3/5/17

කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ අයුරු


මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ දැනට වසර 2600 කට පෙර තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබදවයි. මෙ පිළිබදව තොරතුරැ ඇතුලත් වන්නේ සංයුක්ත නිකායේ යක්ඛසංයුක්තයේයි.
සංයුත්ත නිකාය.
සගාථ වර්ගය. 
යක්ඛ සංයුත්තය. 
ඉන‍දක හෙවත් යක්ඛ වර්ගය
01 ඉන‍්දක සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.
ඉක්බිති ඉන‍දක යක‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුර කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම :කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?
"පඨමං කලලං හෝති කලලා හෝති අබිබුදං 
අබිබුදා ජායතේ පේසි පේසි නිබිබන්තතතේ ඝනෝ
ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වෙ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී.
"තිලතේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ
ඒවං වණ්න පටිභාගං කලලන්ති පවුචිචති.

තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබෙ යන්න එහි තේරැමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත. "ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"
මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
ස්ත්‍රියක් හා පුරැෂයෙකු අතර ලිංගික සංසර්ගයේදි සමස්ථ ශුක්‍ර තරලය ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රි ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයෙන් 10% ක් පමණ ශුක්‍රාණු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වෙ. නමුත් මෙයින් ඩිමිබ සෛලය තෙක් ගමන සමිපුර්ණ කල හැක්කේ ශුක්‍රාණු 1000 ස් ගණනකට පමණි. මෙම සෛල වලට ඩිමිබය තෙක් ගමන් කිරිමට පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවන බව දක්වා ඇත. මෙයින් ඩිමිබය වෙත ඇදි යනු ලබන ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට ප්‍රවෙනි ද්‍රව්‍ය ඇතුලු කිරිම සිදු කරයි. මෙය සංසේචනය නමි වෙ. මෙ සමගම සත්ත්වයිගේ ප්‍රතිසන්ධි චිත්තය පහල වන බවත් කාය, වත්තු, භාව දශකයන්ද පහල විම සිදුවන බවත් දක්වා ඇත (මෙය පිළිබද වැඩිදුර තොරතුරැ ඊලග ලිපියෙන්) මෙ ආකාරයට සංසේචනයෙන් පසු ඇතිවන
මෙම ව්‍යුහය සයිගොටය (Zygot) නමින් හදුන්වනවා මෙහි ප්‍රමාණය නැනෝමිටර 150 පමණ වෙ. විභංග අවුවාවෙ දක්කා ඇති මෙම ජාති උණ්ණා එලුවා‍ගේ ලොමට අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය හා මෙම කළලය හෙවත් සයිගෝටයේ ප්‍රමාණය අතර සමාණත්වය ඔබට දැන් පැහැදිලි වනු ඇත. බිජාන්න සහිත මෙම සයිගොටයේ වර්ණය තලතෙලේ පැහැය යැයි පැවසිම 100% ක් නිවැරදි වනු ඇත.එලෙසෙම මෙම සයිගොටයද තෙල් බිදුවක් මෙන් ගෝලාකාර වස්තුවකි. එබැවින් එහි වර්ණය හා හැඩය පිළිබද විස්තරය 100% ක් නිවැරදිය.

පළමු සතිය
"සත්තාහං කළලං හෝති පරිපක්කං සමුහකං
විවටිටමානං තබිබාවං අබිබුදං නාම ජායති"

කළලය යන්න සතියක් පවතියි. එය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි. අබිබුදය යන්නේහි තේරැම වන්නේ පෙණ පිඩ යන්න වෙ.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
සංසේචනය (Fertilisation) විමත් සමගම මෙම සයිගොටයේ සෛල බෙදිමට පටන් ගනියි. එවිට එය හදුන්වන්නේ බිලාස්ටෝ සයිටය ලෙසයි. සංසේචනයෙන් දින 04 ක් හෝ 05 කට පසුව මෙම බිලාස්ටෝ සයිටයේ සෛල 100 කට වඩා වැඩි සංඛයාවක් ඇත.නමුත් මෙය තාමත් සයිගොටයේ හැඩයෙන් වෙනස්වි නැත. එය හදුන්වනු ලබන්නේ 
මොරැලාව ලෙසය. දින 07 ක් වන විට මෙහි සෛල විශාල සංඛයාවක් ඇතිවි තිබෙ. ඒ අනුව කළලය යන්නෙහි මුලික වෙනස් කමි දර්ශනය වන්නට වන්නේ දින 07 කින් කීම 100% ක් නිවැරදිය. දින 07 ක් වන විට බිලාස්ටෝසයිටයේ සෛල සැලකිය යුතු විශාල සංඛයාවක් ඇති නිසා මෙය දර්ශනය වනුයේ පෙන පිඩුවක් හා සමාණවය. එමනිසා "කළලය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්නද 100% ක් නිවැරදිය.

02 වන සතිය
"සත්තාහං අබිබුදං හෝති පරිපක්කං සමුහකං
විවටංටමානං තබිභාවං පේසි නාමච ජායති"

"සතියක් අබිබුධය පවතියි. එය මොරා සමුහාකාර වුයේ ඒ ස්වභාවය අත්හරින්නේ පේශි නමි දෙය වන්නේය" යන්න එහි තේරැමයි
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
මෙ වන විටත් මෙම බිලාස්ටෝ සයිටයේ ඇතුලු සෛල පින්ඩය (inner cell mass) මගින් සෛල කපාහැරිම සිදුකරමින් මෙය වර්ධනය වෙමින් පවතියි. තවමත් ගර්භාෂ බිත්තිය මත රෝපනය විම සිදුවි නැති(Implantation) මෙය දිනත් 6 ත් 09 අතර කාලයකදි ගර්භාෂ බිත්තියේ රෝපණය විම සිදුවෙ. මෙය ගර්භාෂයේ රෝපනය වු පසුත් සතියක් පමණ මෙම බිලාස්ටෝසයිටයේ සෛල වර්ධනය වෙමින් පවතියි. නමුත් තාමත් මෙහි ඇත්තේ සෛල සිමිත සංඛයාවක් පමණි. එනමි එහි පෙන පිඩක හැඩය හෙවත් බුදුපියාණන් දේශනා කල පරිදි අබිබුදාකාරය එසේම පවතියි.ඒ නිසා අබිබුදය යන්න හෙවත් බිලාස්ටෝසයිටය සතියක් පවතියි යන්න 100% ක් නිවැරදි කියමණකි. එහි ආකාරය පෙනපිඩක් සේ දැක්විමද 100% ක්ම නිවැරදිය.

03 වන සතිය
"සත්තාහං පේසි භවති පරික්කං සමුහකං
විවටිටමානං තබිභාවං ඝනෝති නාම ජායති"

"පේශිය සතියක් පවතියි එය මොරා සමුහාකාර වන්නේ ඒ ස්වභාවය අතහරින්නේ ඝන නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
දෙවන සතිය අවසාන වන විට පටකයන් විකසනය විම ආරමිභ වෙයි. ඒ අනුව අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය ඇතිවිම සිදුවෙ. (Ectoderm,mesoderm,endoderm) ඒ අනුව 03 වන සතිය අග භාගය වන විට මුල්ම අවයවයන් වන මොළය හා ශුෂුමිනාව ඇතිවිම ආරමිභ වෙ.

එවිට මෙම ව්‍යුහය මිලිමිටර 2 ක පමණ විශාලත්වයක් දරයි. අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය යනු පේෂි ඇති විමෙ ආරමිභක අවස්ථාවයි. එලෙසම මෙය දැන් විද්‍යාමාන වනුයේද කුඩා පේශියක් ආකාරයෙනි. එබැවින් පේශිය සතියක් පවතියි යන්න 100% නිවැරදිය.
04 වන සතිය.
"යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං
ඒවංඉ ඝනස්ස සනණ්ඨානං නිබිබත්තං කමිමපචිචයා"

"යමිසේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවෙද, කර්ම හේතුවෙන් උපන්නාවු ඝනයාගේ සටහනද එසේය" යන්න මෙහි තේරැමයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
පේශිය මෙ වන විට ඝනය බවට පත්වි ඇත. මෙතෙක් ඇසට නොපෙනෙන ප්‍රමාණයෙන් වු මෙම ව්‍යුහය දැන් ඇසට පෙනෙන ඝන වස්තුවක් බවට පත්වි ඇත. 04 වන සතිය වන විට මෙහි ප්‍රමාණය මිලිමිටර 5 ක් පමණ වෙ. 04 වන සතියට අදාල ස්කැන් රැපයක් සලකා බැලුවහොත්
එය විස්තර කිරිමට කිකිළි බිත්තරයක් උදාහරණයට ගැනිම තෙකරමි සාධාරණද යන්න ඔබට පෙනි යනු ඇත. එනමි ඝනයේ හැඩය ලෙස දක්වා ඇත්තේ හාත්පසින් වටවි ඇති කිකිළි බිත්තරයකි.

05 වන සතිය
"ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"

සතියක් පවතින්නාවු මෙම ඝනයේ පස්වන සතියේ අතු පහක් ඇතිවන බව මෙයින් ප්‍රකාශිතයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
ඉතාමත් නිවැරදි ලෙස 05 වන සතිය වන විට අත් දෙකත්, පාද දෙකත් හිසත් හට ගන්නා නිසා. මෙම ඝනයෙන් අතු 05 ක් ඇති වන බව පැවසිම 100% නිවැරදිය. මෙ වන විට කළලය මිලිමිටර 8 ක් පමණ වෙ.බෲනය යනු මෙයයි. හෘර්ධ ස්පන්ධනයද මෙ වන විට ඇත. මෙම ඝනයා වර්ධනය විමෙන් කෙස් ලොමි නිය ආදියද ඇතිවන බව දක්වා ඇත. එනමි බෘනය විකසනය විමෙන් සත්ත්වයා වර්ධනය වන බව දක්වා ඇත.

"යං තස්ස භුජ්ජතේ මාතා අන්නං පානං ච භොජනං
තේන සෝ තත්ථ යාපේති මාතුකුචිඡිගතෝ නරෝ"

ඔහුගේ මව යමි ආහාරයක්, යමි පානයක් බොජුනක් වළඬාද, මවි කුසට පැමිණි ඒ සත්ත‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මවි කුසෙහි යැපෙයි.
මෙ පිළිබදව නමි කිව යුත්තක් නැත. මව විසින් ආහාරයට ගන්නා පානය කරන්නාවු සියල්ල කලල බන්ධය හරහා දරැවාටද ඇතුලුවන බව අපි දන්නා කරැණකි.
මෙ අනුව පැහැදිලි වන්නේ තථාගතයානන් වහන්සේ දැනට වසර 2600 කට මත්තෙන් කෙතරමි ආශ්චර්‍යමත් ලෙස මවිකුස තුල ළලයක විකසනය දක්වා ඇද්ද යන්නවෙ. ඒදා ජනයාට තේරැමි ගත හැකි වන ආකාරයෙන් දේශනා කරණ ලද මෙම දේශනාව අදටත් එහි අන්තර්ගත කරැණු 100% නිවැරදි විමෙන් අපට තථාගතයානන්වහන්සේගේ ඥානය ගැන අනුමාන කරගත හැකිවනු ඇත. මෙම කරැණු නුතන විද්‍යාව හා සැසදුව කරැණත් මෙහිදි ඉදිරිපත් කිරිම ඉතා වැදගත් යැයි මම සිතමි. මා කිසිදු විටක බුද්ධ
දේශනාව විද්‍යාව හා සමකිරිමට අකමැති වුවත් (එයට හේතුව තථාගතයානන් වහන්සේගේ ඥානය හා සැසදිමෙදි විද්‍යාව තවමත් සැලකිය යුත්තක් නොව බැවිනි) අප දන්නා දෙය බුදුපියානන්වහන්සේත් දේශනා කර ඇති බව දැකිමෙන් පුද්ගලයන් තුල සතුටක් හා විශ්වාසයක් තමන්ගේ ශාස්තෘවරයානන්වහන්සේ ගැන ඇති වන බැවිනි. මෙහි වැදගත් තව කරැණක් ඇත. සුත්‍රයේ අන්තර්ගත කරැණු සියල්ල විද්‍යාව හා ගැලපි යාමටත් එය දේශනා කලේ කවරකුටද යන්න බොරැ විමට හේතුවක් නොමැති බවත් මෙහිදි වැටහි යනු ඇතැයි මම සිතමි. එනමි මෙම සුත්‍රය දේශනා කලේ ඉන්දක නමි යක්ෂයකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරැ දිමි වශයෙන් බව ඔබ දකින්නට ඇත. යමෙක් යක්ශයෝ යනුවෙන් පිරිසක් නැතැයි කියන්නේ නමි ඔවුන්ට මෙය හොද පිළිතුරක් වනුද නොඅනුමානය.

3/1/17

අපි බුද්ධානුස්සතිය පුහුණු කරමු.


ධර්ම දානය උදෙසා ම විසින් නිම කරන ලද දෙවන ජංගම මෙවලම බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීමටද වැඩි දියුණු කිරීමට ද උපකාර වනු ඇත. https://play.google.com/store/apps/details… මෙය සඳහා කරුණු එක්රැස් කර දුන් බණ්ඩාරවෙල ධම්මවිජය ස්වාමින්වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා! බොහෝ දෙනා ධර්මයේ හැසිරෙනු දකීම මගේ මෙන්ම මගේ කල්‍යාණ මිත්‍රයන්ගේ ද බලාපොරොත්තුව වනු ඇත. ඒ සඳහා හැකි අයුරින් ධර්ම දානය කිරීම උදෙසා සතුටින් වෙහෙස වෙමි. මෙම ජංගම මෙවලම මහත් වූ අනිශංශ ඇති බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීම සඳහා උපකාර වේ. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී ම බොහෝ ආනිශංස ලබා ගත හැකි වෙයි. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.

මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.
බුදුගුණ භාවනාවේ අනුසස්


  • සතර අපායට පත් නොවීම
  • නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
  • සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
  • නිහතමානී ගති පැවතුම් ඇතිවීම
  • ලෝකයාට ප්‍රියමනාප වීම
  • බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
  • දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
  • අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
  • තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
  • භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
  • පාපයට ලැජ්ජ භය වීම
  • අධි කුසලයට සිත නැඹුරු වීම
  • අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
  • ගුණ, නුවණින් පිරිපුන් වීම
  • පිටසක්වල නූපදීම
  • අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
  • උන්මන්තක නොවීම
  • මිසිදිටු නොගැන්වීම
  • මරණයට නොබියව මුහුණදීම
  • මුහුණෙ වර්ණය පැහැපත්වීම
  • වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
  • බුදුබව පවා පැතීමට සිත නැමීම
  • තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
  • යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
  • එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
  • තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
  • ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
  • සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
  • සම්මා දිට්ඨියෙහි පිහිටීම
  • යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
  • ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
  • ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
  • මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
  • සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
  • නපුරු සිහින නොපෙනීම
  • භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම


12/8/16

ශ්‍රී බුද්ධ චරිතය





සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතය ඇසුරෙන් මෙම Mobile app එක නිම කරන ලදී. වර්තමානය කුඩා දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය දුරස් වීම කණගාටුවට කරුණකි. ඔවුන් තාක්ෂණික මෙවලම් වලට දැඩි නැබුරුතාවයක් දක්වන බැවින් දහම් අධ්‍යාපනය ජංගම මෙවලම් තුලින් ලබාදීම යෝග්‍ය යැයි මා හැඟේ. මෙය මා තැබූ ප්‍රථම පියවර නිසා අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඉදිරියේදී තවත් දියුණු කරමින් දහම් අධ්‍යාපනය Mobile application මගින් මට හැකි අයුරින් ලබා දෙන්නෙමි. https://play.google.com/store/apps/details?id=com.wasu.lifeoflordbuddha





11/19/16

රහතන් වහන්සේලා පිලිබඳ අප්‍රසිද්ධ තොරතුරු




බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වශයෙන් සැලකෙනුයේ නිවන යි. වාණ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීම නිවන වශයෙන් ථේරවාදී ඇදුරෝ විස්තර කරති. තෘෂ්ණාව හෙවත් ආශාව මුල්කොට ඇති කෙලෙසුන් ප්‍රහීණ කළ පුද්ගලයා රහතන් වහන්සේ ය.

රහත් යන්න අර්හත් යන පදය හා සම්බන්ධ ය. එය ‘ අර්හ’ යන ධාතුවෙන් නිපදී තිබේ. එයින් අදහස් කරනුයේ යෝග්‍ය, සුදුසු පුද්ගලයා යන්න යි. මෙහි නිරුක්ති අර්ථ රැසක් විසුද්ධි මග්ගයෙහි දැක්වේ. රහතන් වහන්සේ යන අරුත දීමට ක්‍ෂීණාශ්‍රව යන්න ද වහරට පත් ව ඇත. ක්‍ෂීණ වූ - පහ වූ ආශ්‍රව ඇති තැනැත්තා යනු එහි අරුත යි. කාම, භව, දිට්ඨී සහ අවිජ්ජා වශයෙන් ආශ්‍රව සතර යි. රහත් බවට පත් වීමේදී මේ ආශ්‍රව සියල්ල ඔහුගේ සන්තානයෙන් බැහැර වේ. එවිට ඔහු නිවනට පැමිණුණා වේ. “ඛිණා ජාති වූසිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථාය” යනුවෙන් දැක්වෙන පරිදි එබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජාතිය හෙවත් උපත පහකොට ඇත. ඒ සඳහා බඹසර හැසිර ඇත. කිරීමට තවත් යමක් ඉතිරි වී නැත. සියලු කෙලෙසුන් නසා ඇත.

නිවන අවබෝධ කිරීමේ මාර්ග තුනක් බුදු දහමේ විස්තර වී ඇත. බුද්ධ, පච්චේකබුද්ධ, අරහත් යනු ඒ මාර්ග තුන යි. රහතන් වහන්සේ අරිය යන නාමයෙන් ද හැඳින්වේ. සියලු පුද්ගලයෝ පෘථග්ජන හා ආර්ය වශයෙන් කොටස් දෙකකට බෙදෙති. කෙලෙස් සහිත පුද්ගලයා පෘථග්ජන වශයෙන් සැලකෙන අතර, උතුම් මගපලයකට පත් පුද්ගලයා ආර්ය නාමයෙන් හැඳින්වේ. සෝතාපන්න, සකදාගාමී, අනාගාමී සහ අර්හත් යනුවෙන් ආර්ය භාවයට පත් වීමේ අවස්ථා හතරක් ඇත. මේ එක එකක් මාර්ග සහ ඵල වශයෙන් දෙකොටසකට බෙදේ.

මිහිඳු මාහිමියන් ලංකාවේදී දේශනා කළ පළමු සූත්‍රය වූ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ප්‍රකාශ වූ පරිදි බුද්ධ ශ්‍රාවකයා ආරම්භයේ සිට චූළ මජ්ඣිම හා මහා ශීලයන් සපුරා සිත සමාධියට නැඹුරු කළ යුතු ය. ප්‍රථමාදි ධ්‍යාන වැඩිය යුතු ය. අභිඥා උපදවා ගත යුතු ය. ත්‍රිලක්ෂණ අවබෝධය මුල්කොට ඇති විසපස්සනා භාවනාවට සිත යොමු කළ යුතු ය. පුබ්බේනිවාසය, දිබ්බචක්බු හා ආසවක්ඛය යන ත්‍රිවිද්‍යාව මගින් සියලු කෙලෙස් ප්‍රභිණ කළ යුතු ය.

නිවන් අවබෝධය සම්බන්ධ පළමු පියවර සෝතාපන්න නම් වේ. මෙහිදී සක්කායදිට්ඨී විචිකිච්ඡා හා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප්‍රභීණ කෙරේ. කාමරාග සහ පටිඝ යන සංයෝජන දෙක සකදාගාමී මාර්ගයේදී යටපත් කෙරේ. අනාගාමී මාර්ගයේදී මුළුමනින් ම පහ කෙරේ. සෙසු සංයෝජන පස අර්හත් මාර්ගයේදී පහ කෙරේ. එකී සංයෝජන නම් රූපරාග, අරූපරාග, මාන, දිට්ඨී සහ අවිජ්ජා යනු යි. මෙසේ සියලු සංයෝජන ප්‍රහීණ කිරීමෙන් අර්හත් බවට පත් වේ. සංයෝජන නමින් දැක්වෙන්නේ පුද්ගලයා සසරට බැඳ තබන කෙලෙස් බැමි ය. සෝවාන් ආදි මගපලවලට පැමිණීමෙන් මේ බැමි බිඳහළ හැකි බව ථේරවාදීන්ගේ අදහස යි.

මිහිඳු මාහිමියන් ලංකාවට බුදුදහම හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වූයේ සියලු කෙලෙසුන් ප්‍රභීණ කිරීමෙන් ලබන රහත් බව පසක් කිරීමට මග පෙන්වීම ය. මේ සඳහා බුදු දහමේ නිර්දිෂ්ට අනුපූර්ව ප්‍රතිපදාව ලංකාදීපයෙහි බෞද්ධයන්ට ප්‍රගුණ කරවූ අතර, ඒ මග අනුයමින් ඔවුහු මගපල පසක් කළහ. එකල ලක්දිව දහස් ගණන් රහතන් වහන්සේගෙන් පිරී පැවති බව අටුවාවන්හි දැක්වෙයි. සංයුක්ත නිකාය අටුවාවේ සඳහන් පරිදි රුවන්මැලිසෑය දෙස බලමින් දකුණු වාහල්කඩ සිට භික්ෂුන් තිස් දහසක් දෙනා රහත් වී ඇත. එසේ ම සෙසු වාහල්කඩවල සිටිමින් සෑය දෙස බලා සිට තිස් දහස බැගින් වූ භික්ෂූන් ද රහත් වී ඇත.

තිස්සමහාරාමයේ හා සිතුල්පව්වේ විසිහතරදාහක් රහත් භික්ෂූන් විසුහයි විහංග අටුවාවේ සඳහන් වේ. සුප්‍රසිද්ධ අරියවංශ දේශනාවන්හිදී ද රහත් බවට පත් අපමණ භික්ෂූන් සම්බන්ධ තොරතුරු මූලාශ්‍රයවලින් දත හැකි ය. මේ රහතන් වහන්සේලාගේ ස්වරූපය කෙබඳු ද, උන් වහන්සේ තුළ පැවති ආධ්‍යාත්මික ශක්තිය කෙබඳු වී ද, ඔවුන් සමාජය සමග එක් ව සිදු කළ මෙහෙය කෙබඳු ද යන කරුණු කෙරේ අප අවධානය යොමු වීම ස්වාභාවික ය. මේ පිළිබඳ අටුවා හා වෙනත් මූලාශ්‍රයවලින් ලැබෙන තොරතුරු ද ඇසුරු කර පිළිගත හැකි විස්තරයක් වල්පොළ රාහුල හිමියන්ගේ ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ නමැති කෘතියේ (හිස්ටරි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්, කොළඹ, 1956, 217 පිටේ සිට ඉදිරියට) දැක්වේ. එකී විස්තරය හා වෙනත් මූලාශ්‍රයන් අනුව පෙනී යන කරුණක් නම් රහතන් වහන්සේලා ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත් අත්‍යන්ත විවේකකාමී, අල්පේච්ඡ වූ ද යථාලාභ සන්තුෂ්ටියෙන් යුක්ත වූ ද පිරිසක් බවයි. රහතන් වහන්සේ හැම දෙනම ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත් වූ හ යි මින් අදහස් නො කෙරේ.

බුද්ධ කාලයේ ම රහතුන් දෙකොටසක් විසූ බවට සාධක ලැබේ. ඉන් එක් කොටසක් අභිඥාලාභීන් වශයෙනුත් එක් කොටසක් ශුෂ්ක විදර්ශක වශයෙනුත් හැඳින්විණ. අහසින් යෑම, අහසේ පලක් බැඳ වැඩ සිටීම, දියෙහි මෙන් පොළොවෙහි ද කිමිදී යෑම වැනි විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් අභිඥාලාභී රහතන් වහන්සේ සතුව පැවතුණි. ශුෂ්ක විදර්ශකයෝ හුදෙක් විදර්ශනා වඩා කෙලෙසුන් නැසූ උතුමන් වූ අතර, ඔවුන්ට යට කී ආකාරයේ ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් නො වී ය. ධම්මපදට්ඨ කථාවේ විස්තර වන චක්ඛුපාල හිමි ශුෂ්ක විදර්ශකයෙක් විය. ඔහුට ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් නො වී ය. බුදු සමයේ පණිවිඩය රැගෙන ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමියන් මෙහි වැඩියේ අහසින් බව කියැවේ. උන් වහන්සේ අභිඥාලාභී රහත් නමක් වූ හ. උන් වහන්සේගේ පණිවිඩයක් ද රැගෙන දම්සෝ රජු හමුවට ගිය සුමන සාමණේරයන් වහන්සේ ද ධාතූන් වහන්සේ රැගෙන ලංකාවට වැඩියේත් ධාතු සඳහා ඉන්දියාවට වැඩියේත් ඍද්ධියෙන් බව මහාවංශයේ දැක්වේ. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ පිණ්ඩෝල භාරද්වාජ නමින් ප්‍රසිද්ධ රහත්නමක් විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යයක් පිළිබඳ විස්තරයක් ධම්මපදට්ඨකථාවේ එයි. ඒ අයුරින් සකසන ලද වඩාත් නිර්මාණාත්මක රචනයක් බුත්සරණේ ද දැක්වෙයි. එහි දැක්වෙන පරිදි බොහෝ දෙනා බලා සිටියදී ඍද්ධියෙන් අහසට නගින භාරද්වාජ රහත්නම සැටරියන් ලීයක පිහිටුවන ලද පාත්‍රය ද රැගෙන බිමට බැස්සේ ය. මේ සිද්ධිය බුදුන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර, මෙබඳු කරුණෙහි ප්‍රාතිහාර්ය පෑම ද තහනම් කරන ලදි.

ජනතාවගෙන් ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ ආශාවෙන් හෝ තමාගේ ප්‍රාතිහාර්ය මහිමය පෙන්වීම සඳහා හෝ ඉන් පසු භික්ෂූහු පෙළහර පෑමෙන් වැළකුණහ. තමන්ගේ රහත් ගුණය හෝ සෙසු ආධ්‍යාත්මික ශක්තිය ප්‍රදර්ශනය කිරීමට රහත්හු නොකැමති වූහ. එමෙන් ම අත්‍යන්ත විවේකය පි‍්‍රය කළහ. මංගනවාසී බුජ්ජතිස්ස තෙරුන්ගේ කථාවෙන් මේ සඳහා තොරතුරු ලැබේ. උන් වහන්සේගේ රහත් ගුණය අසා වරක් සද්ධාතිස්ස රජු එතුමන් බැහැදැකීමට පැමිණි සැටිත් ඒ අවස්ථාවේ ඇඳේ වාඩි වී බිම ඉරි අඳිමින් සිටි සැටිත් රජු කලකිරී ආපසු ගිය සැටිත් එම කථාවෙන් කියැවේ. තමා බැහැදැකීමට රජුගේ පැමිණීම පවා මුන් වහන්සේ නොරිස්සූ අයුරු මෙයින් පැහැදිලි වේ.

රහතුන් තුළ පැවැති සංචරය පිළිබඳ කථා පුවතක් විසුද්ධි මාර්ගයේ එයි. වරක් භික්ෂූන් කීපනමක් විහාරචාරිකාවේ යමින් කරඬු ලෙනට පැමිණ, එහි සත්බුදුවරුන්ගේ දැකුම්කලු සිතුවම් බලා එහි වැසි භික්ෂුවට මේ ගැන දක්වා ඇත. සැට අවුරුද්දක් එහි සිටි භික්ෂුව එය එතෙක් නොදැන සිටි බව එහිදී හෙළි විය. උන් වහන්සේ එතරම්ම ඉන්ද්‍රිය සංවරය පුහුණු කර ඇත. ඇතැම් කතාවක එන තොරතුරු අනුව මහජනතාවගේ ශ්‍රද්ධාව වැඩෙන පරිද්දෙන් ප්‍රාතිහාර්ය පෑමට ඇතැම් රහත්හු ඉදිරිපත් වී ඇත. කලින් සඳහන් කළ මංගනවාසී බුජ්ජතිස්ස තෙරුන්ගේ ආදාහන ශිවිකාව අනුරාධපුරයට අහසින් පැමිණි විට දහස් ගණන් සැදැහැවත්හු සැදැහැයෙන් ඉපිලී සාධුනාද පැවැත්වූ හ. මෙය ඇසූ ලෝහපාසාදවාසී (ලෝවාමහාපාය) මහාව්‍යග්ඝ රහතන් වහන්සේ ද එබඳුම උදාර අන්දමේ ආදාහනයකට කැමැති වූහ. මේ අනුව පෙනී යන්නේ ඇතැම් රහතුන්ගේ මේ ආකාර අභිලාෂයක් පැවැති බවයි.

ඇතැම් පෘථග්ජන සුසිල්වත් භික්ෂූන් ද රහතන් වහන්සේලා වශයෙන් වරදවා පිළිගෙන තිබුණු බැව් දැක්වෙන කථා මෙන් ම රහත් වීමට තරම් ආධ්‍යාත්මික දියුණුවක් ලබා සිටි එහෙත් රහත් බවට නොපත් හිමිවරුන් ගැන තොරතුරු දැක්වෙන කථාපුවත් ද අපේ අටුවාවන්හි හමු වේ. සුප්‍රසිද්ධ තලංගරවාසී ධම්මදින්න තෙරුන් වහන්සේ වරක් සිය ආචාර්යවරයා වූ උච්චාලිකාවාසී මහානාග තෙරුන්ගේ මගපල අවබෝධය ගැන සොයා බලා පිහිට වීමට උන් වහන්සේ හමුවට ගියහ. මූලික සාකච්ඡාවෙන් පසු ලද අධිගමය ගැන විමසූ විට හැට වසරකට පෙර රහත් බව ලැබිණැයි මහානාග හිමියෝ පළ කළහ. සමාධියට සමවැදී ඍද්ධියෙන් ඇතකු මවන ලෙස ධම්මදින්න හිමියෝ අයැදියහ. මහානාග තෙරුන් තමාම මැවූ ඇත්රුවට බිය වී දුවන්ට සූදානම් වූ විට සිවුරින් අල්ලා කමටහන් දුන්නෙන් කෙටිකලකදී රහත් බව පසක් කිරීමට ඒ හිමිට හැකි විය. මෙහි එන මහානාග හිමියෝ අභිඥාලාභියකු වූ හෙයින් රහත් වී ඇතැ යි සිතා සිටියහ. විසුද්ධිමග්ගයෙහි එන තවත් කථාවක දැක්වෙන පරිදි, මහාසංඝරක්ඛිත නම් වූ අසූ හැවිරිදි භික්ෂුවක් සුසිල්වත් හිමිනමක් වශයෙන් ප්‍රසිද්ධියට පත් ව විසූ හ. මහජනතාව සිතා සිටියේ උන් වහන්සේ රහත් නමක ලෙසිනි. උන් වහන්සේ මරණාසන්න ව සිටින බව ඇසූ දොළොස් යොදුනක මහජනයා එහි රැස් වූ හ. උන් වහන්සේගේ අධිගමය ගැන විමසූ විට තමන් තවත් පෘථග්ජන භාවයෙහි සිටින බව යට කී සංඝරක්ඛිත හිමියෝ ප්‍රකාශ කළහ. එමගින් තමන්ට අගෞරවයක් වන බව උපස්ථායක භික්ෂුව මහතෙරුන්ට දැන්වූයෙන් මොහොතක් තමාට අවකාශ දෙන ලෙස මහතෙරහු කීහ. කාමරයෙන් පිටවෙන්ට සූදානම් වන විට ම අසුරු ගසා උපස්ථායකයා කැඳවූ මහාසංඝරක්ඛිත තෙරුන් වහන්සේ තමන් ඒ මොහොතේ රහත් වූ බව දැක්වූ හ. තමන් එතෙක් රහත් බව ගැන කල්පනා නොකළේ මෛත්‍රිය බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තුව සිටි හෙයිනැයි දැක්වූ හ. මේ කථාවෙන් අනාවරණය වන්නේ රහත් බව ආසන්නයට ම ළං වන පරිද්දෙන් එතුමා කෙලෙසුන් යටපත් කර තිබූ බවකි.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දහසක් යන තුරු අධිගමය පවත්නා බව පිළිගෙන ඇත. එතෙක් සෝවාන් ආදි මගපල අවබෝධයට ඉඩ ඇත. දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන පරිදි භික්ෂූන් නියම ලෙස ප්‍රතිපත්ති පූරණයෙහි නිරත වතොත් ලොව රහතුන්ගෙන් හිස් නො වේ. එසේ නම් අද ද මගපල පසක් කළවුන් නැතැ යි කිය නොහැකි ය. අටුවා හා ජනකතාවලට අනුව ලංකාවේ අවසන් රහතන් වහන්සේ ලෙස සැලකෙන්නේ මලියදේව තෙරුන් වහන්සේ ය. උන් වහන්සේ පිළිබඳ විසිතුරු කතාපුවත් අසන්ට ලැබේ. කෝට්ටේ යුගයේ වැඩ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලළිහිණි සන්දේශයේ එන පද්‍යයක් රචනා කර ඇත්තේ එබඳු ජනප්‍රවාදයක් ඇසුරෙනි:

ගිලිය නොදී සැට මහණන් බව මහණ

මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ

දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ

බැලිය හැකි වි නම් දැක වැඳ යා කලණ

කැලණි විහාර භූමිය තුළ මෙකී ඓතිහාසික සිද්ධිය අනුස්මරණය කෙරෙන ගොඩනැගිල්ලක් පැවති බව මින් අනාවරණය වෙයි.

මෙහි සඳහන් මලියදේව හිමියන් වාසය කළ කාලපරිච්ඡේදය නිරවුල්ව හඳුනාගෙන නැත. අටුවා කථාවල දැක්වෙන විස්තර තොරතුරු අනුව සුප්‍රසිද්ධ මලියදේව හිමියන් දුටුගැමුණු සද්ධාතිස්ස රජුන්ගේ කාලයේ වැඩ සිටියහයි සැලකේ. පසුකාලයේ මේ නමින් හැඳින්වුණු වෙනත් හිමිවරුන් ද විසූ බව පෙනේ. පාලි රසවාහිනියේ ද එහි අනුවාදයක් වූ සද්ධර්මාලංකාරයේ ද මලියදේව හිමි නමක් ගැන තොරතුරු දැක්වෙන කතාපුවතක් එයි.

සද්ධර්මාලංකාරයෙහි දැක්වෙන අන්දමට මෙකී මලියදේව හිමි දැදුරු ඔයට නුදුරුව පිහිටි සුලුගලු නම් විහාරයට ඍද්ධියෙන් වැඩ එහිදී සුලුගලු උපාසකයාගේ බෙහෙත් කැඳක් ලැබ දිගුකලක් තිස්සේ පැවැති උදරාබාධය සුවපත් කරගෙන ඇත. උපාසකයා බෙහෙත් පිළියෙල කරන අතරතුර ම තෙරුන්ගේ ඍද්ධ්‍යනුභාවයෙන් චුල්ලගල්ලත් සමග තව්තිසා භවනයට ගොස් සිළුමිණි සෑය ද වන්දනා කොට මෙතේ බෝසතුන් හමු වී යළි එම විහාරයට පැමිණ ඇත. මේ ගමනේ දී මෙතේ බෝසතුන්ගෙන් චුල්ලගල්ල ලැබූ මහඟු සළු යුගලය මහජනයාට පෙන්වා ඔවුනුදු පැහැදවූ බව මේ කතාවේ වැඩිදුරටත් විස්තර වේ (සද්ධර්මාලංකාරය, බෙන්තර සද්ධාතිස්ස සංස්කරණය, 1934, 695 පිට සිට ඉදිරියට). කලින් ද සඳහන් කළ පරිදි රහතුන් වහන්සේලා අතර අභිඥාලාභීන් මෙන් ම ශුෂ්ක විදර්ශකයන් ද සිටින බව ප්‍රකට කරුණක් වූව ද සිංහල බෞද්ධයන් වැඩිදෙනා රහතන් වහන්සේ ලෙස සලකනුයේ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි සමත් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා ය.

මහාචාර්ය පූජ්‍ය ගතාරේ ධම්මපාල හිමි

10/6/16

අවාස කුටියේ වර්තමාන තත්වය








මේ අවාස කුටියේ වර්තමාන තත්වයයි. දායක උනු සහ වන ඔබ සියළු දෙනාගේ මුදලින් ද තවත් කළණ මිතුරන් රැසකගේ දායකත්වයෙන් සාර්ථකව ඉදිකෙරමින් පවතින බව ඉතා සතුටින් දැනුම් දෙමි. මෙම අවාස කුටියට 
කුඩා විහාර මැදුරක්
ධර්ම විනය ඉගෙනීමට කියවීම් ශාලාවක්
වැඩ හිඳීමට ආවාස ශාලාවක්
සක්මන් භාවනාවට සක්මන් මළුවක්
වැසිකිලි පහසුකම්
පැන් පහසුවට හා ගිලන්පස සකස් කරගන්නා කොටසක්
ඇතුලත් වේ. අප සියල්ලෝම ධනවත් උවන් නොවෙතත් පොඩි මුදලකින් හෝ දායක වී කුසලයන් අතින් මහා ධනවතුන් වෙමු.


1019 5706 1623 
වාසුර එදිරිසුරිය
සම්පත් බැංකුව
පිළියන්දල ශාඛාව