1/10/16

අට්ඨිපුඤ්ජ සූත‍්‍රය - ඇටකටු ගොඩ උපමා කොට වදාළ දෙසුම...


භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
”පින්වත් මහණෙනි, මේ සසර දිවයන සැරිසරන එකම එක පුද්ගලයෙකුගේ
මහා ඇටකටු ගොඩ, එකතු වෙන ඇටකටු ගොඩ, ඇටකටු ප‍්‍රමාණය, එකට
එකතු කරලා ගොඩගහලා විනාශ නොවී තිබුනොත්, ඒක හරියට වේපුල්ල
පර්වතය තරමට විශාල වෙනවා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න
පුළුවනි.
”එක් කල්පයක් තුළදී එකතු කරන එකම පුද්ගලයෙකුගේ ඇටකටු ගොඩ,
මහා පර්වතයක් තරමට විශාල වන බව මහා ඉසිවර බුදුරජාණන් වහන්සේ
වදාළා.
මගධ රටේ ගිරිබ්බජ නම් වූ රජගහ නුවරට උතුරින් තමයි මේ මහා
වේපුල්ල පර්වතය තියෙන්නේ. (මගධ රටේ විශාලම කඳු පහ අතරින්) මේ
වේපුල්ල පර්වතය තමයි ගොඩාක් විශාලයි කියලා කියන්නේ.
දුකත්, දුකට හේතුවත්, දුකෙන් නිදහස් වීම නම් වූ අමා නිවනත් තියෙනවා.
දුක් නැති කර දමන එ් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් තියෙනවා.
මෙන්න මේ චතුරාර්ය සත්‍යය (යමෙක්) මනා නුවණින් යුතුව අවබෝධ කළොත්,
වැඩම වුනොත් හත් වතාවක් විතරයි ඔහු සසර සැරිසරන්නේ.
ඔහු සියලූ දුක් නැති කරලා දානවා. සියලූ බැඳීම්වලින් නිදහස් වෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට
මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
:::ඛුද්දක නිකාය - ඒකක නිපාතය
සූත්‍ර පාළිය -> http://pitaka.lk/401027