5/29/15

" චේතෝ විමුක්තිය - 5 කොටස "



මේ අනිත්‍යයි කියන එක ගැන නම් මට කතා කරන්න වෙනවා ටිකක් වැඩිපුර. දැන් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ, අනිත්‍යයි කියන්නේ මේ රූප කලාප බි`දී බි`දී යනවා වෙනස් වෙවී යනවා. වේගයෙන් ගලාගෙන යන නිසා. ඉස්සෙල්ලා බලපු කෙනා ඊගාවට බලන්න බෑ. මොකද එවෙලෙ තිබුන රූප කලාප නෑ. දැන් තියෙන්නෙ අලූත් රූප කලාප කියන තැනකින් අනිත්‍යය කථා කරනවා. වරක් අල්ලපු ගඟ නැවත අල්ලන්න බෑ. මොකද එවෙලෙ ගෑවුන වතුර ටික නෙමෙයි ඊගාවට ගෑවෙන්නෙ. ඒතරම් අනිත්‍යයි. මේ විදියට අනිත්‍යය ගැන කථා කරනවා. මං මේ කථා කරන්නේ ඔහොම තැනකින් නෙමෙයි. ඔහොම අනිත්‍යය බැලූවට වැඩකුත් නෑ. ඔහොම අනිත්‍යය නොබැලීම නිසා නෙමෙයි, කෙලෙස් ඇතිවෙලා තියෙන්නෙ. ඔතනින් නෙමෙයි මේක තරණය කරන්න යන්න තියෙන්නෙ. ඇත්ත වෙන්න පුළුවන්. ඇත්තවල් ලෝකෙ ඕන තරම් තියෙනවා. නමුත් අපි තේරුම් කරගන්න ඕනෙ, අපේ කෙලේසෙ ගෙවෙන්න ඕන දහම් ටික, අපේ කෙලේසෙ ඇතිවෙලා තියෙන්නෙ කොතනින්ද කියන කාරණාවයි. අපි බැලිය යුත්තේ. අපි ඉපදිච්ච හැම කෙනෙක්ම අනුක‍්‍රමයෙන් වෙනස් වෙනවා. දිරනවා. මහළු බවට යනවා. මැරෙනවා. මේක තමයි අනිත්‍යය කියලා අපි හිතන්නේ. මේ අනිත්‍යය මේ ශාසනෙන් බැහැර අය දන්නෙ නැද්ද දන්නවා. රූප කලාප වෙනස් වේවි යන බව භාවනා කරන ඔය පින්වතුන්ට වඩා හොඳට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. එහෙම බැලූවොත් විද්‍යාඥයො රහත් නෙමයි. ඊටත් එහා ගිහිල්ලා කියයි.

අපි ඔය නිකම් තර්කගත ඥානයකින්නෙ කියන්නෙ වරක් දැකපු දේ නැවත වරක් දකින්න බෑ කියලා. දැකලා නෙමෙයිනෙ. විද්‍යාඥයො උපකරණ උදවුවෙන්, රූපය කියන එකේ වෙනස්කම් හොඳට දැකලා තියෙනවා. එහෙනම් ඒ අයත් සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා. ඇයි හිතාගෙන ඉන්නවා කියනවා සවිඥානක අවිඥානක මේ හැම වස්තුවක් ම එක දශමයක්වත් එක තැනක තියෙන්නෙ නෑ. අන්තිමට චලිතයක්, ශක්ති ප‍්‍රභවයක් කියන තැනට යනකම් යනවා. ඊටත් එහා අනිත් ඔය දත්ත ගොඩක් තියෙනවා.

නමුත් බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන්නේ ඔහොම තැනකින් නෙමෙයි. මේ අනිත්‍යයි කියන වචනෙ අයිති මේ ශාසනේට විතරයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නෙ ‘අනිච, දුක, අනත’ කියන අකුරු අටකින් යුක්ත වචන තුනක් දේශනා කරන්න. ඊට මෙහා ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ති‍්‍රලක්ෂණය දන්නෙ නෑ.

එහෙනම් මේ අනිත්‍යය කියන එක මේ ලෝකෙට සාධාරණ නැති එකක්. ලෝකෙ හැමෝටම අයිති නැති එකක්. මේ ශාසනේටයි අයිති නියම අනිත්‍යය කියන එක. ඇත්තටම අනිත්‍ය දකින්න පුළුවන් මේ ශාසනේ විතරයි. ඊට මෙහා කිසි කෙනෙකුට අනිත්‍ය දකින්න බෑ. ඇයි ඒ? අනිත්‍යය ගැන හිතන්න විතරයි පුළුවන්. අනිත්‍යයි කියලා මනසිකාරයක් කළහැකි.

දැන් මේ රූපයෙ, ඉස්සෙල්ලා දැකපු රූප කලාප ටික නෙමෙයි ඊගාවට දකිනකොට කියලා තර්කගත ඥානයක් ඇති කර ගනියි, හිතයි. දැක්කහැකිද ඔය පින්වතුන්ට, පෙනුනෙ නැත්නම් මේ නිත්‍ය සංඥාව අත හැරෙන්නෙ නෑ. මොකද පේන්නෙ නෑ කියන්නෙ අනිත්‍ය බව. නිත්‍ය බව පේනවා කියන එක. එතකොට තියෙන්නෙ නිත්‍ය බව හින්දා ඔය පින්වතුන් කොච්චර හිතුවත් ලෝකෙ තියෙනවා කියන තැනකින් තමයි කෙලෙස් යෙදෙන්නේ. කොච්චර හිතුවත් මේක කැඩෙනවා. බිඳෙනවා. තණ්හා කරන්න හොඳ නෑ කියලා, මොන විදියට හිතුවත් සංඥාව තියෙන්නෙ, තියෙනවා කියන තැනකින් නම්, ඒ කියන්නේ පේන්නේ තියෙනවා කියන තැනයි නම් ඒකට තියෙන ඇලීම අයින් කරන්න බෑ. අනිත්‍යයි කියන එක පෙනුනොත් විතරයි මේ සංඥාව නැතිවෙන්නෙ. ඒකයි දැන් මොන විදියට අනාත්මයි කිවුවත් ඔය පින්වතුන්ට තියෙන්නෙ ආත්ම සංඥාව නම්, කටයුතු කරන්නෙ ආත්ම සංඥාව තුලමයි. අනාත්මයි කියලා පෙනුනොත් විතරයි ඒ කි‍්‍රයාව වෙනස් වෙන්නේ. අනිත්‍යය බලන්නෙ කොහොම ද?

අනිත්‍යය බලන්න නම් අනිවාර්යයෙන් ම හේතු ඵල දහම දැනගෙන තියෙන්නට ඕන. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. ඇයි අනිත්‍යයි කියන්නේ. නිකම් මෝඩකමට අපි හිතුවට බෑ. ඒක සහේතුක වෙන්න ඕනෙ. අනිත්‍යයි නම් අනිත්‍යයි කියන්න හේතුවක් තියෙන්න ඕන. දැන් අනාත්මයි කිවුවා. අනාත්මයි කියන්න හේතුවක් තිබුනා. අපිට මෙහෙම හම්බ වුනාට පවතින ධර්මතාවය මේක. මේවා හැදුනේ මෙහෙමයි. හැදුන හැටිත් පෙන්නලා තියෙන දේත් පෙන්නලා, හැදුන හේතුව අනාත්මයි නම්, එවැනි හේතුව නිසා පවතින දේත් අනාත්මයි නම්, මේකට අනාත්මයි නොකියා ආත්මයි කියන්න ද? එහෙනම් මේක අනාත්මයි, ආත්ම සංඥාව තමන් තුලයි, කියලා වැරැුද්ද පෙන්නුවා සහේතුකව, කාටවත් දොස් කියන්න බෑ.

එහෙනම් ඇහැ අනිත්‍යයි.
රූපය අනිත්‍යයි.
චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයි.

එහෙම අනිත්‍යයි කියන්න නම්, හේතු පෙන්නන්න ඕන. සාධාරණ වෙන්න ඕන. අනිත්‍ය නම් අනිත්‍යයි කියන්න හේතුව මොකක් ද කියන කාරණාව තියෙන්න ඕන. නැත්නම් අපිටත් වෙන්නෙ අනික් ශාසනේක දෙවියො අපිව බේරලා දෙයි කියලා අන්ධ විශ්වාසෙකින් ගන්න එකයි, ‘ආ මේවා අනිත්‍යයි තමයි. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවනෙ’ කියලා ගන්න එකයි අතර වෙනසක් නෑ.

එහෙම නෙවෙයි. අනිත්‍යයි නම් ඇයි අනිත්‍යයි කියන්නෙ. හොඳට සහේතුකව කිවුවෙ නැත්නම් පිළිගන්න බෑ අපිට. එහෙනම් මෙන්න මේ නිසයි අනිත්‍යයි කියන්නේ කියන කාරණාව තියෙන්නට ඕනෙ. බුදුරජාණන් වහන්සේ හේතුඵල දහම පෙන්නන්නේ ඒ නිසයි. යමක් හේතු නිසා නම් හටගන්නෙ, ඒ හේතු ටික නැතිවෙනකොට ඵලය තියෙනවද කියලා අහනවා. අනිත්‍යය පෙන්නන්න නම් එහෙමයි පෙන්නන්න වෙන්නෙ.
දැන් ගහක් නිසා, හිරු එළිය නිසා, පොළව නිසා, ඡුායාවක් වැටුනොත්, ඔන්න ඡුායාවට අපි කියනවා ඵලය කියලා. හේතු කියනවා ගහට, හිරු එළියට, පොළවට, හේතු නිසා හටගත්ත ඵලයක්. හැබැයි ඵලය කියලා කියන්නෙ හේතු එකක් එකතුත් නෙමෙයි. හේතු ඔක්කොමත් නෙවෙයි. හේතු නැතුව අහේතුකවත් නෙවෙයි හේතු
නිසාමයි මේ ඵලය හටගත්තේ.

ඡුායාව කියන්නෙ ගහද? නෑ.

හිරු එළිය ද? නෑ.

පොළවද? නෑ.

එහෙනම් ගහයි, හිරු එළියයි, පොළවයි කියන තුනමද ? ඒ ඔක්කොමත් නෙමෙයි. එකක් එකතුත් නෙමෙයි. එහෙනම් ගහයි, හිරු එළියයි, පොළවයි කියන තුන නැතුව ඡුායාව හටගන්නව ද? නෑ.

එහෙනම් ඒවා නැතුවත් නෙමෙයි. ඒවා නිසාමයි හටගන්නෙ. ඒත් ඒ හේතුවලට අයිති නෑ. ඒ විදියට සහේතුක වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඡුායාව අනිත්‍යයි කියලා.

‘මහණෙනි, ඡුායාව අනිත්‍යයි’

ඡුායාව ඇතිවුනේ හේතු නිසා නම්, හේතු නැති වෙනකොට ඡුායාව නැති වෙනවා නම්, ඡුායාව නෑ කිවුවෙ නෑ බුදු හාමුදුරුවො. අනිත්‍යයි. නිත්‍ය නෑ. තියෙන්නෙ නෑ. කියන එක කිවුවෙ. නැහැ කියන එකක් නෙමෙයි කිවුවෙ. අනිත්‍යයි කියන වචනෙ තුල තියෙනවද නෑ කියලා. නෑ. නොපවතිනවා කියලා එකක් කියන්නෙ. ඇයි ඒ. මේ ඡුායාව අනිත්‍ය යි. හේතු නැතිවෙන කොට නැතිවෙනවා. ගහ හෝ නැතිවුනොත්, පොළාව හෝ නැතිවුනොත්, හිරු එළිය හෝ නැතිවුනොත්, හේතු තුනම හෝ නැතිවුනොත් ඒ ඵලය නැති වෙනවා. හේතු තුනක එකතුවක් නිසා නම් හැදුනෙ, මේ ඵලය නැතිවෙන්න හේතු ඔක්කොම නැති වෙන්න ඕන නෑ. එකක් නැතිවුනත් නැති වෙනවා. ඔක්කෝම නැති වුනත් නැති වෙනවා. මේ හේතු ඇති වෙනකොට ඇති වෙනවා නම් හේතු නැතිවෙනකොට නැතිවෙනවා නම්, මේ ඡුායාවට කියන්න සුදුසුම වචනෙ මොකක් ද?

ඡුායාව කියලා එකක් නැහැ කියන්නත් බෑ. මොකද හේතු ඇති වුනොත් ඇති වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙන නිසා තියෙනවා කියන්නත් බෑ. එහෙනම් මේකට කියන්න සුදුසුම වචනෙ අනිත්‍යයි. නිත්‍ය නෑ කියලා.

ඒකෙන් කිවුවෙ නෑ. නෑ කියලා. තියෙන්නෙ නෑ. ඒක වෙනස් වෙනවා. ඒ වගේ බුදු රජාණන් වහන්සේ පෙන්නනවා, අපිට රූපයක් පේනකොට, මේ රූපය පේන්න.

අපි ඕකට උපමාවක් ගනිමු

මිරිඟුව තියෙන තැනක, ඔය පින්වතුන්ට ජලය වගේ රූපයක් පේනවනේ. දැන් මේ ජලය වගේ රූපය පෙනෙනකොට, ඒ ජලය වගේ රූපෙ පෙනෙන්නෙ, නලියන ස්වභාවයක් තියෙන තැනක, ඇහෙන් බලපු නිසාම, එබ`දු රූපයක් හදලා පෙන්නනවා. ඇහෙන් තමයි ජලය වගේ රූපයක් හදලා පෙන්නන්නේ.

දැන් එබ`දු රූපයක් පේන නිසාමයි ඇහැ ඉපදිලා තියෙන්නෙ. ඒ දෙන්නා නිසයි චක්ඛු විඤ්ඤාණය උපන්නෙ. ඇහෙන් අවස්ථාවට හදලා පෙන්නන රූපය තමයි අපිට ජලය වගේ පේන්නේ. ඔන්න දැන් ඒ රූපය හදන්න තියෙන හේතුව පෙන්නුවා. ඇහැයි, හිතයි, මුල් වෙලයි මෙබ`දු රූපයක් පෙනෙන්නෙ. දැන් මේ ජලය වගේ පෙනෙන රූපෙ දිහා බලන්න.

ඇහැ අහකට ගත්තොත්, හිත අහකට ගත්තොත්, මේ ජලය වගේ පේන රූපෙ ඉතුරු වෙනවද? නෑ. ඉතුරු නැතුවම නැති වෙනවා. දැන් මේ ජලය වගේ පෙනෙන රූපයේ රූප කලාපවල අනිත්‍යය බලන්න පුළුවන්ද ඔය පින්වතුන්ට. රූප කලාප වශයෙන් බි`දි බි`දී යනවා. වරක් බලන ඡුායාව නෙමෙයි තියෙන්නේ. ඉස්සෙල්ලා තිබුණ රූප කලාපය නෙමෙයි ඊගාවට තියෙන්නෙ වෙන රූප කලාප ටිකක් කියලා බැලූවහැකිද? බෑ . ඇයි ඒ ? එහෙම බලන්න පුළුවන් එකක් නෙමෙයි. ආයතන පැත්තෙන් උපද්දපු උපාදාය රූපයක් මේ. උපාදාය රූපවල රූප කලාප බලන්න බෑ. ඔය පින්වතුන් ඒක දන්නෙ නැතුව ඇති. මහා භූතයන්ගෙ විතරයි රූප කලාප තියෙන්නෙ ශුද්ධාෂ්ඨකේ විතරයි තියෙන්නෙ. මං උපමාවක් කිවුවොත් මේ මං ඉදිරියෙ තියෙන වතුර කෝප්පෙට වැටිලා තියෙන වහළෙ ඡුායාව, ඒ ඡුායාවෙ රූප කලාප බිඳි බිඳි යනවා කියලා හිතුවොත් හරිද? වැරදියි නේ.

ඉතින් උපාදාය රූපය කියන්නෙ, ඇහැට පෙනන උපාදාය රූපය කියන්නෙ වතුරෙ තියෙන ඡුායාව වගේ රූපයක්. මේ ඇහැට පේන්නෙ ඔක්කොම එහෙම රූප. අල්ලන්න කියලා වතුරට අත දැම්මොත් වතුර නම් අහුවෙයි. අර රූපෙ කවදාවත් අහුවෙන්නෙ නෑ.

වතුරෙ නම් රූප කලාප වෙනස් වෙනවා බලන්න පුළුවෙන් වෙයි. අර ඡුායාවෙ පුළුවන් ද? බෑ.

ඔය පින්වතුන් දන්නවද ඇහැට පෙනන මේ රූපයත්, ඇහැ නිසාම උපද්දලා තියෙන මහාභූත නොවෙන උපාදාය වූ, වතුරෙ තියෙන ඡුායා මාත‍්‍රයක් වෙච්ච රූප මාත‍්‍රයක් විතරයි කියලා දන්නවද? මේකේ රූප කලාප බලන්න බෑ. රූප කලාප බැලූවත් මේ සංඥාව ගෙවෙන්නෙ නැත්තේ ඒ නිසයි.

යම්කිසි කෙනෙකුට පෙනුනොත්, ඇහෙන් බලපු නිසාම ජලය වගේ රූපයක් හදලා පෙන්නුවා කියලා දැක්කොත් එයා දන්නවා ඇහෙන් බලන්න ඉස්සෙල්ලා රූපෙ තිබුනෙ නෑ. අහකට යනකොට මේ දැකපු රූප නෑ කියන එක එයාට හොඳට තේරෙනවා නේ ද? එතකොට බාහිර තියෙන දෙයක් බැලූවා කියන නිත්‍ය සංඥාව අතහැරෙනවා. දැකපු එකේ අනිත්‍යය පේනවා. තේරෙනවද මං කියන එක?

දැකපු රූපෙ අනිත්‍යය පේනවා. ඇහෙන් බලනකම නිසාම ජලය වගේ පේනවා. මේ රූපයක් පේනවා කියලා දැක්කොත් එයා දන්නවා මෙහෙම රූපයක් පේන්න තියෙන හේතුව මොකක් ද? මේ ඇහැ. මෙබ`දු ඇහේ ස්වභාවය තමයි මෙහෙම රූපයක් හදලා පෙන්නනකම කියලා දැක්කොත්, එබ`දු රූපය හදන්න හේතුවෙච්ච ඇහැ නැතිවෙනකොට ඒ රූපය නැතිවෙනවා කියලා දැක්කොත්, මේ රූපෙට අනිත්‍යයි කියලා කියනවා.

දැන් මුවාට වෙලා තියෙන දේ බලන්න. ඇහැ නිසාමයි රූපයක් හදලා පෙන්නන්නේ. නමුත් එයා දන්නෙ නැති හින්දා එයා හිතන්නෙ බාහිර වතුර වගේ පේන රූපෙ තියෙනවා කියලා. එතකොට තියෙන එක හොයාගෙන දුවනවා. ඔන්න නිත්‍ය සංඥාව.

දැන් අපට මිරිඟුව වගේ රූපයක් දකිනකොට ඒ රූපෙ අනිත්‍යය දකින බව එළඹ සිටින්නේ ඉබේම නේද? ඒකට හේතුව මොකක් ද?

ඒ රූපය ඇතිවුන හේතුව දන්නවා අපි. එහෙ ජලය තියෙනවා නෙමෙයි. අපිටයි ජලය වගේ පේන්නෙ කියන හේතුව දන්නවා අපි. ඒ හින්දා අනිත්‍යය පේනවා. ඔය පින්වතුන් දන්නවද? මේ පෙනෙන අරමුණත්, මිරිඟුවේ වගේ ඇහෙන්ම රූපයක් හදලා මේ පෙන්නන්නේ. නමුත් ඒක නොදන්න නිසා අර මිරිඟුවෙ රැුවටිච්ච මුවාට වගේ අපිට තියෙන දෙයක් හම්බවෙලා පේන්නෙ.

එහෙ තියෙනවා කියලා මේ නිත්‍ය සංඥාව යෙදිලා තියෙන්නෙ අපේ මනසෙ. පේන දේ අනිත්‍ය වුනත් නිත්‍ය සංඥාව අනිත්‍ය වෙන්නෙ නැ. ඒක එහෙමම මනසෙ හිටිනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් කෙනෙකුට ඇස් ඉදිරිපිටට රූපයක් එනකොට එයාට හිතන්න පුළුවන් නම්, දකින්න ඉස්සෙල්ලා තිබුනත් නෙමෙයි. දැක්කයින් පස්සෙ තියෙනවත් නෙමෙයි. ඇහෙන් බලන නිසාම මෙහෙම රූපයක් පේනවා නේද කියලා හිතන්න පුළුවන් නම්, දැකපු දේ පැත්තකට ගිහිල්ලා සිහි කරනකොට මේ තමයි, දැකපු දේ ඇති බවට මනසේ තියෙන නිත්‍ය සංඥාව නේද මේ කියලා හ`දුනාගන්න පුළුවන් නම්, දැන් මෙතන ඉඳලා ඔය පින්වතුන්ට ගෙදර සිහිකරන්න පුළුවන් නම්, සිහි කරන කොටත් හ`දුනාගන්න පුළුවන් නම්, මෙහෙම සිහිකරන්න උදවුවෙච්ච ඇහැක් තිබුනා නම්, රූපයක් තිබුනා නම්, චක්ඛු විඤ්ඤාණයක් තිබුනා නම් ඒ ටික නිරුද්ධ වෙලා. නමුත් ඒ නිසා ඇතිවෙච්ච නිත්‍ය සංඥාව නේද මේ තියෙන්නෙ කියලා දකින්න පුළුවන් නම්, තියෙනවා කියන ගේ බලන්න ගියාමත් අවස්ථාවට ඇහැ හැදිලා රූපෙ හැදිලා, චක්ඛු විඤ්ඤාණය හැදිලා ඒ සංඥාව උපදී. ඒ හැඬේ පෙනෙයි නේද කියලා බලන්න පුළුවන්නම්, තියෙන එක බලනවා නෙමෙයි. අවස්ථාවට උපද්දවා ගෙනයි ආයෙත් බලන්නෙ කියලා තේරෙනවා නම්, ආයෙත් ඒ ටික අතහැරෙන කොට ඇති බවට මනසෙ නිත්‍ය සංඥාව පෙනිලයි කියන එකත් දන්නවා නම්, ඔය පින්වතුන් මෙහෙම බල බලා ගියොත් යම් දවසක් තියෙනවා ගෙදර, ගම, රට, මිනිස්සු, සත්වයෝ කියලා සිහි කරනකොට, මෙහෙම සිහි කරන කොටත් එහෙම දේවල් බාහිර නෑ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!