3/7/17

පඨම දසධම්ම සමන්නාගත සූත්‍රය




’’මහණෙනි, ධර්‍ම දශයකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන්නාසේ මෙසේ නරකයෙහි වේ.
’’කවර දශයකින්ද යත්? මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් සියලු සතුන් කෙරෙහි රෞද්‍රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි. ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ. මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්‍මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද, පිසුණු කියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන කියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට කියන්නේ වේ. මෙසේ සමගිවූවන් බිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු දෙන්නේ, කොටස් කිරීමෙහි නියුක්තවූයේ, කොටස් කිරීමෙහි ඇලුනේ, කොටස් කරණ වචන කියන්නේ වේ. ඵරුෂ වචන කියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන කියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ වේ. නොකල්හි කියන්නේ, නොවූ දේ කියන්නේ, අයහපතින් කියන්නේ, අධර්‍මයෙන් කියන්නේ, නොහික්මීමෙන් කියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන කියන්නේ වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ වේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා කරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා ඇත්තේ, පෙරළුනු සිත් ඇත්තේ වේද, දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් වේද, මහණෙනි, මේ ධර්ම දශයෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන්නාසේ මෙසේ නරකයෙහි උපදී.
’’ මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන්නාසේ මෙසේ ස්වර්‍ගයෙහි උපදී.
’’කවර දශයකින්ද යත්? මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි. ’’නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද? පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ. ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, මහණෙනි, මේ ධර්ම දශයෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ ස්වර්‍ගයෙහි උපදී.’’

චතුරාර්ය සත්‍යාවබෝධයේ වටිනාකම


සෝවාන්වීමය, සකෘදාගාමී වීමය, අනාගාමී වීමය, රහත් වීමය, පසේ බුදු වීමය, ලොව්තුරා බුදු වීම යයි කියනු ලබනුයේ ඒ ඒ තරාතිරමින් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කිරීමයි. පළමුවරට චතුරාර්‍ය්‍ය සත්‍යය තත්ත්වාකාරයෙන් අවබෝධ කළ තැනැත්තේ එකෙණෙහි මලාමක වූ පෘථග්ජන භාවයෙන් නැගී, තථාගතයන් වහන්සේගේ ආර්‍ය්‍යශ්‍රාවක ගණයට ඇතුළත් පුද්ගලයෙක් වන්නේ ය. ඔහුට සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.
සෝවාන් පුද්ගලයා තමන් ලැබූ සත්‍ය දර්ශනඥානයේ බලයෙන් මතු කිසි කලෙක අපායෙහි නූපදින්නේ ය. ඔහු මතු සසර ඉපදෙතත් සත්වරකට වඩා නූපදනේ ය. සත් ජාතියකින් මතු ලබන්නට තිබුණු ජාති ජරා මරණාදී දුඃඛයෙන් ඔහු මිදෙන්නේ ය. ඔහුට ඉතිරි වනුයේ ඒ ජාති සතේ දී ලබන්නට වන ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ස්වල්පයක් පමණකි.
අනාගත කාලය ඉතා දීර්ඝ වූවකි. එය දින මාස වර්ෂ ගණනින් තබා කල්ප ගණනිකුදු ප්‍ර‍මාණ නො කළ හැකි ය. එහි අවසාන කොණක් ඇත්තේ ම නැත. ඒ දීර්ඝ වූ කාලයෙහි නැවත නැවතත් උපදනා වූ මේ සත්ත්වයන්ගෙන් එක් එක් පුද්ගලයකු විසින් ඉපදිය යුතු වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. අපායෙහි උපදින්නට සිදුවන වාරයන් ගේ ප්‍ර‍මාණයක් ද නැත. එබැවින් එක් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට වන දුඃඛස්කන්ධය ඉතා මහත් ය. සෝවාන් පුද්ගලයාට ඉතිරිව තිබෙන ජාති සතකට අයත් දුක් රැස නිවීගිය දුඃඛස්කන්ධය හා සසඳා බලතහොත් ඉතා සුළු දෙයකි.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නියපිට ධූලි ස්වල්පයක් තබා භික්ෂූන්ට දක්වා “මහණෙනි! මාගේ මේ නියපිට තිබෙන ධූලි විල්න හා මහ පොළොවේ පස්වලින් කවරක් වැඩිදැයි” විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේගේ නියපිට ධූලිය ඉතා අල්පය. මහ පොළොවේ පස ම ඉතා බොහෝ ය. නුඹ වහන්සේ ගේ නියපිට ඇති ධූලිය මහ පොළොවේ පසෙන් දහසින් පංගුවකුදු නො වන්නේ යයි සැලකළෝ ය. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක් :-
“එවමෙව ඛො භික්ඛවෙ! අරියසාවකස්ස දිට්ඨි සම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතොවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛිණං පරියාදින්නං අප්පමත්තකං අවසිට්ඨං නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, නං සතසහස්සිමං කලං උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදීදං සත්තක්ඛත්තුපරමතා. ”
යනුවෙන් “මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළා වූ සෝවාන් වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ක්ෂය වූ දුඃඛය ම ඉතා බොහෝ ය. ඉතිරි දුක සුළුය. එය ක්ෂය වූ දුඃඛයෙන් සියයෙන් පංගුවකුදු නො වන්නේය, දහසින් පංගුවකුදු නො වන්නේය, ලක්ෂයෙන් පංගුවකුදු නො වන්නේය” යි වදාළ සේක.
අභිසමය සංයුත්තකයෙහි හා සච්චසංයුක්තකයෙහි ද සූත්‍ර‍ බොහෝ ගණනක ම නොයෙක් උපමාවලින් මේ කාරණය වදාරා තිබේ. චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය මේ සා මහත් නිදහසක් ලබාදෙන දෙයක් වන බැවින් ඒ සත්‍යයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කරන්නා වූ ඥානය පමණ වටිනා දෙයක් මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොවවත් නැත යයි කිය යුතුය. එහෙයින් වදාළහ. :-
“පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චේන සොතාපත්ති ඵලං වරං”

‘සක්විති රජකමට ද වඩා, ස්වර්ගයට යාමට ද වඩා, සියලු ලොව අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උතුම්ය’ යනු මෙහි තේරුමයි. සෝවාන් ඵලය යනු ආර්‍ය්‍යසත්‍යාවබෝධයෙන් ලැබෙන ඵලයයි.
චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධය කරන ඥානය යමකුට ලැබෙතහොත් එයට වඩා උතුම් ලාභයක් නැත. බුද්ධ කාලයෙහි හා ඒ සමීප කාලයෙහි විසූ බොහෝ මනුෂ්‍යයෝ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කොට නිවන් දැක දුකින් මිදුණාහ. බොහෝ දෙන ඒ සඳහා මහා ධනස්කන්ධයන් හැර දමා, ප්‍රාණය සේ ප්‍රිය අඹුදරුවන් හැර දමා පැවිදි වූහ. මෙකල වසන ගිහි පැවිදි සැම දෙනා ම වාගේ මෝහයෙන් මුළාව තෘෂ්ණාවට වාල්ව එකිනෙකා පරයා පොහොසත් වීමට උත්සාහ කරනු මිස, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කිරීම ගැන සිතින්වත් නො සිතන්නාහුය. එබැවින් වර්තමාන ගෘහස්ත ප්‍ර‍ව්‍ර‍ජිතයෝ සර්වඥශාසනයෙන් ලබාගත යුතු නියම ප්‍රයෝජන නො ලබති. ගිහියන් කෙසේ වුවත් පැවිදි පක්ෂය මේ සඳහා විශේෂයෙන් ම උත්සාහවත් විය යුතුය. පැවිදිවීමේ පරමාර්ථය ද එය ම ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදි.:-
“යෙහි කෙවි භික්ඛවෙ! අතීතමඬානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිංසු. සබ්බෙ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, යෙ හි පි කෙචි භික්ඛවෙ! අනාගතමඬානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති, සබ්බේ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, යෙ හි පි කෙචි භික්ඛවෙ! එතරහි කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජන්ති සබ්බේ තෙ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසමයාය.”
“මහණෙනි, පෙර යම් කුල පුත්‍ර‍ කෙනෙක් මනා කොට ගිහි ගෙයින් නික්ම පැවිදි වූවාහු ද ඒ සියල්ලෝ ම සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිද්දෙන් අවබෝධ කරනු පිණිස පැවිදි වූහ. මහණෙනි, අනාගතයෙහි යම් කුල පුත්‍ර‍ කෙනෙක් මනා කොට ගිහිගෙන් නික්ම පැවිදිවන්නාහු නම්, ඒ සියල්ලෝ ම සතරක් වූ ආර්ය සත්‍යයන් තත් වූ පරිදි අවබෝධ කරනු පිණිස ම පැවිදි වන්නාහ. මහණෙනි, මෙකල යම්කිසි කුලපුත්‍ර‍ කෙනෙක් මනාකොට ගිහිගෙන් නික්ම පැවිදිවෙත් නම් ඒ සියල්ලෝම සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි අවබෝධ කරනු පිණිස පැවිදි වෙත්ය” යනු එහි අදහසයි.
මෙතෙක් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර නො ගත් තැනැත්තන් විසින් අන් හැම දෙයක් ම පසු කොට අන් හැම කටයුත්තකට ම වඩා ආදරයෙන් ඕනෑකමින් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට වීර්‍ය්‍ය කළ යුතු බව සියල්ල දත්තා වූ මහාකාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ අදහසය. එබැවින් උන්වහන්සේ එක් දිනක් භික්ෂූන් අමතා විචාරන සේක්: “මහණෙනි හැඳිවත හෝ හිස හෝ ගිනි ගත හොත් එකල්හි කුමක් කළ යුතු ද? කෙසේ පිළිපැදිය යුතු ද?” එකල්හි භික්ෂූහු “ස්වාමීන් වහන්ස, හැඳිවත හෝ හිස ගිනි ගත් කල්හි එය නිවා ගැනීම පිණිස ම ඉතා ඕනෑකමින් උත්සාහ කළ යුතුය” යි සැල කළෝය. එකල භාග්‍යවතුන් වහන්සේ :-
“ආදිත්තං භික්ඛවේ! චෙලං වා සීසං වා, අජ්ඣුපෙක්ඛිත්වා, අමනසිකරිත්වා අනභිසමෙතානං චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, අධිමත්තො ඡන්දො ච, වායාමො ච, උස්සාහො ච, උස්සොළ්හී ච, අප්පටිවානී ච, සති ච, සම්පජඤ්ඤඤ්ච කරණීයං”
යනුවෙන් “මහණෙනි, ගිනි ගත්තා වූ හැඳිවත ගැන හෝ හිස ගැන හෝ උපේක්ෂකව කල්පනා නො කොට ඒ අවස්ථාවේදී ද අවබෝධ නො කළ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස බලවත් වූ ඡන්දය ද, ව්‍යායාමය ද, උත්සාහය ද අධික උත්සාහය ද, සිහිය ද, නුවණ ද පැවැත්විය යුතුය” යි වදාළ සේක.
හැඳිවත හෝ හිස හෝ ගිනිගත් කල්හි ඒ ගැන නො සලකා සිටියත් එයින් වෙතොත් විය හැක්කා වූ විශාල ම නපුර නම් එක් වරක් මරණයට පැමිණීම පමණකි. එක්වරක් ඇවිළුණු ගින්නෙන් හත් අටවරක් දස දොළොස් වරක් මැරෙන්නේ නො වෙයි. චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ නො කළ හොත් සත්ත්වයාහට ජාතියෙන් ජාතිය ඉපිද නැවත නැවත සිදුවන්නා වූ මරණ මෙතෙකැ යි පමණ කළ නොහේ. එක් වරකදී වන මරණය වෙන්නට හැර ඒ අවස්ථාවේ දී උත්සාහ කොට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගත හොත් මතුවන්නා වූ ප්‍ර‍මාණයක් නැති මරණ නො පැමිණෙන්නේ ය. ඒවායින් නිදහස් වන්නේ ය. තථාගතයන් වහන්සේ විසින් හැඳිවත ගිනිගත් කල්හි වුව ද හිස ගිනි ගත් කල්හි වුව ද චතුස්සත්‍යාවබෝධය පිණිස ම උත්සාහ කළ යුතු බව වදාළේ එහෙයිනි.
එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, සියක් අවුරුද්දකට ආයු ඇත්තා වූ පුරුෂයකු හට කෙනෙක් අවුත් ‘එම්බා පුරුෂය, මෙහි එව. මා හා ආ කල්හි නුඹට දිනපතා උදයෙහි යහුල් සියයකින් අනින්නාහ. දවල් යහුල් සියයකින් අනින්නාහ. සවස යහුල් සියයකින් අනින්නාහ. මෙසේ දිනපතා යහුල් තුන් සියයකින් ඇනීම් කරන්නා වූ නුඹට සියවසක් ගත වූ කල්හි චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ වන්නේය’ යි කියා නම්, මහණෙනි, වැඩ කැමති පුරුෂයා විසින් එසේ ද චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන්නට යෑම සුදුසුය. කුමක් හෙයින් ද? මහණෙනි, පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් කෙනකු විසින් ලැබූ යහුල් පහර වල, කඩු පහර වල, පොරෝ පහර වල ප්‍ර‍මාණයක් නැත. එහෙත් මම මෙසේ දුකින් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගන්නට නො කියමි. සුඛයෙන් සොම්නසින් ම චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරගන්නට කියමිය” යනුයි.
චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිස කරන්නා වූ ව්‍යායාමය: ශරීරය පෝෂණය කරනු පිණිස, අඹුදරුවන් පෝෂණය කරනු පිණිස, පස්කම් සුව විඳිනු පිණිස, පොහොසත් වනු පිණිස, ප්‍ර‍සිද්ධ වනු පිණිස, ප්‍ර‍ශංසා ලබනු පිණිස කරන්නා වූ ව්‍යායාමයන්ට වඩා සියදහස් ගුණයෙන් සඵල වූ දෙයක් නො වේ නම්, වැඩක් නැතියන් විසින් ම කළයුතු දෙයක් හෝ නිෂ්ඵල දෙයක් හෝ නම්, සියල්ල දත්තා වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යාවබෝධය පිණිස වීර්‍ය්‍ය කළ යුතු බව, මෙපමණ බර කොට මෙපමණ උසස් කොට නො වදාරන්නාහ. එසේ වදාරන ලද්දේ එය ඒකාන්තයෙන් ම අන් හැම දෙයකට ම වඩා වැඩදායක දෙයක් හෙයිනි. එබැවින් ඒ බුදුන් වහන්සේ ගේ වදන් පිළිගන්නා වූ සියල්ලෝ ම හැකි පමණින්වත් සත්‍යාවබෝධය කරගනු පිණිස උත්සාහ කරත්වා! තවද එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ :-
“යෙ හි කෙචි භික්ඛවෙ! අනුකම්පෙය්‍යාථ. යෙච සොතබ්බං මඤ්ඤෙය්‍යුං, මිත්තා වා අමච්චා වා ඤාති වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨපෙතබ්බා”
යනුවෙන් මහණෙනි! තෙපි යමෙකුට අනුකම්පා කරන්නාහු ද යම්කිසි මිත්‍රයෝ හෝ අසල්වැසියෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ තොපගේ වචනය අසත් ද තෙපි ඔවුන් චතුරාර්‍ය්‍ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ කර ගැන්මෙහි යොදවව්, පිහිටවව්” යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් එසේ වදාළ බැවින් තමා චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් නො නැවතී තමාගේ හිතවතුන් ද එහි යොදවත්වා. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කිරීමෙහි ඇති වටිනාකම නොදැන පස්කම් සැප සෙවීමෙහි යෙදී සිටින පිරිස ම ලෝකයෙහි ඉතා බොහෝ ය. චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමෙහි ඇති ප්‍රයෝජනය ඔවුනට වටහා ඔවුන් එහි යෙදවීම ඔවුනට කළ යුතු වටිනාකම පමණ කළ නොහෙන උපකාරයකි.
චතුරාර්‍ය්‍යසත්‍යය කියා දෙන්නා වූ අන්‍යයකුගේ උපකාරය නොමැතිව ස්වශක්තියෙන් ම එය දත හැකි වන්නේ කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතා ඇති ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණකි. උන්වහන්සේලා ගෙන් අන්‍ය වූ කවර පණ්ඩිතයකුට වුව ද මේ සත්‍ය සතර ස්වශක්තියෙන් සොයා ගත හැකි නොවේ. එබැවින් බුද්ධ ශූන්‍ය කාලවලදී මේ ධර්මය දැන ගන්නට ලැබෙනු තබා “චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය” යන වචනය පවා අසන්නට නො ලැබේ. මේ ගැන අසන්නටත් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී ම ය. බුදු සසුන පවත්නා වූ මේ කාලය චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ගැන අසන්නට ලැබෙන දැන ගන්නට ලැබෙන කාලයකි. මෙබඳු උතුම් කාලයක මිනිසත් බවකුත් ලබාගෙන සිට මේ ධර්මය තරමකටවත්දැන ගන්නට උත්සාහ නො කොට, අගනා කාලය සැමකල්හි ම ලැබිය හැකි මිනිසුන් විසින් පමණක් නොව තිරිසනුන් විසින් පවා ලබන පස්කම් සුවය සඳහා ම ඉක්ම යන්නට හැරීම මහත් අලාභයකි. චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ වී මාර්ග ඵලයන්ට පැමිණීම කෙසේ වුවත් මෙබඳු දහම් පොත් පත් කියවීමෙන් ද චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන තරමක අවබෝධයක් ලැබිය හැකිය. එය මතු ප්‍ර‍ත්‍යක්ෂාවබෝධයක් ලබා සසර දුකින් මිදීමට හේතු වන්නේ ය. එබැවින් මෙය සාදරයෙන් කියවත්වා!
මේ කීම සැබෑය. මොහුගේ කීම සැබෑය යනාදීන් ලෝකයෙහි යම් කිසිවක් තත් වූ පරිද්දෙන් ප්‍ර‍කාශ කරන්නා වූ වචන වලට වගන්තිවලට සත්‍යය යි කියනු ලැබේ. “චතුරාර්‍ය්‍ය සත්‍යය” යනුවෙන් යනුවෙන් අදහස් කරනුයේ එසේ යම් කිසිවක තත්ත්වාකාරය ප්‍ර‍කාශ කරන්නා වූ වචන සතරක් හෝ වගන්ති සතරක් නොව පරමාර්ථ වශයෙන් ඇත්තා වූ ස්වභාවධර්ම සතර කොටසකි. චතුරාර්‍ය්‍ය සත්‍යයයි කියන ලද පරමාර්ථ ස්වභාව ධර්ම සතර කොටස අප කෙරෙහි නැති අපෙන් ඉතා ඈත ලෝකයක ඇති දෙයක් නොව අප කෙරෙහි ද ඇත්තා වූ ධර්ම කොටස් සතරකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “රොහිතස්ස” නම් දිව්‍ය පුත්‍ර‍යා හට :-
“ඉමස්මිංයෙව ව්‍යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි ලොකසමුදයඤ්ච, ලොකනිරොධඤ්ච, ලොකනිරොධගාමිනිඤ්ච පටිපදං”
යනුවෙන් “සංඥා සහිත වූ, හිත සහිත වූ, බඹයක් පමණ වූ මෙම ශරීරයෙහි ම ලෝකයත් ඇත. ලෝක සමුදායත් ඇත. ලෝක නිරෝධයත් ඇත. ලෝක නිරෝධගාමිනී ප්‍ර‍තිපදාවත් ඇතය” යි වදාරන ලදි. මෙහි ලෝකසමුදයාදි නම් වලින් දක්වන ලදුයේ චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය.
අප සමීපයෙහි ම ඇතිමුත් ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය සොයා ගැනීම අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ බව තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට උපමාවකින් මෙසේ වදාළ සේක. එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවරට පිඬු සිඟා වඩිනුවෝ, දුනු සිල්පය උගන්නා වූ ලිච්ඡවී කුමාරවරුන් විසින් දුර සිට එකකුදු නො වැරදී යතුරු සිදුරකින් නික්මී යන සේ හී විදිනු දැක විහාරයට පැමිණි කල්හි ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ.
එකල්හි බුදුරජාණන් වහන්සේ “ආනන්දය, දුර සිට යතුරු සිදුරකට ඇතුල්වන සේ හී විද යැවීමය, අස් ලොමක් සතට පළා, ඉන් පලුවක් බඹ පන්තිසකින් ඔබ තබා එහි කොණට වැදෙන සේ සතට පලාගත් අස් ලොම් පලුවකින් ම විදීමය යන දෙකින් කවරක් වඩා දුෂ්කර වේදැ යි විචාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! සතට පලාගත් අස්ලොම් පලුවෙන් අස්ලොම් පලුවට විදීම ම දුෂ්කර වන්නේය” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය, යමෙක් දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ප්‍ර‍තිවේධ කෙරේ නම් එය දුර තිබෙන අස්ලොම් පලුවේ කොණට අස්ලොම් පලුවකින් ම නො වරදවා විදීමට ද වඩා දුෂ්කර දෙයකැ යි වදාළ සේක. මේ උපමාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙහි ඇති දුෂ්කරත්වය දත යුතු.
චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය නමැති පරමාර්ථ ස්වභාව ධරම සතර කොටස පරහට අවබෝධ කරවනු පිණිස බුද්ධාදීන් විසින් ප්‍ර‍කාශ කරන්නා වූ වචනවලට චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවයයි කියනු ලැබේ. ‘ධර්මය’ යන වචනය නොයෙක් අර්ථ දෙන වචනයකි. සමහර තැනකදී දේශනාවට ද ධර්මය යයි කියනු ලැබේ. එබැවින් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයත් චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවත් එකක් කොට සිතා ගැනීමෙන් කාරණය අවුල් විය හැකිය. එසේ නොවන්නට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අනිකක් බවත්, දේශනාව අනිකක් බවත් පළමු කොට ම සිත් හි තබා ගත යුතු. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය සර්වාකාරයෙන් ම සම්පූර්ණ කොට දේශනා කරතහොත්, එය අප්‍ර‍මාණ වචනවලින් හා ධර්ම විභාග වලින් ද යුක්ත වූ ඉතා දීර්ඝ දේශනාවක් වන්නේය. ඒ බව බුදුරජාණන් වහන්සේ:
“දුක්ඛං අරියසච්චන්ති භික්ඛවෙ! මයා පඤ්ඤත්තං තත්ථ අපරිමාණා වණ්ණා, අපරිමාණා ව්‍යඤ්ජනා, අපරිමාණා සංකාසනා” යනාදිය වදාළ සේක.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘චතුරාර්‍ය්‍ය සත්‍යය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

3/5/17

කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ අයුරු


මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ දැනට වසර 2600 කට පෙර තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබදවයි. මෙ පිළිබදව තොරතුරැ ඇතුලත් වන්නේ සංයුක්ත නිකායේ යක්ඛසංයුක්තයේයි.
සංයුත්ත නිකාය.
සගාථ වර්ගය. 
යක්ඛ සංයුත්තය. 
ඉන‍දක හෙවත් යක්ඛ වර්ගය
01 ඉන‍්දක සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.
ඉක්බිති ඉන‍දක යක‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුර කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම :කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?
"පඨමං කලලං හෝති කලලා හෝති අබිබුදං 
අබිබුදා ජායතේ පේසි පේසි නිබිබන්තතතේ ඝනෝ
ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වෙ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී.
"තිලතේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ
ඒවං වණ්න පටිභාගං කලලන්ති පවුචිචති.

තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබෙ යන්න එහි තේරැමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත. "ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"
මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
ස්ත්‍රියක් හා පුරැෂයෙකු අතර ලිංගික සංසර්ගයේදි සමස්ථ ශුක්‍ර තරලය ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රි ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයෙන් 10% ක් පමණ ශුක්‍රාණු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වෙ. නමුත් මෙයින් ඩිමිබ සෛලය තෙක් ගමන සමිපුර්ණ කල හැක්කේ ශුක්‍රාණු 1000 ස් ගණනකට පමණි. මෙම සෛල වලට ඩිමිබය තෙක් ගමන් කිරිමට පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවන බව දක්වා ඇත. මෙයින් ඩිමිබය වෙත ඇදි යනු ලබන ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට ප්‍රවෙනි ද්‍රව්‍ය ඇතුලු කිරිම සිදු කරයි. මෙය සංසේචනය නමි වෙ. මෙ සමගම සත්ත්වයිගේ ප්‍රතිසන්ධි චිත්තය පහල වන බවත් කාය, වත්තු, භාව දශකයන්ද පහල විම සිදුවන බවත් දක්වා ඇත (මෙය පිළිබද වැඩිදුර තොරතුරැ ඊලග ලිපියෙන්) මෙ ආකාරයට සංසේචනයෙන් පසු ඇතිවන
මෙම ව්‍යුහය සයිගොටය (Zygot) නමින් හදුන්වනවා මෙහි ප්‍රමාණය නැනෝමිටර 150 පමණ වෙ. විභංග අවුවාවෙ දක්කා ඇති මෙම ජාති උණ්ණා එලුවා‍ගේ ලොමට අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය හා මෙම කළලය හෙවත් සයිගෝටයේ ප්‍රමාණය අතර සමාණත්වය ඔබට දැන් පැහැදිලි වනු ඇත. බිජාන්න සහිත මෙම සයිගොටයේ වර්ණය තලතෙලේ පැහැය යැයි පැවසිම 100% ක් නිවැරදි වනු ඇත.එලෙසෙම මෙම සයිගොටයද තෙල් බිදුවක් මෙන් ගෝලාකාර වස්තුවකි. එබැවින් එහි වර්ණය හා හැඩය පිළිබද විස්තරය 100% ක් නිවැරදිය.

පළමු සතිය
"සත්තාහං කළලං හෝති පරිපක්කං සමුහකං
විවටිටමානං තබිබාවං අබිබුදං නාම ජායති"

කළලය යන්න සතියක් පවතියි. එය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි. අබිබුදය යන්නේහි තේරැම වන්නේ පෙණ පිඩ යන්න වෙ.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
සංසේචනය (Fertilisation) විමත් සමගම මෙම සයිගොටයේ සෛල බෙදිමට පටන් ගනියි. එවිට එය හදුන්වන්නේ බිලාස්ටෝ සයිටය ලෙසයි. සංසේචනයෙන් දින 04 ක් හෝ 05 කට පසුව මෙම බිලාස්ටෝ සයිටයේ සෛල 100 කට වඩා වැඩි සංඛයාවක් ඇත.නමුත් මෙය තාමත් සයිගොටයේ හැඩයෙන් වෙනස්වි නැත. එය හදුන්වනු ලබන්නේ 
මොරැලාව ලෙසය. දින 07 ක් වන විට මෙහි සෛල විශාල සංඛයාවක් ඇතිවි තිබෙ. ඒ අනුව කළලය යන්නෙහි මුලික වෙනස් කමි දර්ශනය වන්නට වන්නේ දින 07 කින් කීම 100% ක් නිවැරදිය. දින 07 ක් වන විට බිලාස්ටෝසයිටයේ සෛල සැලකිය යුතු විශාල සංඛයාවක් ඇති නිසා මෙය දර්ශනය වනුයේ පෙන පිඩුවක් හා සමාණවය. එමනිසා "කළලය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්නද 100% ක් නිවැරදිය.

02 වන සතිය
"සත්තාහං අබිබුදං හෝති පරිපක්කං සමුහකං
විවටංටමානං තබිභාවං පේසි නාමච ජායති"

"සතියක් අබිබුධය පවතියි. එය මොරා සමුහාකාර වුයේ ඒ ස්වභාවය අත්හරින්නේ පේශි නමි දෙය වන්නේය" යන්න එහි තේරැමයි
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
මෙ වන විටත් මෙම බිලාස්ටෝ සයිටයේ ඇතුලු සෛල පින්ඩය (inner cell mass) මගින් සෛල කපාහැරිම සිදුකරමින් මෙය වර්ධනය වෙමින් පවතියි. තවමත් ගර්භාෂ බිත්තිය මත රෝපනය විම සිදුවි නැති(Implantation) මෙය දිනත් 6 ත් 09 අතර කාලයකදි ගර්භාෂ බිත්තියේ රෝපණය විම සිදුවෙ. මෙය ගර්භාෂයේ රෝපනය වු පසුත් සතියක් පමණ මෙම බිලාස්ටෝසයිටයේ සෛල වර්ධනය වෙමින් පවතියි. නමුත් තාමත් මෙහි ඇත්තේ සෛල සිමිත සංඛයාවක් පමණි. එනමි එහි පෙන පිඩක හැඩය හෙවත් බුදුපියාණන් දේශනා කල පරිදි අබිබුදාකාරය එසේම පවතියි.ඒ නිසා අබිබුදය යන්න හෙවත් බිලාස්ටෝසයිටය සතියක් පවතියි යන්න 100% ක් නිවැරදි කියමණකි. එහි ආකාරය පෙනපිඩක් සේ දැක්විමද 100% ක්ම නිවැරදිය.

03 වන සතිය
"සත්තාහං පේසි භවති පරික්කං සමුහකං
විවටිටමානං තබිභාවං ඝනෝති නාම ජායති"

"පේශිය සතියක් පවතියි එය මොරා සමුහාකාර වන්නේ ඒ ස්වභාවය අතහරින්නේ ඝන නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
දෙවන සතිය අවසාන වන විට පටකයන් විකසනය විම ආරමිභ වෙයි. ඒ අනුව අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය ඇතිවිම සිදුවෙ. (Ectoderm,mesoderm,endoderm) ඒ අනුව 03 වන සතිය අග භාගය වන විට මුල්ම අවයවයන් වන මොළය හා ශුෂුමිනාව ඇතිවිම ආරමිභ වෙ.

එවිට මෙම ව්‍යුහය මිලිමිටර 2 ක පමණ විශාලත්වයක් දරයි. අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය යනු පේෂි ඇති විමෙ ආරමිභක අවස්ථාවයි. එලෙසම මෙය දැන් විද්‍යාමාන වනුයේද කුඩා පේශියක් ආකාරයෙනි. එබැවින් පේශිය සතියක් පවතියි යන්න 100% නිවැරදිය.
04 වන සතිය.
"යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං
ඒවංඉ ඝනස්ස සනණ්ඨානං නිබිබත්තං කමිමපචිචයා"

"යමිසේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවෙද, කර්ම හේතුවෙන් උපන්නාවු ඝනයාගේ සටහනද එසේය" යන්න මෙහි තේරැමයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
පේශිය මෙ වන විට ඝනය බවට පත්වි ඇත. මෙතෙක් ඇසට නොපෙනෙන ප්‍රමාණයෙන් වු මෙම ව්‍යුහය දැන් ඇසට පෙනෙන ඝන වස්තුවක් බවට පත්වි ඇත. 04 වන සතිය වන විට මෙහි ප්‍රමාණය මිලිමිටර 5 ක් පමණ වෙ. 04 වන සතියට අදාල ස්කැන් රැපයක් සලකා බැලුවහොත්
එය විස්තර කිරිමට කිකිළි බිත්තරයක් උදාහරණයට ගැනිම තෙකරමි සාධාරණද යන්න ඔබට පෙනි යනු ඇත. එනමි ඝනයේ හැඩය ලෙස දක්වා ඇත්තේ හාත්පසින් වටවි ඇති කිකිළි බිත්තරයකි.

05 වන සතිය
"ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"

සතියක් පවතින්නාවු මෙම ඝනයේ පස්වන සතියේ අතු පහක් ඇතිවන බව මෙයින් ප්‍රකාශිතයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
ඉතාමත් නිවැරදි ලෙස 05 වන සතිය වන විට අත් දෙකත්, පාද දෙකත් හිසත් හට ගන්නා නිසා. මෙම ඝනයෙන් අතු 05 ක් ඇති වන බව පැවසිම 100% නිවැරදිය. මෙ වන විට කළලය මිලිමිටර 8 ක් පමණ වෙ.බෲනය යනු මෙයයි. හෘර්ධ ස්පන්ධනයද මෙ වන විට ඇත. මෙම ඝනයා වර්ධනය විමෙන් කෙස් ලොමි නිය ආදියද ඇතිවන බව දක්වා ඇත. එනමි බෘනය විකසනය විමෙන් සත්ත්වයා වර්ධනය වන බව දක්වා ඇත.

"යං තස්ස භුජ්ජතේ මාතා අන්නං පානං ච භොජනං
තේන සෝ තත්ථ යාපේති මාතුකුචිඡිගතෝ නරෝ"

ඔහුගේ මව යමි ආහාරයක්, යමි පානයක් බොජුනක් වළඬාද, මවි කුසට පැමිණි ඒ සත්ත‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මවි කුසෙහි යැපෙයි.
මෙ පිළිබදව නමි කිව යුත්තක් නැත. මව විසින් ආහාරයට ගන්නා පානය කරන්නාවු සියල්ල කලල බන්ධය හරහා දරැවාටද ඇතුලුවන බව අපි දන්නා කරැණකි.
මෙ අනුව පැහැදිලි වන්නේ තථාගතයානන් වහන්සේ දැනට වසර 2600 කට මත්තෙන් කෙතරමි ආශ්චර්‍යමත් ලෙස මවිකුස තුල ළලයක විකසනය දක්වා ඇද්ද යන්නවෙ. ඒදා ජනයාට තේරැමි ගත හැකි වන ආකාරයෙන් දේශනා කරණ ලද මෙම දේශනාව අදටත් එහි අන්තර්ගත කරැණු 100% නිවැරදි විමෙන් අපට තථාගතයානන්වහන්සේගේ ඥානය ගැන අනුමාන කරගත හැකිවනු ඇත. මෙම කරැණු නුතන විද්‍යාව හා සැසදුව කරැණත් මෙහිදි ඉදිරිපත් කිරිම ඉතා වැදගත් යැයි මම සිතමි. මා කිසිදු විටක බුද්ධ
දේශනාව විද්‍යාව හා සමකිරිමට අකමැති වුවත් (එයට හේතුව තථාගතයානන් වහන්සේගේ ඥානය හා සැසදිමෙදි විද්‍යාව තවමත් සැලකිය යුත්තක් නොව බැවිනි) අප දන්නා දෙය බුදුපියානන්වහන්සේත් දේශනා කර ඇති බව දැකිමෙන් පුද්ගලයන් තුල සතුටක් හා විශ්වාසයක් තමන්ගේ ශාස්තෘවරයානන්වහන්සේ ගැන ඇති වන බැවිනි. මෙහි වැදගත් තව කරැණක් ඇත. සුත්‍රයේ අන්තර්ගත කරැණු සියල්ල විද්‍යාව හා ගැලපි යාමටත් එය දේශනා කලේ කවරකුටද යන්න බොරැ විමට හේතුවක් නොමැති බවත් මෙහිදි වැටහි යනු ඇතැයි මම සිතමි. එනමි මෙම සුත්‍රය දේශනා කලේ ඉන්දක නමි යක්ෂයකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරැ දිමි වශයෙන් බව ඔබ දකින්නට ඇත. යමෙක් යක්ශයෝ යනුවෙන් පිරිසක් නැතැයි කියන්නේ නමි ඔවුන්ට මෙය හොද පිළිතුරක් වනුද නොඅනුමානය.

3/1/17

අපි බුද්ධානුස්සතිය පුහුණු කරමු.


ධර්ම දානය උදෙසා ම විසින් නිම කරන ලද දෙවන ජංගම මෙවලම බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීමටද වැඩි දියුණු කිරීමට ද උපකාර වනු ඇත. https://play.google.com/store/apps/details… මෙය සඳහා කරුණු එක්රැස් කර දුන් බණ්ඩාරවෙල ධම්මවිජය ස්වාමින්වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා! බොහෝ දෙනා ධර්මයේ හැසිරෙනු දකීම මගේ මෙන්ම මගේ කල්‍යාණ මිත්‍රයන්ගේ ද බලාපොරොත්තුව වනු ඇත. ඒ සඳහා හැකි අයුරින් ධර්ම දානය කිරීම උදෙසා සතුටින් වෙහෙස වෙමි. මෙම ජංගම මෙවලම මහත් වූ අනිශංශ ඇති බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීම සඳහා උපකාර වේ. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී ම බොහෝ ආනිශංස ලබා ගත හැකි වෙයි. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.

මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.
බුදුගුණ භාවනාවේ අනුසස්


  • සතර අපායට පත් නොවීම
  • නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
  • සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
  • නිහතමානී ගති පැවතුම් ඇතිවීම
  • ලෝකයාට ප්‍රියමනාප වීම
  • බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
  • දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
  • අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
  • තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
  • භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
  • පාපයට ලැජ්ජ භය වීම
  • අධි කුසලයට සිත නැඹුරු වීම
  • අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
  • ගුණ, නුවණින් පිරිපුන් වීම
  • පිටසක්වල නූපදීම
  • අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
  • උන්මන්තක නොවීම
  • මිසිදිටු නොගැන්වීම
  • මරණයට නොබියව මුහුණදීම
  • මුහුණෙ වර්ණය පැහැපත්වීම
  • වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
  • බුදුබව පවා පැතීමට සිත නැමීම
  • තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
  • යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
  • එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
  • තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
  • ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
  • සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
  • සම්මා දිට්ඨියෙහි පිහිටීම
  • යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
  • ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
  • ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
  • මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
  • සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
  • නපුරු සිහින නොපෙනීම
  • භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම


12/8/16

ශ්‍රී බුද්ධ චරිතය





සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතය ඇසුරෙන් මෙම Mobile app එක නිම කරන ලදී. වර්තමානය කුඩා දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය දුරස් වීම කණගාටුවට කරුණකි. ඔවුන් තාක්ෂණික මෙවලම් වලට දැඩි නැබුරුතාවයක් දක්වන බැවින් දහම් අධ්‍යාපනය ජංගම මෙවලම් තුලින් ලබාදීම යෝග්‍ය යැයි මා හැඟේ. මෙය මා තැබූ ප්‍රථම පියවර නිසා අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඉදිරියේදී තවත් දියුණු කරමින් දහම් අධ්‍යාපනය Mobile application මගින් මට හැකි අයුරින් ලබා දෙන්නෙමි. https://play.google.com/store/apps/details?id=com.wasu.lifeoflordbuddha