4/21/15

නාථකරණ සූත‍්‍රය - 2 කොටස

බහුශ‍්‍රැත භාවය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. ‘බහුශ‍්‍රැතෝ හොති සුතධරො, සුත සන්නිශ‍්‍රිතයො.’
ධර්මය හොඳට අහලා තියෙනවා. ඒ වගේම සිතෙන් හොඳට ධාරණය කරලා තියෙනවා. හිතින් හොඳට හිතලා ඒක නුවණිනුත් හොඳට දැකලා තියෙනවා. මොනවද අහලා තියෙන්නෙ? යම් ධර්මයක් තියෙනවා නම් ‘ආදි කළ්‍යාණං, මජ්ෙඣ කළ්‍යාණං, පරියොසාන කළ්‍යාණං, සාත්ථං සව්‍යඤ්ජනං කේවල පරිපුණ්නං පරිශුද්ධං බ‍්‍රහ්ම චරියං අභිවදන්ති තථාරෝපා ධම්මා බහුශ‍්‍රැතා හොන්ති’ අන්න ඒ වගේ ධර්ම. මූල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත සියලූ ආකාරයෙන් පරිපූර්ණ වූ ශාසන බ‍්‍රහ්ම චරියාව ගැන. මෙතන දී බහුශ‍්‍රැත කියලා පෙන්නන්නේ ලෝකය තුළ දැනුම විදියට සලකන දේ දන්නා බව නෙවෙයි.
බොහෝ අහලා තියෙන්න ඕන වගේම, ඇසුව දේ නැවත නැවත නුවණින් හිතපු බව තියෙන්න ඕන. හිතෙන් පුරුදු කළ බව තියෙන්න ඕන. නුවණින් විමසූ බව තියෙන්න ඕන. නුවණින් විමසලා යම් ආකාරයක තේරුම්
ගත් බවක් තියෙන්න ඕන. මේ සියලූ දේ සම්පූර්ණ වුනාමයි, බහුශ‍්‍රැත පුද්ගලයෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් කියලා කියන්නේ. මොනවද ජීවිතයෙන් අහලා පුරලා තියෙන්නෙ. මුල, මැද, අග යහපත්, අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත, සම්පූර්ණ පිරිසිදු බ‍්‍රහ්මචරියාවක් තියෙනවා නම්, ශාසන බ‍්‍රහ්මචරියාවක් තියෙනවා නම් මෙන්න මේ ශාසන බ‍්‍රහ්මචරියාව ගැන හොඳට අහලා තියෙන්න ඕන. හොඳට හිතින් පුරුදු කරලා තියෙන්නට ඕන. තමන්ගේ ජීවිතේට දුකක් දොම්නසක් එනවා නම් ඒ ජීවිතේට එන දුක් දොම්නස් නතර කරන්න, තමන්ව ඒ දුකෙන් වළක්වන්න, තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඉන්න තව ඥාතියෙක්, හිතෛෂි කෙනෙක් වගෙයි මේ දෙවන නාථ කරණ ධර්මය. කෙනෙක් තුළ මේ නාථ කරණ ධර්මර්ම තිබුනොත් එයා සනාථව වාසය කරනවා.
තුන්වෙනි කාරණාව
‘පුනච පරං භික්ඛවෙ කළ්‍යාණ මිත්තො හොති කළ්‍යාණ සහායකො කළ්‍යාණ සම්පවාකො’
කළ්‍යාණ මිත‍්‍රයන් ඇති බව, කළ්‍යාණ මිත‍්‍රයන් සහය කොට ඇති බව, කළ්‍යාණ මිත‍්‍රයාට තමන් නැමුන බව කියන මේ කාරණාව ජීවිතේට පිහිටක් රැුකවරණයක් ඇති කරන නාථකරණ ධර්මයක්.
වරද පෙන්නලා දෙන, වරදෙහි ගර්හා කරන, නිවැරදි මාවත පෙන්වා දෙන, නිවැරදි මාවතට උත්සාහවත් වෙන පුද්ගලයට කියනවා කළ්‍යාණ මිත‍්‍රයා කියලා. අපිට ජීවිතේ වැරදුන තැන්වල දී වැරදි බව පෙන්නලා හරි දේ
මොකක්ද කියලා පෙන්නලා හරි දේට යොමු කරවන වටපිටාවක් තියෙනවා නම් ඒකට කියනවා කළ්‍යාණ මිත‍්‍රතාව කියලා. ඒ වගේ කළ්‍යාණ මිත‍්‍රයන් ඇසුරු කරන ගමන් ම කළ්‍යාණ මිත‍්‍රයන් සහාය කර ගන්නවා. තමන්ගේ යහපතට උදව් කර ගන්නවා. උදව් කරගෙන එපමණකින් නතර නොවී තමාත් කළණ සිත් ඇතිව ම ඒ අය කෙරෙහි නැඹුරු වුන සිතින් ඉන්නවා. තමාට හැකි පමණින් ඒ කළ්‍යාණ සහායකයන්ට උදව් කරනවා.
මෙබ`දු ගති ලක්ෂණ කෙනෙකුගේ ජීවිතය තුළ තිබේ නම් එය ජීවිතයට පිහිට, පිළිසරණ ඇති කරන තුන්වන නාථ කරණ ධර්මය.
හතරවන නාථ කරණ ධර්මය
‘පුනච පරං භික්ඛවෙ භික්ඛු සුවචොහොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්තාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං’
බොහෝ සුවචයි, කීකරුයි. ඒ වගේම සුවච වෙන, කීකරු වෙන ධර්මයන්ගෙන් යුක්තයි. යම්කිසි කෙනෙක් හිතානුකම්පීව වැරැුද්දක් පෙන්නන කොට, අනුශාසනා කරන කොට, බොහෝම කීකරුකමින්, බොහෝම
නිහතමානීව පිළිගන්න ගුණයක් එයා ළ`ග තියෙනවා.
දුතිය නාථකරණ සුත‍්‍රයේදී පෙන්නනවා ඒ නිහතමානීකම වැඩිහිටියන්ට විතරක් නෙවෙයි, මධ්‍යම අයටත්, තමන් සමාන අයටත්, තමන්ට වඩා බාල අයටත් එක සේම විය යුතු බව. බලවත් කෙනාට කීකරු වෙන එක ලෝකයේ
ධර්මතාවයක්. ඒකට සුවච බව කියලා කියන්න බැහැ. හොඳට මිල මුදල්, ධනය තියෙන කෙනෙක් ඉන්නවා නම් ධනය නැති කෙනා අර පුද්ගලයා ළ`ග බොහොම සුවචව වැඩ කරනවා. බලසම්පන්න කෙනා ළ`ග දුබල කෙනා
බොහොම සුවචව වැඩ කරනවා. බලයක්, නිලයක්, ධනයක් හින්දා සුවච වීමක් තියෙනවා නම් ඒ සුවච බව ලෞකික එකක්.
නමුත් මෙතන පෙන්නන සුවච බව, කීකරු බව, සුවච කරන ධර්මයන්ගෙන් යුක්ත වීම. ඒ කිව්වෙ යම්කිසි වරදක් පෙන්නුවොත් හෝ මේ විදියට කළ යුතුයි කියලා නිවැරදි දෙයක් හෝ පෙන්නුවොත් ඒ දේ බාල කෙනෙක් පෙන්නුවත්, මධ්‍යම කෙනෙක් පෙන්නුවත්, වැඩිමහල් කෙනෙක් පෙන්නුවත්, ඒකට බොහෝම කීකරුව ආදරයෙන් පිළිගන්න ගතියක් තියෙයි නම් ඒ ගතියට කියනවා සුවච බව කියලා.
ඒ වගේම ඛමො හොති . හොඳට ඉවසනවා. යම්කිසි කෙනෙකුට තව කෙනෙක් වරදක් කළොත්, බැන්නොත්, අපහාසයක් කළොත්, කීකරු කෙනෙක්ගෙ ලක්ෂණය තමයි ඒ ගැන කිපෙන්නෙ නැතුව ඉවසන ගතිය. බලවතාගෙ වචනය ඉවසනවා කියන එක ලෝකයේ ස්වභාවයක්. යම්කිසි කෙනෙක් දුබලයාගේ වචනය ඉවසයි නම් ඒ ඉවසීම හරිම ශ්‍රේෂ්ඨයි.
එක්තරා කාලයක දෙවියනුත් අසුරයනුත් අතර යුද්ධයක් තිබිලා අසුරයො පරාද වෙනවා. පරාද වුන අසුර රජතුමා තව්තිසා දිව්‍ය ලෝකෙට අරගෙන ගියා. එහෙම ගෙනියනකොට වේපචිත්ති අසුරයා ශක‍්‍ර දෙවියන්ට බනිනවා, බනිනවා ඉවරයක් නැතුව. නමුත් ශක‍්‍ර දෙවියො නිහ`ඩව ඉන්නවා. මාතලී දිව්‍ය පුත‍්‍රයා අහනවා, ‘‘මෙච්චර මේ අසුරයා බනිද්දිත් ඇයි ඔබ වහන්සේ නිහ`ඩව ඉන්නේ’’ කියලා.
‘‘මාතලී, බලවත් කෙනෙක් දුබලයෙකුට බනින කොට ඉවසනවා නම් ඒ ඉවසීම එතරම් ශ්‍රේෂ්ඨ නැහැ. නමුත් දුබල කෙනෙක් බලවත් කෙනෙකුට බනිනකොට ඒ බලවතාට ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඒ ඉවසීම හරිම ශ්‍රේෂ්ඨයි’’ කියලා ශක‍්‍ර දෙවියො කියනවා.
ඒ සූත‍්‍රය බොහෝ දිග එකක්. මම මතක් කළේ වැඩිමහල් කෙනෙක් වේවා, මධ්‍යම කෙනෙක් වේවා, බාල කෙනෙක් වේවා, අමනාපයට, තරහට හේතුවෙන දෙයක් කිව්වොත් හෝ කළොත් හෝ ඒ අනුව ගැටෙන්නෙ නැතුව සිතෙන් උපේක්ෂා වෙන්න පුළුවන්, ඉවසන්න පුළුවන් ගතියක් අපි තුළ තියෙයි නම් ඒක අපේ ජීවිතයට බොහොම පිටිවහලක්, රැුකවරණයක් ලැබෙන ධර්මතාවයක්, නාථකරණ ධර්මයක්.
‘පුනච පරං භික්ඛවෙ භික්ඛු යානි තානි සබ‍්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො’
සබ‍්‍රහ්මචාරී කියන්නේ තමන් එක්ක එකට බ‍්‍රහ්මචරියාවෙ හැසිරෙන පිරිසට. මෙන්න මේ පිරිස දිහා හොඳට බලනවලූ, ‘අනේ මම මේ පිරිසට මොන විදියට ද උදව් කරන්නෙ. මොන විදියට ද උපකාර වෙන්නෙ’ කියලා හැම වෙලාවෙම දක්ෂව, අනලස්ව නිතර විමසන ගතියකින් යුක්තයිලූ එයා. තමන්ගෙ දේ විතරක් කරගෙන නිහ`ඩව ඉන්නෙ නැහැ. අනිත් අය ගැන හිතන එක, අනිත් අයට උපකාර වෙන්න උත්සාහවත් වෙන එක බොහොම වටිනා නාථකරණ ධර්මයක්. ද්‍රව්‍ය කාරණා නෙවෙයි, මේ ඔක්කොම කියන්නෙ ගුණ. තමන්ට දුකක්, දොම්නසක්, කරදරයක් එනකොට ඒ ගුණය විසින් තමන්ට පිහිට උපකාර කරනවා. ඔය පින්වතුන්ට හිතෙයි වෙනත් අය ඇවිත් උපකාර කරනවා කියලා.
නමුත් ඒ උදව් කරන්නෙ තමන් ළ`ග තියෙන ගුණයමයි. මේ නාථ කරණ ධර්මයයි. අපි කෙනෙක් උදව් කළා කියලා පුද්ගල භාවයෙන් දැක්කට, එතන ඒ වැඩ ටික කරලා තියෙන්නෙ මේ නාථ කරණ ධර්මය. ඒ ධර්මයේ ස්වභාවය තමයි තමන්ගේ ජීවිතයට කරදරයක් වුනහම අනිත් අය වහා යොමු කරවනවා මේ ගුණය.
ඊළගට හයවෙනි නාථ කරණ ධර්මය,
‘ධම්ම කාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො’
සද්ධර්මයට ගොඩාක් කැමතියි. ඒ වගේම අභිධර්මය, අභිවිනය ඉගෙන ගන්න හරි කැමතියි. ඒ වචන ඇහෙන කොට ඒ වචන තුළින් හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වචනවල අර්ථය හොයන්න, ඒ අර්ථය හිතින් හිතලා
හුරු පුරුදු කරන්න හරි උවමනාවක් තියෙනවා. ඒ තුළින් හිත සතුටු වෙනවා. අභිධර්මය උගන්වන කොට, කියනකොට අභිවිනය උගන්වන කොට, කියන කොට නිදිකිරා වැටෙන්නෙ නෑ. හොඳ ප‍්‍රමුදිත බවක් තියෙනවා. හොඳ සතුටක් තියෙනවා. මෙන්න මේ වගේ ‘‘ධම්ම කාමො හොති’’ ධර්මයට කැමති බවක් තියෙනවා නම් අභිධර්මයෙ, අභිවිනයෙ - උළාරපාමොජ්ජො - මහත් වූ සතුටකින් යුක්ත බවක් සිතේ තියෙනවා නම් එය ද ජීවිතයකට තිබෙන නාථකරණ ධර්මයක්.
‘පුනච පරං භික්ඛවෙ භික්ඛු ආරද්ධ විහරති අකුසලානං ධම්මානං
පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හ පරක්කමො
අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.’
අකුසල ධර්මයන්ගේ දුරු කිරීම පිණිස, කුසල ධර්මයන්ගේ ඉපිදවීම පිණිස ඇරඹූ වැර ඇතිව, දෘඩ වැර ඇතිව කටයුතු කරන බවක් තියෙනවා නම්, ඒ කියන්නේ නොපසුබස්නා වීර්යයෙන් යුක්ත නම්, හැම විටම ඒ සඳහා
උත්සාහවත් වෙන ගතියක් තියෙනවා නම් ඒකට කියනවා ආරද්ධ විරිය කියලා. එසේ ආරද්ධ විරියෙන් වාසය කරන එකයි සත්වන නාථ කරණ ධර්මය.
අටවන නාථ කරණ ධර්මය
‘සන්තුට්ඨො හොති ඉතරීචරචීවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරෙන’
චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන මේ සිවුපසයේ ලද දෙයින් සතුටුවීමත් නාථ කරණ ධර්මයක්, ගිහි කෙනෙකුට වුනත් තමන්ට ලැබෙන ඇ`දුම, ආහාරය, නිවහන, බේත්හේත් පමණකින්ම සතුටු වෙනවා. එසේ ලද දෙයින් සතුටු වෙලා, බොහෝ දේවලට කැමති වෙන ගතිය කියන කෙලේසය මනසින් දුරු කරලා ජීවත් වෙනවා.
කොහොමත් අපිට පරිහරණය කරන්න වෙන්නෙ ලැබෙන දේ තමයි.
නමුත් ලැබෙන පමණකින් සතුටු වෙලා නෙවෙයි බොහෝ දෙනෙක් පරිහරණය කරන්නෙ. ලැබෙන පමණින් අසතුටුව පරිහරණය කරනවා. සතුටින් පරිහරණය කළත්, අසතුටින් පරිහරණය කළත් ලැබෙන්නෙ ඒ ටිකම තමයි.
නමුත් අසතුටින් පරිහරණය කරනකොට මනස දොම්නස් සහගතයි. ජීවිතේ, ධර්මයේ හිත රැුඳෙන්නෙ නෑ. ඒක පාඩුවක්. ඊට පස්සෙ ඒ අසතුට දුරු කරන්න වෙනත් වෙනත් අධාර්මික ක‍්‍රමෝපායන් යොදන්න වෙනවා. තමන්ට සතුට ඇති කරන මට්ටමේ දේ සොයන්න. බොහෝ කෙලෙස් ඇතිවෙනවා. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන කෙනාට තමන් තුළ ප‍්‍රමුදිත භාවයකුත් සතුටකුත් තියෙනවා. ඒ වගේම තව තව දේවල් සෙවීමට ලබා ගැනීමට වැරදි ක‍්‍රමෝපායන් යොදන්න වෙන්නෙත් නෑ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප‍්‍රත්‍යය කියන මේ ප‍්‍රත්‍ය හතරේ ලද පමණින් සතුටු වෙනවා කියන එකත් නාථකරණ ධර්මයක්.
‘පුනච පරං භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සති නෙපක්කෙන සමන්තාගතො චිරකතම්පි, චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා’
පරමෙන සති නෙපක්කෙන - උතුම් වූ විමසන සිහියකින් යුක්ත වේද. නෙපක්ක කියලා කියන්නෙ විමසන නුවණ විමසන නුවණින් යුක්තව බොහෝ කල් සිට කීවා වූ, බොහෝ කල් සිට කළා වූ දේවල් අරබයා සිහිය තබාගන්න.
සිහිය පිහිටුවා ගන්න. ඒකට හේතුව අපේ ජීවිතයේ වතමානය කියලා තියෙන්නෙ මේ දැන් හම්බවෙන ටික විතරයි. ඊට මෙහා මුළු ජීවිතයම ගොඩ නැගිලා තියෙන්නේ පෙර කිව්වා වූ කළා වූ දේ පදනම් කරගෙන. අතීතය
ඇසුරු කරගෙන තමයි අපේ ජීවිතය තියෙන්නෙ.
අපි යමක් සිහි කරනවා නම් ඒ අරබයා හොඳ සිහියක් පවත්වන්න කියනවා. හොඳට සිහියෙන් යුක්තවම අරමුණු සිහි කරන්න කියනවා. යම්කිසි කෙනෙකුට තමන් කිව්වා වූ කළා වූ දේවල් අරබයා සිහි වෙනකොට, සිහිවෙනවා කියන ධර්මතාවය ගැන හොඳට සිහිය තියෙන්න ඕන. මේ හැම එකකින්ම පෙන්නන්නෙ වතමානයක ජීවත් වෙන්න කියන එක. අපි බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනවා. නමුත් සිහි කරනවා කියන
වතමානය අපි දන්නෙ නැහැ.
අපිට දැන් ගෙදර සිහිකරන්න පුළුවන්. අම්මා, තාත්තා ගැන සිහි කරන්න පුළුවන්. යාළු මිත‍්‍රයො ගැන සිහි කරන්න පුළුවන්. ගමනක් ගිය හැටි සිහි කරන්න පුළුවන්. කෑමක් කාපු හැටි සිහි කරන්න පුළුවන්. සිහි කරනවා
කියන හැම ධර්මතාවයක් ගානෙම අපේ ජීවිතේ තියෙන්නෙ ‘‘පරමෙන සති නෙපක්කෙන’’ උතුම් විමසන නුවණින් යුක්ත වූ සිහියකින් කියන තැනකින් නෙවෙයි තියෙන්නෙ. අර සිද්ධාන්තය, හිතෙන්ම සිහි කරපු දේ හිතෙන්ම සිහිකෙරුවා කියන සිද්ධිය නොදැන ඒක ඇත්තම ඇත්ත ධර්මතාවයක් වෙලා තමයි අපි ජීවත් වෙන්නෙ.
දැන් අහවල් ගමන ගියා කිව්වම ඇත්තටම ඒ ගමන යනවා කියන සිද්ධිය තුළ අතීතයේ වුන ඒ සිද්ධිය වතමානයෙත් ඒ විදියටම ඇත්ත වෙලා ඒ තුළ තමයි අපි ඉන්නෙ. නමුත් ඉපිද නිරුද්ධ වුන ධර්මතාවයක් දැන් මේ සිහි කරනවා නේද කියන තැන සිහිය තබා ගෙන සිහි කරන්න කියනවා. ඒකයි, ‘චිර කතම්පි, චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා’ කියලා මේ සිහිය පවත්වන්න බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරන කොට ඒ සිහිකරන සිද්ධිය අරබයා හොඳට සිහි නුවණින් යුක්ත වෙන්න.
අහවල් ගමන ගියා කියලා සිහි කරන සිද්ධිය කරන්නෙ හිතින් හිතලා නේද. කියන එකට සිහියයි. කෙනෙක්ව මතක් කරනවා කියන සිද්ධිය කරන්නෙ හිතින් සිහි කරලා නේද කියන එකට සිහියයි.
මේ විදියට වර්තමානයකත්, බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේ සිහි කරන කොටත්, සිහිය පිහිටුවා ගන්නවා නම් මේකත් ජීවිතයකට නාථ කරණ ධර්මයක්. ඔය තැන සංවර වෙන්න පුළුවන් නම් අපේ ජීවිතේ හතරෙන් තුනක්ම කෙලෙස් අඩුවෙනවා.
‘පරමෙන සති නෙපක්කෙන’ කියන තැන. බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරන කොට ඒ සිහි කරනවා කියන සිද්ධිය බොහෝ සෙයින්ම කියන්න, කරන්න ඒ වගේම සිහියෙන් ඉරියවු පවත්වන්න. මෙන්න
මේකට කියනවා ‘පරමෙන සති නෙපක්කෙන’ කියලා. උතුම් විමසන නුවණකින් යුක්තව ජීවත් වීම කියන ධර්මතාවයක් තියෙනවා නම් මේකත් ජීවිතයේ නාථකරණ ධර්මයක්. තමන්ට පිහිට, පිළිසරණ පිණිස පවතින ධර්මයක්. නවවෙනි නාථකරණ ධර්මය.
ඊළ`ගට දහවෙනි නාථකරණ ධර්මය,
‘පුනචපරං භික්ඛවෙ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා.’
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘මහණෙනි, යම්කිසි කෙනෙක් උදයත්ථ ගාමිනි ප‍්‍රඥාවෙන් ප‍්‍රඥාවත්
වෙනවා නම්, ස්කන්ධයන්ගේ උදය වැය දන්නා නුවණින් යුක්තව ප‍්‍රඥාවත් වෙනවා නම්, ආර්ය වූ කළකිරීම පිණිස පවතින, මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදය වැය දන්නා නුවණින් යුක්ත වීම කියන මෙන්න මේ දහවෙනි කාරණාව නාථ කරණ ධර්මයක්.’
මොකක්ද ස්කන්ධයන්ගේ උදය වැය දන්නවා කියලා කියන්නෙ? පංච උපාදානස්කන්ධයත්, පංච උපාදානස්කන්ධය ඇතිවුන හැටිත්, පංච උපාදානස්කන්ධය නැතිවුන හැටිත්, පංච උපාදානස්කන්ධයේ ඇතිවීමට
හේතු විසිපහකුත්, නැතිවීමට හේතු විසි පහකුත් දකිනවා. මේකට කියනවා සම පනස් ලක්ෂණයෙන් යුක්ත උදයව්‍යය ඥානය කියලා.
අවිද්‍යා, කමර්ම තණ්හා, ආහාර, නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියලා කාරණා පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කාරණා පහ ඇතිවෙන්නට. ඒ විදියට පංච උපාදානස්කන්ධය ඇතිවෙන
පැත්තට කරුණු විසි පහයි.
අවිද්‍යාව නැතිවීමෙන් කමය නැතිවීමෙන්, තණ්හාව නැතිවීමෙන් ආහාර නැතිවීමෙන්, නිබ්බත්ති ලක්ෂණ දැකීමෙන් පංච උපාදානස්කන්ධයේ වැය - නැතිවීම - සිද්ධ වෙනවා. මේ කරුණු පහේ නැතිවීම හේතු වෙනවා රූපය නැතිවෙන්න, වේදනාව නැතිවෙන්න, සංඥාව නැතිවෙන්න, සංඛාරය නැතිවෙන්න, විඥානය නැතිවෙන්න, නැතිවෙන පැත්තට කරුණු විසිපහයි.
ස්කන්ධයෝ හටගන්නෙ මෙහෙමයි. නැතිවෙන්නෙ මෙහෙමයි කියලා උදයව්‍යය ඥානය අරබයා ලක්ෂණ පණහක් තියෙනවා. අවිද්‍යාව, කම, තණ්හාව, ආහාර සහ ඒ ධර්මතා හතර නිසා හටගත්තාය කියන බව නොදන්නාකම - නිබ්බත්ති ලක්ෂණ නොදැකීම - නිසා රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන ධර්මතා හැදෙන්නෙ මුලින් සඳහන් කළ ධර්මතා පහ නිසා බව අපි ඉගෙනගෙන තියෙනවා.

නාථකරණ සූත‍්‍රය - 1 කොටස

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
‘සනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා.
දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති’ ති.
(අඞගුත්තර නිකාය, දසක නිපාතය, පඨම නාථකරණ සූත‍්‍රය)
ධර්මශ‍්‍රවණාභිලාශී ශ‍්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැමදෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ‍්‍රවණය කරන්න.ඒ නිසා හැම දෙනාම
බොහෝම උවමනාවෙන්, තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී සිතේ එකගකම ඇතිකරගෙන මේ දේශනාව හො`දින් ශ‍්‍රවණය කරන්නට ඕන.
පින්වතුනි, අද දවසේ දී මම ධර්මර්ම දේශනාව සඳහා තෝරාගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන නාථකරණ සූත‍්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සනාථා භික්ඛවෙ විහරථ මා අනාථා’ මහෙණනි, සනාථව වාසය කරන්න. පිහිටක්, සරණක් ඇතිව වාසය කරන්න. අනාථ වෙන්න එපා. පිහිටක්, සරණක් නැත්තෙක් වෙන්න එපා.
‘දුක්ඛං භික්ඛවෙ අනාථා විහරති’
අනාථ වුන කෙනා, කිසියම් පිහිටක් සරණක් නැතිවුන කෙනා දුකසේ වාසය කරනවා. කොහොමද අපි සනාථව වාසය කරන්නෙ. කොහොමද අපි අනාථ වෙන්නෙ.
මේ ලෝකය දිහා බලන්න. දෙමව්පියො, සහෝදරයො, ඥාති හිතෛෂීන් නැති අනාථ වුන කෙනෙක් දිහා බලන්න. තමන්ට දුකක් කරදරයක් පීඩාවක් ඇතිවෙන කොට පිහිටවෙන්න උපකාරී වෙන්න. ඒ සඳහා ඉදිරිපත් වෙන්න කෙනෙක් නැතිනම් තමන්ගේ දුක සැප දෙකට පිහිටවෙන්න කෙනෙක් නැතිනම් එයාට කියනවා අනාථ පුද්ගලයෙක් කියලා. ඒ වගේම යන එන මං නැති, ඉන්න හිටින්න තැනක් නැති කෙනාටත් කියනවා අනාථ පුද්ගලයෙක් කියලා. ගෙයක් දොරක් ස්ථීර නිවහනක් නැහැ.
ලෝකයේ ගෙයක් දොරක් ඉන්න හිටින්න තැනක් තියෙන කෙනාගෙයි, ගෙයක් දොරක් ඉන්න හිටින්න තැනක් නැති ගෙයින් ගෙට ඇවිදලා හි`ගාකමින් ජීවත්වෙන අනාථ කෙනාගෙයි ජීවිත දිහා බලන්න. ගෙයක් දොරක් තියෙන කෙනා යම් සැපක් පහසුවක් වි`දිනවා නම්, සුවක් සොම්නසක් වි`දිනවා නම් ඒ සැප පහසුව, සුව සොම්නස අනාථ වුන කෙනාට නැහැ.
කෙනෙකුට දෙමව්පියො, දූ දරුවො, ඥාති හිතෛෂීන් ඉන්නවා නම් ජීවිතේට ලෙඩක්, දුකක්, කරදරයක්, අපහසුකමක් ඇති වුනොත් ඒ අය උදව්වෙනවා. එබ`දු කිසිම කෙනෙක් නැති නම්, උදව් උපකාර කරන්න කිසිම කෙනෙක් නැතිනම් ලෙඩක් දුකක් කරදරයක් ජීවිතේට ඇතිවුනොත් ඥාතීන් ඉන්න කෙනාට ලැබෙන පහසුකම් එයාට ලැබෙන්නෙ නැහැ.
ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, ‘දුක්ඛං භික්ඛවෙ අනාථා විහරති’ අනාථ පුද්ගලයා දුකසේ වාසය කරනවා. ධර්මයේ සඳහන් වෙනවා, මේ ලෝකයේ ඉන්න හැම කෙනෙක්ම අනාථයිලූ. උදව් උපකාර කරන්න කෙනෙක් නැති, පිහිටක් සරණක් නැති අනාථ පිරිසක්, මේ සසරෙ ඉන්න හැම කෙනෙක්ම. අපි දැන් හිතාගෙන ඉන්නවා අපිට ගෙයක් දොරක් තියෙනවා කියලා. තියෙනවා හැබැයි තාවකාලිකයි. තාවකාලිකව ගෙදරකට ගොඩවෙලා ඉන්න එකට, තමන්ට නිවහනක් තියෙනවා කියලා කියන්නෙ නෑ.
ඉස්සර පාරේ වාහන තිබුනෙ නෑ. ගොඩාක් අය ගියේ පයින්. ඒ පයින් යන අයට විඩා සන්සි`දුවා ගන්නට අම්බලම් හදලා තියෙනවා. සතර දිසාවෙන්ම නොයෙක් නොයෙක් ගමන් යන අය ? වෙනකොට ඔය අම්බලම් වලට එකතු වෙනවා. අම්බලමෙදි කතාබහ කරලා අ`දුනගන්නවා. එකට උයා පිහා ගෙනත් කනවා. එක ?කට තමයි ඒ ඔක්කොගෙම යාළුකම්. ආපහු පහුවදා එක් එක්කෙනා වෙන වෙනම පිටවෙලා යනවා.
ඒ වගේ, දීඝර්ම සංසාරෙක එන අපිත් එක්තරා නවාතැන් පොළක නතර වුනා වගෙයි, මේ ජීවිතය. කිසිවෙකුට නොදන්වායි මෙතනට ආවේ. කිසිවෙකුට නොදන්වාමයි මෙතනින් යන්නෙ. ඉතින් තාවකාලික අම්බලමකට එක් රැුයක් ගත කරන්න එකතුවුන අය වගේ, මේ දීඝර්ම සංසාර ගමනෙ එන අපි ගත කරන මේ ජීවිතේ. ඉන්න අය දැන හ`දුනාගන්නවා, කතා බහ කරනවා. මේ අවුරුදු පනහට, හැටට විතරයි ඔක්කොම නෑදෑකම්. යාළුමිත‍්‍රකම්, සහෝදර කම්. නමුත් ජීවිතේ යථාර්ථය, සසර ගමන මෙතනින් ඉවර වෙන්නෙ නෑ.
අම්බලම තාවකාලික නවාතැනක් බව දන්නෙ නැතුව මේක මගේ කරගන්න ඕන කියන අදහසින් මුදල් හොයලා, ගොඩගහලා තියාගත්තට ටික දවසකින් අම්බලමෙන් යන්න වෙනවා. මෙතනින් යන්න වෙන්නෙ තවත්
අම්බලමකට. ස්ථීර නවාතැනක් නැතුව තැනින් තැන ඇවිදින මේ අම්බලම් සහගත ජීවිතය දකින්න පින්වතුනි, අනාථ බවේ ලක්ෂණය.
අපි කාටවත් ඉන්නවද ස්ථීර අම්මා, තාත්තා කෙනෙක්. මේ ඉන්න අම්මා, තාත්තා අවුරුදු පනහයි, හැටයි, සීයයි. ඊට පස්සෙ වෙන අම්මා, තාත්තලා. ආයෙම ඒ අම්මා තාත්තාත් බොරු වෙනවා. වෙනත් දෙන්නෙක්. හරියට දෙමව්පියෙක්, සහෝදරයෙක් නැති කෙනෙකුට අනාථයි කියනවා නම් අපිම තමයි දැන් අනාථ වෙලා ඉන්නෙ.
අනාථ වුන කෙනාට උරුම දේ තමයි දුක. තමන්ගේ දුකට පිහිට වෙන්න වෙනත් කාටවත් බැහැ. අපි ආගන්තුකයො නිසා. ලෙඩක්, දුකක්, කරදරයක් වුනොත් මහළු වෙනකොට මරණයට පත්වෙනකොට කවුරුවත් පිහිට වෙනවද? පිහිට වෙන්නෙ නැහැ. සනාථව වාසය කරනවා නම්, තමන්ගෙ ජීවිතයට දුකක් කරදරයක් ඇති වෙනකොට පිහිට වෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් එයාට කියනවා පිහිටක් සරණක් තියෙන කෙනෙක් කියලා. සසර නැවත නැවත ඉපදෙන මේ සත්වයන්ට පිහිට වෙන්න කවුරුවත් ලෝකෙ නැහැ. ඒ නිසා අනාථයි. කෙස් පැහිලා, හම රැුළි වැටිලා, කන් ඇහෙන්නෙ නැතුව, අත පය වලංගු නැති, ජරා ජීරණ ස්වභාවයට පත් වෙමින් යන ජීවිත වලට පිහිටක් සරණක් වෙන්න ලෝකෙ කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා ලෝකයා අනාථයි. හැමදේකින්ම, හැම කෙනෙකුගෙන්ම වෙන් වෙලා ඉපදෙන හැම ජීවිතේකම මරණයට පත් වෙනවා කියන ධර්මතාවයෙන් මුදවා ගන්න කිසිම කෙනෙක් ලෝකෙ නැහැ. ඒ නිසා ලෝකයා අනාථයි. ඒ වගේම පි‍්‍රය දෙයින්, පි‍්‍රය වස්තුන්ගෙන් වෙන්වීම නිසා තමන්ට දුකක් එනකොට ඒ දුක තමන්ගේ සන්තානයෙ නොහටගන්න විදියට, ගෙවෙන විදියට උදව් කරන්න කවුරුවත් ලෝකෙ නැහැ. ඒ නිසා ලෝකෙ හැම කෙනෙක්ම අනාථව වාසය කරනවා. තමන් අකමැති අය, අකමැති දේවල් ලැබීමෙන් දුකක් අපහසුකමක් ඇති වෙනකොට එයින් බේරගන්න ලෝකෙ කිසිම කෙනෙක් නැහැ.
මේ කය තියෙන තාක් බඩගින්න, පිපාසය, මැසි මදුරු, අව් සුළං ආදී ස්පර්ශ නිසාවෙන් දුක් වි`දිනවා නම් ඒ දුක සහමුලින්ම නැති කරන, ඒ දුක නොහටගන්න ධර්මතාවය ඇති කරලා දෙන්න කිසිම කෙනෙක් තමන්ට නැහැ. ඒ නිසා මේ ලෝකයා අනාථයි. අනාථයි කියන්නෙ වෙන මුකුත් හින්දා නෙවෙයි. ජීවිතේට පිහිටක්, රැුකවරණයක්, පිටිවහලක් වෙන්න කෙනෙක් නැහැ. යථා ස්වභාවයෙන් බැලූවහම මේ සසරගත සත්වයාට පිහිට පිළිසරණ
වෙන්න කිසිම කෙනෙක් නැහැ. මොකද ඒ ඉන්න සියලූ දෙනාමත් අනාථව නම් ඉන්නෙ, අනාථ කෙනා කොහොමද තව කෙනෙකුට පිහිටක් පිළිසරණක් වෙන්නෙ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වගේ අනාථව සසර ඒ මේ අත දුවන සැරිසරන සත්වයන්ට ස්ථීර වූ නාථ කරණ ධර්මතා ටිකක්. ධර්මතා දහයක් පෙන්නනවා ඒකාන්තයෙන් ම පිහිටක්, පිළිසරණක් ජීවිතයකට
ලැබෙන. ඒවට කියනවා, නාථ කරණ ධර්මර්ම කියලා. හරියට දරුවෙකුට අම්මා, තාත්තා කෙනෙක් ඉන්නවා වගේ. මේ අනාථව සසර ඇවිදින සත්වයන්ට නාථකරණ, පිහිට පිණිස පවතින ධර්මතා දහයක් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ මේ කරුණු ටික පෙන්නලා දේශනා කරනවා.
‘සනාථා භික්ඛවෙ විහරත’
පිහිටක් පිළිසරණක් ඇතුව ජීවත්වෙන්නෙ කොහොමද? ජීවිතේට පිහිටක්, පිළිසරණක් ඇති කරගන්නෙ කොහොමද? කියන කාරණාව පෙන්නලා, පිහිට පිළිසරණ ඇති කරගන්න කරුණු දහයක් බුදුරජාණන්
වහන්සේ පෙන්නනවා. මේ කරුණු දහය තමන් තුළ උපදවා ගෙන සනාථ කෙනෙක් වෙන්න, පිහිටක් සරණක් ඇති කෙනෙක් වෙන්න, අනාථව වාසය කරන්න එපා, අනාථව වාසය කිරීම ජීවිතේට දුකක් කියලා දේශනා කරනවා.
පළවෙනි නාථ කරණ ධර්මය මොකක් ද?
‘ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛ සංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො, අණුමත්තෙසු වජ්ජේසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යම්පි භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛ සංවර සංවුතො විහරති ආචාර ගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, අයම්පි ධම්මො නාථකරණො.’
ප‍්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව, ආචාර ගෝචර සම්පන්නව, ස්වල්ප මාත‍්‍ර වූ වරදෙහි ද බය දකිමින්, ශික්ෂාවන් දැඩිව ගෙන හික්මෙයිද, මෙය ද කෙනෙකුගේ ජීවිතයේ නාථකරණ ධර්මයකි. මේ නාථකරණ ධර්මර්ම දහය කෙටියෙන් දැක්වුවොත්,
(1) ප‍්‍රාතිමෝක්ෂ සංවරශීලය
(2) බහුශ‍්‍රැත භාවය
(3) කළ්‍යාණ මිත‍්‍රයන් ඇති බව
(4) සුවච බව
(5) සබ‍්‍රහ්මචාරීන් කෙරෙහි උපකාරී බව
(6) සද්ධර්මයට කැමති බව
(7) ආරද්ධ විරිය
(8) ලද දෙයින් සතුටු වීම.
(9) සති සම්ප‍්‍රජන්‍යය
(10) ස්කන්ධයන්ගේ උදයවැය දක්නා ප‍්‍රඥාවෙන් යුක්ත වීම.
අපි මේ ධර්මතා දහය විස්තර වශයෙන් විමසා බලමු. මේ කරුණු දහයෙන් යුක්ත නම් කෙනෙක්, මේ ධර්මතා දහය තමන් තුළ තිබේ නම්, එයා ඒකාන්තයෙන් ජීවිතයට පිහිටක් ඇතුව, සරණක් ඇතුව ජීවත්වෙන කෙනෙක්.
එයා කවදාවත් අනාථ වුන කෙනෙක් නෙවෙයි. අනාථයෙක් වගේ දුක් වි`දින්න වෙන කෙනෙක් නෙවෙයි. අනාථ වුන අය යම් විදියක දුකක් වි`දිනවා නම්, ඒ දුකෙන් සම්පූර්ණයෙන් ම මිදෙන පිහිටක් පිළිසරණක් ඇති කෙනෙක්.
අපිට ඥාති හිත මිත‍්‍රයො ඉන්නෙ අපි දුබල වෙලාවට, අපිට දුකක් කරදරයක් අපහසුතාවක් ඇති වෙනකොට ඒ අය ඉදිරිපත් වෙලා අපිව ඒ දුකෙන් මුදවා ගන්නවා. ඒ වගේ ජීවිතේට දුකක් කරදරයක් ප‍්‍රශ්නයක් එනවා නම් එබ`දු අවස්ථාවල දී, මේ නාථකරණ ධර්මයන්ගේ ස්වභාවය තමයි ඒ අය ඉදිරිපත් වෙලා අපේ ජීවිතේ දුක එන්න තියෙන ඉඩ අවුරනවා. අපිව දුකෙන් මුදවනවා.
පළවෙනි නාථකරණ ධර්මය ප‍්‍රාතිමෝක්ෂ සංවරශිලයෙන් සංවර වීම. ප‍්‍රාතිමෝක්ෂ සංවරශීලය කියන්නෙ මොකක්ද? නිවනට පමුණුවන, නිවනට මුල් වන අර්ථයෙන් ප‍්‍රාතිමොක්ඛ කියලා කියනවා. ප‍්‍රාතිමොක්ඛ ශීලය කියලා කියන්නෙ ගිහි පින්වතුන්ට නම් පංචශීලය, උපෝසථ අට්ඨාංග ශීලය. පැවිදි අයට නම් උපසම්පදා ශීලය, සාමණේර ශීලය වගේ පද සමාදන් වෙලා රකින ශිලයට කියනවා ප‍්‍රාතිමෝක්ෂ සංවරශීලය කියලා, එතකොට.
ප‍්‍රාතිමෝක්ෂ සංවර ශිලයෙන් සංවර වෙන්නටත් ඕන. ඒ සමාදන් වුන සිල් පද ටික කඩන්නෙ නැතුව ඒක ආරක්ෂා කරන මට්ටමක් තමන් තුළ තියෙන්න ඕන. ඊට පස්සෙ ආචාර ගෝචර සම්පන්න වීම. ආචාර ධර්මර්ම කියලා කියන්නෙ හික්මීම, භික්ෂූන් වහන්සේලාගේ නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගෞරව කරලා, කුදු මහත් කටයුතුවල දී උපකාර කරලා වතාවත් කරන එකට ආචාර ධර්මර්ම කියනවා. ඒ වගේම ගිහි ගෙවල්වල ඉන්නවා නම් වැඩිහිටි ධෙර්මව්පියන්ට බොහෝම ගෞරව සම්ප‍්‍රයුක්තව කටයුතු කරනවා නම් කීකරුව කටයුතු කරනවා නම් කියනවා ආචාර සම්පන්නයි කියලා.
ඒ වගේම අගෝචරයනුත් තියෙනවා. ස්වාමීන් වහන්සේලාට නම් නුසුදුසු තැන් පෙන්නලා තියෙනවා. මෙන්න මේ මේ තැන්වලට යන්න එපා. රාතී‍්‍ර විථි සංචාරය කරන්න එපා. අවේලාවේ ගම්වලට යන්න එපා. ඔයවගේ කරුණු
රාශියක් පෙන්නලා තියෙනවා. යම් තැනක් ඇසුරු කරනකොට තමන්ට කෙලෙස් ධර්මර්ම වැඩෙයි නම්, නූපන් කෙලෙස් උපදියි නම් මෙන්න මේවා අගෝචර තැන්. එබ`දු අගෝචරයන්ගෙන් වෙන්වෙලා ස්වල්ප මාත‍්‍ර වූ වරදෙහි ද බය දකිමින් - ඒ කියන්නේ කයින් වචනයෙන් සිදුවෙන වැරදි පසෙකින් තැබේවා, වැරැද්දක් පිළිබඳ සිතිවිලි මාත‍්‍රයටත් බයයි.
මෙන්න මේ විදියට ශික්ෂාවන් සමාදන් වෙලා, ශික්ෂාවන් තුළ හොඳට හික්මෙන්න කියනවා. මේ විදියට වාසය කරන එක නාථකරණ ධර්මයක්. මේ නාථකරණ ධර්මර්ම තමන් ළ`ග තියෙනකොට ඒ ධර්මය තමන්ව රකිනවා. තමන්ගෙ ජීවිතයට දුක් දොම්නස් ගලාගෙන එන එක අඩු කරනවා. ජීවිතයට දුකක් දොම්නසක් ඇතිවෙනකොට මේ ගුණය ඉදිරිපත් වෙලා දුක ආවරණය කරනවා.
ඒ නිසා තමන්ට හිතවත් ඥාතියෙක් වගෙයි, හිතෛෂි කෙනෙක් වගෙයි, තමන්ට පිහිටක් පිළිසරණක් ඇතුවයි ඉන්නෙ. අනාථ කෙනාගෙ ස්වභාවය තමයි, තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තමන් වෙනුවෙන් ඇප වෙන්න
කවුරුවත් නැහැ. මේ නාථ කරණ ධර්මර්ම තියෙන කොට තමන් වෙනුවෙන් ඇප වෙන කෙනෙක් ඉන්නවා. පළවෙනි ඇපකාරයා තමයි ප‍්‍රාතිමෝක්ෂ සංවර ශිලයෙන් සංවරව කටයුතු කරන එක. කෙටියෙන් කිව්වොත් සිල්වත් බව. ශිලය ජීවිතයට හොඳ රැකරවණයක්.

දන් දීම

—මේ ලෝකෙ මසුරුකම් කරන උදවිය ඉන්නව තමයි. එයාල හරිම ලෝභ තමයි. අනුන්ට අපහසත් කරනවා තමයි. දන් දෙන උදවියට ඒ දන් දීම
කරන්න දෙන්නෙත් නෑ තමයි.
ඉතින් ඒ උදවිය මැරුණට පස්සෙ -
නරකාදියෙ උපදිනවා.
තිරිසන් යෝනියේ උපදිනවා.
යම ලෝකෙට යනවා.
ආයෙමත් මනුස්ස ලෝකෙ ඉපදුනොත්, ගොඩාක් දුප්පත් පවුල්වල තමයි උපදින්නෙ. එතකොට හරි හමං ඇඳුමක් නෑ. කෑම් බීම් නෑ. කිසි සතුටක් නෑ. දුකසේ තමයි ඉන්න වෙන්නෙ.
ඒ උදවිය අනුන්ගෙන් යමක් බලාපොරොත්තු වුනත්, ඔවුන්ට ඒක ලැඛෙන්නෙ නෑ. ඒක තමයි මෙලොවදී ලැඛෙන විපාකය. පරලොවදී ලැඛෙන්නෙත් දුකම තමයි.—
(භාග්‍යවතුන් වහන්සේ)
යමෙක් ශ්‍රී සද්ධර්මය පවසනවානම් ඔහු අමෘතය දන් දෙනවා...
--------------------------------------------------------------
මේ ලෝකයේ සද්පුරුෂ නුවණැත්තන් විසින් පණවන ලද කරුණක් තමා දානය කියන්නේ. තමාගේ සැපය උදෙසා තිබෙන යමක් තව කෙනෙකුගේ සැපය සඳහා කැමැත්තෙන් අතහැරීම දන්දීම යි. දන්දීම පින් කිරීමට ඇති ප්‍රතිපදාවක් කියලයි බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ. දානය ගැන උන්වහන්සේ විසින් මේ අයුරින් පෙන්වා දී තිබෙනවා.
දන් පැන් දුන්නොත් පමණයි බලය දුන්නා වෙන්නේ. වස්ත්‍ර දුන්නොත් තමා හැඩරුව දුන්නා වෙන්නේ. යාන වාහන දුන්නොත් තමයි සැපය දුන්නා වෙන්නේ. ආලෝකය ලබා දුන්නොත් තමයි ඇස් දුන්නා වෙන්නේ. යම්කිසි කෙනෙක් ගෙවල් දොරවල් දෙනවානම් ඔහු හැම දෙයක්ම දුන්නා වෙනවා. ඒ වගේම යමෙක් ශ්‍රී සද්ධර්මය පවසනවා නම් ඔහු තමා අමෘතය දෙන්නේ.
කෙනෙක් දානයක් ලෙස පූජා කරන දෙයට අනුව ප්‍රතිග්‍රාහක කෙනාට ලබාදෙන සුවපහසුව ගැනයි ‘කිංදද’ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් ඉහත කරුණු දේශනා කොට වදාළේ.
ඒ දන්දීම ගැන දෙවිවරු තුළත් විශාල උනන්දුවක් තිබිලා තිබෙනවා. මොකද දෙවිවරුත් පිනට ආසා කරන නිසා.
සැවැත්නුවර ජේතවනාරාමයේ තමා එදින අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එදා රැය පහන්වෙන වෙලාවේ බොහෝ සතුල්ලපකායික දෙවිවරු මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිට ගත්තා. පැත්තකින් සිටගත් ඒ දෙවිවරු අතරින් එක දෙවියෙක් දානය ගැන තමන් දැන සිටි මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේට පැවසුවා.
මසුරුබවත්, ප්‍රමාදයත් තිබීමෙන් තමා දාන මානයකවත් දෙන්නේ නැත්තේ. නමුත් පින් කැමැති කෙනා ඒකේ ආනිසංස දැනගෙන දන්දෙන්නට ඕන.
දන්දීම පිණිස ඇතිවෙන කුසල් සිතට අනතුරු කරන අකුසලය තමා මසුරුබව. ඒ මසුරුකම හින්දාම කෙනෙක් කුසල් වැඩීමට ප්‍රමාද වෙනවා. මසුරුකමත්, ප්‍රමාදයත් මැඩගෙන දන්පැන් පූජාකිරීම කියන්නේ යුද්ධයක් වගේ දෙයක් කියලයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් මේ දෙවියාගේ අදහස බුදුරජාණන් වහන්සේ නිහඬව පිළිගෙන වදාළා.
එවිට තවත් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවැසුවා.
මසුරු පුද්ගලයා යම් දෙයකට බිය නිසයි දන් දෙන්නේ නැත්තේ. නමුත් දන් නොදෙන ඔහුට ඒ කාරණයෙන්ම යි බිය ඇතිවෙන්නේ. බඩගින්නත්, පිපාසයත් යන යමක් ඇද්ද ඒකටයි මසුරු පුද්ගලයා බිය වෙන්නේ. ඒ අඥාන පුද්ගලයාව ඒ කරුණින්ම මෙලොව, පරලොව දෙකේම තබනවා. ඒ නිසා මසුරුකම නමැති මලකඩ මැඬගෙනයි දන් දෙන්න ඕන. පරලොවදී සත්ත්වයන්ට පිහිට වෙන්නේ පින තමයි.
සාමාන්‍යයෙන් කෙනෙක් ධනය උපයන්නේ තමාගේත් පවුලේ උදවියගේත් පරිහරණය පිණිසයි. වෙහෙස මහන්සිවෙලා ඒ උපයන ධනය තමාගේ සැපය පිණිසයි බොහෝ දෙනෙක් යොදවන්නට කැමැති වෙන්නේ. දන්පැන් පිණිස යමක් දුන්නොත් අපේ පරිහරණයට නැතිවෙනවා නේද? කියලයි ඔවුනට හිතෙන්නේ. නමුත් කෙනෙක් තේරුම් ගතතොත් දානය තුළින් පින් රැස්වෙනවා කියන කාරණේ ආන්න ඔහුට වැටහීමක් ඇතිව දන් දෙන්ට පුළුවනි.
දවසක් බුදුරජාණන් වහන්සේ ‘සුප්පාවාසා’ කියන කෝලීය වංශික උපාසිකාවට වදාළා කෙනෙක් දානයක් ලෙස ආහාර පූජා කරද්දී ඔහු කරුණු පහක් දන් දෙනවා. ඒ තමා ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත්, පටිභානයත් කියන කරුණු. ඒ නිසා ආහාරපාන දන් දීපු කෙනා මරණයට පත්වුණාම ඒ දානයේ පුණ්‍ය විපාකය ලෙස දිව්‍ය ලෝකේ දී හෝ මනුස්ස ලෝකේදී හෝ ආයුෂය, වර්ණය, සැපය, බලය, පටිභානව කියන කරුණු ලබනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ දානයෙන් රැස්වන පින තමා පරලොවදී දන්දීපු කෙනාට පිහිට වෙන්නේ.
ඉතින් ඒ දෙවියාගේ අදහසත් භාග්‍යවතුන් වහන්සේ නිහඬව පිළිගෙන වදාළා. තවත් දෙවිකෙනෙක් ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් ප්‍රකාශ කළා.
යම් කෙනෙක් තමන් සමඟ මහමඟ යන උදවියත් එක්ක සුළු දෙයක් නමුත් බෙදාහදා ගන්නවා නම්, ඔවුන් මළවුන් අතර මැරෙන්නේ නැහැ. මේක සනාතන ධර්මයක්.
සමහරු ටිකක් තියෙන කොටත් දන් දෙනවා. සමහරු ගොඩක් සම්පත් තියාගෙනත් දෙන්නේ නැහැ. ටිකක් තියෙද්දී දීපු දානය ගොඩක් තියාගෙන දෙන දානෙට වඩා දහස් ගුණයක් වටිනවා.
බෙදා හදාගැනීම එහෙමත් නැත්නම් දානය ගැන කොයිතරම් සුන්දර අදහස් මේ දෙවිවරු දැනගෙන ඉඳළා තිබෙනවාද? තවත් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.
සද්පුරුෂයෙක් දුෂ්කර අවස්ථාවලත් දන් දෙනවා. දුෂ්කර අවස්ථාවලත් යහපත් දේ කරනවා. නමුත් අසද්පුරුෂයෝ ඒක අනුගමනය කරන්නේ නැහැ. ඔවුන්ට සද්පුරුෂ ධර්මය ගොඩාක් ඈතයි.
ඒ නිසා සද්පුරුෂයාත්, අසද්පුරුෂයාත් මෙලොවින් පරලොව යෑමේදී එකිනොකට වෙනස් වෙනවා. අසද්පුරුෂයෝ නිරයට යනවා. සද්පුරුෂයෝ ස්වර්ගයට යනවා.
මේ ආකාරයට ඒ දෙවිවරු පිරිස භාග්‍යවතුන් වහන්සේට දානයේ වටිනාකම ගැන ගාථාවන් පැවසුවා. එවිට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසනවා
‘භාග්‍යවතුන් වහන්ස, කවුරුන් විසින්ද ඉතාම හොඳට දානය පිළිබඳ විස්තර කිව්වේ’?
භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙවිවරුන්ගේ ගාථාවන් අනුමත කරමින් මෙසේ දේශනා කොට වදාළා.
ඔය සියලුදෙනාම ඉතා යහපත් කරුණු තමා කිව්වේ. නමුත් මගේ අදහසත් අහන්න.
ධර්මයෙහි හැසිරෙන කෙනෙක් දුකසේ ජීවත්වෙලා අඹුදරුවෝ පෝෂණය කරගෙන සුළු දෙයක් තිබෙද්දීත් දන් දෙනවාද, දහස් ගණන් වියදම් කරලා කරන යාග ලක්ෂණයක් කළත් දිළින්දාගේ දානයෙන් සීයට එකක් තරම්වත් වටින්නේ නැහැ.
මේ ලෝකයේ සියලු තතු පරිපූර්ණව අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ විසින් කළ මේ ප්‍රකාශය ඒ දෙවිවරුන්ට අදහාගන්නට බැරුව ගියා. ධර්මයේ හැසිරෙන කෙනෙකුට පිරිසුදු ජීවිකාවක් තිබෙනවා. පිරිසුදු සීලයක් තිබෙනවා. කර්ම කර්මඵල විශ්වාසය තිබෙනවා. පින්පව් ගැන දන්නවා. දානයක් මහත්ඵල වෙන අයුරු දන්නවා. ඒ නිසා ඔහු දෙන සුළු දානය පවා මහත්ඵල උපදවා දෙනවා. නමුත් කෙටියෙන් භාග්‍යවතුන් වහන්සේ පැවසූ කරුණේ අර්ථය නො වැටහුණ දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා.
මහ වියදම් කරලා මහ ලොකුවට දෙන දානය අර ටිකක් තිබෙද්දී දෙන දානය තරම් වටින්නේ නැත්තේ ඇයි? දහස් ගණන් වියදම් කොට දෙන දානයේ ලක්ෂණයක් දිළින්දෙකු දෙන දානයේ සීයට එකක් තරම්වත් වටින්නේ නැතිවෙන්නේ කොහොමද?
සියලු දෙනාටම වටහා ගැනීම පිණිස අරුත් ඉස්මතු කරමින් මිහිරිසරින් භාග්‍යවතුන් වහන්සේ දෙවියාට පිළිතුරු ගාථාවක් දේශනා කොට වදාළා.
සමහරු දන්දෙන්නේ වැරැදි ක්‍රමයක පිහිටලයි. සතුන් මරලා, වද දීලා ශෝක කරවලයි දන් දෙන්නේ. කඳුළු වැකුණු මුහුණු ඇතිව, දඬුමුඟුªරු ඇතුව දෙන ඒ දානය දිළින්ඳාගේ දානය තරම් වටින්නේ නැහැ. එබඳු දාන දහස් ගණන් වියදම් කොට ලක්ෂ ගණන් දුන්නත් දිළින්දාගේ දානයේ සීයට එකක් තරම්වත් වටින්නේ නැහැ.

4/20/15

ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ

බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන්, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ.
බුද්ධ කාලයේදී විශ්වයේ ගුප්තභාවය සෙවීමට උනන්දු වූ එක් බලසම්පන්න ඍෂිවරයෙකු ඍද්ධිබලයෙන් වසර සියයක් පමණ විශ්වයේ සැරිසරා විශ්වයේදීම මිය ගිය බවත්, ඍද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය ගැන සෙවීමට විශ්වයේ සැරිසරන විට බුදුන්වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගෙන්වා, -විශ්වයේ කෙළවරක් නොමැති බවත් විශ්වය ගැන සෙවීම අගක් මුලක් නැති නිශ්ඵල කි‍්‍රයාවක් බවත්” වදාළහ.
විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, -බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරී මැරී දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට” බවයි.
බුදුන්වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන්වේ. ඉන් ‘සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි.
බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන්, යම් යම් අවස්ථාවල ඇසූ ප‍්‍රශ්න වලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සූර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වී තිබේ.
එක් අවස්ථාවක ආනන්ද හිමියෝ, ලෝකය හා වෙනත් ග‍්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයට උන්වහන්්සේ කරුණු දැක්වීමේදී,
1. සහස්සි චූලනිකා ලෝක ධාතු
2. ද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු
3. තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව බුදු දහමේ සඳහන්වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ට ලෝකය ගැන කරුණු දැක්වීමේදී, -මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.” යනුවෙන් කරුණු දක්වා තිබේ.
දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි ‘සප්ත සූද්යෝද්ගමන’ සූත‍්‍රයෙහි බුදුන්වහන්සේ දක්වා ඇති ආකාරයට, ලෝකයේ ආරම්භක කි‍්‍රයාවලිය කවදා සිදුවූවාදැයි කිවනොහැකි බවත් ලෝකයේ ආරම්භය හා විනාශවීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන්, කර්මශක්තිය අනුව පේ‍්‍රත, මනුෂ්‍ය, දේව, බ‍්‍රහ්ම ආදී භවයන්හි උපදින බවත් -ලෝකයට කර්මශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හටගැනීම හා විනාශවීම සිදුවන බවත්” බුදු දහමෙහි දක්වා ඇත.
ලෝකය විනාශවන කි‍්‍රයාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ.
බුදු දහමෙහි සඳහන් මහා කල්පයකට සංවර්ත කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ථ කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘතුවිය ඇතුළු ග‍්‍රහ ලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදු දහමෙහි සඳහන්වේ.
බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනට පෙර (කල්පය යනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි.) තණ්හංකර බුදුන්වහන්සේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිඅට නමක් මේ ලොව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව්නමක් මේ ලොව පහළවී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදුවීමට ඇත්තේ මෛතී‍්‍ර බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛතී‍්‍ර බුදුන් වහන්සේගෙන් පසුව මෙම මහා භද්‍ර කල්පය අවසන් වේ.
අප දැන් ජීවත්වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිරිහී, අධර්මිෂ්ටවීමෙන් බුද්ධ ශාසනය පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහී ආයුෂ දස වසර දක්වා කෙටිවන බවත්, දෙවියන්ගේ පෙළඹවීමෙන් මිනිසුන් නැවත පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80,000 දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
බුදු දහමෙහි සඳහන් කල්පය යනු කාලය මනින අති දීර්ඝ කාලමානයකි. -යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා, එක අබ ඇටය බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස් වන්නේද කෙදිනකද ඊටත් වැඩි කාලයක් කල්පයකට ගත වන්නේය.” බුදු දහමෙහි දක්වා ඇත.
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහධර්මයෙහි ඇලීමෙන් මිනිසුන් යළි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවද, මෛතී‍්‍ර බුදුන්වහන්සේ අවුරුදු 80,000ක් ආයු වළඳා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝ වැසියන් පංච ශීලයෙහි පිරිහී, අධර්මයට යොමුවීමෙන් මිනිසුන් ආගමික හා සමාජයීය වශයෙන් පිරිහෙන කාලයක් උදාවන්නේය. එම කාලය මෙම මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද?
මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලූ ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, -ගිතෙල් පිඬක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ් ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අළුවත් ඉතිරි නොවන බව” ‘සප්ත සූත‍්‍රයෝද්ගමන’ සූත‍්‍රයෙහි සඳහන්ව ඇත.
බුදු දහමෙහි සඳහන් ආකාරයට බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරුම් පුරා, මහා ප‍්‍රඥාවක් ලබාගත්තෙකි. ඒ උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයි. ‘ලෝකවිදූ’ යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. -සංස්කාර ධර්මතාවයට අනුව හටගන්නා සියලූ දෙයෙහි විනාශවීම සිදුවෙන බව” බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවේ.
ඈත ඉතිහාසයට අපේ මතකය යොමු කළහොත් නොයෙක් යුගයන්හි, ලෝකයේ නොයෙක් රාජ්‍යය, නොයෙක් දේශ-දේශාන්තරවල ආගමික හා සමාජයීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලාහල ඇතිවීමෙන්, වසංගත රෝග ඇතිවීමෙන් හා ජල ගැලීම්, මුහුදු ගොඩගැලීම්, සුළි සුළංවලින්, ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික ව්‍යසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ මිහිතලයෙන් වඳවී ගොස් ඇති අවස්ථා තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශවී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ. අතීතයේදී එම ව්‍යසන ඇතිවූවා සේම අනාගතයේදීද එවැනි ව්‍යසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ විනාශය සිදුවන්නේය. ඒ -හටගැනීමත් විනාශවීමත් යන සංස්කාර ධර්මතාවයට” අනුවය. එය වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දශ ලක්‍ෂ ගණනින් ගතවන අති දීර්ඝ කාලයකි.

අසත්පුරුෂයන් හඳුනා ගන්නේ කොහොමද?

’’මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.’’ වදාළ සේක. ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
’’සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද,
’’මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි.
’’මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයාය.
’’මහණෙනි, සත්පුරුෂයා කවරේද?
’’ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද,
’’මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.
’’මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායි.’’

දේවදූත සූත‍්‍රය

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
‘චොදිතා දෙවදූතෙහි යෙ පමජ්ජන්ති මානවා,
තෙ දීඝරත්තං සොචන්ති හීනකායූපගා නරා.
යෙ ච ඛො දෙවදූතෙහි සන්තො සප්පුරිසා ඉධ,
චොදිතා නප්පමජ්ජන්ති අරියධම්මෙ කුදාචනං.
උපාදානෙ භයං දිස්වා ජාති මරණ සම්භවෙ,
අනුපාදා විමුච්චන්ති ජාති මරණසඞඛයෙ.
තෙ ඛෙමප්පත්තා සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා,
සබ්බවෙරභයාතීතා සබ්බදුක්ඛං උපච්චගුන්ති.’
(දේවදූත සූත‍්‍රය - මජ්ක්‍ධිම නිකාය)
ධර්මශ‍්‍රවණාභිලාශී ශ‍්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැම දෙනාම දැන් සූදානම් වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ‍්‍රවණය
කරන්නටයි.
මම අද දවසේ දී මාතෘකා කළේ දේවදූත සූත‍්‍රයේ එන ගාථා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
‘චෝදිතා දෙවදූතෙහි යෙ පමජ්ජන්ති මානවා’,
යම්කිසි පුද්ගලයෙක් දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හිත් ප‍්‍රමාදීව වාසය කරයිද,
‘තෙ දීඝරත්තං සොචන්ති හීනකායුපගා නරා’
ඒ අය හීන වූ ස්වභාවයකට පැමිණ බොහෝ කාලයක් ශෝක කරනවා.
‘යෙ ච ඛො දෙවදූතෙහි සන්තො සප්පුරිසා ඉධ’
මෙහි සත්පුරුෂ, නැතිනම් නුවණක් ඇති කෙනෙකුට දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හි ආය්‍යර් ධර්මයේ අප‍්‍රමාදී වේ නම් ඒ අය නිර්භය වූ ක්ෂේම භූමියකට පැමිණ, සැපවත් භාවයට පත්ව, මේ ජීවිතයේ දී
ම සියලූ දුක් නැතිකර කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙනවා, සියලූ දුක අවසන් කරනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා.
මජ්ක්‍ධිම නිකායෙ, දේව දූත සූත‍්‍රයේ මේ ලෝකයාට හිතන්න වටිනා කරුණු කීපයක් පෙන්වනවා. අපේ මනස බෙහෙවින්ම විචාරශීලි බවින්, නුවණින් මෙනෙහි කිරීමෙන් අඩුයි. නුවණක් තියෙන කෙනාට ජීවිතයක ස්වභාවය, සසර ස්වභාවය තේරුම් ගන්න තව කෙනෙක් බණ කියන්න ඕන නැහැ. තමන්ගේ විචාරශීලි මනස උදව් කරගෙන ම ජීවිතේ ස්වභාවය තේරුම් ගන්නවා. එහෙම හිතීමේ නුවණ හුරු කරලා නැති කෙනාට, හිතීමේ නුවණ හුරු කරගන්නට උගන්වන සූත‍්‍රයක්, මේ දේවදූත සූත‍්‍රය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුද්ගලයො හතර දෙනෙක්,
● උග්ඝටිතඤ්ඤ
● විපඤ්චිතඤ්ඤ
● නෙය්‍ය
● පදපරම
උග්ඝටිතඤ්ඤ පුද්ගලයගෙ ස්වභාවය ශ‍්‍රැතමය ඥානයෙන් යුක්තයි. චින්තාමය ඥානයෙන් ද යුක්තයි. භාවනාමය ඥානය නැහැ. විපඤ්චිතඤ්ඤ පුද්ගලයට ශ‍්‍රැතමය ඥානය තියෙනවා. චින්තාමය ඥානය නැහැ. භාවනාමය ඥානය නැහැ. නෙය්‍ය පුද්ගලයට ශ‍්‍රැතමය ඥානයත් නැහැ. චින්තාමය ඥානයත් නැහැ. භාවනාමය ඥානයත් නැහැ. පදපරම පුද්ගලයට ශ‍්‍රැතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය අනාගතයේ ඇතිකර ගැනීමට හැකියාව තියෙනවා.
උග්ඝටිතඤ්ඤ කියන්නේ සසර බොහෝ කල් හුරු පුරුදු කළ, හිතන්න හුරු කළ මනසක්. එබ`දු මනසකට ලෝකෙ ස්වභාවය යම් පමණකින් හමුවුනා නම් ඇති. එයාට අවශ්‍ය මාගය ගැන, ප‍්‍රතිපදාව ගැන දැනුමක් පමණයි. ඒ ටික නැතිකමිනුයි ලෝකෙ ඉන්නෙ. යම් වෙලාවක දී දුක් සහගත ලෝකෙන් එතෙර වෙන මාගය පිළිබඳ කෙටියෙන් හෝ අහන්නට ලැබුනා නම් එපමණක්ම ඇති ධර්මය අවබෝධ වෙන්න. ලෝකෙ තුළ ස්වභාවය එයාට කවුරුවත් කියන්න ඕන නැහැ. හොඳට සසරෙදි හිතන්න හුරු වෙලා තියෙනවා.
සැරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගැන හිතන්න. ගිහි කාලේ කෝලිත - උපතිස්ස නමින් හිටියෙ. බුදුරජාණන් වහන්සේ හමුවෙන්නත් කලින් ජීවිතේ දුකයි කියන අදහසින්, ජීවිතේ නිසරුයි කියන අදහසින්, ලෝකයා සතුටුවෙන සැප සහගත අරමුණු වල නිස්සාර බවක් නේද තියෙන්නේ කියලා හොඳට හිතපු, හුරු කරපු මනසක් තිබුනෙ. දුක නිවීම පිළිබඳ පණිවිඩය විතරයි ඒ අයට අවශ්‍ය වෙලා තිබුනෙ.
‘යෙ ධම්මා හේතුප්පභවා තේ සං හේතු තථාගතො ආහ’ කියලා ඒ දුක් නැති කරන තැනට යන මාගය පිළිබඳ කෙටි වචනයක් විතරයි අවශ්‍ය වුනේ. ධර්මය අවබෝධ වුනා. ඒකට හේතුව විචාරශීලීබව සසර හුරු කරලා තිබීම.
විපඤ්චිතඤ්ච පුද්ගලයා ධර්මය අහලා තියෙනවා. නමුත් අහගත්ත දේ නැවත නැවත හිතේ හුරු කළ බව තව ටිකක් අඩුයි එයාට. ඒ නිසා එයාට ධර්මය අවබෝධ වෙන්න මඳක් වෙලා යනවා. ධර්මය අහනකොට අහපුදේට
අනුව නුවණින් අර්ථය ටිකක් බලන්න වෙනවා. අර්ථය මෙනෙහි කරන්න වෙනවා. අර්ථය බලලා, මෙනෙහි කරලා ක්ෂණිකව අවබෝධ කරගන්නවා.
නෙය්‍ය කියන්නෙ දැනගත යුතු - නෙය්‍ය පුද්ගලයට ශ‍්‍රැතමය ඥානයත් නැහැ. චින්තාමය ඥානයත් නැහැ. භාවනාමය ඥානයත් නැහැ. නමුත් එයාට ඒ දේවල් ඇති කරගන්න පුළුවන්. මුලින්ම අහන්න ලැබෙන්න ඕන. අහගත්ත දේ හිතන්න හුරු කරන්න ඕන. එහෙම හුරු කරනකොට ලෝකෙ විරාග ස්වභාවය ඇතිවෙලා ධර්මය අවබෝධ වෙනවා.
පදපරම කියන්නෙ පදය කෙළවර කොට, වචනය කෙළවර කොට ඉන්නවා. ධර්මය ශ‍්‍රවණය කරන එයාට වචන ටිකක් ඇහෙනවා මිසක වචනවල අර්ථය මෙනෙහි කරන්නෙ නැහැ. අර්ථය අවබෝධ කරගන්න උත්සාහවත්
වෙන්නෙ නැහැ. අහන වෙලාවෙ මෙනෙහි කරන්නෙත් නැහැ. නැගිටලා ගිහින් මෙනෙහි කරන්නෙත් නැහැ. වචනයට පමණක් සීමාවුන චරිතයක්තියෙනවා. පදපරම පුද්ගලයට ඉන්ද්‍රිය වඩා වධනය කර ගන්නත්, නෙය්‍ය පුද්ගලයට ලෝක ස්වභාවය අහලා ඒ ගැන හිතන්නත් හොඳට හුරු කරන සූත‍්‍රයක් තමයි මේ දේවදූත සූත‍්‍රය.
ආශ‍්‍රව ධර්මයන් ගෙවෙන විදියට, සසර දුකින් එතෙර වෙන විදියට අපි නුවණින් හිතන්නෙ නැහැ, ශ‍්‍රැතමය ඥානයෙන් ලෝකයේ ඇත්ත ඇති හැටියෙ අහලා නොතිබුනා නම්, ලෝකයේ විරාග ස්වභාවය අහලා නොතිබුනා නම්. ඒ විරාග ස්වභාවය ඇති කරගන්න විදියට හිතන්න හුරු කරන සූත‍්‍රයක් දේවදූත සූත‍්‍රය. ඒ නිසා සූත‍්‍රයේ ඇතුළත් දහම් කරුණු අහගෙන පසෙකින් තබන්න එපා. ඔය පින්වතුන්ගේ ප‍්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මර් වැඩෙන්නෙ මේ අහගත්ත දහම ජීවිතේට එකතු කර ගත්තම. ඇස් ඉදිරිපිටට අරමුණු හම්බවුනත් ඒවා ගැන නුවණින් හිතන්නෙ නැති නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත‍්‍ර දේශනාවෙන් එහෙම හිතන්න හුරු කරවනවා. ජීවත් වෙනකොට ශ‍්‍රැතමය ඥානයට අනුව හොඳට හිතන්න. එහෙම හිතනකොටයි නුවණ තියුණු වෙලා උග්ඝටිතඤ්ඤ, විපඤ්චිතඤ්ඤ කියන වැඩුන ඉන්ද්‍රිය ඇති ස්වභාවයට පත් වෙන්නෙ. එතකොට මේ ධර්මය අවබෝධ කරනවා කියන කාරණාව අපහසු නැහැ.
ලෝකයම ඇත්ත කරගෙන, ලෝකය තුළ ඕනෑවට වඩා ඇලිලා, බැ`දිලා ඉන්න මනසකට ලෝකෙන් එතෙර වෙන සංකල්ප නිරායාසයෙන්ම උපදින්නෙ නැහැ. ලෝකෙන් එතෙර වෙන ප‍්‍රතිපදාවකට හිත නැමෙන්නෙ නැහැ. තමන්ගෙ ඒ අඩුව තියෙනකොට ප‍්‍රතිපක්ෂ කෙලෙස් ධර්මවලින් තමන්ව යට කරනවා. එතකොට මොන විදියටවත් නැගිටින්න බැහැ.
ඒ නිසා මේ දුක් සහගත සසරින් එතෙර වීම පිණිස නිවන කෙළවර කොට දේශනා කරන ලද සූත‍්‍රයක් මේ දේවදූත සූත‍්‍රය. බුදුරජාණන් වහන්සේ හැම වෙලේම ලෝකයට දේශනා කරනවා, මොනවා හරි දෙයක් හම්බ වුනොත් ඒක හොඳට විමසලා බලන්න කියලා.
‘‘මහණෙනි, ඉර උදාවට පූර්ව නිමිත්ත තමයි අරුණ, අරුණ නැගෙනවා කියන එකෙන් කියනවා තව ටිකකින් ඉර උදාවෙනවා කියන පණිවිඩය.’’ ඒ වගේ නොපැමිණි අරහත්වයට පැමිණීමට, නොමුහු කළ චිත්ත විමුක්තිය, ප‍්‍රඥා විමුක්තිය මිහි කිරීමට පූවර් නිමිත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝනිසො මනසිකාරය. යම් කිසි කෙනෙක් නුවණින් හිතනවා නම් ඒක පූවර් නිමිත්තක්, සසරින් මිදෙන කෙනෙක් කියන එකට. ඒ නිසා හැම දෙනාම මේ දේශනාව හොඳට අහගෙන ජීවිතයෙන් මෙනෙහි කරන්න.
බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා, ‘මහණෙනි ජනෙල් දොරවල් සහිත ගෙවල් දෙකක් මැද ඇස් ඇති පුරුෂයෙක් සිටී නම්, ඔහුට පෙනෙනවා ගේ ඇතුළට යන අය, ගෙයින් පිටවෙන අය, මිදුලේ හැසිරෙන අය, මහණෙනි, ඒ වගේ මට මිනිස් ඇස ඉක්ම වූ දිවැසින් මේ ලෝකයට එන අයත් පෙනෙනවා. මේ ලෝකෙ ඉඳලා පරලෝකෙට යන අයත් පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ මෙලොව, පරලොව දෙකම නුවණින් දැනගෙන, දැකලමයි දේශනා කරන්නේ කියන එකට සාක්ෂියක් පෙන්නුවා. අපිට මෙලොව, පරලොව දෙකම පෙනෙන ඇස් දෙකක් නැහැ. අපට තියෙන්නෙ මිනිස් බවට ආවේණික මසැසක් විතරයි. මිනිස් ඇස ඉක්ම වූ දිවැසක් තියෙනවා නම්, අපිටත් පරලොව පෙනෙනවා. එහෙනම් අපේ ගතිය මීට වඩා වෙනස් වෙනවා.
දෙවියො, මනුෂ්‍යයෝ, නිරිසත්තු කියන තැනක තියෙන්නෙ පංච ගති ටිකක්. මනුෂ්‍ය කියන ගතිය අපිට උරුමවෙලා තියෙන්නෙ මෙලොව දකින ඇහැක් විතරක් තියෙන නිසා. මෙලොව විතරක් නෙවෙයි පරලොවත්
පෙනෙනවා නම් අපේ ගතිය වෙනස් වෙනවා. ගතිය වෙනස් වුනේ නැත්තේ දැකීම වෙනස් නොවුන නිසයි. දැකීම වෙනස් කරගෙන, ගතිය වෙනස් කරගෙන මනුෂ්‍ය ගතිය ඉක්මවා දෙවියන්ගෙ මට්ටමේ ගතියක් ඇති කරගන්න පුළුවන් මෙලොව පරලොව දෙකම දැකලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සමහර අය කාය සුචරිත, වාග් සුචරිත, මනෝ සුචරිත කියන ති‍්‍රවිධ සුචරිතයන්ගේ හැසිරිලා දශ කුසල කමර් පථ කරලා දාන, ශීල, භාවනාදී කුසල ධර්මයන් කරමින් ජීවත්
වෙනවා. මැරුණයින් පස්සේ දිව්‍ය ලෝකවල උපදිනවා. ඒ වගේම මෙලොව ජීවත්වෙන කොට දාන, ශීල, භාවනාදි කුසල කමර් කරලා, ති‍්‍රවිධ සුචරිතයේ හැසිරිලා, දස කුසල ධර්මර් පූරණය කරලා, නැවත මනුෂ්‍ය ලෝකෙ ඉපදුන අයත් ඉන්නවා.
ඒ වගේම තථාගතයන් වහන්සේට පෙනෙනවලූ මේ ලෝකෙ ඉන්නකොට මනුෂ්‍යයො කාය දුශ්චරිත, වාග් දුශ්චරිත, මනෝ දුශ්චරිත කියන ති‍්‍රවිධ දුශ්චරිතයේ හැසිරිලා, දස අකුසල කමර් පථයන් කරලා, පංච දුශ්චරිතයේ
හැසිරිලා මරණින් මත්තේ පේ‍්‍රත ලෝකෙ උපදින අය. ඔය විදියට ම අසුර ලෝකෙත්, තිරිසන් ලෝකෙත් උපදින අය දකිනවලූ. ඒ වගේම අකුසල කමර් කරලා නිරයට යන අයත් බුදුරජාණන් වහන්සේ දකිනවලූ.
එහෙම නිරයට ගියාම නිරයේ ඉන්නවා විනිශ්චයකාරවරයෙක්, යම රජ්ජුරුවො. ඒ නිරයට ගිය අය යමරජු විසින් විමසීමකට ලක් කරනවලූ. කුමක් නිසාද? මේ තරම් රැුකවරණයක් ජීවිතේට ලබාගන්න පුළුවන් තැනක ඉඳලා මේ වගේ තැනකට එන්න මොනතරම් මෝඩකමක් තියෙන්න ඕනද? මොකක්ද ඒකට හේතුව කියලා අනිත් අයට දන්වන්නත් මඳ හෝ කුසල ධර්මයක් තියෙනවා නම් සිහිපත් කරවලා, ඒක කමර් නිමිත්ත හැටියට අරගෙන එතනින් ආපහු එවන්නත් කියන අදහසින්.
යම රජතුමා පවා හරි අකමැතියිලූ සත්වයො නිරයේ දුක් වි`දිනවට. ඒ ස්පර්ශය එච්චරට පවිටුයි, කෲරයි, කටුකයි කියනවා. ඉතින් මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා අකුසල කමර් කරලා ඒ හේතුවෙන් මරණයෙන් පස්සෙ නිරයට යන නිරි සත්වයො ළ`ගට අරගෙන යම රජතුමා අහනවලූ,
‘‘නුඹ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා නුවණැති බවට පත්වෙලා – හැම වෙලාවෙම හේතු යෙදෙන කුසලයකින් තමයි මනුෂ්‍යයො, දෙවියො වෙලා උපදින්නෙ. අහේතුක මට්ටමේ නුවණ නැති අලෝභ, අද්වේෂ අමෝහ නැති
මට්ටමේ උපදින්නෙ නෑ - ඉතින් නුවණක් තියෙන, කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් මට්ටමේ හිටි නුඹ නොයෙක් විදියෙ අකුසල කමර් කරලා, අකුසල කමර් සමාදන් වෙලා මේ වගේ තැනකට ආවෙ, නුඹට ඒ ලෝකෙ දේව දූතයො හමුවුනේ නැද්ද? ඒ අය දේශනා කරන ධර්මය නුඹ ඇහුවෙ නැද්ද?’’ කියලා අහනවා.
‘‘කොහොමද මේ වගේ තැනකට ආවේ නුඹ මනුෂ්‍ය ලෝකෙ මනුෂ්‍යයන් අතර උපන්න පළවෙනි දේව දූතයා දැක්කෙ නැද්ද’’ කියලා අහනවා. ඉන්නකොටත් නුවණ හුරු නොකළ, විචාරශීලී බව හුරු නොකළ ඒ සත්වයාට දේව දූතයා ද නැද්ද කියන කාරණාවක්වත් තේරුම් ගන්න බැරි ඒ මනසට, නිරය වගේ භ‍්‍රාන්ත වෙන, තැති ගන්වන වටපිටාවක් තියෙන තැනක දී විශේෂ නුවණක්, මනසිකාරයක් උපදී ද?
එයා කියනවලූ ‘ස්වාමීනි, මම පළවෙනි දේව දූතයා දැක්කෙ නැහැ.’’ එතකොට යමරජතුමා අහනවා, ‘‘නුඹ දුටුවෙ නැද්ද මිනිසුන් අතර පහළවෙන, අනුන් විසින් කවන, පොවන තමන්ගෙම මළ මූත‍්‍රා ගොඬේ වැටිලා ද`ගලමින් උඩුකුරුව ඉන්න ළදරුවෙක් දැකලා නැද්ද?’’
‘‘දැකලා තියෙනවා, ස්වාමිනී’’
‘‘ඉතින් නුඹට හිතුනෙ නැද්ද, මේ කුඩා දරුවා කියන්නෙ ලෝකය තුළ ඉපදීම කියලා එකක් තියෙනවා කියලා නේද? නැවත නැවත ඉපදෙනවා කියන කාරණාව නේද? මේ ඉපදීම දුක් සහගතයි නේද? අනේ මේ ඉපදීම නැති කරන යම් දහමක් තියෙනවා නම්, ප‍්‍රතිපදාවක් තියෙනවා නම් ඒක මම හොයන්න ඕන කියලා හිතුනෙ නැද්ද’’ කියලා අහනවා.
‘‘අනේ ස්වාමීනි, මට එහෙම හිතුනෙ නෑ. මම ප‍්‍රමාද වුනා.’’ කියලා කියනවා.
මේ දේවදූතයන් විසින් කරුණු කාරණා පැහැදිලි කරද්දිත්, ඒ නොසලකා කුසල ධර්මර් නොකොට අකුසල ධර්මර් කළා ද ඒ අකුසල ධර්මර් නුඹගේ මව හෝ පියා හෝ වෙන සහෝදර සහෝදරියක් කළෙත් නැහැ. නුඹමයි කළේ.
එහෙනම් ඒ විපාකත් නුඹටම වි`දින්න වෙයි. නුඹ මනුෂ්‍ය ලෝකෙදි දෙවන දේව දූතයාවත් දැක්කෙ නැද්ද?’’
‘‘නෑ, ස්වාමීනී මම දැක්කෙ නෑ.’’
‘‘මනුෂ්‍යයො අතර පහළ වුන, අනුන් විසින් කවන, අනුන් විසින් පොවන, නාවන, අන්දවන, පළන්දවන, අත පය වලංගු නැති, කෙස් පැහුණු හම රැුලි වැටුණු සැරයටි ආධාරයෙන් යන ගෙවුනු යොවුන් බව ඇති, පැමිණි ජරා ජීර්ණ ස්වභාවයෙන් යුක්ත වයෝවෘද්ධ අය දැක්කෙ නැද්ද?
‘‘දැකලා තියෙනවා ස්වාමිණි’’
‘‘නුඹට හිතුනෙ නැද්ද ඒකාන්තයෙන්ම මම ද මේ ස්වභාවය නොඉක්ම වූ කෙනෙක්. අද තරුණ වුනත් මේ රූපය මෙබ`දු ස්වභාවයට ඒකාන්ත වශයෙන්ම පත් වෙනවා. මේ මහළු බව දුකක්. තමන්ට කැමති ආකාරයට කටයුතු කරන්න බැරි ජරා ජීර්ණ ස්වභාවයට පත් වීම දුකක්. මම මේ වටපිටාවෙන් මිදුන කෙනෙක් නෙවෙයි. මේ ජරා ජීර්ණ ස්වභාවයෙන් මිදෙන දහමක් තියෙනවා නම් මම එය සොයන්නට ඕනෙ. ඒ තුළ යෙදෙන්නට ඕන කියලා හිතුනෙ නැද්ද?’’
‘‘නැහැ ස්වාමීනි, මම ප‍්‍රමාද වුනා’’
‘‘දේවදූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හිත් ප‍්‍රමාදීව වාසය කළා නම්, අකුසල ධර්මර් කළා නම් විපාකය වි`දින්න වෙනවා.’’ ‘‘මනුෂ්‍ය ලෝකෙ මනුෂ්‍යයන් අතර ඉපදිලා මේවගේ තැනකට එන්නට පෙර නුඹ තුන්වන දේව දූතයාවත් දැක්කෙ නැද්ද?
‘‘දැක්කෙ නෑ ස්වාමිනි’’
‘‘අනුන් විසින් කවන, පොවන, නාවන, අන්දන, පළන්දවන, තමන්ගේ මළ මූත‍්‍රා ගොඬේ වැටිලා ඉන්න, හොරි, කුෂ්ඨ, දද ආදී රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් දැකලා නැද්ද?’’
‘‘දැකලා තියෙනවා.’’
‘‘මේ රෝග ස්වභාවය දුකක්. මෙබ`දු රෝගී ස්වභාවයකට පත්වෙන්න තියෙන හේතුව මම නැති කරලා නැහැ. මේ රෝගී ස්වභාවයනට පත්වීමෙන් මිදෙන මගක් තියෙනවා නම් දහමක් තියෙනවා නම් මම ඒ දහම හොයන්න
ඕනෙ කියලා හිතුනෙ නැද්ද?
‘‘නැහැ ස්වාමීනි’’ කියලා උත්තර දෙනවා. අර විදියටම කරුණු කියලා,
‘‘හොඳයි එහෙනම් නුඹ හතරවෙනි දේව දූතයා දැක්කෙත් නැද්ද?’’
‘‘නැහැ ස්වාමීනි.’’
‘‘මේ ලෝකේ ජීවත් වෙනකොට හොරකම් කරලා, සත්තු මරලා, කාමයෙහි වරදවා හැසිරිලා, රහමෙර පානය කරලා ඒ අකුසල කමර් හේතුවෙන් රජවරු විසින් නොයෙක් වධ බන්ධනයනට පමුණුවන සත්වයො නුඹ දැකලා
නැද්ද?’’
‘‘දැකලා තියෙනවා ස්වාමිනි’’
‘‘නුඹට හිතුනෙ නැද්ද මේ වගේ ද`ඩුවම් වි`දින්න ලැබීම ඒකාන්තයෙන් දුකක්. මේ වගේ ද`ඩුවම් ලබන වැරදි මගෙන් වෙන්න තියෙන වටපිටාව නැති වෙලා නැහැ. මේ සසර හිටියොත් මේ වගේ අකුසල් කරලා මෙබ`දු ද`ඩුවම් වි`දින්න වෙයි. මේ වගේ ද`ඩුවම් ලබන වටපිටාවෙන් මිදෙන මගක් තියෙනවා නම් ප‍්‍රතිපදාවක් තියෙනවා නම් සොයන්න ඕන කියලා හිතුනෙ නැද්ද’’ කියලා අහනවා.
‘‘නැහැ ස්වාමීනි එහෙම හිතුනෙ නෑ’’ කියනවා. කලින් විදියට ම කියනවා එහෙනම් දුක් වි`දින්න වෙයි කියලා. ඊට පස්සෙ අහනවා, ‘‘මේ වගේ මනුෂ්‍යයො විදියට ඉපදිලා, ක්ෂේම භූමියක ඉපදිලා කුසල ධර්මයන් කරගන්න පුළුවන්, දුක් සහගත සසරින් එතෙර වෙන්න පුළුවන් වටපිටාවක ඉපදිලා මේ වගේ දුක් වි`දින තැනකට ආවේ නුඹ පස්වෙනි දේව දූතයා දැක්කෙ නැද්ද?’’
‘‘නැහැ, ස්වාමීනි’’
‘‘මිනිසුන් අතර නුඹ දැකලා නැද්ද තමන්ගේ කියාගත් හැම දෙයක්ම අතහැරලා, ඥාති හිතෛෂීන්ගෙන් වෙන්වෙලා ඒ අයව අතහැරලා අවසන් ගමන ගිහින් උඩුකුරුව සැතපෙන මළ මිනියක් දැකලා නැද්ද?’’
‘‘දැකලා තියෙනවා ස්වාමිනි’’
‘‘එතකොට නුඹට හිතුනෙ නැද්ද අනේ මේ ලෝකයෙ මරණය කියන එක ඒකාන්තයෙන් දුකක්. තමන්ට පි‍්‍රය වූ, මනාප වූ සියළු දෙයින්ම වෙන්වෙලා මියයන්නට සිදු වීම ඒකාන්තයෙන් දුකක්. මමත් ඒ දුකින් මිදුන කෙනෙක්
නෙවෙයි. මේ දුක නැති කරන දහමක් ප‍්‍රතිපදාවක් තියෙනවා නම් ඒක සොයන්නට ඕන කියලා නුඹට හිතුනෙ නැද්ද?’’
‘‘ස්වාමිනි, මට එහෙම හිතුනෙ නැහැ. මම ප‍්‍රමාද වුනා.’’
‘‘දේව දූතයින් විසින් චෝදනා කරනු ලබන කල්හිත් නුඹ ඊට ඇහුම්කන් නොදී. ඒ ගැන නොවිමසා අකුසල ධර්මර් කළා නම්, ප‍්‍රමාදීව වාසය කළා නම් ඒ විපාකය නුඹ වි`දින්නට ඕනෙ.’’ කියලා යම රජ්ජුරුවො නිහ`ඩ වෙනවා කියලා පෙන්නුවා.
ඊට පස්සෙ නිරය පාලකයො වෙන වෙනම ඇවිල්ලා මේ නිරි සත්වයාව අල්ලගෙන ගිහින් නිරයේ දුක් පමුණුවන හැටි තමයි පෙන්නන්නෙ. අපාය පිළිබඳ බොහෝ විස්තර තියෙනවා ඔය සූත‍්‍රයේ.

ප්‍රාප්ති දානය හෙවත් පින් දීම

පෙර කාශ්‍යප බුදුන්වහන්සේගේ සස්නෙහි පැවිදිව වෙසෙන කල කළා වූ හැමදීමය, කසළ ඉවත් කිරීමය යන දෙ පිනින් “නාගසේන’’ ස්ථවිරයන් වහන්සේ හා ‘මිළිඳු’ මහරජතුමා ද ලෝක ප්‍රසිද්ධ කීර්ති ඇති මහ නුවණැතියෝ වූහ. මිනිසුන්ගේ ගමනා ගමනයට මාර්ග තැනීම, අම්බලම් තැනීම, ළිං පොකුණු තැනීම, මල් පල හට ගන්නා ගස්වැල් වැවීම යනාදී පින්කම් කළා වූ ‘මඝ’ මානවක තෙමේ ශක්‍රයා විය. ඔහු හා එක්ව ඒ පින්කම් කළා වූ දෙතිස් දෙනා ද මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නෝ ය.
තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නටය. පිළිගන්නටයයි වචනයෙන් කීමෙනි.
තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවලා නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමුහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා. ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමුහයේ නම කියා පින් දීම කළයුතු යි. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැන්තාගේ් පිනට එයින් හානියක් නොවේ.
පැන් වැඩීම
දායකයාගේ අතින් ගෙන ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි තවා නොදිය හැකි දෑ දෙන ක්‍රමය අතුරෙන් පැන්වත් කොට දීම ද පෙර පටන් ඳඬසුන් අතර පැවත එන එක් දාන ක්‍රමයෙකි. බිම්සර රජතුමා වේළුවනාරාමය පැන්වත් කිරීමෙන් පූජා කළ බව විනය මහවග්ග පාලියේ දක්වා තිබේ. දෙවන පෑතිස් රජතුමා මහමෙවුුනා උයන පූජා කිරීමේදී ද පැන්වත් කොට පූජා කළ බව විනය අටුවාවේ දක්වා තිබේ.
පින්දීමේ දී පැන් වත් කරනුයේ ඒ පෞරාණික චාරිත්‍රයට අනුව ය. පැරණියෝ ජලය වත්කොට දීම සාක්ෂියක් වශයෙන් සැලකූ®හ. මෙකල පැන්වත් කොට පින්දෙනු දක්නට ලැබෙන්නේ මළවුන්ටය. කාහට පින් දීමට වුවද පැන්වත්කළාට වරදක් නැත. මළවුන්ට පින්දීමේ දී වුවද පැන් නො වත් කළාට වන හානියක් ද නැත. එහෙත් එය දීර්ඝ කාලයක් බෞද්ධයන් විසින් කර ගෙන ආ චාරිත්‍රයක් බැවින් පැන් නොවත් කළහොත් පින් නො ලැබෙති යි සිතා මළවුන් පින් අනුමෝදන් නොවුවහොත් ඔවුනට හානියක් විය හැකි බැවින් පෞරාණික චාරිත්‍රය එසේ ම පවත්වා ගෙනයෑම යහපති.
මළවුන්ට පින්දීම
හැකිතාක් පව්කම්වලින් වැළකී පින්දහම් කළා වූ සත්පුරුෂයෝ ද සමහර විට මරණාසන්නයේ දී මෙලොව ඇති දේවලට ආශාව ඇතිවීම නිසා පරදත්තුපජීවික පේ‍්‍රත ව උපදිති. ඒ පරදත්තුප ජීවික පේ‍්‍රතයෝ සා පිපාසා සන්සිඳවා ගතහැකි පමණට බත්පැන් නො ලබන්නෝ ය. විළි වසා ගැනීමට වස්ත්‍ර නැත්තෝ ය. වාසය කිරීමට ගෙවල් නැත්තෝ ය. ඔවුහු ඉතා දුක්ඛිතයෝ ය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත්තේ ය.
ඔවුනට ඒවා ලබා ගැනීමට ඇත්තා වූ එක ම ක්‍රමය තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙන පින් අනුමෝදන් වීම ය. එබැවින් ඔවුහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණෙති. සමහර විට පෙර ජාතිවල නෑ වූ පේ‍්‍රතයෝ ද පින් ගැනීමට එති. බිම්සර රජතුමාගේ් පෙර ජාතියක දී නෑයන් වූ දහස් ගණනක් පේ‍්‍රතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බලාපොරොත්තුව සිටි එතුමා වෙත පින් ගැනීමට පැමිණියෝ ය. පේ‍්‍රතත්වයට පැමිණ සිටින තමාගේ් ඤාතීන්ට සංග්‍රහ කිරීමට ආහාර පානාදිය ලබාදීමට ජීවතුන්ට ඇත්තා වූ එකම ක්‍රමයත් ඔවුන් උදෙසා පින්කොට ඒ පින් ඔවුනට අනුමෝදන් කරවීම ය. එබැවින් බෞද්ධයෝ පෙර පටන් ම මියගිය ඤාතීන් උදෙසා පින් කොට ඔවුනට පින්අනුමෝදන් කරවති.
ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත් ව සිටියා වූ ඤාතීන් හා මිත්‍රයන් මළ කල්හි අමතක කොට නො හැර ඔවුනට කළ හැක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. මියගිය හිතවතුන් අමතක කිරීම ඔවුන් ගැන නොසලකා සිටීම අසත්පුරුෂකමෙකි. එබැවින් මියගිය මාපියාදී ඥාතීන් උදෙසා පින් කොට සෑම දෙනා විසින් ම පින්දීම කළයුතුය. මියයන සෑම දෙනා ම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නො වෙති.
බලාපොරොත්තු වන්නෝ පේ‍්‍රත වූවන් පමණකි. එහෙත් මියගිය තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින් මියයන සෑම දෙනා ම උදෙසා පින්කොට බෞද්ධයෝ පින් දෙති. කවරකු උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නො ලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මිය ගිය කවරෙකු උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නො වේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළා ද වන්නේ ය.
පින් අනුමෝදන් වන පරදත්තුප ජීවික පේ‍්‍රතයන්ට එහි ඵලය එකෙණෙහි ම ලැබෙන්නේ ය. එහෙත් එක් දෙයක් දන් දීමෙන් ලැබෙන පිනෙන් පේ‍්‍රතයන්ට සැම දෙයම ලැබෙන්නේ නොවේ. එබැවින් ඔවුනට ආහාර ලැබීම සඳහා ආහාර ද, වස්ත්‍ර ලැබීම සඳහා වස්ත්‍ර ද, වාසස්ථාන ලැබීම සඳහා කොට්ට මෙට්ට ඇඳ පුටු අතිරිලි ආදිය ද දන් දී පින් දිය යුතුය. බිම්සර රජතුමා ආහාර පානයෙන් දන් දී දුන් පින අනුමෝදන්වීමෙන් ඥාති පේ‍්‍රතයෝ බත් පැන් ලැබූහ.
එහෙත් හැඳීමට වස්ත්‍ර නො ලැබුවෝ ය. වස්ත්‍ර නො ලැබූ ඔවුහු එදින රාත්‍රියේ නැවතත් නග්න ව රජතුමාට පෙනී සිටියෝ ය. පසුදින රජතුමා වස්ත්‍ර දන් දී ඔවුනට පින්දිණ. එයින් ඔවුහු වස්ත්‍ර ලැබූහ. බෞද්ධයන් මළවුන් උදෙසා දන් දෙන කල්හි එක් වරකට වුවමනා නො කරන තරමට බොහෝ ව්‍යංජනවලින් හා නොයෙක් කැවිලි පෙවිලි පලතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර සහිත ව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිත ව දන් දීමට පුරුදු වී තිබෙන්නේ පේ‍්‍රතයන්ට සියල්ල ම ලබාදීම සඳහා ය.
නො මනා පින් දීමේ ක්‍රමයක්
මළවුනට පින් දෙන්නා වූ ඇතැම්හු ‘අපගේ් ඤාතීහු අභව්‍ය ස්ථානයකට පැමිණ සිටිත් නම් මේ පින අනුමෝදන් වී ඔවුහු ඉන් චුත ව සුගතියට යෙත්වා’ යි පින් දෙති. ඇතැම් අව්‍යක්ත භික්ෂූන් ද එසේ කිරීමට දායකයනට අනුශාසනය කරනු සමහර තැන්වල දී අසන්නට ලැබේ. එය නො මනා පින්දීමේ ක්‍රමයෙකි. පේ‍්‍රතයන්ට පේ‍්‍රතාත්මයෙන් චුත ව සුගතියට පැමිණෙන්නට පැතීම නොහොත් ඉල්ලීම වරක් මළ අයට නැවතත් මැරෙන්නට පැතීම ය. සකල සත්ත්වයෝ ම ජීවත් වීමට ම කැමැත්තෝ ය.
මැරෙන්නට නො කැමැත්තෝ ය. එබැවින් මැරෙන්නට පතා දෙන පිනට පේ‍්‍රතයන් මැරෙන්නට නොව ඒ සිටින සැටියට සිටගෙන සම්පත් ලැබීමට ය. පේ‍්‍රතයන්ට පින්දුන් සැටි දැක්වෙන බොහෝ කථා වස්තුවලින් පෙනෙන්නේ ද පින් අනුමෝදන් වීමෙන් පේ‍්‍රතත්වයෙන් සිට ගෙන ම ඔවුන් සැප සම්පත් ලබන බවය. එ බැවින් පේ‍්‍රතයන්ට පින්දෙන කල්හි ඔවුන් මැරෙන්නට නො පතා ඔවුනට අඩුවක් පාඩුවක් ඇත්තා වූ යමක්වේ නම් මේ පින් අනුමෝදන් වී ඔවුහු ඒවා ලබත්වා යි පතා පින්දිය යුතු වේ.
දෙවියන්ට පින්දීම
දෙවියෝ ද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ත්ව කොට්ඨාසයෙකි. කළෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍රහයක් කිරීම මිනිසුන්ගේ් යුතුකමෙකි. දෙවියන්ට සංග්‍රහයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුනට ද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයෙන් දෙවියෝ අනුකම්පා කරති. දේවතානුකම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතට දියුණුව බලවත් හේතුවකි. දේවතානුකම්පාව ලැබීම පිණිස ද කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ද පින්කළ සෑම අවස්ථාවකදීම දෙවියන්ට ද පින් අනුමෝදන් කරවිය යුතු ය.
තමන් වළඳා ඉතිරි වූ බත මසුන්ට දී ගංගා දේවතාවාට පින් දුන් බෝසතාණන් වහන්සේට පින්දීම ගැන සතුටු වූ ගංගා දේවතාවා විසින් බෝසතාණන් වහන්සේගේ් ගඟේ වැටුණු මුදල් පොට්ටනිය නැවත ලබාදීමෙන් උපකාර කළ බව මච්චුද්දාන ජාතකයේ දක්වා තිබේ. විස්තර ජාතක පොතෙන් බලනු.
සකල සත්ත්වයන්ට පින්දීම
පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතුය. එසේ කිරීමේදී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින් පින් දීමෙන් ලැබෙන කුශලය ලැබේ.
පින්දෙන ආකාරය
නෑයන්ට
ඉදං වො ඤාතීනං හොතු
සුඛිතා හොන්තු ඤාතයො
දෙවියන්ට
එත්තාවතා ච අම්හෙහි
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දෙවානුමෝදන්තු
සබ්බ සම්පත්ති සිද්ධියා