3/31/15


ඔබත් මමත් සරණ ගියේ මෙවන් වූ ගුණ සමුදායකින් යුතු සාස්තෘන් වහන්සේ නමකි .සාධු.. සාධු ..සාධු ඒ උතුම් සම්බුදු ගුණයන්ට මාගේ නමස්කාරය වේවා...!

 
 
´´ස්වාමීනි, පටන් ගන්නා ලද වීර්යය ඇති ස්ථිර වීර්යයෙන් යුක්ත පුරුෂ වීර්යයේන් යුක්ත පුරුෂ පරාක්‍රමයෙන් යුක්ත මහා පුරුෂ වීර්යයෙන් යුක්ත ශ්‍රද්ධාවත් කුල පුත්‍රයෙකු විසින් පැමිණිය යුතු යමක් ඇද්ද භාග්‍යවතුන් වහන්සේ එයට පැමිණියේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හීනවූ ග්‍රාම්‍යවූ පෘථග්ජනයන්ට අයිතිවූ, ආර්යය නොවූ අනර්ථ සහිතවූ කාමසුඛල්ලිකානු යෝගයෙහි (කාම සැපයේ ඇලීමෙහි) නොයෙදුනේ වෙයි. දුක්වූ අනාර්යවූ අනර්ථ සහිතව...ූ අත්ථකිලමතානු යෝගයෙහි (තම ශරීරය වෙහෙසට පමුණුවා යෙදීම) නොයෙතුනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ කාමාවචර සිත් (කාම භවයෙහි හසුරුවන්නාවූ) ඉක්ම සිටියාවූ, මේ ආත්ම භාවයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේය. පහසුවෙන් ලබන්නේය. මා අතින් අතීත කාලයෙහි සම්බෝධියෙන් මා හා සමානවූ අර්හත් සම්‍යක් සම්බුදූවරයෝ පහළවූහයි අසන ලදි. අනාගතයෙහි සම්බෝධියෙන් සමානවූ අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ පහළවන්නාහයි භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසන ලදි. භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම පිළිගන්නා ලදි. එක් ලෝකයක අර්හත්වූ බුදුවරු දෙනමක් ඉදිරි පසු නොවී උපදින්නාහුයයි යන මේ කාරණය අස්ථානයි. (සිද්ධ නොවේ) අනවකාශයි. ඊට හේතු නැතැයි අසන ලදි.´´

´´ස්වාමීනි, යම් තථාගතවරයෙක් තෙමේ මහත් ඎධි ඇත්තේ, මෙබඳු මහානුභාව ඇත්තේ වේද? එමඳු තථාගතයන්ගේ මදකින් සතුටුවන බව, ලද දෙයින් සතුටුවන බව, සැහැල්ලු පැවතුම් ඇතිබව, ආශ්චර්යය අද්භූතය. එසේද වූවත් තමාගේ ගුණ ප්‍රකට නොකරන්නේය.´´
සම්පසාදනීය සූත්‍රය.