ධම්මපදය, භික්ෂූ වග්ගයට අයත් පහත ගාථා දෙකෙන් අදහස් වන්නේ මහණෙනි, තමා විසින් තමාගේ අඩුපාඩු බලා තමාට චෝදනා කරගත යුතුය. තමා විසින් තමා වැඩකරන පිළිවෙල හරිදැයි විමසිය යුතුය. එසේ කරමින් තමා රැකගන්නා වූ මනා සිහිය ඇති භික්ෂුව සුවසේ වසන්නේ ය.
තමාට පිහිට තමාම ය. තමාට පිළිසරණත් තමාම ය. ඒ නිසා වෙළෙන්දා හොඳ අශ්වයා රැක ගන්නාක් මෙන් ආත්මය තැන්පත් කමින් දියුණුකර ගන්න යනුවෙනි.
අත්තනාවෝදයත්තානං - පටිමාසේ අත්තමන්තනා
සෝ අත්ත ගුත්තෝ සතිමා - සුඛං භික්ඛු විහාහිසි
අත්තාහි අත්තනෝ නාථෝ - අත්තාහි අත්තනෝගති
තස්මා සඤ්ඤමයත්තානං - අස්සං භද්‍රංව වාණිජෝ
නංගලකුල තෙරුන් වහන්සේගේ අර්හත්භාවය ගැන සැක පහළ කළ භික්ෂූන් වහන්සේට මාතෘකා කළ ගාථාවන් ගෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ සේක.
අනුන්ට බැල මෙහෙවර කර ජීවත්වන දුප්පත් මිනිහෙක් සැවැත්නුවර වාසය කළා. දිනක් ඔහු නගුලක් කරකියාගෙන කුලියට රැකියාවක් සොයා ගැනීමට යනව. මෙසේ යන මොහු භික්ෂූන් වහන්සේ නමක් මුණ ගැසුණා. භික්ෂූන් වහන්සේට මොහු ගැන අනුකම්පාවක් ඇතිවුනා. මේ මිනිසා ජේතවනාරාමයට කැඳවා ගෙන ගිය භික්ෂූන් වහන්සේ මොහුව පැවිදි කළා. ඔහු ගෙන ගිය නගුල සහ ඇඳගෙන සිටි වැරහැලි ඇඳුම අසල වූ ගසක අත්තක් උඩ තැබුවා. පැවිද්දෙන් දින ගණනකට පසු උපසපන් භාවයටද පත්කළා. පසුව නංගලකුල තෙරුන් යැයි ප්‍රසිද්ධ වුණා. මෙම භික්ෂූන් වහන්සේ ටික දිනක් මහණදම් රැකගෙන සිටිනවිට උකටලී බවට පත්වුණා. නංගලකුල තෙරුන්ට මෙවැනි අදහසක් පහළ වුණා. ‘මා සැදැහැවතුන් දෙන දානය වළදමින් සැදැහැවතුන් දෙන සිවුරු පෙරවා සිටීම සුදුසු නැහැ. එනිසා මම උපවැදිව මගේ පුරුදු රැකියාවට යනවා’ මෙසේ තීරණය කළ නංගලකුල තෙරුන් තම ඇඳුම හා නඟුල රඳවා තැබූ ගසමුලට ගියා. ගස මුලට ගිය තෙරුන්ට මෙසේ අදහසක් පහළ වුනා. ඔහුගේ හිත ඔහුටම අවවාද කළා. ‘නංගල මුලාවන්න එපා. ඔබ සසර කළ අකුසල් නිසා අනුන්ට බැලමෙහෙවර කළා. ඔබට සසරින් එතෙරවීමේ මඟ පෑදුනා. ඔබ පිනට පයින් ගහන්න එපා. නැවත වැරහැලි ඇදගෙන පව්කරයෙක් වී අපාගත වන්න එපා’ මෙසේ තමන්ටම අවවාද කරගත් නංගලකුල තෙරුන් ආපසු ගොස් නැවත මහණ දම් පුරනවා. මෙසේ කීප වරක්ම නංගලකුල තෙරුන්ගේ සිත උකටලී වෙනව. පැවිද්ද ගැන කළකිරෙනව. පෙර තමන් කරගත් අවවාදය සිහිපත් වෙනව. සිත දැඩිකරගෙන වීර්යය උපදවා නැවත තමන්ට අවවාද කර ගෙන ආපසු එනවා. මෙසේ නිතර ගසමුලට යන නංගලකුල තෙරුන් වහන්සේගෙන් අනෙක් භික්ෂුන් වහන්සේ මෙසේ ප්‍රශ්න කළා.
‘ඇවැත්නි, නංගකුල නිතර ගසමුලට යන්නේ කුමක් සඳහාද?’
‘ස්වාමීනි, ගුරුන් වෙත යනව‘ පවසනව. කඩමාල්ල සහ නංගුල තමාට කමහටන් දෙන ආචාර්යභාවයට පත්කරගත් තෙරුන් සති කීපයකදී අර්හත්ඵලයට පත්වුණා. ඊට පසු නංගලකුල රහතන් වහන්සේ ගසමුලට යාම නැවැත්වූවා. අනෙක් භික්ෂූන් වහන්සේ මේ ගැන ප්‍රශ්න කළා. ‘ බැඳීමක්, එක්වීමක් තිබූ දිනවල මම එහි ගියා. දැන් මම ඒ බැඳීම බිඳ දැම්මා. එනිසා මට දැන් ගසමුලට යාමේ අවශ්‍යතාවයක් නැහැ’ අනෙක් භික්ෂූන් වහසේලාට නංගලකුල රහතන් වහන්සේ පිළිතුරු දුන්නා. මෙම කතාව පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ මාතෘකා කළ ගාථාවන්ගෙන් ධර්ම දේශනාකර වදාළා.
බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව භික්ෂූන් වහන්සේට දේශනා කළද, ගිහි භවතුන්ටද ඉතා වැදගත්ය. සසර ගමනක නියැලී සිටින අපට ඉතාම කලාතුරකින් ලැබී ඇති මේ මනුෂ්‍ය ආත්මය ඉතාම සුපරික්ෂාකාරීව පරිහරණය කරන්න ඕන. මිනිසා යනු බුද්ධිමත් මනසක් ඇත්තා එසේනම් අපේ බුද්ධිය මනාව හසුරුව ගන්න ඕන. සත්‍ය, අසත්‍ය හොඳ නරක වටහා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට අනෙකුත් අය කෙතෙක් එහි ආදිනව කියා දුන්නත් එය ඔහු පිළිගන්නේ නැහැ. ඔහුට ඒ සඳහා නිදහසට කරුණු අනන්ත තියෙනවා. එය ඔහු විසින්ම වටහාගන්න ඕන. මගේ් ධනය විනාශ වෙනව. මගේ් ශරීර සෞඛ්‍ය පිරිහෙනවා. අපකීර්තියට පත්වෙනවා. පවුලේ සමගිය බිෙඳනව.
මත්ද්‍රව්‍ය භාවිතය මටත් මා විසින් අනෙක් අයටත් කරන විනාශයක්. මෙසේ ඔහු විසින්ම එය අවබෝධ කරගන්න ඕන. මම මීට පසු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙ නැහැ. තමා තමාටම අවවාද කරගන්න ඕන. සියලුම අකුසල් සිතිවිලි තම සිතට පැමිණිවිට තම බුද්ධිය මෙහෙයවා තමා විසින්ම එහි ආදීනව මෙනෙහි කරන්න ඕන.
මම මෙම අකුසල කර්මවල යෙදෙන්නේ නැහැ. මෙය මටත් අන් අයටත් විපතක්. තමන්ම අවවාද කරගන්න ඕන. “චිත්තස්ස දමතෝ සාධු - චිත්තං දන්තං සුඛාවහං” මේ පුහුදුන් සිත දමනය කරනගත යුතුය. මෙය මටත් අන් අයටත් සැපතක්ම ය. තම සිත තමන් විසින්ම දමනය කරගතහොත් එහි සැපත ලැබෙන්නේ තමන්ටමයි.
නංගලකුල තෙරුන් උටකලීව හිත කළකිරුණත් ගසමුලට යනවිට තම සිතට යථාර්ථය කාවදිනව. බුද්ධිය යහමගට යොමුකළ නංගලකුල තෙරුන් ලැබිය යුතු උපරිම ඵලය ලබනව. සියලු කෙලෙසුන් නසා උතුම් වූ නිර්වානබෝධය ලබා ගන්නව.
නූපන් අකුසල් නූපදවා ගැනීමටත්, උපන් අකුසල් ප්‍රහානය කිරීමටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් කුසල් වැඩිදියුණු කර ගැනීමටත් තමන් විසින්ම තම සිතට අවවාද කරගන්න ඕන. අනෙකකු දෙන අවවාදය තමන් පිළි නොගත්තත් තමනට තමන්ගේ සිත දෙන අවවාදය පිළිගන්නව. එසේ වන්නේ තම සිත වරද නිවරද අවබෝධකර යථාර්ථය තේරුම් ගත් බැවිනුයි.
“අත්ථාහි අත්ථනෝනාථෝ - කෝහිනාථෝපරෝසියා” - තමන්ට පිහිට තමන්මය. වෙනත් අයකුට තමන්ට පිහිටවිය නොහැකිය. මෙම යථා තත්ත්වය තේරුම් ගතහොත් දෙලොවම ජය ගැනීමට එය මාර්ගය වෙනව. උතුම් අශ්වයකු රකින අශ්ව වෙළෙන්දා අශ්වයාට නුසුදුසු ස්ථානවල රැඳීමට ඉඩ නොදී කවා පොවා අශ්වයාට හොඳින් සාත්තු කරනව. එසේම අපේ සිතද මනාව සකස්කර ගන්න ඕන. අශ්ව වෙළෙන්දා විෂම ස්ථානවලට අශ්වයා නොයවන්නාක් මෙන් අකුසල් උපදින ස්ථානවලින් තම සිත ඉවත් කරන්න ඕන. අශ්වයාට කවා පොවා නහවා සාත්තු කරනවා මෙන් යහපත් දෙයටම, කුසලයටම සිත යොමු කරවන්න ඕන. වැරදි දේ වැරදි ලෙසටත්, නිවැරදි දේ නිවැරදි ලෙසටත් තම සිත තුළින්ම දකින්නේනම් එම අයට දෙලොවම සැපත උදවෙනව.”
සාරඤ්ච සාරතෝඤත්වා
අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා
සරුදේ සරු ලෙසත් නැතොත් යථාර්ථය ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්න ඕන. අසාරවූ දෙය අසාර අන්දමට තේරුම් ගන්න ඕන. අයාලේ යන සිත හසුරුවා ගෙන එයින් වන විපත අවබෝධකර එයින් අත්මිදීමට තමන්ම තමන්ට අවවාද කරගන්න ඕන. තමන් ගන්නා සෑම තීරණයක්ම ක්‍රියාත්මක කිරීමට පෙර එක්වරක් නොව කීප වරක්ම ප්‍රත්‍යවෙක්ෂ කරන්න ඕන. එවිට තම හදවතට එකඟව නිවැරදි තීරණ තමන්ට ලැබෙනව. තමන්ගේ එකම ගුරුවරයාද එකම මාර්ගෝපදේශකයා ද, නිවැරදි තීරණ ගන්නා තම සිතයි. තම සිතට එකඟව නිවැරදි යහපත් තීරණ ගන්නා අය මෙලොව පරලොව දෙලොවම ජය ගන්නව.
මැල්ලවගෙදර සමණධම්ම හිමි
තෙරුවන් සරණයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
7/25/14
කුණප කොටස් 32කට සත්වයෙක් යැයි රැවටීමට පෙර
කුණප කොටස් 32කට සත්වයෙක් යැයි රැවටී රාගයෙන් මත් වීමට පෙර, එහි ආදීනවය මොහොතකට වත් මෙනෙහි කරන්න.
අට්ඨි කබ්කලුපමා කාමා වුත්තා භගවතා, මාංසපේසුපමා කාමා වුත්තා භගවති, තිණුක්කූපමා, කාමා වුත්තා භගවතා, අංගාරකාසුපමා කාමාවුත්තා, භගවතා, සුපිනුපමා කාමා වුත්තා භගවතා, යාච්තූපමා කාමා වුත්තා භගවතා, රුක්ඛ පලුපමා කාම වුත්තා භගවතා, අසිපුමා කාමා වුත්තා භගවතා, සත්තිසිලුපමා කාමා වුත්තා භගවතා, සප්ප සිරූපමා කාටා වුත්තා භගවතා...”
මේ උපමා වලට අනුව කාම ඇට කැබැල්ලකට, තණ (ගිනි) හුලකට, ගිනි අඟුරු වළකට, සිහිනයකට ඉල්ලා (ණයට) ගත් දෙයකට, පල සහිත රුකකට, මස් ලොඹුවකට (මස් කපන කොටසකට) ආදී වශයෙන් දක්වා ඇත. කාමයෙන් දුකම, පීඩාවම, අතෘප්තියම හටගන්නා බව ඉන් අදහස් කැරෙයි. කාමයෙහි නොඇලෙන ලෙස බුදුදහමින් උපදෙස් ලැබෙන්නේ එහෙයිනි.
බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මනුෂ්‍යාත්මය ලද සත්ත්වයන්ගේ කාර්යයන් සියල්ල කැටි කොට ගෙන සෙවීම් දෙකක් හෙවත් පර්යේෂණ ද්වියක් දක්වා ඇත. එනම්
1. අරිය පර්යේෂණය (ආර්ය පර්යේෂණය)
2. අනරිය පර්යේෂණය (අනාර්ය පර්යේෂණය)
දෙවනුව සඳහන් අනරිය පර්යේෂණය යනු කාම සම්පත් ලැබීම හා ඒවා තහවුරු කර ගැනීම සඳහා සොයන (සපයා ගන්නා) සියලුම සෙවීම් අනරිය පර්යේෂණයට අයත්ය. සත්වයා ස්වභාවයෙන්ම එහි නතු වෙයි. හෙවත් එයට අනුගත වෙයි. කාමයෙන් වෙන්ව සියලු ගැටලුවලින් තොරවීම සඳහා නිවණ අරමුණු කොටගෙන කරනු ලබන සියලු සෙවීම් ආර්ය පර්යේෂණයට අයත් වේ. එය අපහසු කාර්යයකි. එය පටිසෝතගාමි ප්‍රතිපදාවක් හෙවත් උඩුගංබලා පිහිනීමක් ලෙස දක්වා ඇත්තේ එහෙයින්ම වේ.
මිනිස් සමාජයේ පුද්ගලයන් අතර ආධ්‍යාත්මික වශයෙන් විවිධ තත්ත්වයේ අය වෙති. සසර ගමන ඉතා දිගු වූවකි. මිනිසත් බව ලැබ උපදින්නෝ ඒ දීර්ඝ සංසාර ගමනේ දී කිසියම් ප්‍රමාණයකට පින් රැස් කළාහු වෙති. ඔවුන් අතර කුසල් වැඩූ ප්‍රමාණය ද අඩු, වැඩි වශයෙන් විවිධය. ඔවුන්ගේ ඒ පූර්ව කුසලතා මතුකරගෙන, වඩා වර්ධනය කිරීමෙන් නිවන් අවබෝධ කර ගැනීම හෝ තව දුරටත් කුසල්වඩා නිවනට ළංවීමට හෝ ලද මිනිසත් භවය උපයෝගී වීමට නම් හැකිතරම් කාමයෙන් ඈත්විය යුතු ය. කාමයෙන් වැළැකිය යුතු ය. කුසල් දහම් වැඩීම කාමයෙන් වෙන්වීමත් සමඟම කැරෙන්නකි. කාමයෙහි ආදීනව බුද්ධ ධර්මයෙන් දැක්වෙන්නේ මේ නිසා ය. කාමයෙහි ආදීනව කොතරම් විස්තර කොට කීවත් සසර ගමනේ දී කුසල් වැඩූවන් මිස එසේ නොවූවන් කාමයෙන් ඈත් වන්නේ නැත. එනිසා පොදුවේ කාටත් කරුණු දැක්විය යුතුව ඇත. රූපයක් දැක හඳුනා ගත හැක්කේ ඇස් ඇත්තාට ය. ඇස් නැත්තාට කොපමණ රූප තිබුණත් දැකිය නොහැකි ය. හඳුනාගත නොහැකි ය. කාමයෙන් වෙන්වීම නමැති දැක්මද කුසල් නමැති පෙර වාසනා ගුණ ඇති පමණම අඩු වැඩි වෙයි. බුදුරජාණන් වහන්සේ සත්ත්වයන් දෙකොටසකට වෙන්කර දක්වන සේක. ඒ දෙකොටස මෙසේ ය.
1. අල්ප රජස්ක(කෙලෙස් අඩු)
2. මහා රජස්ක (කෙලෙස් වැඩි)
අල්ප රජස්ක වන්නේ ක්ලේශ ධර්මයන් අඩු පුද්ගලයන් වන අතර මහා රජස්ක වශයෙන් හැඳින්වෙන්නෝ ක්ලේශ ධර්මයන් වැඩි පුද්ගලයෝ ය. මේ අයගේ තත්ත්වයන් මනාසේ දැකිය හැකි විශේෂ ඤාණයක් බුදුහාමුදුරුවන්ට තිබේ. එහෙයින් සර්වඥයන් වහන්සේ ඒ ඒ පුද්ගලයාට සුදුසු අයුරින් දම් දෙසති. එයින් පුද්ගලනුබද්ධව ලැබිය හැකි උපරිම යහ ප්‍රතිඵල ඒ ඒ පුද්ගලයන්ට ලෝකෝත්තර වශයෙන් ලැබේ.
එහෙත් අන්‍යයන්ට බුදුරදුන්ට වෙන් චරිත විනිවිද හඳුනාගැනීමේ ඤාණය නොමැති හෙයින් පොදුවේ සමාජයට නැතහොත් පිරිසකට දහම් දෙසන්නට සිදුවෙයි එයින් ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන යහ ප්‍රතිඵලයන්හි මට්ටම් විවිධ වේ. කෙනෙකුට කිසිදු යහ ප්‍රතිඵලයක් නොලැබෙන්නට ද හැකි ය.
එහෙත් ඉහත කියැවුණු අල්ප රජස්ක පුද්ගලයන්ට යහ ප්‍රතිඵල ලැබෙනු ඇත. අල්ප රජස්ක වන්නෝ සසර ගමනේදී වැඩි වැඩියෙන් කුසල් දහම් වැඩූ අය වෙති. කුසල් දහම් එසේ වැඩූවන්ට යළි තවදුරටත් කුසල් දහම් වැඩීමට අවදි කිරීමක් මේ පිටුවෙන් කැරෙයි. මිනිසත් බව ලබන හැම දෙනාම කිසියම් ප්‍රමාණයකට සසර කුසල් වැඩූවන් හෙයින් අප පාඨකයන් හැම දෙනාටම අල්පමාත්‍ර වශයෙන්හෝ යහපතක්ම මිස අල්පමාත්‍ර වශයෙන් හෝ අයහපතක් සිදු නොවේ.
නිවන් මඟ අජාසත්ත නමැති බලවත් රජුට අහිමි වූයේ නිසි දහමක් නිසි අවස්ථාවේ නොලැබුණු නිසා ය. සෝපාක වැනි කුලහීන දුගී දරුවකුට නිවන අවබෝධ වූයේ නිසා අවස්ථාවෙහි නිසි දහමක් ලැබුණු හෙයිනි. අජාසත්හුගේ සංසාරික කුසලය ද යටපත්වී ගියේ ය. සෝපාකගේ සංසාරික කුසලය මතු වී ලද ආත්මභවයේ අකුසල භාවය දූරීභූත විය.

ලොව්තුරා බුදුවරයෙක් සතු ලෝකවිදු බුදුගුණය
විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි. ‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා.
බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.
විශ්වය සාමාන්‍ය නුවණින් විස්තර කළ නොහැකි ය. බුදුන් වහන්සේ ලෝකය යනුවෙන් නිර්වචනය කරන ලද්දේ ‘ලුජ්ජති පලුජ්ජතී’ ති ලෝකෝ’ යනුවෙනි. එනම් කැඩෙන - බිඳෙන ස්වභාවයෙන් පත්වන දේ ලෝකයයි, යනු යි.
විද්‍යාඥයින් විසින් පිටසක්වළ යනුවෙන් හඳුන්වන්නේ මේ විශ්වයමයි. බටහිර නවීන විද්‍යාවට බුදුරදුන් දෙසූ විස්තර ගෝචර වී නොමැත.
බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳ ඉතා පැහැදිලි හා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමහර විෂය පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒවා නම් ලෝක විෂය, ධ්‍යාන විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය හා සෘද්ධි විෂය යි.
එසේම, බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි.
ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.
චින්තා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ලෝකය ගැන හිතන්නට ගොස් පිස්සු හැදුණු මිනිසකු පිළිබඳව යි. සුබග නම් පුද්ගලයා ගං තෙරක් ළඟ ඉඳගෙන ලෝකය පිළිබඳ හිතමින් සිටී.
කවදාවත් දකින්නට නොලැබුණු අමුතුම ජීවීන් කොටසක් පැමිණ නෙළුම් කොළයක් යට සැඟවෙන අයුරු සුබගට දකින්නට ලැබෙනවා. ඔහු හිතනවා තමන්ට පිස්සු නිසා තමා මේ වගේ දර්ශන දුටු බව. අනික් පිරිසට මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරද්දී ‘උඹට පිස්සු නිසා වෙන්නැති’ යනුවෙන් කීමට ඔවුහු පෙළඹෙති.
බුදුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය අසන්නට ලැබෙනවා. ඉන්පසුව බුදුන් වහන්සේ ‘මහණෙනි යැයි අමතා, ‘මේ මිනිසා කියන්නේ ඇත්ත. පිටසක්වළ ජීවත්වන සුර - අසුරයන් අතර යුද්ධයකින් අසුරයන් පැරැදී නෙළුම් කොළය යට සැඟවුණු බව සත්‍යයකි.
අද වුණත් බොහෝ විට ආලෝක සහ වෙනත් ජීවීන් පැමිණි බවට එක් එක් මත ප්‍රකාශ වෙනවා. ඒවා සම්පූර්ණයෙන් අසත්‍යයැයි බැහැර කළ නොහැකියි.
එවැනි දේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගෝචර නොවන නිසා විස්මිත ස්වභාවයට පත්වනවා. එනිසා බුදුන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ගැනම සිතන ලෙසයි.
විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි.මේ ජීවිතය නමැති ලෝකය තණ්හාව මුල්කර ඇතිබවත්, තණ්හාව නිරුද්ධ කිරීමෙන් මේ ලෝකයෙන් නිදහස් වීමට නොහොත් සසරේ පැවැත්ම නැති කළ හැකි බවත් දුටුසේක.
මේ ලෝකය නමැති ජීවිතය සෑදී තිබෙන අන්දම බුදුරජාණන් වහන්සේ යථාර්ථයෙන්ම අවබෝධ කළ සේක. යම් තැනක ඇස තිබේද, රූප තිබේද, ඇසෙවිඤ්ඤාණය තිබේද, ඇසේ ස්පර්ශය තිබේද, ඇසේ හඳුනාගැනීම, ඇසේ වේදනාව, ඇසෙන් හටගන්නා චේතනාව තිබේද, එමෙන්ම කන, නාසය, දිව, ශරීරය, මනස මුල්කරගන නිර්මාණයවන පංච උපාදානස්කන්ධයේ පැවැත්ම ඇද්ද එතන ලෝකය පවතින බවත්, ලෝක සම්මුතිය එය බවත් සම්මාසම්බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. එසේම ලෝකය පංචඋපාදානස්කන්ධය තුළම ඇති බව වදාළ බුදුරජාණන් වහන්සේ රූපය පෙනපිඬක් මෙන්ද, වේදනාව දිය බුබුලක් මෙන්ද, සඤ්ඤාව මිරිඟුවක් මෙන්ද සංස්කාර කෙසෙල් කඳක් මෙන්ද, විඤ්ඤාණය මායාවක් මෙන්ද උපමාකර වදාළ සේක. මෙසේ ලෝකයත් ලෝකයෙන් මිදීමත් බුදුරජාණන් වහන්සේ දේශනා කල සේක.
‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා.
අපගේ මනුෂ්‍ය ලෝකයේ එක් කොටසක් ලෙස අපරගෝයාන, උතුරුකර, පූර්ව විදග්ධවල ජීවත්වන්නේ අමුතු ජීවින් කොටසක් නොවේ. ජම්බුද්වීපයෙහි ජීවත් වන්නේත් මිනිස්සු කොට්ඨාසයකි. උතුරුකුරු දිවයිනේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු පන්සියයක් වන අතර ඔවුන් මහා පුණ්‍ය ශක්තියෙන් ඉපදුණු කොටසකි. ඔවුන් නිරන්තරයෙන් පංචශීලය ආරක්ෂා කරන අතර රූප සම්පත්තියෙන් අපට වඩා උසස්ය. ලෝකයේ විකාශනය හා නැවැත්ම පිළිබඳ ‘සත්තසූරියුග්ගමන සුත්‍රයේ’ පැහැදිලිව විස්තර කර ඇත.
චූලනිකා සහස්‍ර ලෝකය යනු ඉරවල් හා සඳවල් දහසක එකතුවකි. සහස්සී චූලනිකා සහසක් එකතු වී ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව සෑදේ. මෙම ප්‍රදේශය බුදුවරුන් වහන්සේට පමණක් විෂය වේ.
බුදුවරයකුට උන් වහන්සේ ගේ ශාරීරා ලෝකයෙන් සහ කටහඬින් මජ්ඣිමා ද්විසහස්සී ලෝක ධාතුව දක්වා ආලෝකය හා ශබ්දය නිකුත් කිරීමේ හැකියාව තිබේ.
බුදුරජාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගැනීම, බිහිවන අවස්ථාව, අභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවතුම්, ආයු සංස්කාර අත්හැරීම, පිරිනිවන් පෑම ආදී අවස්ථාවලදී ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව දක්වා කම්පනයක් ඇතිවේ. එය හඳුන්වන්නේ ‘ජාති ක්ෂේ්ත්‍රය’ ලෙස යි.
තිසහස්සි මහා සහස්සි ලෝක ධාතුව ලෙස හඳුන්වන්නේ, ද්වි සාස්සි මජ්ඣිමා ලෝක ධාතු දහසක්, එක්ව සෑදී ඇති ලෝක ධාතුවටයි. ඒ ලෝක ධාතුව තුළ බුදුවරයන් වහන්සේට ආනා ක්ෂේත්‍රය (කීර්තිය පැතිරවිය හැකි ප්‍රදේශය) ලෙස හඳුන්වනු ලබනවා.
අටානාටිය, ඉසිගිලි සූත්‍රය, ධජග්ග සූත්‍රය, ඛන්ධ සූත්‍රය, ;මීර හා මෙත්ත, රතන යන සූත්‍රවල බලය මේ ප්‍රදේශ දක්වා පැතිරෙයි. එය බුද්ධ ශාසනය පවතින තෙක් පවතියි. මින් පැහැදිලි වන්නේ එක් ඉරකින් හා හඳකින් ආලෝකය පැතිරෙන්නේ එක් මත්‍රාවයකට පමණක් බවයි.
එවැනි මාත්‍රාවාට දහසක් පවතියි. මත්‍රාවාට දස ලක්ෂයක්, ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුවකි. එවැනි ලෝක ධාතු දස ලක්ෂයක් පවතියි. සද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු දහසක් මාත්‍රාවට සියක් කෝටියකි. එවැනි කෝටි සියයක් සක්වල කෝටි සියයකි. මේ අනුව විශ්වයේ ඇති පුළුල්භාවය අවබෝධ කරගත හැකිය.
විද්‍යාවේ දී සහස්සී ලෝක ධාතුව හඳුන්වන්නේ ක්ෂීර පථය නමිනි. විශ්වය පිළිබඳ බුදුන් වහන්සේ සංඛාර උපත්ති සුත්‍රයේදී දේශනා කළ සේක.
බුදුරජාණන් වහන්සේගේ ස්වර විඤ්ඤාපනය කෙතෙක් වන්නේදැයි අනද හිමියෝ බුදුන්වහන්සේගෙන් විමසූහ. “ආනන්දය, සඳ, හිරු බබලමින් යම්තාක් තැන් ගමන් කෙරෙද්ද එය සහසී‍්‍ර ලෝක ධාතුවයි. එහි සඳ දහසක් ඇත. හිරු දහසක් ඇත. සුනෙරු පර්වතයෝ දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. මහා සමුද්‍රයෝ සාරදහසක් ඇත. මහා රාජ්‍යයෝ සාරදහසක් ඇත. චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිර්මාණරතී, පරනිර්මිත වසවර්ති යන දිව්‍යලෝක දහස බැගින් ඇත. මෙම සහශ්‍රී ලෝක ධාතුව දහසින් ගුණ කළ කල්හි ද්වී සහසී‍්‍ර ලෝක ධාතුවයි. ද්වි සහසී‍්‍ර ලෝක ධාතුව දහසින් ගුණ කළ කල්හි ත්‍රීසහසී‍්‍ර ලෝකධාතුවයි. මෙසේ දස සහසී‍්‍ර ලෝකධාතුවටම පණිවිඩ ස්වරයෙන් විඤ්ඤාපනය කළ හැකියයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක .
මේ ලෝකය දැනගත්බව, අවබෝධ කරගත් බව යන්න ලෝක විදූ යන අර්ථයෙන් බුදුන් වහන්සේ හඳුන්වනු ලබනවා. එහිදී සත්ත්ව ලෝකය, සංඛාර ලෝකය, අවකාශ ලෝකය යන ඒවා අවබෝධ කරගත් සේක.
විශ්වයේ පැවැත්ම ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර රැසක් සඳහන් වෙයි.
අටලොස් ධාතු නම් අටලොස්වැදෑරුම් ලෝකයද බුදුරජාණන්වහන්සේ මනාව අවබෝධ කළ හෙයින් ලෝක විදූ නම් වන සේක.
කුසලා කුසල විපාක අනුව සතර අපාය, මිනිස්ලොව, සදිව්ලොව, රූපිබඹතල සොලස, අරූපී බඹතල සතර, වශයෙන් සත්ත්වයන් වාසය කරන්නා වූ එක්තිස්තලයක් එක් ලෝකධාතුවක ඇති බව මනාව ප්‍රත්‍යක්‍ෂ කළ බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ ජීවිතය නමැති ලෝකයත් විශ්වය නමැති බාහිර ලෝකයත්, එමෙන්ම ප්‍රඥාලෝකයෙන් නිරය, ප්‍රේත ලෝකය, මිනිස් ලොව, තිරිසන් ලොව, සදෙව් ලොව, රූපී, අරූපී බඹලෝ විස්ස ආදී සත්ත්වයන් වාසය කරන ලෝක ධාතු තිස් එකක් අවබෝධ කර ඒ සියලු ලෝක ධාතුවලින් නිදහස් වී වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක. ඒ ලෝකවිදූ නම් බුදුගුණයට නමස්කාර වේවා!
ඔබ සැමට තෙරුවන් සරණයි.
_________*********__________
ලෝකවිදූ බුදු ගුණයෙන් යුතු බුදුරජාණන්වහන්සේ වන්දනා කිරීම
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස..........
ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝක විදූ නම් වන සේක.
1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රූපස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වේදනාස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාරස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විඤ්ඤාණස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක ස්වභාවය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක සමුදය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක නිරෝධය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක නිරෝධ උපාය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්වලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සියලු සත්වයෝ ආහාරය පිහිට කොට ඇත්තේයැයි එක් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නාම රූප නම් වූ දෙවැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ත්‍රිවිධ වේදනා (සුඛ, දුක්ඛ, උපේක්‍ෂා) නම් වූ තෙවැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සතර ආහාර නම් වූ සතර වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක. (කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර)
16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධ නම් වූ පස්වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අධ්‍යාත්මික ආයතන සය නම් වූ (චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මන) සය වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්ත විඤ්ඤාණට්ඨිති නම් වූ සත් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අෂ්ටලෝක ධර්මය නම් වූ අෂ්ට වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ සත්තාවාස නම් වූ නව වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස ආයතන නම් වූ දස වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දොළොස් ආයතන නම් වූ දොළොස් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අටලොස් ධාතු නම් දහ අට වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්ව ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාම ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සතර අපාය (නරක, තිරිසන්, අසුර, ප්‍රේත) අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනුලොව, සදෙව්ලොව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රූපලෝකය (බඹලොව 16) අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරූප ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නෙව සඤ්ඤා නාසඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකවෙකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතු වෝකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පංචවෝකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවකාශ ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මේ ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස දහසක් ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කෝටි ලක්‍ෂයක් ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනන්ත ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!
මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!
මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!
සාධු.....! සාධු.....! සාධු......!
from Path to Nirvana Facebook Page
මුතු මැණික් ආභරණවලින් සැරසුවත්, සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වය මයි දැකිය යුත්තේ. ලස්සනට පේන්නේ ඇඳුම නිසා.
යටි පතුල් පාට කොට තිබුණ ද, සුවඳ බුලත්විට කා මුඛය සුවඳ කරගෙන හිටිය ද, මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයාගෙන යන කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ.
කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන හොයාගෙන යන කෙනෙකුට එයින් වැඩක් නැහැ.
මේ කුණු ශරීරය තියාගන්නට හදන්නේ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නැහැ.”

5/28/13
පුජාවන්ගේ ආනිශංස
පුජාවන්ගේ ආනිශංස
ඔබට අප මෙතෙක් කල් බොහෝ ඉදිරිපත් කලේ පවෙහි විපාක පිලිබදවය.නමුත් අද පිනෙහි ආනිශංස ගැන අවබෝධයක් ලබා දිමට සිතුවෙමු.බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ -චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි.එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන බවය.එසේ සතුටු විය යුත්තේ යහපත් ක්‍රියාවකින් මිස අන් දෙයකින් නොවේ.අප මියපරලොව ගිය කල අලේ පිලිසරණ සදහා
සිටින්නේ පින්කම් පමණක් බවද බුදුහිමියන් පෙන්වා දී ඇත.ඉතින් එවැනි පුණ්‍ය ශත්තියක් ලබා ගැනීම සදහා අප විසින් නිතර කරන විවිධ පූජාවන්ගේ ආනිශංස දැන සිටීම ඉතා වැදගත්ය.
සිටින්නේ පින්කම් පමණක් බවද බුදුහිමියන් පෙන්වා දී ඇත.ඉතින් එවැනි පුණ්‍ය ශත්තියක් ලබා ගැනීම සදහා අප විසින් නිතර කරන විවිධ පූජාවන්ගේ ආනිශංස දැන සිටීම ඉතා වැදගත්ය.
(මෙම ත්‍රිවිධ පූජාවේ අනුසස් ඉතා බොහෝ බැවින්, සංක්ෂිප්ත ලෙස ලෙස දක්වා ඇත)
මල් පූජාවේ අනුසස් -
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම

පහන් පූජාවේ අනුසස් -
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හොද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

සුවද පූජාවේ අනුසස් –
උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම
වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම
සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම
වහා චිත්ත සමාධිය ඇතිවේ
සුවදවත් සිරුරක් ලැබේ
නවන සදහා හේතු වීම
උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම
වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම
සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම
වහා චිත්ත සමාධිය ඇතිවේ
සුවදවත් සිරුරක් ලැබේ
නවන සදහා හේතු වීම
පැන් පිදීමේ අනුසස් –
ආයුෂයෙන්,වර්ණයෙන්,සැපයෙන්,පිරිවරින්,ආධිපත්‍යයෙන්,රූපයෙන්,ශබ්දයෙන්,ගන්ධයෙන්,රසයෙන්,ස්පෂ්ටව්‍යය යන කරුණු වලින් දෙව්ලොවදී අන් දෙවගනන් ඉක්මවා සිටීම යනඅනුසස් ලැබේය.
ආයුෂයෙන්,වර්ණයෙන්,සැපයෙන්,පිරිවරින්,ආධිපත්‍යයෙන්,රූපයෙන්,ශබ්දයෙන්,ගන්ධයෙන්,රසයෙන්,ස්පෂ්ටව්‍යය යන කරුණු වලින් දෙව්ලොවදී අන් දෙවගනන් ඉක්මවා සිටීම යනඅනුසස් ලැබේය.
ආහාරපාන පිදීමේ අනුසස් -
බොහෝ ආයුෂ ඇත්තේ වීම
බලවත් වීම
ධෛර්ය ඇත්තේ වීම
වර්ණ ඇත්තේ වීම
යසස් ඇත්තේ වීම
සුව ඇත්තේ වීම
ආහාර පාන ලැබීම
ශූර වීම
නුවණැති වීම
බොහෝ ආයුෂ ඇත්තේ වීම
බලවත් වීම
ධෛර්ය ඇත්තේ වීම
වර්ණ ඇත්තේ වීම
යසස් ඇත්තේ වීම
සුව ඇත්තේ වීම
ආහාර පාන ලැබීම
ශූර වීම
නුවණැති වීම
ගිලන්පස පිදිමේ අනුසස් දසය –
ආයුෂය,ශරීර ශක්තිය,නුවණ,ශරීරයේ යහපත් පැහැය,පිරිවර,
සැපය,උපද්‍රව නැතිබව,ගොවිතැන් පාලු වීම ආදී ව්‍යසන නොමැති
බව,ගරු බුහුමන් ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නොවීම
යන අනුසස් ලැබීම.
ආයුෂය,ශරීර ශක්තිය,නුවණ,ශරීරයේ යහපත් පැහැය,පිරිවර,
සැපය,උපද්‍රව නැතිබව,ගොවිතැන් පාලු වීම ආදී ව්‍යසන නොමැති
බව,ගරු බුහුමන් ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නොවීම
යන අනුසස් ලැබීම.
අටපිරිකරට අනුව මෙතැන් සිට සදහන් වන පූජා සයෙහි අනුසස්
පෙළ ගස්වා ඇත.
පෙළ ගස්වා ඇත.
වස්ත්‍ර පිදීමේ අනුසස් –
රන්වන් සිරුරු ඇත්තෙක් විම
ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම
රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම
ප්‍රතාප ඇත්තේ විම
සිනිදු සිරුරක් ඇත්තේ වීම
හිස මස්තකයෙහි සුදු,කහ,රතු පැහැ ඇත්තා වූ ලක්ෂ ගණනින් වස්ත්‍ර දරා සිටීම
රන්වන් සිරුරු ඇත්තෙක් විම
ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම
රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම
ප්‍රතාප ඇත්තේ විම
සිනිදු සිරුරක් ඇත්තේ වීම
හිස මස්තකයෙහි සුදු,කහ,රතු පැහැ ඇත්තා වූ ලක්ෂ ගණනින් වස්ත්‍ර දරා සිටීම
පාත්‍ර පිදීමේ අනුසස් –
රන්,මැණික්,රිදී සෑම කල්හි පරිහරණයට ලැබීම
උපද්‍රව අනතුරු නැත්තේ වීම
සෑම කල්හි සියල්ලන් විසින් ගරු තරන අයෙකු වීම
ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නේ විම
බෝග විනාශයට පත් නොවීම
ස්ථිර සිත් ඇත්තෙකු වීම
හැම කල්හි ධර්මය කැමැත්තෙක් වීම
මද කෙලෙස් ඇත්තෙක් වීම
ආශ්‍රව රහිත විම
මෙම සියල්ල දෙව් මිනිස් භවයන්හි අත් නොහැර යන
සෙවණැල්ලක් සේ ලැබීම

දැළිපිහියා පිදීමේ අනුසස් –
හැම කල්හි ශූර වීම
නොවිසිරි සිත් ඇත්තෙක් වීම
වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණීම
ධෛර්ය ඇත්තේ වීම
වීර්ය ඇත්තේ විම
කෙලෙස් වසගයට යා නොදී රැකගත් සිත් ඇත්තෙක් විම
කෙලෙස් සිදින්නා වූ සියුම් ශුද්ධ වූ ඥානය සැම කල්හි ලැබීම
හැම කල්හි ශූර වීම
නොවිසිරි සිත් ඇත්තෙක් වීම
වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණීම
ධෛර්ය ඇත්තේ වීම
වීර්ය ඇත්තේ විම
කෙලෙස් වසගයට යා නොදී රැකගත් සිත් ඇත්තෙක් විම
කෙලෙස් සිදින්නා වූ සියුම් ශුද්ධ වූ ඥානය සැම කල්හි ලැබීම
ඉදිකටු පිදිමේ අනුසස් –
සැක නැත්තේ වීම
සැක සිදින්නේ වීම
රූ ඇත්තේ වීම
භෝග ඇත්තේ වීම
තියුණු වූ නුවණ ඇත්තේ වීම
ගම්භීර වූද සියුම් වූද ස්ථාන වූද අර්ථයෙන් ඥානයෙන් දැකීමට සමත් වීම
මොහදුර නසන්නා වූ වජ්‍රායුධාග්‍රයට සමවූ ඥානයක් ඇත්තේ වීම
සැක නැත්තේ වීම
සැක සිදින්නේ වීම
රූ ඇත්තේ වීම
භෝග ඇත්තේ වීම
තියුණු වූ නුවණ ඇත්තේ වීම
ගම්භීර වූද සියුම් වූද ස්ථාන වූද අර්ථයෙන් ඥානයෙන් දැකීමට සමත් වීම
මොහදුර නසන්නා වූ වජ්‍රායුධාග්‍රයට සමවූ ඥානයක් ඇත්තේ වීම
පටි පිදීමේ අනුසස් –
සමාධීන්හි කම්පා නොවීම
සමාධියෙහි වශී භාවය ඇත්තේ වීම
නොබිදෙන පිරිස් ඇත්තේ විම
හැම කල්හි අනුන් පිලිගන්නා වචන ඇත්තෙකු වීම
එළඹ සිටි සිහි ඇත්තෙකු විම
බියක් හට නොගැනීම
සමාධීන්හි කම්පා නොවීම
සමාධියෙහි වශී භාවය ඇත්තේ වීම
නොබිදෙන පිරිස් ඇත්තේ විම
හැම කල්හි අනුන් පිලිගන්නා වචන ඇත්තෙකු වීම
එළඹ සිටි සිහි ඇත්තෙකු විම
බියක් හට නොගැනීම
පෙරහන්කඩ පිදීමේ අනුසස් –
සෑම දෙන ඉක්මවා දිව්‍යායුෂ ලැබීම
සොර සතුරන්ට කිසිදා හිංසා නොකල හැකි වීම
ආයුධ වලින්ද,වස විසෙන්ද හිංසාවක් නොවීම
නියමිත ආයුෂ ගෙවන තුරු අකල් මරණයට පත් නොවිම.
සෑම දෙන ඉක්මවා දිව්‍යායුෂ ලැබීම
සොර සතුරන්ට කිසිදා හිංසා නොකල හැකි වීම
ආයුධ වලින්ද,වස විසෙන්ද හිංසාවක් නොවීම
නියමිත ආයුෂ ගෙවන තුරු අකල් මරණයට පත් නොවිම.
—————————————————————–
ඡත්‍ර දානයේ අනුසස් –
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
ශරීරයේ කුණු නොඇලීම
උපද්‍රව නොමැති වීම
අන්තරාය නොමැති වීම
හැම කල්හි අන්‍යයන් ගරු කිරීම
සියුම් සම ඇත්තේ වීම
සිත පිරිසිදු බවින් යුක්ත වීම
සසර සැරිසරණ කල්හි විචිත්‍ර ඡත්‍ර ලක්ෂණයක් හිස මස්තකයේ පිහිටිම

පවන්අතු දානයේ අනුසස් –
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
ශරීරයේ දාහය නොමැතිවීම
සිත තවන දාහයක් නොමැති වීම
රාග ගිනි,ද්වේෂ ගිනි,මෝහ ගිනි,මාන ගිනි,දෘෂ්ටි ගිනි යන සියලු
ගිනි නිවීම
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
ශරීරයේ දාහය නොමැතිවීම
සිත තවන දාහයක් නොමැති වීම
රාග ගිනි,ද්වේෂ ගිනි,මෝහ ගිනි,මාන ගිනි,දෘෂ්ටි ගිනි යන සියලු
ගිනි නිවීම
පාවහන් දානයේ අනුසස් –
හස්ති,අශ්ව සිවි,රථ ද සැට ලක්ෂයක් සැම කල්හි තමා පිරිවරා සිටීම
මැණිකෙන්ද,කම්බිලියෙන්ද,රනින්ද,රිදියෙන්ද පාදුකාවෝ පා
ඔසවන කල පහළ විම
ඍධිමය මිරිවැඩිට නැගී සිටීමට හැකි විම.
හස්ති,අශ්ව සිවි,රථ ද සැට ලක්ෂයක් සැම කල්හි තමා පිරිවරා සිටීම
මැණිකෙන්ද,කම්බිලියෙන්ද,රනින්ද,රිදියෙන්ද පාදුකාවෝ පා
ඔසවන කල පහළ විම
ඍධිමය මිරිවැඩිට නැගී සිටීමට හැකි විම.
තෙල් බිදීමට තැබීමට බදුන් පිදීමේ අනුසස් –
නිරෝගී සැප ලැබීම
රූප සම්පත්තිය ලැබීම
ප්‍රිය වචන ඇත්තෙකු වීම
කැපඹුනු සිතින් තොර කෙනෙකු විම
ආරක්ෂා ඇත්තෙකු වීම
නිරෝගී සැප ලැබීම
රූප සම්පත්තිය ලැබීම
ප්‍රිය වචන ඇත්තෙකු වීම
කැපඹුනු සිතින් තොර කෙනෙකු විම
ආරක්ෂා ඇත්තෙකු වීම
අංසකඩ පිදීමේ අනුසස් -
අන් අයගේ සිත් දිනාගන්නා නුවණ ඇතිවිම
පෙර ආත්ම සිහිකිරිමේ නුවණ ඇතිවීම
පැහැපත් ශරීර වර්ණයක් ඇති වීම
අන් අයගේ සිත් දිනාගන්නා නුවණ ඇතිවිම
පෙර ආත්ම සිහිකිරිමේ නුවණ ඇතිවීම
පැහැපත් ශරීර වර්ණයක් ඇති වීම
සැරයටි,කිහිලිකරු හා රෝදපුටු පූජාවේ ආනිශංසය
තම දරුවන්,පබිරිද,සහෝදර සහෝදරියන් මවිපියන් අකාලයේ
මරණයට පත්නොවීම හා එවැනි ප්‍රිය විප්පයෝග දුකකට පත් නොවිම.
තම දරුවන්,පබිරිද,සහෝදර සහෝදරියන් මවිපියන් අකාලයේ
මරණයට පත්නොවීම හා එවැනි ප්‍රිය විප්පයෝග දුකකට පත් නොවිම.
ඉන බදින පටි පූජා කිරිමේ ආනිශංස –
සිත සමාධි කර ගැනීමට හැකිවීම
කරදර වලදී කම්පා නොවන සිතක් ඇතිවීම
තමා වෙත බැදුණු පිරිසක් ඇති විම
අන් අය පිලිගන්නා සත්‍ය වචන ඇති බව
පැහැදිලි මතක ශක්තියක් ඇති බව
නිර්භය බව
සිත සමාධි කර ගැනීමට හැකිවීම
කරදර වලදී කම්පා නොවන සිතක් ඇතිවීම
තමා වෙත බැදුණු පිරිසක් ඇති විම
අන් අය පිලිගන්නා සත්‍ය වචන ඇති බව
පැහැදිලි මතක ශක්තියක් ඇති බව
නිර්භය බව
අනුසස් එකක් ගෙන දුන් පූජා –
ප්‍රාතාදිය තබන ආධාර පිදීම
කුඩා පිහිද,ලොම් උදුරන අඩු පිදීම.
ප්‍රාතාදිය තබන ආධාර පිදීම
කුඩා පිහිද,ලොම් උදුරන අඩු පිදීම.
අනුසස් දෙකක් ගෙන දුන්පූජා –
පිදුරු බිසි පිදීම
යතුරු පිදීම හා පා පුටු පිදීම
පිදුරු බිසි පිදීම
යතුරු පිදීම හා පා පුටු පිදීම
අනුසස් තුනක් ගෙන දුන්පූජා –
ඉදිකටු,අසංකඩ,භාජන හා තලි පිදිම
ඉදිකටු,අසංකඩ,භාජන හා තලි පිදිම
අනුසස් පසක් ගෙන දුන්පූජා –
පිහි,නිය කපන,තෙල් කල් තබා ගන්නා භාජන,අදුන් නල,ඇග ගල්වන තෙල්,තෙල් ගිතෙල් පිදීම හා මුව පිරිසිදු කරන පිදීම
පිහි,නිය කපන,තෙල් කල් තබා ගන්නා භාජන,අදුන් නල,ඇග ගල්වන තෙල්,තෙල් ගිතෙල් පිදීම හා මුව පිරිසිදු කරන පිදීම
අනුසස් සයක් ගෙන දුන්පූජා –
කොට්ට,දිය පිස්නා,පුටු හා මෙට්ට පිදීම
කොට්ට,දිය පිස්නා,පුටු හා මෙට්ට පිදීම
අනුසස් අටක් ගෙන දුන්පූජා –
නස්‍ය කිරීමේ උපකරන පිදීම හා බෙහෙත් අදුන් පිදිම
නස්‍ය කිරීමේ උපකරන පිදීම හා බෙහෙත් අදුන් පිදිම
අනුසස් දසයක් ගෙන දුන්පූජා –
මහා සැළි හා කරඩු පිදීම.
ආහාරපාන පිදීම
බෙහෙත් පිදීම
සුවද දුම් පිදීම
මහා සැළි හා කරඩු පිදීම.
ආහාරපාන පිදීම
බෙහෙත් පිදීම
සුවද දුම් පිදීම
(මෙම පූජාවෙන්ගේ අනුසස් දැන ගැනීම සදහා ත්‍රිපිටකයේ ආපදාන
පාලිය,පාරමිතා ප්‍රකරණය නැමැති ග්‍රන්ථ බලන්න)
පාලිය,පාරමිතා ප්‍රකරණය නැමැති ග්‍රන්ථ බලන්න)
ඇමදීමේ ආනිශංස -
තමාගේ සිත ප්‍රසාදයට පත්වේ
අනුන්ගේ සිත ප්‍රසාදයට පත්වේ
දෙවියන් සතුටු වෙති
රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි
මරණින් මතු ස්වර්ගයේ උපදී
තමාගේ සිත ප්‍රසාදයට පත්වේ
අනුන්ගේ සිත ප්‍රසාදයට පත්වේ
දෙවියන් සතුටු වෙති
රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි
මරණින් මතු ස්වර්ගයේ උපදී
වැදීමේ පිදිමේ ආනිශංස –
ආයු,වණ්න,සැප,බල වැඩිවිම
උසස් කුලවල උප්පත්තිය ලැබීම
මාහානුභාව සම්පන්න වීම
සියල්ලන්ගේම ගරු බුහුමන් ලැබීම
ආයු,වණ්න,සැප,බල වැඩිවිම
උසස් කුලවල උප්පත්තිය ලැබීම
මාහානුභාව සම්පන්න වීම
සියල්ලන්ගේම ගරු බුහුමන් ලැබීම
කොඩි පූජාවෙන් ලැබෙන ආනිශංස –
උපනුපන් තැන්වල ජනප්‍රිය පුද්ගලයෙකු වීම
උසස් පුද්ගලයෙකු වීම
සැමගේ ගරු බුහුමනට ලක්වීම
සියලු සැප සම්පත් ලැබීම
උපනුපන් තැන්වල ජනප්‍රිය පුද්ගලයෙකු වීම
උසස් පුද්ගලයෙකු වීම
සැමගේ ගරු බුහුමනට ලක්වීම
සියලු සැප සම්පත් ලැබීම
සේනාසන පූජාවේ ආනිශංස –
විෂෙන් ආරක්ෂා වීම
අවි ආයුධවලින් ආරක්ෂා වීම
දියෙන් ආරක්ෂා වීම
කලට වැසි ලැබීම
දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම
නො අඩුව සියලු සැප සම්පත් ලැබීම
විෂෙන් ආරක්ෂා වීම
අවි ආයුධවලින් ආරක්ෂා වීම
දියෙන් ආරක්ෂා වීම
කලට වැසි ලැබීම
දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම
නො අඩුව සියලු සැප සම්පත් ලැබීම
සැලකිය යුතුයි – පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුන්
වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජාකළ මහා දානයන්ගෙන්
ලැබූ අනුසස් ධර්මය අවබෝධ කළ අප බුදුරජාණන් වහන්සේගේ
ශාසනයේදී ප්‍රකාශ කල අයුරු මෙහි බොහොමයක දක්වා ඇත.
අනුසස් දැක්වීම කාණ්ඩ කොට දක්වා ඇත්තේ පින්කම් සිදුකරන
විට අනුසස් මතකයේ තබා ගැනිම පිණිස මිස අන් විශේෂ කරුණක් මත නොවේ.

විශේෂ කරුණු – පින්කම් තුළින් ලැබෙන අනුසස් අඩු වැඩි විම දායක-ප්‍රතිග්‍රාහක දෙපක්ෂයේ සිල්වත් බවත්,පූජා වස්තුව උපයා
ගැනීමේ ධාර්මික බවත්,පූජාව සිදුකරන දායකයා එහි අනුසස් දැක සිත පහදවා ගන්නා ආකාරය අනුව සිදුවන බව විශේෂ කරුණකි.
හේතු-ඵල ධර්මය දැන ඒ ගැන විශ්වාසය ඇති කරගෙන සිදුකරන
සියලු පින්කම් මහත්ඵල මහානිශංස වීමට (ත්‍රි හේතුක කුසල් වීමට)
ප්‍රධාන හේතුව වන බැවින් ඒ අනුව පින්කම් සිදුකිරීමට පුරුදු
පුහුණු කල යුතුය.

මෙතෙක් වේලා ඔබට පූජාවේ ආනිශංස බොහෝ ගෙනහැර පෑවෙමු.
නමුත් ඔබට ඉදිරිපත් නොකල බොහෝ කර්මයන්හි ආනිශංස විස්තර වශයෙන්ද අප සතුව ඇත.ඉදිරියේදී ඒවා ලබාදීමේ බලාපොරොත්තුවෙන් ලිපිය නවතමු.
මේ පින ඔබටත් අපටත් සසර කෙලවර කිරීමටම හේතු වාසනා වේවා..සම්මා සම්බුදු සරණයි…
නමුත් ඔබට ඉදිරිපත් නොකල බොහෝ කර්මයන්හි ආනිශංස විස්තර වශයෙන්ද අප සතුව ඇත.ඉදිරියේදී ඒවා ලබාදීමේ බලාපොරොත්තුවෙන් ලිපිය නවතමු.
මේ පින ඔබටත් අපටත් සසර කෙලවර කිරීමටම හේතු වාසනා වේවා..සම්මා සම්බුදු සරණයි…
Subscribe to:
Posts (Atom)