1/10/16

අට්ඨිපුඤ්ජ සූත‍්‍රය - ඇටකටු ගොඩ උපමා කොට වදාළ දෙසුම...


භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
”පින්වත් මහණෙනි, මේ සසර දිවයන සැරිසරන එකම එක පුද්ගලයෙකුගේ
මහා ඇටකටු ගොඩ, එකතු වෙන ඇටකටු ගොඩ, ඇටකටු ප‍්‍රමාණය, එකට
එකතු කරලා ගොඩගහලා විනාශ නොවී තිබුනොත්, ඒක හරියට වේපුල්ල
පර්වතය තරමට විශාල වෙනවා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න
පුළුවනි.
”එක් කල්පයක් තුළදී එකතු කරන එකම පුද්ගලයෙකුගේ ඇටකටු ගොඩ,
මහා පර්වතයක් තරමට විශාල වන බව මහා ඉසිවර බුදුරජාණන් වහන්සේ
වදාළා.
මගධ රටේ ගිරිබ්බජ නම් වූ රජගහ නුවරට උතුරින් තමයි මේ මහා
වේපුල්ල පර්වතය තියෙන්නේ. (මගධ රටේ විශාලම කඳු පහ අතරින්) මේ
වේපුල්ල පර්වතය තමයි ගොඩාක් විශාලයි කියලා කියන්නේ.
දුකත්, දුකට හේතුවත්, දුකෙන් නිදහස් වීම නම් වූ අමා නිවනත් තියෙනවා.
දුක් නැති කර දමන එ් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් තියෙනවා.
මෙන්න මේ චතුරාර්ය සත්‍යය (යමෙක්) මනා නුවණින් යුතුව අවබෝධ කළොත්,
වැඩම වුනොත් හත් වතාවක් විතරයි ඔහු සසර සැරිසරන්නේ.
ඔහු සියලූ දුක් නැති කරලා දානවා. සියලූ බැඳීම්වලින් නිදහස් වෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට
මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
:::ඛුද්දක නිකාය - ඒකක නිපාතය
සූත්‍ර පාළිය -> http://pitaka.lk/401027

අවිද්‍යා වාරය - I කොටස


පින්වතුනි, අද දවසේ දී අපට ධර්ම දේශනාව සඳහා තියෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේ, සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින පහළොස් වැනි දහම් පරියාය, අවිද්‍යා වාරය. - පෙ - සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා, “ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අවිද්‍යාව කියන එක දන්නවා නම්, අවිද්‍යාවේ ඇති වීම දන්නවා නම්, අවිද්‍යාව ඇති කරන කාරණාව දන්නවා නම්, අවිද්‍යාව නිරෝධ කරන මාර්ගය දන්නවා නම්, මෙන්න මෙපමණකිනුත් මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නිවැරදි දැකීම් ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඍජු බවට පත් වෙනවා. ඒ වගේම ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූ කෙනෙක්, මේ සද්ධර්මයට ආව කෙනෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක්” කියලා පෙන්නුවා. ඒ කියන්නේ මේ අවිද්‍යාව කියන කාරණාව හඳුනා ගත්තොත්, දැන ගත්තොත් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වෙනවා.
ඒ වෙලාවෙ දී සැරියුත් මහරහතන් වහන්සේ ම අහනවා, “ඇවැත්නි අවිද්‍යාව කියලා කියන්නේ කුමක් ද, අවිද්‍යාව ඇති වෙන්නට හේතුව කුමක් ද, අවිද්‍යාව නැති වීම, නැති කරන්නේ කුමක් නැති වීමෙන් ද, අවිද්‍යාව නැති කරන ප්‍රතිපදාව කුමක් ද” කියලා. උන්වහන්සේ ම ඒකට පිළිතුරු දීම් වශයෙන් උත්තර සපයනවා, “අවිද්‍යාව කියලා කියන්නේ ‘දුක‍්ඛෙ අඤ‍්ඤාණං, දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධගාමිනි පටිපදාය අඤ‍්ඤාණං’. මේ දුකයි කියන කාරණාව දන්නේ නැහැ. මේ දුක ඇති වීමේ කාරණාවයි කියලා දන්නේ නැහැ. මේ දුක නැති වීමයි කියලා දන්නේ නෑ. මේ දුක නැති කරන ප්‍රතිපදාවයි කියලා දන්නේ නැති නම් මෙන්න මෙය යි අවිද්‍යාව. චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ වැටහීමක්, චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ අවබෝධයක් නැති කමට කියනවා අවිද්‍යාව” කියලා මතක් කළා.
ඊට පස්සේ මේ “ආශ්‍රව සමුදයෙන් අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාවට හේතුව ආශ්‍රව ධර්මයි” කියලා පෙන්නුවා. “ආසවනිරොධා අවිජ‍්ජානිරොධො. ආශ්‍රව ධර්මයන් නැති කිරීමෙන්, අවිද්‍යාව නැති වෙනවා” කියලා ද පෙන්නුවා. “අයමේව අරියො අට‍්ඨංගිකො මග‍්ගො, අවිජ‍්ජානිරොධගාමිනි පටිපදා. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ම, මේ අවිද්‍යාව නැති කරන ප්‍රතිපදාවයි” කියලා පෙන්නුවා. මෙතැන දී පින්වතුනි, අවිද්‍යාව කියලා කියන්නේ කුමක් ද කියලා සැරියුත් මහරහතන් වහන්සේ පෙළ දහමෙන් විස්තර කරලා පෙන්නුවා, දුක නො දන්නා බව, දුකේ ඇති වීම නො දන්නා බව, දුකේ නැති බව නො දන්නා බව, දුක නැති කරන ප්‍රතිපදාව නො දන්නා බව කියලා. මේ වචන ටික දැන ගත්තාට, චතුරාර්‍ය්‍ය සත්‍යය දන්නවා, අවිද්‍යාව දුරු වුනා, විද්‍යාව ඉපදුණා කියලා කියන්නේ නැහැ. මේ ටිකට කියන්නේ පෙළ දහම දන්නවා කියලා. අවිද්‍යාව කියන විට, ‘දුක‍්ඛෙ අඤ‍්ඤාණං, දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධගාමිනි පටිපදාය අඤ‍්ඤාණං’ කියලා පෙන්නුවා ම, ඒ දුක ගැන කෙනෙකුට විස්තර කරන්න පුළුවන් කම තිබුණා කියලා ‘ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා’ කියලා, මෙපමණකින් ‘දුක්ඛේ ඥානං’ එහෙම වෙන්නේ නැහැ. මේ තණ්හාව නිසා දුක ඇති කරනවා කියලා දැන ගත්තාට, මේක ‘සමුදයේ ඥානං’ එහෙම වෙන්නේ නෑ. නිරෝධය ගැනත්, මාර්ගය ගැනත් පෙළ දහම දැන ගත්තාට පින්වතුනි, අවිද්‍යාව තාම නැති වුනා, විද්‍යාව ඉපදුණා කියලා කියන්නේ නෑ. ඔය ටික පෙළ දහම. ඔය ටිකේ තියෙන, පෙන්වන අර්ථය අපේ ජීවිතයෙන් අපි දැන ගන්නට ඕනෑ, දැක ගන්නට ඕනෑ.
ඒ කාරණාව අපේ ජීවිතයෙන් දැන ගන්නට, දැක ගන්නට නොයෙක් ප්‍රභේද වලින් විස්තර කිරීමේ හැකියාව තියෙනවා, පෙන්වන්නට පුළුවන්. නමුත් මම මෙතැන දී, මේ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධය ඇති කර ගෙන, විද්‍යාව පහළ කර ගෙන, අවිද්‍යාව දුරු කරන්නට, අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මෙය යි කියලා දැන ගන්නට, පුළුවන් ක්‍රමයක් දේශනා කරනවා. ඒ අපි මෙතෙක් කළ දේශනා හැම එකක් ම කුළු ගන්වන ආකාරයකින්. අපි කෙනා කෙනාගේ ජීවිතය තුළින් අවිද්‍යාව කියලා හඳුනා ගන්න ක්‍රමයක්. මේ දහම් ස්වභාවය සමහර විටෙක ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. තර්ක කරලා, විතර්ක කරලා, නුවණින් දකින්න සිදු වෙන දහම් පරියායක්, ක්‍රමයක් මම මේ දේශනා කරන්නට යන්නේ.
පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලා දවසේ, ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ වජ්‍රාසනයේ වැඩ ඉඳිමින්, ආනාපානසති භාවනාවෙන් චිත්ත සමථයක් ඇති කර ගෙන, පෙර විසූ කඳ පිළිවෙල දක්නා චුතූපපාත ඥානය ලබා ගෙන, පශ්චිම යාමයේ උදෑසන එළි වෙන්නට ආසන්නයේ, බෝසතාණන් වහන්සේගේ නුවණ මෙන්න මේ ලෝක සන්නිවාසය වෙත, ලෝක සත්වයා වෙත යොමු වුනා. අපේ බුදුරජාණන් වහන්සේට පමණක් නොවේ, හැම බුදුරජාණන් වහන්සේ නමකට ම උපදින යෝනිසෝමනසිකාරය ඉපදුණා. කෙසේද? “අනේ, මේ ලෝක සත්ත්වයා උපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයට පත් වෙනවා. නොයෙක් දුකට පත් වෙනවා. අනේ කවදා නම් මේ ලෝකයාට දුක නැති වෙනවා ද, අනේ මේ දුකින් ලෝකයා කවදා ද එතෙර වෙන්නේ, මේ දුක කොහොමද ඇත්තටම ඇති වූවේ?” කියලා බෝසතාණන් වහන්සේට ප්‍රඥාවෙන් යෝනිසෝමනසිකාරය ඉපදුණා.
පින්වතුනි, මේ දේශනාවේ මම මේ පෙන්වන පෙළත් එක්ක සිහිය නුවණ අනුපිළිවෙළට අර ගෙන එන්න. මම මේ අතර මැද තියෙන කාරණා විස්තර කරන්නේ නැහැ කලින් විස්තර කරලා තියෙන නිසා.
එහෙම හිතෙන විට බෝසතාණන් වහන්සේට නුවණ ඇති වුනා, වැටහුණා මේ ලෝකයේ නොයෙක් දුක් දොම්නස් තියෙනවා නම්, ලෙඩ වීමේ දුක, මහලු බවේ දුක, මරණ දුක, අපි‍්‍රයයන් හා එක්වීමේ, පි‍්‍රයයන්ගෙන් වෙන් වීමේ, යම් තාක් දුකක් මේ ලෝකයේ තියෙනවා නම්, අනේ මේ දුක කුමක් නිසා ද ඇතිවූවේ කියලා මෙනෙහි කරන විට දැක්කා ‘ජාතිපච්චයා ජරා මරණං’ ඉපදුණු නිසා නේද කියලා. ඉන් පසු බෝසතාණන් වහන්සේගේ නුවණ යොමු වුනා ඉපදීම කියන ධර්මතාවය ඇතිවෙන්නේ කුමක් නිසා ද කියන කාරණාව බලන්න. බෝසතාණන් වහන්සේට නුවණට අවබෝධ වුනා භවය නිසා මේ ජාතිය වෙනවා. භවය ඇතිවෙන්නේ කුමක් නිසා ද කියලා යෝනිසෝමනසිකාරයෙන් බලන විට, ඒ යෝනිසෝමනසිකාරයට, නුවණට වැටහුණා උපාදානය නිසයි භවය, උපාදානයට හේතුව නුවණින් බලන විට වැටහුණා තණ්හාව නිසා. තණ්හාව නුවණින් බලන විට වැටහුණා වේදනාව නිසා. වේදනාව ගැන නුවණින් බලන විට වැටහුණා ස්පර්ශය නිසා. ස්පර්ශය ගැන නුවණින් බලන විට වැටහුණා ආයතන ටික නිසා. ආයතන ටික ගැන නුවණින් බලන විට වැටහුණා මේ නාමරූප නිසා. නාමරූප වලට හේතුව, ප්‍රත්‍යය හොයලා නුවණින් බලන විට දැක්කා විඥානය නිසා. විඥානයට ඇති හේතුව ප්‍රත්‍යය නුවණින් හොයන විට බලන විට තේරුණා සංඛාර නිසා. සංඛාරයට හේතුව ප්‍රත්‍යය නුවණින්, හොයන කොට, බලන විට තේරුණා අවිද්‍යාව නිසා කියලා.
ඔන්න හොඳට බලන්න බෝසතාණන් වහන්සේ “මේ ලෝකයේ නොයෙක් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස උපදිනවා. ලෝකයා මේ අබියස දී අසරණයි. අනේ මේකට හේතුව කුමක් ද?” කියලා එකින් එකට හේතු සොයා ගෙන ගියා ම දැක්කා අවිද්‍යාව කියන ධර්මතාව නිසා කියලා උත්තරයක් ආවා. හරියට දම්වැලක එක එක පුරුකෙන් පුරුක ඇමිණිලා තියෙනවා වගේ මේ ජරා මරණ දුකට එකින් එක, එකින් එක ප්‍රත්‍ය වෙලා අවිද්‍යාව කියන තැන දක්වා ම නුවණ විහිදුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ප්‍රතිලෝමව ඒ ධර්මය මෙනෙහි කළා, එහෙනම් මේ අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා. සංඛාර නිසා විඥානය ඇති වෙනවා. විඥානය නිසා නාමරූප ඇති වෙනවා. නාමරූප නිසා සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණයි කියලා, අවිද්‍යාවේ ඉඳලා දුක දක්වා ම ප්‍රතිලෝමව ආපහු මෙනෙහි කළා. මුලින් දුකේ ඉඳලා ප්‍රත්‍යය ටික හොයා ගෙන හේතු ටික බලා ගෙන අවිද්‍යාව දක්වා ම ගියා. ආපහු අවිද්‍යාව නැමති හේතුවේ ඉඳන් බලා ගෙන, බලා ගෙන දුක නැමති ඵලය දක්වා ම ආවා. ඔන්න බෝසතාණන් වහන්සේගේ නුවණට අවබෝධ වුනා, මෙන්න මේ දුකට හේතුව මෙන්න මෙය යි කියලා, අවිද්‍යාව දක්වා ම.
මෙතැන පින්වතුනි, මේ පටිච්ච සමුප්පාද පාළියේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ කියලා ජරාමරණයෙන් අවසන් වන තැන තියෙනවා සත්‍ය දෙකක්. ‘ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාය’ කියලා පෙන්නුවේ ලෝකේ තියෙන මේ දුක්ඛ සත්‍යයට නමක්. ඒ දුකට අතීත හේතුව, අතීත හේතුවට අතීත හේතුව, වර්තමාන හේතුව, වර්තමාන හේතුවට වර්තමාන හේතුව කියන මෙන්න මේ ක්‍රමයට යෙදිලා, අවිද්‍යාවේ ඉඳලා ජාතිය කියන තැන දක්වා ම දුක්ඛ සමුදයේ යෙදිලා තියෙනවා. අවිද්‍යා සංඛාර විඥාන නාමරූප සළායතන ඵස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති කියන විට මේ දුක ඇති වෙන්න තියෙන හේතු ටික, දුක්ඛ සමුදය. ඒකේ ඵලය තමයි දුක. ඔන්න දුකත්, දුක ඇති වෙන්න තියෙන හේතු ටිකත් අර ගෙන ගියා උඩට ම. දැන් මෙන්න මේ ක්‍රමය හොඳට බලන්න. යම් කිසි තැනක ජරා මරණ දුක තියෙනවා නම්, මේ දුක තියෙන්නේ අවිද්‍යාව තියෙන තැනකයි කියන උත්තරය ලැබෙනවා. මේ පර්යේෂණයෙන් බෝසතාණන් වහන්සේට ආවේ මෙන්න මේ උත්තරය, “යම් තැනක අවිද්‍යාව තිබුනොත්, ජරා මරණ කියන ධර්මතාවය නො හදා නතර වෙන්නේ නෑ”. අවිද්‍යාව කියන සිද්ධිය ජරා මරණ නොවේ. සංඛාර කියන සිද්ධිය ජරා මරණ නොවේ. යම් කලෙක අවිද්‍යාව තිබුනොත් සංඛාර වෙලා, සංඛාරයෙන් විඥානය වෙලා, මේ එකින් එක උපද්දලා නතර වෙන්නේ ජරා මරණ දුක හදලා යි කියන කාරණාව තියෙනවා. අනිත් පැත්තට බැලුවාම ජරා මරණ දුක තියෙනවා කියලා කියන්නේ, ජාතිය තියෙනවා, භවය තියෙනවා, උපාදානය තියෙනවා කියලා අනිත් පැත්තට යනවා අවිද්‍යාව තියෙනවා කියන තැන දක්වා ම.
ඔන්න මේ උත්තරය හොඳට දැන ගන්න, දැක ගන්න, “අවිද්‍යාව යම් තැනක තිබුනොත් ජරා මරණ එතැන හිස් නැහැ. ජරා මරණ යම් තැනක තියෙනවා නම්, එතැන අවිද්‍යාව හිස් නැහැ. මේ අවිද්‍යාව ඇති තැන ජරා මරණයි” කියලා. අවිද්‍යාව සමුදය සත්‍යය, ඒ හේතුවෙන් තව ධර්මයක් උපද්දලා, තව ධර්මයක් උපද්දලා දුක නැමති ඵලය ඇති කරනවා කියලා දුක දැක්කා. ඔන්න දුකයි, දුක්ඛ සමුදයයි දෙක දැක්කා මේ පටිච්චසමුප්පාද ධර්මය හරහා. කොතැනක හරි ජරා මරණ දුක විඳිනවා නම් කෙනෙක්, ජරා මරණ දුක පවතිනවා නම්, හොඳට දකින්න, අවිද්‍යාව තියෙන තැනකයි කියන කාරණාව, උත්තරය ලැබුණා.
ඊට පස්සේ බෝසතාණන් වහන්සේ අනිත් පැත්තට මෙනෙහි කළා, “අනේ මේ ලෝකයේ ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස තියෙනවා, අනේ මේ ලෝකයේ තියෙන දුක නැති වෙන්නේ කවදා ද, කුමක් නැති වීමෙන් ද?” කියලා බලන විට, දැක්කා ඉපදීම නැති වුනොත් නම් මේ දුක නෑ. එහෙනම් ඉපදීම නැති වෙන්නේ කොහොම ද? භවය නැති වුනොත් ඉපදීම නැහැ. භවය නැති වෙන්නේ කොහොම ද? උපාදානය නැති වුනොත් භවය නැහැ. මේ විදිහට ආපහු උඩ කෙළවරට ම යන තෙක් ගියා, දැක්කා මෙන්න මේ සංඛාර නැති වෙනවා, අවිද්‍යාව නැති වෙන විට කියලා, අවිද්‍යාව නැති තැන දක්වා ම දැක්කා. එතකොට ආපහු ප්‍රතිලෝමව මෙනෙහි කළා, “අවිජ‍්ජායත‍්වෙව අසෙස විරාග නිරොධා සංඛාර නිරොධො, සංඛාර නිරොධා විඤ‍්ඤාණ නිරොධො, විඤ‍්ඤාණ නිරොධා නාමරූප නිරොධො, අවිද්‍යාව ඉතිරි නො කර නැති කිරීමෙන් සංඛාර නැති වෙනවා. සංඛාර නිරොධා විඤ‍්ඤාණ නිරොධො, සංඛාර නැති වීමෙන් විඥානය නැති වෙනවා. විඤ‍්ඤාණ නිරොධා නාමරූප නිරොධො, විඥානය නැති වීමෙන් නාමරූප නැති වෙනවා” කියලා ආපහු ප්‍රතිලෝමව ආවා, “ජාති නිරොධා ජරා මරණ සොක පරිදෙව දුක‍්ඛ දොමනස‍්ස උපායාසා නිරුජ‍්ඣන‍්ති, මේ ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් නැති වෙනවා” කියලා දැක්කා.
එතකොට මෙන්න මෙතැන හොඳට දකින්න. ජරා මරණ නැති තැනට කියනවා පින්වතුනි අජරාමර කියලා. ජරාව නැති තැනට කියනවා අජර කියලා, මරණය නැති තැනට කියනවා අමර කියලා. අජර අමර කියලා කියන්නේ, ජරාව නෑ, මරණය නෑ. ජරා මරණ නැති වෙන්නේ, අජරාමර වෙන්නේ කවදා ද කියලා බැලුවා. අජරාමර කීවේ නිවනට. ‘ජරා මරණ සොක පරිදෙව දුක‍්ඛ දොමනස‍්ස උපායාසා නිරුජ‍්ඣන‍්ති’ කීවේ නිවනේ ලක්‍ෂණයක්. නිවනේ දී මේ දුක් නිරුද්ධයි. එහෙනම් මේ දුකේ නිරෝධයට හේතු ටික බලා ගෙන බලා ගෙන ගියා, අවිද්‍යාව නැති තැන දක්වා ම. අනිත් පැත්තට ආවා, අවිද්‍යාව නැති කළොත් සංඛාර නැති වෙලා, විඥාන නැති වෙලා, මේ ජරා මරණ දුක නැති වෙනවා කියලා. මෙන්න මේ පර්යේෂණයෙන් බෝසතාණන් වහන්සේට උත්තරයක් ආවා, “යම් තැනක අවිද්‍යාව නැති වුනොත්, එතැන අජරාමර බව පවතිනවා, ජරා මරණ නැති තැන සාක්‍ෂාත් වෙනවා” කියලා උත්තරයක් ආවා. “ජරා මරණ නැති වෙන්නේ යම් තැනක ද, නැත්තේ යම් තැනක ද, එතැන අවිද්‍යාව නැහැ” කියන කාරණාව ආවා. අවිද්‍යාව නැති තැන කියන විට දැන ගන්නට ඕනෑ, විද්‍යාව ඇති තැන කියලා. ‘විජ‍්ජා උප‍්පාදා අවිජ‍්ජා නිරොධො’, විද්‍යාව උපන් කල්හි අවිද්‍යාව නිරෝධ වෙනවා.
පින්වතුනි, අපි කීවොත් යම් කිසි තැනක අඳුරක් තියෙනවා නම්, ආලෝකයක් ඇති වෙන විට ඒත් එක්ක ම අඳුර නැති වෙනවා. දැන් මේ ආලෝකය ගැන ක්‍රම දෙකකින් කතා කරන්න පුළුවන්, දැන් ‘අඳුර නැහැ’ කියලා කියන්නත් පුළුවන්, දැන් ආලෝකය යි පවතින්නේ කියලා කියන්නත් පුළුවන්. අඳුරක් නැහැ කියලා කීවත්, ආලෝකයක් පවතිනවා කියලා කීවත් අර්ථය දෙක ම එකයි. ඒ වගේ, ‘අවිද්‍යාව දැන් නැහැ’ කියලා කීවත්, ‘විද්‍යාව ඉපදිලා තියෙන්නේ’ කියලා කීවත් දෙක ම එකයි. විද්‍යාව ඉපදුණ නිසයි අවිද්‍යාව නැති වූවේ. මේ අවිද්‍යාව නැති වුනා කියලා කියන්නේ විද්‍යාව ඉපදුණා. ‘දැන් තියෙන්නේ විද්‍යාවයි’ කියලා කියන්නත් පුළුවන්, ‘අවිද්‍යාව නෑ’ කියලා කියන්නත් පුළුවන්. දෙක ම හැඳින්වූවේ විද්‍යාවට. එතකොට ‘අවිජ්ජා නිරෝධෝ’ කියලා, අවිද්‍යාව නැති වුනොත් කියලා කීවේ, විද්‍යාව ඇති වුනොත් කියන එකමයි. අවිද්‍යාව නැති තැන කියන්නේ විද්‍යාව ඉපදුණු තැන. “අවිද්‍යාව නැති වුනොත්, ඒ කියන්නේ විද්‍යාව ඉපදුණා ම, සංඛාර නැති වෙලා, විඥානය නැති වෙලා, ජරා මරණ දුක නැති වෙනවා” කියලා උත්තරයක් ලැබුණා.
මෙන්න මේ පර්යේෂණයෙන් බුදුරජාණන් වහන්සේට, බෝසතාණන් වහන්සේට උත්තර දෙකක් ආවා.
1. අවිද්‍යාව කියන ධර්මතාවය යම් තැනක තිබුනොත්, ඒකේ ඵලය හැටියට ජරා මරණ පැවැත්මයි ලැබෙන්නේ. විද්‍යාව යම් තැනක තිබුනොත්, එතැන ජරා මරණ පවතින්නේ නෑ, තියෙන්නේ අජරාමර බවක්, ජරා මරණ නැති තැනක්
2. යම් තැනක ජරා මරණ තියෙනවා නම් ඒ අවිද්‍යාව නිසයි. අජරාමර බව තියෙනවා නම් ඒ විද්‍යාව නිසයි.
පින්වතුනි, අද දවසේ ද, අපි ද ගිරව් කියනවා වගේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං’ කියලා මෙන්න මේ පෙළ සජ්ජායනා කළාට තේරුමක් නෑ. ඒකෙන් කුසල ධර්මයක් සිද්ධ වෙයි. නමුත් එහෙම මෙනෙහි කළ පමණින් ම මේ ජීවිතයේ අද අද ම සසරින් එතෙර වෙන ධර්මඥානයක් ලැබෙන්නේ නෑ. අර්ථය දැන ගන්න ඕනෑ. ඇයි ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං’ කියලා පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්නේ, ඇයි මේ දුකට හේතුව ඉපදීම, ඉපදීමට හේතුව භවය කියලා අවිද්‍යාව දක්වා මෙනෙහි කරන්නේ කියලා බලන්න. ඇයි ජරා මරණ නැත්තේ? කුමක් නිසා ද? ඉපදීම නැති නිසා. ඉපදීම නැති වෙන්නේ භවය නැති නිසා. අවිද්‍යාව නැති තැන දක්වා කියලා මෙනෙහි කරලා බලන්න කියලා.
මෙන්න මේ ටික මෙනෙහි කළා ම, අනුලෝම ප්‍රතිලෝමව මේකෙන් ලැබෙන්න ඕනෑ උත්තරයක් තියෙනවා. ඒ උත්තරය තමයි ජරා මරණ ලැබෙන්නේ අවිද්‍යාව නිසයි. අවිද්‍යාව තියෙන තැන ජරා මරණ තියෙනවා කියන උත්තරය ඇති වෙනවා. අජරාමර බව ලැබෙන්නේ විද්‍යාව නිසයි, අවිද්‍යාව නැති තැනටයි. අවිද්‍යාව නැති වුනොත්, ඒ කියන්නේ විද්‍යාව ඉපදුනොත් ජරා මරණ නැති වෙනවා කියන නුවණත් ඇති වෙනවා. ඔන්න ඒ සත්‍ය දෙක තුළ තියෙනවා නිරෝධ සත්‍යයයි, මාර්ග සත්‍යයයි. ‘ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ඣන්ති’ කියන තැන නිරෝධ සත්‍යය. ‘අවිජ්ජා නිරොධො’ කියලා කීවේ විද්‍යාව ඉපදුණා, සම්මා දිට්ඨිය ඇතිවුණා. මෙතැන තියෙනවා මාර්ගය. ඒ කියන්නේ මාර්ග සත්‍යය. මේ පටිච්චසමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝමව පවතින කොට, බලන විට මේ ධර්මතා දෙකෙන් මෙතැන තියෙන්නේ චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ අවබෝධය. ඔන්න දැන් මේ පටිච්චසමුප්පාදය ගළපලා උත්තර දෙකක් ආවා, අවිද්‍යාවෙන් ජරා මරණත්, විද්‍යාවෙන් අජරාමර බවත් කියන එක. දැන් මෙන්න මේ කරණාව පින්වතුනි, අපට ටිකක් තර්කානුකූලව අපේ ජීවිතයෙන් බලන්නට ඕනෑ.
මතු සම්බන්ධයි!
සියළුම ලිපි සඳහා පිවිසෙන්න : https://goo.gl/wM0Fxz
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.


සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

කලන මිතුරන් හඳුනා ගනිමු. කලන මිතුරන් ඇති බව සැපයකි


පාපකබීජ සූත්‍රය. -> http://pitaka.lk/26252/306/cs,aps
’’මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්‍මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ (ඵස්සාදී) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්‍ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස, අවැඩ පිණිස, දුක් පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටිය ලාමකවේද (එහෙයිනි.)
’’මහණෙනි, කොසඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත්වූ පොළවෙහි සිටවන ලද්දේ, යම්බඳුවූ පෘථිවි රසයකුත් ඇදගනීද, යම්බඳු ආපෝ රසයකුත් ඇදගනීද, ඒ සියලු රසය තිත්ත භාවය පිණිස, කටුකභාවය පිණිස, අමධුරභාවය පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය (ඇටය) ලාමක වේද. එහෙයිනි.
’’මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්‍මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ (ඵස්සාදී) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්‍ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස, අවැඩ පිණිස, දුක් පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටිය ලාමකවේද (එහෙයිනි.)
ත්‍රිපිටකය පරිශීලනයට පුරුදු වෙමු

11/9/15

“ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පවත්නා මහා පුරුෂ ලක්ෂණ අනුව පිහිටියා වූ, සම්බුද්ධ ශරීරයෙක පමණක් ප්‍රකට වන්නා වූ අනුව්‍යංඤ්ජන ලක්ෂණයෝ අසූව.


“ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පවත්නා මහා පුරුෂ ලක්ෂණ අනුව පිහිටියා වූ, සම්බුද්ධ ශරීරයෙක පමණක් ප්‍රකට වන්නා වූ අනුව්‍යංඤ්ජන ලක්ෂණයෝ ම අසූවෙ කි. එමැ අසූ අනුව්‍යංඤ්ජන ලක්ෂණයෝ කවරේද යත්, හේ මෙසේ දත යුතු :-
1. තථාගතයන් වහන්සේහට මනහර පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
2. තථාගතයන් වහන්සේහට අන්යෝඤන්යප ප්‍රමාණයෙන් සම වූ පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
3. තථාගතයන් වහන්සේහට මනාව වට වූ, නාලාකාර පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
4. තථාගතයන් වහන්සේහට තඹ පැහැ නිය දරන පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
5. තථාගතයන් වහන්සේහට යම් තම් උඩු අග් බලා සිටින නිය අගින් යුක්ත පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
6. තථාගතයන් වහන්සේහට ඔපවත් මෘදු වූ, වට වූ නිය සහ නිය අගින් යුක්ත පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.
7. තථාගතයන් වහන්සේහට මනාව වට වූද, උස් වූද ගොප් ඇට (දෙපා වළලුකර අස්ථි) ඇත්තේ ය.
8. තථාගතයන් වහන්සේහට සම වූ පාද සහ පා පතුල් තල ඇත්තේ ය.
9. තථාගතයන් වහන්සේහට ගජේන්ද්රදයෙකු (හස්ති රජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.
10. තථාගතයන් වහන්සේහට මෘගේන්ද්ර යෙකු (සිංහ රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.
11. තථාගතයන් වහන්සේහට සරාසරේන්ද්රකයෙකු (හංස රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.
12. තථාගතයන් වහන්සේහට උසභේන්ද්ර යෙකු (වෘෂභ රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.
13. තථාගතයන් වහන්සේහට වඩිනා කල්හි, සැම විට මැ දකුණු ශ්රීෙ පාදය පෙරට තබා වඩිනා ගමන් විලාස ඇත්තේ ය.
14. තථාගතයන් වහන්සේහට පිටතට නො නෙරූ උස් වූ දනහිස් අස්ථීන් ඇත්තේ ය.
15. තථාගතයන් වහන්සේහට කෝෂයට වැදහෙව සිටි පරිපූර්ණ පුරුෂ ව්යහඤ්ජනයක් (පුරුෂ නිමිත්තක්) ඇත්තේ ය.
16. තථාගතයන් වහන්සේහට කැළැල් නැත්තා වූද, පළුදු නැත්තා වූද නාභියක් ඇත්තේ ය.
17. තථාගතයන් වහන්සේහට ඉතා උස් ද නො වූ, ඉතා ගැඹුරු ද නො වූ, පිටතට නො නෙරූ උදරයක් ඇත්තේ ය.
18. තථාගතයන් වහන්සේහට දක්ෂිණා වෘත්තව පිහිටි නාභියක් ඇත්තේ ය.
19. තථාගතයන් වහන්සේහට නාඹර රඹ (කෙසෙල්) කඳන් යුගලක් වන් ඌරු යුග්මයක් (දෙ කලවා) ඇත්තේ ය.
20. තථාගතයන් වහන්සේහට ඇත් සොඬ වන් මනාව වට වූ, මනහර බාහු යුග්මයක් (දෙ අත්) ඇත්තේ ය.
21. තථාගතයන් වහන්සේහට රත් පැහැ (රෝස පැහැ) අතුල් තල සහ පතුල් තල ඇත්තේ ය.
22. තථාගතයන් වහන්සේහට අවශ්ය ය තන්හි ඝන වූද, අවශ්යතය තන්හි සියුම් වූද, මෘදු මොළොක් සම සහ සම් සිවිය ඇත්තේ ය.
23. තථාගතයන් වහන්සේහට රැළි නො වැටුණු සම ඇත්තේ ය.
24. තථාගතයන් වහන්සේහට පැල්ලම්, බිබිලි, ගඩු, ගෙඩි සහ ඉදිමුම් රහිත වූ සම ඇත්තේ ය.
25. තථාගතයන් වහන්සේහට සියළු තන්හි කැළැල් රහිත වූ සම ඇත්තේ ය.
26. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රන වූ, කුණු දූලි රහිත වූ, කුණු දූලි නො රඳනා සම සහිත දේහයක් ඇත්තේ ය.
27. තථාගතයන් වහන්සේහට හස්තීන් (ඇතුන්) කෝටි දහසකගේ (10 000 000 000) කාය බල ඇත්තේ ය. එ බැවින් සර්ව්ඥයන් වහන්සේ දසබල නම්වන සේක.
28. තථාගතයන් වහන්සේහට අගින් මදක් උඩු බලා සිටි උත්තුංග නාසිකාවෙක් (නාසයක්) ඇත්තේ ය.
29. තථාගතයන් වහන්සේහට ඉතා දිගු ද නො වූ, ඉතා කෙටි ද නො වූ, වඩා තර ද නො වූ, වඩා සිහින් ද නො වූ මනාව සමානුපාතව පිහිටි නාසිකාවෙක් (නාසයක්) ඇත්තේ ය.
30. තථාගතයන් වහන්සේහට ඉතා දිගු ද නො වූ, ඉතා කෙටි ද නො වූ, වඩා තර ද නො වූ, වඩා සිහින් ද නො වූ, අන්යෝ න්යි ප්රාමාණයෙන් සම වූ මනාව පිහිටි රත් පැහැ (රෝස පැහැ) තොල් සඟලක් ඇත්තේ ය.
31. තථාගතයන් වහන්සේහට දුර්වර්ණ නො වූ (පැල්ලම් රහිත වූ), ඵලක රහිත පවිත්රද දන්ත පංක්තියක් ඇත්තේ ය.
32. තථාගතයන් වහන්සේහට ඔප දැමූ ශංඛ පෘෂ්ඨයක් (හක් බෙල්ලෙකුගේ කටුවක් ) වැනි වූද, දිගු දන්තයන්ගෙන් හෙබියා වූද ශුභ්රන වර්ණ (සුදු පැහැ) දන්ත පංක්තියක් ඇත්තේ ය.
33. තථාගතයන් වහන්සේහට ඔපවත් වූද, මෘදු වූද දන්ත පංක්තියක් ඇත්තේ ය.
34. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රර වූ මනාව පිහිටි පසිඳුරන් (පංචේන්ද්රිංය) ඇත්තේ ය.
35. තථාගතයන් වහන්සේහට මනාව වට වූ, වටකුරු පළිඟුවන් දළදා (රදනක දත්) සතරෙක් ඇත්තේ ය.
36. තථාගතයන් වහන්සේහට දිගු වූ, මනහර මුව මඬලක් (මුහුණක්) ඇත්තේ ය.
37. තථාගතයන් වහන්සේහට පරිපූර්ණව පිරුණු, කාන්තිමත් කොපුල් සඟලක් (දෙ කම්මුල්) පිහිටා ඇත්තේ ය.
38. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත ගැඹුරුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.
39. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත දිගුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.
40. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත ඇද සහ පැලුම් රහිත වැ සෘජුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.
41. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත විහිදුණු රත් පැහැ (රෝස පැහැ) හස්ත රේඛා ඇත්තේ ය.
42. තථාගතයන් වහන්සේහට ස්ව ශරීරයෙන් නිති බඹයක් (සතර රියනක් නොහොත් අඩි සයක්) තරම් දුර විහිදෙන ජෝතිමත් වූ රශ්මි මණ්ඩලයෙක් (බ්යාසමප්රඩභාවෙක්) ඇත්තේ ය.
43. තථාගතයන් වහන්සේහට මෘදු වූද, මොළොක් වූද සම්පූර්ණව වටකුරුව පිහිටි කොපුල් සඟලක් (දෙ කම්මුල්) ඇත්තේ ය.
44. තථාගතයන් වහන්සේහට අන්යෝවන්ය් ප්රදමාණයෙන් සම වූද, නේත්ර් මණ්ඩ (ඇස්) නො ඉක්ම වන්නා වූද මනහර ඇස්පිය ඇත්තේ ය.
45. තථාගතයන් වහන්සේහට නො කැළැල් වූ දෘෂ්ටිග්රාොස ය කරන අක්ෂි ස්නායු පසක් ඇත්තේ ය.
46. තථාගතයන් වහන්සේහට අගින් නො නැමුණු, එහෙත් උඩු අග් බලා සිටින කුණ්ඩලාකාර අඳුන්වන් ශරීර ලෝම ඇත්තේ ය.
47. තථාගතයන් වහන්සේහට මනාව පිහිටි වටකුරු ජීහ්වයෙක් (දිවක්) ඇත්තේ ය.
48. තථාගතයන් වහන්සේහට මොළොක් වූ සුරක්ත ජීහ්වයෙක් (දිවක්) ඇත්තේ ය.
49. තථාගතයන් වහන්සේහට පද්මයක පිහිටි ශේඛරපත්ර්වන් (පෙති) ලඹසවන් (දෙසවන්) ඇත්තේ ය.
50. තථාගතයන් වහන්සේහට මනාව සුපිහිටි වටකුරු කර්ණ ජිද්රව (දෙසවන් සිදුරු) ඇත්තේ ය.
51. තථාගතයන් වහන්සේහට අන්යෝකන්යිව නො බැඳුණු, අන්යෝඹන්ය්ව නො ඇලුණු කණ්ඩරා (බලනහර ) සහ බලසේතු පිහිටා ඇත්තේ ය.
52. තථාගතයන් වහන්සේහට ශරීර මංශ පේශී සමැඟින් ගැඹුරින් මොනව ට බැඳුණා වූ කණ්ඩරා (බලනහර ) සහ බලසේතු පිහිටා ඇත්තේ ය.
53. තථාගතයන් වහන්සේහට මෞලියෙක්වන් (වොටුන්නක්වන්) ශිරෝධාතුවෙක් ඇත්තේ ය.
54. තථාගතයන් වහන්සේහට දිගින් ද පුළුලින් ද සම සම වැ පිහිටි මනහර නළල්පටක්වන් ලලාටයෙක් (නළලක්) ඇත්තේ ය.
55. තථාගතයන් වහන්සේහට වටකුරු ව පිහිටි ලලාටයෙක් (නළලක්) ඇත්තේ ය.
56. තථාගතයන් වහන්සේහට දුන් දණ්ඩෙකවන් හැඩ ඇති ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
57. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද, මුදු වූද ලෝම සහිත ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
58. තථාගතයන් වහන්සේහට අන්යෝ්න්ය ව නේත්ර මණ්ඩල (ඇස්) හා සමව ද, සමාන්තරව ද පිහිටි ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
59. තථාගතයන් වහන්සේහට විශාල වූද, මනහර වූද ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
60. තථාගතයන් වහන්සේහට නේත්රත මණ්ඩල (ඇස්) නො ඉක්ම වන්නා වූද, නේත්ර මණ්ඩල කෙළවර කොට ඇත්තාවූ ද මනහර ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.
61. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද, මොළොක් වූද සමෙන් සහ සම් සිවියෙන් ආවාරිත දේහයක් ඇත්තේ ය.
62. තථාගතයන් වහන්සේහට මංගල ලක්ෂණයන්ගෙන් විසිතුරු වූ විපුල බවට පැමිණි පරිපූර්ණ දේහයෙක් ඇත්තේ ය.
63. තථාගතයන් වහන්සේහට ජෝතිමත් දේහයෙක් ඇත්තේ ය.
64. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රක වූ පියුමෙක්වන් අතිශයින් පවිත්රර වූ දේහයෙක් (සමෙන් සහ සම් සිවියෙන් යුක්ත දේහයෙක්) ඇත්තේ ය.
65. තථාගතයන් වහන්සේහට ක්ෂණික වැ ඵොට්ඨබ්බාග්රාේස ය කරන (ස්පර්ශග්රා ස ය කරන) සමෙන් සහ සම් සිවියෙන් යුක්ත දේහයෙක් ඇත්තේ ය
66. තථාගතයන් වහන්සේහට නිති චන්දන (සඳුන්) සුගන්ධය හමන, චන්දන සුගන්ධය වහනයවන, චන්දන සුගන්ධයෙන් ඔපවත් වූ සඳුන් මංජුසාවක්වන් (සඳුන් කරඬුවක්වන්) දේහයෙක් ඇත්තේ ය.
67. තථාගතයන් වහන්සේහට අන්යෝඳන්යබ ප්ර මාණයෙන් සම වූ, එනම් දිගින් ඔවුනොවුන් ඉක්ම වා නො යන සම වූ ශරීර ලෝම ඇත්තේ ය.
68. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද ශරීර ලෝම ඇත්තේ ය.
69. තථාගතයන් වහන්සේහට සියුම් වූ සුකුමොළ වැ චලනය වන්නා වූ මෘදු ශ්වාස ධාරාවෝ (අශ්වාස ප්රදශ්වාසයෝ) ඇත්තේ ය.
70. තථාගතයන් වහන්සේහට සැමැ විටම මුව මඬල සරසන සිත (මඳ සිනහ) ඇත්තේ ය. (සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුව මඬල සරසන මඳ සිනහව “සිත” නමින් හැඳින්වෙන්නේ ය. එමැ සිත සිනහව සෝමනස්ස සහගත හසිතුප්පාද කිරිය චිත්තය මුල් වැ හට ගන්නේ ය. කිරිය සිත් බුද්ධ ප්ර ත්යේ ක බුද්ධ අරහන්තයන උත්තමයන්ට පමණක් හටගන්නේ ය.)
71. තථාගතයන් වහන්සේහට නිති පියුම් (නෙළුම්) සුගන්ධය හමන, පියුම් සුගන්ධය වහනයවන, පියුම් සුගන්ධයෙන් ඔපවත් වූ පියුම් කෙමියෙක්වන් මුව මඬලක් ඇත්තේ ය.
72. තථාගතයන් වහන්සේහට අඳුන්වන් පැහැ ඇති කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
73. තථාගතයන් වහන්සේහට මනාව සුවඳවත් වූ කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
74. තථාගතයන් වහන්සේහට හෙළ පියුම් (සුදු නෙළුම්) සුගන්ධය හමන, හෙළ පියුම් සුගන්ධය වහනයවන, හෙළ පියුම් සුගන්ධයෙන් ඔපවත් වූ කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
75. තථාගතයන් වහන්සේහට කුණ්ඩලාකාර කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
76. තථාගතයන් වහන්සේහට නො පැසෙන, ශුක්ල (සුදුවන්) බවට නො පැමිණෙන, මහළුවන විට හණ වැහැරිවන් නො වන කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
77. තථාගතයන් වහන්සේහට සියුම් සියුමැලි මෘදු කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
78. තථාගතයන් වහන්සේහට සංකූල නො වූ (එකිනෙක පටලැවී අවුල් නො වුණු) කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
79. තථාගතයන් වහන්සේහට දිගු කැරලි සහිත කුණ්ඩලාකාර කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.
80. තථාගතයන් වහන්සේහට වොටුන්නක මුදුනේ පැළඳි මල් දමක්වන් ශිරෝධාතුවෙන් නිති පැන නැඟි දිගින් රියනක් (අඟල් දහඅටක්) තරම් වූ රශ්මි කදම්භයක් (කේතු මාලාවක්) ඇත්තේ ය.
යි. එමැ අසූ අනුව්‍යංඤ්ජන ලක්ෂණයෝ කියවා නිමවන ලදහ." සත්පුරුෂයන් විසින් කියවා බුද්ධානුස්සති කටයුතු යි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බෝ කල් ලොව පවතීවා.
මේ පිරිසිදු ප්‍රණීත ශ්‍රී ස්ද්ධර්මය මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ අතීතයේ වැඩසිටියාවූ මහරහත් උතුමන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයටත් වර්තමානයේ වැඩසිටින්නාවූ මහා සංඝරත්නයටත් මේ ධර්ම දානය උපහාරයක්ම වේවා. ඒ උතුම් මහා සංඝරත්නයට නිවන් පිණිසම මේ ධර්ම දානයම කුසලය හේතු වේවා. මේ කුසලය අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…!!!.



10/6/15

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ


බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ.
ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා තෘතීය ශ්‍රාවකයා විදිහටත් කටයුතු කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා වගේම රූපයෙනුත් බොහෝ දුරට උන්වහන්සේ බුදුන් වහන්සේට සමාන වුණා. ඒත් උන්වහන්සේ බුදුන් වහන්සේට වඩා අඟල් 4 කින් උස අඩුයි. කෙසේ නමුත් එක්වරම දෙදෙනා වහන්සේලාව හඳුනාගන්න නොහැකි නිසා නොයෙක් ගැටලු ඇතිවුණා.
එක කතාවක් තමා හැමදාම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහා කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩිය නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදපු බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක
මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවලට ලක්වෙන නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩ වාසය කරනවා.
බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගන්න හරි අපූරු විදිහකට මොකද ඒ කාලේ අද කාලේ වගේ ටෙලිග්‍රෑම්, ටෙලිෆෝන් තිබ්බ එකක්යැ. ඒ විදිහ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල් ලෙන ඉස්සරහ තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අධිෂ්ඨාන කරපු එක.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහා කාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවරුන් එක්ක කුසිනාරා නුවර බලා වඩිනවා.
සම්බුද්ධ පරිනිර්වාණය.......
මේ වෙද්දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජවරුන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා.
අවසානයේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේම චිතකයට ගිනි දැල්වෙනවා.
මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුලූවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේභාර පර්වතය පාමුළ සප්තපර්ණී ගල් ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීම.
තැන් තැන්වල විසිරිලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය 5 කට බෙදලා භික්ෂු පරම්පරාවන්ට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන්න කටයුතු සිදුවුණේ මේ ධර්ම සංගායනාව නිසා. ඒ නිසාමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට ඒක සඳහන් කළේ.
අජාසත් රජතුමා......
ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් රාජ්‍යයන් 8 කට ඒ වෙද්දී බෙදලා තිබුණත් අනාගතයේ ඒ ධාතූන් වහන්සේලාට මිසදිටුවන්ගෙන් වෙන්න පුලූවන් අනතුරු ගැන වටහා ගත්තු මහා කාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතූන් හැරෙන්න අනෙක් රාජ්‍යය 7 සර්වඥ ධාතූන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්ථූපයක තැන්පත් කරනවා.
පස්සේ කාලේ අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතූන් වහන්සේලා ලබාගන්නේ මේ ස්ථූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබිලා පසුව ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා ගෙන්වා ගන්නවා.
කතාවෙන් කතාවෙන් අද කියන්න ආපු කතාව ප්‍රමාද වුණා. කලින් කියලා තියෙන කතාවල තව විස්තර තියෙනවා. ගැටලු සහිත තැන මතු වෙද්දී ඒවාත් කියන්නම්.
අවුරුදු 120 ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන්ගේ ආයුෂ බලද්දී ආයුෂ අවසන් බව දැකලා තමන් වහන්සේ හෙට දිනයේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරලා ඒ බව අනෙක් හාමුදුරුවරුන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ බව අහලා කම්පා වෙනවා.
පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වැඩලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාළිගාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දී දිවා ආහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජ පුරුෂයන්ට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතු පතු ගාලා වතාවත් කරනවා.
කුක්කුට සම්පාත පර්වත......
අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ සෘද්ධි ප්‍රාතිහාර්යය පාලා රැස්වෙලා හිටිය පිරිසට අවවාද ලබාදීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද 4 ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා.
එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාපත්තියට සම වැදිලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරනවා.
මම පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක්වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස් සමඟ මෙතනට වැඩම කර මගේ සිරුර දකුණ අත්ලේ තබාගෙන භික්ෂු සංඝයා ඇතුලූ දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්
"පින්වත්නි මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළේය"
ආදී වශයෙන් මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.
එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා
කියලා අධිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානවා.
අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා.
පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා.
අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.
ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වෙන්නේ සම්පිණ්ඩිත මහා නිදානය කියන පාළි ග්‍රන්ථයේ මහාකස්සපථෙර පරිනිබ්බාන කතා කොටසේ.
වර්තමානයේ මේ කුක්කුටසම්පාත පර්වතය හඳුන්වන්නේ ගුරුපාදගිරි/ කුක්කුට පාදගිරි නමින්. ඒක බුද්ධගයාවේ ඉදන් කිලෝ මීටර් 33 ඈතින් තියෙන ගුරුපා තියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතය මුදුනේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බවටත් නොයෙකුත් සාදක එහෙමත් හම්බවෙලා තියෙනවා.
සුවිශේෂි කරුණක් තමා මේ පර්වතය මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක.
ප.ලි.: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රාජ මහා විහාර ස්ථූපයේ තැන්පත් කරලා තිබෙනවා.
බෙන්තර ගලපාත විහාර ස්ථූපය
දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රය කළා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා එහෙමත් පවත්වලා තියෙනවා.
මේ ලිපිය ලියන්න කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතියෙන්. ඔහුටත් පින් සිදුවේවා...