මේ පත්තනික්කුජ්ජන කර්මයයි. ගිහියන් උදෙසා තථාගතයන් වහන්සේ වදාළ එකම විනය කර්මයයි. ඉහත කරුණුවලින් යුතු උපාසකයෙක් වේ නම් ඒ උපාසකයාහට පත්තනික්කුජ්ජනය කළ යුතුය. පත්ත = පාත්‍රය, නික්කුජ්ජන = යටිකුරු කිරීම
මෙය වනාහි දබ්බ මල්ල පුත්ත මහරහතන් වහන්සේට අභූත චෝදනා එල්ල කළ වඩ්ඪ නම් ලිච්ඡවි පුත්‍රයාට පනවන ලද්දකි.
මේ එම කර්ම වාක්‍යය....
‘‘සුණාතු මෙ, භන්‌තෙ, සඞ්‌ඝො. වඩ්‌ඪො ලිච්‌ඡවී ආයස්‌මන්‌තං දබ්‌බං මල්‌ලපුත්‌තං අමූලිකාය සීලවිපත්‌තියා අනුද්‌ධංසෙති. යදි සඞ්‌ඝස්‌ස පත්‌තකල්‌ලං, සඞ්‌ඝො වඩ්‌ඪස්‌ස ලිච්‌ඡවිස්‌ස පත්‌තං නික්‌කුජ්‌ජෙය්‍ය, අසම්‌භොගං සඞ්‌ඝෙන කරෙය්‍ය. එසා ඤත්‌ති.
‘‘සුණාතු මෙ, භන්‌තෙ, සඞ්‌ඝො. වඩ්‌ඪො ලිච්‌ඡවී ආයස්‌මන්‌තං දබ්‌බං මල්‌ලපුත්‌තං අමූලිකාය සීලවිපත්‌තියා අනුද්‌ධංසෙති. සඞ්‌ඝො වඩ්‌ඪස්‌ස ලිච්‌ඡවිස්‌ස පත්‌තං නික්‌කුජ්‌ජති, අසම්‌භොගං සඞ්‌ඝෙන කරොති . යස්‌සායස්‌මතො ඛමති වඩ්‌ඪස්‌ස ලිච්‌ඡවිස්‌ස පත්‌තස්‌ස නික්‌කුජ්‌ජනා, අසම්‌භොගං සඞ්‌ඝෙන කරණං, සො තුණ්‌හස්‌ස; යස්‌ස නක්‌ඛමති, සො භාසෙය්‍ය.
‘‘නික්‌කුජ්‌ජිතො සඞ්‌ඝෙන වඩ්‌ඪස්‌ස ලිච්‌ඡවිස්‌ස පත්‌තො, අසම්‌භොගො සඞ්‌ඝෙන. ඛමති සඞ්‌ඝස්‌ස, තස්‌මා තුණ්‌හී, එවමෙතං ධාරයාමී’’ති.
මෙහිදී එම උපාසකයාගෙන් සිව්පසය පිළිගැනීමක් සිදු නොවෙයි. උපාසකයා වරද පිළිගෙන භික්ෂූන්ගෙන් සමාව අයැද සිටින්නේ නම් පත්තනික්කුජ්ජන කර්මය ඉවත් කිරීමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළහ. එහිදී ඔහුගේ උතුරු සළුව ඒකාංශ කොට පොරවා උක්කුටිකයෙන් හිඳ පත්තනික්කුජ්ජන කර්මය ඉවත් කරන ලෙස අයැදිය යුතුය.
පත්තනික්කුජ්ජන කර්මය ඉවත් කරන ලෙස අයැදීමේ වාක්‍යය..
‘සඞ්‌ඝෙන මෙ, භන්‌තෙ, පත්‌තො නික්‌කුජ්‌ජිතො, අසම්‌භොගොම්‌හි සඞ්‌ඝෙන. සොහං, භන්‌තෙ, සම්‌මා වත්‌තාමි, ලොමං පාතෙමි, නෙත්‌ථාරං වත්‌තාමි, සඞ්‌ඝං පත්‌තුක්‌කුජ්‌ජනං යාචාමී
එවිට මහාසංඝයා වහන්සේ පත්තනික්කුජ්ජනය ඉවත් කිරීමේ කර්ම වාක්‍යය දේශනා කරති.
මේ පත්තනික්කුජ්ජන කර්මය ඉවත් කිරීමේ කර්ම වාක්‍යයයි...
‘‘සුණාතු මෙ, භන්‌තෙ, සඞ්‌ඝො. සඞ්‌ඝෙන වඩ්‌ඪස්‌ස ලිච්‌ඡවිස්‌ස පත්‌තො නික්‌කුජ්‌ජිතො, අසම්‌භොගො සඞ්‌ඝෙන. සො සම්‌මා වත්‌තති, ලොමං පාතෙති, නෙත්‌ථාරං වත්‌තති , සඞ්‌ඝං පත්‌තුක්‌කුජ්‌ජනං යාචති. සඞ්‌ඝො වඩ්‌ඪස්‌ස ලිච්‌ඡවිස්‌ස පත්‌තං උක්‌කුජ්‌ජති, සම්‌භොගං සඞ්‌ඝෙන කරොති. යස්‌සායස්‌මතො ඛමති වඩ්‌ඪස්‌ස ලිච්‌ඡවිස්‌ස පත්‌තස්‌ස උක්‌කුජ්‌ජනා, සම්‌භොගං සඞ්‌ඝෙන කරණං, සො තුණ්‌හස්‌ස; යස්‌ස නක්‌ඛමති, සො භාසෙය්‍ය.
‘‘උක්‌කුජ්‌ජිතො සඞ්‌ඝෙන වඩ්‌ඪස්‌ස ලිච්‌ඡවිස්‌ස පත්‌තො, සම්‌භොගො සඞ්‌ඝෙන. ඛමති සඞ්‌ඝස්‌ස, තස්‌මා තුණ්‌හී, එවමෙතං ධාරයාමී’’
(මෙම කර්ම වාක්‍ය වල වඩ්ඪ ලිච්ඡවි පුත්‍රයාගේ හා දබ්බමල්ල තෙරුන්ගේ නම් ඇත්තේ එම සිදුවීමට මුල් වූයේ වඩ්ඪ ලිච්ඡවි හා දබ්බ මල්ල තෙරුන් නිසාය. විනය කර්මය සිදු කරන විට අදාල නම් යොදාගැනේ)