7/14/16

තණ්හාව ජය ගැනීම සියලු දුක් වලින් නිදහස් වීමයි ...!!

තණ්හාව ජය ගැනීම සියලු දුක් වලින් නිදහස් වීමයි ...!!
ශාක්යී රජ කෙනෙක් බුදු පියාණන් වහන්සේ ගාවට ගිහිල්ල කියනවා ස්වාමිනි අපි ( හරිම ආඩම්බරයෙන්) , මාසෙකට එක දවසක් 24 පැයම අටසිල් රක්නවා කියලා . භාගයවතුන් වහන්සේ අහනවා " මහා රජ මාසෙකට එක දවසක් අට සිල් රැකලා මේ ඝෝර භයන්කාර සසරෙන් එතෙර වෙන්න පුලුවන්ද කියලා". ඊස්සේ තමාතීරණය කරන්නේ (ශාක්ය යෝ) මුළු ජිවිතයම අට සිල් සමාදන් වෙන්න . ශාක්යම යවංශිකයෝ මුළු ජිවිතයම අටසිල් රැක්කා.අපිට පුලුවන්ද ..? බැරි බව භාග්ය වතුන් වහන්සේ දන්නවා.ඒ නිසා දේශණා කළා 8 ක් නෙමයි 5 ක් රකින්න කියලා . ඉතිං 5 ක් වත් රකින්න අපි දක්ෂද කියලා තමා හිතන්න වෙන්නේ .භාග්ය වතුන් වහන්සේ දේශණා කරන මේ දක්ෂායා එහෙම නැත්තං ඥාණ වන්තයා අපි කථා කරන දක්ෂකයා ගාව නෙමයි ඉන්නේ . අපි දක්ෂ යි කියලා කථා කරන්නේ පිළිවෙලට හොඳට විභාග ටික පාස් කරලා නම් උපාධි දෙකක් තුනක් පාස් කරගන්න පුළුවන් වුනා නම් අපි හිතන්නේ ඒ ගොලෝ දක්ෂද භාග්ය වතුන් වහන්සේගේ ඥාණය කියන තැන ඒ ගොල්ලෝ දක්ෂක නෙමයි .දක්ෂව වෙන්නේ අත් හරින්න පුළුවන්නම්.මේ නිවණ හොයාගන යන්න භාග්යොවතුන් වහන්සේ මොකද්ද දේශණා කලේ ..? අත්හරින්න නේ .නිවණ සොයන්න අත්හරින්න ඕනේ . "සබ්බ දුක්කං ජිනාති " සියළු දුක් දිනන්නේ සියළුම තණ්හාවල් අතහැරපු දවසට ." තන්හක්ඛයෝ සබ්බ දුක්කං ජිනාති. " තණ්හාවෙන් නිදහස් වීම සියළු දුක් වලින් ජයක්ග්රදහණය කිරීමයි. එතකොට බුදුපියාණන් වහන්සේ අපිට ඒක පාරටම දේශණා කලාද ගෙවල් දොරවල් යාණ වාහන ඉඩකඩම් වතු පිටි මේ සේරම අතහරින්න කියලා ..?? එහෙම භාග්යාවතුන් වහන්සේ දේශණා කරලා නෑ එක පාරම.අත් හරින්න හරි ලස්සනට භාග්යහවතුන් වහන්සේ උගන්නලා තියෙනවා.ක්රහමානු කුලව පිළිවෙලට. එහෙනම් නිවන් ලබන්නට නම් අත්හරින්නම වෙනවා. එහෙනම් මොනවාද අත්හරින්න කියන්නේ සිල්පද 5 ත් එක්ක..? පන්සිල් පද පහ කියලා කියන්නේ අත්හැරීමක් .අපේ අයට හිතෙනවද මේ පන්සිල් ඇතුලේ අත්හැරීමක් තියෙනවා කියලා ..? මුළු ජීවිතෙන්ම ප්රාාණ ඝාතය අත්හරිනවා මම . බලන්න භාග්යඅවතුන් වහන්සේ මොන තරම් ලස්සනට .. බුදු කෙනෙකුට හැර මේවා අපිට දේශණා කරන්න පුළුවන් වෙයි ද ..? අත්හැරීම උගන්නපු හැටි මුළු ජීවිතෙන්ම ප්රාගණ ඝාතය අත්හරිනවා .බුදු පියාණන් ළඟ පොරොන්දු වුනා නම් ස්වාමිනි අද පටන් මම මගේ ජීවිතය හේතුවෙන් වත් ප්රාගණඝාත යනම් කරන්නේ නෑ කියලා පොරොන්දු උනොත් මේ ලෝකයේ දෙන්න තියෙන ධර්ම දානය ලඟට ඊළඟ දානය . සියළුම සත්වයන්ට අභය දුන්නා කියලා සඳහන් කළා .ධර්ම දානය හැර මේ ලෝකේ මහා දාන 5 ක් තියෙනවා .මේ මහා දාන පහ තමයි පන්සිල් කියලා කියන්නේ .එතකොට මේ මහා දාන පහ දෙන්න සල්ලි වියදම් කරන්න ඕනෙද ..? අවශ්ය නෑ මේ මහා දාන පහ අපි ඕනෑම කෙනෙකුට මුදුන් පත් කරගන්න පුළුවන් විදිහටයි භාග්යයවතුන් වහන්සේ දේශණා කලේ එහෙම නම පලවෙනි එකෙන් අත්හරිනවා ප්රා ණඝාතය . දෙවැනි එකෙන් අත්හරිනවා හොර කම මගේ ජිවිතේ මම කවදාවත් අනුන්ගේ දේකට අත තියන්නේ නෑ .තුන්වෙනි එකෙන් අත් හරිනවා කවර කවම දාකවත් අනුන්ගේ කාමවස්තුන් පරිහරණය කරන්නේ නෑ . අත්හරිනවා එතකොට කොච්චර දක්ෂව ද එහෙම ඉන්න පුළුවන්නම් මම දක්ෂනයෙක් හරි ආඩම්බරයක් ඇති වෙනවා එතකොට.මුළු ජීවිතෙන්ම මම අත්හරිනවා අපි හරි අමාරුයි කියලා කියන්නේ නමුත් මගේ ජිවිතෙන් අත්හැරලමා දානවා බොරු කියන එක . කොච්චර දක්ෂා ද ..? මුළු ජිවිතෙන්ම මම රහමෙර පානය කරන එක අත්හරිනවා මේ දැක දැක පෙනී පෙනී ළඟ තියාගන ළඟ ඉන්න කෙනා පාවිච්චි කරනවා බල බල මමත් මෙතෙක් පාවිච්චි කළා මම දන්නවා රස ගුණ ඔක්කොමත් දන්නවා ලැබුනහම තියෙන අස්වාදයත් මම දන්නවා එකේ වටිනා කමත් දන්නවා ඒ සියල්ල දැක දැක මගේ ඉස්සරහ පිට ඉන්න කෙනා පාවිච්චි කරද්දී නුත් නෑ මම අත්හැරියේ අත්හැරියමයි කියල පුළුවන්නම් ඒ ගොල්ලෝ හැබෑ වීරයෝ ඒ ගොල්ලන්ට වීරයෝ කියන්නේ .අත්හැරීම ප්රතගුණ කරන්න කියලා දේශණා කලේ ඒක .එහෙනම් බුදුපියාණන් වහන්සේ මේ සිල්පද පහකින් අපි කොච්චර ඉහලට ගෙනාවද ..?? කොච්චර ඉහලට ගෙනාවද කියනවානම් මේ කෙලෙස් 1500 ක් නැති කරලා යන්න තියෙන සුගතිය මේ සිල්පද පහෙන් සඳහන් කරන කරුණු පහක් අත්හැරීමෙන් සතර අපායෙන් නිදහස් කරනවා කියන්න මේ පහට මොන තරම් ශක්තියක් තියෙනවද ..?? පුංචි කරනා පහක් ද අපට මේ දේශණා කරලා තියෙන්නේ ..?? ඒ නිසා දේශණා කළා ආරක්ෂා කරන්න මේ කරුණු පහක්. නිරයට ගෙනියන්න කාටවත් බෑ .
මහා සමය සුත්රේය 3 කොටස
පුජණිය කෝරලයාගම ගම සරණතිස්ස ස්වාමින් වහන්සේ.

Theruwan saranai....!!!