1/10/16

කලන මිතුරන් හඳුනා ගනිමු. කලන මිතුරන් ඇති බව සැපයකි


පාපකබීජ සූත්‍රය. -> http://pitaka.lk/26252/306/cs,aps
’’මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්‍මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ (ඵස්සාදී) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්‍ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස, අවැඩ පිණිස, දුක් පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටිය ලාමකවේද (එහෙයිනි.)
’’මහණෙනි, කොසඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත්වූ පොළවෙහි සිටවන ලද්දේ, යම්බඳුවූ පෘථිවි රසයකුත් ඇදගනීද, යම්බඳු ආපෝ රසයකුත් ඇදගනීද, ඒ සියලු රසය තිත්ත භාවය පිණිස, කටුකභාවය පිණිස, අමධුරභාවය පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය (ඇටය) ලාමක වේද. එහෙයිනි.
’’මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්‍මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ (ඵස්සාදී) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්‍ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස, අවැඩ පිණිස, දුක් පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටිය ලාමකවේද (එහෙයිනි.)
ත්‍රිපිටකය පරිශීලනයට පුරුදු වෙමු