7/20/16

ආවාස දාන පූජාව සඳහා දායක වීමට පුණ්‍යකාමී ඔබට  මෙත් සිතෙන් කෙරෙනා ආරාධනයයි.

ආවාස දාන පූජාව සඳහා දායක වීමට පුණ්‍යකාමී ඔබට  මෙත් සිතෙන් කෙරෙනා ආරාධනයයි.

සංඝයා වහන්සේට සෞඛ්‍ය පහසුකම් අතින් මූලික වන අවශ්‍යතාවක් වන්නේ ආවාසයයි. සොර සතුරු උවදුරුවලින් වැළකීමටත්, සීත උෂ්ණාදී පීඩාවන්ගෙන් වැළකීමටත්, ලේ බොන මැස්සන්, මදුරුවන්, සුළඟ, අව්ව හා සර්පාදීන්ගෙන් වන පීඩාවන්ගෙන් වැළකීමටත්, ඍතු දෝසයන්ගෙන් වන උවදුරුවලින් වැළකීමටත්, සිත එකඟ කිරීමෙහි ඇලීමටත්, ආවාස සංඝයා වහන්සේට අවශ්‍ය වේ (සිද්ධාර්ථ හිමි, 1984).

ආවාස ආදී විහාරස්ථානයට අයත් ගොඩනැගිලි අලුත්වැඩියා කරන අවස්ථාවල භාවනානු යෝගී භික්ෂූන් හැර සෙස්සන් එකී කාර්යන්ට සහය දී ඒ ඒ අවස්ථාවේ ඇති කුදු මහත් කටයුතු කළ යුතු බව ධර්ම සාහිත්‍යයේ දැක්වේ (වි. ම. 1919).

වස් වැසීම සඳහා වසාගත හැකි දොරක් ඇති කුටියක්වත් වස් කාලයට සංඝයා වහන්සේලාට අවශ්‍ය වේ. ආවාසයක් බුදු රදුන් වැඩ සිටින ස්ථානයක් ද වේ. ශාරීරික ධාතු, පෙති පිළිම කරඬු යනාදී ත්‍රිවිධ චෛත්‍යයන්ට අයත් දේ ආවාසයක තිබිය හැකිය.

ධර්ම පුස්තක ධර්ම පාඩම් භික්ෂූන් වහන්සේ වැඩ සිටීම නිසා ධර්ම රත්නය ද ආවාසයක වැඩ සිටී. මෙසේ තෙරුවන්ම වැඩ සිටින තැනක් ලෙස ද ආවාසය වැදගත් ය. ධර්මය උගන්වන ධර්ම ශාලාවක්, ධර්ම පුස්තක තැන්පත් පොත්ගුලක්, පිරිත් දෙසන පිරිත් මණ්ඩපයක්, ආහාර පාන පිසින බෙහෙත් හදන ස්ථානයක්, රෝගී භික්ෂූන් සිටින ගිලන් හලක්, විවේකාගාරයක්, තෙරුවන් සන්තක ගරු භාණ්ඩ ඇති ගබඩාවක් වශයෙන් ද භාවනා කරන ස්ථානයක් ලෙස ද ආවාසයක් ප්‍රයෝජනයට ගනියි.

මේ උතුම් සදහම් කරුණු මූලික කරගෙන මනසිකාරයෙ  පිහිටා ගෙන සත්පුරුෂ  පින්වතුන් පිරිසක් විසින් වැලිවේරිය දනව්කන්ද ප්‍රදේශයේ පිහිටි ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථානූබද්ධ "සිරිමංගල යෝගාශ්‍රමය" හි අභිනවයෙන් ඉදිකෙරෙන  කුඩා විහාර මැදුරක්, ධර්ම විනය පුස්තක ඉගැන්වීම් හා කියවීම් ශාලාවක්,ස්වාමින් වහන්සේ නමකට වැඩ හිඳිමට ආවසය පහසුකම් හා සක්මන් භාවනාව සඳහා සක්මන් මළුවක් ,කැසිකිළි වැසිකිළි පහසුව, පැන් පහසුව හා ගිලන්පස සකසා ගන්නා කොටසක් සහිත ආවාස පූජාවක් කිරීමට ඉදිරිපත්ව සිටි.ඒ උතුම් මා හැඟි මහා කුසල කර්මය උදෙසා ඔබටත් දායක විය හැක.

Page එකේ ඇති donate මත click කිරීමෙන් ඔබට PayPal මගින් ආධාරය කල හැක නොමැතිනම් පහත ගිණුමට මුදල් බැර කරන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමු. අප පිටුව මගින් ධර්ම දානයට අමතරව පින්වත් ඔබට විදේශයේ රැකියාවල නියැලෙන ඔබහට උතුම් අටමහා කුසල් පුර්ණය කරගැනීමට ඉදිරියේදී ද මහඟු පිංකම් සැදැහැවත් ඔබ වෙත ගෙන එමි. ඔබ සැමට තෙරුවන් සරණයි!
Sirimangala Anomadassi Yogasramaya

https://goo.gl/maps/qXKLS1WeQyq

1019 5706 1623
වාසුර එදිරිසුරිය
සම්පත් බැංකුව
පිළියන්දල ශාඛාව

මේ දැනට ඉදිකරමින් පවතින ආවාස ගෙයහි වර්තමාන ජායාරූපයි.