතර ප්‍රධාන තැන පැවරූසේක.